විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1195436790606908375johnny_automatic_man_with_a_camera.svg.med   ඡායාරූප ශිල්පය මගේ එක් විනෝදාංශයක්. මා ඡායාරූප ශිල්පය ගැන මූලික කරුණු උගත්තේ, 1960 දශකයේ මැද භාගයේදී, මගේ පාසලේ තිබුණු ඡායාරූප සංගමයට බැඳීමෙන්. ඒ කාලයේ මා බොක්ස් කැමරාවක් පවා පාවිච්චිකර තිබෙනවා. ඒ කාලයේදී බොක්ස් කැමරාවටත් සෑහෙන තැනක් ලැබුණා. යුද බිමේ සිටියදී පවා, මගේ අතේ කැමරාවක් තිබුණා. යුද බිමේදී ලබාගත් ඡායාරූප 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට පත්වුණා, නිසි පරිදි සුරක්‍ෂිත කර නොගැනීම නිසා. ඒ ඡායාරූප අතර, ඓතිහාසික සහ සංග්‍රාමික වශයෙන් ද වටිනා ඡායාරූප රැසක් තිබුණා.  ‘වෙච්ච දේට එන්න සෙයියරදු’ කිව්වලුනේ. 😀  
ඉහත පින්තූරය ගත්තේ මෙතනින් 

   ඡායාරූප ශිල්පය ගැන මා තුළ උනන්දුවක් ඇතිවීමට තවත් හේතුවක් වුණේ, මගේ පියා, මා කුඩා කාලයේදී, සෑම පාසල් නිවාඩුවකදීම පාහේ, අපේ මුළු පවුලම රැගෙන, වන්දනා, විනෝද, අධ්‍යාපන, චාරිකාවක යෙදීම සහ, ඒ යන සෑම අවස්ථාවකදීම පාහේ, කැමරාවක් කාගෙන් හෝ ඉල්ලාගෙන ගොස්, පින්තූර ගැනීම නිසයි. එවැනි කලුසුදු පින්තූර රාශියක්, අපේ ගෙදර ඒ කාලේ තිබුණත් අද ඒවා අතුරුදන්. පහත දක්වන්නේ ඒ කාලයේ තිබුණු බොක්ස් කැමරාවක්. මෙහි පටල පටියේ ප්‍රමාණය 120mm ලෙසයි මට මතක තියෙන්නේ. 

a0533979c0ba356255cb9200328d72639511b7

පින්තූරය ගත්තේ මෙතනින් 

   ඉන්පසු කාලයේ මා දුටු හොඳම කැමරාව වුණේ 127mm ප්‍රමාණයේ කැමරාවයි. එය පහත දැක්වෙන පින්තූරයේ පෙන්වන කැමරාවේ හැඩයට ආසන්නයි.

front-view-antique-folding-medium-format-camera-10515135

   1960 දශකයේ දී ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පීන් අත තිබුණු ප්‍රබලම අවිය වුණේ, රොලිෆ්ලෙක්ස් Rolleiflex  වර්ගයේ කැමරාවයි. මට මතක හැටියට 120mm ප්‍රමාණයේ කැමරාවක් වූ මෙය, මහා බලගතු කැමරාවක් ලෙස එකල බොහොම ප්‍රසිද්ධව තිබුණා. මම මේ කැමරාවත් වාර දෙකක් හෝ තුනක් පාවිච්චි කර තිබෙනවා.

Rolleiflex-Automat-Model-3-02

පින්තූරය ගත්තෙ මෙතනින් 

   කතාව වේගයෙන් ඉදිරියට රැගෙන යනවානම්, 35mm පටලපටි කැමරා පැමිණි යුගයේ, මහා විප්ලවවාදී විශ්වකර්මයා ලෙස සැළකුණේ, Yashica Electro 35 කැමරාවයි. මේ කැමරාව ඒ ගැන හොඳ පුහුණුවක් ලබා නැති අයට පාවිච්චි කරන්නට බැහැ. ක්‍රියාකාරිත්වය තරමක් සංකීර්ණයි. 

Yashica-Electro-35-GL

පින්තූරය ගත්තෙ මෙතනින් 

   ඇත්තටම මට මගේම කියා කැමරාවක් ගන්නට ලැබුණේ 1980 දශකයේදීයි. මුලින්ම ගත්ත කැමරාව Olympus වර්ගයේ එකක්. මේ කැමරාවෙන් මට, යුදබිමේ පින්තූර පවා, සාර්ථකව ලබාගන්න පුළුවන් වුණා. හුරුබුහුටි නමුත්, හොඳ පැහැදිලි පින්තූර ගන්න පුළුවන්. මේ කැමරාවෙන් මා ලබාගත් ඡායාරූප, අපැහැදිළි බවකින් තොරව, 12 x 10 ප්‍රමාණයට පවා විශාලනය කර තිබෙනවා. 

appareils photo présentés sur le site www.NETWORK-ERROR.com/photo

පින්තූරය ගත්තේ මෙතනින් 

  මීළඟට මගේ කැමරා මිතුරා බවට පත්වුණේ Yashica Zoomate 90 නමැති කැමරාවයි. සම්පූර්ණ ස්වයංක්‍රීය කැමරාවක් වුනත්, ඉතා තියුණු පින්තූර ගැනීමට මේ කැමරාවෙන් හැකිවුණා. මෙහි zoom power එක ඒ කාලයේ හැටියට ඉතා ප්‍රබලයි. මේ කැමරාවේ තිබෙන ලොකුම දුර්වලකම වුණේ ඉක්මනින් බැසයන බැටරියක් තිබීමයි. නැවත ආරෝපණය කළහැකි බැටරියක් මේ කැමරාව වෙනුවෙන් එකළ තිබුණේ නැහැ. මේ කැමරාවේ 90 මෝස්තරයේ පින්තූරයක් හොයාගන්න හැකිවුණේ නැහැ. මෙහි තිබෙන්නේ 70 මෝස්තරය. හැඩයෙන් එක සමානයි. 

5230932690_ba310455e7_z

පින්තූරය ගත්තෙ මෙතනින් 

   35mm පටල පටි කැමරාවක් වශයෙන්, අවසාන වරට මා පාවිච්චි කළේ, පහත දැක්වෙන යශිකා කැමරාවයි. මේ කැමරාවේ කාච පද්ධතිය, ඉදිරියට සහ පසුපසට ගෙනයන flex කොටස, ඉක්මණින් කැඩෙනවා. එවිට සම්පූර්ණ කාච පද්ධතියම මිලදීගෙන සවි කලයුතුයි. flex කොටස එයටම සවිවූවක්. ඒ නිසා මේ කැමරාව අවුරුදු තුනකින් පමණ අත්හැර දැම්මා. අදටත් සිහිවටනයක් ලෙස තිබෙනවා.

61bscJEvqTL._SX522_

පින්තූරය ගත්තෙ මෙතනින්

   එක දෙයක් කියන්න අමතක වුණා. මේ කාලයේදී මා, වෘත්තීය මට්ටමේ ඇනලොග් කැමරා කීපයක් ඉල්ලාගෙන පාවිච්චි කිරීමෙන්, අත්දැකීම් රාශියක් ලබාගත්තා. එහෙත් ඒවා මිලදීගන්න තරම්, මට වත්කමක් තිබුණේ නැහැ.

     පසු කාලයේදී මට, ඩිජිටල් කැමරා ගැන අහන්න දකින්න ලැබුනා. (අසමි දකිමි) ඒ ගැන වඩ වඩාත් කරුණු හොයන්නත් මා පෙළඹුනා. (අසමි දකිමි + සොයමි) පොත්පත් හොයාගෙන කියෙව්වා. ඩිජිටල් කැමරා පාවිච්චි කරන අය සමග සාකච්ඡා කළා, වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරා කීපයක් අතපත ගා, ටිකක් එහාට මෙහාට වනන්නත් ඉගෙනගත්තා. නමුත් වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරාවක මිළ අහපුවාම, මගේ රුධිර පීඩනය වැඩිවන නිසා, මෙන්න මේ වගේ පුංචි ඩිජිටල් කැමරාවකින් සෑහීමකට පත්වුණා.

83414

පින්තූරය ගත්තෙ මෙතනින් 

   මෙය Sony DSC W360 මෝස්තරය. මේ කැමරාවෙන් සෑහෙන සතුටුදායක පින්තූර රාශියක් ගන්න මට හැකියාව ලැබුණා. නමුත් ඒ පින්තූර වලින් මා 100% ක් තෘප්තියට පත්වුණේ නැහැ. අද මා පාවිච්චි කරන්නේ, Sony DSC H300 කැමරාවක්. මෙය ඩිජිටල් කැමරා වර්ගීකරණයේදී බ්‍රිජ් කැමරා – Bridge Camera යන වර්ගීකරණයටයි වැටෙන්නේ. 

37142iB0997A5977CBB611

පින්තූර ගත්තෙ මෙතනින් 

   මේ කැමරාවෙන් මට වෘත්තීය මට්ටමේ කැමරාවකින් ගන්නා ඡායාරූප වලට සෑහෙන තරම් ආසන්න මට්ටමේ පින්තූර ගන්න පුළුවන් වුණා. මේ කැමරාවේ තිබෙන ෆ්ලෑෂරය, පොපප් ෆ්ලෑෂරයක්. නමුත් එහි බලය, මට අවශ්‍ය ගුණාත්මක බව ලබානොදෙන නිසා, මම ස්ලේව් ෆ්ලෑෂරයක් එකතුකරගත්තා. (ඒ සඳහා මට මග පෙන්වූ වෙනීට මගේ ප්‍රණාමය පුදකරනවා) ඒ මෙන්න මෙහෙමයි.

Exif_JPEG_420

   මෙතනදී මම කලේ ඝන ඇලුමිනියම් තහඩුවක, කැමරාව සහ ෆ්ලෑෂරය මවුන්ට් කරන්න අවශ්‍ය ආකාරයට සකසා ගැනීමයි. මේ ඇටවුම, මා ළඟ තියන ට්‍රයිපොඩ් එකෙත්, මෙහෙමම සවි කරන්න පුළුවන් වීම විශේෂ වාසියක්. මේ ඇටවුම අතේ තියාගෙනත් කිසිදු අපහසුවකින් තොරව පින්තූර ගන්න පුළුවන්. මේ ෆ්ලෑෂරය, කැමරාවේ පොපප් ෆ්ලෑෂරය සමග, ස්ලේව් යුනිට් එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා, වයර් සම්බන්ධතාවක් නැතුව. අවශ්‍යවිට ෆ්ලෑෂරය ගලවා අතට අරන්, සුදුසු පරිදි අල්ලාගෙනත් පින්තූර ගන්න පුළුවන්. එමෙන්ම මේ කැමරාවෙන් Manual Mode පින්තූර ගන්න පුළුවන්වීම ගැන මම හුඟක් සතුවෙනවා. පහත දක්වන පින්තූර වලින් බොහොමයක් ඒ විදිහට ගත්ත ඒවා.

   හැබැයි මේ ඔක්කොම කළත් මම තවමත් බොහොම ආධුනිකයකු බව, මා කවදාවත් අමතක කරන්නේ නැහැ. අදටත් මම ඡායාරූපකරණය ගැන ඉගනගන්නවා, ඡායාරූප සංස්කරණය ගැන ඉගෙනගන්නවා. දැනට මම පෙරුම්පුරන්නේ, මේ පහළින් ඉන්න එක්කෙනා අයිතිකරගන්නයි. නමුත් දැනටනම් ඒක හීනයක් විතරයි, මෙයාගේ මිල ගණන් එක්ක බැලුවම. ලක්ෂ 10 – 12 වටින බඩුත් ගෙවන්න දෙන මේ රටේ, කැමරා විතරක් එහෙම දෙන්නේ නැතිවීම ගැන දුකයි. මෙන්න ඉන්නවා ඒ සිහිනය. 

nikon-d3200-kit-with-18-55-mm-vr-lens-slr-400x400-imada6rquvzcspxw

   හොඳයි දැන් ඇති නේද කැමරා ගැන කිව්වා. එහෙනම් මෙතන ඉඳලා බලමු මගේ පින්තූර. මේ සියල්ලම ගත්තෙ අර Sony DSC H300 කැමරාවෙන්.

1

2

3

4

5

6

6a

7

7a

8

9

10

11

11a

   නිල්, කහ, රතු, කොළ, යන වර්ණ පමණක් වෙන්කරගෙන, අනෙක් සියලු වර්ණ කළු හෝ අළු පැහැයට හරවා, පින්තූර ගැනීමේ පහසුකම, මේ කැමරාවේ තියනවා. මේ තියෙන්නේ, ඒ ආකාරයට ගත්, පින්තූර කීපයක්.

12

13

14

15

පහත දැක්වෙන පින්තූර ගත්තේ, මේ කැමරාවේ zoom කිරීමේ හැකියාව මැන බලන්නයි.

16

මීටර් 20 ක් දුර සිට 

17

මීටර් 15 ක් දුර සිට 

18

මීටර් 50 ක් දුර සිට 

මෑතකදී මට ජාතික සත්වෝද්‍යානයට යන්නට අවස්ථාවක් ලැබුණා. මේ එහිදී ගත් පින්තූර කීපයක්.

19

20

21

22

23

24

25

26

27

ඡායාරූප සංස්කරණය පිළිබඳව මා ලබාගත් අත්දැකීම් අනුව නිමැවූ පින්තූර දෙකක් සමගින් මේ ලිපිය අවසන් කරනවා.

28

   මේ දැරිවි ඉන්නේ ගාලු මුවදොර වෙරළේ. මෙතන තවත් විශාල පිරිසක් හිටියා. දැරිය මුහුදු රැල්ළට අසුවෙයි යන බියෙන්, ඇගේ මව ඇය අසළම සිටියා. ඔවුන් සියලුදෙනා ඉවත්කර සංස්කරණය කර තිබෙන්නේ.

29

   මේ දීර්ඝ ලිපිය ඉවසීමෙන් බැලූ ඔබ සැමගෙන් මා ඉල්ලන්නේ, මේ පින්තූරවල තියන අඩුපාඩු හැකිතරම් කියන්න. එය මට කරන ලොකුම උපකාරයක්.

my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 07 දින 1328 පැය

Advertisements

Comments on: "මගේ කැමරා ඉතිහාසය සහ ළඟදි ගත්ත ෆොටෝ ටිකක්" (29)

  1. නියමයි ඔයත් මං වගේ,මගෙත් විනෝදාංශ වලින් දැන් ඉතුරු වෙලා තියෙන එක ෆොටෝ අල්ලන එක තමයි, විස්තර ටිකට ගොඩක් ස්තුති,, දෙවැනි ෆොටෝ එකට මන් ගොඩක් කැමති ඒක ලස්සනයි

  2. https://torrentz.eu/search?f=500+poses+for+photographing
    මේ ලින්ක් එකේ තියෙන පොත් ඔබට ප්‍රයෝජනවහ් වේවි.

  3. මගෙත් ආසම විනෝදාංශයක්.

    වයසට ගියත් 🙂 අලුත් අලුත් දේ ඉගෙන ගැනීමට උත්සහ කිරීම නම් ඇත්තටම අගය කල යුතු දෙයක්.

    ඔබතුමාගේ ඡායාරූප ඉතා හොද මට්ටමක තියනවා. 31 හා 32 ඡායාරූප වල සංස්කරණයේදී අවශ්‍ය රූපය වෙන්කර වෙනම ලේයර් එකක් ලෙස සකස් කිරීමට උත්සහ ගන්න. ඔබතුමා හැකිනම් Adobe Photoshop CC මෘදුකාංගය භාවිත කරන්න. ඉතා ඉහල මට්ටමේ සංස්කරණ කටයුතු වලට එය ඉතා සුදුසුයි.පහත ලින්ක් වලින් ඔබතුමාට ඡායාරූපකරණය ගැන දැනුම වැඩි කරගැනීමට අවශ්‍ය පොත් නොමිලේ ලබාගන්න පුළුවන්.

    http://www.gfxtra.net/tutorials-photography/

    ටොරෙන්ට්ස් සර්ච් කරන http://torrentz.eu/ අඩවියේ lynda photoshop ලෙස type කර සර්ච් කරන්න ඔබතුමාට ඉතා වටිනා video tutorial පාඩම් ගොඩක් ලබාගන්න පුළුවන්.

    • බොහොම ස්තුතියි තාරක. තාම එච්චර වයසක් නැහැනේ මට. 60 පැන්නා විතරයි 😀

      31 සහ 32 ඡායාරූප සකස්කර තියෙන්නේ ෆොටෝෂොප් එකෙන් නෙවෙයි. මම තවම ෆොටෝෂොප් වලින් වැඩකරන්න දන්නේ නැහැ.

      ඔබ ලබාදුන් ලින්ක් ඒකෙන් ගිහින් යමක් ඉගෙනගන්න බලන්නම්.

  4. බොහොම දේවල් ඉගෙන ගත්තා. ඡායා රූප ගැන මා තුළ උනන්දුවක් ඇති වුනේ තොරතුරු පිළිබඳ සාක්ෂි හැටියට පමණයි. එහි දී ඡායාරූප ලබා ගැනීමේ දී ගුණාත්මක තත්වය මගහැරී ගියා. ඔබතුමාගේ ලිපිවලින් ඇති වූ පෙළඹවීමෙන් ඡායාරූප කරනය ගැන ඉගෙනීමට අලුත් උනන්දුවක් ඇති වෙලා

  5. මෙහි අවසානයේ දැක්වෙන ඡායා රූපය මගේ සිත දැඩිව පැහැර ගත් එකක්

    • අදහස් දැක්වීම් දෙකටම බොහොම ස්තුතියි ගුණසිංහ මහතාණෙනි. පින්තූර ගැනිල්ලත් එක්තරා කලාවක්නේ. විද්‍යාවක් ඉගෙනගන්නවාට වඩා කලාවක් ඉගෙන ගැනීම අමාරුයි කියලයි මට හිතෙන්නේ.

      • ඇත්ත විචාරක තුමා කලාවක් ඉගෙනීම සිදුවන්නේ කොහොමද කියා තවම හොයාගෙන ඇති බවක් දැනගන්නට නෑ. කලාව ඇඟේම තියන දෙයක් සහජයේ එන දෙයක් කියල නේ බොහෝ විට අනුමාන කරන්නෙ

  6. මම ගොඩක් කල් ඉඳන් ඔබතුමාගේ බ්ලොග් අඩවිය එක්ක සම්බන්ධ වෙලා හිටියට, මම හිතන්නේ ප්‍රතිචාරයක් දක්වන්නේ මුල් වතාවට වෙන්න ඕන..

    මේකත් කියන්න අදහස් කලේ මගේ සිතුවිලි කලාපය අතිච්ඡාදනය වන නිසයි.. කාරණා කීපයක් කියන්නම්..

    1. Analog කැමරා භාවිත කළ යුගයේ සිටම ඡායාරූප ගැනීම කළ නිසා, මම මීට වඩා හොඳ පින්තූර ටිකක් නම් බලාපොරොත්තු උණා.. 🙂 . කරුණාකර මෙය ඉතාම සුහදව පවසන බව සළකන්න. අපහාසයක් කිරීමට නොවේ. මොකද මට ඒ වටින අවස්ථාව ලැබුනේ නෑ. ඒ ගැන මම ඇත්තටම දුක් වෙනවා.
    2. ආලෝක පාලනය DSLR එකක තරම් කරන්න බැරි නිසා අවසන් product එකට Photoshop, Lightroom වගේ ටිකක් advance මෘදුකාංගයක් භාවිත කළා නම්, හිතේ තියන පින්තූරයට සෑහෙන පමණ ළං වෙන්න පුළුවන් වේවි.

    3. ඡායාරූප ගැනීමේදී වස්තු සංවිධානය (Composition) කරන විවිධ රීති ඇති බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ඒ ගැන ලියවුනු PDF වගේම ඕන තරම් youtube videos ඇත. ඔබ අළුත් දේ අසන, බලන, සොයන මෙන්ම කරන කෙනෙක් නිසා ඒ මගින් වැඩි දුර අධ්‍යනය කිරීමට පෙළඹෙනු ඇතැයි සිතමි. මන්ද ඡයාරූපකරණය යනු කැමරා භාවිතය ට එහා ගිය, තමන්ගේ පරිකල්පණය අවදි කරවන භාවනාවක් වැනි ක්‍රියාවලියක් බව මම විශ්වාස කරන නිසාය. ඔබ පින්තූර ගැනීමේදී සමබරතාවය සහ වස්තු සංවිධානය ගැන තවත් අධ්‍යනය කරන ලෙස යෝජනා කරමි.

    4. කැමරා බඩු ගෙවන්න ගන්න (installment plans) තැන් ඕනෑ තරම් ඇත. Camoron – බත්තරමුල්ල, Cameralk – කිරුලපොන, Camera-Hub – Liberty Plaza,කොල්ලුපිටිය වගේ තව ඕනෑ තරම් ඇත.
      HSBC වගේ විදේශීය credit card වලින් 20-30% දක්වා පොළී අනුපාතයකින් ද, සම්පත් වැනි දේශීය බැංකුවලින් 15-20% පොළී අනුපාතයක් යටතේ ද මෙය සිදු කළ හැක.

    5. ආපු එකේ නිකම්ම යන්න බැරි නිසා මම මගෙ පින්තූර තියන FB page එකත් Flicker page එකත් දාලා යන්නම්. 100% ම ප්‍රචාරය පිනිස නොවන බව සලකන්න.

    Mine –

    https://www.facebook.com/thilinapereraphotography
    https://www.flickr.com/photos/97529162@N02/

    For Composition rules –

    https://www.facebook.com/mendis.wickramasinghe.9/photos_albums
    https://www.facebook.com/mendis.wickramasinghe.9/media_set?set=a.3935843227218.2160378.1013948348&type=3

    මටත් තාම මගේම කියල කැමරාවක් නෑ. හැබැයි, ඉල්ලගන්න ඪ්Sළ්ර්‍ නම් තියනව. ඉඳලා ඉඳලා මාස දෙක තුනකට පාරක් වගේ මට ඒ අවස්ථාව ලැබෙනවා.

    Nikon D3200 එකට වඩා Canon 1100D එකක් ගනන් අඩුයි මම දන්න තරමින්.. (Less than 50 000/- I guess)
    Quality එක දෙකේම එකයි.

    • මම බලාපොරොත්තුවූ ආකාරයේ විවේචනාත්මක අදහස් දැක්වීමක් ඉදිරිපත් කිරීම පිළිබඳව මගේ ප්‍රණාමය ඔබට පිළිගන්වනවා. ඇත්ත කියලා දුන්නම, පෙන්නලා දුන්නම, තරහ වෙන්නේ මෝඩයෝ නේද?

      ඔබේ උපදෙස් යටතේ ක්‍රියා කරන්න ඉටාගත් බවත්, ඔබ මගේ අඩවියේ දමන පළමුවැනි කමෙන්ටුවම මට වැදගත්වූ බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ක්‍රෙඩිට් කාඩ් ඒකෙන් බඩු ගැනීමේදී දෙවරක් හිතන්නනම් වෙනවා. ඇත්තටම මට ක්‍රෙඩිට් කාඩ් එකක් නැහැ. මම අර අමතර ෆ්ලෑෂරය ගත්තෙ camaralk එකෙන්. කැනන් කැමරා ගැන හොයාබලන්නම්.

  7. Sathutui, wicharakathuma obe lipiya ma ibema athithayata genagiya!,Obathuma Chayarupa shilpayata adaraya karannekuda bawa denagenima.Oya mulma chayarupaye thiyena Box camara eka Agfa box ekak wagei penne.oya madiliyema Kodak box camara ekak Ma ipadimatath pera sitama mage piya sthuwa thibuna. (Den kriyakarithwaye nethath)Eya thawamath mage mawage niwase Thiyannaone.ohu eya colamba Millers eken milata gena thibune.Athithya sihiwee.hindukakuth denenawa.(Ranjan)

    • රන්ජන්, ඔබ ඉන්නේ ජර්මනියේ ඩසල්ඩෝෆ් නගරයේද? ඔබ කියන පින්තූරයේ තියෙන්නේ ඇග්ෆා කැමරාවක් තමයි. ඇත්තටම පැරණි සිහිවටන අපිට සතුටත් දුකත් දෙකම ඇතිකරනවා. ඔබේ මවගේ නිවසේ තිබෙන කැමරාව ක්‍රියාකාරී තත්වයට ගන්න පුළුවන් වෙයි අදාළ නිෂ්පාදිත රටට යවන්න පුලුවන්නම්. සමහරවිට ෆිල්ම් රෝල් වුනත් තවම ඇති විශේෂයෙන් ඇනවුම් කරලා ගන්න ආකාරයට.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  8. විචාරක තුමා යුධ ලිපියක් ලියපු ගමන් හැටේ දශකයේ පරණ බඩු ගැන ලිපියකට බහිනවා නේ.අවුලක් නෑ …විචාරක තුමා මල් කොල්ලෙක් නේ.මල්ම තමයි පොටෝ ගහල තියෙන්නේ 😀

  9. විචාරකතුමා මුලින්ම මම පුදුම වෙනවා මේ තරම් කැමරා තොගයක් එක්ක ඔට්ටු වෙච්ච කෙනෙක් කියල දැනගත්තම. මම ඔය රෝලිෆ්ලෙක්ස් කැමරාව දැකල විතරක් තියනවා අපේ පරණ ස්ටුඩියෝ එකේ. දැන් නං ඒවා කොහෙද දන්නේ නෑ.

    ඊළඟට මං ඔබතුමාට කියන්න කැමතියි D3200 කැමරාව වෙනුවට D3100 කැමරාවක් වෙත සිත් යොමන්න කියල. මොකද 3200 කැමරාව ගැන තිබෙන ප්‍රතිචාර එතරම් හොඳ නෑ. නොඑසේ නම් 5100 මොඩලය වුනත් හොඳයි කියා කියන්න පුළුවන්. නමුත් වටින්නේ ශිල්පියා මිස කැමරාව නොවන බව නං ඉතිං කියන්නම ඕනේ.

    ජායාරුප ශිල්පය ගැන ගොඩක් දේ යුටියුබ් හි වීඩියෝ විදියට අඩංගු වෙනවා. ඒ අතරේ මම බෙහෙවින් ප්‍රිය කරන අය කීප දෙනෙක් මම සඳහන් කරන්නම්. මේ අය ගැන සොයා බලන්න. ඒ අයගේ සැකසුම් ගැන සේයාරූ ගැන වීඩියෝ බලන්න. ඔබට ගොඩක් වැදගත් වේවි.

    Calvin Hollywood : http://500px.com/CalvinHollywood (මොහු ගේ ජායාරුප වගේම පසු සැකසුම් කලාව ඉතා ජනප්‍රිය එකක්,)

    Adrian Sommeling : http://500px.com/adrian_sommeling (මේ ජායාරුප එකතුකරමින් පසු සැකසුම් වලින් දක්ෂකම් දක්වන්නෙක්)

    Joe Buissink (http://www.joebuissink.com/main.php) මේ වයස 45 දී පමණ ජායාරුප කලාවට පිවිස දැනට බෙවර්ලි හිල්ස් හි සිටින වැඩිම මුදලක් අය කරන ශිල්පියා

    තුන්වනුව, මම ඔබතුමාගේ ආශාව ඉතා අගය කරනවා. ඉතා ඉහලින් සලකනවා. මොකද ඔබතුමා තවමත් සිතින් තරුණ ජවයෙන් මේවා ඉගනගන්නවා කිව්වාම ආසා හිතෙන්නේ නැද්ද? වෙනත් වැඩිහිටියෝ මට දැන් බෑ මං වයසයි කියල හිතන්නේ 45 පිරෙද්දී. ඒ අතින් ඔබ ඉතා ඉහලින් ඉන්නවා.

    • ඔබට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ ක්සැන්ඩර්. මට ඔබේ උපදෙස් ඉතාම වටිනවා. ඔබ කියන කැමරා මෝස්‌තර සහ නිකොන් සයිට් එකේ දකින්නට ලැබෙන තවත් කැමරා ගණනාවක් ගැන මම අධ්‍යයනය කරා. ඇත්තටම මට සල්ලි තියනවනම් ගන්නේ 5100 තමයි. නමුත් 3200 එකේ CMOS එකේ ඒ තරම් වරදක් නැහැ. බලමුකෝ සල්ලි ටිකක් හොයාගත්තොත්. ඔබ දී තිබෙන ලින්ක්ස් වලට ගිහින් බලන්නම්.

      ඔයා අහලා නැද්ද බණ කතාවක් තියනවා ඔන්න එක සාස්තර කාරයෙක් හිටියලු. එයා දැනගෙන හිටියලු එයා මැරෙන දවස. ඉතිං එදා එයාම වලක් කපලා ඒකට බැහැලා බුදියගත්තලු, ‘තව ටිකකින් මා මැරෙනවා මා දන්න ශාස්ත්‍රය අනුව’ කියලා. එතනින් යන්න ආව තව සාස්තර කාරයෙක් කිව්වලු, ‘ඔබේ ග්‍රහචාරය අනුව ඔබ මැරෙන්නේ අද නෙවෙයි හෙට’ කියලා. අර මිනිහා වලෙන් නැගිටලා අර සාස්තර කාරයා පස්සේ ගියාලු, ‘අනේ ඒ දැණුම මටත් දෙන්න’ කියලා. ඒ දැණුම අරගෙන එයා ජීවත් වෙන්නේ එක දවසයි. නමුත් දැනුමයි වැදගත්. මමත් අන්න එහෙම හිතන ‘පුංචි සාස්තර කාරයෙක්’ 😀

  10. බාලාන ගියාම ඔබතුමාත් ෆොටෝකාරයෙක් නොවැ.. මගේ බ්ලොග් එකේ සමහර පොස්ට් ඔබට මග අරුන බව මට හිතෙනවා. මැක්‍රෝ ගැන කියවුන ලිපිය සහ කැමරාවක් තෝරාගැනීම ගැන ඇති ලිපි කිහිපය නැවත බලන්න. ඒ වගේම ඡායාරුප ශිල්පයේ මුලිකම සිද්ධාන්තය වන ක්ෂේශ්ත්‍ර ගැමුර ගැන ඇති ලිපියත් කියවන්න.

    ඔබතුමා හැකිනම් එකවරම නිකොන් D 5100 කැමරාව ගන්න. මමත් භාවිතා කරන්නේ එය. ඉතාම හොඳයි. දැන් එහි මිල ඉතා අඩුයි. එමෙන්ම මේ ගැන දැනගැනීමට යමක් ඇතිනම් ඕනෑම වෙලාවක අමතන්න.

    • හැමවිටම කමෙන්ට් නොදමත් ඔබේ කැමරා ලිපි සියල්ලම මා කියවා තිබෙනවා. නමුත් ප්‍රායෝගිකව ඒවා කරන්නේ නැතුව අත්දැකීම් ලබාගන්න අමාරුයි. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කැමරාත් තිබිය යුතුයි.

      D 3200 24 MP, D 5100 16 MP කෝකද හොඳ? දෙකේ මිල අතර වෙනස රු 2000 ක් විතර. සල්ලි තමයි ප්‍රශ්නේ. සල්ලි හම්බවුනොත් නවතින්නේ D 7100 කට වැඩේ දීලා තමයි 😀

    • මේ කැමරා දෙකම බොහෝ සෙයින් එක හා සමානයි. පහත කාරනා කිහිපය ගැන අවධානය යොමු කරන්න.

      1) D5100 මොඩලයේ සෙන්සරය D3200 ට වඩා මදක් විශාලයි. D 3200:APS-C 23.2×15.4mm D5100:APS-C 23.6×15.6mm. මදක් හෝ වඩා විශාල සෙන්සරයක් තිබීම වාසිදායකයි.

      2) D5100 මොඩලයේ තිබෙන්නේ filp out screen එකක්. එය low/ high angle ෆොටෝ ගැනීමේදී සහ වීඩියෝ කිරීමේදී ඉතා වැදගත්.

      3) D5100 කැමරාව අඩු ආලෝකයේදී ඉහල ISO අගයන් භාවිතාවේදී අඩු noise එකක් දක්වනවා. Low noise at high ISO එය ඉතා වැදගත්.

      4) D5100 කැමරාව HDR පහසුකම සහිතයි.

      ඉහත කාරණා බැලුවහම D5100 කැමරාව වඩා හොඳ බව මගේ හැඟීමයි.

    • බොහොම ස්තුතියි ඒ තාක්ෂණික තොරතුරු වලට. එහෙනම් ඉතිං D 5100 ගැන කුරුමානමක් අල්ලමු නේද? 😀

  11. අංක 2, 4, 10, 11, 12, 18, 21, 22 නාභිගත කිරීම අතින් සාර්ථකයි අනිත් ඒවට වඩා!!
    ඒවගෙත්, සමහරක් හොඳ ආලෝක තත්වයක් තියෙනවා. අනිත් එව්වා නරකයි කියල නෙවෙයි කිව්වෙ, මම විශේෂයෙන් බැලුවෙ මුල ටික විතරයි. ඉතුරු ටික පස්සෙ හිමිහිට බලන්නම්, තුමනි!!!
    (සංස්කරණය සම්බනධයෙන් නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ. අනෙක් හැම දෙයක් සම්බන්ධයෙන්ම ඔබතුමාගෙ හැකියාවන් ඉහලයි. එහෙම එකේ, සංස්කරණය ගැන ඔබතුමා වැඩි උවමනාවක් නෑ වගේ.. නැත්නම් මීට වඩා හොඳ සංස්කරණයක් දකින්න තිබුණා)

    ඇහේ කලාව තියෙනවා කියලා පැහැදිලියි, තාක්ශණික අංග ටිකකුත් එකතු වුණානම් (මම දන්නෙත් නෑ හරියට. වෙනී අයියා එහෙම ඒවා ඉගෙනගෙන තියෙනවා. නිකමට අහලා බලන්න.) තවත් ලස්සන කරන්න පුළුවන් වෙයි.
    (මම මේ කියෙව්වට මමත් තවම මගේ කියලා කැමරාවක්වත් නැති මිනිහෙක්. එහෙන් මෙහෙන් අහුලාගෙන, එයාගෙන් මෙයාගෙන් අහගෙන, සහ, ඒවා මේවා ගලපාගෙන ඉගෙන ගන්න කෙනෙක් මමත්. තවම ඉන්නෙ මුල)

    28 නියමයි!!! 29ත් කලාත්මකයි!! මම කැමතිම ඒ දෙකට!!!!!

  12. ඔය නම් කල ඒවා අතරින් යශිකා 35 mm එකයිZoom Mate එකයි මං ලඟ තිබ්බ.. ඔව්ව්ට මං කප්පරක් සල්ලි යට කරන්න ඇති. අර zoom mate එකේ ශ්ටර් මිකැනිස්ම් එක කැඩුන දා මට එපා උනා හදන්න ගිය ගාන නිසා. ඒක තාමත් මාලඟ තියෙනවා .. ගමනක් යනවානම් අතිරේක බැටරි උස්සන් යන්න උනා ඒකට. කොච්චර කැමරා පාවිච්චි කලත් මට නම් අහම්බෙන් හරියට ආ පින්තූරයක් විතරයි … හික්ස්ස්. Just aim and shoot ! That’s me !!

    • යශිකා 35 ඒකනම් නියම කැමරාවක්. ඇත්තටම ඉතා උසස් තත්වයේ පින්තූර ගන්න පුළුවන් අද වුනත් තියනවනම්. Zoomate එක මටත් එපාවුනේ ඔබ කියලා තියන කරුණු නිසාමයි.

      සමහර අහම්බෙන් වදින පින්තූර තියනවා, කියලා වැඩක් නැහැ, තත්වය හරිම ඉහලයි.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  13. මම ලියපු ඩග්ලස් කැම්බල් මහතා ගැන සදහන් වෙන ලිපියෙ එතුමා පාවිච්චි කල කැමරා පිළිබදවව සටහන් උනා. වෙලාවක නැවත විමසා බලන්න…ඔබතුමා සමහර විට ඒවා පාවිච්චි කර තිබෙන්න පුලුවන්. ඡායාරූප සමගම ගොඩාක් වෙලාවට වෘත්තීයමය වශයෙන් මට වැඩ කරන්න සිදු වෙනවා…මමත් ඉතාම ආසයි ඡායාරූප කරණයේ යෙදෙන්න…දැනට ජංගම දුරබණුවෙ පිහිටෙන් තමයි ෆොටෝ එකක් ගන්නෙ…මගේ මලයා ලග වෘත්තීයේ මට්ටමේ කැමරා තිබුනත්, ලංකාවෙ හිටිය කාලෙ ඒවායෙන් ඡායාරූප ගන්න හැටි ඉගෙන ගන්න උනන්දුවක් තිබුනෙ නෑ. විචාරක තුමාගෙ උත්සාහය අගය කරනවා…ගෙදර මිදුල හරියට මල් වත්තක් වගේ නොවැ….සත්තු වත්තට මම නම් ආයෙ කිසිම දවසක යන්නෙ නෑ. ඒ සතුන් විදින දුක මගේ හදවතට බරක්…

    • බොහොම ස්තුතියි සිරා. මට මතකයි ඔබේ ඒ ලිපිය. නැවත කියවා බලන්නම්. සිරා දන්නවද අපි පුංචි කාලේ කැමරාවකට ෆිල්ම්රෝලක් දාගන්න පුළුවන් ඩාක්රූම් එක ඇතුලෙදි විතරයි. ඉතිං ස්ටුඩියෝ එකෙන් ෆිල්ම්රෝලක් අරං එතනටම දෙනවා දාලා දෙන්න කියලා. ඒ කාලේ ෆිල්ම් රෝල කඩදාසි පටියක අලවලා තිබුණේ.

      සතුන් වත්ත අන්තයටම පිරිහිලා. කූඩු ජරා වෙලා. බලන්න එච්චර දෙයක් නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: