විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


img068     මීට පෙර මා, අවස්ථා කීපයකදී, ඔබට, පැරණි ‘සිව්දෙස’ සඟරා ආශ්‍රයෙන්, ‘වදන් බලය’ නමැති මාතෘකාවෙන්, ලිපි කීපයක් ඉදිරිපත් කල බව, ඔබට මතක ඇති. අද මා සිතුවා, පැරණි ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවක් ඇසුරෙන්, ඔබේ ඉංග්‍රීසි වදන් බලය මැනෙන අභ්‍යාසයක්, ඉදිරිපත් කරන්නට. මා හිතනවා, ඔබෙන් සෑහෙන දෙනෙකු මේ අභ්‍යාසයේ යෙදෙයි කියා. පිළිතුරු සහ, ලබාදුන් නිවැරැදි පිළිතුරු ගණන අනුව ලැබෙන වර්ගීකරණයද, පහත දක්වා තිබෙනවා. නමුත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ, අදම පිළිතුරු නොබලා, දින කීපයක් ගතකර හෝ, මනසින්ම, මේ අභ්‍යාසයේ යෙදෙන ලෙසයි. මෙහි වචන 20 ක් ඇති අතර, ඒ සෑම වචනයකම තේරුම සොයාගැනීමට, වරණයන් හතරක් ද ලබාදී තිබෙනවා. මෙය උපුටාගත්තේ, 1984 පෙබරවාරි මාසයේ ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවෙන්. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. මේ අභ්‍යාසය සඳහා යොදාගෙන තිබෙන වචන, ‘අභ්‍යවකාශය සහ අභ්‍යවකාශ යානා’ යන විෂයය හා සම්බන්ධ කරගෙනයි සකසා තිබෙන්නේ. 

හොඳයි එහෙනම් මෙන්න අභ්‍යාසය 

img066

පහත දැක්වෙන පිළිතුරු පසුව බලන්න 

img067

my-signature-for-blog[1]     2014 අප්‍රේල් මස 09 දින 0002 පැය

Advertisements

Comments on: "වදන් බලය ඉංග්‍රීසියෙන් – Word Power in English" (15)

  1. කාලෙකට පස්සෙ .. ඉස්සර ඔය සඟරාව කියවන්න ලැබුන හැමවිටකම ඔය පි‍ටුව මගෙ සිත් ගත් තැනක්. රීඩර්ස් ඩයිජෙස්ට් ඔව්ව එකතු කරල පොතක් පල කලා. සාප්පුවක දැක්ක.. සල්ලි අරං යනකොට ඒක ගිහින්..
    ම ලකුණු 16ක් ගත්තා අනික්වා නම් ඇත්තටම මං දැන හිටියෙ නෑ. වනවලා ගහපු එකක්වත් හරි නෑ. මගෙ ලක් එක ඔහොමයි මට ලොත‍රැයි කවදාවත් ඇදෙන්නෙ නෑනෙ..

  2. ඇත්තෙන්ම කිව්වොත් විචාරක, මම ඔය සඟරාවේ Laughter the Best Medicine, Humor in Unoform, All in a Day’s Work, Life in these United States, Campus Comedy, Drama in Real Life, Book Section වගේ features ඔක්කොම බලනවා. නමුත් බලන්නෙම නැති පි‍ටුව තමයි It Pays To Enrich Your Word Power.:D

    තව එකක් තිබ්බා Towards More Picturesque Speech සහ Quotable Quotes කියලා. අන්න ඒ දෙකට මම ඔයිට වඩා කැමතියි.

  3. බොරුවට කියනවා නෙවෙඉ මම නම් ඔක්කොටම හරි උත්තරේ දුන්නා . මම හිතන්නේ star trek, stargate, battlestar galactica හින්ද වෙන්න ඇති,

    • එහෙනම් ඔබ විශිෂ්ඨයෙක්. බොහොම සතුටුයි. ඔබ දැණුම ලබාගෙන තිබෙන්නේ කියවීමෙන්, බැලීමෙන් සහ ඇහුම්කන්දීමෙන්. බලන්න එහි අගය කොතරම්ද කියා.

  4. i believe that more people would be able to answer these questions today than in 1984. it would be great if there was a test containing IT words back from 1984.

  5. විනාඩි පහෙන් මගෙ උත්තර ටික සටහන් කරගෙන, හදිස්සියට වගේ, දීලා තියෙන උත්තරත් එක්ක බැලුවා. අපරාදේ විචාරක තුමෝ, මම වරද්දගෙන තියෙන වචන තුනත් හොඳටම දන්න එව්වා. අපරාදේ.
    ඔබතුමා මුලින්ම කියලා තියෙන දේ පිළිපැදලා, ඉවසීමෙන් උත්තර දුන්නානම් විස්සෙන් විස්සම හරියනවා. ඒත් ඉතින් මොනව කරන්නද, හදිස්සි වෙලත් 17ක් ආපු එක ගැන සතු‍ටු වෙලා හිත හදා ගන්නම්, නේද?

    • වචන 17 ක් හරිනම් ඔයා විශිෂ්ඨයෙක්. අපි කවුරුත් ඔය වගේ අවස්ථා වලදී කලබල වෙනවා. මම කියන්නේ විභාග වලට උත්තර ලියනකොට එහෙම කලබල වෙන අවස්ථා තියනවා. නමුත් ඔබේ දක්ෂතාවය ගැන ඔබට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්.

      • ඒක ඇත්ත විචාරක තුමා, ඒත්, ඔබ තුමා ගිය පාරෙම යන්න පටන් ගත්තු නවකයෝ අපි, එහෙම එකේ, අපි කලබල වෙලා වැරදි තීරණ ගත්තොත් වෙන දේ ගැන ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
        ඒකයි මගේ හිතට දුක.

        අහෝ රටේ අනාගතය වැනසෙන්නේ අප වැන්නවුන් නිසාවෙන් නොවේද??

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: