විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Ruwan-M_-Jayatunge-150x150

   නව සංස්කරණය 2014 ජූනි මස 29 වැනි දින 

   මෙම ලිපිය පල කිරීමෙන් පසු, මා සහ වෛද්‍ය ජයතුංග අතර ඇතිවූ අදහස් හුවමාරු වලින් පසුව, ලිපිය සංස්කරණය කිරීම සුදුසු බව පෙනීගිය බැවින්, නව සංස්කරණයක් ලෙස මෙසේ නැවත ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න. තවද ලිපියේ සිංහල සංක්ෂිප්තයක් ද ඇතුළත් කර ඇත. 

   වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපි සහ පොත්පත් ගැන මීට පෙර මා ඔබ සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර තිබෙනවා. එතුමාගේ වෙනත් සාහිත්‍ය නිර්මාණ කීපයක්ද මා ඔබවෙත ගෙන ආවා. එබැවින්, මේ අඩවියට පැමිණෙන ඔබට, ඔහු අමුත්තකු නොවෙයි. තිස් වසරක් තිස්සේ, අප රට ගිලගෙන තිබුණු කුරිරු ඊලාම් යුද්ධය, තවත් පරම්පරා ගණනකට අපේ මතකයෙන් ඈත නොවන බව, මා අමුතුවෙන් ඔබට කිවයුතු නැහැ.

   

   වෛද්‍ය රුවන් එම් ජයතුංග ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ මානසික රෝග අංශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර දැනට ඔහු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදෙන අතර  මානසික සෞඛ්‍යය පිලිබඳව පර්යේෂණ ව්‍යාපෘතියකද​ සේවය කරයි. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD ) පිලිබඳව පොත් කිහිපයක් මෙන්ම පර්යේෂණ පත්‍රිකා එළි දක්වා තිබේ. මෙම ලිපිය ඊලාම්  යුද්ධයේදී යුද සිරකරුවන් වූ   ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් පිලිබඳ අධ්‍යනයකි.   දැනට ඊලාම් හිතවාදී ශාස්ත්‍රාලීය උගතුන් විසින්  ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් ක්‍රෑර ම්ලේච්ඡ  යුධ අපරාධකරුවන් පිරිසක් ලෙස ශිෂ්ට ලෝකයා ඉදිරිපිටදී නිරුවත් කරද්දී ඊලාම් යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් සත්‍ය වශයෙන්ම අත්විඳි   ක්‍ෂිතිමය අත්දැකීම් ලොවට හෙලි කිරීමට ගත් හුදකලා වෑයමක් ලෙස මෙම ලිපිය හඳුන්වා දිය හැකියි.

  වෛද්‍ය රුවන් එම් ජයතුංග මෙසේ අවධාරනය කරයි

   යුද්ධයෙන් සිදුවූ මුලූ මානසික බලපෑම පිළිබඳව තක්සේරු කිරීමට උගහට වුවද, යුද්ධයෙන් ඇති වූ මානසික ආබාධ සුව කිරීම සඳහා පියවර ගත යුතු වේ. ශ‍්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඔවුන් දෑසින් දුටු අතිශය ක්ෂිතිමය සිද්ධීන් අති විශාල ලෙස බලපා ඇත.  එම සෙබලූන් අත්දකින පොදු මානසික සෞඛ්‍යයට අදාළ ගැටළු වනුයේ පශ්චාත් කම්පන ආතති අබාධ PTSD හා ඊට සම්බන්ධ මනෝ සමාජීය  අපහසුතාවන්, හා දිවිගලවා ගැනීම, වරදකාරී යයි සිතීම (Survival Guilt)  ආදියයි. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් තුල යුද්ධය හේතුකොට ගෙන ඇතිවූ දිගුකාලීන බලපෑම කුමක්දැයි අපි තවමත් නොදනිමු., ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ කැපවීම හා ධෛර්යය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි අතර, ලෝකයේ දීර්ඝතම හා භයානකමවූ සන්නද්ධ ගැටුමක සටන් කල ඔවුහු අන්තිමේදී පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. එම ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට මිල කල නොහැකි වටිනාකම් පුදකිරීමට සිදු විය. දශක තුනක් තිස්සේ පැවති යුද්ධය හේතුකොටගෙන බොහෝ රණවිරුවන් කායික හා මානසික රෝගීන් බවට පත් විය. එහෙත් අවාසනාවකට මෙන් මොවුන් විසින් කරන ලද කැපකිරීම් සමාජය විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් අමතක කර දමමින් සිටී.

   වෛද්‍ය ජයතුංගගේ නිර්මාණ පිළිබඳව මේ අඩවිය තුළින්, මා මීට පෙර ප්‍රසිද්ධිය ලබා දුන් බවත් ඔබට මතක ඇති. මේ එයින් කීපයක්. 

 

   මෙවර මා ඔබ වෙත ගෙන එන්නේ පසුගිය ඊලාම් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද සිරකරුවන් බවට පත්වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකු පිළිබඳව මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කරමින් වෛද්‍ය ජයතුංග විසින් කර තිබෙන පර්යේෂණාත්මක ලිපියක්. මුලින්ම අපි ඒ ලිපියේ සිංහල සංක්ෂිප්තයක් කියවමු. 

POWS in Sinhala_pagenumber.001     POWS in Sinhala_pagenumber.002   POWS in Sinhala_pagenumber.003   POWS in Sinhala_pagenumber.005

 

මේ තිබෙන්නේ මෙම ලිපියේ මුල් කෘතිය වන ඉංග්‍රීසියෙන් ලියවුන ලිපියෙන් උපුටාගත් කොටස්

 

1   2   3   4   5

   ලිපියේ ඉතිරි කොටසේදී වෛද්‍ය ජයතුංග මේ සිද්ධි දාමය පිළිබඳව සවිස්තරාත්මක සහ ගැඹුරු විග්‍රහයක යෙදෙනවා. මා ඔබට ඇරයුම් කරනවා සම්පූර්ණ ලිපිය පහත ඇති සබැඳියාවෙන් ලබාගෙන කියවා ඔබේ අදහස් මෙහි දක්වන ලෙස. මා එම අදහස් වෛද්‍ය ජයතුංගගේ අවධානයට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා.

The POWs of the Eelam War   my-signature-for-blog[1]   2014 ජූනි මස 28 වැනි දින 1324 පැය

Comments on: "ඊළාම් යුද සිරකරුවෝ – වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියක් – The POWs of The Eelam War" (16)

  1. බොහොම ස්තුතියි මේ වටිනා ලිපි අප හා බෙදාහදා ගන්නවට විචාරක තුමා

  2. ඇමෙරිකන් සිනමාව ,POW වීරයන් බව පෙන්නුවට ,ලංකාවේ එක කවදා සිදුවේද ?? වර්තමාන ඇමෙරිකන් මිනිස්සු දන්නේ වියට්නාම යුද්දය දිනපු වගේ,අපිත් සිනමා වෙන් වත් අපේ ජයග්‍රහණ පෙන්නුවේ නැත් නම් ,අනාගතේ අපේ හමුදා අපි වින්ද දුක කව්රුත් දන්නේ නැ

    • ඇත්තටම මමත් කැමතියි ඇමරිකානු මෝස්තරයට හෝ දේශීය මෝස්තරයට හෝ අපේ එක ක්‍රියාන්විතයක් වත් පදනම් කරගෙන චිත්‍රපටියක් හැදෙනවානම්. මේ සඳහා පළමුව කිසියම් චිත්‍රපටි අධ්‍යක්ෂ වරයකු මුල් විය යුතුයි. දෙවනුව නිෂ්පාදකයකු ඉදිරිපත් වියයුතුයි. තුන් වනුව ත්‍රිවිධ හමුදාව සහ චිත්‍රපටි නිෂ්පාදක අධ්‍යක්ෂ අතර ඉහලමට්ටමේ සම්බන්ධිකරණයක් ඇතිවිය යුතුයි.

      අද මේ වැඩේට යම් කිසිවකු ඉදිරිපත් වුනොත් ඔහුට හදන්න වෙන්නේ තමා බලාපොරොත්තුවූ චිත්‍රපටිය නොවෙයි. දැඩි තර්ජනාත්මක දේශපාලන බලපෑම් නිසා සමහර ප්‍රතිරූප පුම්බන මල විකාරයක් තමයි හදන්න වෙන්නේ.

    • සර් මාතා ගැන මොකද හිතන්නේ ,ටිකක් හරි එක ලගට එනවා ,නමුත් තව ඊට වඩා හොද වෙන්න තිබ්බා.අලදෙණිය ගැන චිත්‍රපටියක් හැදුවොත් හොදයි ,මම කියවපු විදියට පලවෙනි වීරයා මේ යුද්දේ

    • මාතා මටනම් තාක්ෂණික හරඹයක් පමණයි. ඊට වඩා සංවේදී කතා තියනවා යුද බිමේදී ඇත්තටම සිදුවුණ ඒවා. අලදෙණිය වැදගත් චරිතයක්. නමුත් මම කියන්නේ ‘ජයසිකුරු’ වැනි සම්පූර්ණ ක්‍රියාන්විතයක් අළලා චිත්‍රපටියක් හැදීම වඩාත් සුදුසුයි කියලයි.

  3. රචනාව නම් ඉතා ම වැදගත්. විශේෂයෙන් රුවන් එම් ජයතුංග ගේ පොත් පත් සහ පර්යේෂණ රැසක් සමග ගණුදෙනු කළා විශ්ව විද්‍යාලයේ අවසන් වසර නිබන්ධනය කරද්දි. පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමතාව තමයි කරේ. ඉතින් යුද්ධය ගැන සහ එහි ප්‍රතිපල ගැන හොදට අධ්‍යයනය කරන්න හැකියාව ලැබුනා..

  4. ප්‍රභාත් said:

    සර්ගේ වේලාව කැප කරමින් කරන මේ කටයුත්ත ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි සර්.

  5. හොද ලිපියක්

  6. ක්සැන්ඩර්.. said:

    විචාරකතුමා මේ තත්වයේ ලිපි ගෙන ඒම ගැන මම ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙන අතරේ පොඩි ගැටළුවක් විදියට ඔය අකුරු පොඩි දේවල් කියවන්න බැරිවීම දකිනවා. කී දෙනෙක් බ්‍රවුසර් එකේ අකුරු ලොකු කරගෙන කියවනවාද දන්නේ නැති නිසා පොඩ්ඩක් මේ ගැන කියන්න හිතුනා.

    • බොහොම ස්තුතියි ක්සැන්ඩර් ඔබේ උපදේශයට. මීට පස්සේ ඒ අඩුපාඩුව මගහරවාගෙන ලියන්න බලන්නම්. එකම ප්‍රශ්නේ ලොකු අකුරු සහිතව පොත් පිටුවල පින්තූර එකතු කලාම අඩවිය ලෝඩ් වෙන්න වෙලා යනවා. සමහර අය එවිට කොහොමවත් බලන්නේ නැහැ.

  7. Tharaka(තාරක) said:

    වැදගත් ලිපියක්. එත් මේ වගේ අයට අවශ්‍ය මානසික උපදේශනය ලබාදෙන්න වගකිවයුතු අය කටයුතු නොකර ඉන්න එක නම් ලොකු අපරාධයක්.

    ලංකාවේ දැන් තියන සිනමාව ඇවිල්ල මොන්ටිසොරි යන ළමයින් වත් බලන්න අකමැති සිනමාවක්. ඒ නිසා
    යුද සිනමාවට අදාල ලංකාවේ චිත්‍රපටයක් හදනවනම් මම නම් හිතන්නේ එකට අපි දැකල පුරුදු නළුවෝ ගන්නේ නැතුව සත්‍ය හමුදා නිලධාරීන් යොදා ගෙන හදනවනම් එක හොද චිත්‍රපටයක් වෙයි. යුද්ධයක් පිටින් බලල එක අත්දැකීම ගන්න බෑනේ.

    • ඔබේ ඉතා වැදගත් අදහස් මම ඉහලින්ම අගය කරනවා. හමුදා සාමාජිකයන් සඳහා වූ මානසික උපදේශනය එක්තරා අති පණ්ඩිතයකු විසින් කඩාකප්පල් කළා. ඒ ප්‍රතිඵල තමයි අද හමුදා සාමාජිකයන් අපරාධ වලට සම්බන්ධවීමෙන් පෙනෙන්නේ.

      ඇත්තටම හමුදා නිලධාරීන්, නිලධාරිනියන්, සොල්දාදුවන් යොදවා හොඳ චිත්‍රපටියක් කරන්න පුළුවන්. නමුත් හමුදා නීති රීති වලට අනුව ඒ සඳහා ඇති ඉඩකඩ සීමිතයි. නමුත් නවක නළු නිලියන් යොදවලා කරන්න පුළුවන් බොහොම සාර්ථකව.

Sanjeewa Mendis වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න