විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Image 1    මතකද මම මීට කලින් ඔබ වෙත ගෙන ආ වදන් බලය ලිපි. ඒවා මගේ නිර්මාණ නොවෙයි. පැරණි සිව්දෙස සඟරා වලින් උපුටාගත් ඒවා. මීට පෙර මා ඔබ වෙත වදන් බලය කොටස් දෙකක් රැගෙන ආවා. පළමුවැනි කොටස මෙතනින් බලන්න. දෙවැනි කොටස මෙතනින් බලන්න. ඊට අමතරව ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවෙන් උපුටාගෙන, ඉංග්‍රීසි භාෂාවෙන්ද, වදන් බලය ලිපියක්, මා ඔබවෙත ගෙනාවා. අද ඉදිරිපත් කරන්නේ, සිංහලෙන් ගෙන එන වදන් බලය, තුන්වැනි කොටස. මේ කොටස උපුටාගත්තේ, 1995 නොවැම්බර් මාසයේ පළවූ සිව්දෙස සඟරාවෙන්.

   වචනවල අර්ථය දැන සිටීම, භාෂා ඥානය වර්ධනය කරගන්නට ඉමහත් පිටිවහළක්. වචන සෑහෙන තරම් නොදන්නා නිසයි, සමහර අයට, යම් අදහසක්, පැහැදිළිව ප්‍රකාශ කරන්නට නොහැකි වන්නේ. තමන්ගේ සිතේ තිබෙන දේ, පැහැදිළිව ප්‍රකාශ කරන්නට නොහැකිවූවිට සිදුවන්නේ, මහත් අවුලක්. සමහර අය, යමක් ලියන්නට/කියන්නට ගියාම, තමන් හිතාගෙන සිටිය දේ නෙවෙයි ලියවෙන්නේ/කියවෙන්නේ. එයට එක හේතුවක් තමයි, අවශ්‍ය තරම් වචන, තම වාග් කෝෂයේ නොතිබීම. වාග් කෝෂය දියුණු කරගන්නට නම්, ප්‍රධාන වශයෙන් බලපාන්නේ, හරවත් පොතපත කියවීම සහ විද්වත් කථිකාවන්ට ඇහුම්කන් දීමයි. සමහර අයට, පොදු ස්ථානයකදී/අවස්ථාවකදී/ වචන කීපයක් ගලපා කථාවක් පවත්වන්නට පවා නොහැකිවන්නේ, ප්‍රධාන වශයෙන්ම, සාරවත් වාග් කෝෂයක්, සිය මනසෙහි නැතිවීමයි. බලන්න, අද සිටින ගුවන්විදුලි/රූපවාහිනී/වේදිකා හෝ එළිමහන් ප්‍රසංග ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන්ගෙන් අති මහත් බහුතරය දන්නේ, ඔවුන් අතරම හුවමාරුවන ‘සිල්ලර වචන සැට් එකක්’ පමණයි. ඇත්තෙන්ම ඔවුන් අතරින් බහුතරයක්, තමන් කථාකරන වචන වලින්, සෑහෙන ගණනක අර්ථය දැනගෙන නෙවෙයි කථාකරන්නේ. අපි එදිනෙදා කතාබහේදී කොපමණ සරලව, කොපමණ සැහැල්ලුවෙන් වචන භාවිත කළත්, ජීවිතයේ යම් යම් වැදගත් අවස්ථා වලදී, අර්ථවත්ව සහ හරවත්ව අදහස් දැක්වීමට සිදුවන අවස්ථා එළඹෙන බව, අමතක කරන්න එපා.

   හොඳයි එහෙනම් මෙන්න අද අභ්‍යාසය. වෙනදා වගේම මා ඔබට කියන්නේ, පිළිතුරු බලන්න ඉක්මන් වෙන්න එපා. කලබලයෙන් විනාඩි කීපයකින් විසඳන්න යන්නත් එපා. අද බැරිනම් පසුව විසඳන්න. අමාරු වචන කොලයක ලියාගෙන, විවේකීව සිතන්න. දන්නා හඳුනන අයගෙන් අහන්න. එවිට ඔබට තවත් දේ ඉගෙනගන්නට ලැබෙනවා. ඔබේ වාග් කෝෂය පෝෂණය වෙනවා. 

1

2

3

  පිළිතුරු පහත දක්වනවා. එහෙත්, මා ඔබෙන් ඉල්ලාසිටින්නේ, එකවරම පිළිතුරු වෙත නොගොස්, අභ්‍යාසය සම්පූර්ණ කිරීම පිළිබඳව සෑහීමට පත්වීමෙන් පසුව පමණක්, පිළිතුරු බලන ලෙසයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

4

 

 

my-signature-for-blog[1]   2014 ජූලි මස 10 වැනි දින 0901 පැය

 

Advertisements

Comments on: "වදන් බලය 3 – Word Power 3" (6)

  1. අම්මෝ මොලේ හිරි වැ‍ටුණෝ !

  2. මේ සමහර ලිපි කිසිම කිසි දාක අහපු නොවෙයි නොවැ…මා හිතන්නෙ ඒවා දැන් භාවිතයෙන් බොහොම ඈතයි කියලයි. විචාරක තුමාගේ වෑයම ඉතාම අගය කරනවා….තමන්ගෙ බ්ලොග් අඩවිය හරහා කියවන අයට යම් දැනුමක් දෙන්න හැමදාමත් උත්සාහ කරනවට…

  3. ක්සැන්ඩර් said:

    මේ වගේ එකක් දැක්ක කල්.. මේවා බලන්න වෙන්න නං ඉතිං දැන් මෙතනින් විතරමද කොහෙද.. වදන් බලය දන්නවා නං අද මේ ඉන්න බහුතර ගිරාපෝතක සුකුරුත්තන් මාධ්‍යකාරයෝ කන්න ඕනේ වහ.. මම නං අප්පිරියා දෙයක් තමා අද කාලේ මේ මාධ්‍ය භාවිතය

    ” ඔව් අපි එක්ක අද live fashions බලන්න collaborate වෙන්නේ අහවල් සමාගම් දෙක..” වගේ ඒවා ඇහෙද්දී අම්මපා මට නං රේඩියෝ ටීවී පොලවේ ගහන්න හිතෙනවා. තුට්ටු දෙකේ මාධ්‍ය බිහිවෙන්න ඔලුවක් නැති මාධ්‍ය ජාලය තමා පෙරමුණේ ගියේ..

    උන්ටත් අනාගතේ සිංහල කතා කරන්න පිං ලැබේවා.. මේවා කියවන්න නෙත් ලැබේවා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: