විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

Archive for 2014 දෙසැම්බර් 21

නිවාඩු ඉල්ලුම්පත්‍රය

නම:- බ්ලොග් ලියන්නලාගේ විචාරක

ලිපිනය:- https://jangun.wordpress.com

http://wicharaka.blogspot.com

තනතුර:- බ්ලොග් ලියන්නා

නිවාඩු ඉල්ලීමට හේතුව:- බෝවන ඇස් රෝගයක් වැළඳීම Conjunctivitis

රෝගය වැළඳීමට හේතු:- සංචාරයක් ගොස් පැමිණි විට වැළඳුනා

සංචාරය කළේ කොහේද:- මුලතිවු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, යාපනය, නාගදීපය, ඩෙල්ෆ්ට් දූපත

සංචාරය හොඳද:- මල් හතයි ඈ

නිවාඩු ඉල්ලන දින ගණන:- හරියට ඇස් දෙක ඇරගන්න පුළුවන් වෙනතුරු.

(දැනට රිදෙනවා කඳුළු ගලනවා, බෙහෙත් දානවා. නමුත් වෛරස් ලක්ෂණය පහවනතුරු විඳවන්ඩ වෙයි)

ඔන්න අපේ උන්දෑ බෙරිහන් දෙනවා තියන ටිකත් පොට්ට කරගන්ඩද හදන්නේ ඔය මගුලේ එල්ලිලා කියලා.