විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට මේ දක්වා, අන්තර්ජාලය පරිහරණය කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. සුනාමි ව්‍යසනයෙන් අභාවප්‍රාප්ත වූ, මගේ බාල සොහොයුරා සහ ඔහුගේ එකම පුතා පිළිබඳ, හද කම්පා කරවන මතකය නැවත අලුත් කරමින්, මගේ ඒ සොහොයුරාගේ බිරිඳ, ලියුකීමියා රෝගයෙන් පීඩා විඳිමින්, වසර 15ක් පමණ, අනේක විධ ප්‍රතිකාර මධ්‍යයේ, අනේක විධ දුක් විඳිමින් සිට, පසුගිය 3 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඊට පසුදින, ඒ පවුලේ එකම දියණියගේ විවාහය ලියාපදිංචි කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබුණේ. නමුත් මගේ ඥාති සොයුරියගේ දෛවය ඊට හරස් වුණා.

   ඒ දියණිය මෙලොව තනිවන්නට නොදී, ඇයගේ අනාගතය යහපත් මාර්ගයකට යොමුකිරීමේ වගකීම, දැන් මා සහ මගේ සොයුරියන්ටත්, මියගිය ඥාති සොයුරියගේ සහෝදර සහෝදරියන්ටත් පැවරී තිබෙනවා. එය නොපිරිහෙලා ඉටු කරනට අපි සූදානම්. ලියුකීමියා රෝගය සුව කළ නොහැකි රෝගයක් ලෙසයි සැළකෙන්නේ. මගේ ඥාති සොයුරිය විදේශ ප්‍රතිකාරද ඇතුළු, ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණේ.

ලියුකීමියා රෝගය ගැන මෙතනින් කියවන්න.

   මගේ ඥාති සොයුරියගේ අවසන් කටයුතු පසුගිය 6 වැනිදා කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණු අතර, සත් දවසේ ධර්ම දේශනය ඊයේ (8 වැනි දින) පවත්වා. අද (9 වැනි දින) දහවල්, සංඝගත දක්ෂිණාවද පිරිනැමුණා. මේ දින කීපය තුළ අධික ලෙස වෙහෙසවීම නිසා, මට දැන් උණ ගැනෙන්නට එනවා මෙන් දැනෙනවා. තවත් දීර්ඝ ලෙස කරුණු දැක්වීමෙන් පලක් නැති බව පෙනෙනවා. 

unnamed (1)

රූපා නැගණිය – ඔබට නිවන් සුව!

  සුනාමි ව්‍යසනයෙන් අභාවප්‍රාප්ත වූ මගේ සොහොයුරා සහ ඔහුගේ එකම පුතා වෙනුවෙන්, කුරුණෑගල පොදු සුසාන භූමියෙහි ඉදිකර ඇති, පවුලේ සොහොන් ගැබ මත ඇති ස්මාරකයෙහි, එදා මා අතින් ලියවුනු කවි දෙකකින් මේ සටහන මා අවසන් කරනවා. එදා මේ කවි දෙක මා ලිව්වේ, මියගිය මේ සොයුරියගේ සිතැඟි නිරූපණය වන ආකාරයෙන්. අද ඇයගේ දේහයද එම සොහොන් ගැබෙහිම තැන්පත් කෙරුණා. නමුත්, අදනම් මට, කවියක් ලියාගන්නට තවමත් හිත එකලස් කරගන්නට බැහැ.

යුද

සෙනෙවියකු නොවුනත් ඔබ තුරුණු

පුතේ

අද

හෙට එලෙස ඔබ උපදියි කියා

සිතේ

ලද

පිය සෙනෙහසම නිවනට මගක්

වෙතේ

එද

මතු බවෙහි ම පුතුම වනු මැනවි

පුතේ

 

 

මිනිසත් කැළට මනුසත් බව පුහුණු කොට
මිනිසෙක් නිඳයි සිය පුතුවද තුරුළු කොට
දහසක් දනන් ඔබ ගුණ ගී ගයන විට
මගෙ සක් දෙවිඳ ඔබ මිහිමත පෙනෙයි මට

   අවමංගල්‍යයේ බොහෝ කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ, එමෙන්ම අවමංගල්‍ය නිවස වෙත පැමිණ දේහයට ගෞරව දැක්වූ, යුද හමුදාධිපති තුමා, යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු සියලු නිළයන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නියෝජනය කරමින් පැමිණි සියළු දෙනා, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පැමිණි සියලු දෙනා, අනෝමා ෆොන්සේකා මැතිණිය, ප්‍රදේශවාසීන්, ඇතුළු නන් අයුරින් සහයෝගය දැක්වූ සියළු දෙනාට, අද තනිවී සිටින දියණිය වෙනුවෙන්, ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

my-signature-for-blog[1]2014 දෙසැම්බර් මස 09 දින 2145 පැය

Advertisements

Comments on: "සංවේගයෙන් සටහන් කරමි" (17)

  1. rest in peace. My deepest sympothy

  2. මාගේ බලවත් සංවේගය….

  3. රූපා මැතිනියට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි!

    එතුමියගේ දියණියගේ ජීවිතය ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියා ප්‍රාර්ථනා කරමි!

    ඔබතුමාටද ඉක්මනින්ම උණ රෝගී තත්වය සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමි!

  4. එතුමියට නිවන් සුව අත්වේවා !

  5. රූපා මැතිනියට නිවන්සුව අත්වේවායි පතමින් ශෝකජනක අවස්ථාවේ පසුවන එම දියණියන්ද, ඔබතුමාද සහ පවුලේ අන්‍යයන් ද සමග සංවේගයට පත්වෙමි.

  6. එතුමියට නිවන් සුව අත්වේවා……!
    මාගේ බලවත් ශෝකය……..
    ඔබ තුමාට නිරෝගී සුවය පතමි………

  7. මගේ බලවත් සංවේගය පිළිගන්න.ඔබටද නිදුක් නීරෝගී සුව අත්වේවා.
    මීට
    හැලපයා.

  8. එතුමියට නිවන් සුව අත්වේවා………..

  9. නිවන් සැප ලැබේවා එතුමියට

  10. බොහොම කාලෙකින් මා බ්ලොග් පැත්තට ගොඩ වැදුණේ. මගේ සාතිශය සංවේගය විචාරක තුමණි.

  11. මගේ බලවත් ශෝකය!

    ඔබට නිරෝගී සුව ලැබේවා!

  12. මාගේ බලවත් සංවේගය….

  13. Mage Balawath sokaya”,Oba saha pawle semawetha palakarami,Rupa mahathmiyata “Niwan suwa Athwewa”

  14. සංවේදී ප්‍රතිචාර දැක්වූ ඔබ සියලුදෙනාට පවුලේ සැමගේ ස්තුතිය පුදකරනවා.

  15. මගේ සාතිශය සංවේගය පිළිගන්නා මෙන් ඉල්ලා සිටින අතර ඔබතුමාගේ සොයුරියට නිවන්සුව පතනවා. පමාවී කියවීම ගැන සමාවන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: