විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


189176-a-canadian-soldier-sheds-a-tear-during-the-last-remembrance-day-ceremo-2k1a1t8-e1323213655489අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු. එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද මේකනේ වැඩේ. එතුමාට පැන්සොන් කාරයෝ මතක්වුනේ ළඟදීම පැන්සොන් යන්නවත් අදහසක් ඇතිවෙලාද දන්නේ නෑ. අනේ එහෙම උනොත් අපිත් එක්කම එක පොලිමේම ගිහින් පඩි ගන්න එන්නේ නැතැයි. අපේ ලොකු දුවත් කිව්වා, ‘තාත්තේ මම කොළඹ හතේ බෝඩිමකට යනවා මේ අපාය අතහැරලා. අපේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් වැඩිකරලා නිසා’ කියලා. අම්මපා මටනම් ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. මම අද අහල පහල ඔක්කොටම කිව්වා ඊළඟ සැරේ මගේ පැන්සොන් පඩිය ගත්ත ගමන්, අම්මපා ගම හෙල්ලෙන්න පාටියක් දමනවා කියලා.  සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු. මම දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ අම්මපා අර චොගම් බෙන්ස් එකක් වෙන්දේසියේ දැම්මොත් එහෙම, ගන්නවා ගන්නවාමයි ආයේ දෙකක් නැහැ. ඉස්සරවෙලාම යන්නෙත් එතුමා බලලා පුලුවන්නම් කිරිජ්ජපල්ලේ පඬුරක් ගැටගහලා එන්ඩ, ලබන අයවැයේදීත් මේ වගේම පඩි වැඩි කරලා දෙන්ඩ එතුමාට යෝද බල යෝද සක්තිය ලැබේවා! ඒ සත්තිය ‘වෙන එව්වාට’ පාවිච්චි නොකරත්වා! කියන ප්‍රාර්…………..’තනේ’ කරමින්.

  ඉතින් ඔහේලා දන්නවැයි  මගේ පඩිය කීයකින් වැඩිවුනාද කියලා, උන්නැහේ මේ අද කරපු අවයව පෙන්නීමෙන්?……….. නෑ නෑ අයවැය  ඉදිරිපත් කිරීමෙන්?

දවසකට රුපියල් 11.66 යි.

අම්මපා කාටද ආඩම්බර? ආඩම්බරකාර කුඩප්පොච්චිටම නේද?

ජිල් තක බුං හියඃ පුහ්

2013 නොවැම්බර් මස 22 දින 0001 පැයmy-signature-for-blog[1]

Comments on: "මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා!" (48)

  1. පත්තර මල්ලි said:

    සෑර්
    ගේට්ටුව ගාව සුදු පාට ඩොල්ෆින් වෑන් එකක් බලං ඉඳල ඉඳල හරෝගෙන එන්නං කියල ගියා !!

    මම නං ජෙට් ඇංජිමක් හයි කොරපු වෑන් දැක්කමයි ඒ.

  2. කාට කියන්නද විචාරක තුමනි.
    මෙයාල වචන /ඉලක්කම් සෙල්ලම් දදා ජනතාව ගොනාට අන්දන හැටි බලන්න.
    ඔය ඔබ තුමා දුටු ඇත්ත තත්වෙ කීයෙන් කී දෙනාටද වැටහෙන්නේ.
    මේ වගේ සංක්‍යත්මකව ජනතාව දැනුවත් කරන්න විපක්ෂ වල එක බුරුවෙක් නැහැ.
    බලන්නකෝ හෙට ඉදල මාලිගාවේ ගිරව් ටික මේ ඉලක්කම් ජල්තරේ අල්ලන් කච කාච ගාන හැටි.

    • මමනම් ඔය නාට්ටිය පෙන්නන්න කලින්ම අපේ ගෙදර අයට කිව්වා මේ සැරේ චූටි පඩි වැඩිවීමක් කරලා ලොකු ව්‍යාපාරිකයන්ට බඩ පිරෙන්න දෙයි කියලා. විපක්ෂ ඔක්කොගෙම ඉන්න අමන වහන්සේලා එලෝ විකාරෙන් පොලොව අත ගානවා විතරයි.

  3. හා හා දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න කියලා උත්තමයලා කියන්නේ අපට….

  4. හෙහ්..හෙහ්..මම ආයේ හෙඩිම මතක් වුන නිසා ආපහු ආවේ…
    දැන් එතකොට කවුරු හරි උත්තමයෙක් අපිට ඇත,කට,බඩ පිරෙන්න යමක් දුන්නොත් කියන්න ඕන “උතුමාණනි! ඔබට නිවන් සුව ලැබේවා!” කියලද විචාරක තුමෝ…? 🙂

  5. ගම හෙල්ලෙන්න? :O මේ බෝම්බ දාලා එහෙම නෙවෙයිනේ 😉

  6. සුබ අනාගතයක් කියල පටි තද කරගනිල්ල… ජිල් තක බුං හියඃ පුහ් (ඉස්සුවා)..

  7. අනේ කාලේ වනේ වාසේ.. ඉක්මනට ඔය සැප අපිට ලැබෙයි වගේ මෙහෙම ගියොත්!

  8. යකෝ සමහන් එකක් ගහන්නත් සුපියල් 12.00 යනවා.

  9. ඇයි ඔහොම තියාගෙනත් මිනිස්සු මහ රජාණන්වම දිනවන්නෙ.

  10. සීනි කිලො එකට tax එක 30 තව ටික කාලෙකින් sugarත් brown sugar ගානටම තමා ගන්න වෙන්නෙ(කන් හන්දෙන් එකක් වගේ)

  11. සමහරු අපෙනුත් අහනවා ඔයාලටත් 1200ක් හම්බ වුණා නේද කියලා.

  12. හෙට අනිද්දට මිරිස් නැතුව සම්බෝල යි පහේ නැතුව හොදි මාළු පිණි කෑව හැකි …. එව්වටත් බදු පිට බදු බදු … හල්මස්සෙක් උම්බලකඩ කැල්ලක් කන්න පින් කරන්ඩ වෙයි ….

  13. විශ්‍රාමිකයන්ට අපහාස කරාට පොදු රාජ්‍ය මණ්ඩලයේ ගරු සභාපතිතුමාට නඩු දාන්න ඕන……ඔය වැඩිකිරිල්ල කට ඇරලා කියන කොට මාර සේනාව මේස කුඩුවෙන්න තට්ටුව දැම්මේ.

    • ගරු කතානායක තුමනි, මට අද උදේ මළබද්ධය හදුනා කිව්වත් ඔවුන් මේසෙට ගහනවා. සෑම වාක්‍යයක් අවසානයේදීම මේසෙට ගහනවා.
      එංගලන්තේ පාර්ලිමේන්තුවේ මේසයක්වත් නැහැ ගහන්න. උන් හරිම දුප්පත්. කොලපාට කුෂන් ගහපු දිග බංකු තියෙන්නේ.

  14. 11.66ක් කියන්නේ ලොකු ගානක්නෙ. බන්දුල ලොක්කාගේ තියරිය හැටියට වේල් දෙකක් කාලා ඉන්ට පුළුවන්!

  15. ඔව් ඔය දීලා තියෙන්නෙ ආඩම්බරකාර අප්පච්චි ලස්සනට තෑගි.. හල්මැස්සගෙ ඉඳලා… ඒ මදිවට ආයිත් කිරිපිටිත් වැඩි වෙයි…

    අම්මපා එකෙක් නෑ නේ මුන්ට කන්වල ඇඟිලි ගහගන්න මේවා කියන්න.. උන් ඔක්කොම රෑකඩ විතරයි.. අතපය හොල්ලනවා පේනවා.. ඒත් කටහඬ පසුබිමෙන්….

  16. දෙදාස් පන්සීයකින් ජීවත් වෙන්න පුළුවන් රටේ ,එක්දාස් දෙසීයක් එකපාර වැඩි කරාම මදිද ..:D
    අපේ මිනිස්සුන්ට ගහන්න ඕන හරක් ප…. කින්

  17. ඔබතුමාගේ පඩිය වැඩිවීම ගැන මගෙන් සුබපැතුම්. මාසෙට වැඩිවූ මුදලින් කාලක් ගහන්න හරි පුළුවන්නේ හිත සැහැල්ලු වෙන්න.

  18. රුපියල් පන්සීයට විශ්‍රාමික ජීවිතේ වෙන්දේසි වෙනවා. පන්සියෙන් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ කියලා දන්නවා උනාට උන්නැහේලාට බෙදා දෙන්න බැහැ විශ්‍රාමික යන් වැඩියි අමන දේශපාළුවෝ අඩුයි. ඒකනේ ජනතා පංගුව සොච්චමක් වෙන්නේ ?.

  19. ඔන්න බලන්න හසන්ත දැන් මේතුමාට පුලුවන්නෙ බඩ පිරෙන්න කාල.නිවාඩුවට පොඩි කැසිනො පාරක් ගහල ආතල් එකෙ ඉන්න.මෙක දැන් කේතුමතී පුරේ නේ

  20. නිර්නාමික said:

    Very Good

aruge adaviya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න