විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

හෝ……..කොමළ දයාසිරී….!


   75111024734-dayasiriඅපේ දයාසිරි ගොයියා හදිස්සියේම ලියුං කරදහියක් එවා තිබුණා, මේ ඊයේ පෙරේදා. මේ ලියුම පළාතේ ඉන්න ඔක්කොම විශ්‍රාමික රණවිරුවන්ට ලියපු එකක් බවයි පෙනෙන්නේ.

 පින්තූරේ ගත්තෙ මෙතනින් 

හම්මේ…………….දයාසිරි ගොයියට මාර වියදමක් යන්න ඇති, මුළු පළාතටම මේ ලියුං කරදහිය යවන්න. මොකෑ ආයෙ පළාත් සබාවේ සල්ලි වලින් නෙවෙයිනේ තැපැල් ගාස්තු ගෙවන්නේ. තනිකරම තමන්ගේ පොකැට්ටුවෙන් නේ. අධිනීතීඥ නිසා නඩු බලවනවා හම්බවෙනවා ඇති ඕසෙට. ඒ සල්ලි වලින් වෙන්ඩැ මේ තැපැල් ගාස්තු ගෙවන්නේ. නැත්තං පළාත් සබාවේ සල්ලි මැතිවරණ ප්‍රචාරේට වියදං කොරා කියලා, අර ලස්සන දත් සැට් එකකින් යුක්තව නිතර හිනාවෙන, අපේ මැතිවරණ කොමසාරිස්තුමා ඇවිත්, දයාසිරි ගොයියව කුදලාගෙන යනවා සිකුරුයි. එයත් එක්ක සෙල්ලං නෑ. දයාසිරි දන්න, අර මැයි දින පෙළපාලියේදී පෙන්නපු, බල්ටි නැටුම්, රිලා නැටුම්, වලින් එදාට ගැලවෙන්න බෑ. මෙන්න බලාගන්නකෝ ලියුං කරදහිය.

AAA

   මේක කියවපු ගමන් මට එකපාරටම මතක්වුණේ පරණ සින්දුවක්. අපි ලාබාල දරුවන් කාලේ චිත්‍රපටියක ගීතයක්. චිත්‍රපටිය ‘රම්‍යලතා’. තිරගත වෙලා තියෙන්නේ 1956 දී. පොඩ්ඩක් අහලා බලන්නකො මේ ගීතය. අවශ්‍ය තැනින් පටන් ගන්නා විදිහට සැට් කොරලා තියෙන්නේ. තත්පර 10ක් විතර අහලා සින්දුව මතක් කරගන්නකො.


ඔන්න ඉතිං මමත් පදමාලාවක් ලිව්වා මේ තනුවටම. කියවලා බලන්නකො.

   හෝ……දයාසිරී – හෝ………කොමළ දයාසිරී 

   කමකට නැතිවෙවී – කුරුණෑගලට වී – පිස්සෙකු වාගෙයි

   හෝ……….බොළඳ දයාසිරී

   අරෙහෙට පැන්නේ – මෙහාට පැන්නේ// – කරන වැඩක්    ඇත්තෙම නැත්තේ – යෝදයෝ

   තවමත් සිහින ලෝකයේ අනේ

   බල්ටි නැටුම් රිලා නැටුම් දැම්මෙ හෝ ගගා //

   රටටම ණයක් වී – වයඹට දුකක් වී – විහිලු නම් එපා

   හෝ……..කොමළ දයාසිරී

 

 

2014 දෙසැම්බර් මස 28 වැනි දින 1002 පැය

 

Advertisements

Comments on: "හෝ……..කොමළ දයාසිරී….!" (12)

  1. Nawa pada Rachanayath lassanai.

  2. දයාසිරිලා වගේ ගෙම්බො වර්තමාන ආණ්ඩුවෙ බිඳ වැටීමත් එක්ක දේශපාලන අනාථයො බවට පත් වෙනවා..ඒ නිසා කළබල වෙන්න කාරි නෑ…

  3. දැන් දයාසිරියගෙ මූන මහින්දගේ මූනට හපන් ඉදිමිලා..රැලි වැටිල..අර දඹර අමිල හාමුදුරුවො කියන්නා වගේ.
    ඉතිං අය්යගෙ තීරනේ මොකෑ..?

    • මූණ විතරක් නෙවේ ඔලුවත් ඉදිමිලා. තව කොහේ කොහේ ඉදිමිලාද දන්නේ නැහැ. අපි මහන්සිවෙන්න ඕනෙ ඔය ඉදිමුම බස්සන්න.

  4. සිරා කියුව වගේ 8 වෙනිදායින් පස්සේ දයාසිරිත් තවත් එක දේශපාලන අනාථයෙක් තමා විචාරකතුමෝ. ලොක්කගේ නම් පරාජයේ බය පෙන්නුම් කරන හැගීම් මුනෙන්ම පේනවා. දයාසිරි හම්බකරගන්න හිතාගෙන ඒ පැත්තට ගියාට වැඩි දෙයක් කරගන්න කලින් ආණ්ඩුව පෙරලෙයි කියන බයට තමා මැරීගෙන කඩේ යන්නේ. මේ සැරේ නම් වෙනසක් වෙයි කියන බලාපොරොත්තුව තියන්න පුළුවන්.

  5. ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි

  6. ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: