විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   ඔන්න My3 තරහ වෙන්ඩනම් එපා. මාමා අද ලියුමක් එවලා තිබුණා. මාමා අස්සන් නොකළට මේක මාමගෙ චින්තනේට පහ වෙච්චි…… හුටා….. පහළ වෙච්චි, මල් මසුරං අදහසක්ලු. පොහ්………..My3 ට තවම බැරිඋනානේ, My3 චින්තනෙන් අපිට නොමිලේ දත් හාරන කටුවකුයි, කංහැන්දකුයි දෙනවා කියලවත් කියන්ට. බලන්ටකෝ පහළ තියන ලියුම. අද තමා තැපෑලෙන් ලැබුණේ. මාමා ගානේ ගෙදරටම පොං එකක් ගෙනැල්ලා දෙනවලු. සියලුම පැන්සොන් කාරයන්ට. ඉරිසියා කොරන්ට එපා බොලල්ලා. මාමා මෙව්වා දෙන්නේ, ආයෙ මොකවත් ආපහු ගන්ට බලාගෙන නෙවෙයි. මනුස්සකොමට, මනුස්සකොමට. මොකෑ මෙව්වා දීලා චන්දෙ ඉල්ලන්නයැ. 

The Letter

   පේනවා නේද මාමගේ වැඩ. මොකද මෙව්වා මේ රටේ සල්ලි වලින් දෙන එව්වද? තනිකරම මාමගෙ බූදලෙන් දෙන එව්වනේ. අම්මපා……ආයේ දෙකක් නෑ, ඔය පොං එක ගත්ත ගමන් මං දෙනවා මාමට කෝල් එකක්. දීලා මාමගේ හත්මුතු පරම්පරාවටම හමන්නනවා  පින් දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ පාර එක කතිරයක් ගහලා මදි මටනම් මේ දුන්න තෑග්ගට. ගහනවා කතිර දෙකක්ම. ඕ යේස්.

   දැන් මේ නොමිලේ පොං බෙදිල්ලට දෙපාර්තමේන්තු, ආයතන, බර ගානක් එකතුවෙලා ඉන්නවා මේ ලියුමේ තියන විදිහට. ඉතිං ඒ බත් බැලයන්ගේ  උත්තමයන්ගේ අතිකාල දීමනා, යැපුම් දීමනා, ප්‍රවාහන දීමනා, අර දීමනා, මේ දීමනා, ඔක්කොම ගෙවන්න වෙන්නේ මාමටමනේ. මොකද ඔය එක ආයතනයකවත් අරමුදල් වලින්, එක හූණු බිජ්ජක් තරම්වත් දෙයක් මෙව්වට දෙයි කියලද, එක වාහනයක් වත් දෙයි කියලද, පැට්ටෝල් ගහලා දෙයි කියලද, මෙච්චර මේ ජනාදිපතිවරණ වැඩ අස්සෙත්, මාමටම තමා ඔව්වට වියදං කොරන්න වෙන්නේ තමන්ගෙම පොකැට්ටුවෙන්. චික් අම්මපා………. මේ එතනෝල් ගෙන්නන, කුඩු විකුණන, ඉස්කාගාර අයිති, එක ඇමෑත්තයෙක්, අඩු ගානේ කෝටි 50ක සුවීප් එකක් දිනපු, තිත්ත ඇට්ටනායක උන්නැහෙවත්, ‘බීඩියක් බීලා බුලත් විටක් කන්න තියාගනින් මාමේ’ කියලා, දෙකයි පණහක් දෙයි කියලද?

   ඔන්න My3 නොකිව්වයි කියන්න එපා. Samsung Galaxy S5 එකක්වත් දුන්නොත්, චන්දෙ දීම ගැන සලකා බලනවා. නැත්තං ඉතිං බම්බුව තමයි.

   හැබැයි ඊට පස්සේ මාමා ඊට වඩා ලොකු එකක් දුන්නොත්……….?

   හුටා……………………………..!

2014 දෙසැම්බර් මස 11 වැනි දින 1320 පැය

Advertisements

Comments on: "My3 ඔයාට බම්බුව තමයි ඔන්න" (27)

  1. මාමි බයවෙච්ච තරමක්. මටනම් ඔය දෙකම එකයි. එකෙක් තාරාවෙක්. අනිකා පාත්තයෙක්. 😀

  2. My3 samsung Galaxy dunnoth,Mami 2nd wenne nethuwa monawa hari denawai kiyawi,Ara Dahanayaka Bibileta Varayak denawai kiwwa wage,

  3. නුවර කුමාරි said:

    ඔය ලිව්මේ තියෙනවා නේද ‘පින් අංකය’ කියල එකක්…
    ඔක්කොම පින් ටික ඒකට බැරකරනවා වෙන්න ඇති නේ……

  4. සර් ඉන්ටෙර්නෙට් එකේ වීඩියෝ එකක් තියෙනවා Plug point එකකින් කරන්ට් එක ගන්න විදිය මේක බලන්න මේක ඇත්තක්ද දන්නේ නැ

    වීඩියෝ ලින්ක් එක

    මේ වීඩියෝ එකට අදාළ විස්තර මේ වෙබ් සයිට් එකේ තියෙනවා

    http://free-energi.com/

    මේ ක්=ලින්ක් එකට ගිහින් වම් පැත්තේ Menu එකේ Electric loop free energy generator එකේ විස්ටර තියෙනවා බලන්න

    • බොහොම ස්තුතියි දුලන්ක මේ විස්තරයට. මම අර ලින්ක් එකට ගිහිල්ලා ඔක්කොම විස්තර කියෙව්වා. බුක් මාක් කරගත්තා. ඔයා දන්නවද අර piezo ක්‍රමයට වැඩ කරන ලයිටර් ලංකාවේ තියනවද නැද්ද කියලා. තියනවානම් මේ වැඩේ අත්හදා බලන්න පුළුවන්.

    • මේ වීඩියෝ එක බොරුවක් ! piezo lighter නම් තියනවා ලංකාවේ.

  5. ඔය ලියුම් ගහන්න වැය කරපු කොළ ටිකෙන් එක්සයිස් පොත් ටිකක් ගහලා ළමයින්ට බෙදුවනම්…. කොළ දෙක දෙක ලියුම් කීයක්ද? මොනතරම් සල්ලි නාස්තියක්ද,,,,,,,, 😦

  6. මාමා ගෙදර යනවා දකින්න සිරා කොලුවා බොහොම මනාපයි…මාමා තව හිටියොත් උගත්තු ටික වෙන රටවල් වලට ගිහින් මැරයො, ස්ත්‍රී දූෂකයො, කුඩ්ඩො විතරක් ලංකාාවෙ ඉතිරි වෙයි.

  7. නිකන් දෙනවානම් ඔලුව කැක්කුම හරි ගන්න..පස්සේ සල්ලි දිලා බෙහෙත් ටිකක් ගන්න බැරියැ

  8. ඕක උපහාර තරම් ලාබ නෑ නේද?

  9. හැබැයි මේ පාර තියන රැල්ල එක්ක මහින්ද මාර අවුල් වෙලා ඉන්නේ. ඒක මිනිහ හැසිරෙන විදියෙන් පෙනෙනවා. මිනිහව පැරදුනත් ගෙදර යයිද, හමුදා පාලනයකට යයිද කියන එක තමා මට තියන අවුල. මොකද අද ආරක්ෂක අංශවල ලොකු පුටු ගොඩක් මිනිහට ඕන විදියට වෙනස් කරලා දේශපාලනීකරණය කරලානේ.
    හැබැයි එහෙම කලොත් මිනිස්සු චන්ද ක්‍රමය ගැන තියන විශ්වාසය බිදවැටිලා(දැනටමත් ගොඩක් දුරට වෙලා ඉවරයි) ආයුද බලයෙන් ආණ්ඩුව පෙරලන ක්‍රමයක් ගැන විශ්වාස කරන්න පුළුවන්. එහෙම උනොත් වෙන්නේ මේ රටේ නැවත වතාවක් දාස්ගානක් තරුණ ජිවිත එක පවුලක බල තණ්හාව නිසා විනාශ වෙන එක.

