විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


     පුරුෂයකු සතු සුවිශේෂී පරම සුන්දර ජෛව ක්‍රියාවක් වන, ලෝකාස්වාද රතියෙහි යෙදීමට තරම් ලිංගික ශක්තිය නැති තැනැත්තා, ‘නපුංසකයා’ ලෙස හැඳින්වීම වරදක් නොවෙයිනේ. එමෙන්ම සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී, ඍජුව අදහස් ප්‍රකාශ කළ නොහැකි තැනැත්තාද, එක්තරා නපුංසක ගණයකට දැමීමේ වරදක් ඇතැයි මම නොසිතමි. එවැනි සාහිත්‍ය භාෂා ඥානයෙන් නපුංසක තත්වයට පත්වුවකු, අච්චාරු භාෂාවෙන් ලියන ලද ප්‍රලාපයක් දැකීමෙන් පසු, ඊයේ මම කලකට පසු, හාස්‍යජනක ලිපියක් කියවීමේ ප්‍රීති ප්‍රමෝදයට පත්වීමි. මේ සාහිත්‍ය භාෂා නපුංසකයා අන් කවරකුවත් නොව, මගේ නම කෙළින්ම කියාගන්නට බැරි තරම් හිතේ හයියක් නැති, කතන්දරකාරයා නමින් බ්ලොග් ලියන්නාය. පුරුෂ ලිංගය හොඳින් තිබියදී, වෘෂණ කෝෂ දෙක මගින් සංවාසයේ යෙදෙන්නට තැත් කරනවාක් මෙන්, මේ පුඟුලා, තම අව්‍යක්ත, අච්චාරු, සිංහලටත් ඉංගිරිසියයටත් නැති භාෂා විලාශයෙන්, කියන අඬෝවැඩියාව, මොවුන්ගේ පරපුරට අත්වූ එක්තරා ඛේදවාචකයක් මොනවට පිළිබිඹු කරවයි.

   මේ සියල්ලේ ආරම්භය සිදුවුයේ, අස්වැන්න නමැති බ්ලොග් අඩවියේදී, මා දක්වන ලද අදහසක් පදනම් කරගෙන, මේ කතන්දර පුඟුලා, තම පිළිතුරු අදහස් දැක්වීමක් අරබයා, මා සියුම් උපහාසයක් කැටිකොට දුන් පිළිතුර, මොහුගේ මස්තිෂ්ක කුහරය තුළ තවමත් නින්නාද වන, මහා වේදනාවක් බවට පත්වීමයි. මා අදහස් කරන ලද්දේ කුමක්ද යන්න වටහා ගැනීමට, තරම් භාෂා සහ සාහිත්‍ය ඥානයක් මොහු තුළ නොමැති බව, මොනවට පසක් වන්නේ, මගේ ප්‍රකාශය තුළ තිබුණු යටිපෙළ අරුත තේරුම් ගැනීමට, මොහුගේ ද්‍රව්‍යවාදී චින්තනය, මොහුට ඉඩ හසරක් නොදීමයි. ඒ වේදනාව පිටකරගන්නට ක්‍රමවේදයක් සොයමින් වෙහෙසුණු මොහු, අවස්ථාවාදීව මගේ බ්ලොග් අඩවියට රිංගා, කලින් සැළසුම් කර අදහස් දැක්වීමක් ඉදිරිපත් කර, එයට මා ලබාදුන් පිළිතුර පදනම් කරගෙන,  දෙවනුව, ඔහුගේ උපක්‍රමශීලී අපහාසාත්මක අදහස් දැක්වීමක්, එතනට එබීමයි. අස්වැන්න අඩවියේදී මෙන්ම මෙහිදීද මට සිදුවුයේ, මොහුට ‘භාෂා හා සාහිත්‍යමය කණේ පහරක්’ එල්ල කිරීමටයි. දෙවරක්ම බලවත් චිත්ත පීඩාවට පත්වූ මොහු, තම දුර්වල, අශ්ලීල, අඥාන, භාෂා විලාශය පෙන්වමින්, ලියා ඇති ප්‍රලාපය, මොහු කෙබන්දකු ද යන්න, සක්සුදක් සේ පැහැදිළි කරවයි. උපහාසය දැක්වීමට පවා සිංහල වචන නොදත් මොහු, සාහිත්‍යය ගැන කරන කතාව ගැරඬියා කැබිලිති කටු වැනීමක් හා සාකල්‍යයෙන්ම සමාන වෙයි. අච්චාරු වචන නොදමා, පැහැදිළි සරල සිංහලෙන් ලියන්නට බැරි පුඟුලකු සමග, කුමන සාහිත්‍ය සංවාද ද? 

  මේ සිද්ධි දාමයේදී, මා පළමුවෙන්ම, පාඨක ඔබවෙත, මගේ ස්ථාවරය පැහැදිළි නොකළහොත්, මේ ලිපිය හුදු ප්‍රලාපයක් ලෙස ඔබද සළකන්නට ඉඩ තිබෙන නිසා, සවිස්තරව මෙසේ දක්වන්නෙමි. අස්වැන්න අඩවියේදී මා අදහස් කළේ, සාහිත්‍යය විෂයය පාසලෙන් ඉවතට විසිවීම, (ඇත්තටම වුණේ, අමන දේශපාලු තීන්දු නිසා, සාහිත්‍යය කන්නද කියා ඇසු දේශපාලන අම්බරුවන් විසින්, සාහිත්‍යය විෂයය පාසලෙන් ඉවතට විසි කිරීමයි) අවාසනාවන්ත තත්වයක් බවත්, ඒ නිසාම යන්තම් කවි, කෙටිකතා, ගීත කීපයක් පමණක් උගත් දරුවන් ‘මම සාහිත්‍යය උගතෙක්මි’ කියන අනුවන සංකල්පය ග්‍රහණය කර ගැනීමත්ය. කතන්දරකාරයාට පොට වැරදුනේ එතැනිණි. කතන්දර කාරයා හිතන්නේ, සාහිත්‍යය යනු, කඩදාසියක මුද්‍රිත, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය, වැනි සහතික වලින් මනින විෂය පථයක් කියා ය. මට එකවරම මතක් වුණේ මට්ටම් පොල්ලක් සහ දියර බින්දු සමතුලකයක් අතින් ගත් බාස් උන්නැහේ කෙනෙකි. බාස් උන්නැහේලා කියන විදිහට ‘ලෙවල් බැලීම’ කරන්නට සාහිත්‍යය යනු, ගොඩනැගිල්ලක් නොවේ.

  පුද්ගලයකු සතු සාහිත්‍ය හැකියාව විභාගයකින් මැනිය හැක්කක් නොවේ. සාහිත්‍ය දැණුම ඒ විෂයයෙහි ගැලීමෙන් කිසියම් පුද්ගලයකු ලබාගන්නා පරිචයකි. අසහාය සාහිත්‍යධරයන් වන, මාර්ටින් වික්‍රමසිංහ ශූරීහු, ජී.බී. සේනානායක ශූරීහු, අර ලෙවල්, මේ ලෙවල්, සමත් වුවෝ නොවෙති. ඔවුන් සාහිත්‍යය සහ භාෂා ඥානය උකහාගත්තේ, ඒ විෂයයට අදාළ, ලිවීම, කියවීම, ඇහුම්කන්දීම, සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගිවීම, ඈ බහුවිධ සතතාභ්‍යාසයන්හි යෙදීමෙන් විනා, අච්චාරු බ්ලොග් කියවීමෙන් නොවේ. අසහාය ජනප්‍රිය ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස්, මහා උගතකු හෝ සහතික ගොඩක හිමිකරුවකු නොවේ. ඔහු උගත්තේද කියවීමෙන් සහ ඇහුම්කන්දීමෙනි. නොකඩවා, වැරදි වැරදී, නැවත නැවත ලිවීමෙනි. තමනට වඩා සාහිත්‍යකරණයෙහි පිරිපුන් අය ඇසුරු කිරීමෙනි. නමුත් අද අවශ්‍ය, ක්ෂණිකව විකිණිය හැකි නිර්මාණ පමණි. සමහර බ්ලොග් ලියන්නෝ, තම රචනාවන්ගෙන් 75% කටත් වඩා, ලිංගිකත්වය සහ කුණු රසය බෙදන අශූචි ගොඩවල් බවට පත්කරගෙන තිබෙන්නේ, ‘කියවන්නාට මොක වුනත් කමක් නැහැ මගේ ගොඩ වැඩි වෙනවනම්’ යන හැඟීමෙනි. ඒ ගැන ඔවුන්ගේ තර්කය වලංගු වන්නේ උන්මත්තකාගාරයක සිටින්නවුන්ට පමණි. ‘ඇයි බලන්න එන්නේ?’ ඒ ප්‍රශනය අසන පුද්ගලයා, තම හෘද සාක්ෂියෙන් ගැලවෙන්නට කරන බොළඳ ප්‍රකාශ කරුවකු විනා, තම රචනයේ වගකීම දරන්නකු නොවේ.

  වර්තමාන පරපුරේ භාෂා ඥානයේ ඇදවැටීම එක් උදාහරණයකින් පෙන්වමි. මේ බලන්න මේ අඩවිය. මේ රචකයා තාක්ෂණ දැණුමෙන් පිරිපුන් අයකු බව නොකිවමනාය. එහෙත් සිංහලෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී ඔහු කොතරම් දුර්වලද? ඔහුගේ සීමිත වාග්මාලාව ඔහුටම අභියෝගයක් වෙයි. ඒ හැර ඔහු නොසැළකිල්ලෙන්ද ක්‍රියා කරයි. ‘ඔන්න එහෙනම් පහළින් තියන ………..’ යන වාක්‍යය දෙස බලන්න. බලන්න ඔහු කියන්නේ කුමකින් යන්න කියාද? ලිපිය ලියා එය නැවත බලන්නේවත් නැද්ද?

  භාෂා සහ සාහිත්‍ය ඥානයෙන් දුප්පත්වූ පරපුර, ඊළඟට තව දුරටත් නොමග ගියේ, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිනී නාලිකා වලින්, තම වෙළඳ ලාභය වැඩිදියුණු කරගැනීමේ කපටි අරමුණෙන් යුක්තව, මෙකී පරපුර ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ/කරන හරසුන් බොළඳ වැඩසටහන් නිසාවෙනි. මේ පරපුර තුළින් ගිලිහුණු වැදගත්ම සාධකය වුයේ, විභාගය සමත්වීම සඳහා පමණක් භාෂා හා සාහිත්‍ය දැණුම සීමා කරගැනීමයි. මව්බස ද, ‘පාසලේදී ඉගෙනගන්නා තවත් එක් විෂයයක් පමණි’ යන සිතුවිල්ලෙන් අන්ධවූ මේ පරපුර, මෙලෙස වල්මත්වීම පුදුමයක් නොවේ. ඒ හේතුව නිසාම, ඉතා පහසුවෙන්, මොවුන් අවර ගණයේ වෙළඳ භාණ්ඩ වැනි ගීත, ටෙලි නාට්‍ය, වෙත පහසුවෙන් අද්දවාගෙන, තමන්ට පැවැත්මක් සාදාගන්නට, සංගීත නාට්‍ය වැද්දෝ සමත්වෙති.

  මෙහිදී දෙකොනින් හිනායන අදහසක් ද, මම එක්තරා අඩවියකදී කියවුවෙමි. අමරදේව ශූරීන්, අරයා මෙයා එක්ක සින්දු කිව්වාට, කවුරුත් මොකුත් කියන්නේ නැත්තේ ඇයි? යනු ඒ අදහසයි. මොවුන්ගේ නොදන්නාකමට මෙහිදී පිළිතුරු දියයුතුය. අමරදේව ශූරීන්, ‘අනේ මා එක්ක ගීතයක් ගායනා කරන්න එන්න’ කියා කාටවත් ඇරයුම් කළේ නැත. සිදුවුයේ එහි අනික් පැත්තය. ඔහු සමග ගීත ගායනා කල බොහෝදෙනෙකු බලාපොරොත්තු වුණේ තමන්ගේ පැවැත්ම සඳහා අමරදේව ශූරීන්ගේ ප්‍රතිරූපයෙන් යම් තල්ලුවක් ලබාගැනීමය. ‘දන්නවද මම අමරදේව එක්කත් සින්දු කියලා තියනවා’ කියා කීමෙන් මමත්වය වර්ධනය කරගැනීමය.

  (මෙහිදී මට එක්තරා සිද්ධියක් මතක්වේ. ගාමිණී ෆොන්සේකා ශූරීන් විසින් නිර්මිත ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටියේ ජවනිකා කීපයක මම පෙනීසිටිමි. එහෙත් ඒවා හුදු පෙනීසිටීම් මිස රඟපෑම් නොවේ. එබැවින් එහි කිසිදු නිර්මානාත්මක හෝ සිනමාත්මක වටිනාකමක් නැත. මගේ මිතුරන් එය දැක, මා විමසන තුරුත්, මම එය රහසක්ව තබාගත්තේ, එහි කිසිදු වටිනාකමක් නැති නිසාය. මේ චිත්‍රපටියේම වැදගත් චරිත දෙකක් නිරූපණය කළ, ශ්‍රී ලංකා යුද හමුදාවේ, කර්නල් උපාලි ගජනායක සහ මේජර් ජෙනරල් අබේරත්න යන දෙදෙනා, ඉන්පසුව කිසිදිනක ඒ ගැන කතා කළේවත් නැත. ඒ ඔවුන් තම පුහුණුවෙන් ලද උසස් ශික්ෂණයයි. මම ගාමිණී ෆොන්සේකා එක්ක රඟපෑවා කියා නම්බුනාම ගන්නට ඔවුන් දෙදෙනා තුළ කිසිදු අභිලාශයක් කිසි දිනක නොතිබුණි. හැබැයි මේ ලෙවල් බාස් කෙනෙකුට එහෙම අවස්ථාවක් ලැබුනානම් කොහොමට පම්පෝරි ගහයිද?  නමුත් හමුදාව යනු සිරගෙයක් යයි සිතන, (අර කනේ පාර නිසා තවමත් රිදෙනවාද නොදනිමි) කතන්දර පුඟුලා සිතන්නේත්, කියන්නේත්,  හමුදාව යනු කිසිදු සෞන්දර්යයාත්මක හැඟීමක් නැතියවුන් සිටින තැනකියි කියා ය.) 

  එහෙත් ඔය කියන කිසිවෙකුත් ගීත ලෝකය තුළ පැවැත්මක් ගොඩනගාගෙන නැත. ඔවුන් හිස් පඹයන් පමණි. ගායනයක් යනු දෙකනින් අසා රස විඳිය හැකි නිර්මාණයක් වියයුතුය. හුදු ශබ්ද මාලාවකට ( එයින් බොහෝ කොටසක් වෙනත් තනු වලින් ගෙන පරිගණකය මගින් වෙනස් කළ ඒවාය) කාමුක රූප පෙළක් ඔබා, ගායනයේදී අත්‍යන්තයෙන්ම ප්‍රමුඛස්ථානය ලැබෙන, ස්වර පාලනය, ශෘතියෙහි පිහිටීම, නිවැරදි උච්ඡාරණය, පසෙක දමා, අර කාමුක රූප පෙළ ඉදිරිපත් කරන ‘රූප සින්දු කාරයෝ’ එක්තරා බම්මන්නන් වර්ගයක් පමණි.

  තම ඊනියා නිර්මාණ තවදුරටත් නොවිකිනෙන විට, කොත්තු විකිණීමේ, ට්‍රැක්ටර්, සිමෙන්ති, යකඩ, විකිණීමේ වෙළඳ දැන්වීම් මගින් හා කුප්‍රකට වේදිකා මත වෛශ්‍යාවන් උලුප්පා දක්වන තත්වයට පත්වන්නේ, ඔවුන් නිකම්ම නිකම් පුස්සන් නිසාය. අපි අදත් අනුරාධපුරයේ පොළොන්නරුවේ යමු. එහෙත් එසේ යන බහුතරය රස විදින්නේ එහි ඇති කළා නිර්මානයක සියුම් බව නොවේ. එහි ඇති නාරි දේහයක පියයුරේ විශාලත්වය, එකල්හි පවා සමලිංගික සේවනය කෙසේ තිබෙන්නට ඇද්ද? යන අදහස් පමණි. සමහර සුපර් ස්ටාර්ලා මුල් ගැයුමටත් වඩා හොඳින් ගයනවාලු. අඳෝමැයි! මේ විප්‍රකාරය තුළින්ම මොවුන්ගේ අවර ගණයේ මානසිකත්වය පිළිබිඹු වෙයි. සුපර් ස්ටාර්ලා ගේ නිර්මාණ අසන්නන් තුළ රඳා නොපවතින්නේ ඇයි? මේ සියල්ලටම හේතුව භාෂා ඥානය හා සාහිත්‍යමය හැකියාව වර්ධනය කරගෙන නොතිබීමයි. නමුත්, මේ සියල්ල අධ්‍යාපන සහතික පත්‍ර වලින් මැනිය හැකියැයි සිතන මට්ටම් පොලු බාස්ලා, සියල්ල දත් ජගතා මම් ම වේදැයි සිතා, කැහැටු එළුවකු මෙන් බෑඟිරි ගායි. ඒ මට්ටමේ ම සිටිමින් සිතන අමනොඥයෝ, එය සෛන්ධවයකුගේ හේශාරවයකැයි මුග්ධාවබෝධයට පැමිණෙති. අර කැහැට්ටාගේ වසුරු සිඹිති.   

  මේ මෑතකදී මම අපේ ගමේ ක්‍රීඩා සමාජයේ තරුණයන් පිරිසක් සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතර, ‘දැන් අර අහවලා සින්දු කියන්නේ නැත්තේ මොකද?’ කියා ඇසුවෙමි. ‘අයියෝ දැන් උගේ සින්දු වැඩක් නැහැ. දැන් නැගලා යන්නේ ….ගේ සින්දු’ ඔන්න මා ලද පිළිතුර. කල් යද්දී ඒ ගායකයා/ගායිකාව, ඌ/ඒකි බවට පත්වන්නේ ඇයි? මෙලෙස ඔවුන් ප්‍රතික්‍ෂේප වීමේ අර්ථය කුමක්ද? පවත්නා යමක් කිරීමට තරම්, මොවුන් තුළ ශක්‍යතාවක් නොමැති වීම ය. ගීත වලට නව අර්ථ කථන දීම කෙරෙහි, මේ පරපුර ගැන අනුකම්පාවක් ඇතිවන්නේ, ඔවුන් තම සීමිත දැණුම නමැති මට්ටම් පොල්ල පමණක් භාවිත කිරීමයි. සමලිංගිකත්වය වර්ධනය කිරීමට වැර දරන පරපුරක් අද සිටින බව නොරහසකි. මෙවන්නවුන්, ඉතා සූක්ෂ්මව සහ අවස්ථාවාදීව, තම අභිමතාර්ථයන් මුදුන්පත් කරවා ගැනීමට යොදන සටකපට ක්‍රියාකාරකම් එමටය. එහි එක්තරා ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් පැරණි සරල ගීත වලට ලිංගික අර්ථකතන දෙන්නට යන බහුතරයකගේ භාෂා සහ සාහිත්‍ය ඥානය විමසා බැලුවහොත්, ඔවුන්ගෙන් අති මහත් බහුතරය, විභාග සහතිකපත්‍ර ලාභීන් විනා, සාහිත්‍යය පරිහරණයෙන් පරිචයක් ලද්දෝ නොවෙති.

  කෙසේ වෙතත්, කතන්දරකාරයාට මෙන්ම මාතලන්ටද යමක් කීමට තිබේ. මොවුන් දෙදෙනා තුළ ඇති මෝහය දුරු කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. කතන්දරකාරයා සෑමවිටම යොදන්නේ ‘දරදඬු මිලිටරි රෙජීමය’ යන වදන පමණි. සාධක නොදක්වයි. රෙජීමය යනු රාජ්‍ය පාලන තන්ත්‍රයකි යන්නවත් මොහු අවබෝධ කරගෙන නැත. අපේ රටේ ඊනියා රෙජීමයක් නොතිබුණි. එක්කෝ මොහුට හමුදාව අප්‍රිය වුයේ, හමුදාවට බැඳීමට ගොස් අසමත් වූ නිසාද? නැතහොත් හරි වැරැද්ද නොපෙනෙන, මෝඩ හමුදා සාමාජිකයකු අතින් කනේ පාරක්වත් කෑම නිසාදැයි නොදනිමි. මේ ඔහු හමුදාව මතුපිටින් අතගා සකසාගත් හිතළුවකි. මෙවැන්නෝ, අන්ධයා අලියා ගැන අදහස් දැක්වීමට සමාන අදහස් දරන්නෝ වෙති. සමහර විට අලියාගේ ලිංගේන්ද්‍රිය එළියට ඇවිත් තිබුනානම්, එයද අතගා අලියාට කකුල් පහක් තිබේ කියා කීමට තරම්, මොහු මෝහයේ ගැලී සිටියි. මොහුට එක දෙයක් මතක් කර දියයුතුය. අදවනවිට, හමුදා නිළධාරීන් ලෙස පුහුණු පාසල් වලින් පිටවන සියලු දෙනා, උපාධිධරයෝය. එය ජාත්‍යන්තරව පිළිගන්නා උපාධියකි. ඊට අමතරව සෙසු නිලයන් පුහුණු කිරීමද ප්‍රමිතිකරණය කර තිබේ. හමුදාවේ අපිට තරම් සමාජයේ හැසිරෙන හැටි කියාදෙන වෙනත් ආයතනයක් සිවිල් සමාජයේ නැතිතරම්ය.

  සොල්දාදුවා වඩේ එකක් කා තේ එකක් බොන්නට හෝටලයට ගියත්, ඔහුගේ බෑග් එක ඒ හෝටලයේ අපිරිසිදු බිම නොතබයි. ඔහු වාඩිවූ මේසය අපිරිසිදුනම්, වේටරයකු අමතා, එය පිරිසිදු කරන ලෙස දන්වයි. ඔහු වාඩිවෙන්නේ හෝටලයේ පුළුල් පරාසයක් නිරීක්ෂණය කළහැකි ආකාරයටය. ඔහු කතාකරන්නේ අවශ්‍යනම් පමණි. ඔහු වාඩිවෙන ඉරියව්වද සංවර සහ ස්ථාවරය. ඔහුගේ ගමන බිමන, ඇඳුම පැළඳුම ආදියෙන්ද, ඔහු ලබා ඇති ශික්ෂණය පිළිබිඹු වේ. බොහෝ අය අකමැති ඔහුගේ මේ ස්ථාවර ලක්ෂණ වලටය. ඒ එයාගේ විදිහ මේ අපේ විදිහ කියා තේරුම් ගන්නට තරම් මොළයක් නැති අබබ්බයෝ,  සමාජ සමානාත්මතාව ගැන අච්චාරු භාෂාවෙන් වැදි බණ දෙසමින් සොල්දාදුවාට ආක්‍රෝෂ පරිභව බෙනෙති. මෙහිදී තවත් එක් දෘෂ්ටාන්තයක් කියමි. 1988 – 89 කාලයේදී මාර්ග බාධක හරහා යන අයගෙන් උපක්‍රමික ප්‍රශ්න ඇසීමට අපි සොල්දාදුවන්ට පුහුණු කළෙමු. උදාහරණයක් වශයෙන් ‘මේ මාර්ගය වැසීගියොත් මහත්මයා ගන්නා විකල්ප මාර්ගය කුමක්ද’ යන ප්‍රශ්නය ඇසීම බොහෝදෙනා තුළ කම්පනයක් ඇති කළේය. තමන් උගත්තු යයි සිතා සිටින, ‘අධ්‍යාපන සහතික ලත් උගත්තු’ මෙවැනි ප්‍රශ්න හමුවේ කෝප වූහ. හේතුව ‘අටපාස් ආමි කාරයෙක්’ එවැනි ප්‍රශ්නයක් තමන්ගෙන් ඇසීමය. මොහු මේ ප්‍රදේශයේ බව පෙන්නුවත්, ප්‍රදේශය පිළිබඳව නොදන්නා බව හෙළිවිය. ඒ කියන්නේ, ඔහු සමහරවිට සැක කටයුතු පුද්ගලයකු විය හැකිය. අත්තනායක නමින් සිටි රෝහණ විජේවීර කොටු වූයේ මෙවැනි සරල උපක්‍රම මගිනි. 

  මාතලන් වෙත, ජෙනරල් ෆොන්සේකා කිසිවක් ඉල්ලුවේ නැත. ඔහු කළේ, යථාවාදී තථාකාරී ගුණය පෙන්වීම පමණි. ඔහු කී ලෙසම තවත් හමුදාපති වරයකුට යුද්ධය කරන්නට ඉඩදුන්නේ නැත. ඒ බව කල්තියා සැළසුම් කර, ත්‍රිවිධ හමුදාවටම අදාළ අවසාන සැළසුම හදා, මෝඩ දේශපාලුවන්ගේ පස්සට දණහිසෙන් ඇණ, ඔවුන්ගේ බය අරවා, මේ යුද්ධය ජයගත හැකි බව පෙන්වාදුන්නේ ඔහුය. හමුදාවේ අපිට සිවිල් ජනතාව ගැන ලබාදෙන පුහුණුව, ජාත්‍යන්තර මානව හිමිකම් න්‍යාය, සිවිල් පරිපාලනය, (ඔබ අහලාවත් නැද්ද හමුදාවේ ඉන්නවා කියා සිවිල් සම්බන්ධිකරණ කටයුතු භාර නිලධාරි කියා පත්වීමක් දරන අය? ඔවුන් සිවිල් දෙපාර්තමේන්තු, ග්‍රාම නිලධාරීන්ගෙන් පටන් ගෙන සියලුම රාජ්‍ය නිළධාරීන් සමග සබඳතාවෙන් කරන කාර්ය භාරය අති මහත්. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ඔවුන්ගෙන් සිදුවන සේවය වචනයෙන් කියන්නට බැරි තරම්.) පිළිබඳව ලබාදෙන දැණුම පිළිබඳව ඔබ අන්දෝ සංසාරයක් නොදන්නා එක ගැන අවංකවම කනගාටු වෙමි. මිනිස්සු ලක්ෂ 46 ක් ඡන්දය දුන්නේ ජෙනරල් ෆොන්සේකාට මිස වෙන කෙනෙකුට නොවෙයි. ඔහු දේශපාලනයේදී අසමත් වුණා. ඒ ගැන කිසිදු වාදයක් නැත. නමුත් දැන් ඔහු තැත්වරද න්‍යාය සාර්ථකව යොදාගනිමින් සිටී.

  තවත් කවුද උන්නැහේ කෙනෙක් හමුදාව හතර ගාතෙන් ගොස් රණවිරුවන් බවට පත්වූවා කියා සඳහන් කර ඇතිබව කතන්දර අඩවියේදී දුටිමි. මේ කියන්නේ උන්නැහෙටය. 1971 දී වත්, 1988 දී වත්, හමුදාව හතර ගාතයෙන් ගියේ නැත. හමුදා න්‍යාය අකුරටම ක්‍රියාකරවමින් ක්‍රම ක්‍රමයෙන් එම කැරලි මර්දනය කළා පමණි. ත්‍රිවිධ හමුදාව කවදාවත් රණවිරුවෝ යන නම්බු නාමය ඉල්ලුවේ නැත. එස්.එම්.එස්. එවන්න කිව්වේ නැත. ඒ සියල්ල කලේ මාධ්‍ය මගිනි. මිනිස්සු ගම්වල බෝධි පූජා තැබුවේ, ලේ දන්දුන්නේ හමුදාව විසින් ඉල්ලීම නිසා නොවේ. අවංක හැඟීමෙනි. නමුත් රතුපස්වල වැනි අවාසනාවන්ත සිදුවීම් වලදී හැර හමුදාව එකම හැන්දෙන් බෙදනකොට සමහර අයියලාට හිතට අමාරුය. එදා රණවිරුවන් කියා හමුදාව පිම්බූ මාධ්‍ය සමහරක් දේශපාලන වාසි බලාපොරොත්තුවූ රජයේ හොරණෑ ය. තම මාධ්‍ය නාලිකාවේ වෙළඳ වටිනාකම වැඩි දියුණු කරගැනීම සඳහා හමුදාව විකුණාගෙන කෑවේ කවුද කියා සොයා බැලීම යෙහෙකි.

  අවසාන වශයෙන් කතන්දරකාරයා ගැන මගේ ස්ථාවරය මෙසේ කියමි. ඔහු නිර්ලජ්ජිතයෙකි. ඔහු ලෝකයට පෙන්වන ප්‍රතිරූපය ඔහු තුළ නැත. ඔහුගේ අඩවිය තුළ මෑතකදී මගේ නම පාවිච්චි කරමින් මා ලියන ආකාරයට එහෙත් නිර්නාමික අදහස් දැක්වීමක් කර තිබුණි. ඔහු ලෝකයට පෙන්වන සදාචාරය ඔහු තුළ ඇත්නම්, ඔහුට කරන්නට තිබුණේ එය ඉවත් කිරීම කෙසේ වෙතත්, එහි මගේ බ්ලොග් සලකුණ නැතැයි සඳහන් කිරීමය. ඔහුට සාහිත්‍යය විෂයය පිලිබඳ සංවාදයේ යෙදෙන්නට හැකි භාෂා – සාහිත්‍ය දැණුමක්, පරිචයක් නැති බව ඔහුගේ අවසාන ලිපියෙහි ඇති තුප්පහි භාෂාවෙන් මනාව පිළිබිඹු වේ. ඔහුට හැකි ඒ භාෂා විලාශය පමණි. මෙවැනි අමනයන් සමග සාහිත්‍ය සංවාදයක යෙදෙන්නට තැත් කරන අපි අඥානයෝ වෙමු.

සූකරයා

  තමනට අභියෝගයක් එල්ලවූ කල්හි, අශූචි වලක වැද අශූචි නා, තමන් සමග සටනට එන්නැයි සූකර හඬින් අභියෝග කරයි. ඒ සූකර ජන්ම ලක්ෂණ විනා අන් කවරක් වත් නොවේ. නමුත් ඒ අසන සිංහයා තමනට තරම් නොවන ජඩ සූකරයකු සමග සටනට නොයයි.

හොරිකඩ පර බල්ලා

  තමන් මහා ජගතෙකුයි සිතා, පාරේ යන සියල්ලන්ට බුරයි. එහෙත් පාරේ යන බුද්ධිමත්හු මූ හොරිකඩ පරබල්ලෙකු මිස අන් කිමෙක්ද කියා සිතා, තමන්ගේ පාඩුවේ ගමන යෙති.  

කුළු මීහරකා

  ලෝකය ගැන මෙලෝ හසරක් නොදැන, උගේ ගොන්කම ප්‍රදර්ශණය කරමින්, දකින දකින සියල්ලට පුප්පයි, පිඹියි, අනින්නට පනියි. නමුත්, මේකා අමු මී හරකකු බව දන්නා අය, ඌ මගහැර තමන්ගේ වැඩක් බලාගනිති.  

 ප්‍රතිවාදී අදහස් ඉවසන්නට නොදත් මේ කතන්දර පුඟුලා, ඊට පිළිතුරු දෙන්නේ අපහාසය තුළිනි. ඒ, ඔහු විසින් වඩන සූකර ව්‍රතය, සුනඛ ව්‍රතය, නැතහොත් ගෝ ව්‍රතය, නිසාදැයි මම නොදනිමි. මින් ඉදිරියේදී මම, මොහුව කිසිදු ආකාරයකින් මානව ගුණ ඇති පුද්ගලයකු ලෙස පිළිනොගනිමි. ඔහු ලියන්නක් නොබලමි. ඒ ඔහු මට තරම් නොවන අඳ බාලයකු නිසා ය. ඔහුට ඇතිවනතුරු දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදු පතා, මට ඇතිතරම් අපහාස කළ හැකිය. එහෙත්, ඒ සියල්ල, ඔහු ඔහුටම ලියාගත් දෑ ලෙස මවිසින් සළකන අතර, ඒ කිසිවකටත් පිළිතුරු නොදෙමි. මන්ද, ඔහු, සංවාදයේ යෙදෙන්නට නොදන්නා, අමන ගති ඇත්තෙකු වීම නිසාය. මා වෙනත් අඩවි වල දක්වන අදහස් වලට, ඔහුට ඇති තරම් අපහාස වදන් සහිත ප්‍රතිචාර ඊට පහළින් දැක්විය හැකිය. එහෙත්, ඒ සියල්ල, සූකර වසුරු ලෙස පිළිකුලෙන් බැහැර කරමි. පිළිතුරු නොදෙමි. මන්ද, ඔහු තම සූකර ව්‍රතය පිළිබිඹු කරන බැවිනි. හෘද සාක්ෂියට බොරු කරගන්නා, අවසානයේදී ඉච්ඡාභංගත්වයට පත්වේ. අච්චාරු බස පමණක් දත් මේ තැනැත්තාට, මගේ මේ සිංහල නොතේරේදෝ යි දැන් මා තුළ දැඩි සැකයක් පැන නැගේ. වන්නාටය, ඔහුගේ ලෝකයේම ඔහු රජවේවා!

my-signature-for-blog[1]      2014 අප්‍රේල් මස 10 දින 0105 පැය

Advertisements

Comments on: "සාහිත්‍යකරණය සහ මට්ටම් පොලු බාස්ලා" (31)

  1. මනාව අවධානය දී නැවත නැවත කියවමින් සිතිය යුතු වටිනා අදහස් රාශියක් මේ ලිපිය මගින් සමාජ ගත වෙයි. “එව බලවයි” ඇස් හරවා තමන් දෙසම නැවත බලවන්නට තැත් කරයි. බ්ලොග් ලෝකයට පිවිස ඇති අංකුර ලේඛකයන්ට වැදගත් පාඩම් රැසකි. අප කාටත් සිතන්නට වටිනා අදහසක් ඉදිරිපත්වන නිර්භයව ලියවෙන මේ සටහන කාගේත් දැඩි අවධානයට යොමු වේවා !

  2. I appreciate your views. But don’t take those typical Sinhala Bloggers seriously. They are bunch of wannabees who don’t have discipline to interact with others in a nice way.

  3. නිර්නාමික said:

    Onima deyaka liyanna nidahsa thibe. E hinda Technic eka pulwan aya monawa liwwath kamak ne. wicharaka “WAL BOORU NIDAHASA” gena ahala nedda ?

  4. නිර්නාමික said:

    Onama deyaka liyanna tehcnic eka danna kenekuta nidahasa thiyanawa. “WALBOORU NIDAHASA ” gena wicharaka danne nedda.

  5. Onima deyak liyanna technic eka danna kenekuta puluwan nihasak net eke thiyanawa. “WAL BURU NIDHASA” gena ahala thiyanwa neda . thamange nehedunu kama anekek ayata pene bawa bururwa don’t know.

  6. විචාරක තුමනි,
    මම ඉතාමත් සීමිත බ්ලොග් කිහිපයක් පමණක් ඇසුරු කරමි. කතන්දර කාරයාගේ අඩවිය මුලසිටම යම්තාක් දුරට කියව ඇත්තෙමි. නමුත් මම ඔහුගේ අඩවිය කියවීමෙන් බොහෝ කලක සිට නොකරමි. ඔහුහේ අඩවිය කියවීම තුලින් හා අනිකුත් අඩවි තුල ඔහු දැක්වූ අදහස් මා තුල ඔහු ගැන ඉතා පිළිකුලක් ඇති විය. මා හට හැඟුණු පරිදි ඔහු ” ලංකාවට පහර දීමට යොදාගත් කුලී ලියන්නකු ” පමණි. විශේෂයෙන් යුද්දය පිලිබඳ ඔහු මැදහත් මතයක සිටින බව පෙන්වීමට අසාර්ථක උත්සහයක් දරයි. ලංකාවේ ඉතිහාසය, භාෂාව හා සිරිත් විරිත් ගැනද එසේමය. සරලව මොහු BBC සිංහල සේවය හා සමානය.

    මොහු පළමු වරට ඔබගේ අඩවියේ අදහස් දැක්වූ විට ” මොහුගෙන් පරිසම් වන්න ” කියා කීමට මට සිතුනද එය නොකර සිටියෙමි. මොහු වටා ඉතා විශාල පිරිසක් දැන හෝ නොදැන ඔහුට ආවඩමින් සිටිති. කරුණාකර ඔව්න්ගේ යහපත තකා මෙමෙ අදහස ඔබගේ අඩවියේ පළකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    • මොහු පළමු වරට ඔබගේ අඩවියේ අදහස් දැක්වූ විට ” මොහුගෙන් පරිස්සම් වන්න ” කියා කීමට මට සිතුනද එය නොකර සිටියෙමි. මොහු වටා ඉතා විශාල පිරිසක් දැන හෝ නොදැන ඔහුට ආවඩමින් සිටිති. කරුණාකර ඔව්න්ගේ යහපත තකා මෙමෙ අදහස ඔබගේ අඩවියේ පළකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      • සමාවන්න පිළිතුරු ප්‍රමාදවීම ගැන. මා ඔබේ අදහස් අතිශයින්ම අගය කරනවා. අපි අපිට ගැලපෙන අය සමගින් අදහස් හුවමාරු කරගතයුත්තේ. ඔබේ උපදස් ඉහලින්ම අගය කරනවා.

    • මා මගේ පළමු අදහස් දැක්වීම කලේ ඔබගේ ලිපියේ පළමු හා දෙවන ඡේද පමණක් කියවීමෙන් පමණි. නමුත් සියල්ල කියවීමෙන් පසු මා ඔහු ගැන කල නිගමනය මාහට වඩාත් තහවරු විය.

  7. ඕනම දෙයක් ලියන්න තාක්ෂනය හුරු කෙනෙකුට පුළුවන් නිදහසක් අන්තර්ජාලයේ තියනවා. “වල්බූරු නිදහස” ගැන විචාරක අහලා තියනවා නේද? තමන්ගේ නැහැදුනු කම අනෙක් අයට පේන බව බූරුවා දන්නේ නෑ. මට නුහුරු කම නිසා වෙන කෙනෙකුගේ උදව්ව ලබා හෝ සිංහලෙන් ලියන්න උත්සාහ කළා.

    • මුලින්ම ඔබට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා සිහලෙන් ලියන්න උත්සාහ ගැනීම ගැන. ඔබ අර සිංග්ලිෂ් වලින් ලියපු දේ ඒ විදිහටම ‘ගූගල් ඉන්පුට් ටූල්ස්’ නමැති නොමිලේ දෙන මෘදුකාංගයෙන් ලිව්වම සිංහල අකුරු බවට පත්වෙනවා. එක හරිම ලේසියි. උත්සාහ කර බලන්න. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

  8. අදීෂ ජයනාත්

    විචාරක මහත්මයාණනි,
    ඔබ තුමාගේ බ්ලොගය මා සිත් ගත් බ්ලොග් අතරින් එකකි.එසේ වන්නේ කරුණු නිවැරදි ලෙස සොයාබලා ඉතා හොඳින් බ්ලොගය පවත්වාගෙන යන බැවිණි. බ්ලොග් අවකාශයේ සිටින සමහරු සිතා සිටින්නේ බ්ලොග් යනු ඔවුන්ගේ පුද්ගලික දේපලක් බවයි. බ්ලොග් අවකාශයේ (සිංහල) ඇති සියලු බ්ලොග් වල අන්තර්ගතය තමන්ගෙ මතයන්ට අනුකූලව පැවතිය යුතු බව ඔවුන්ගේ අදහසයි. මෙය නොදියුණු සත්ව සමාජ වල දක්නට ලැබෙන වසම්චර්යාවට සමාන බව ඔවුනට නොතේරේ.

    A විසින් B ගේ බ්ලොගයේ පලකළ කමෙන්ටුවකට C විසින් තම බ්ලොගයේ කෑගැසීම සහ එම කමෙන්ටුව පලකළ A හට අශික්‍ෂිත ලෙස බැනවැදීම කිසිසේත් අනුමත කල නොහැක. (B ටවත් නැති අමාරුවක්)

    මෙවන් මොන්ටිසෝරි ක්‍රියා වලින් පසුබට නොවී මැදහත් සිතින් සලකමින් ඉදිරියටත් බ්ලොග් ලියන්න.

  9. බ්ලොගක් ලිව්ව පලියට ,හබරල කොලයක් හිල් වෙන්න හුජ්ජ කොල පලියට පොරක් වෙන් නෑ.
    දැන් වෙලා තියෙන්නේ පෝස්ට් එකක් ,බ්ලොගක් ලීවාම මම තමයි පොර කියලා හැමෝම හිතන එක.
    ඔක්කෝම පොරවල් වෙන්න ගියාම මරා ගන්න වෙනවා..

    කෙනෙක්ගේ වැරද්දක් කියලා පෝස්ට් එකක් දැමීම..
    1.මහා ක්‍රෝදයක් නිසා වීමට හැකිය.
    2.වයසට ගියත් පරිනත නොවීම නිසා වීමට හැකිය.
    3.වයසට ගියත් මොලේ නොවැඩීම නිසා වීමට හැකිය.
    4.තමුන් මහා පොරක් කියා අන් අයට හැගවීමේ බාල ආසාව නිසා වීමට හැකිය.
    5.පෝය ලග නිසා වීමට හැකිය.හඳ පායනකොට පිස්සෝ ෆෝම් වෙනවාලුනේ)
    6.හරියාකාරව ප්‍රතිකාර නොගැනීම නිසා වීමට හැකිය.(මානසික රෝගයන්ට )

    විචාරකතුමා මින් කුමක් නිසා මෙවන් පෝස්ටුවක් පල කලේද මම නොදනිමි.

    මා දන්නා තරමින් කිසිදු කෙනෙකුන් සර්ව සම්පූර්න නොමැත.
    කා අතිනුත් යම් යම් වැරදි අත පසුවීම් සිදු වේ.
    එය නුවනැත්තෝ තේරුම් ගත යුතුය.තේරුම් ගෙන උපේක්ෂාවෙන් කටයුතු කල යුතුය.
    කලබලව,ක්‍රෝදයෙන් කටයුතු කිරීමෙන් තමන්ගේ බුද්දිය යට ගොස් ගොංකම මතු වේ.

    ලොව සෑම දෙයක්ම වෙනස්වන සුලුය.එමෙන්ම සාපේක්ෂය.අද වැරදිකාරයා හෙට වීරයෙක් විය හැක.
    අද වීරයා හෙට වැරදිකාරයෙක් විය හැක.

    ක්‍රෝදයෙන් කෙනෙකුන්ට විරුද්දව පෝස්ටුවක් පල කිරීම පරිනත පුද්ගලයෙකුගේ ලක්ෂනයක් නොවේ.
    මෙයට පෙර කලාක් මෙන්ම ,ක්‍රෝදයෙන්,ඉරිසියාවෙන් යමෙකුට විරුද්දව පොස්ටු පල කර ඔබ ඔබගේ පරිනතබාවයේ තරම පෙන්වා ඇත.

    අපි හැමෝම මැරෙනකම් ඉගෙන ගනී…
    ඒ වගේම අපිට මැරෙනකම් ඉගෙන ගන්න දේවලුත් ඇත.

    මාගේ අවංක අදහස විචාරකතුමා ඇතුලුව අප සැවොම අහංකාරකම පසෙක ලා නිරහංකාරව තව තවත් ජීවිතය සහ ජීවත් වීම ගැන ඉගෙන ගත යුතු බවය.

    සත්‍යයේ සටහන විචාරකතුමාගේ විමසුමට.

  10. සමා වුව මැන මාගේ අදහස පමා වුවාට…මා හට බ්ලොග් ලියන්නට උත්තේජනය සැපයූ චරිත මිස පොරවල් මේ බ්ලොග් ලොව තුල නැත. ඇතමුන් තවත් අය පොර යනුවෙන් හදුන්වන නිසා එවැනි අය ලියනා ලියවිලි හිතේ ඇතිකරගත් බැතියකින් යුතුව කියවයි. මෙලෝ සසරක රහක් නැති වුවත් පට්ටයි ……නියමයි යනුවෙන් අදහස් දක්වයි. ඒ සැබෑවටම නොවේ…මේ ඕලාරික අදහස් නිසා මේ පුස්සන් තව තවත් පිම්බෙයි….එහි පාඩුව බ්ලොග් කියවන පාඨක සැමටමය.

    පරණ එකා වල් පල් ලියද්දි අලුත් බොග් කරුවෙකු රසවත් ලියවිලි ලියනවා නම් අවුරුදු 10 ක් බ්ලොග් ලිව්වත් උඹේ ලියවිලි මෙලෝ රහක් නැතැයි කියන්නට අපට හැකියාව තිබිය යුතුය.

    කිව යුතු දේ කෙලින් කීම ගැන මාගේ ප්‍රසාදය.

  11. අපහසුවෙන් නමුත් සම්පූර්ණ ලිපිය ම කියවීමි. ඛලීල් ජිබ්රාන්ගේ කතාවක් මගේ මතකයට නැගෙයි.
    දිනක් කවියන් දෙදෙනෙක් බොහොම කලකට පසුව මුණගැසිණි. මේ දෙදෙනා හොඳ මිතුරන්ය. එක් අයෙක් අනෙකාගෙන් මෙලෙස විමසීය.

    “ලඟදි ලිව්වෙ නැද්ද මොනාවත් ?”

    “මොකද නැත්තේ.. මම මගේ ජීවිත කාලෙදි ලිව්ව හොඳම කාව්‍ය සංග්‍රහය ලිව්වා. මම හිතන්නේ ඒක එදා මෙදාතුර ඉතිහාසයේ ලියැවුන උසස්ම කාව්‍යයි. මේ කාව්‍ය මාව අනාගත කවීන් අතරත් වන්දනීය පුද්ගලයෙක් කරවාවි. ඒක නෙමෙයි. ඔබ මොනාවත් අලුතෙන් ලිව්වෙ නැද්ද?” ඔහු පිළිතුරු දෙමින් අනෙකාගෙන් විමසීය.

    “ම්.. උයනක සෙල්ලම් කරන ළමයෙක් ගැන පුංචි කවි පන්තියක් නම් ලිව්වා. ඉන්න මම ඔබට ඇසෙන්න එය කියන්නම්.” ඔහු කටපාඩමින් ම එය ගායනා කලේය.

    ඒ සිදුවීමෙන් අද වසර සිය ගණනක් ගතවී ඇත. පළමු කවියාගේ කාව්‍ය ග්‍රන්ථය ඔහුගේ අනාවැකිය සැබෑවක් කරමින් සියලුම ශ්‍රේෂ්ඨ කවියන්ගේ ගෞරව දිනාගන්නට සමත් වී තිබේ. පඬිවරුන්ගේ පොත් රාක්ක හැඩ කරමින් පරම්පරාවෙන් පරම්පරාවට එය උගතුන් අතරම රැඳෙන්නක් බවට පත්ව ඇත. උයනක සෙල්ලම් කරන ළමයා ගැන ගැයෙන කුඩා කවි පඬ්තිය සෑම ළමයෙකුටම කට පාඩම්ය. සෑම දෙනෙකුම එය ගයති. බොහෝ භාෂා වලට පරිවර්තනය වෙමින් කාගේත් ආදරය දිනාගන්නට සමත්වී ඇත.

    ඒ කතාව මවිසින් කිව යුතුයැයි හැඟුණ සියල්ල පවසනු ඇතැයි සිතමි. ඔබ භාෂාවේ නිවැරදි භාවිතය ගැන බෙහෙවින් සිතන අයෙක් ලෙස පෙනෙන නිසා, ඔබ විසින් (සහ භාෂා ඥානයෙන් තොර සමහර පුඟුලන් විසින්) වැරදි ලෙස යොදන ඉතා බරපතළ භාෂා වරදක් නිවැරදි කිරීමට සිතමි.

    පැරණි භාරතීය සමාජයේ කුල බෙදීම බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර වශයෙන් පැවතුන බව කවුරුත් දන්නා දෙයකි. ඔබ ගණිකාව යන අර්ථයෙන් “වෛශ්‍යාව” යන වදන වහරයි. වෛශ්‍යාව යනු වෛශ්‍ය කුල කාන්තාවයි. බෞද්ධ සාහිත්‍ය තුල අප ඉතාමත් ගරු කරන වෛශ්‍ය කුල කාන්තාවන් බොහොමයක් සිටියි. ඔබ වැන්නන්ගේ භාෂා අවභාවිතය නිසා එම කාන්තාවන් පවා ගණිකාවන් ගණනට වැටෙන බව ඔබට වැටහෙනු ඇත.

    නිවැරදි වචනය “වේශ්‍යාව” ලෙස විය යුතුයි. එය සිංහලයට නැගිමේදී “වේසිය” ලෙස වහරයි.

  12. සිංහල උපාධිධාරී said:

    ඈ බන් මිලටරි මීමෝ.. අපරාදේ මේක කියවන්න ගිය කාලය.
    නාකි ගොන් තඩි දෙන්නෙක් බ්ලොග් වල කුහකකම් නිසා තපුල්ලනවා පෙනේ. නිකන් ලිපි වලින් මිනිස්සු කෝප ගන්වන්නේ නැතුව හිටපන් බන්. මොනවද මේ තකතීරු වැඩ.
    මේක උඹ උලමා දාන්නේ නෑ කියලා මම දන්නවා.ඒත් උඹ මේක කියෙව්වම ඇති.
    වෙන වැඩක් නැත්නම් ගිහින් තුත්තිරි ගලොපන්. නිකන් තොපේ තියෙන තරහකම් මිනිසුන්ට බෝ කරන්නේ නැතුව. නල්ල මලේ කතන්දරකාරයා හා විචාරක.

  13. Wicharaka Thuma Neet to contact you urgently. Kindly send me your e-mail address.

  14. සෝ මිස්ට විචාරක තුමා, නව් දිස් ඉස් ද ප්‍රොබ්ලම්. මේ පැත්තෙ පොල් කොකනට් හරි ගණන් මෙයා… ඇන්ඩ් ඕල්සෝ ඉට් ඉස් හරි හොට් ඉන් ඒප්‍රිල් නෙ?…
    තරහ වෙන්න එපා විචාරක තුමා. අනුන්ගේ කෙහෙල්මල් ගැන මොකට වද වෙනවද? දැන් ලියන්න ඉඩ නොලැබුණත් නිතර එන්නෙ ඔබතුමාලා රයිගම ලා වගේ කට්ටිය නිසා. දන්නෝ දනිති යහ ගුණ. ඉදිරියට යමු නො ඉඳ එක තැන… (Lucky Wickramasinghe)

  15. ක්සැන්ඩර් said:

    පුස්සෝ ලියන ඒවා ලියාවි. පිස්සෝ කියවාවි.. කුණු රසට කුණු කන උදවිය කැමතියි නොවෑ ඉතිං ඒ උදවියට කුණු කන්න දීල කුණු නොකන වෙනත් වැදගත් දේ කන මිනිස්සුන්ට වැදගත් දේ දෙන්න ඕනේ නේ. එහෙම මිනිස්සු විතරක් ආවාවේ මේවට.. එච්චරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: