විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


    downloadකටපුංචලාගේ ලොකු අයියලා ගැන කියන්න පටන් ගත් ලිපි මාලාවේ තවත් කොටසකින් මෙසේ අපි හමුවෙනවා. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසට සහ දෙවැනි කොටසට ඔබෙන් ලද ප්‍රතිචාර මා බොහෝ දුරට දිරිමත් කරවන බව ස්තුති පූර්වකව සඳහන් කරනවා. බොහෝ දෙනා තමන්ට ඇතිවූ ගැටළු පිළිබඳව මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී මෙන්ම බ්ලොගර් අඩවියේදීත් විමසීම් කර තිබුණා. ඒ පිළිබඳවද මා ඔබට ස්තුති කරන්නට කැමතියි. මා, මේ බ්ලොග් ලිවීම පටන්ගත් කාලයේ සිටම ලියන තාක්ෂණික තොරතුරු ඇතුලත් ලිපි වලදී සෑමවිටම කියන්නේ සෑම ගැටළුවක්ම විමසා නිරාකරණය කරගන්නා ලෙසයි.

   අද මා ඔබ සමග තවත් මැෂින් තුවක්කු වර්ගයක් ගැන සාකච්ඡා කරනවා. ඒ තමයි මධ්‍යම පරිමාණයේ මැෂින් තුවක්කු (එම්.පී.එම්.ජී. සහ ජී.පී.එම්.ජී. යන තුවක්කු වර්ග දෙකම එයට අයත්)  (Medium Purpose Machine Gun = MPMG, General Purpose Machine Gun = GPMG) මෙහිදී නැවතත් අවධාරණය කරන්නට කැමතියි, මා ඔබවෙත ගෙන එන්නේ, තුවක්කු මෝස්‌තර කීපයක් ඇසුරෙන් සරල හැඳින්වීමක් පමණයි.

   ඔබට මතකද, මා පසුගිය කොටස් වලදී ඔබට හඳුන්වා දුන් LMG අවිය, සෙබළ පෙළක ආධාරය සඳහා යොදාගන්නා අවියක් බව සඳහන් කළා. ඒ වගේම තමයි මේ MPMG සහ GPMG යන අවි පාබල හමුදා (Infantry) සෙබළ කණ්ඩායමක (Company) ආධාරය සඳහා යොදාගන්නා ආධාරක අවියක්. පාබල බලඇණියක ඉන්න සෙබල කණ්ඩායමක් කියන්නේ මොකක්ද කියලා මතක නැත්නම්/දන්නේ නැත්නම්, ගොහිං බලාගෙන එනවා හොඳයි. හා……….දැන් මතකද? ආං ඒ අහවල් එක තමයි.

   සමහර අය හිතාගෙන ඉන්නවා ඇති, යුද්ධ කරනකොට, හැකි ඉක්මනින්, හැකිතරම් යුද්ධායුධ ප්‍රමාණයක් පාවිච්චි කරලා, පතරොම්, බෝම්බ ලක්ෂ ගණනක් එකපාර වෙඩි තියලා, යුද්ධයක් දිනන්න පුළුවන් කියලා. එක අතකට යුද පුහුණුවක් නැති අය එසේ සිතීමේ කිසිම වරදක් නැහැ. නමුත් මා මීට පෙර ද, මගේ ලිපි වල කීපවිටක්ම  කියා ඇති පරිදි යුද්ධය කියන්නේ කලාවක්. ‘Art of War’ කියලයි කියන්නේ. කළයුත්තේ කුමක්ද, කෙසේද, කවදාද, යෙදිය යුතු බලය කුමක්ද, මොන අවි ආයුධද, පිරිස් බලය කොපමණද, වැනි කරුණු ගණනාවක් සැළකිල්ලට ගනිමින් තමයි යුද්ධයක සැළසුම් හදන්නේ. අනාගතයේදී මා ස්ථිරවම එය ඔබට කියාදෙනවා. (හැබැයි යම් යම් සීමා සහිතව)

   පාබල බල ඇණියක ‘කණ්ඩායමක් Company’ කියන්නේ සෙබළුන් 150 – 200 ක් පමණ පිරිසක්. ඉතින් මෙවැනි පිරිසක් සටන් බිමට ගියාම, ඔවුන් විසිර සිටින ප්‍රදේශයේ, වැදගත් ස්ථාන වලට එල්ලවන සතු ප්‍රහාර මැඩපවත්වන්නටත්, සතුරාගේ බලය බිඳිමින්, ඔහුගේ වෙඩි බලය ඉක්මවා යමින් ක්‍රියා කරන්නටත්, ඉදිරියට ඇදෙන/පසු බසින තම කණ්ඩායම, සතුරු වෙඩි බලයෙන් ආරක්‍ෂා කරගැනීමටත් තමයි, අද ලිපියෙන් අපි සාකච්ඡා කරන මධ්‍යම පරිමාණ MMG මැෂින් තුවක්කු පාවිච්චි කරන්නේ.

   මධ්‍යම පරිමාණයේ මැෂින් තුවක්කුවක් Medium Machine Gun = MMG යනුවෙන් අදහස් කරන්නේ පතරොම් වැලක් මගින් සම්පූර්ණ ස්වයංක්‍රීයව රයිෆල් උණ්ඩ වෙඩි තැබිය හැකි තුවක්කුවකටයි. 

  මතකද මීට ඉහත කතාකළ සමහර LMG වලට, පතරොම් වැල් තිබුණේ නැහැ. මැගසින් තිබුණේ. නමුත් මේ MMG වල අනිවාර්යයෙන්ම පතරොම් වැල් පමණයි තියෙන්නේ. (ඒ පතරොම් වැල්, පෙට්ටියක් වගේ පෙනෙන්න මැගසින් ඒකක තියෙන්න පුළුවන්) මෙවැනි මැෂින් තුවක්කු වලා මූලාරම්භය ඉතා ඈත අතීතයට දිවයනවා. එකවර විශාල වෙඩි බලයක් ලබාගතහැකි ස්වයංක්‍රීය තුවක්කුවක් නිපදවන්නට මිනිසා වෙහෙස වූයේ 19 වැනි සියවසේ සිටයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුල් කාලයේදී නිපදවන ලද එවැනි තුවක්කු කීපයක් පහතින් දක්වනවා. 

ksp1874

ksp1875

Maxim1904-01

14_001cg

   පුදුම හිතෙනවා නේද මේ තරම් ඈත අතීතයේදීත් මෙවැනි තුවක්කු නිර්මාණය වීම ගැන. අද වනවිට මේ තාක්ෂණය බොහොම ඉදිරියට ඇවිත් තියනවා. අපි බලමු අද කාලයේ පාවිච්චි කරන මධ්‍යම පරිමාණ මැෂින් තුවක්කු මොනවද කියලා. මෝස්‌තර දෙකක් විතරයි පෙන්නන්නේ. ගොඩක් මෝස්‌තර ගැන විස්තර ලියන්න ගියාම අවබෝධ කරගන්න අමාරුයි. පළමුවැනි එක සෝවියට් රුසියාවේ උපත ලැබුවක්. පසුව එහි අනුකරණ පාකිස්ථානය, චීනය වැනි රටවලත් නිෂ්පාදනය වෙන්නට පටන්ගත්තා. අපේ රටත් පාවිච්චි කරන්නේ චීනයේ නිෂ්පාදිත මෝස්තරය. ඒ නිසා ඒ තුවක්කුවට අදාළ තාක්ෂණික විස්තර තමයි පහත දක්වන්නේ. මේ පහළ තියෙන්නේ ඒ තුවක්කුවයි. 

pk

මේ තුවක්කුවේ සරල තාක්ෂණික විස්තරය පහත දක්වනවා.

  • වර්ගීකරණය : General Purpose Machine Gun = GPMG
  • මුලින්ම නිෂ්පාදිත රට : සෝවියට් රුසියාව
  • චීනය විසින් පළමු වරට යොදාගැනීම : 1983
  • අවියේ බර : කි ග්‍රෑම් 12.6
  • අවියේ දිග : මීටර් 1.192
  • පතරොම් වර්ගය : 7.62 x 54
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 700 – 800
  • උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 840
  • ප්‍රතිඵලදායක වෙඩි දුර : මීටර් 1500

 

   ඔන්න බලාගන්න මේ තුවක්කුවේ වැඩකිඩ. මෙතන වෙඩි තියන්නේ රුසියාවේ නිෂ්පාදිත PKM තුවක්කුවයි. නමුත් චීනයේ නිෂ්පාදිත T 80 තුවක්කුවත්, (මේ තුවක්කුව අපේ රටේදී බොහෝවිට හඳුන්වන්නේ MPMG කියලයි) මේ තුවක්කුවත් අතර කිසිම වෙනසක් නැහැ. බලන්න වෙඩි බලය කොපමණ ප්‍රබලද කියා. තත්පර 10ක් බැලුවම ඇති. 

 

 

   හරි, ඊළඟට තියන මධ්‍යම පරිමාණ තුවක්කුවත් මේ ගමන්ම බලමු. ඒ තුවක්කුවත් GPMG වර්ගීකරණයටමයි වැටෙන්නේ. මෙය කලින් තුවක්කුවට වඩා තරමක් ප්‍රහාරක බලයෙන් වැඩියි. කලින් පෙන්නුව තුවක්කුව, ශක්තිමත් කෙනෙකුට, අතේ තියාගෙන වෙඩි තියන්න පුළුවන් වුනත්, මේ තුවක්කුව එහෙම කරන්න බැහැ. මොකද, තුවක්කුවේ ගැස්සීම නිසා, ඉලක්කය වරදින්න තියන අවස්ථාව බොහොම වැඩියි. ඒ නිසා මේ තුවක්කුව, ඒ තුවක්කුවට අදාළ ආධාරකයේ මත හෝ අඩු ගානේ වැලි ගෝනියක්, බංකරයක කවුළුවක්, පස් කණ්ඩියක්, වගේ දෙයක් මතුපිටවත් තියාගන්න ඕනේ වෙඩි තියන්න නම්.

GPMG

  මේ තුවක්කුවෙන් වෙඩි තැබීමේදී තුවක්කු බටය අධික ලෙස රත්වූ විට බටය මාරු කල යුතුයි. හොඳින් බලන්න ඉහත රූපයේ වෙඩි තබන්නා (තබන්නී? :D) ගේ දකුණු කකුල අසළ ඇති වැලි ගෝනිය මත පෙනෙනවා ඒ අමතර බැරලය. සාමාන්‍යයෙන් නොකඩවා පතරොම් දෙතුන් දාහක් පමණ වෙඩි තැබුවාට පස්සෙයි බැරලය මාරු කරන්නේ. නවත්ත නවත්තා, ටික ටික, වෙඩි තියනවානම්, බැරලය මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

mag_fn_herstal_machine_gun_mitrailleuse_7-62_mm_Belgium_Belgian_Defense_Industry_line_drawing_blueprint_001

   තුවක්කුවේ තාක්ෂණික විස්තර මෙහෙමයි.

  • වර්ගීකරණය : මධ්‍යම පරිමාණ මැෂින් තුවක්කුව = MPMG
  • නිෂ්පාදිත රට : බෙල්ජියම
  • පළමු වරට නිෂ්පාදනය කිරීම : 1958
  • තුවක්කුවේ බර : 11.79 කි ග්‍රෑම්
  • තුවක්කුවේ දිග : මීටර් 1.629
  • පතරොම් වර්ගය : 7.62 x 51
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට පතරොම් 600 – 1000 අතර
  • උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 840
  • සඵල වෙඩි දුර : මීටර් 800
  • උපරිම වෙඩි දුර : මීටර් 1800

 

වෙඩි තියන හැටිත් බලමු නේද? (මේ තරම් කෙටි වීඩියෝ නොබලන ‘මේ දෑස් මක්කටෙයි’ කියලාත් අහන්න වෙනවා)

 

 

   මේ තුවක්කුවේ තිබෙන විශේෂත්ව කීපයක් තියනවා. මේ තුවක්කුවට ද්විපාද – bipod ආධාරකයක් මෙන්ම, තුන්පාද – tripod ආධාරකයක් ද තිබෙනවා, (ඉහත වැලි ගෝනි අසළ තුවක්කුව රඳවා තිබෙන්නේ තුන් පාදයේ, වෙඩි තබන වීඩියෝවේ තිබෙන්නේ ද්විපාදයේ) අවස්ථාව අනුව යොදාගැනීම සඳහා. එමෙන්ම මේ තුවක්කුව, සන්නද්ධ රථ වල, නාවික යාත්‍රා වල වගේම, හෙලිකොප්ටර වලත් පාවිච්චි කිරීම සඳහා, අවශ්‍ය පරිදි නවීකරණය කොට, අමතර උපාංග සහිතව නිපදවා තිබෙනවා.

a-belgian-paratrooper-manning-a-fn-mag-luc-de-jaeger

84b7f7f66e

Paris_Air_Show_2007-06-24_n24

   හමුදා සිතියමක, මධ්‍යම පරිමාණ මැෂින් තුවක්කුවක් ලකුණු කරන සංකේතය, පහත දක්වනවා.

1

   බර මැෂින් තුවක්කු ගැන ඊළඟ කොටසේදී කතාකරමු නේද? නැත්නම් බර වැඩි වෙලා චප්ප වෙන්ඩත් බැරි නැහැ.

 my-signature-for-blog[1]    2014 ජූනි මස 06 දින 2349 පැය

Advertisements

Comments on: "කටපුංචලාගේ ලොකු අයියලා (තුන්වැනි කොටස) – Machine Guns and There Applications (Part Three)" (40)

  1. අප්පේ තෑන්ක්ස්.. බුක් මාර්ක් දාගත්තා අපේ මල්ලිත් ආසයි මේවා ගැන කියවන්න..

    //බර මැෂින් තුවක්කු ගැන ඊළඟ කොටසේදී කතාකරමු නේද? නැත්නම් බර වැඩි වෙලා චප්ප වෙන්ඩත් බැරි නැහැ./// ඒක හරි,
    තව දැනගන්න කැමතියි නවීනම ආයුධයි අපේ රටේ යුද්ධේ වෙලාවේ පාවිච්චි කරපු ආයුධයි ගැන සංසන්දනයක් .

    • බොහොම හොඳයි. මල්ලිට පෙන්වන්න එයාගෙත් දැණුම දියුණු වෙන්න.

      අපේ රටේ ආර්ථික ශක්තිය, පිට රටවල් අපිට උදව් කරපු මට්ටම, අනුව ලබාගන්න පුළුවන් ඉහලම අවි ආයුධ අපි යුද්දෙදි පාවිච්චි කළා. නමුත් සමහරක් ඒවා ලෝකේ තිබුණු ප්‍රබලම අවි නෙවෙයි. පස්සේ කතාකරමු.

  2. බොහොම ස්තුති සර්.හැමදාම වගේ දැනුමින් පිරුන නියම ලිපියක් සර්. අසාවෙන් බලාගෙන මේ ලිපිය එනකම්.

    1) සර් මල්ටි බැරල් මැෂින් ගන් (Multi-barrel machine guns) කියලත් තුවක්කු වර්ගයක් තියනවා නේද?

    2) ඉස්සරම් කාලේ තිබුනා නේද සිරස් අතට සවි කරන මැගසින් එකක් සහිත අතින් කරකවල වෙඩි තියන මල්ටි බැරල් මැෂින් ගන් එකක්. මම හිතන විදියට එකත් මැෂින් ගන් වල මුල් ආකෘතියක් නේද? (the last samurai ෆිල්ම් එකේ තියනවා ඒ වගේ එකක්. මේ ලින්ක් එකේ ඒ වගේ එකක් තියනව)

    3) පතරොම් වැල් භාවිතා කරලා වෙඩි තියන කොට උණ්ඩ, පතරොම් වැලට අතින් සවි කරන්න ඕනද ? පතරොම් වැල් නැවත නැවත උණ්ඩ අමුණා භාවිතා කරන්න පුලුවන්ද?

    • අංක 1. ඔව්. මල්ටි බැරල් මැෂින් තුවක්කු කියා දෙයක් තියනවා. ඊළඟ ලිපියේදී කතාකරනවා.

      අංක 2. ඒ තුවක්කුවට කියන්නේ ‘ගැට්ලින්ග් ගන්’ කියලයි. ඒවා මැෂින් තුවක්කු සංකල්පයේ මුල්ම නිපැයුම්.

      අංක 3. උණ්ඩ පතරොම් වැලට සවි කරලා එන්නේ කම්හලේදී. වෙඩි තියනකොට පතරොම් වැලේ පුරුක් ගැලවෙලා විසිවෙනවා. ඒවා බාල ලෝහ. ආපසු ප්‍රයෝජනයට ගන්න බැහැ.

    • ක්සැන්ඩර් said:

      මං දන්නා විදියට නං ගැටලින්ග් ගන් එකක් ගාල්ලේ කටුගේ තියෙන්න ඕනේ. ඕවා තියනවද කියන්න දැන් නං දන්නේ නෑ..

  3. මේකනම් හරි යන්නෙ නැහැ.අකමැතිම තුවක්කුව පාවිච්චි කරන්නට පොළඹනවා මේ ලියවිල්ල.

  4. සිත්තරා said:

    thank you for the informative article. here is my question paper 😀

    why does the gun barrel need a change after a 2000-3000 shots fired?
    does it overheat with the friction created by the rifling action of the bullets?
    oh i forgot , does these guns rifle bullets?
    why doesn’t the interior of the gun (where the combustion happen) does not overheat much?
    is it practical in war situations to stop and change the gun barrel?
    why does the MMG need an ammunition belt and not a magazine ?

    • ONE. yes exactly. The gun barrel will be excessively heated up and if you do not changed the same barrel tension (ultimately barren life span) will be loose.

      TWO. Yes indeed. you can’t fire ordinary cartridges with this type of guns.

      THREE. According to the theory, the heat is really generating in the barrel. This is the reason. The bullet itself is a very little bit larger than the barrel hole. And when the bullet travels through the rifling of the barrel it will generate excessive heat.

      FOUR. In the battle field only one machine gun will not be deployed. Always machine guns will be Brigaded (amalgamate) to get the maximum fire power. therefore one or two guns can ‘rest’ while the other guns are engaging.

      FIVE. If you want to use magazines for MMG’s instead of ammo belts, the size of the magazine will be the same size of Magazine Prison, Borella 😀

  5. බොහොම ස්තුතියි ඔබගේ මේ ලිපියට. විචාරක තුමෝ කක කලින් පොස්ට්ටුවේ පොඩි ප්‍රශ්නයක් ඇහුවා. කෙසේ හෝ එය ඔබ තුමාට මගහැරී ඇත. මෙන්න ඒ පුශ්නය නැවතත්..

    ඒ තමයි යම් වෙලාවක තුවක්කුව කොක් කළහොත් ඒ උණ්ඩයෙන් අනිවාර්යයෙන්ම වෙඩි තියන්න වෙනවාද? කොක් කරපු එක undo කරන්න හැකියාවක් නැතිද?

    • සමාවන්න ඒ ප්‍රශ්නය මම දැක්කේ නැහැ.

      පිළිතුර, කොක් කලාට පසු එය වෙඩි නොතබා ආපසු ඉවත් කරන්න පුළුවන්.

    • බොහොම ස්තුතියි, කොක් කරලා වෙඩි නොතබා ඉවත් කරන විදිහත් කියලා දෙන්න හැකිද?

  6. දිමුත් said:

    මෙම ලිපිය පලවෙනතෙක් බලාගෙන හිටියේ.ඒක හුස්මට කියවල දැම්ම.බර මැෂින් තුවක්කුත් මේකටම ලියල දාන්න තිබුනෙ.ලිපි දිග වැඩියි කියල කොට කරන එකනම් තරයේ හෙලා දකිනවා.එකෙන්ම 😀

    • ඇත්තටම දිමුත්, මගේ දුර්වල කමක්ද මන්දා, මට මේ වගේ ලිපි ලියනකොට හිතෙන්නෙම, මේවා කියවන්නේ සාමාන්‍ය සමාජයේ අය මිසක් සොල්දාදුවෝ නෙවෙයි. ඉතින් හැකිතරම් කෙටියෙන් සරලව දෙන්න ඕනේ කියන එක. දැන් බලනකොට කට්ටිය ටක් ගාලා අල්ලගන්නවනේ. හොඳයි හොඳයි මීට පස්සේ ටිකක් දිගට ලියන්නම්.

    • දිමුත් ඉස්සර මාත් ලිපි කෙටි කරන එකට විචාරකතුමාට අනංමනං කීවා.. 😀 හේතුව අවි ආයුධ ගැන දැනගන්න තියන උන ගැන විතරක් හිතලා. ඒත් එතුමාම කියනවා වගේ “මේවා කියවන්නේ සාමාන්‍ය සමාජයේ අය මිසක් සොල්දාදුවෝ නෙවෙයි. ඉතින් හැකිතරම් කෙටියෙන් සරලව දෙන්න ඕනේ කියන එක” මාත් දැං ඒක අනුමත කරනවා

  7. MMG භාවිතය බාරදෙන්ට කම්පනි එක තුළ වෙනමම ආධාරක අවි බාරව ඉන්න ප්ලැටූන් එකක් (උදා: බර අවි භාවිතය පිළිබඳ විශේෂඥ පුහුණුව ලත්) තියෙනවද? එහෙම නැත්තං ඕනෑම කෙනෙකුට බාරදෙන්ට පුළුවන්ද?

  8. විචාරකතුමෝ….

    අගෙයි මේ පාර ලිපියත්.. ලිපි පෙළම කියෙව්වා… හරිම වැදගත්. විශේෂයෙන් ම දියතලාව ඇකඩමියේ කැඩෙට්ස්ලට සහ යන්ග් ඔෆිසර් කෝස් වලදී මින්නේරියේ අයි.ටී.සීයට යන අයට පිරිසට හරිම වැදගත් මූලාශ්‍රයක් කියලයි මටනම් හිතෙන්නේ..ඉතින් මේක ඒ පිරිස අතරට යැවීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට වැදගත් වන බව විශ්වාසයි. ඒ බව ඔබත් හොද හැටි දන්නවා ඇති… මමත් ඊට උත්සහ කරන්නම්….

    දිගට ම ලියන්න. මෙය මේ පිළිබද ව ලියැවෙන ලිපිවල එකතුවක් වීම ඉතා වැදගත්… හරිම සතුටුයි…..

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      මේ ලිපි බොහෝ දෙනෙක් කියවන බව මම දන්නවා. නමුත් හමුදා පුහුණු පාසල් වලින් මට ඉල්ලන්න බැහැ මෙය කියවන්න කියා. නමුත් අන්තර්ජාලය පරිහරණය කරනවානම් බොහෝවිට මේ අඩවිය ඔවුන්ගේ ඇස ගැටෙන්නට පුළුවන්.

  9. වෙනදා වගේම නිර්ලෝභීව ලබා දෙන යුධ අවි පිළිබද දැනුමට ස්තූතියි කියමි. 1874 වගේ ඈත අවදියක මේ අවි වල මූලාරම්භය සිදු වුනා කිව්වම අදහන්නත් බෑ. ස්වීඩනය කියන නම යුධ අවි නිෂ්පාදකයෙක් විදියට මම කලින් අහලා නෑ. අදටත් ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වනවාද ?

    • ඇගයීම ගැන ස්තුතියි. 1874 කියන්නේ යුද්ධායුධ ගැන සැලකීමේදී හුඟක් ඈත අතීතයක් නෙවෙයි. ස්වීඩනය කියන්නේ බොහොම සාමකාමී රටක් වුනාට අදටත් ලෝකයේ ඉන්න මහා පරිමාණ ආයුධ නිෂ්පාදකයෙක්.

  10. විදානේ.. said:

    බුදු අම්මෝ..
    තුන්වෙනි කාෙටස නෙවෙයි කොටස් තුනම කියෙව්වා.. අගේ අැති ලිපිපෙළක් විචාරක තුමා…
    මටත් තුවක්කුවක් ගන්න හිතුනා….

    ජය වේවා!!!!

    • අම්මෝ………විදානේ. මෙව්වා ලියන්නේ මෙන්න මේවගේ දේවල් මේ ලෝකයේ තියනවා කියලා පෙන්නන්න මිසක් මේවා පරිහරණය කරන්න කියලා උනන්දු කරවන්න නෙවෙයි.

      තුවක්කුවෙන් කරන්න බැරි දේවල් බොහොමයක් අපේ මේ මිනිස් ආත්ම භාවයෙන් කරන්න පුළුවන්.

      ඇගයීම ගැන ස්තුතියි.

  11. සිත්තරා said:

    thanks for the answer

  12. මගෙ හිතේ සීයට පණහක් ආයුදවලට කැමතියි..අනිත් සීයට පණහ අකමැතියි.. ඉතින් මං ආයුද ගැන එව්ව බලනවා නොබලනවා වගේ.. මං රස්සාව කරන කාලෙ මට මිමි නමයක් දීල පුහුණුවත් දුන්නා අවදානම තියෙනවා කියලා. මං අර මෝදර තැනට ගිහින් පුහුණුත් උනා.මං පව්කාරයෙක් හින්දා ඒකත් මට හොඳට පුළුවන් උනා .. හැබැයි කවදාවත් අරක අරං ගියේ නෑ. දන් වයසට යන හින්දා අර විරෝධී සීයට පණහ හැටක් විතර වෙලා..ඔන්න මං ඉතිං මෙව්ව බලල ලිව්වෙ නැතුවාට අමනාප නෑනෙ..

    • ඇත්තටම මෙවැනි අවි ආයුධ ගැන දැනුමක් ලබාගතයුත්තේ ඒවා පරිහරණය කරන්නම නෙවෙයි. යම් යම් ප්‍රවෘත්ති හෝ පොත්පත් සඟරා කියවීමේදී විශේෂයෙන් සංග්‍රාමික කරුණු ඇතුලත් වාර්තා කියවීමේදී මේ දැණුම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම යුද්ධයේ දරුණු කම අවබෝධ කරගන්නත් පුළුවන්.

      කිසියම් වෘත්තියකට අදාළ අවි පුහුණුව පවුකාරකමක් කියලා මටනම් හිතන්න අමාරුයි. ඒ පුහුණුව වැරදි මගට යෙදවීමයි පවුකාරකම.

      මේ ලිපිවලට අකමැතිනම් අදහස් නොදක්වාසිටීම ඔබ මට කරන හානියක් නෙවෙයි. නමුත් මෙවැනි කරුණු නැති මගේ ලිපිවලට ප්‍රතිචාර දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලනවා.

  13. //මේ තුවක්කුවෙන් වෙඩි තැබීමේදී තුවක්කු බටය අධික ලෙස රත්වූ විට බටය මාරු කල යුතුයි//

    එක කාලයක water cooling/ water jacket සහ air cooling ක්‍රම තිබුන නේද?
    වෙන කූලින් ක්‍රම මොනවද?

    • Air Cooling පමණයි අද භාවිත කරන්නේ. water tube cooling කියලා ක්‍රමයකුත් තිබිලා තියනවා. මම විස්තර හෙව්වා. නමුත් water jacket විතරයි තියෙන්නේ.

  14. පැන්ඩා සහ තුවක්කුව නිසා මතක් වුනේ.

    කොමාව (comma) ගැන – Panda eats shoots and leaves.
    Panda eats, shoots and leaves.

    විචාරකගේ පැන්ඩා දෙවෙනි (කොමාව සහිත ) පැන්ඩෙක්

  15. නිර්නාමික said:

    ලොක්කගෙ යුදබිමේ පින්තූරයක් දැම්ම එක හොඳා.. අර කන්නෙ උණකොළ ද?

    • ඔයා වගේ ගොන්නුන්ගේ අවබෝධය ගැන දෙකොනින් හිනායනවා. ජඃ ජඃ මගේ බ්ලොග් එකෙන් අහකට මෙතන ගොම දාන්නේ නැතුව.

  16. වෙනදා වගේම සුපිරි ලිපියක්..ආසාවෙන් කියවන එකම වෙබ් සයිට් එක.

  17. ක්සැන්ඩර් said:

    විචාරකතුමා මේ වෙනකං තියන MG42 එක අමතක කරලා වගේ. ඉස්සර ඇමරිකන් හමුදාව බයයි ලූ නේද ඔය MG42 එකක් සද්දේ ඇහෙනකොටත්. මම දැක්ක ට්‍රේනිං වීඩියෝ වගයක් උන්ගේ බය අරින්න හදපු..

    • මම අදහස් කලේ අපේ හමුදා බහුලව පාවිච්චි කරන තුවක්කු ගැන කියන්න පමණයි. මේ තුවක්කුවත් මධ්‍යම පරිමාන මැෂින් තුවක්කු ගණයට තමයි වැටෙන්නේ.

  18. උඩිං comment එකක් දැම්මා ඒත් ඉතිං මදි වගේ 😀

  19. විචාරක තුමා ඔබගේ ලිපිය බොහොම වැදගත් අනෙක් ඒවා වගේම ඒ පිළිබඳව ස්තුතියි..මේ ප්‍රශ්නය නම් මේකට අදාල නෑ. කලින් ලිපියක ඔබ තුමා කියල තිබ්බ හමුදාවේ ඒ ඒ නිලයට අදාලව සිටිය හැකි උපරිම වයස් සීමාව (ලුතිතන් අවු 40, කපිතන් අවු 45, මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, අවු 55 ලෙස එතකොට උපකරණ පාලක අදිකාරිය ලබන අය බොහෝවිට හමුදාවේ අවු 22 පමණ සේවය කරපු අය. ඒ අය ලුතිනන් නිලයට එන්නේ අවු 40 පැනල මේ තත්වය පැහැදිලි කරන්න පුලුවන්ද ? Q කමිෂන් Field දෙගොල්ලන්ට මෙය වෙන වෙනම බලපාන නීතියක්ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: