විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, ‘හරාකිරි’ නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට හැරෙමු.
  මේ නිර්මාණ තුළ යම් නවමු බවක් ඇතිබව පෙනීයන නිසයි, ඔබවෙත ඉදිරිපත් කරන්නට සිතුනේ. ඔබට මතකද, කලකට ඉහත, ජාතික රූපවාහිනියේ විකාශයවූ, එක්තරා ටෙලි නාට්‍යයක ජනප්‍රිය චරිතයක් තිබුනා ‘ලීලසේන’ නමින්. වෛද්‍ය ජයතුංග ලීලසේන ගැන මෙහෙම කියනවා.
11
දෙමව්පිය වැඩිහිටි ගුරුවර සියළු දෙනා විසින්, දරුවනට උගන්වන ආගමික සදාචාරය දෙස, ජයතුංග මහතා බලන්නේ මේ ආකාරයෙන්.
77
යුද්ධය ගැන කියවෙන නිර්මාණ දෙකක් අතරින් පළමුවැන්නයි  මේ.
img039
රූපවාහිනියේ කෙරුවාව ඔහු දකින්නේ මෙලෙසයි.
22
ගුත්තිල මූසිල කතාව දෙස නව දෘෂ්ටි කෝණයකින් කතුවරයා බලා ඇති ආකාරයයි පහත දැක්වෙන්නේ.
88
සාහිත්‍යය පරිහරණයෙන් ඈත්වී සිටින වත්මන් සමාජය කතුවරයා දකින්නේ මෙහෙමයි.
33
  මේ කාව්‍ය සංග්‍රහයේ මා සිත තදින් වෙලාගත් නිර්මාණයයි, අවසාන වශයෙන් ඔබවෙත ඉදිරිපත් කරන්නේ. අපේ රටේ පැවති යුද්ධය, කළු ජූලිය, ජනවාර්ගික අර්බුදය, සංහිඳියාව, යන සියල්ල දෙස, යථාර්ථවාදී ලෙස හෙලන ලද බැල්මක් වශයෙන්, මේ නිර්මාණය හඳුන්වන්නට පුළුවන්.
abcd
  මේ කාව්‍ය නිර්මාණ සියල්ල අති විශිෂ්ට නිර්මාණ යයි මම නොකියමි. එහෙත් මේ මනෝ වෛද්‍යවරයා මානව දයාව පෙරදැරි කරගත් චිත්ත සන්තානයකින් යුතුව තමන් මේ සමාජය වෙත හෙලන බැලුම් අපූර්වෝක්තියකට නගා ඇති බව මට හැඟෙයි. ඔබට සිතෙන්නේ කුමක්ද?
my-signature-for-blog[1]2013 දෙසැම්බර් මස 5 වැනි දින 2152 පැය

Comments on: "‘හරාකිරි’ – වෛද්‍ය ජයතුංගගේ කාව්‍ය නිර්මාණ එකතුවක්" (18)

  1. ස්තුතියි විචාරක.. ඇත්ත නවමුතාවක් තියෙනවා කවි වල.. ඩොක්ටර්ට ජය වේවා

  2. හොඳයි. වෙනස් තමා.

  3. මටත් බලපු ගමන් එහෙම හිතුනා

  4. Good Work. Thanks for publishing

  5. මට තියෙන ප්‍රශ්ණේ ඕහේට මේ ලියුම් එවන් වෙලේ එයැයිට බැරි ඇයි බ්ලොග් එකක් පටන් ගන්න. මේකේ ඕන තරම් ඉන්නවා කෙල්ලෝ කොල්ලෝ උදව් කරන්න. වෙල් කම් ටු බ්ලොගර් කිව්වා… ලොක්කා…

  6. මම උන්දැගෙන් දෙතුන් පාරක් ඇහුවා. කම්මැලියිලු කොම්පියුටර් කොටන්ඩ. එහෙ වැඩත් වැඩියිලු. (ඇමරිකාවේ විශ්වවිද්‍යාලෙක පර්යේෂණ වගේකට සම්බන්ධ වෙලා ඉන්නේ) මම කිව්වා මම බ්ලොගක් පටන්ගන්නම් කියලා එයාගේ නමින්. ඒත් කැමති නෑ. මොනවා කොරන්ඩද මමම අදිනවා. දාන්ඩ පහක් අපිත් බ්ලොගර් වලට ආවට.

  7. සාම්ප්‍රදායික සිතුවිලි වලින් ඔබ්බට ගිය ඩොක්ටර්ට සුභාසිරි!!!!!!වර්ඩ්ප්‍රෙස්වලට වඩා බ්ලොගර් හොඳයිද?

  8. වරෙවා එලවෙවා ,විචාරක බ්ලොගර් ඇවිත්. ඔන්න ඔහොම ඉන්න එපයි කොල්ලෝ කරන වැඩ කරලා. එයාට බ්ලෝගක් පටන් ගන්න බැරි එකේ ඔබ තුමා මේ කරන සේවයට අපේ උපහාරය.

  9. ඩොක්ටර් වෙනුවෙන් ස්තුතියි ඇගයීම ගැන.මම තවම බ්ලොගර් වැඩ ඉගෙනගන්නවා. වර්ඩ්ප්‍රෙස් එක්ක බලනකොට සමහර ඒවා ලේසියි සමහර ඒවා අමාරුයි.

  10. හොඳයි හොඳයි, ඔන්න මමත් බ්ලොගර් මූදට පැන්නා. පීනලාම බලමුකෝ කොහොමද කියලා. අඩුපාඩු තියනවනම් පෙන්නලාදෙන්න. ස්තුතියි ඇගයීම ගැන.

  11. මේ වගේ නිශ්චිත හැඩයක් නැති…එලිවැටක් නැති මේ වගේ කයි වලට තමයි මම නම් බොහොම මනාප…දොස්තර මහතා බොහොම අපූරුවට ඒ කාරිය කොර ඇති බව පේනවා….බොහොම රහයි…විචාරක තුමා වෙලාවක මේ ලින්කුවත් බලන්න…එතැනත් තියෙනවා රහට ලියවුනු කයි ටිකක්…http://jemasplace.blogspot.com/2013/11/blog-post_20.html

  12. දොස්තර මහත්තයා වෙනුවෙන් බොහොම ස්තුතියි සිරෝ. මම අර ලින්කුවට ගිහින් බලන්නම්.

  13. මානව දයාව පිරි නිර්මාණ කීපයක්… ඒ මනෝ වෛද්‍යවරයාට අපගේ ප්‍රණාමය. ඔබේ සුපුරුදු බ්ලොගයේ කමෙන්ට් දාන්න බෑ ඒ මොකද? පසුවයි මෙතැනට ආවේ.

  14. ඇත්තෙන්ම හොඳ නිර්මාණ කීපයක් නිසයි මෙසේ පලකරන්න හිතුවේ. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට තාක්ෂණික දෝෂයක් ඇතිවී තිබෙනවා. ඒ නිසයි කමෙන්ට්ස් දමන්න බැරි. එය නිවැරදි කරගන්න තවමත් උත්සාහ කරනවා.

  15. ඔහුට ඉඩක් ඇති වෙලාවට මෙවැනි නිර්මාණ තව කරන්න අවස්ථාවක් දෙන්න ඔබේ බ්ලොගයෙන් හරි…..

  16. වෙනස්ම විදිහෙ කවි එකතුවක්. ස්තූතියි විචාරක තුමා මෙවන් දේ පලකිරීම පිළිබඳව. ආසාවෙන් රස වින්දා.

Wicharaka Asami Dakimi Soyami වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න