විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 

Ruwan-M_-Jayatunge-150x150  වෛද්‍ය රුවන් එම් ජයතුංග කාලීනව කරන නිර්මාණ වලින් සමහරක් මෙම අඩවියේ පලකිරීම සඳහා මාවෙත එවන බව මීට කලින් මා ඔබ වෙත කියා තිබෙනවා. මනෝවෛද්‍ය විශේෂඥයකු වශයෙන් විදෙස්ගතව සේවය කරන අතරතුර සාහිත්‍යමය/සමාජ විද්‍යාත්මක/මනෝවිද්‍යාත්මක නිර්මාණ බිහිකරන ඔහු, අතිදක්ෂ ලේඛකයකු බව ඔහු මෙතෙක් කර ඇති නිර්මාණ වලින් පැහැදිළි වෙනවා. මෑතකදී ඔහු තම මතකය අවදි කරමින්, පැරණි ගත් කතුවරයකු සහ ඒ කතුවරයාගේ පොතක් පිළිබඳව තබා ඇති සටහනක්, ඔබ වෙත ගෙන එන්නට මා අදහස් කළා. පහතින් දැක්වෙන්නේ වෛද්‍ය ජයතුංග විසින් ලියන ලද එම සටහනයි. මේ මගින් ඔබේ මතකය අවදිවන්නේ නම්, මේ කතුවරයා සහ පොත ගැන තවත් බොහෝ දේ හෙළිවනු ඇතැයි මා සිතනවා.  

කාලයේ වැළිතලාවට යටවී ගිය ලේඛකයෙකු ගැන කෙටි සටහනක් 

 
  ජොනී ශ්‍රී වර්ණසිංහ ගැන වර්තමාන පාඨකයන් අසා ඇත්තේද යැයි මට සැකයක් තිබේ. ජොනී ශ්‍රී වර්ණසිංහ  යන නම යොදා ගූගල් සෙවුමක් කල විට ලැබුනේ කුරුණෑගල ජොනී පිලිබඳ විස්තර මිස මේ ලේඛකයා ගැන නොවේ. ඒ නිසා රණ බළලුව නම් ලමා කථාව ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ ලේඛකයා පාඨකයන් ගේ මතකයෙන් සදහටම ඈත් වී යාමට පෙර ඔහු ගැන කෙටි සටහනක් ලිවීම සුදුසු බව සිතේ. 
 
  රණ බළලුව පොත මා කියවූයේ ඉතා කුඩා කාලයේදීය​. ඒ වන විට මා දෙකේ පන්තියේ ඉගෙනුම ලැබුවා විය හැකිය​. කුඩා ලමයෙකු සහ පිට ග්‍රහලෝකයෙකින් පැමිණි අපූරු පූසෙකු පිලිබඳ ඒ කථාව ලමා සිත් චමත්කාරයට පත් කලේය​.ජොනී ශ්‍රී වර්ණසිංහ රණ බළලුව පොත  ලියූ කාලයේ ET චිත්‍රපටය නිර්මාණය කල ස්ටීවන් ස්පිල්ට්බර්ග් උසස් පාඨශාලා සිසුවෙකු වන්නට ඇති. 
 
  රණ බළලුව පොත  ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ මගේ පියාගේ මිතුරෙකු විය​. නමුත් ජොනී හෝ වැඩිහිටියන් කිසිවෙකු රණ බළලුව ගැන අප ඉදිරියේ කථා නොකලේය​. රණ බළලුව පොත ලිව්වේ ජොනී අන්කල් බව මා දැනගත්තේ බොහෝ කාලයකට පසුවය​. ඒ වන විට (1982) ජොනී ශ්‍රී වර්ණසිංහ  හෝටල් කර්මාන්තයට අවතීර්ණව තිබුනි. ඔහුගේ බිරිඳ වුයේද ප්‍රන්ස කාන්තාවකි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශා වලින් නිතර කථා කල ජොනී අන්කල්  මා කුඩා කාලයේ එනම් 1974 කාලයේ පමණ ආශාවෙන් කියවූ රණ බළලුව පොත ලියූ ලේඛකයා බව අහම්බයෙන් දැන ගත් විට මට විශාල විශ්මයක් දැනුනි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශාවෙන් ඉතා චතුරව කථා කරන මේ පුද්ගලයා ලමා මනසට ගෝචර වන පරිදි කදිම සිංහල වචන යොදා ගනිමින් රණ බළලුව පොත ලියූ බව අදහා ගැනීමටවත් නොහැකි විය​.
 
  සමකාලීන ලේඛකයන් ගෙන් සහ විචාරකයන් ගෙන් දිරිමත් කිරීමක් නොලැබූ ජොනී ශ්‍රී වර්ණසිංහ පොත් ලිවීම අත් හලේය​. තවද ජොනී ශ්‍රී වර්ණසිංහ ජනතා ලේඛක සංගමයේ ලේඛකයෙකු නොවූ නිසා ලේඛකයන් මත අණසක පතුරවා සිටි බලධාරීන් ද ඔහුව ගාම්භීර ලේඛකයෙකු ලෙස සැලකුවේ නැත​. සිංහල ළමා සාහිත්‍යයේ දිදුලන මිණි කැටයක් වූ  රණ බළලුව ගැන ජොනී අන්කල් කථා කරනවා මා අසා නැත​. 1984 පමණ කාලයේ රණ බළලුව පොත ගැන  මම පියා මාර්ගයෙන් ජොනී අන්කල් ගෙන් විමසුවෙමි. ඔහු දුන්නේ ඉතා උදාසීන පිලිතුරකි. අපේ කාලයේ දහසක් ලමුන් චමත්කාර ලෝකයකට ගෙන ගිය රණ බළලුව  පොත ගැන එහි නිර්මාතෘ තුල තිබුනේ මිශ්‍ර හැඟීම් ය​. 
 
  ජොනී ශ්‍රී වර්ණසිංහ තවමත් ජීවතුන් අතර සිටිනවා  යැයි  මම නොසිතමි. ඔහු ප්‍රන්සයේදි අප්‍රකටව මිය යන්නට ඇත. නමුත් රණ බළලුව පොත කියවූ  දහසකුත් පාඨකයන් තුල ජොනී ශ්‍රී වර්ණසිංහ මැවූ චමත්කාරය තවමත් පවතී.ඒ නිසා  මේ පොත යළි මුද්‍රණය කොට වර්තමාන ලමා පරපුරටද රණ බළලුව කියවීමට ඉඩ සැලසීමට යමෙක් උත්සහයක් ගන්නේ නම් මැනවි.
 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 
Advertisements

Comments on: "වෛද්‍ය ජයතුංගගෙන් සටහනක් – A note from Dr. Jayathunga" (48)

  1. දැම්ම ගමන් බැලුවා,
    අලුතෙන් ලියන්න දෙයක් කියන්නද සර් ?
    ලියන්න කැමා ගැන ,ඉතිහාසේ

  2. ජොනී ශ්‍රී වර්ණසිංහ නම අසා නැති ලේඛකයෙක්. අපරාදේ යම් දිරි දීමක් තිබුනා නම් තවත් පොත් දැකගන්න තිබුනා. විචාරක මහතාට හිතෙන්නේ නැද්ද හොඳ පොතක් ලියන්න. ඔබට හොඳ සාර්ථකත්වයක් ගන්න පුළුවන් වෙයි.

  3. හොද ලිපියක් ,, එතුමා දක්ෂයෙක්

  4. නිර්නාමික said:

    I had that book in my old library. I’m not sure is it still there.

    • All the readers are benefitted if you can kindly find out the book and publish a short appreciation on the book or if possible get a PDF copy of the same and send to me. Or else you can send it to one of your friends who is a Blogger where He/She can publish a post.

      • Hi I no longer live in Sri Lanka and left around 3 years ago. So all my stuff was dumped in my mother’s home and wife’s parent’s home. So it was bit hard to locate it. Any way finally my father-in-law found it. I can’t comment on the condition of the book. But if you can let me know your postal adders I’ll ask him to post you. It is better with you than dumped in boxes.

  5. ලස්සන ෆොටෝ පොජ්ජ. මොකක්ද මේ ගහ ඇත්තටම?

    • කේර මලියක්. 😀 මමත් හරියටම නම දන්නේ නැහැ. මේක ගහක් නෙවෙයි. විශාල වැලක්. අඹ ගහක තමයි මේ වැල තියෙන්නේ. අපි කියන්නේ ළූණු මල් කියලා. නමුත් උද්භිද විද්‍යාත්මක නම දන්නේ නැහැ.

  6. හොද විස්තරයක් .ස්තුතියි ඔබ දෙපලටම අපව දැනුවත් කිරීමට සැලස්වුවට.
    මෙවැනි වැළලිලා තිබෙන සිදුවීම් කොපමණ ඇත්ද විචාරක තුමනි…!

  7. විචාරක මහත්තයා බස් නගිනවා නේද ඉරිදා …කියන්නේ නැද්ද කට්ටියට අහන්න කියලා

  8. මොකක්ද ඒ බස් කතාව ?

  9. හොඳ සටහනක් විචාරක …ඔබේ ලිපි කීපයක් තියෙනවා මග හැරිලා.. ඒ ටිකත් බලන්න ඕනේ … අනිවාර්යයෙන්ම ගෙදර හිටියොත් බස් එකට එනවා.. දැන් ඒක ඇබ්බැහියක් වගේ වෙලා…

  10. බලන්නකො විචාරක දැන් මේ ජොනි මහත්මයා ගැන දොස්තර මහත්මයා ලිව්වේ නැත්නම් අපි දන්නේ නැහැ. ඔය අවධියේ ලේඛක ගැන්සි තිබුනා කියල අහලා තියෙනවා. ඒ ඒ ගැන්සිවලින් පිට ඉඳන් කරන වැඩ වලට පැවැත්මක් තිබිලා නැහැ. කනගාටුයි.

    • ඇත්තම කියනවානම් මේ කුරුනෑගල ජොනී මහත්මයා කොච්චර හොඳ සාහිත්‍යධරයෙක්ද? එතුමා පසුගිය පළාත්සභා මැතිවරණයේදී එතුමාගේ පුතා වෙනුවෙන් බෙදනලද අත්පත්‍රිකා සංදේශ කාව්‍ය වලටත් වඩා ඉහලයි. එමෙන්ම එතුමා අති විශිෂ්ඨ ගායකයෙක්. වේදිකාවලදී එතුමා කියන වැල් බයිලා වලට ඔලුවේ ඉන්න උකුනොත් බිමට පනිනවා. 😀 😀

      සාහිත්‍ය කල්ලි එදා විතරක් නෙවෙයි අදත් ඉන්නවා. සාහිත්‍ය විචාරයේදී සහ සම්මාන දීමේ දී පිට කසාගැනිලි, තෙල් ගාගැනිලි, කොච්චර තියනවද.

  11. මෙච්චර පොත් කියවන මම මේක ගැන අහලවත් නැහැනේ හැබෑටම . දැන් නම් කොහෙන් හරි හොයාගන්න ඕන.

  12. අහලවත් නෑ… 😦

    ඔයා බස් නගින කොට එන්ට ඕනි. කටහඬ අහන්ට ආසාවේ බෑ. 😀

    • ඒක තමයි පොඩ්ඩි. හොඳ ලේඛකයෝ ඉඳලා තියනවා අපි දන්නේ නැති.

      ඔයා බස් එකට නගිනකොට මතක ඇතුව ඉයර් ප්ලග් දෙකක් අරගෙන නගින්ඩ. කවුද කැමතිවෙන්නේ කන ළඟ තියාගෙන පරණ ලොරි එන්ජිමක් ක්‍රියා කරනවා අහන්ඩ. 😀

  13. නො අසා ඇති නමක්. මේ වගේ අකාලයේ පරවෙලා ගිය මිනිස්සු කොච්චර ලංකාවේ ඉන්නවද .මතකද වතාවක් සුසන්තිකා ජයසිංහ කිව්වා ඈගේ අක්කාට ඇයට වඩා හොඳින් දුවන්න හැකියාව තිබුණා කියලා.
    මෙතුමා ප්‍රංස විප්ලවයේ රසකතා කියලා පොතකුත් (සම-පරිවර්තනයක්) ලියලා තියන බැව් ජාලය ඇසුරින් සොයාගත්තා.

    • ඔන්න ඔබ ජොනී ශ්‍රී වර්ණසිංහ ගැන තවත් තොරතුරක් හොයාගෙන, එය හරිම වැදගත්. එයින් පෙනෙනවා ඔහු ප්‍රංශයේදී නිකම් හිටියේ නැහැ සාහිත්‍යකරණයේ යෙදුනා කියන එක. අන්න ඒ වගේ එතුමා ගැන තම තමන් දන්නා දේ සොයාගත් දේ තවත් යටත් මේ විදිහට එකතු කළහැකිනම් අපට මීට වඩා පැහැදිලි චිත්‍රයක් මැවෙනවා. බොහොම ස්තුතියි ඔබේ මේ දායකත්වය ගැන.

      සුසන්තිකාලා තවත් සිය ගණනක් මේ රටේ ඇති. ඔවුන් නොපෙනෙන තරමට අපි අන්ධයි.

  14. අනිවා බස් එකේදි හමුවෙමු විචාරක තුමා..

  15. කනගාටුවට කරුණ මාත් එතුමා ගැන තියා ඔය පොත ගැනවත් අහල නැති එකයි.. මා පොත සොයාගන්නට උත්සාහ කරන්නං..

    කොහොම උනත් ලේඛකයා තමන්ගේ ලිවීම් අනෙක් අයගේ හැගීම් හා පිළිගැනීම් වැනි සමාජිය කරුණු මත නැවැත්වීම කොයිතරං බරපතල තත්වයක්ද කියල තේරෙන්න මේක හොදටම ප්‍රමාණවත්..

    ඔබ දෙපළටම ස්තුතියි..බස් එකට ගොඩ වෙන්න නං විදියක් නෑ මට. ඒ උතන් යුද්දෙ විස්තර පස්සේ දැනගන්න හැකි වේවි. සුභ පතමි.. අර මුණුපොතේ තඩි ගෙම්බෙක් අළුතෙන් ඇවිල්ල හිටියට මොන වෙලාවේ බැලුවත් පේන්න නං නෑ. ඒ ගැන පොඩ්ඩත් හොයල බලන්න

    • මටනම් හිතෙනවා පරණ පුස්තකාලවල මේ පොත ඇති කියලා. මම දැනට හොයාගෙන යනවා. මෙවැනි ලේඛකයන් අපට අහිමිවන්නේ අපේම වරදින්.

      මූණුපොතට මම සම්බන්ධයක් දැම්මේ මගේ අඩවිය හඳුන්වාදෙන්න පමණයි.

  16. දැන් කවුද බස් එකට නගින්නෙ ? විචාරක තුමාද ? වෛද්‍ය ජයතුංගද ?

  17. හොයල බලන්න වටිනා පුද්ගලයෙක්

  18. විචාරකතුමා;
    මාතෘකාවෙන් පිට දෙයක් අහන්න හිතුණා
    ඔබතුමා මේ ලගදී අනුරාදපුර සිදුඋන පස්පුද්ගල ඝාතනය ගැන මොකද හිතන්නේ
    යුද්දය ඉවර උනාට පස්සේ මේවා වලක්වන්න මොනෝ විද්‍යාත්මක වැඩපිළිවෙලක් තිබුනේ නැද්ද
    (නැත්නම් ranawiru real star වගේ බය්ලා ගහපු එකද කලේ)

  19. ජොනී ශ්‍රී වර්ණසිංහ හෝ රණ බළලුව ගැන කවදාවත් අහලා නෑ. පුලුවන්නම් PDF එකක්වත් දාන්න බලන්න.

    බස් එක එන වෙලාවට පාරට එන්න බැරි අයට කියවන්න පුළුවන් විදියටත් දාන්න හොඳේ….

    • මම කීපදෙනෙකුට කිව්වා පොත හොයාදෙන්න කියලා. ලැබුනොත් දිග විස්තරයක් දාන්නම්.

      මම හිතන්නේ බස් එකේ විස්තරේ බස් එකේ කට්ටිය විසින් නැවත අහන්න පුළුවන් විදිහට දානවා.

  20. බස් එකට නගින්න තමයි මමත් මේ සුජානමෙන් ඉන්නෙ…

    ජොනී වර්ණසිංහ එක උදාහරණයක් විතරයි…තව කී දෙනෙක් මේ විදියට අප්‍රකටව මිය යන්න ඇතිද…වැඩක්ගන්න හැකියාව තිබුන මිනිස්සු.

  21. අයියෝ මං අහන්න කැමතිම සංවාදයක් මට අහන්න බැරිවෙනවා. කරුමෙට අදත් ඔය වෙලාවට මං ගුවනේ.. හැබැයි හඬ පටේ ප්ස්සෙ දානවා නේද බ්ලොග් එකේ ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: