විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


stock-vector-popart-comic-love-vector-illustration-of-nude-woman-with-cocktail-112001939     බුදු අම්මෝ…….මට බලන්න ලැබුනානේ ලෝකයේ පළමුවැනි නිරුවත් චිත්‍රපටියේ දර්ශනයක්.  නිරුවත් කිව්වට මේක වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක්. ඒ වුනාට නිරුවත් ජවනිකා තියනවා.  අම්මෝ………මට කලන්තේ හැදෙන්න ආවා ඒ ජවනිකාවේ තියන දේවල් දැකලා. ඒ කියන්නේ මේ තරම් ඇඳුම් ගොඩක් අඳින කාන්තාව මොන තරම් අවාසනාවන්තද කියලා මට හිතුනා. මෙන්න තියනවා මම දැකපු ජවනිකාව. හැබැයි මට බනින්න එපා කුණුහරප පෙන්නුවා කියලා. මේ චිත්‍රපටියේ නම After the ball චිත්‍රපටිය හදලා තියෙන්නේ 1897 දී. හොඳ වෙලාවට අපි ඒ කාලේ ඉපදිලා හිටියේ නැත්තේ. නැත්නම් මේ කුණුහරප බලලා අපි නරක් වෙනවනේ.

   බලන්න, දැන් තියන නිරුවත් චිත්‍රපටි වලට වඩා මේක හරිම වල් චිත්‍රපටියක්. ඔය පොඩි ළමයි කවුරුවත් මේක බලන්න එපා. නරක් වෙයි. මට දුක අර සෑමා, නාඩියා, වගේ පොඩි කොල්ලෝ මේක බලලා නරක් වෙයි කියන එකයි. ඔක්කොටම වඩා දුක අර කෙන්ජියා ගැන. තවම කටේ කිරි සුවඳවත් (කිරි යකෝ කිරි, ආයෙ වෙන රෙද්දක් නෙවෙයි) ගියේ නැති එකා. ඔන්න මෙව්වා බලලා මොනවාහරි ලෙඩක් එහෙම දාගන්නවා නෙවෙයි.

   හැබැයි ඔය අටමා, මාතලන්, වගේ උන්නම් මෙව්වා රඟපාලත් ඇති. ඔන්න මමනම් කාටවත් කියන්නේ නැහැ පහලින් තියන වීඩියෝ එක බලන්න කියලා. ඇස් වහගෙන බැලුවට කමක් නැහැ. පොඩ්ඩිට සහ අපූර්විට මේ වීඩියෝව සම්පූර්නෙන් තහනම්. 

 

my-signature-for-blog[1]     2014 මැයි මස 20 දින 0011 පැය

Comments on: "18 + ලෝකයේ පළමුවැනි නිරුවත් චිත්‍රපටිය – First Ever Nude Movie of the World" (18)

  1. හි හි අපෝ ඇඳුම් ගොඩ

    • ඔන්න ඔයා වාර්තාවක් තියලා. මගේ අඩවි දෙකේම මේ පෝස්ට් එකට ප්‍රතිචාර දැක්වූ පළවෙනියා ඔයා.

      හිතුවක්කාරී එපා කියපුදේම කළා නේද 😀

  2. බලන්න ඕන මේක නිදහසේ

  3. මේ අර අපි ඔක්කොටම අවවාද දෙමින් හිටි විචාරක මහත්තයා නේද ? අනේ හැබෑට මේ විදිහට එළවළු (වට්ටක්ක වැටකොළු) කඩ පෙන්නන එක හරිද මං අහන්නෙ ?

  4. අර තාරද වක්කරන්නේ?????

  5. සෑමගෙ මොනවා නරක් වෙන්නද ? ඌ නරක් වෙලා ඉවරයි..මට දුක නාඩියා ගැන…උගෙ නාඩි වේගය වැඩි වෙලාද දන්නෙත් නෑ.

  6. ඔබේ බ්ලොගර් අඩවියට යන්න පාරක් මේ වර්ඩ්ප්‍රෙස් එකෙත් තිනං පහසුයි. මට ඒක හොයාගන්න බෑ.

  7. හෆොයි බලලා පික්සු හැදුනා අප්පා.රෑට අහවල් වැඩේ කරන්ඩ ඇඳුම් ගලවද්දි මිනිහට නින්ද යනවා ඇති බලං ඉඳලා මහන්සියට

  8. මරුනෙ විචාරක තුමා,අසෝකන් කැබරේ බලන්න ගිය ගමන මට මතක් උනා.

  9. ක්සැන්ඩර් said:

    ඇයි යකෝ මේ ගෑනි ලොන්ඩ්රියක් ම ඇඳගෙන නේ. ඒ මදිවට මොනවාද අර වක්කරනවා.. අනේ මන්දා පිස්සු හැදෙනවා ඒක බැලුවම..

  10. chichee

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න