    මහින්ද මේ සැරේ පැරදුනේ නැත්නම් 71දි 89දි මිනිස්සු විජේවීර විශ්වාස කළා වගේ කවුරුහරි විප්ලවකාරී චරිතයක් නැගී සිටියොත් එම චරිතය විශ්වාස කරලා මිනිස්සු(විශේෂයෙන්ම තරුණ ප්‍රජාව) නැවත සන්නද්ධ සිවිල් අරගලයකට යන්න පුළුවන්. මේ රට අස්ථාවර කරන්නේ විදෙශිකයෝවත්, කොටිවත් නෙමේ මහින්ද රාජපක්ෂ සහ ඒ පවුල. එහෙම අරගලයක් උනොත් මේ පාර ගොඩක් අමාරු වෙනවා එක මර්දනය කරන්න මොකද අද ඉන්න තරුණ පිරිස එදාට වැඩිය ගොඩක් තාක්ෂනය සහ සන්නිවේදනය ඉදිරියෙන් ඉන්නේ. අරාබි රටවල් වල ඒකාධිපතියන්ට විරුද්ධව ආයුද අතට ගත්ත හැම තරුනයම යුද පුහුණුවක් තිබිල ආයුද අතට ගත්ත අය නෙමේනේ. ඒ නිසා මම නම් බලාපොරොත්තු වෙන්නේ මහින්ද පැරදුනොත් සාමකාමිව මෛත්‍රීට ඉඩ දීලා ගෙදර ගියොත් හොදයි. එත් එහෙම වෙයි කියලා බලාපොරොත්තු තියන එක නිකම් ඉර බටහිරින් පායන එක ගැන විශ්වාස කලා වගේ තමා. මොකද ජනාධිපති තනතුර තමා එකම ආරක්ෂාව එයාලගේ වැරදි වලින් බේරෙන්න පුළුවන්.

    මහින්ද මේ සැරේ ගෙදර නොගියොත් රටට වෙන දේ ඉතින් හිතාගන්න බෑ. මේ සැරේ මම නම් චන්ද 70ක් විතර දැනට මෛත්‍රීට හරවලා තියෙන්නේ(යාලුවන්ගේ, නෑදෑයන්ගේ). අඩුම කෙනෙක් චන්ද 10ක් වත් හරවන්න උත්සහ කරන්න ඕන

    • බොහොම සාධාරණ අදහස් දැක්වීමක්. ජනාධිපතිවරණය දූෂණ වලින් තොරව කෙරුනොත් මහින්ද පරදිනවා. හමුදා පාලනයක් ඇතිවුනොත් අපේ රටත් තවත් ලිබියාවක් වෙනවා. කොහොම වුනත් ඉදිරියට එන්නේ අපට හිතාගන්න බැරිතරම් අවුල් සහගත තත්වයක් බව පෙනෙනවා. රටේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා පාලනය තමන් අතට ගන්න.

  10. මහින්ද මාමි කොහෙද දෙකයි පනහෙන් බීඩි බීලා බුලත්විටක් කන්නේ? ගුටි කන්න වෙන්නේ දෙකයි පනහත් නැතිවෙන්නම..

  11. […] මේකයි කටන්තරේ. මතකැයි මං ලිව්වා, මාමගේ චින්තනයෙන් පැන්සොන් කාරයන්ට දෙ… ගැන. අන්න හරි ඒ කළගුණ පස්සෙන් එලවන […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: