විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


                                  

  -pen-pistol-පෑන කියන උපකරණය තිබෙන්නේ ලියන්න මිසක් වෙඩි තියන්න නෙවෙයි කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි එක්තරා කියමනක් තිබෙනවා ‘පෑන කඩුවට වඩා බලවත්’ කියලා. එයින් අදහස් කරන්නේ, අවි ආයුධ රැගෙන සටන් කිරීමට මිනිසා යොමු කිරීමට වඩා, බලවත් විනාශයනක් කරා යාමට, පෑනෙන් ලියන අදහස් මගින්, මිනිස් සිත තුළ හැඟීම් ඇති කළහැකියි කියන එකයි. ඒක අදටත් එහෙමම සිද්ධවෙනවානේ. සමහරෙකුට ජනමාධ්‍ය තවත් සමහරෙකුට ජඩ මාධ්‍ය වෙනවා. පෑනෙන් නොලිව්වත් බ්ලොග් ලිවීමත් ලේඛන කලාවක්නේ.

  බ්ලොග් ලිවීමෙනුත් මිනීමැරෙන වැඩ කරන්න පුළුවන් නේද? හොඳයි, මේ කඩුවක් වගේ කියලා කියන පෑන, පිස්තෝලයක් කරගත්තොත් මොකද වෙන්නේ? බොහොම භයානකයි නේද? හොඳයි, මම අද ඔබට කියලා දෙන්න යන්නේ පෑනෙන් වෙඩි තියනහැටි. මොනවා? ……….ඔව් ආයේ දෙකක් නෑ, මම අද කියලාදෙනවා පෑනෙන් වෙඩි තියන හැටි. හොඳයි, එහෙනම් පටන්ගම්මුද කතාව.

  ලෝකයේ අනෙක් සතුන්ට වඩා උසස් මනසක් (මන+උස් = මිනිස්) තියන මිනිසා, තම වර්ගයාගේ සැනසීම මෙන්ම වැනසීම වෙනුවෙන්ද එකසේ ක්‍රියාකරනවා. විවිධ ආගම් කතුවරුන්, ජන නායකයන්, සමාජ සේවකයන්, එසේ මානවහිතවාදීව ක්‍රියාකරන අතර, තවත් පිරිසක් වෙහෙසෙන්නේ, මිනිසා වනසන, විවිධ යුද්ධායුධ නිපදවීමටත්, ඒවා පාවිච්චි කිරීම සඳහා මිනිසා පොළඹවා, එමගින් ධනය රැස්කිරීමටත්.

  යුද්ධය කියන හැඟීම ඇතිවෙන්නෙත්, සාමය කියන හැඟීම ඇතිවෙන්නෙත්, මිනිස් සිතතුළමයි. මිනිසා ඈත අතීතයේ සිටම, ආයුධ පරිහරණය කලබව අපි දන්නාවනේ. පොළොවෙන් අහුලාගත් ගල් කැටයකින් සතුරාට දමා ගැසීමෙන්, ආයුධ පාවිච්චිය ඇරඹු මිනිසා, අද පාවිච්චිකරණ ආයුධ මොනවගේද කියලා අපිට හිතාගන්නවත් බැරිතරම් පුදුමයි. පහසුවෙන් සඟවාගෙන යාහැකි ආයුධ තමයි කවදත් ජනප්‍රිය වෙන්නේ. හමුදා කටයුතු වලදී පාවිච්චි කරන ආයුධ මෙන් නොව, එදිනෙදා සමාජයේ මිනිසුන් අතර ගැවසීමෙදී ක්ෂිනිකව පාවිච්චි කළහැකිවීම, පහසුවෙන් ප්‍රවාහනය කළහැකිවීම. හඳුනාගැනීමට නොහැකි ස්වරූපයකින් තිබීම, වැනි සාධක නිසාමයි කුඩා ප්‍රමාණයේ ආයුධ වඩාත් ජනප්‍රියවී තිබෙන්නේ. පෑනක් ලෙස පෙනෙන පිස්තෝල පමණක් නොවෙයි, ජංගම දුරකතනයක් ලෙස පෙනෙන පිස්තෝල මෙන්ම, කැමරාවක් ලෙස පෙනෙන පිස්තෝලත් අද නිපදවා තිබෙනවා. ලෝකප්‍රකට සිනමා අධ්‍යක්‍ෂ, ජේම්ස් කැමරන් විසින්, 1994 දී අධ්‍යක්ෂණය කළ, ‘True Lies’ චිත්‍රපටියේදී, වීඩියෝ කැමරාවකට සවිකළ පිස්තෝලයකින් වෙඩි තබා, ත්‍රස්තවාදී නායකයකු මරණ හැටි පෙන්වනවා. 

  පෑනක් මෙන් පෙනෙන පිස්තෝලයක් නිපදවීම කෙරෙහි, මිනිසාගේ අවධානය යොමුවී තිබෙන්නේ, අද ඊයේ නොවෙයි. 1950 දශකයේදී පවා, ඒ ගැන සැලසුම් සකස්කර තිබෙනවා. මේ බලන්න ඒ සැළැස්ම.

original_fountain-pen-pistol-framed-print

  මෙයින් පෙනෙනවා නේද මෙවැනි අවියකට විශාල ඉල්ලුමක් තිබෙන බව. රහසිගතව, පුද්ගලයකුට ආසන්නවී, ඔහුව ඝාතනය කිරීම සඳහා, මෙවැනි අවියක් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. සාමාන්‍යයෙන්, යුද හමුදාවක් මෙවැනි අවි පාවිච්චි කරන්නේ නැහැ. එයට හේතුව, මෙවැනි අවියකින් වෙඩි තැබීම සඳහා, සතුරාට මීටර් දෙකක්වත් ලඟින් ඉන්නට සිදුවීමයි. සමහරවිට, මෙවැනි අවි ලෝකයේ ප්‍රබල ඔත්තු සේවා සාමාජිකයන්ට නිකුත්කර ඇති.

  ලංකාවෙනම් මා දන්නා තරමින්, මෙවැනි අවි, ජාතික ඔත්තුසේවය පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය, මෙවැනි අවි පාවිච්චි කරන බවක්, මම අසා/දැක නැහැ. නමුත් මෙවැනි අවි, කීපවරක් ලංකාවේ පොලීසියට අසුවූ අවස්ථා, මම අසා/දැක තිබෙනවා. මේ පහළ පින්තූරයෙන් දක්වා තිබෙන්නේ, මගේ අවධානයට ලක්වූ, එහි ආසන්නතම සිදුවීම. මේ ලිපිය ලියන්නට මට සිතුනෙත්, මේ පුවත්පත් වාර්තාව කියවීමෙන් අනතුරුවයි. 

Screenshot (4)

  පෑන් පිස්තෝලයක් කියන්නේ පෑනක් ද පිස්තෝලයක් ද? ඇත්තටම පෑන් පිස්තෝලයක් කියන්නේ පිස්තෝලයක් වැනි අවස්ථානුකූලව වැඩිදියුණු කළ, වෙඩි තැබීමක් කළහැකි, උපකරණයක්. (improvised firing device)  ඒ කියන්නේ නෛතික වශයෙන් සලකා බලනවිට ගිනි අවියක්. (fire arm)  ලෝකයේ කිසිම රටක, මෙවැනි අවි සඳහා ඉඩදෙන්නේ නැහැ. එයට හේතුව, මෙය එතරම්ම භයානක, හානිකර, අවියක් නිසයි. ලෝකයේ විවිධ රටවල නිපදවා ඇති පෑන් පිස්තෝල කීපයක පින්තූර, මීළඟට මම ඔබට පෙන්වන්නම්. 

Pen Gun

00-pistol-pen-gun

homemadezipgun

images

  දැන් පෙනෙනවා නේද මේ අවිය භයානකයි කියලා. ළඟටම ඇවිත් ‘ටොක්’ ගානතුරු කවුරුවත් දන්නේ නැහැ. ඔන්න මම පහළින් දානවා පොඩි වීඩියෝවක් මේ අවියෙන් වෙඩි තියන හැටි පෙන්වන.  බයිට් ඉවරවෙන එක පැත්තක තියලා, ටිකක් බලන්න මේවා. මෙහෙ විතරයි මෙව්වා මෙහෙම පෙන්නන්නේ.

  මේ වගේ පින්තූර සියගණනක්, අන්තර්ජාලය තුළ මට දකින්න ලැබුනත්, ලිපිය දික්ගැස්සෙන නිසා ඒවා ඇතුළත් කරන්නේ නැහැ. ඔව් ඔව්, මම දන්නවා මම දන්නවා, ඔය ප්‍රශ්නේ ඊළඟට අහන බව. කොහොමද මේ පිස්තෝලයක් හදන්නේ. හරි හරි කියලා දෙන්නම්. හැබැයි පුතෝ, නොදන්නා මගුල් කරන්ඩ ගිහින්, ශරීරයේ වටිනා අවයව කැඩිලා බිම වැටුනා කියන්ඩ එහෙම එපා. ආයේ මම එහෙම නැහැ මොනවා හරි කරගෙන, අර එක කිඹුලෙකුට උනා වගේ, ‘ඤව් ඤව්’ ගාලා කතා කරන්ඩ වුනොත්.

  පෑන් පිස්තෝල හදන්න පාවිච්චි කරන උපකරණය අපේ රටේනම් නිකුත් කරන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැනි ආරක්ෂක අංශ වලට පමණයි. නමුත් ලෝකයේ බොහෝ රටවල, කඳු නැගීම, දුෂ්කර ප්‍රදේශ ගවේෂණය, වනයේ සංචාරය, වැනි ත්‍රාසජනක ක්‍රියාවල නිරතවන අයට විවෘත වෙළඳපොලෙන් මේ උපකරණය මිළදීගන්න පුළුවන්. (එයට හේතුව ඒ රටවල බොහෝ දෙනා මෙයින් නිසි ප්‍රයෝජනය ගන්නවා හැර, පිස්සු කෙළින්න යන්නේ නැති නිසා)

  මේ උපකරණයට සිංහලෙන් නමක් මම අහලා නැහැ. ඒ නිසා, ‘පෞද්ගලික ආපදා සහ අනතුරු අඟවනය’ කියලා නමක් මම හැදුවා. ඉංග්‍රීසියෙන් කියන්නේ Signal kits personnel distress කියලා. මගේ පරිවර්තනයට වඩා අර්ථවත් පරිවර්තනයක්, මා ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ආරක්ෂක හමුදා වෙත නිකුත් කරන්නේ, දකුණු කොරියාවේ නිෂ්පාදිත උපකරණයක්. මේක ලස්සන කැන්වස් මල්ලක දාලා තියෙන්නේ. අපි ජංගම දුරකථනය දාගෙන යන පවුච් එක වගේ, මේ පවුච් එකත් නිළ ඇඳුමේ බඳපටියේ පැළඳගන්න පුළුවන්. 

1

  ලෙහන්න තියන මල්ල ඔබලා බලන්නේ මොකටද? ලෙහලම බලමු. ඔන්න මම මල්ල ලිහනවා. හා……එන්ඩේ, එන්ඩේ, හැමදාම නෑ, හැම තැනම නෑ අද විතරයි අද විතරයි. 😀

2

  පේනවා නේද මල්ල ඇතුලේ තියන බඩු ගොඩ? මේ මල්ලේ නියම විදිහට නම් සුදු, කොළ, රතු, යන පාටවලින් කෑලි 3 බැගින් තියෙන්න ඕනේ. මෙතන කෑලි තුනක් අඩුවෙන් තියෙන්නේ ඒවා පාවිච්චි කරලා නිසයි. මොකටද එහෙම පාට තුනක්? අපිට පුළුවන් කලින් සම්මතයක් ඇතිකරගන්න සුදු පාට එකක් ගැහුවොත් ඒකෙ තේරුම මේකයි, රතුපාටනම් මේකයි, කොළපාට නම මේකයි කියලා. එළියට අරගෙන බලමු මොනවද මේවායින් කරන්න පුළුවන් කියලා.

3

ෆ්ලෙයාර් එකක් කියන්නේ පුංචි ගිනි බෝලයක් අහසට යවන්න පුළුවන් පතරොමක් වගේ එකක්.

ෂූටර් කියන්නේ ඒ ෆ්ලෙයාර් එක පත්තු කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා උපකරණය.

4

  ඉතින් මේක මොකටද පාවිච්චි කරන්නේ? අර මම කලින් කිව්වා වගේ, අනතුරක් ආපදාවක් ඇඟවීමට තමයි පාවිච්චි කරන්නේ. හිතන්නකෝ ඔයා කැලේ අතරමං වුනා කියලා. ඔයා ළඟ ජී.පී.එස්. උපකරණයක් නැහැ, හරියටම තැන කියන්න. ඔයා දුරකථන/ගුවන්විදුලි පණිවිඩයක් දුන්නා කියලා හිතන්න, මම අතරමං වුනා කියලා. ඔයා බේරගන්න එන පිරිස කියනවා ආපහු ඔයාට, හරි, අපි දැන් ඔයා කියපු පැත්තට ලං වෙලා ඉන්නේ, ඔයා ඉන්න තැන පෙන්නන්න ෆ්ලෙයාර් එකක් ගහන්න කියලා. ඔන්න දැන් තමයි වෙලාව මේ උපකරණයෙන් වැඩ ගන්න.

5

  ෆ්ලෙයාර් එකක් දවල් වුනත් රෑ වුනත් අහසට විදින්න පුළුවන්. මහ දවල් වුනත් මෙයින් පිටවෙන ආලෝක ගුලිය (පුංජය) කි.මී. 2 ක් විතර ඈතට පෙනෙනවා. රෑටනම් කි.මී. 10 ක් විතර ඈතට පෙනෙනවා. (මීදුම, වර්ෂාව, වලාකුළු, ගස්කොලන්, කඳු, වැනි බාධක නැත්නම්) ෆොස්පරස් වැනි වෙඩි බෙහෙත් වර්ගයක් තමයි පත්තුවෙන්නේ. අඩි 150 ක් පමණ ඉහළට යන මේ ආලෝක ගුලිය, කාලගුණ තත්වය අනුව, තත්පර 4ත් 12ත් අතර කාලයක් දැල්වී පවතිනවා. උපරිම කාලය දැල්වෙන්නේ, සුළං රහිත වියලි කාලගුණයක් තිබුණොත්. මමතුමා නම් මෙව්වා පාවිච්චි කරලා තියෙන්නේ, පුහුණුවේදී පමණයි. යුද්දෙදි මේවා පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. හමුදාවේ එළිමහන් රාත්‍රී සාද වලදී ජොලියට නම් ගහලා තියනවා.  හැබැයි මතකතියාගන්න, ෆ්ලෙයාර් එකට බාධාවන ගොඩනැගිලි, ගස්වල අතු, විදුලි කම්බි, වැනි මොකුත් නැති තැනක ඉඳලයි විදින්න ඕනේ. නැත්නම් ඈතට පෙනෙන්නේ නැහැනේ. ඒ වගේම ඔබ ඉන්න තැන වටේ තියන ගොඩනැගිලි, ගස්, කඳු වැනි බාධක ආසන්නයේම තියනවානම්, ඔබට සිදුවෙනවා, ඉන්න තැන වෙනස් කරන්න හෝ ඒ උස් ගොඩනැගිල්ලකට/ගහකට/කන්දකට නගින්න. 

6

  ඉතිං ඔය ෆ්ලෙයාර් එක පත්තු වෙන්නේ කොහොමද? ගිනි බෝලය ඉහළට යන්නේ කොහොමද? මේකයි වෙන්නේ. සාමාන්‍ය පතරොමක වගේ, (මේ, ඔන්න ඉතිං දැන් අහන්න එපා පතරොම් ගැන. එව්වා මතක නැතිකරාද? මතක නැතිනම් ආයෙත් ගිහිං බලලා එනවා හොඳයි) මේ ෆ්ලෙයාර් එකෙත් කැප් එකක් තියනවා. ෂූටර් එකේ තියනවා ඒ කැප් එකට වදින ෆයරිං පින් එකක්. එය වැදීමෙන් කැප් එක පත්තුවෙලා දෙන ගිනි බලයෙන්, ෆ්ලෙයාර් එක ඇතුලේ තියන වෙඩිබෙහෙත් ගිනිගන්නවා. ඉන් අධික පීඩනයක් ඇතිකරනවා. අර පාට වෙඩිල්ලත් ගිනි ඇවිලෙනවා. අධික පීඩනය නිසා, ගිනි බෝලය, ෆ්ලෙයාර් එකේ උඩ පැත්තේ තියන, ඉතා තුනී ඇලුමිනියම් ආවරණය කඩාගෙන, අහසට පනිනවා.

10

7

8

9

  ඉතිං මේ විස්තරෙන් කිව්වේ මේක පත්තු කොරන හැටි විතරයිනේ. අපිට ඕනේ ඒක නෙවෙයි. කොහොමද මේකෙන් පිස්තෝලයක් හදන්නේ කියන එක. හරි හරි ළමයා. ඉස්සරවෙලා මේ උපකරණයේ කතන්දරේ නොකියා, එක සැරේම කිව්වනම්, ෆ්ලෙයාර්ස් ෂූටර් එකක් ගන්න. ඒක වැඩි දියුණු කරන්න. ඊට පස්සේ පතරොමක් දාලා වෙඩිතියන්න කියලා, ඔයාට තේරෙනවද? නැහැනේ. ඉතින් දැන් අහගන්න පෑන් පිස්තෝලය හදන හැටි. දැන් මේ උපකරණය හොඳින් නිරීක්ෂණය කරන්න. මේ උපකරණයේ තියනවා;

  • 1. පිස්තෝලයක බැරල් එක හෙවත් බටය හා සමාන බටයක්.
  • 2. පිස්තෝලයක හෝ තුවක්කුවක මෙන් පතරොමක් පත්තු කිරීම සඳහා අවශ්‍ය පීඩනය දෙන ෆයරිං පින් එකක්.
  • 3. එම ෆයරිං පින් එක සමග ඈඳුණු ට්‍රිගර් (කොකා) යාන්ත්‍රණයක්.

  ඉතිං හත් ඉලව්වේ, මේකට පතරොමක් ඔබාගන්න ක්‍රමයක් හදාගත්තනම්, දෙන්ඩ පුළුවන්නේ අහවල් එක ටෝං ගාලා කුඩුවෙන්ඩ. හා……..ඔන්න දැන් තේරෙනවද රඟේ? ඒ නිසා තමයි මේ උපකරණය බොහොම භයානක වෙන්නේ, වැරදි පුද්ගලයකුගේ අතට ගියොත්.

452514_sub2

  පතරොම ඇතුළු කිරීම සඳහා, යාන්ත්‍රණය සකස් කරන්නේ කොහොමද කියන එක නම් කියන්න බැහැ. නුවණැත්තෝ සිතත්වා. මම එහෙම කියන්නේ, මේ උපකරණ සමහර හමුදා සාමාජිකයන් අතේ තවමත් තිබෙන නිසා. මොකද මෙය තුවක්කුවක් මෙන් ආපසු බාරදියයුතු ගිනි අවියක් නෙවෙයි. ෆ්ලෙයාර්ස් ඉවරනම් ෂූටර් එක විසි කරලා, අළුත් කිට් එකක් ගබඩාවෙන් ලබාගන්නවා. ඒ නිසා මෙව්වා රටපුරා සෑහෙන්න තිබෙන්න පුළුවන්. නිකං මොකටද පනින රිලවුන්ට ඉනිමං බඳින්නේ? මෙය පිස්තෝලයක් බවට පරිවර්තනය කරගැනීමෙන් පසු, මිලිමීටර් 9 පිස්තෝල පතරොමක් යෙදිය හැකි ආකාරයට සැකසිය හැකි අතර, අති දක්ෂ වෙඩික්කරුවකුට මීටර් 4 – 5 අතර දුරක සිට, පුද්ගලයකු ඝාතනය කරන්න පුළුවන්. මීටර් 2 ක් ලඟට එන්න පුළුවන්නම් පහසුවෙන් ඉලක්කය ගත හැකියි.

 මීට පෙර මා ඔබ සමග ලිපි ගණනාවකින් සාකච්ඡා කර තිබෙනවා විවිධාකාරයේ තුවක්කු ගැන.  ඒ සෑම තුවක්කුවකටම අදාළ ගතිලක්ෂණ (characteristics) මා  ඔබට එහිදී පෙන්වාදී තිබෙනවා. නමුත් මෙය, ලෝකයේ කොහෙවත් සම්මත ගිනි අවියක් නොවන නිසා, මෙයට අදාළ ගතිලක්ෂණ දැක්විය නොහැකියි. මේ ආකාරයට සැකසු අවියක්, මමත් දැක තිබෙන්නේ එකම එක වරක් පමණයි. ඒ, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවියක්. එය නිරීක්‍ෂණය කිරීමෙන් තමා, මෙය සාදා ඇති ආකාරය මමත් දැනගත්තේ.

  මේ අවියේ ඇති වාසි අවාසි මොනවාද?

  වාසි:-

  • පහසුවෙන් සඟවාගෙන යන්න පුළුවන්.
  • අතේ තියාගෙන සිටිද්දීත්, නොදන්නා කෙනෙකු හිතන්නේ පෑනක් කියලා.
  • ක්‍ෂණිකව අතට ගෙන වෙඩි තැබිය හැකියි.
  • ශබ්දය අවමයි. ඒ නිසා ගොඩනැගිල්ලක් තුළදී වුණත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. සයිලන්සරයක් සවිකළ හැකිනම් වඩාත් භයානකයි.
  • නාගරික පරිසරයක ශබ්දය (වාහන, සංගීතය, වෙනත් එවැනි දෛනික හඬ) වැඩි නිසා මේ අවිය ඒ හඬ තුළ නොඇසීයන්න පුළුවන්වීම වාසියක්.

අවාසි:-

  • වරකට එක පතරොමයි දාන්න පුළුවන්. ඒ නිසා සෑමවිටම පළමුවැනි පතරොමෙන්ම ඉලක්කය සපුරාගත යුතුයි. දෙවැනි පතරොමක් පාවිච්චි කරන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්.
  • අමතර පතරොම් ගෙනයාම අනතුරුදායකයි. මේ උපකරණය පෑනක් වගේ පෙනෙන්න සාක්කුවේ ගහගෙන යන්න පුළුවන්. මගදී පරීක්ෂා කිරීම් වලදී පවා අවධානයට ලක්වෙනවා අඩුයි. නමුත් තමන් සන්තකයේ පතරොම් තිබිලා අහුවුනොත් ඉවරයි නේද?
  • කල්පැවතීම ගැන සහතික වන්නට බැහැ. මේ උපකරණය සාදා තිබෙන්නේ කෙටි කලක් පාවිච්චි කර ඉවත දැමීම සඳහායි. ඒ වගේම මෙය ඉක්මනින් මළකඩ කනවා.
  • මෙයට කොහෙවත් අමතර කොටස් නැහැ. ඒ නිසා අලුත්වැඩියා කරන්න බැහැ.

  ඔන්න ඉතින් තවත් තුවක්කු කතාවක් අපි මේ විදිහට අවසන් කරනවා. මා ඔබට මේවා කියාදෙන්නේ එදිනෙදා දැනුම දියුණු කරගන්නට මිසක්, මේවා අත්හදා බලන්නට නොවන බව අවධාරණය කරනවා.

  ‘අසමි දකිමි සොයමි’ දිය සළකුණ සහිත ඡායාරූප හැර, අනෙකුත් සියලුම ඡායාරූප සහ තොරතුරු ලබාගත්තේ, පහත දැක්වෙන මූලාශ්‍ර වලින්.

මූලාශ්‍ර;

my-signature-for-blog[1]

2013 දෙසැම්බර් මස 20 වැනි දින 0859 පැය

<

p style=”text-align:justify;”>

Comments on: "බුදු අම්මෝ…මෙන්න පෑනෙන් වෙඩි තියනවෝ..! The Pen Pistol" (33)

  1. බොහොත් බොහොත් ප්යාර් කර්තාහු ත්තා. නියමයි. අර කිට් එක හොයාගෙන හදාගන්නවට වඩා සුදුසු ගනකම් ඇති බට කෑල්ලක් හොයාගෙන කරන්න පුළුවන්. ග්‍රිල් එකක් යකඩ කපන කියතක් විතරයි ඕන කරන්නේ. නැත්නම් අපි දන්නවයි මොකෝ වෑල්ඩින් වැඩ. මේ ලිපියටනම් ගොඩක් තුති. දැන් මම කියන්නම් ඔයාට මීට වඩා ඉක්මනින්, ලේසියෙන් පෑන් පිස්තෝලයක් හදන හැටි. හදන හැටි කිව්වට, අවශ්‍ය උපකරණ ටික විතරක් කියන්නම්. හදන හැටි නම් රහසක්. එත් හිතුවොත් හදා ගන්න පුළුවන්. එකට ඕන කරන්නේ බෝල් පොයින්ට් පෑනකුයි, පිස්තෝලයකුයි, රබර් පටියකුයි.

    • ඔව් මේ විදිහේ පිස්තෝලයක් බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. නමුත් කාර්යක්‍ෂම බව තමයි ප්‍රශ්නය. බොහෝවිට උණ්ඩය පිටවූ ගමන් ඇද මාර්ගයක යනවා. රබර්පටි පිස්තෝලයේ පින්තූර දාන්නයි හිටියේ. ලිපිය දිග වැඩි නිසා නොදැම්මේ.

  2. ආලෝකය විහිදුවන ෆ්ලෙයා පාවිච්චි කරන්නේ නැතිද? මම හිතුවේ බහුලව භාවිතා කරනවා කියලා.
    ඔබතුමා දන්නවද ප්ලාස්ටික් තුවක්කු ගැන. ඒ කිව්වේ සිංහලෙන් කියනවානම් 3D ප්‍රින්ටඩ් ගන් ගැන.

    • ආලෝකය විහිදවන ෆ්ලෙයාර්ස් පාවිච්චි කරනවා. මීට වඩා මහා පරිමාන ඒවා. ඒ කියන්න මෝටාර් හෝ කාලතුවක්කු වලින් විදින ඒවා. මේවා ගැලපෙන්නේ පෞද්ගලික පරිහරණයට පමණයි.

      3D Printed Gun ගැන ලිපි කීපයක් අන්තර්ජාලයේ දකින්න ලැබුනා. ලිපියක් ලියන්න තවම කාලය ලැබුනේ නැහැ. ලින්ක්ස් කීපයක් තවමත් තියාගෙන ඉන්නවා.

  3. නියමයි ඔබ තුමාගේ ලිපියක් දානකම් බලාගෙන උන්නේ ….හොඳ ලිපියක් !

  4. අන්න හොඳයි bluprints එක්කම දීලා…. 😀 දන්නවනේ මම ඉන්නේ ලේත් මැෂින් ගොඩාරියක් එක්ක ඈ 😉
    (ලිපිය උඩිං පල්ලෙං කියවා වැඩිදුර අධ්‍යනය සඳහා පොකැට්ටුවට දමන ලදී)

  5. කොහෙන්ද විචාරක තුමා මේ අපූරු පිංතූර ටික.ඔබේ ළඟ තිබුණු ඒවාද නැත්නං මේ ලිපියට ගත්ත ඒවාද

  6. මට මතකයි මෙයට කලිනුත් මේවා පොලීසියට අහුවෙලා තිබුනා.ඔබ අහලා තියෙනවාද අර කුඩයක් තුල සවිකරන ලද උපකරණයක් විස අඩංගු කුඩා මුනිස්සමක් යවා ඔත්තු සේවාවක් විසින් පුද්ගලයෙක් ඝාතනය කල සිද්දිය. මම පොඩිකාලේ කියවපු සගරාවක තිබුනා මතකයි. ඒ ගැනත් ලියන්න.
    මීටර් 2 ක් යන්න පුළුවන් නම් ඕවා මොනවටද? ආරක්ෂාවට පිරිසක් සිටින කෙනෙක් ලගට මීටර් 2 ක් ගිහින් වෙඩි තියලා අපහු එන්න ලැබේද? මොකද ඕක රහසෙන් ගෙන ගියාට රහසෙන් වෙඩි තියන්න බැහැ නේ. දැන් ඔත්තුසේවා මගින් පාවිච්චි කරන්නේ රහස් අවි වලට වඩා විස ද්‍රව්‍ය නේද?

    • මෙවැනි අවි වර්ග ගණනනාවක් තියනවා. මේ ලිපියට කරුණු හොයද්දී ඔබ කියන ‘කුඩමිටි අවිය’ ගැනත් විස්තර ලැබුණා. නමුත් මට අවශ්‍ය වුනේ මේ අවිය ගැන කියන්න විතරයිනේ. ඒ නිසා ඒ විස්තර පසුව වෙනම ලිපියකින් කියන්නම්. මෙවැනි අවියකින් වෙඩි තැබීම සෑම විටම ප්‍රභූ පුද්ගලයකු අරමුණු කරගෙනම නෙවෙයි කෙරෙන්නේ. ඒ නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඝාතකයන්ට මෙය හොඳ අවියක්.

  7. මම මේකක් හදාගෙ ආවා මෙගා බීච් පාටියට විචාරක එයි කියලා කොහෙද ආවේ නෑනේ…ආවානම් මීටර් දෙකක් දුරින් සිට තියනවා වෙඩි…:D

  8. මේක නම් නියම ආයුධයක් කාන්තාවන්ට. දැන් කාලේ සිද්ධවෙන දේවල් බැලුවාම මේ වගේ ආයුධයක් කාන්තාවන් අතේ තිබිය යුතුයැයි කියලා මට නම් හිතෙනවා.

    හදිසියකට ගෙදරදී වුණත්, පාවිච්චි කල හැකි… 😀

  9. පුරස්නේ කියන්නේ විචාරක මහත්තයෝ ඔබතුම කිව්වා වගේ මේ උපකරණ ලංකාවේ ඕනේ තරම් තියෙන්න පුලුවන්නම් අපේ උදවිය වැරදි විදියට මෙය කොහොම පාවිච්චි කරාවිද කියන එකයි.

  10. අපේ පැත්තේ සංගීත සංදර්ශනේකදි ඔය එලියක් උඩට ගහලා පොලිසියෙන් පවා ආවා,,,ඒක කලේ හමුදාවෙන් නිවාඩු ආව කෙනෙක් කියලා පස්සේ ආරංචි උනේ,,,විචාරකගේ පෝස්ට් එක දැකලා 9mm එකක් හදපු අපේ ගමේ එකෙක්ගේ කතාවක් ලියන්න හිතුනා

    • බිග් මැච්, සංගීත සංදර්ශන, හමුදා විවාහ මංගල උත්සව, වගේ අනවශ්‍ය තැන්වල මෙවැනි සිග්නල් ෆ්ලෙයාර්ස් ගහන්න ගිහින් සමහරු වැඩ වරද්දගත්තා.

      බොහොම හොඳයි ඔබේ මතකය ලියනවනම්.

  11. මගෙ කමෙන්ට් එක නෑනෙ.

    • ස්පෑම් ගොඩෙත් බැලුවා නැහැ. ඔයා දන්නවා නේද මේ දවස්වල මේ බ්ලොග් එකේ කමෙන්ට් දැමීම සම්බන්ද ප්‍රශ්නයක් තියනවා කියලා. එය තවමත් සම්පූර්ණයෙන් විසඳිලා නැහැ. ලිපියක් පල කරලා නැවත settings වලින් කමෙන්ට්ස් වලට අවසර දෙන්න ඕනේ. නමුත් එහෙම කලාම ලිපියට අළුපාට වගේ background එකක් එනවා. බලන්න මේ ලිපියෙත් එහෙම තියනවා. මොකක් වෙලාද කියලා මට හිතාගන්න බැහැ.

  12. ටිකක් විතර පහුවෙලා ඔන්න මමත් ඔලුව දැම්මා…ලගටම ඇවිල්ලා ගින්නක් නැතුව මරන්න පුලුවන් බඩ්ඩක් නොවැ මේක…සාමාන්‍ය ප්‍රමාණයේ පිස්තෝල උණ්ඩ පෑන් අවියටත් භාවිතා කරන්න පුලුවන්ද ?

    • කොයි වෙලාවේ ආවත් කමක් නැහැ සිරා. කවුරුත් එන්නේ තමන්ට ඉඩ ලැබෙන විදිහටයි.

      දැනට ලෝකයේ නිපදවන මෙවැනි පිස්තෝල වලට පාවිච්චි කරන උන්ඩ වර්ග දෙකක් තිබෙනවා. ලෝකයේ වැඩියෙන්ම පිස්තෝල සඳහා භාවිත කරන මිලිමීටර් 9 උණ්ඩ සහ දැනට එතරම් ජනප්‍රිය නැති .22 උණ්ඩ. හැබැයි ඒ වර්ග දෙකම එකම පිස්තෝලයට දමන්න බැහැ. සයිස් එක වෙනස් නිසා.

  13. නැද්ද ඔයින් එකක් හොයා ගන්න.:D

  14. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ….
    සුබ නව වසරක් වේවා!

  15. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා…..
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න