විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Luck & Fuck   හැම දෙනාටම තියනවනේ ප්‍රතිපත්ති කියලා ජාතියක්. එව්වා ඉතිං එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. එක සමාන ප්‍රතිපත්තියේ ඉන්න අයත් සෑහෙන්න ඉන්නවා. නමුත් සියුම්ව බැලුවම, ඒ ප්‍රතිපත්ති වලත් වෙනස්කම් තියනවා. ලෝකේ හැටි එහෙමනේ. අෂ්ඨ ලෝක ධර්මය අනුව ඔව්වා ඔහොම තමයි.

   හැබෑටම ඔයා කැමති දාලා බලන්නද? බලලා දාන්නද? හොඳට මතකතියාගන්න මෙතන බලලා කිව්වේ, බළලා කියන සත්වයාට නෙවෙයි. ‘බැලීමෙන් පසු’ කියන අර්ථයෙන්. මම නම් දාලා තමයි බලන්නේ………….. මොකද හිතන්නේ?…………… ඒ වැඩේ අනතුරුදායකයි කියලා හිතනවද?………… තවමනම් මට අනතුරක් වෙලා නැහැ. අනාගතේදී ඉතිං කොහොම වෙයිද කියන්නත් බැහැ. අනතුරක් කොහොම වෙතත්, මතභේද නම් ඇතිවෙලා තියනවා, මගේ ඔය දාලා බැලිල්ල නිසා. මතභේද ඉතිං දාලා බැලුවත් ඇතිවෙනවා, බලලා දැම්මත් ඇතිවෙනවා. මිනිස්සු අතරේ ඉතිං මතභේද හැමදාම තියනවනේ.

   මිනිස්සුන්ට මොන කාරණේදීද මතභේද හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම හැම වෙලාවේම දාලා බලන්න පුරුදුවෙලා තියෙන්නේ හැකිතරම් මතභේද අඩු කරගන්නයි. මොකද එක අතකට බලනකොට දැම්මොත් දැම්මා. ආයේ වැනිල්ලක් නැහැ. දැමීමේ වගකීම මගේ අතේනේ තියෙන්නේ. දැම්මට පස්සේ කවුරු මොනවා කිව්වත් මට කමක් නැහැ මම දාලා ඉවරයිනේ. හැබැයි මගේ ප්‍රතිපත්තියේම ඉන්න අයත් සෑහෙන පිරිසක් ඉන්න බව මම දැකලා තියනවා. අරයා දැම්මද? මෙයා දැම්මද? එයා අද දායිද? හෙට දායිද? කියලා නිකං අන්ද මන්ද වෙලා, එකෙල මෙකෙල වෙලා, නිනව් නැතිවෙලා, ඉන්ඩ ඕනෙ නැහැනේ. ආවා, දැක්කා, දැම්මා. එච්චරයි. පස්සේ ඉතිං ඔය අරයා මෙයා කියන ඒවා ගැන සළකා බලන්න පුළුවන්. හැබැයි ඉතිං, මම දැම්මේ මෙන්න මේ හේතු කාරණා නිසයි කියලා, පැහැදිළිව කියන්න පුළුවන් වෙන්නත් ඕනෙ. නිකම්ම නිකං ඔහේ දැම්මා කියලා කියන්න බැහැනේ.

   ඉතිං ඔයත් කියන්නකෝ, බ්ලොග් කමෙන්ට් දැමීමේ ඔයාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. මමනම් කරන්නේ ලිපිය කියවනවා. දිග වැඩිනම්, එක්කෝ නැවත කියවනවා. බැරිනම්, වෙලාවක් නැත්නම්, පසුව කියවනවා. නමුත් මගේ කමෙන්ට් එක දාන්න කලින්, කවදාවත් මම අනික් අයගේ කමෙන්ට් කියවන්නේ නැහැ. ඒකයි කිව්වේ, ‘මම නම් දාලා තමයි බලන්නේ’ කියලා. මම අනික් අයගේ කමෙන්ට් කියවන්නේ, මගේ කමෙන්ට් එක දැම්මට පස්සෙයි. ඊට පස්සේ අනික් අයගේ කමෙන්ට් කියවලා, ඒ ඒ තැන් වලට අදාළවන අදහස් තියනවනම්, පිළිතුරු ලෙස දානවා. දවසකට විතර පස්සේ ආයෙත් ඇවිත් බලනවා, මොනවද වෙලා තියෙන්නේ කියලා. මගේ ප්‍රතිපත්තිය ගැන මා සෑහීමකට පත්වෙනවා. කොහොමද ඔබ?

my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 02 වැනි දින 2204 පැය

Advertisements

Comments on: "දාලා බලනවද? බලලා දානවද? – What’s Your Policy" (22)

  1. Onna daalama baluwa
    😀

  2. dalama balana eka thamai honda…….prayogikai neda….

  3. මම නම් හිතන්නේ කමෙන්ට් 1ක් බ්ලොග් එකක දාන්න කලින් පොස්ට් එක අඩුම දෙපාරක් කියවන්න ඕන.

    සාමාන්‍ය මාතෘකාවක් නම් තමන්ගේ කමෙන්ට් එක අනිත් අයගේ කමෙන්ට් කියවල දැම්මත් කමක් නෑ.

    සාකච්චාවකට ලක්වෙන මාතෘකාවක් නම් අනිත් අයගේ කමෙන්ට් කියවන්නේ නැතුව පොස්ට් 1 පිළිබද තමන්ගේ අදහස කමෙන්ට් කරන්න ඕන.(නැත්නම් අනිත් අයගේ අදහස් නිසා තමන්ගේ අදහස විකෘති වෙනවා).

    ඊට පස්සේ අනිත් අයගේ කමෙන්ට් පිලිබදව තමන්ගේ අදහස දල ඒවාට reply කමෙන්ට් දාන එක හරි.

    එහෙම බැලුවම විචාරක තුමාගේ ක්‍රමය හොද ප්‍රයෝගික ක්‍රමයක්.

    • අනික් අයගේ කමෙන්ට් වලින් මගේ අදහසට බලපෑම් එල්ල වෙන්න කලින් මගේ අවංක අදහස කියලා ඉන්න එක හොඳයි. දෙවනුවට මතුවන තත්වයන්ට ඒ ඒ අවස්ථාව අනුව මුහුණ දීම තමයි හොඳ.

  4. මමත් විචාරක තුමාගේ ක්‍රමේ තමයි. පොස්ට් එක කියවලා මගේ කොමෙන්ට් එක දානවා. ඊට පස්සේ තමයි අනිත් අයගේ කමෙන්ට් කියවන්නේ. ඒ වගේම සබ් කරනවා එතකොට ඊමේල් වලින් අනිත් කමෙන්ට් බලාගන්න පුළුවන්.

  5. මම ඉස්සර කලෙ බලල දාන එක.හැබැයි එකෙදි සමහර වෙලාඅවට අපෙ එක මොකක්ද කියල අමතක වෙනව බලල ඉවරවෙනකොට.එකනිසා දැන්නම් කියවගෙන යනකොටම හිතෙන එවා කොටල අන්තිමට දානව.එතකොට දිග එකක් වුනත් සියල්ල කැටිවුන එකක් අන්තිමට දාගන්න පුලුවන්.නැත්තම් අනිතිමට තිබුන එකට විතරයි දාන්න වෙන්නෙ.හෙනම් ඔන්න අපිත් දැම්ම.ජයවෙවා.

  6. මම නම් කරන්නේ ඉස්සෙල්ලම අනිත් අයගේ කමෙන්ට් කියවන එකයි. සමහර විට මම අහන්න හිතපු එක වෙන කෙනෙක් අහලා තියෙන්න පුළුවන්නේ.
    බලලා දාන එක තමයි හොද 🙂

    • ඔව් සමහර අය කරන්නේ එහෙම තමා. නමුත් මම හිතන්නේ එහෙම කලාම මගේ අදහස ස්වාධීනව කියාගන්න බැරි වෙනවා කියලයි. ඒ නිසයි අනික් අයගේ කමෙන්ට්ස් නොබලා මගේ අදහස කියන්නේ.

  7. Onama eka dala na ne:->

    ko tanki? Lipiya

    athatama dala amaruwe waticha ekak gana post ekak dana adahasak awe nadda

    • ටැංකි ලිපිය කොටස් හතරකින් ලියා අවසාන කළා. Older Posts වලට ගිහින් බලන්න.

      අපි දන්න සමහර සම්පූර්ණ ඇත්ත කරුණු ලිව්වොත්, සුදු වෑන් විතරක් නෙවෙයි, සුදු ප්ලේන් පවා එන්න ඉඩ තියනවා. 😀

  8. මේ ලිපිය කියවලා හරි අමාරුවක වැටුනේ. වඩා හොඳ බලලා දාන එක ද නැතිනම් දාලා බලන එක ද කියා තවමත් හිතමින් ඉන්නෙ.මා අතින් බලලා දාන එකයි දාලා බලන එකයි දෙකම වරින් වර සිදුවෙනවා.

  9. මම නං කරන්නේ අන් මත ගැනත් කියවාගෙන එන ගමන් කමෙන්ට් එකක් දාන්න හිතුනොත් දමන එක. නමුත් එහෙම කියල මම කියන්න ආපු දේ වෙනසක් වෙනවා නං ඒ ඉතාම සුළු ප්‍රතිශතයක් විතරයි. ඒ වෙන්නෙත් අදාළ අවස්තාව මත. ඒ කියන්නේ බ්ලොග් එකක් වේවා කතා බහක් වේවා ඕනෑම ස්ථානයක පවතිනා තත්වය (උණුසුම්කාරී අවස්ථාවක්, නිහඬ බවක් හෝ අදහසක් ගැන සාකච්ජා කරන ගමන් වැනි) මත මගේ ප්‍රතිචාරය යම් පමණකින් වෙනස් වන්න පුළුවන්. නමුත් ඒ හැර මගේ අදහස වෙනස් වන්නේ නෑ. ඒ කියන්නේ කියන දේ හරය එකයි, කියන විදිය වෙනස්.

    • අනික් අයගේ අදහස් නිසා අපේ අදහස් වෙනස් කරගැනීමට මමත් කැමති නැහැ. අපි ස්වාධීනව අදහස් දැක්වීම තමයි හොඳ. ඔබට තියෙන්නේ හොඳ ප්‍රතිපත්තියක්.

  10. මම ඔය දෙකම කරනවා. ඒත් විචාරක කියන ක්‍රමයට වඩාත් කැමතියි. ඒ මොකද මගෙ මතේ කිව්වම හිත නිදහස්.. ඊට පස්සෙ වෙන දෙයක් වෙයි.. ඔහොම ලියන්න ගිහින් මට දෙතුන්දෙනෙක් පාඨකයින් නම් නැති උනා.

    • හරියටම හරි. අනික් අය මොනවා කියලා තිබුනත් ස්වාධීනව හිතලා මම කියන දේ කියලා හිටියම ඉවරයි. තව කෙනෙක් ඒ විදිහටම කියලා තිබීම එයාගේ නිදහස. මම ලියන්නේ මට හිතෙන දේ.

  11. මම නම් ලිපිය කියවනවා. කියවල ඉවර වෙනකොට යම් අදහසක් ලැබෙනවනේ. ඊට පස්සේ කොමෙන්ට් ටික බලාගෙන යනවා. අන්තිමට මගේ අදහස දානවා. හැබැයි කොච්චර කොමෙන්ට් බැලුවත් මගේ මුල් අදහස තමයි දාන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: