විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Reading   මගේ පුස්තකාලයෙන් තවත් පොතක් ඔබට හඳුන්වාදෙන්නට සිතුනා. කාලීනව මෙවැනි පොත් ඔබ වෙත හඳුන්වා දෙන්නේ ඔබේ කියවීමේ රුචිය සහ දැණුම වර්ධනය කිරීමේ අරමුණින් යුක්තවයි. මේ පොත ඉතා අගනා ඓතිහාසික, සමාජ විද්‍යාත්මක, ආර්ථික, මෙන්ම සංග්‍රාමික තොරතුරු රැසක් හෙළිකරන මහාර්ඝ ග්‍රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට කැමතියි. මේ පොතට පාදක වන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත් කාලවකවානුවක් වූ මහනුවර යුගයයි. පොත නම් කර තිබෙන්නේ ‘සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය’ නමින්. කීර්තිමත් සමාජ විද්‍යාඥයකු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය වරයකු වූ, රැල්ෆ් පීරිස් වියතාණන් විසිනුයි, මෙහි මුල් කෘතිය, 1956 වසරේදී ‘Sinhalese Social Organization’ යන නමින් රචනාකොට තිබෙන්නේ. බොරලැස්ගමුවේ, කේ.ඒ.ඩී. පෙරේරා ශූරීන් විසින් මෙම ග්‍රන්ථය 1964 වසරේදී සිංහලට පරිවර්තනය කොට තිබෙනවා.
img050

img051
img053img052

 මේ ග්‍රන්ථයේ මා සිත්ගත් තොරතුරු ඔබවෙත හඳුන්වා දෙන්නටයි මා මෙතැන්සිට උත්සාහ කරන්නේ. ඉතා විශාල ග්‍රන්ථයක් බැවින් සියලු විස්තර දැක්වීම ඉතාම අපහසුයි. ඒ නිසා තෝරාගත් පිටු ගණනාවක ඇති තොරතුරු පමණයි ඔබවෙත ගෙන එන්නේ.මුලින්ම බලමු ඒ කාලය සිතියමක්. ක්‍රි.ව. 1796 දි ලංකාවේ පරිපාලන ප්‍රදේශ දැක්වෙන සිතියමයි මේ.
1
මහනුවර යුගයේදී රජතුමා සහ රාජ්‍යත්වය පිලිබඳ සංකල්පය පැවති ආකාරය මේ පොතේ විස්තර වෙන්නේ මෙහෙමයි.
2

3
  රජෙකුට සිටි පරිවාර ජනතාව පිළිබඳව කියවෙන මේ විස්තරයෙන් පැහැදිලිවන්නේ කොතරම් සංවිධානාත්මක බවකින් යුක්තව රාජ්‍ය පරිපාලනය සකස්වී තිබුණාද යන්නයි.

4

5

6

7

8

උඩරට රාජධානියට අයත් පරිපාලන ප්‍රදේශ ලෙස දැක්වෙන්නේ මෙන්න මේ ප්‍රදේශ

9
  රජ කෙකෙකුගේ අභාවයෙන් පසු අලුතෙන් රජකෙනෙකු පත්කරගැනීම සඳහා එකල අනුගමනය කළ ක්‍රමවේදය පිලිබඳ රසවත් විස්තරයක් මේ පොතේ ඇතුළත් වෙනවා.
10
  ඔබ දන්නවා ඇති ඕනෑම රාජ්‍යයක තිබෙනවා රාජ්‍ය නිලධාරි ජ්‍යොෂ්ඨතා පිළිවෙතක්. (Protocol) මහනුවර යුගයේදී එය සැකසී තිබුන ආකාරය මේ පොතේ විස්තර කෙරෙනවා.
11
  සිංහල මිණුම් ක්‍රම ගැන ඉතා සවිස්තරව උදාහරණ දක්වමින් කෙරෙන විස්තර රාශියක් මේ පොතේ ඇතුළත්. මෙහි දැක්වෙන්නේ එයින් උපුටාගත් පිටු කීපයක්.
121314
රජතුමෙකුගේ පාලන ක්‍රමය හා ව්‍යුහය අනුව පවත්වාගෙන ගිය ‘රාජකාරි ක්‍රමය’ පිළිබඳව මේ පොතේ කියන්නේ මෙහෙමයි.
15
  මහනුවර රාජධානි සමයේ යුද්ධ හමුදාව සංවිධානය වී තිබුණු ආකාරය ඉතාම ආකර්ශනීය විස්තරයක්. තරමක් දිග විස්තරයක් වුනත් එයින් දැනගත හැකි කරුණු බොහොමයි. ඒ නිසා ඉවසීමෙන් යුක්තව මේ විස්තරය කියවා බලන්න.
1617181920
රජතුමාට ආදායම් ලැබුනේ කෙසේද යන්න පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් තිබෙනවා. එහි ප්‍රධාන කොටස පමණක් මෙහි දක්වනවා.
21
  බොහොම සරල වැටුප් ගෙවීමේ ක්‍රමයකුත් පැවතුනු බව පෙනෙනවා. මෙසේ සරල ක්‍රමයක් ඇතිවන්නට ප්‍රධාන හේතුව ‘රාජකාරි ක්‍රමය’ බවත් පෙනෙනවා.
22
  මහනුවර රාජධානිය ගැන කතාකරද්දී මහනුවර ඇසළ පෙරහැර ගැන කතා නොකරම බැහැනේ. මීළඟට මා මෙහි දක්වන්නේ ඒ කාලයේ ඇසළ පෙරහැර ගැන ලියවුනු අපූරු තොරතුරු එකතුවක්.


  මෙහි එකතැනක තිබෙනවා බොහොම වැදගත් වචනයක්. අද අපේ බ්ලොග් ලියන අය නිතර කියන ‘පස්ට’ කියන වචනය මේ විස්තරයේ එක තැනක තියනවා. කියවා බලන්න.
23242526
  මා හිතන්නේ නැහැ මේ පොත ගැන මීටවඩා විස්තර ලිවීම සුදුසුයි කියා. ඉතා දීර්ඝ පරිඡේද ගණනාවක් සහිත මේ මහ පොත කියවා බැලීම සුදුසු බවයි මට කියන්න තියෙන්නේ. මහනුවර යුගයේ ආර්ථික, සාමාජික, ආගමික, රාජ්‍ය පරිපාලන, සංග්‍රාමික, ආදී විවිධ පැතිකඩ ඔස්සේ කෙරුණු දීර්ඝ විග්‍රහයක් මේ පොතේ ඇතුළත් වෙනවා.

my-signature-for-blog[1]    2014 මාර්තු මස 13 දින 0001 පැය

Comments on: "මගේ පුස්තකාලයෙන් – A Glimps from My Library" (8)

  1. ඇත්තෙන්ම මේ ග්‍රන්ථය ජාතිය සතුව ඇති මහාර්ඝ සම්පතක්. එය ලීවීමට මහාචාර්යතුමා ගෙන ඇති වෙහෙස එහි ඇති විමර්ශනයන්ගෙන් පෙනෙනවා. තමන්ට හිතෙන දේ පමණක් ඔහේ ලියා පොත් පළකරන ඇත්තන් කෙතරම් පරෙස්සම් විය යුතු ද යන්න එතුමා කියා දෙන තවත් වැදගත්ම පාඩමක් බව පොත කියවන ඇත්තන්ට අයට හොඳහැටි පෙනේවි.

    • මම තවම මේ පොත එක වරක් පමණයි කියවා තිබෙන්නේ. හරියට තේරුම් ගන්න තව දෙතුන් සැරයක් වත් කියවන්න වෙයි කියලා හිතනවා.

      • උඩරට සිංහල සමාජ සංවිධානය ගැන මහත් වෑයමකින් කරුණු ගොනුකර ඇති මුල්ම ග්‍රන්ථය රැල්ප පීරිස්ගේ කෘතිය බවයි මගේ හැඟීම. සමාජ විද්‍යාව කරන සිසුන්ගේ අත්පොතක් ලෙස භාවිතයේ ඇත්තේ එයයි. ඒ නිසා ඔබේ මේ ලිපිය මගින් කරනු ලබන හඳුන්වා දීම ගොඩක් වැදගත් වේවි.

  2. ඔය රජතුමා මලාම අලුත් රජකු පත්කරගන්න සිද්දිය විස්තර කරලා අපේ සිංහල පොත් අවසාන පරිච්චේදයක ආටිකල් එකක් තිබුනා මතකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: