විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

තුන් පිම්ම – The Triple Jump


jump   තුන් පිම්ම ගැන නම් කවුරුත් අහලා තියනවනේ. තුන් පිම්ම ක්‍රීඩාවක් හැටියට ප්‍රගුණ කරලා, විශේෂ දක්ෂතා දැක්වුව අයත්, මේ ලිපිය කියවන අය අතර ඇති. ඔන්න මමත් තුන් පිම්මක් පැන්නා. හැබැයි අර සාම්ප්‍රදායික තුන් පිම්ම නෙවෙයි. බ්ලොග් ලෝකයේ තුන් පිම්මක් තමයි පැන්නේ.

   අද දෙසැම්බර් 15 වැනිදා. මම බ්ලොග් ලිවීම පටන් අරන්, අදට හරියටම අවුරුදු තුනයි. සමහර වෙලාවකට හිතෙන්නේ මේ ඊයේ පෙරේදා පටන්ගත්තා වගේ. පරණ ලිපි වලට ගිගින් බැලුවම තමයි තේරෙන්නේ බුදු අම්මෝ මම මෙච්චර ලිව්වද කියලා. ඒත් ප්‍රවීණ බ්ලොග් රචකයන් සමග සැසඳීමේදී නම්, මම ලියා තිබෙන්නේ බොහොම අඩුවෙන්. මේ අවුරුදු තුනටම මා ලියා තිබෙන්නේ ලිපි 262 ක් පමණයි. ඒ කියන්නේ එක අවුරුද්දකට ලිපි 87 ක් විතර නේද? මේ තියෙන්නේ මගේ ආරම්භය.

   මගේ බ්ලොග් ලිපි ගැන කියනවා නම්, මට කිසි විටකත් මාතෘකා වලින් හිගයක් නැහැ. නමුත් මා ලියන ලිපියක් වෙනුවෙන්, සෑහෙන කාලයක් හා ශ්‍රමයක් වැයවෙනවා. මා ලියන ලිපි වල අඩංගු කරුණුවල සත්‍යාසත්‍ය භාවය හා වලංගු භාවය ගැන, මා බොහොම සැළකිලිමත් වෙනවා. සංග්‍රාමික කරුණු සම්බන්ධ ලිපි වලදී විශේෂ සැළකිල්ලක් දක්වන්න වෙනවා. මොකද එවැනි ලිපි ලිවීමේදී න්‍යායාත්මක කරුණු 100% ක් නිවැරදි වියයුතු අතර, රහස්‍යමය තොරතුරු ඉදිරිපත් නොකරන්නත්, වග බලාගත යුතුයි.  

   මේ දිනවල අපේ රටේ පවතින දේශපාලන වාතාවරණය නිසා වැඩියෙන්ම ලියවෙන්නෙත්, කියවන්නෙත්, දේශපාලන ලිපි. එයින් පරිබාහිර මාතෘකා වලට පාඨකයන් යොමුවීමේ අඩුවක්ද දකින්නට ලැබෙනවා. ඒ නිසා මේ ලිපිය දීර්ඝ ලිපියක් කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. බ්ලොග් ලිවීමේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් මා කලේ එතෙක් කල් වර්ඩ්ප්‍රෙස් වලින් පමණක් ලියමින් සිටි මගේ අඩවිය බ්ලොගර් ක්‍රමයෙන්ද ලියන්නට පටන් ගැනීමයි. නමුත් අදටත් මා කරන්නේ වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට ලිපිය ලියා, එය බ්ලොගර් අඩවියට පිටපත් කිරීමයි. ඔබට මා මීට කලිනුත් පෙන්වා ඇති, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයේදී පහසුකම් රාශියක් තිබෙන අතර, සියලුම උපදෙස් තිබෙන්නේ සිංහලෙන්. රූපය මත ක්ලික් කර විශාල කර බලන්න. 

Screenshot (80) - Copy

   සෑම බ්ලොග් රචකයකුම, නොකඩවා ලියන්නට උනන්දුවන්නේ, පාඨක ප්‍රතිචාර නිසා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. නමුත් පාඨක ප්‍රතිචාර කිසිවක් නැතත් නොකඩවාම ලියන බ්ලොග් රචකයන්ද ඉන්නවා. මෙතනදී මා දකින වැදගත් කරුණක් තියනවා. සමහර අඩවි වල පළවන ලිපි කියවා, අදහසක් නොදක්වාම යන්නට පුළුවන්. නමුත් සමහර ලිපි තිබෙනවා නිතැතින්ම අදහසක් ලියවෙන. මෙය බ්ලොග් ලියන සෑම දෙනාගේම පොදු අත්දැකීමක් බවයි මගේ අදහස. මීට වඩා කරුණු රැසක් හිතේ තිබුණත්, මෙතෙකින් මේ ලිපිය අවසන් කළයුතුයැයි සිතනවා. 

   මේ තෙවසර පුරා

මා උනන්දු කරවමින්

විවේචනය කරමින්

අඩුපාඩු පෙන්වා දෙමින්

මා දිරිමත් කළ ඔබ සැමදෙනාටම

මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා.

2014 දෙසැම්බර් මස 15 වැනි දින 0001 පැය

   

Advertisements

Comments on: "තුන් පිම්ම – The Triple Jump" (31)

  1. තව බොහෝ කාලයක් ඔබගේ බ්ලොග් ලිපි කියවීමට ලැබේවා. උණුසුම් සුභපැතුම් විචාරක.

  2. සුබ පැතුම් සර් ,
    තව තවත් අසන්නටත් දකින්නටත් විමසන්නත් හේතු වාසනා වේවා 🙂

  3. උණුසුම් සුභ පැතුම් විචාරක මහත්තයා!!!

  4. තවත් දිගු කලක් වටිනා හරබර ලිපි ලිවීමට ශක්තිය ලැබේවා 🙂
    මගේ උණුසුම් සුබ පැතුම් විචාරක තුමණි !

  5. දිගු ගමණකට ආසිරි පැතුම්

  6. තෙවසරක ගමනට මගේ සුබ පැතුම්.ඉතිරියටත් හරවත් ලිපි ඉදිරිපත් කරමනින් අපව දැනුමෙන් පෝෂණය කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා……..විචාරකතුමනි…ඔබට ජය.

  7. mage unusum suba pathum

  8. විචාරක තුමා ලියන වර්ගයේ ලිපි ලියන්න බ්ලොග් අවකාශය තුල වෙනත් කිසිවෙකු නැති නිසා ඔබ විශාල රික්තයක් සම්පූර්ණ කරන බව තමයි මගේ අදහස…තෙවැනි බ්ලොග්වසරියට උණුසුම් සුභ පැතුම්….තවත් චිරාත් කාලයක් බ්ලොග් කලාවේ යෙදෙමු.

    වර්ඩ් ප්‍රෙස් වලට කමෙන්ට් කරන්න ගියාම…ජාතකේම අහන එක තමයි මට නම් එපාම කරපු වැඩේ…

  9. සිංහල බ්ලොග් අවකාශයට වැදගත් හරවත් දැනුමින් පිරි ලිපි වටිනා බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම මගින් ඉතා විශාල සේවයක් කල ඔබතුමාට තවත් බොහෝ කාලයක් ඉතා වටිනා හරවත් ලිපි ලිවීමට ශක්තිය මෙන්ම ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.

  10. උණුසුම් සුභ පැතුම් විචාරක මහත්මයා.. 🙂

  11. ප්‍රේමවන්තයා said:

    Unusum subha pathum wichaa thumo……
    Thawath oba liyana dewal kiyawannata hakiyaawa labewa…….!!!!!!!!!!!!!!!

  12. තව බොහෝ කාලයක් මේ බ්ලොග් එක වැජබේවා

  13. තුම්පිම්මක් පැනපු වීරයට – ජයවේවා!ජයවේවා!!ජයවේවා!!!
    ඔබ තුමා දන්නවද ඔබ තුමාගෙ අදහස් අපට හරියට වටිනව කියල?
    ඕන්න ඔබේ ලිපි වල කෑලි “සිංහල විකියෙත්” දාල.
    ලිපිනය මෙන්න https://si.wikipedia.org/w/index.php?title=දර්ශනය එම පිටුවෙ සමුද්දේශ 3 බලන්න. ඒ ගැන වටිනා අදහස් එහි “සාකඡ්චා” ටැබය (Tab) හරහා පලකරන්නත් පුලුවන්නෙ.
    ඔබට තෙරුවන් සරණයි- දෙවි රැකවරණයි.!

    • ඔබට අනේක වාරක් ස්තුතියි රාජු. අද තමා දැනගත්තේ සිංහල විකියේ මගේ ලිපි වල සංක්ෂිප්ත පලවී තිබෙනවා කියා. නැවතත් ඔබට හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබ එක්කල සුබපැතුම් සහ ආශිර්වාද පිළිබඳව.

  14. ක්සැන්ඩර් said:

    තුන් පිම්මෙන් සියක් පිමි පනින්නට හේතු වාසනා වේවා!!

  15. පසිදු හිරුශාන් said:

    මගේ යිවෙන්ට් එකත් මේකම තමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: