විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com



6a00d83451c0bf69e200e54f197b3e8833-800wi     දැන්නම් මේ ලිපි පෙළට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙන බව පෙනෙනවා. එමෙන්ම මට අමතක වූ කරුණු සහ මා නොදැන සිටි කරුණුද මතක් කර දෙන සියළු දෙනාට හද පත්ලෙන්ම ස්තුති වන්ත වෙනවා. එවැනි තොරතුරු නිසා, මේ ලිපි මාලාව තවත් දුරට ගෙන යා හැකි බවක් පෙනෙනවා. නමුත් අනවශ්‍ය ලෙස දීර්ඝ ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ. මේ ලිපි මාලාවේ පසුගිය කොටස් දෙක නොකියවූ අයට මෙතනින් පළමුවැනි කොටස සහ මෙතනින් දෙවැනි කොටස කියවන්න පුළුවන්. මා, මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන වේගය වැඩි බවත් එක් පාඨකයකු කියා තිබුණා. නමුත් මා තෝරාගෙන ඇති වාහන වර්ග රාශියක් ඇති නිසා විස්තර ලිවීම කෙටිකර පින්තූර වලට ප්‍රමුඛත්වය දියයුතු වෙනවා.

IMG02331112706     අද මුලින්ම කරුණු සොයා බලමු බෙන්ස් – Benz වාහන පිළිබඳව. අද වුනත් ලෝකයේ තිබෙන විශිෂ්ඨතම වාහන වර්ගයක් ලෙස බෙන්ස් වාහන වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. විශේෂයෙන්ම ලිමොසීන් – Limousine මෝස්තරයේ වාහන සඳහා බෙන්ස් නාමය ඉහළින්ම තිබෙනවා. බෙන්ස් වාහන මගේ මතකයේ තිබෙන්නේ එක්තරා විශේෂ හේතුවක් නිසා. 1960 දශකයේ අග භාගයේදී ලංකාවේ විකිනුණු, ශත 50 ක වටිනාකමකින් යුත්, ජාතික ලොතරැයියේ පළමුවැනි ත්‍යාගය ලෙස, රුපියල් ලක්ෂයක් හෝ බෙන්ස් කාර් එකක් සමග රුපියල් 50,000 ක් ලබාගැනීමට අවස්ථාව ලැබුණා. නමුත් පහත දැක්වෙන පින්තූරයේ තිබෙන ලොතරැයි පතේ දක්වා තිබෙන්නේ තෑග්ග ලෙස ෆෝර්ඩ් ඇන්ග්ලියා කාර් එකක් දෙන බවයි.

c27f5f88-b15e-11e2-9a07-123143013573

බෙන්ස් එකක් ලැබීම අද කාලයේ නම් හරියට රුපියල් ලක්ෂ 50ක් සමග ලිමොසීන් එකක් ලැබුණා වගේ. ඒ කාලයේ බෙන්ස් වාහන දකින්න ලැබුනේ කලාතුරකින්. ඒ නිසා බෙන්ස් රථයක් පාරේ යනවිට මිනිස්සු හැරිලා බලනවා. මට මතක තිබෙන මෝස්‌තර කීපයක් පහත දක්වනවා. බෙන්ස් ලාංඡනය විවිධ කාලවලදී දැක්වුණේ මෙහෙමයි. 

Benz_Logo_Mannheim

1200px-Mercedes-Benz_W105_front_20070611

Heckflosse110

Mercedes_180_2_v_sst

Mercedes_strichacht_1_v_sst

mercedes

With-his-Mercedes-300x225

බෙන්ස් වාහන නිපදවන්නේ ජර්මනියේ බව මම නොකිව්වාට ඔබ දන්නවා ඇති.

   ජර්මනියේ නිෂ්පාදිත තවත් වාහන වර්ග ඒකාලයේ අපේ රටට ආවා. එයින් වඩාත් කැපීපෙනෙන වාහන වර්ගයක් වන්නේ ෆොක්ස්වැගන් Volkswagen වර්ගයේ වාහනයි. මේ වාහන වර්ගය ලංකාවේ අතිශයින්ම ජනප්‍රියවූ වාහන වර්ගයක්. මෙහි විවිධ මෝස්‌තර රාශියක් තිබුණු අතර එක මෝස්තරයක් හැඳින්වුණු ජනප්‍රිය නම වුණේ ‘කනේ මයිල් මොඩල්’ යන්නයි. වායුවෙන් සිසිල් වන එන්ජිමක් සහිතව එමෙන්ම එන්ජිම වාහනයේ පසුපස කොටසේ සවිකර නිපදවුණ මේ කාර් වර්ගය අලුත්වැඩියා කිරීමට විශේෂ දක්ෂතා ඇති කාර්මිකයන් එවකට හිටියේ බොහොම ටිකදෙනයි. මේ කාරයේ ඉදිරිපස පෙණුම සැකසුන ආකාරය ගැන එක්තරා කතාවක් තියනවා. නමුත් එය හුදෙක්ම කතාවක් පමණයි. මුලින්ම බලන්න ෆොක්ස්වැගන් ලාංඡනය කාලීනව වෙනස්වූ අයුරු.

volkswagen-logo-evolution

මේ වාහනයේ මෝස්‌තර කීපයක් පහත දක්වනවා. ෆොක්ස්වැගන් බීට්ල් beetle මෝස්තරය තමයි වඩාත්ම ජනප්‍රිය මෝස්තරය වුණේ. කාලෙන් කාලෙට එහි විවිධ වෙනස්කම් සිදුවුනා. මුල් කාලයේ කාර් වල විදුලි පද්ධතිය වෝල්ට් 6 ක බැටරියකින් ක්‍රියා කලේ. රාත්‍රී කාලයේදී එහි ප්‍රධාන ලාම්පු වලින් නිකුත්වුනේ බොහොම අඩු එළියක්. නමුත් 1960 දශකයේ අග භාගය වනවිට වෝල්ට් 12 විදුලි පද්ධතිය සහිත ෆොක්ස්වැගන් කාර් නිපදවුනා. ෆොක්ස්වැගන් කාර් වල එන්ජිම තිබුණේ, ඉදිරිපස නෙවෙයි පසුපස කියලා ඔබ දන්නවා ඇති. එමෙන්ම ඒ එන්ජිම වායුවෙන් සිසිල්වන එන්ජිමක් Air cool engine මේ පහත පින්තූරයෙන්, වාහනයේ සැකැස්ම ගැන, ඔබට යම් අවබෝධයක් ලැබෙනු ඇති. 

beetle001

තවත් පින්තූර මෙහි පහත දක්වනවා.   

1945-1959-volkswagen-beetle-10

vw-beetle

   අපි අද දිගටම කතාකරමින් ඉන්නේ ජර්මන් වාහන ගැන නිසා, තවත් ජර්මන් වාහන වර්ගයක් ගැන බලමු. මේ වර්ගයේ නම, බොග්වාර්ඩ් – Borgward මේ වාහන වර්ගය එතරම් ප්‍රචලිතව නොතිබුණත්, බොග්වාර්ඩ් ඉසබෙලා Borgward Isabella නමැති මෝස්තරය සෑහෙන්න දකින්න ලැබුන වාහනයක්. එය මනරම් පෙනුමකින් යුත් වාහනයක්. මේ ජර්මානු සමාගම 1961 දී බංකොලොත් වීම නිසා වසා දැමුණා.

borgward2

borgward__isabella_ts_56_sunroof_vat_1956_5_lgw

  බොග්වාර්ඩ් සමාගමේ නිෂ්පාදිත ‘බොග්වාර්ඩ් හන්සා’ කාර් ඉතා සීමිත සංඛ්‍යාවක් ඒ කාලේ අපේ රටේ දකින්න ලැබුණා. එය ඉතාම ලස්සන  කාරයක් බව මතකයි.

1200px-GoliathHansa1100Coupé-20050827

  හම්බර් – Humber වාහනත් එතරම් ජනප්‍රිය නොවුණු, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මහ විසාල කාර් වර්ගයක්. (මා වැරදීමකින් මෙය ජර්මනියේ කියා සඳහන් කර තිබුණා. නමුත් 711 Amila මට ඊ මේල් එකක් මගින් ඒ වැරදි බව පෙන්වා දුන්නා. ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා) නමුත් බොහොම ගරු ගාම්භීර පෙනුමක් නම් තිබුණා. ඒ වගේම මේ වාහන ආරක්‍ෂාව, ශක්තිය, කල්පැවැත්ම, සැප පහසුව, අතින් ඉතා උසස් වුනත්, ඉන්ධන පිරිමැසුම්දායක බව නම් බොහොම පහළයි.

HumberLogo1

200px-Humber-auto_1905_logo

Humber_Super_Snipe_4086cc_1952

Humber-Hawk

   අද ලිපියේ අවසාන කොටස වශයෙන් මා විස්තර කරන්නේ ලංකාවේ එතරම් ජනප්‍රිය නොවූ තවත් කාර් වර්ග කීපයක්. මුලින්ම දක්වන්නේ රෝල්ස් රොයිස් Rolls Royce වාහන. මේවා ඒ කාලේ ලංකාවේ ඉහලම ප්‍රභූ පැලැන්තියේ අය පාවිච්චි කළා මතකයි. එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා, අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා වැනි අයගේ නිළ රථ වශයෙන්, රෝල්ස් රොයිස් රථ තිබුණා මතකයි. රෝල්ස් රොයිස් රථයට ආවේනික වූ ඉදිරිපස සෙල් එක අති විශේෂ දෙයක්.

   රෝල්ස් රොයිස් ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය සහ රෝල්ස් රොයිස් රථ වල පින්තූර පහත දක්වනවා. 

4.-rolls-royce-logo

98235002

7189619920_0e9b22ca08

  වූල්ස්ලි Wolseley නම් වෙළඳ නාමයෙන් පැමිණි කාර් රථ සෑහෙන ගණනක් ලංකාවේ තිබුණා. මේ වාහන, කඳුකර මාර්ග වලට හොඳින් ඔරොත්තු දෙන බවත් මා අසා තිබෙනවා.  1975 දී මේ වාහන නිපදවීම අවසන් කර තිබෙනවා.

1200px-Wolseley_illuminating_radiator_badge

1200px-Wolseley_Four_forty_four_ca_1955_in_Hertfordshire

wolseley-1958

   ට්‍රයම්ප් Triumph සමාගම විසින් නිපදවන ලද මේෆ්ලවර් Mayflower නමැති කාර් මෝස්තරය එතරම් ජනප්‍රිය නොවුනේ, එහි තිබුණු පෙට්ටි හැඩය නිසා වන්නට ඇති. මටත් මේ වාහනය පෙනුණේ හරිම කැත හැඩයක් තියන වාහනයක් විදිහටයි.

Mayflower

   අදට මේ ඇති නේද? තවත් වාහන ගොඩක් ගැන විස්තර ඉදිරියේදී කියන්නම්.

my-signature-for-blog[1]     2014 මැයි මස 03 දින 0001 පැය

Advertisements

Comments on: "අපි දැකපු කාර් (තුන්වැනි කොටස) Vintage Cars in Our Time (Part Three)" (29)

  1. මට මතකයි අපේ මාමා ට තිබ්බා Symcar කියල Car ජාතියක්.

    • ඔබට බොහොම ස්තුතියි. මට අමතක වෙන්න ගිය වාහන වර්ගයක් මතක් කර දුන්නාට. මෙන්න පහලින් දානවා Simca එකක පින්තූරයක්.

  2. තවත් වටිනා සටහන් පෙලකි. මේ 1967 පමණ අසන්නට ලැබුණ ඇසූ කතා පුවතක්. ඔබේ ලිපි කියවද්දී මට ඒ කතාව සිහිවුනා. මා එකල නැවතී සිටියේ දඹර සුමණසාර නමැති හිමිපාණන් වහන්සේගෙ පොල්ගස්ඕවිට පන්සලේ. උන්වහන්සේ මුලින්ම කාර් පැමිණි අවදිය ගැන පැවසූ විස්තරය මතකයේ ඇති ආකාරයට මෙසේයි. “ඒ කාලෙ අපේ පියා වැඩ කළේ වරායෙ. අපි හිටියෙ හොරණ කිට්ටුව පිටිසර ගම්මානයක. ඒ කාලෙ මේ වගේ පාරවල් දියුණු වෙලා තිබුණෙ නෑ. කාර් ලංකාවට ආවට පස්සේ එහෙම ජාතියක් තියෙන්න පුළුවන් කියල තාත්තල වගේ දැකපු අය කිව්වත් ගම්වල හිටපු ඇත්තො විස්වාස කළේ නෑ. මුලින්ම කාර් එක ගොඩ බාල සුද්ද ඒකෙ නැගල ස්ටාට් කරපුවාම සද්දෙට බය වෙලා වටේ හිටපු මිනිස්සු ඈතට දුවන්න වුනාලු. සද්දෙ නවත්තල මිනිස්සුන්ට ළඟට එන්න කියල සුද්ද කිවුවම කිට්ටුවට ආවෙ ටික දෙනෙක්ලු. ආයෙත් ඉස්ටාට් කරල කාර්කේ ගියර් එක දාල යන්න වුනාම “සුද්ද ඉවරයි ආයෙනං ඕක නවත්ත ගන්න හමිබ වෙන එකක් නෑ“. කියල බලා හිටපු අය කණගාටු වුනාලු. අපේ තාත්ත ගෙදර ආවම කාර් ගැන කියන විස්තර අහගන්න මිනිස්සු ඇවිත් කටවල් ඇරගෙන පුදමෙන් අහගෙන හිටිය. ඒත් ඒව එච්චර විස්වාසෙට ගත්තේ නෑ. ඒ හින්ද සුද්ද වත්තට යන දවසේ කාර් එකක් පෙන්නන්න තාත්තා පොරොන්දුවුනා. ගෙදර අපි යි උදෙම ආපු මිනිස්සුයි එක්ක හොරණට ගියා. කාර් එක එනවයි කිව්ව වැලි පාර අයිනට ගියා. ඒත් ඒ වෙනකොට කාර් එක ගිහින්. කාර් එක ගිය රෝද පාර විතරයි ඉතිරි වෙලා තිබුණෙ. තාත්ත ඒක පෙන්නල විස්තර කළා. එදා අපි කාටත් රෝද පාරවල් විතරක් බලල ආපහු එන්න සිද්ද වුනා.“

    • ඉතාම අගනා විස්තරයක්. ඇත්තටම අපේ රටේ අහිංසක මිනිස්සු මේ නවීන තාක්ෂණයේ දේවල් දැකලා අන්ද මන්ද වීම පුදුමයක් නෙවෙයි.

  3. සමරසේකර said:

    ගොඩක් ආසාවෙන් මේ ලිපි පෙළ මා කියවුවේ.ඔබෆොක්ස්වැගන් කාර් ගැන නම් කරලතියෙන විස්තරය ඕනවට වඩා කෙටියි කියලයි මට හිතෙන්නෙ.එන්ජිම පිටිපස්සේ තියෙන නිසා කාර් එක හරි බැලන්ස්.සුව පහසු ආසන නිසා කොතරම් දුර ගියත් කොන්දේ කැක්කුම හැදෙන්නෙ නැහැ. ඕනෑම වංගුවක් ලෙහෙසියෙන් ගන්න පුළුවන්.මම මේ කියන්නේ 1986 ඉඳලා 2012 වන තුරු මේ කාර් එකක් ධාවනය කිරීමෙන් ලද අත්දැකීමෙන්. මුනින් අතට නමපු පොල් ලෙල්ල වගේ තියෙන බිටල් කාණ්ඩ යේ model 35ක් තියෙනවා.කනේ මයිල් කියල කියන්නේ ඉන් එක මෝස්තරයක් විතරයි

    සමරසේකර .

    • බොහොම ස්තුතියි මේ විස්තරය ඉදිරිපත් කිරීම ගැන. ආසාවට එළවලා තිබුණත් දීර්ඝ කාලීනව පාවිච්චි කරලා නැහැ. ඒ වගේම විශේෂත්වයක් නේද ෆොක්ස්වැගන් එන්ජිමේ හඬ. ඇස් දෙක පියාගෙන වුනත්, ඒ හඬින් කියන්න පුළුවන් මේ යන්නේ ෆොක්ස්වැගන් එකක් කියලා.

  4. ඩිලාන් said:

    වොක්ස්වැගන් වලින් ජනප්‍රිය උනු මිඩල් මොනාද?

    • වැඩියෙන්ම ජනප්‍රිය වුණේ බීට්ල් Beetle කියන මෝස්තරය තමයි බොහොම සුළු ප්‍රමාණයක් තිබුණා කාමන් ගිහා Karmann Giha යනුවෙන් මෝස්තරයක්. මේ පහතින් තියෙන්නේ ඒ මෝස්තරයේ පින්තූරයක්.

      Volkswagen Karmann Giha

    • සමරසේකර said:

      බිටල් මොඩල් (මගේ මිනිබිරි කියන්නේ ගෙම්බා මොඩල් කියලා) එකේ 1200,1300,1302 ආදී වශයෙන් මෝස්‌තර තියෙනවා. මේ ගෙම්බා මෝස්‌තර ඔක්කොම එකතු කලාම 35ක් තියෙනවා 1200 කාර් එක පුංචියි. ඉස්සරහ වීදුරුවත් පුංචියි ඒ උනත් හොඳින් පැට්‍රල් කරනවා.1300 ටිකක් ලොකුයි.ඉස්සරහ වීදුරුවත් ලොකුයි එක 1967දි තමයි නිෂ්පාදනය කලේ. මුල් කාලේ 1300 6 වොල්ට්ස් වලින් ආවත් පසුව ආවේ 12 වොල්ට්ස් වලින්.හෝස් පවර් එකත් වැඩියි. ඒ නිසා 1200 තරම් පැට්‍රල් කරන්නේ නැහැ.1302 තව ටිකක් ලොකුයි.ඉස්සරහට කොයිල් ස්ප්‍රින් තියෙන්නේ.ඩිස්ක් බ්‍රේක් එහෙමත් තියෙනවා.ඉස්සරහ වීදුරුව පුම්බල තියෙන්නේ.1300ත වඩා අඩුවෙන් පැට්‍රල් කරන්නෙ. විදුලියේත් වෙනස්කම් තියෙනවා.කුලින් ෆෑන් එක සවි කරලා තියෙන්නේ ආමිචර් එකේ අගට ඔර්ජිනල් ඔල්ටෙර්නේටෙර් සවි කරපු මෝස්‌තර තියෙන අතර අපේ රටේ කුලින් ෆෑන් එකට පැත්තකින් එල්ලපු ඔල්ටෙර්නේටෙර්ද දකින්නපුළුවන්.තව ඔරිජිනල් සෙමි ඔටෝමැටික් සහ වායුසමනය කල මෝ ස්තරයකුත් තියෙනවා.

  5. නිර්නාමික said:

    වොක්ස්වැගන් බීට්ල් වලින් අන්තිමට ආවෙ 1303-S. මුලින්ම ආවෙ 1200 මාදිලිය පිටුපස වීදුරුව කොටස් දෙකකට බෙදුනු එක.
    වොක්ස්වැගන් karmann වාහනය සැලසුම Ghia design house එකෙන්.
    ඉතාම ජනප්‍රිය ඉතාලි design house එකක් වන මෙය බොහෝ Ford වාහන වලට design සපයා තිබෙනවා.
    ලංකාවෙ වැඩිම Rolls Royce තිබුනෙ දිවංගත මහාචාර්ය ඇන්ටන් ජයසූරියට.
    Wolseley 1500 කාර් එකක් කැටවලමුල්ලෙ වෙද මහත්තය ලඟ තිබුණා.
    ලොකුම මර්සිඩිස් එකතුව තිබුණෙ කුමාර් පොන්නම්බලම් ලඟ.
    @ සමරසේකර
    එන්ජිම පිටිපස්සෙ තියන නිසා කාර් එක බැලන්ස් කියල කියන්න බැහැ. නමුත් RR layout නිසා එදා යුගයෙ හැටියට cornering නම් ලේසි වුනා. 6V ඩයිනමෝ යුගයෙදි රෑ ගමනක් ගිහින් වැස්සොත් අබ සරණයි.

  6. අර ඕල්ඩ් ක්‍රොක්ස් ‍රැලි එක තාමත් තියෙනවානම් ඔව්ව ගොඩක් බලන්න පුළුවන්

  7. නිර්නාමික said:

    @tchandrasiri

    ඕල්ටනේටරය හඳුන්වා දීමට පෙර බැටරිය ආරෝපණය වීමේ ගැටළු හුඟක් තිබුණා. ඔය යුගයෙදි වාහන වල විදුලි අවශ්‍යතාවය බොහොම සීමිතයි. එනම් බොහෝවිට ප්‍රධාන ලාම්පු, වයිපරය සහ නළාව පමණයි.එයිනුත් නළාව අත්‍යවශ්‍ය නැහැ ඒක අමතක කරමු. voltage regulation සඳහා තිබුනෙ mechanical cut-out එකක්. රාත්‍රියට ගමනක් යනවා නම් cut out setting එක වෙනස් කරන්න වෙනවා. මොකද දවාලට ඒ setting එකෙන් ගියොත් over charge වෙනවා. අනිත් එක dynamo එක කැරකෙන වේගය (RPM) අඩුනම් චාර්ජ් වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ හෙමින් ගියොත් නැත්නම් idling වලදි චාර්ජ් වෙන්නෙ නැහැ. ඒ මදිවට වැස්සොත් වයිපරයත් වාවිච්චි කරන්න වෙනවා. දැන් තේරුණා ද ? ඕල්ටනේටරය ආවට පස්සෙ ඔය සියළු දෝස නිවාරණයි. මොකද ඕල්ටනේටරය ඉතාම අඩු RPM එකකදිත් නියමිත වෝල්ටීයතා අගය ලබා දෙනවා. අනිත් එක electronic regulator එක විශාල load fluctuation එකක් වුනත් (A/C on off වගේ) හොඳින් handle කරනවා.

  8. අද ලිපිය තුල මගේ බොක්කෙ වාහනේ වන වොක්ස්වැගන් බීට්ල් එක ගැන ලියා තියෙන නිසා සිරා කොලුවාට අම්බානට කික් බව ඉස්සෙල්ලාම කිව යුතුයි. මේ කියන වොක්ස් වැගන් බීට්ල් කාර් එක තමයි මේ ලෝකයේ වැඩිපුරම විකිණිලා තියෙන වාහනේ…1938 සිට 2003 වසරෙ මෙක්සිකෝ නිෂාපාදනාගාරයෙන් මේ රථ නිපදවීම අවසන් කරන අවස්ථාව වන විට කෝටි 20 කට මදක් වැඩි වාහන සංඛ්‍යාවක් අළෙවි කර තිබුනා. එය තවමත් නොබිදී පවතින වාර්තාවක්..සීරීස් එකක් ලෙස ලෝකයේ වැඩිපුරම වාහන විකුණලා තියෙන්නෙ ටොයෝටා කොරොල්ලා මාදිලියෙ වාහන.

    අනිත් කාරනය තමයි බීට්ල් කාරය ලෝකයේ මහද්වීප 5 හැම රටකම වගේ දක්නට ලැබීම…හැම රටකම ඒකක එකක් හරි තියෙන වෙනත් කිසිම වාහනයක් නෑ කියලයි කියන්නෙ. දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රයෝජනයට ගන්න හිට්ලර්ගෙ අණට සැලසුම් වෙච්ච මේ වාහනේ සැලසුම් ශිල්පියා තමයි ෆර්ඩිනන්ඩ් පෝෂ්….පස්සෙ කාලෙක පෝෂ් කියලා වෙනමම නාමයකින් වාහන සැලසුම් කලෙත් මේ නිර්මාණකරුවාම තමයි. එයාර් කූලිං එන්ජිමක් බීට්ල් එකට සවි කරලා තියෙන්නෙ රළු පරිසර පද්ධති වල පහසුවෙන් ධාවනය කරන්න…මොකද යුද්ධයේදී පාවිච්චියට ගන්න නොවැ හැදුවෙ.

    වොක්ස් වැගන් කියන ජර්මන් වචන වල තේරුම පොදු ජනයාගේ රථය යනුවෙන් බවයි මම අහලා තියෙන්නෙ. මුල් කාලයේදි සාමාන්‍ය ජනතාවට මිළදී ගත හැකි මිළකට මේ රථ වෙළදපොලට නිකුත් වෙච්ච නිසා ජනතාවගේ රථය කියලත් මේකට කියනවා…කොච්චර කථා කලත් මට නම් ඇතිවෙන්නෙ නැති වොක්ස් වැගන් බීට්ල් කාර් එක වෙනුවෙන් මම 2008 වසරෙදි Flickr අඩවියේ ආරම්භ කරපු ගෘෘප් එකේ ලින්කුවකුත් මෙතනම හලන්නම්…බීට්ල් රසිකයන්ට එතන ඡායාරූප 7000 කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා ලොව වටා බීට්ල් ප්‍රේමියො එකතු කරපු.

    https://www.flickr.com/groups/vw_beetle/pool

    4 ශ්‍රී ගින්දර වගේ බෝග්වාර්ඩ් කාර් එකක් මම දැක්කෙ නිට්ටඹුව පොල් අතු බත් කඩේ බත් කාපු දවසක..ඒකෙ ආපු වයසක කෙනා බොහොම ප්‍රතාපවත් පෙනුමක් තිබුන කෙනෙක්. ලෝකයේ පළමු වාහනය නිපදවපු කෙනා තමයි ඩේම්ලර්..එයා පටන් ගත්ත ව්‍යාපාරෙට පස්සෙ එකතු උනේ කාල් බෙන්ස්…මේ දෙන්නා ඩේම්ලර් බෙන්ස් කියලයි ඉස්සෙල්ලා තමන්ගෙ වෙළද නාමය විදියට භාවිතා කලේ..නමුත් පස්සෙ කාල් බෙන්ස් තමන්ගෙ සිගිති දියණියගේ නම යෙදුවා මර්සිඩීස් බෙන්ස් කියලා…වාහන ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වෙන්න ඇත්තෙ මෙතැනදී පමණයි.

    සුපිරිම තත්වයේ වූස්ලි කාර් එකක් තියෙනවා කඩවත ආම්ස්ට්‍රෝන්ග් කොන්ක්‍රීට් වලින් කල නිෂාපදන අළෙවි කරන හිමිකරුට…එය අදටත් සතියකට දවසක් දෙකක් කොළඹ යනවාලු…මම වතාවක් එහි අංග සම්පූර්ණ ඡායාරූප රැසක් ගත්තා…ගෙදර පරිගණකයෙ තමයි ඒවා තිබුනෙ…ඒ වාහනේ සිග්නල් ලයිට් වෙනුවට එළියට එන අතක් වගේ කොටසක් තමයි තිබුනෙ. විචාරක තුමාට ජය වේවා….

    • මට තේරෙන්නේ නැහැ සිරාට කොහොම ස්තුති කරන්නද කියලා ලිපියක් තරම් වටින මේ අගනා විස්තරයක් දීම ගැන. ඇත්තටම ෆොක්ස්වැගන් එක ගැන පොත් පවා ලියවී තිබෙනවා. මම මේ ලිපි වලින් කරන්නේ මෙන්න මේ වගේ දෙයක් තිබුණා කියලා පෙන්වීම පමණක් නිසයි වැඩි විස්තර නොලියන්නේ. අනේක වාරයක් ස්තුතියි මේ විස්තරයට.

    • නිර්නාමික said:

      සිරෝ..

      පළමුවෙනි එක ඔය නම ෆෝක්ස්වාගන් මිස වොක්ස්වැගන් නොවේ. මේක ජර්මන් නමක්නෙ. ඉංග්‍රිසි folks(ජනතාව) කියන වචනය ජර්මන් බසින් volks නමුත් ශබ්දය ‘ෆෝක්ස්වාගන්’.

      දෙවැනි එක මර්සිඩිස් යනු කාල් බෙන්ස් ගෙ දියණිය නොවේ. සමාගමේ ප්‍රධාන මූල්‍ය දායකයා වූ Emil Jellinek ගේ දියණියයි.

      ඒ නිසා ඉතිහාසය ගැන ලියනකොට පරිස්සම් වෙයන්. හිතුණ හිතුණ දේ ලියන්න එපා.

      • බොහොම ස්තුතියි ඔබේ දායකත්වයට. බැරිද ඔය තොරතුරු කියවිය හැකි මූලාශ්‍ර වලට සබැඳියාවන් කීපයක් දෙන්න.

    • සිරා … ඔබ දැකපු බෝග්වාඩ් කාර් එකේ ආපු ප්‍රතාපවත් පුද්ගලයා මගේ නෑ කමට මහප්ප කෙනෙක් වෙනවා… ආරියරත්න නම … වේයන්ගොඩ ඉස්කෝලේ හිටපු උප විදුහල්පති ..එයාගේ කාර් එකේ පිටිපස්සේ වීදුරුවේ ගහල තියනවා “queen Isabella is older than you” කියලා…

  9. @ නිර්නාමි….මම මේ වගේ කරුණු බොහොමයක් දැනගත්තෙ අන්තර්ජාලයේ විවිධ ලිපි කියවීමෙන්ම තමයි. මර්සිඩීස් නම හැදුන හැටි ගැන මම කියවපු එක් ලිපියක තිබුනෙ මම මෙහි කමෙන්ටුවේ පල කල විස්තරය…අද නැවතත් ඔබේ පිළිතුර දැක්කට පස්සෙ ජාලයේ හොයලා බැලුවා…එහිදී ඔබේ පිළිතුර නිවැරදි බව දක්නට ලැබුනා. ස්තූතියි ඒ පිළිබද…

    ඊයෙ මට කියන්න බැරි වුන දෙයක් තිබුනා…ඒ තමයි දොස්තර ඇන්ටන් ජයසූරියගෙ රෝල්ස් රොයිස් සහ කැඩිලැක් වාහන ඇතුලත් කෞතුකාගාරය. එතුමා සතුව තිබූ මේ වර්ග වල වාහන කීපයක් කිතුල්ගල මට මතක විදියට The Plantation හෝටලයේ එක් තැනක ප්‍රදර්ශනය කරනවා. අහම්බෙන් එතනට ගිය දවසක තමයි මමත් දැක්කෙ…විචාරක තුමා ඉහළ පාවිච්චි කරලා තියෙන රෝල්ස් රොයිස් වාහනෙත් එතන තියෙන එකක්.

    • මමත් ඒ කෞතුකාගාරය දැකලා තියනවා 1980 ගණන්වල.

    • Sira & Wisharaka,
      Ow, eka hari, thawamath eya esema Mahajana pradarshanayata thaba atha, oba pera sadahan kara RR 19-xxxx thawamath esema atha, watina Jaguar rathayak, Cadilac. eya narambeemata onama kenekuta awasthawa thawamath atha, siyalu thorathuru adangu wagema, asa danaganeemata pudgalayekuda siri,

      Sira,
      Ow, The plantation hotel @ kithulgala

  10. විචාරක නියම ලිපි පෙළක්… නොදන්නා ගොඩක් දේවල් අද කියවලා දැනගත්තා. හරිම සතුටුයි…. දිගට ම ලියන්න……………………

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: