විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

භයානක කුමන්ත්‍රණයක්


   මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. 

Advertisements

Comments on: "භයානක කුමන්ත්‍රණයක්" (15)

  1. අප කුමක් කළ යුතුද?
    මේ කතා මෛත්‍රී පිලත් දන්නවා ඇති නේද?

    • දන්නවා ඇති. නමුත් මේකයි කාරණේ. නිළ ඇඳුම් අඳින ලොකු ලොක්කෙක්, ගෑස් කොම්පැනියක වැඩකරන මධ්‍යම ප්‍රමාණයේ ලොක්කෙකුගේ ගෙදර පාටියකට ඇවිත්, කයිය ගහලා තියනවා, හොඳින් බැරිනම් නරකින් ගන්නවා කියලා. මිනිස්සුන්ට ජීවිත පූජාවෙන් පාරට බහින්න වෙයි වගේ 8 වෙනිදට පස්සේ. අපි බලමුකෝ.

      • කන බොන වෙලාවට ඔය ලොකු ලොකු අය ඔය වගෙ කතා කියනව ඒ උනාට ඔය කතා ඩිස්කවුන්ට් කරලත් බෑ. දෙපැත්තෙම ඉන්නෙ එකට කනබොන අය නිසා මොන මොනවා හරි වෙන්ට බැරිකමකුත් නෑ.

  2. මගේ කාර්්‍යලයේ සමහර අයත් කියනවා මේ පාර හොර කරොත් අපිත් බහිනවා පාරට කියලා..

  3. සංජය ද සිල්වා said:

    විචාරක තුමාට ඇති මිලිටරි අත්දැකීම් නිසා මේ ලිපිය විශ්වාස කරන්න පුලුවන්. නමුත් 2010 ජනාධිපතිවරනයේ අත්දැකීම් 2014 විපක්ෂය යොදා ගන්නවා කියලා දැන්නම් පේන්න තියෙනවා.

    ඡන්දය හන්සයාට දෙන්න ලංකාවට එන්න බැරි උනත් ජය පතමි..

  4. කවදත් අපුල දේශපාලනය.

  5. මහින්ද පරදින එකනම් හොදටම විශ්වාසයි. මහින්ද බලෙන් ඉන්න හැදුවොත් වෙන්නේ මේ රට තවත් ලොකු විනාශයකට යන එක.

    නොදන්නා නිසයි විචාරක තුමාගෙන් අහන්නේ මේ දේ ගැන, හදිසියේ වත් හමුදාව යොදාගෙන බලෙන් ඉන්න හැදුවොත් ස්වාධින හමුදා නිලධාරින්ට බැරීද ආණ්ඩුවට විරුද්ධව සැබෑ ජනමතය සමග එක්වන්න.

    නැත්නම් මහින්දට හිතවත් හමුදා නිලදාරීන් පාලනය කරගෙන සැබෑ ජනමතයට තහවුරු කරන්න එක්සත් ජාතීන්ගේ සංවිදානයේ සාම සාධක හමුදාවකට හෝ එන්න බැරිද.

    ඒ සදහා යම් රටක රාජ්‍ය සාම සාධක හමුදාවකට අවසර දෙන්න ඕනද?

    • යම්කිසි රටක හමුදාව බලය අල්ලාගන්නවා කියන්නේ මුළු ලෝකයම ඒ රට ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වීමයි. හැබැයි ඒකාධිපති පාලකයකුගෙන් රට මුදාගෙන, තාවකාලිකව බලය අල්ලාගෙන, පසුව මැතිවරණ පවත්වා යලි රටේ පරමාධිපත්‍යය ස්ථාපනය කිරීම වෙනත් කාරණයක්.

      අපි උදාහරණයක් හැටියට පමණක් සලකා බැලුවොත්, මහින්ද රාජපක්ෂ මහතා මේ ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු, හමුදාව රටේ බලය ඇල්ලුවොත්, විපක්ෂයට සිදුවෙනවා, එම හමුදා රජයට අකමැති හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලන්න, ඊට එරෙහිව සටන් කරන ලෙස.

      නමුත් හමුදාව බලය ඇල්ලුවොත් විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම, නිවාස අඩස්සියේ තැබීම, මරාදැමීම, සිදුවිය හැකියි. එවැනි තර්ජනයක් තිබෙන බව පැහැදිලිව පෙනෙනවානම්, විපක්ෂය යම්කිසි විකල්ප ක්‍රියාමාර්ග සැලසුම් කර තිබිය යුතුයි. සමහරවිට හමුදාව ඇතුලෙම සිටින මේ රජයට අකමැති (එම හමුදා පාලනයට අකමැති) කොටස් සන්නද්ධ සටනක් ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා. හමුදාව කොටස් වලට කැඩී අභ්‍යන්තර යුද්ධ තත්වයක් ඇතිවුනොත්, අපේ රට නැවතත් ඉතා භයානක අඳුරු කාලයකට යනවා. ඒ විතරක් නෙවෙයි ඉතා භයානක ලෙස විදේශීය අත පෙවීම් ඇතිවෙනවා.

      එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙවැනි තත්වයකදී මැදිහත් වන්නේ නැහැ. නමුත් හමුදා පාලනයක් ඇතිවුනොත් අපේ රටට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පනවන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා.

  6. පච ගහන්ඩ එපා බොලව් ..
    මහින්ද පැරදුනත් .. තව අවුරුදු දෙකක් කොහොමත් ඉන්ඩ පුලුවන් නේ ….
    ඉතින් මක්කටෙයි මයියව මරන්නේ …
    විකාර …

    • මහින්ද පැරදුනත් තව අවුරුදු දෙකක් ඉන්ඩ පුළුවන් කියන්නේ අමුම අමු බොරුවක්. නීතියෙන් එහෙම ඉඩක් නැහැ. නොගියොත් මහජනතාව බලාගනියි. ඔබ මහා මිත්‍යාවක ගැලී සිටින බව කනගාටුවෙන් යුක්තව කියනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: