විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


life-begins-at-60-birthday-t-shirt_design     ජීවිත සටහනක් ලියන්න මිනිසුන් පෙළඹෙන්නේ විවිධ හේතු නිසා. නමුත් සෑම මිනිසාම කිසියම් ජීවිත සටහනක් තැබීම නම් වැදගත්. ආත්ම කථනය කියන්නේ බොහොම පරෙස්සමෙන් කළයුතු දෙයක්. ආත්ම කථනය මගේ වුනාට එයින් අන් කවරකුට හෝ හානියක් වනවානම් එය අසාධාරණයි. ඒ නිසා මේ සටහන තබන්නේ බොහොම පරෙස්සමෙන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි. 60 වැනි උපන්දිනය සමරන අද දවසේ ඇත්තටම මට පසක්වන්නේ ‘ජාතිපි දුක්ඛො, ජරාපි දුක්ඛො, පියේහි විප්පයෝගෝ දුක්ඛො, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො, යන බුදු වදනයි. එය කොතරම් පරම සත්‍යයක්ද යන්න පසුගිය කාලය තුළ මා මොනවට පසක් කරගත්තා.

 

img019     මගේ ජීවිතය එදා සිට අද දක්වා යන රටාවක් තියනවා. ක්‍රමයෙන් ඉහල නැගීම, සියලු සැප සම්පත් විඳිමින් කෙටි කාලයක් ගත කිරීම, එකවර කඩාවැටීම, මෙය මේ වනවිට අවම වශයෙන් 10 වතාවක් පමණ වී තිබෙනවා. හත් වැනි අටවැනි වර සිදුවන විට මා දැනගත්තා මේ තමයි මගේ ජීවන රටාව කියා. 

1971 දී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයකු ලෙස මා කටුක අත්දැකීම් රාශියක් විඳ නූලෙන් ජීවිතය බේරාගත්තා. මගේ වාසනාවට ඉන්පසු කාලයේදී අභිධර්මය උගත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකගෙන් මට ගැඹුරු දහම් කරුණු රාශියක් ඉගෙනගන්නට ලැබුණා.  එයින් ලද සැනසීම තමයි අදටත් මා ජීවත් කරවන බලවේගය වී තිබෙන්නේ. මේ තියන පින්තූරය තමයි මා දන්නා කාලයක මගේ තනි ඡායාරූපයක් ලෙස ගත් මුල්ම එක.

img020     මම ඉපදුනේ 1954 පෙබරවාරි මස 27 වැනිදා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, අදටත් එතරම් දියුණුවක් නැති, මොරදන නමැති ගමේ. නමුත් ඒ ගම ගැන මට එතරම් මතකයක් නැහැ. ඊට නුදුරු මාබෝපිටිය නමැති ගම ගැන, යන්තම් මතක සටහන් තියනවා. මගේ දෙමවුපියන්  පාසල් ගුරුවරු, පසුකළක මගේ පියා විදුහල්පති කෙනෙක් වුණා. අපේ පවුලේ පිරිමි හතරයි ගෑණු තුනයි. එයින් අද ජීවත්ව සිටින එකම පිරිමියා මම. ගෑණු තුන්දෙනා (මගේ අක්කලා) විවාහකව කෑගල්ල සහ කොළඹ පලාත්වල ජීවත් වෙනවා. අටවැනි දරුවකු ඉපදී, සුළු මොහොතකින් මියගොස් තිබෙනවා. අපේ පවුලේ වැඩි දෙනෙක් (මමත් ඇතුළුව) ඉපදී තිබෙන්නේ ගෙදරමයි. මගේ අම්මාගේ අම්මා තමයි වින්නඹු අම්මාවී තිබෙන්නේ. මගේ අක්කලා කියනවා, මා ඉපදී සුළු මොහොතකින් දොරට වැඩු අවස්ථාව ඔවුන්ට හොඳින් මතක බව. මේ පින්තූරය ගත්තේ තරුණකම ඉහවහා ගිය අවධියක. මගේ ප්‍රථම ප්‍රේමයේ පෙම්වතියට තිළින කළ මේ පින්තූරයේ ඉතිරි කොපියයි මේ. නමුත් ඒ ප්‍රේමය ඉතා දැඩි දුකක් දෙමින් බිඳී ගියා. ඇයත් මාත් අතර තිබුණු සත් වසරක ප්‍රේමය ඉතා දැඩියි. ඇය රැයවල් දෙකක් මා අසළින් නිදා සිට ඇතත්, සිපගැනීමකට එහා නොගිය ඒ රැයවල් දෙක ගැන, අද මටත් වඩා ඇය සතුටු වෙනවා ඇති. අවංකව මමත් සතුටුවෙනවා ඇගේ ආත්ම ගෞරවය රැකගැනීම ගැන. අද ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව, සාර්ථක යුග දිවියක් ගතකරනවා. හැබැයි ඒ තොරතුරු මගේ ‘බුද්ධි අංශයෙන්’ සොයාගත් බව ඇය දන්නේ නැහැ. මට කවදාවත් ඇය ඉන්පසු හමුවී නැහැ. නමුත් ඇය ගැන සියලු තොරතුරු මා සොයාගත්තා. මේ සම්බන්ධය ගැන මගේ බිරිඳ සවිස්තරව දන්නවා. මගේ බිරිඳත් ඇගේ ප්‍රථම ප්‍රේමයෙන් පරාජිත වු පෙම්වතියක්. ඒ ගැනත් මා සවිස්තරව දන්නවා. ඉතා අහම්බෙන්, අප දෙදෙනාටම, අප දෙදෙනාගේ පරණ පෙම්වතා/පෙම්වතිය දකින්නට ලැබී තිබෙනවා. ඉතින් ඔවුන්ට නොදැනෙන ලෙස, ‘අර ඉන්නේ අරයා’ කියා, අපි දෙන්නාම ඔවුන්ව පෙන්වා දී තිබෙනවා. හැබැයි, මගේ බිරිඳගේ පෙම්වතානම්, මටත් වඩා කඩවසම්, උස මහත පුද්ගලයකු බව අවංකවම කියන්න ඕනේ. 

img021     කාලය ගෙවීයද්දී විවිධ ක්ෂේත්‍ර කෙරෙහි මගේ අවධානය යොමුවුනා, ගායනය, නිවේදන කටයුතු, ශිෂ්‍යභට පුහුණුව, ආදී නොයෙක් දේවල මම නිරත වුණා. මා ලියු කවි ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. කාර්මික සහකාර තනතුරක් සඳහා ගුවන්විදුලි සංස්ථාවේ සම්මුඛ පරීක්ෂණයකට ගියත් දේශපාලනය ඊට හරස් වුණා. අවසානයේදී ගුරු වෘත්තියට මා නැඹුරුවුනේ, මගේ පියාගේ බලපෑම නිසයි. නමුත් මට වැළඳී තිබුණ ‘ආමි උණ’ හොඳවුණේ, හමුදාවට බැඳීමෙන් පසුවයි. 

img036     මේ කාලයේදී තරුණියන් දෙදෙනෙකු මගේ ප්‍රේමය පැතුවත්, මා හදවතෙහි තිබුණු ප්‍රථම ප්‍රේමයේ තුවාලය සුවවී තිබුණේ නැහැ. ඒ නිසා එවැනි කිසිවෙකුත් කෙරෙහි මගේ අවධානය යොමුවුණේ නැහැ. මා සිතුවේ මා මෙන්ම ප්‍රේමයෙන් පරාජිතවූ කෙනෙකු සමග විවාහ වෙනවා කියයි. එය එලෙසින්ම සිදුවුණේ අපි දෙදෙනාම දෙදෙනාට අවංකව තම අතීතය පැහැදිළි කළ නිසයි.

img011     හමුදා සේවයට එක්වීමෙන් පසු ජීවිතයේ යථා ස්වභාවය ගැන නොයෙක්දේ අත්විඳ ගන්නට ලැබුණා. තමන්ට තමන්ගේ පිහිට පමණයි යන්න හොඳින්ම වැටහුණේ, හමුදාවට බැඳුණු මුල් කාලයේදීමයි.  හැබැයි හමුදා පුහුණුවෙන් මා ලද පන්නරය, අද දක්වා මට මහත් ඵල ප්‍රයෝජන ගෙනදෙනවා. ඇත්තටම, කාර්යක්ෂම ජීවිතයක් සඳහා මා අඩිතාලම දැමුවේ හමුදා පුහුණුව නිසයි.  

img018     ලංකාවේ විවිධ පළාත්වලට ගොඩබිමෙන් අහසෙන් මුහුදෙන් යාමටත්, යුද්ධය පිලිබඳ විවිධ අත්දැකීම් ලබන්නටත්, මරනවා/මැරෙනවා යන අත්දැකීම් ලබන්නටත් මට ඉඩ ලැබුණා. පොතෙන් දෙන හමුදා දැණුම වගේම සටන් බිමේදී ලැබිය යුතු අත්දැකීම්ද ඉතා වැදගත්වන බව තේරුම්ගත්තේ මේ කාලයේදීයි. හැබැයි සටන් බිමේ පුහුණුවෙන්න වෙලාවක් නැහැ. අත්දැකීම් ලැබීමක් පමණයි.

img016     ඒවා භයානක අත්දැකීම් මිස රසවත් අත්දැකීම් නෙවෙයි. ඇත්තටම සටන් බිමේ මුල්ම අත්දැකීම් ලබද්දේ බයක් දැනෙනවා. ‘හයියෝ මොන බයද අපි දුන්නනේ උන්ට දුවන්න’ ආදී වශයෙන් බොරු කයිය ගහන්න නම් මම කැමති නැහැ. නමුත් ඒ බය පසුව අත්දැකීමක් බවට පත්වුනාම සහ අත්දැකීම් බහුල අයගේ ආශ්‍රය මෙන්ම උපදෙස් නිසා, චිත්ත ශක්තිය වර්ධනය වීමක් බවට පත්වෙනවා.

img030     මොකක්දෝ හේතුවකට ඉස්කෝලේ යනකාලේ ඉඳලා තිබුන කැමරා පිස්සුව නිසා යුදබිමේ හැකි සෑම තැනටම කැමරාවක් අරන් යන පුරුද්ද මට තිබුණා. අදත් සංචාරයකදී කැමරාව වරදින්නේ නැහැ. මා සතුව යුදබිමේ පින්තූර 200 ක් පමණ තියනවා. නිසි නඩත්තුවක් නැති නිසා තව බොහෝ ගණනක් විනාශ වුණා.

ජීවිතේ ටික ටික ඉදිරියට ගියා ගෙයක් දොරක් හදාගන්නටත් කාලය ආවා. 

img001

ගෙවල් දොරවල් හදන්ඩ ගත්තේ ඒකේ ඉන්න පැටවූ ලැබෙන නිසානේ.

img024

පැටවූ ලැබුනේ මෙන්න මෙව්වා නිසානේ

img025

img015

img023

     විවාහ ජීවිතය ගැන ලියනවානම් වෙනම ලිපියක් ලියන්න ඕනේ. අපේ 33 වැනි විවාහ සංවත්සරය ලබන මාසේ අගට යෙදී තියනවා. නමුත් විශේෂ උත්සවයක් නම් පවත්වන්නේ නැහැ. ඇත්තටම විවාහ ජීවිතය නෙල්ලි ගෙඩියක් වගේ පංච රසයෙන් යුක්තයි. අපි දෙන්නා එදා ඉඳලා අද දක්වා කිරියි පැණියි වගේ ඉන්නේ කියලා බොරු කියන්න නම් මම කැමති නැහැ. මම හමුදා සේවයේ යෙදී ඉන්න කාලෙනම් සමහර විට තරහ වුනාම දවස් ගණන් ගෙදරට කතා නොකර ඉන්නවා. අපේ උන්දැත් එහෙමම තමයි. උඹට ඕනෙනම් කතාකරපන් කියලා සද්ද නැතුව ඉන්නවා. අනේ ඉතින් මමම අන්තිමට කතා කරනවා. දැනුත් තරහා වෙනවා. හැබැයි උපරිම පැයයි දෙකයි. මොකද මේ මහ විසාල ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි. අපි දෙන්නට අපි දෙන්නා නැත්නම් වෙන කවුද ඉන්නේ කියන එක හොඳට තේරෙන්නේ දැන්.

කාලය ගතවුණා. මමත් හමුදා ජීවිතයේ ටික ටික ඉදිරියට ගියා. 

img008

img004

img009

img007

img012

img034

පුහුණුව තරම් හමුදා සේවයේදී ලබාගත හැකි තවත් වටිනා සම්පතක් නැහැ. හමුදාවේ කියමනක් තියනවා, ‘නිළධාරියකුට තම සෙබළුන්ට දියහැකි වටිනාම දායාදය වන්නේ පුහුණුවයි’ කියා. මට ලැබුණු විදෙස් පුහුණුවත් එවැනි වටිනා දායාදයක්. 

3 001

අත්දැකීම් බහුල මහ සෙනෙවියන් යුදපිටියේදී කරන සැළසුම් අපේ පරිණත බව වැඩිකරන්නට සමත්වුණා.

1 001

ඒ වගේම මේ මහ සෙනෙවියන් ඉගැන්වූ දේ තුළින්, ඉන්පසු කාලයේදී පැමිණි අභියෝග ජයගන්නත් පුළුවන් වුණා. එහෙම ආව එක අභියෝගයකට මම පිළිතුරු දෙන හැටි තමයි ඔය පහල පින්තූරේ තියෙන්නේ.

img013

අපි එදා හැඩගසුනේ, ලෝක සංග්‍රාම භූමියේ මහ සෙනෙවියන්ගේ කියමන් ආදර්ශයට ගැනීමෙනුයි. මේ මගේ මව් කඳවුරේ තිබෙන එවැනි ආදර්ශ පාඨයක් සහිත පුවරුවක්.

DSC00615a

ඇත්තටම කාලය ගතවුනේ හොරෙන් හොරෙන්. ළමයි දැන් ලොකුයි, අපි වයසට යන්න පටන් අරන්, කියන එක තේරුණේ, දැනට අවුරුදු හත අටකට උඩදී.

2 001

මම කවදත් පරිසර චාරිකා යන්න හරිම ආසයි. අදටත් ඒ පුරුද්ද අතහැරිලා නැහැ. යුද්ධය මැද වුනත්, ඉඩක් ලද විගස, දරුවනුත් කැටුව, පරිසර චාරිකාවක යෙදීම ඒ කාලෙත් කළා.

4 001

  ජීවිතය කියන්නේ විඳිය යුතු දෙයක් මිස, විඳවිය යුතු දෙයක් නෙවෙයි කියලා, මට කියලා දුන්නේ, අර මම මේ ලිපියේ මුල හරියේදී කිව්ව හාමුදුරුවෝ. ඒ උපදේශයට පින්සිද්ද වෙන්න, අද මම උපරිමයෙන් ජීවිතය වින්දනය කරනවා. මට මහා විසාල බලාපොරොත්තු නැහැ. මගේ දියණියන් දෙදෙනා නිසි මග යන බවට, මට සැකයක් නැහැ. මම තන්හාව බොහෝ දුරට හිතෙන් ඈත් කරලා තියෙන්නේ. අද මම ලබන විශ්‍රාම වැටුපෙන්, පරෙස්සමෙන් ජීවිතය ගැටගහගන්න පුළුවන්. එදා වගේම අදත්, හමුදාවේ යාළුවො මා අමතක කර නැහැ. බොහෝවිට, අදටත් විවිධ කඳවුරුවල තිබෙන උත්සව/සාද සඳහා ඇරයුම් ලැබෙනවා. මේ ලිපිය ලියමින් ඉන්න අතරෙත්, ලබන මස 8 වැනිදා සහ 15 වැනිදා පැවැත්වෙන එවැනි උත්සව දෙකක් සඳහා මටත් බිරිඳටත් ඇරයුම් ලැබුණා. එවැනි විටක එහි ගොස් විනෝදයක් ලබන්නටත් අමතක කරන්නේ නැහැ.

DSC00636

  ඉතින් ඇති නේද? මම හිතනවා කවුරු නැතත්, අවුරුදු දෙකක් මා සමග ඉන්න ඔබ, ඒ විදිහට හැමදාමත් ඉඳියි කියලා. අද මගේ ප්‍රධානම කාර්‍යය වෙලා තියෙන්නේ, බ්ලොග් වැඩේ නේ. ඉතින් ඔබත් සමග අත්වැල් බැඳගෙන, ඉදිරියට යන්නට මා සූදානම්. ඒ සඳහා මට ඇති එකම ශක්තිය හා ධෛර්යය ඔබයි. මට උපන්දින සුබ පැතුම් ගෙගෙන සියළු දෙනාට කියන්න තිබෙන්නේ, මාව දිරිමත් කරන ඔබ සැමට අපමණ පින් කියලයි.

      my-signature-for-blog[1]2014 පෙබරවාරි මස 27 වැනි දින 0001 පැය

Advertisements

Comments on: "එහෙනං නොදැවී 60 ක් ගැහුවා ඈ………. Oh Dear!….I am not out 60" (68)

  1. නිර්නාමික said:

    ඔබට සුබ උපන්දිනයක් !! නිදුක් නිරෝගී ප්‍රීතිමත් අනාගතයකට ආසිරි !!

  2. Happy B’Day! wishing u a long life n good health!

  3. නිදුක් නිරෝගී නැවුම් ජීවන පියවරකට සුපැතුම්

  4. සුබම සුබ උපන් දිනයක් වේවා විචාරක අංකල්….!!
    ඒ වගේම තවත් දීර්ඝ කාලයක් ඔබේ දැනුම හැමෝටම දෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  5. සුභ උපන් දිනයක් වගේම දීර්ඝායුෂත් පතනවා වැඩ කල අයට දුක් වෙන්න දෙයක් නෑ වයසට යන කොට…

  6. සුබපැතුම් ඔබතුමාට මුළු හදවතින්ම !

  7. සුභ උපන් දිනයක් වේවා….!

  8. නිර්නාමික said:

    happy B’Day..

  9. මගෙන් සුබ පැතුම්,
    තව චිරාත් කාලයක් ඔබගේ ජීවිතය ඔබ සදහන් කල ආකාරයෙන්ම් අපටත් අපමණ දැනුමක් ලබාදෙමින් ගතකරන්න ශක්තිය හා ධෛර්ය ලැබේවා විරුවානනි.

  10. සුබම සුබ උපන්දිනයක් වේවා….

  11. සුභ උපන්දිනයක් විචාරක…

    කතාවක් තියෙන්නේ අවුරුදු හැටක් ගතවුනාම හමේ ඇඳිලා තියෙන හැම wrinkle එකකටම ලස්සන කතාවක් තියෙනවා කියලා… ඉතිං නිවිසැනසිල්ලේ ඒ කතා සේරම බ්ලොග් එකේ ලියමු…

  12. සුභ උපන්දිනයක් ඔබ තුමාට !

  13. Life begins at 60 !

    Enjoy the youth of life my Friend !!

      • උදේ මං මේකට එනකොට පින්තූර එකක්වත් පෙනුනෙ නෑ. ඉතිං අර මුලිංම තියෙන ආදර්ශපාඨය මං දැක්කෙත් දැං.. හපොයි දැක්කානං මේක ආයිත් ලියන්නෙ නෑනෙ. කමක් නෑ. මං ලිව්වෙ ඇත්ත.. උපන් මව්බිමට ණයනැති ඔබ වැන්නට අපි ණයයි.. ඔබට දිගාසිරි සහ සවිබල ලැබේවා සියය ඉක්මවන්නට .. මං යුද්දෙට නොගියාට අපි දෙන්නම එක්තරා කාලෙක ටික කාලයක් එක පාරක ගිය මිනිස්සු..

  14. ඔබට සුබ උපන් දිනයක් වේවා

  15. Wish you a very happy B’ day! Proud of you when comparing some of my friends in SLA.

  16. සුබ උපන්දිනයක් ඔබ තුමාට,

  17. සුබ උපන්දිනයක් වේවා කියලා පතන ගමන්ම නිදුක් නිරෝගී ප්‍රීතිමත් අනාගතයකට සුබ පතන්න කැමතියි. 🙂
    ඒ වගේම බ්ලොග් එක හරහා තව තවත් හරවත් වගේම රසවත් ලිපි වැඩි වැඩියෙන් බෙදාහදා දෙන්නට හැකියාව ලැබේවා කියලත් ඉතසිතින්ම පතනවා 🙂

  18. සුබ උපන්දිනයක් !

    මාත් ආදරය ප්‍රේමය විවාහය ගැන ලියුවොත් තරාදියේ දෙපැත්ත.

  19. විචාරකතුමනි සුබපැතුම් …..චිරාත් කාලයක් වැජබේවා

  20. නිර්නාමික said:

    i became 20 and wicharaka has become 60 🙂 Wish you a very happy birthday Wicharaka. I dont comment much in your blog because im too lazy to type sinhala but i have read ALL the posts in this blog. Wish a healthy long life.

  21. මට මතකයි ඔබ ගිය අවුරුද්දේ ඔබගේ උපන්දිනය ගැන අපට කිව්වේ ඒක පහුවෙලත් දවස් කීපයක් ගියාට පසුවයි. එදා මම ඔබෙන් ඉල්ලුවා නැවත එසේ නොකරන ලෙස. ස්තුතියි විචාරක තුමා ඔබට. ඒ වගේම සුභ උපන්දිනයක්. තවත් බොහෝ කලක් නිදුක් නිරෝගීව ඔබට අපත් සමඟ ‍රැදීමට හැකිවේවා කියා පතනවා මම.

  22. 60 ත් වයසක්ද 😛 [60ශ්‍රී බස්වල ගහලා තියෙන්නේ එහෙමනේ] ඔබතුමාට ජය 😀

  23. නිර්නාමික said:

    හැපි බර්ත් ඩේ වේවා…!

  24. සුභ උපන්දිනයක් විචාරක සීයේ (තරහගන්න එහෙම එපා) අත්දැකීම් මගින් ජීවිතය සම්පූර්ණ වෙනවා කියන කියමන වගේම ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි කියන කාරණා දෙක මමත් දැඩිව අදහන කරුණු දෙකක්. අනෙක තමයි විවාහය ගැන වූ කරුණ මම හොඳින් හිතට ගත්තා. මොකද අපිට වැදගත් වෙන උපදෙස්. ඔබතුමාගේ විවාහ අනිවසරියේ වයසවත් මට තාම නැති එකේ ඔබලා දිහා බලල හැදෙන එකයි කරන්න ඕනේ නිදුක් නිරෝගිමත් දිවියකට ආසිරි පතන බ්ලොගර් එකේ හදිස්සි කොමෙන්ටුවක් කෙටුවා ෆෝන් එකෙන්

    • මොකටද යකෝ සීයට සීයේ කිව්වම තරහ වෙන්නේ. ඔන්න මල්ලි කිව්වනම් මගෙන් අහගන්නවා. මම සීයා කෙනෙක් වුණේ අවුරුදු 50 දී. ඒ මගේ අක්කාගේ දුවට පුතෙක් ලැබුණු නිසා. දැන් මට සීයා කියන රැළක්ම ඉන්නවා.

      බොහොම ස්තුතියි සුබපැතුමට.

  25. සුභ උපන් දිනයක් වේවා විචාරක තුමා.. ඔබේ අතීතය ගත වී ඇත්තේ අප සැමට යහපත් අනාගතයක් ගොඩ නැගීම උදෙසා.. අපි ඔබට ණයගැතියි.
    ප්‍රීතිමත් ජීවිතයකට ආසිරි..

  26. සුබ පසුගිය උපන්දිනයක් වේවා ,
    සමාවෙන්න පරක්කු උනාට සර්

  27. සුබ උපන් දිනයක් පතන්නට තවම ප්‍රමාද වැඩි නෑ මගේ හිතේ,ඔබට නිරෝගී බවත් චිර ජීවනයත් ප්‍රීතිමත් අනාගතයකුත් ප්‍රාර්ථනා කරමි.

  28. Happy Birth Day and all the best sir ! keep up the good work !

  29. සුභ උපන්දිනක් වේවා විචාරක මහතා.. උපන් භූමියට ණය නැති ඔබ වැන්නන් සිය දහස් ගණනකට අපි ණය වෙමු. වයස හැටක් වුණාට තාම ජවසම්පන්න තරුණ කටහඬක් තියෙන්නේ ඔබට. තවත් බොහෝ කලක් ජීවත් වී ඔබේ අත්දැකීම් නව පරපුරට බෙදා දීමට හැකියාව ශක්තිය ලැබේවා. ප්‍රමාද වූ සුභපැතුම් වලට සමාවන්න..

    • කිසිම ප්‍රමාදයක් නැහැ ක්සැන්ඩර්. ඔබ ලිපිය දැක්ක වෙලාවේ ප්‍රතිචාර දැක්වුවා. එය ඔබේ වරදක් නෙවේ. ඔබට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා දුරුකතර සිට මගේ දුක සැප සොයා බැලීම සඳහ ඉතා දීර්ඝ දුරකථන ඇමතුමක් ලබාදීමත්, මෙලෙස උපන්දින සුබ පැතුම් ගෙන ඒමත් පිළිබඳව.

  30. උපන් දිනෙටනම් මුනුපොතෙදි සුභ පැතුවනෙ.ඉතින් නීරෝගී සතුට පිරි දිවියක් පතනව ඔබට.

  31. සුබ උපන්දිනයක් වේවා… ඔබට ජය.

    පමාවූ සුබ පැතුම් වලට සමාවෙන්න.
    අර දිය ඇල්ල, රාවණා ඇල්ලද???

    • සුබ පැතුම් වලදී පමාවක් නැහැ. ඔබ තොරතුරු දැනගත් මොහොතේදීයි සුබපැතුවේ. එහි කිසි වරදක් නැහැ. සමාවෙන්න දෙයක් නැහැ. මට වටින්නේ ඔබේ සුබපැතුමයි. බොහොම ස්තුතියි.

      ඒ දිය ඇල්ල හෝර්ටන් තැන්නේ පිහිටි බේකර්ස් ඇල්ල.

  32. දැන් 62 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: