විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  The_Cat_From_Outer_Space_1978_801ජොනී ශ්‍රී වර්ණසිංහ නමැති ලේඛකයා විසින් රචිත, ‘රණ බළලුව’ නමැති නවකතාව පිළිබඳව, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කෙටි ලිපියක්, පසුගිය නොවැම්බර් මාසයේ දී, මේ අඩවියේ පළවුනා ඔබට මතකද? මතක නැති අයට, මෙතනින් එය කියවා බැලිය හැකියි. එම ලිපිය කියවූ, දැනට විදෙස් ගතව සිටින මහතකු, තමන්ට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍ය නොවන බවත්, තම පියා  සතුව එම පොත ඇති බවට මතකයක් ඇතිබවත්, අවශ්‍යනම් ඒ පොත මා වෙත ලබාදිය හැකි බවත්, දන්වා තිබුනා. මා ඒ සඳහා දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරක් වශයෙන්, ඒ මහතාගේ පියා වන විජේරත්න නමැති මහතා විසින්, තැපැල් මගින් මට මේ පොත ලැබෙන්නට සැලැස්වූවා. සිංහල බ්ලොග් ලිපි කියවන සියළුම පාඨකයන්ගේ යහපත තකා, එතුමන් දෙදෙනා විසින් කරන ලද මේ සත්කාර්යය වෙනුවෙන්, ඒ දෙදෙනාටම, මාගේ හද පත්ලෙන්ම නැගෙන කෘතවේදීත්වය, මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. එමෙන්ම මගේත් පාඨක ඔබ සැමගේත් අවධානය මේ පොත වෙත යොමු කළ, වෛද්‍ය රුවන් එම්. ජයතුංග වෙතද, අප සැමගේ විශේෂ ස්තුතිය හිමි වියයුතුයයි මා සිතනවා.

  මේ කෘතිය කියවා බැලීමෙන් පසු මට විශාල සතුටක් මෙන්ම දුකක්ද ඇතිවුණා. සතුටක් ඇතිවුනේ, ඉතා දිගු කලකට පසු, අපේ ළමා කාලයද සිහිගන්වන අගනා ළමා කතාවක් කියවන්නට ලැබීම නිසයි. දුකක් ඇතිවුනේ, අප එදා ඉහළින්ම රසවිඳි ගැමි පරිසරය තුළ ගතකළ අපේ ළමා කාලය, අද දරුවන්ට අහිමි වීම සහ ඒ පරිසරයද අද අපිට අහිමිවී තිබීම නිසයි. වෛද්‍ය ජයතුංග මේ පොත ගැන කර තිබුණු සටහනේද සඳහන්වන පරිදි, මෙවැනි අද්භූත රසය සහිත කතාවක් 1960 දශකයේදී ලියන්නට තරම්, මේ ලේඛකයා තුළ මුහුකුරා ගිය චින්තනයක් මෙන්ම, ළමා කතාවක් ලිවීමේ භාරධූර කාර්යය පිළිබඳව, පෘථුල අවබෝධයක් ද තිබුණු බව, මනාව පැහැදිළි වෙනවා. මා සිතුවා මුලින්ම පොතේ පිට කවරය, පසු කවරය සහ ආරම්භක පිටු කීපය ඔබට පෙන්වන්නට.

a

e

d

c

f

  මේ පින්තූර වලින් සාක්‍ෂි ලැබෙන නිසා පොතේ පැරණි බව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැතැයි මා හිතනවා. ඒ කාලයේ ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමිතිය කෙබඳුද යන්නත් මෙවැනි පොත් වලින් පැහැදිළි වෙනවා.

  පොත ආරම්භයේදීම කතුවරයා අපට කතා නායකයා හඳුන්වා දෙනවා. ඔහු කුඩා පිරිමි ළමයෙක්. එමෙන්ම කතුවරයා ඒ දරුවාගේ සිතුවිලි අපූර්ව ආකාරයෙන් අපවෙත ඉදිරිපත් කරනවා. ආරම්භක පරිච්ඡේදය කියවා බලමු. 

8

10

11

12

  මේ පළමුවැනි පරිඡේදය කියවද්දී ඔබට ඇතිවුණු හැඟීමම තමා මටත් ඇතිවුනේ. අද වැඩිහිටියකුව සිටින මේ කතානායකයා, එදා තම ළමාකාලය ගැන කියන විස්තරයක්, මේ පොතේ ඇතුළත්ව ඇතැයි යන හැඟීම තමයි මටත් ඇතිවුනේ. නමුත් එක් එක් පරිඡේදය තුළින් කතුවරයා පාඨකයාව විවිධ මානයන් වෙත ගෙනයනවා. සාමාන්‍ය දැනුම, විද්‍යා තොරතුරු, වලින් පටන්ගන්න මේ කතාවේ, සමහර පරිච්ඡේද දේශපාලන සහ සමාජ විවරණ අදහස් වලින්ද පරිපූර්ණ වන අතර, එය ඉතා අපූරු ලෙස අදටත් ගැලපෙනවා.

  පොතේ දෙවැනි,  තුන්වැනි, සහ හතරවැනි ඡේද වෙන්වී තිබෙන්නේ අඟහරු ලෝකයෙන් පැමිණෙන මේ අපූරු බළලා සහ කතානායකයා වන කුඩා පිරිමි දරුවා අතර හමුවීම සහ ඔවුන් දෙදෙනා තර මිත්‍ර සම්බන්ධය ගොඩනැගීම සහ තහවුරු වීම පිළිබඳව කදිම විස්තරයක් ගෙන එන්නටයි. එම ඡේද වලින් තෝරාගත් කොටස් කීපයක් පහත දක්වනවා. 

21

22

23

තමන් මේ පොත ලියන්නේ අඟහරු ලොවින් පැමිණි බළලාගෙන් අසාගෙන බව කතුවරයා කියනවා.

24

එමෙන්ම ඔහු මේ කතාව මගින් සරල විද්‍යා දැනුමක් පාඨකයාට ලබාදෙන්නට උත්සාහ කරනවා.

25

  අඟහරු ලෝකයට බළල්ලු ගිය හැටි කියන්නේ මෙහෙමයි. අතීතයේ දඹදිව වේදේහ රජ්ජුරුවෝ කාන්තාවන්ට බොහොම ආසයිලු. ඉතින් මේ රජ්ජුරුවන්ගේ අසාවට එක්තරා කුමාරියක් විවාහ කරගන්න හිමාලයේ හිටිය රත්තරන් කෙඳි සහිත බලලුන්ව මරා සේලයක් සාදා අර කුමරියට තෑග්ගක් හැටියට යවන්න හදනවා. මහෞෂධ පණ්ඩිතයෝ ඒ කාලේ හිටිය විද්‍යාඥයන් මගින් ඒ බළලුන්ව අඟහරු ලෝකෙට යවනවා. 

29

අපූර්වත්වය තුළ, ඉතිහාසය, නවීන විද්‍යා දැණුම, කැටිකරගනිමින් ඇදීයන මේ කතාවේ, එදාට මෙන්ම අදටත් වලංගු දේශපාලන ප්‍රහසනය මීළඟ කොටසෙන් ඔබවෙත ගෙන එන්නම්.

 my-signature-for-blog[1]2014 ජනවාරි මස 14 දින 1410 පැය

Advertisements

Comments on: "රන බළලුව සොයාගතිමි (පළමුවැනි කොටස)" (24)

  1. ගොඩක් ස්තුතියි ඔබේ වෑයමට

  2. මෙම ලිපිය අපූරුයි. 80 දශකයේ අග භාගයේ ඉපදුනු මට මේ වගේ පොත් කියවන්නට ලැබී නැති තරම්.
    බොහොම ස්තුතියි විචාරක තුමා ඔබේ වැයමට.

  3. ඇත්තටම විචාරක මහත්තයෝ පංකාදු 25යි. ඒ කාලේ භාෂා විලාශය ලිවීමේ ක්‍රමය මෙවන් විරල පොත් අපිත් එක්ක බෙදා ගන්නවට

  4. හුරේ !! භාණ්ඩේ හම්බුවුනානේ.හැකියාවක් තිබේ නම් pdf කරල බා ගන්න දාන්න විචාරකතුමනි.

  5. කියවලා ඇති බවක් නම් මතක නෑ විචාරක.

    ඒ එක්කම, මොකක්ද තමුන්නාන්සෙගේ බ්ලොගර් බ්ලොග් එකේ
    URL එක?

  6. බොහොම ස්තූතියි විචාරක තුමා…ඒ වගේම මේ වටිනා කෘතිය ලබා දුන් මහතාටත්…ඒ ගැන හෝඩුවාව දුන් දොස්තර මහතාටත් මගේ නොවක් ස්තූතිය…රස වෑහෙන කථාවක් බව පළමු පිටුවෙන්ම පේනවා…විවේක දිනයක කියවන්නට මතක ගබඩාවට දමමි.

    • ඇත්තටම සිරෝ මම කරන්නේ නිකම් ඉදිරිපත් කිරීමක් විතරයි. වෛද්‍ය ජයතුංගටත්, පොත ලබාදුන් විජේරත්න මහතාටත් තමයි ගෞරවය හිමිවියයුත්තේ.

  7. බොහොම පිං, පොඩි දරුවන්ගේ අව්‍යාජ බවත්, අහිංසක බවත් ,ආදරයත් , සතුටත් මේ හැම දෙයක්ම කැටිකොට ලියූ සටහන ඉතා අගනේය. දායක වූ සැමටම තුති පුදමි.

  8. kiyewwaaa meka eka eka pathiwalata yana kathawak wagee

  9. නිර්නාමික said:

    Hi Wicharaka, I’m glad you reviewed and publish the book.

  10. ලස්සන පොතක් නෙ. කියවන්න ලැබිල නම් නෑ. ඒවායේ තියන චිත්‍ර ටිකත් මගේ සිත් ගත්ත. මේ පිටු ටික බලද්දිත් මට පුංචි කාලේ මතක් වුනා. ඔබටත් අනෙක් මහත්වරුන් දෙදෙනාටත් ස්තුතියි මේක බෙදා හදා ගත්තට..

  11. පොත අමුතු ඉට්ටයිල්නේ

  12. කාලෙකින් මං ආසා විදියේ පොතක කොටසක් හරි කියවන්න ලැබුණා. ඔබ තුන් දෙනාටම බොහොම පිං..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: