විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


centurion-main-battle-tank-2  ටැංකි කිව්වම ඉතින් අපේ මතකයට එන්නේ ඔය එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන ටැංකි වර්ගනේ. ඒ කියන්නේ ගෑස් ටැංකි, වතුර ටැංකි, ඉන්ධන ටැංකි, වගේ දේවල්. මොකද ඒවා තමයි අපේ ජීවිතයට සමීප. නමුත් අපේ ජීවිතය තීරණය කරන ටැංකිත් තියනවා. එක අතකට අර කියපු ටැංකිත් අපේ ජීවිතය තීරණය කරනවා තමයි. මොකද වතුර බිල, ලයිට් බිල, ඉන්ධන මිළ, ගැන සළකා බැලුවම, අපේ ජීවිත කොයිතරම් තීරණාත්මක තත්වයට පත්වෙනවද? පාරේ කොච්චර වාහන ගියත් ටැංකිය පිරෙන්න ඉන්ධන ගන්නේ ඒ වාහන හිමියන්ගෙන් කීයෙන් කී දෙනාද? දිනපතා මෝටර් බයිසිකල් පාවිච්චි කරන අයනම් ඒ බව හොඳට දන්නවා. මොනවා කරන්නද? රටේ ආර්ථිකයට අනුව හැඩගැහෙනවා මිසක්. නමුත්, මේ චූර්ණිකාව ඔබවෙත ගෙනාවේ, ජීවිතයවත් ආර්ථිකයවත් ගැන කියන්න නෙවෙයි. භයානක මෙන්ම, යුද්ධයක තීරණාත්මක යුද අවියක් වන, යුද්ධ ටැංකිය ගැන කියන්නයි. කැමතිද දැනගන්න? එහෙනම් දිගටම කියවන්න. යුද්ධ ටැංකි ගැන ලිපියක් ලියන්න කියලා ඉල්ලීම් ආවේ දැනට සෑහෙන කලකට ඉහතදී. නමුත් නොයෙකුත් හේතු නිසා ඒ ඉල්ලීම ඉටු කිරීම ප්‍රමාද වුණා. ඔන්න අද ඒ ඉල්ලීම ඉටුකරණවා.

  ඔබට මතක ඇති මා මීට ටික කලකට පෙර, කාලතුවක්කු ගැන ලිපියක් ලිව්වා. මා එහිදී සඳහන් කළා, මා කාලතුවක්කු හමුදාවට අයත් නිළධාරියකු නොව, පාබළ නිළධාරියකු බවත්, කෙසේ වෙතත් මා සතු දැණුමෙන්, කාලතුවක්කු ගැන ඔබට යම් සතුටුදායක අවබෝධයක් ලබාදියහැකි බවත්. දැන් මේ යුද්ධ ටැංකි ගැන කියනකොටත්, ඒ ටිකම තමයි මුලින්ම කියන්නට තියෙන්නේ. මා අයිති, යුද්ධ ටැංකි පාවිච්චි කරන, සන්නාහ සන්නද්ධ බලකායට නෙවෙයි. (Armoured Corps) නමුත්, යුද ටැංකි ගැන මා සතු දැණුමෙන්, ඔබට යම් සතුටුදායක දැණුමක් ලබාදෙන්නම්.

  හැමදාම වගේ පුංචි කතන්දරයකුත් කියලම ඉන්නද? ඉස්සර අපේ රටේ හිටිය රාජ්‍ය නායකයකු, බොහොම සාම්ප්‍රදායිකව හැදුනු වැදුණු, නියම සිංහලයෙක්. එතුමා තම මෘදු ගතිගුණ නිසාත්, අල්පේච්ඡතාව නිසාත්, ප්‍රසිද්ධයි. රාජ්‍ය නායකයා වුනත්, ගමේ ගියාම, සරමක් ඇඳගෙන, ඔලුවේ සුම්බරයක් බැඳගෙන, ඉස්සර වගේ තමන්ගේ කුඹුරු බලන්න, පාන්දරින්ම ටිකක් ඇවිදින්නත් එතුමා අමතක කළේ නැහැ. ඒ වෙලාවට, තමන්ගේ ආරක්ෂාවට ඉස්සරහින් පස්සෙන් එන්න හදන ආරක්ෂකයන්ට, බැනලා පන්නගන්නවා ‘මට නිදහසේ ඉන්න දීපියවූ’ කියලා. මේවා සම්පූර්ණ ඇත්ත තොරතුරු.

  0000-ctank_2අපේ රටට ලොකු යුද්ධ ටැංකි (පස්සේ විස්තර කියන්නම්) ගෙනාව කාලේ, එක්තරා කඳවුරකදී, එතුමාට ඒවා පෙන්නුවා. බොහොම සතුටෙන් ඒවා නිරීක්ෂණය කළ එතුමා, ‘මේවගෙන් හොඳ පිට්ටනි දෙක තුනක් කපාගන්න වුනත් පුළුවන් නේ’ කියා එහි සිටි හමුදා ප්‍රධානියකුගෙන් ඇහුවා. ඉතින් ඒ හමුදා ප්‍රධානියා, බොහොම කාරුණිකව තේරුම් කර දුන්නා, පෙණුමෙන් බුල්ඩෝසර වල මෙන් දෙපැත්තේ ‘ට්‍රැක්’ සවිකර තිබුණත්, මේවා බුල්ඩෝසර් නොව යුද්ධ ටැංකි බවත්, බුල්ඩෝසරයක මෙන් පස් කපන තලයක් මෙහි නැති බවත්. මේ කොටසනම් ඉතින් පොඩි ප්‍රබන්ධයක් හොඳේ.

  හොඳයි, ඉතින් දැන් මොනවද දැනගන්න ඕනේ? යුද්ධ ටැංකියකින් යුද්ධ කරන හැටිනේ දැනගන්න ඕනේ? අනේ මන්දා, අන්ධයාට කිරි ගැන කියලා දුන්නා වගේ වෙයිද දන්නේ නැහැ අන්තිමට. හරි හරි, බලමුකො කොහොම කොහොම හරි ටික ටික කතාව ඉදිරියට අරන් යන්න. හැබෑටම මොකද මිනිසාට හිතුණේ මේ යුද්ධ ටැංකිය කියලා දෙයක් හදන්න? ඒකත් රසවත් කතාවක්. අපි හොයලා බලමුද යුද්ධ ටැංකියේ ඉතිහාසය? මොකද අනේ මේකට ‘ටැංකිය’ කියන්නේ? ඔන්න ඇහුවා කතාවක්. මතකද කාලතුවක්කු ගැන කියද්දීත්, මොකද ඒකට කාලතුවක්කුව කියන්නේ කියලා ඇහුවා? ටැංකිය යනුවෙන් මෙය හඳුන්වන්නට හේතුවී තිබෙන්නේ මෙහි ක්‍රියාකරු කණ්ඩායම, (crew) මෙහි ඇති, ටැංකියක් වැනි හැඩයේ කොටස තුළට බැස, තම සංග්‍රාමික කාර්ය භාරයේ යෙදෙන නිසායි.  සංග්‍රාමික කාර්යයේදී පමණක් නොවෙයි, සිය ජීවිත කාලය පුරාම මිනිසාට නවමු අදහස් පහළ වෙනවා. මෙයත් එවැනි නවමු සංකල්පයක්.

  හැබැයි මුලින්ම මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කල තැනැත්තා ලෙස සැලකෙන්නේ විශ්වකර්ම චින්තක, ලියනාඩෝ ඩා වින්සි නමැති, නවීන විද්‍යාවේ ඍෂි වරයායි. ඔහුගේ සංකල්පය අනුව සැකසු ආකෘතියක් තමයි, මේ පහළ පින්තූරයේ තිබෙන්නේ. නමුත් එය ප්‍රායෝගිකව පාවිච්චි කරලා නැහැ. ඔහුට කරන ගෞරවයක් ලෙස සකසා ප්‍රදර්ශණය කරන්නක්. මෙය ප්‍රංශයේ සුවිශේෂ ස්ථානයක තැන්පත් කර තිබෙනවා.

Da Vinci Tank At Amboise

  ‘තම සිරුර සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා කරගන්නා අතරම, යුද භූමියේ පයින් ගමන් කරන සොල්දාදුවකුට වඩා වැඩි වේගයකින් ගමන්කර ප්‍රහාර එල්ල කරන්න ක්‍රමයක් තියනවානම් හොඳයි’  කියන අදහස තමයි යුද්ධ ටැංකිය බිහිවීමේ මූලික සංකල්පය.

  ඉතින් ඔය සංකල්පය දිගේ සිය චින්තනය මෙහෙයවූ මිනිසා විසින් නිපදවන ලද මුල්ම සන්නද්ධ රථය තමයි මේ පහළින් තියෙන්නේ. 

Simms Motor Scout 1899

 
  මොකද හිනාවෙන්නේ? හිනාවෙන්න එපා. දන්නවද කොයි කාලේද මේක හදලා තියෙන්නේ කියලා? 1899 දී. ඉතින් ඒ කාලේ හැටියට මදිද මේ වගේ නිර්මාණයක්. මෙය හඳුන්වන්නේ Simms Motor Scout කියලයි. මෙය රෝද හතරක් සහිත යාන්ත්‍රිකව ධාවනය වන රථයක්. ඔබට පෙනෙනවා ඇති පසුපස රෝද දෙක අතර තියන කුඩා එන්ජිම. ක්‍රියාකරුගේ ආරක්‍ෂාව සඳහා ඝන යකඩ තහඩුවක්, (දැන් කාලේ සමහර පොලිස් මෝටර් සයිකල් වල ඇති වා මුවාවෙ හැඩයට) සකසා, රථයේ ඉදිරිපසින් සවිකර ඇති අතර, ලොකු මැෂින් තුවක්කුවක් ද මේ රථයට සවිකර තිබෙනවා. යකඩ තහඩුවේ ඇති කුඩා කවුළුවකින් තමයි ක්‍රියාකරුට ඉදිරි භූමිය පෙනෙන්නේ. සයිකලයේ හැඬලය හරවන පැත්තට තුවක්කුවත් හැරෙනවා. ඉදිරිපස රෝද දෙක මැද පතරොම් පෙට්ටියක් තියනවා. පතරොම් වැල එහි සිට තුවක්කුවට සම්බන්ධ වෙනවා.

  යුද්ධ ටැංකි නිපදවීමට බලපෑ තවත් සාධකයක් වන්නේ යුද අගල්. මොකක්ද යුද අගලක් කියන්නේ? කිසියම් භූමියක දීර්ඝ කාලයක් සටන් පවතින විට පාබල හමුදා සොල්දාදුවන් විසින් යුදබිමේ ලොකු කාණු විශේෂයක් සකස් කරනවා. ඒ කාණුවට බැහැගත්තාම එහි සැඟවී සිට, ඉදිරි භූමිය නිරීක්ෂණය කරන්නත්, සතුරු වෙඩිවලින්, බෝම්බ වලින්, අවම තුවාල ලබා බේරී සිටින්නටත්, හැකියාව ලැබෙන අතරම, ඉදිරියට පැමිණෙන සතුරා නිරීක්ෂණය කර, පහර දෙන්නටත් හැකියාව ලැබෙනවා. මේ බලන්න යුද අගලක හැටි.

a001326

german-trench

   මේ වගේ යුද අගල් තිබෙන භූමියක් හරිම භයානකයි. මේ අගල් යුද භූමිය පුරා විහිදී තිබෙන නිසා සතුරා කොතන සැඟවී සිට පහර එල්ල කරයිද කියලා හිතාගන්න අමාරුයි. අනික මේවා හරියට පිටකොටුවේ හරස් වීදි වගේ තමා විහිදෙන්නේ. මෙන්න මේ නිසා මේ තත්වය මැඩගෙන, තම භටපිරිස් ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට යන්න, බලගතු වහනයක් සෑදිය යුතුයි කියන සංකල්පයත්, යුද්ධ ටැංකිය නිපදවීම කෙරෙහි බලපෑවා.

Caterpillar_experiment_21_Fevrier_1916

බුල්ඩෝසරයක් යුද අගලක් හරහා යන හැටි

   අද කාලයේදීත්, සතුරු යුද්ධ ටැංකි තමන්ගේ ප්‍රදේශයට එන එක වළක්වාගන්න යොදන එක උපක්‍රමයක් තමයි, යුද්ද ටැංකියක් වැටුනොත් ගොඩ එන්න බැරි තරම් පළල, ගැඹුරු, කාණු, යුදබිමේ කැපීම. එව්වා ඉතිං කාණු නෙවෙයි, මහා පතන්දර අගල්. එතකොට කොහොමද එව්වා හරහා යන්නේ? හෙහ් හෙහ්…………. කාණුවකට බයවෙලා ආපහු හැරෙන්ඩද කියන්නේ? එව්වට විසඳුම් තියනවා. යේක යෙල්ටීටීඊ අයියලා ඉත්තුවා, කාණු කප්පලා, පෂ් බෙමි හද්දලා, යෙප්පිලාගේ ටෙංකි යෙන්ඩ තෙන්නේ නේ කියලා. පුහ්…..එව්වා කොහෙද අපිත් එක්ක. කාණුවකින් නෙවෙයි, පොඩි ඔයකින් ගඟකින් වුනත් එගොඩ වෙන්ඩ, ‘ටිරිකිස් වැඩ’ තියනවා. කියනවට වඩා ලේසියි පිචැර්ස් එකකින්ම පෙන්නන එක. ඔං බලාගන්ට මොකෑ වෙන්නේ කියලා.

මීටත් වඩා දියුණු එව්වා දැන් තියනවා. අපේ හමුදාවේත් එව්වා තියනවා. 

   යුද්ධ ටැංකි සංකල්පය ඉතා අගනා බවත්, එයින් විපුල ඵල ප්‍රයෝජන ගතහැකි බවත් වටහාගත් මිනිසා, යුද්ධ ටැංකි නිපදවීම් එදා සිට අද දක්වාම කරගෙන එන අතර, දැන් දැන් එය අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබෙනවා. ලෝකයේ ඕනෑම යුද්ධායුධයකට එරෙහිව වෙනත් ආකාරයේ යුද්ධායුධ නිපදවෙන නිසා, යුද්ධ ටැංකියටත් සතුරන් ඉන්නවා. ඒ තමයි ලොකුම අභියෝගය. සමහර නවීන අවි වලින් සන්නද්ධ තනි පුද්ගලයකුට පුළුවන්, යුද්ධ ටැංකියක් විනාශ කරන්න. අපි ඒ ගැන පස්සේ බලමු. මුල්ම කාලයේ නිපදවුණ යුද්ධ ටැංකි ගැන තවත් විස්තර දැනගන්න ඔබ කැමතිවෙයි. මේ තියෙන්නේ එවැනි පළමුවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේවා සියල්ලක්ම පළමුවැනි ලෝක යුද සමයටයි අයිති. 

Levavasseur_project

යුද්ධ ටැංකියක් කියන්නේ, මෙන්න මේ වගේ දෙයක් කියන එක, 1903 වර්ෂයේදී, ප්‍රංශයේදී, චිත්‍රයකට නැගුනේ, මෙන්න මේ ආකාරයටයි.

1280px-Artillery_tractor_in_France_Vosges_Spring_1915

මේක නම් යුද්ධ ටැංකියක් කියන්න බැහැ. 1915 දී නිපදවන ලද, රෝද වෙනුවට ‘ට්‍රැක්’ මගින් ධාවනය වන මේ ට්‍රැක්ටරය, යොදාගෙන තිබෙන්නේ, කාලතුවක්කුවක් ඇදගෙන යාමටයි. ඒ නිසා, එක්තරා ආකාරයකින් මෙය, ‘සන්නද්ධ රථයක්’ කියා කියන්නට පුළුවන්.

Boirault_machine_underway

මොකද්ද මේ යකඩ ගොඩ? ෆුහ්……..මේකත් යුදබිමේ යන්න හදපු වාහනයක් තමයි. ඔය යකඩ රාමුව පටියක් වගේ කැරකෙනවා, අර මැද කොටස වටා. මැද කොටසේ තමයි ක්‍රියාකරු සහ ‘මගීන්’ ඉන්නේ. 1914 දී සැලසුම් කොට 1915 දී ප්‍රංශයේදී නිපදවන ලද මෙම සන්නද්ධ රථය හැඳින්වූවේ, ‘බොයිරෝල්ට් මැෂින්’ යනුවෙන්.

Fortin_Aubriot_Gabet

සාමාන්‍ය ට්‍රැක්ටර් චැසියකට, ලෝහ ආවරණ තහඩු සවිකර නිපදවා ඇති මේ සන්නද්ධ රථය, කලින් පෙන්වූ ඒවාට වඩා තරමක් ඉදිරියෙන් තිබෙනවා. (වර්ෂය 1915)

Breton-Pretot_machine

මේ යන්ත්‍රයට කියන්න වෙන්නේ ‘වැටවල් කඩන්නා’ කියලයි. හොඳට බලන්න, මේකත් වැඩි දියුණු කල ට්‍රැක්ටරයක්ම තමයි. මේකෙන් කරන්නේ ඒ කාලේ යුදබිමේ තිබුණු, කටුකම්බි වැටවල් කඩාගෙන ඉදිරියට යන්න, පාබල හමුදාවට උදව් කිරීමයි.

Frot_Laffly_28_March_1915

මේකත් මහ සද්දන්ත එකක් කියලා පෙනෙනවා නේද? ඒ කාලෙටනම් හොඳයි. යන්නේ ගොලුබෙලි වේගෙන්. හසුරවන්න අමාරුයි. ‘ගොඩබිමේ යුද්ධ නැව’ කියන නමින් හඳුන්වලා තියෙන්නේ. නිපදවලා තියෙන්නේ 1915 දී.

Westfront, deutscher Panzer in Roye

මේක නම් තරමක් දියුණු සන්නද්ධ රථයක්. ජර්මන් නිෂ්පාදනයක්. 1917 දී පමණ.

FT_17

 මෙන්න මේක නම් යුද්ධ ටැංකියක් කියලා කියන්න පුළුවන්. FT 17 යනුවෙන් හැඳින්වුණු මේ යුද්ධ ටැංකිය 1916 දී රේනෝ (අපි රෙනෝල්ට් කියන්නේ) සමාගම විසින් ප්‍රංශයේදී නිපදවන ලද්දක්.  

   ඉතිං ඊට පස්සේ……….? ඔව්, ඉතිං ඊට පස්සේ…… කියන එක මහා දිග කතාවක්. එක ලිපියකින් කියන්න අමාරුයි. අපි ටිකෙන් ටික ඉදිරියට යමුකෝ ඊට පස්සේ මොකද වුණේ කියලා බලන්න.

my-signature-for-blog[1]   2014 ජූලි මස 27 වැනි දින 2320 පැය

Advertisements

Comments on: "අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (පළමුවැනි කොටස) The Battle Tank (Part One)" (18)

  1. ලිපිය නොකියවා මුල්ම යුද ටැංකිය දුටු ගමන් චාලි චැප්ලින් වත්ද මේ යි සිතෙද්දී ඔබේ ලිපිය කියවාගෙන ගියේ. හරිම වටිනා දුර්ලභ දැනුමක් !

  2. නියම මාතෘකාවක් තමයි පටන් අරගෙන තියෙන්නේ. බොහොම ස්තූතියි ඔබතුමාට මේ ගැන අපිට කියලා දෙනවට.
    වා මුවා කියන එකේ තේරුම හරියටම දැන් තමයි මම දැනගත්තේ . . . .

    • වා මුවාවට ඇමරිකාවේදී කියන්නේ wind shield එංගලන්තෙදි කියන්නේ wind screen හැබැයි එංගලන්තෙට තමයි භාෂාවේ අයිතිය තියෙන්නේ.

  3. දිමුත් said:

    ඔය බැහැල තියෙන්නෙ එළකිරි මාතෘකාවකට.බොහොම සතුටුයි මෙවැනි ලිපියක් ලිවීම පිළිබඳව.ඉතිරි කොටසුත් ඉක්මනින් දාන්න.

  4. ක්සැන්ඩර් said:

    ඩී බී විජේතුංග ජනාධිපතිතුමා කටක් ඇරලා උතුමාණන් කියල කියන්න පුළුවන් වර්ගයේ සරල නිරහංකාර මනුස්සයෙක්. ඒ ගැන නං කතා දෙකක් නෑ.

    ඔය යුද්ධ ටැංකි ගැන කියද්දී මට මතක්වෙන්නේ අපේ අම්මව. අම්ම පොඩි කාලේ ගේ ඉස්සරහින් යනවලු දියතලාවේ ඉඳල යුද්ධ ටැංකි එහෙම, ඒ කියන්නේ ආමඩ් කාර් කියන වර්ගය වෙන්න ඕනේ මම හිතන්නේ. ඒකෙ උඩින් කෙනෙක් ඉඳගෙන යනවලු සැලියුට් එකක් එහෙම ගහගෙන. එලවන කෙනෙක් පේන්න නෑ ලූ. අම්ම අපේ ලොකු අත්තාගෙන් අහල “අප්පච්චි ඔය මනුස්සය කොහොමද ඕක එලවාගෙන යන්නේ තනි අතින්?”

    • අනේ උන්නැහේ තරම් නිරහංකාර ගැමි නායකයෙක් අපේ ඉතිහාසයේ තවත් ඇද්ද කියලා හිතෙනවා. (ගම් පළාතට ලඟයි නේද? නෑදෑයෙක්ද?)

      හෙහ් හෙහ් ….අම්මපා අම්මා එහෙම හිතපු එකේ කිසි වරදක් නැහැ.

    • ක්සැන්ඩර් said:

      පොරවක් ගැන ලිපියක් තිබ්බ? ඒකට මොකද වුනේ??

  5. හ්ම්ම් බොහොම කාලෙකින් නැවතත් හමුදා ලිපියක්. බොහොම ස්තුතියි ඔබට. ඇත්තටම මටත් හිතෙනේ අර පලමුවනු පින්තුරේ ඉන්නේ අපේ චාලි අයියා කියලා තමයි.

  6. තාරක (THARAKA) said:

    නියම වටිනා ලිපියක් විචාරකතුමා. බොහොම ස්තුතියි අපි වගේ අය වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා මේ වගේ ලිපි ලියනවට.
    //ලිපිය කෙටි කරලා අපේ කුතුහලය වැඩි කරන එක ගැන නම් ගොඩක් දුකයි විචාරකතුමා.

  7. Thumani,
    lipiyanam gdakma ketiy eth eke tiyana anthargathayanam godak watinawa elaga lipiya enakan blan inawa

    • ඇත්තටම මම හිතුවේ ලිපිය දිග වැඩියි කියලයි. හොඳයි, ඊළඟ කොටසේදී වැඩිපුර විස්තර දෙන්නම්.

      ස්තුතියි ඇගයීම ගැන.

  8. කියවන්න හරිම වටිනා ලිපියක්. මං හැමදාම කියනවා වගේ හමුදා නිලධාරීන් පුහුණු කරන ඇකඩමියට, ආධුනික සෙබලුන්ගේ පුහුණු තියෙන ලංකාව පුරා හැමතැනකට ම වගේම වයි.ඕ කෝස් තියෙන තැන් වල අයටත් බලන්න වටින අඩවියක් කියලයි මං නම් මේ අඩවිය දකින්නේ. මේ දේවල් අතිශය අංගසම්පූර්ණයි. ලියනාඩෝ ඩා වින්චි ඇදපු රූපයට අනුව කළ ආකෘතියක සිට සියලුම දේවල් මෙහි තියෙනවා. ඇත්තට ම සතුටුයි කියවන්න. මේක වටිනා ලිපි එකතුවක් විචාරක…. දිගට ම කරගෙන යමු.

    ආමඩ් කෝප් එකට ගිය වෙලාවක යුධ ටැංකි බලන්න පුළුවන් වුණා. මැකනයිස් එකට ගිය වෙලාවක් එයාලා ලග තියෙන ප්‍රවාහණයට යොදා ගන්නා ටැංකි බලන්නත් ඒවාට නැගලා රවුමක් යන්නත් පුළුවන් වුණා. ඒවාගේ තියෙන තාක්ෂණය හරිම දියුණුයි. ඉදිරියට අපි ඒවා කතා කරමු. ඉතින් බොහොම ස්තූතියි මේ වගේ ලිපි ලිවීම ගැන……………………………..

  9. සිත්තරා said:

    මම කොහේදෝ කියවලා/අහලා තියනවා යුද්ධ ටැංකියකට ඉන්න ලොකුම හතුරා තවත් යුද්ධ ටැංකියක් කියල. ඒක ඇත්තද විචාරක තුමනි ?
    Blackadder කියන කොමඩි සීරිස් එකේ 4ත් සීසන් එක සම්පූර්ණයෙන්ම ඔය වගේ ට්‍රේන්ච් එකක් ඇතුලේ සිද්ධ වෙන්නේ. හිනා කාලා මැරෙනවා වෙලාවක බලන්න.

  10. Obathuma ge lipi walin thorathuru mage page eke daanna awasarada

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: