විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  caucasus                                                                                                 

බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට් ලිපිය, කොටස් දෙකකින් අවසන් කරන්න සිතා සිටියත්, සංක්ෂිප්තව කරුණු දැක්වීමේදී, ඔබේ අවබෝධය එතරම් පුළුල් නොවනු ඇතැයි සිතුන නිසයි, කොටස් තුනකට විකාශය කර ලියන්න සිතුවේ. මේ ලිපියේ පළමුවැනි කොටසෙන් ඔබ ලබාගත් මූලික අවබෝධය දෙවැනි කොටසේදී තවත් ඉදිරියට ගෙනයන්නට හැකිවුණා. මේ තමයි ලිපියේ අවසාන කොටස. මෙහිදී අපි, හමුදාවක අන්තිම ඉහළ තලය දක්වා ගමන් කරන අතර, එයට සම්බන්ධ තවත් තොරතුරු කීපයක්ද, ලිපිය අවසන් කිරීමට මත්තෙන් සාකච්ඡා කරනවා. පින්තූරය ගත්තේ මෙතනින්

  බොහෝ දෙනෙකුට පැන නැගුන ප්‍රශ්නයක් වුණේ බ්‍රිගේඩ් ගැන කිව්වා, ඩිවිෂන් ගැන කිව්වා, රෙජිමන්ට් Regiment හෙවත් රෙජිමේන්තුව ගැන මොකද නොකිව්වේ කියන එක. එයට හේතුව මෙයයි. රෙජිමේන්තුවක් කියන්නේ ප්‍රධාන වශයෙන් පරිපාලන සංවිධානයය. බ්‍රිගේඩ් සහ ඩිවිෂන් කියන්නේ කෙලින්ම සංග්‍රාමික කටයුතුවල යෙදෙන ආයතන. ඔබ දන්නවා අපේ හමුදාවේ තියනවා විවිධ රෙජිමේන්තු. අපේ හමුදා ජ්‍යොෂ්ඨත්වය අනුව දැනට තිබෙන රෙජිමේන්තු පෙළගැසෙන්නේ මෙහෙමයි.

  • ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය = ශ්‍රීලසසබ – Sri Lanka Armoured Corps = SLAC
  • ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව = ශ්‍රිලකාහ – Sri Lanka Artillery Regiment = SLA
  • ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව = ශ්‍රීලංඉ – Sri Lanka Engineers Regiment = SLE
  • ශ්‍රී ලංකා සංඥා බලකාය = ශ්‍රීලංසංබ Sri Lanka Signals Corps = SLSC 
  • ශ්‍රී ලංකා පාබල හමුදාව = ශ්‍රිලපාහ Sri Lanka Light Infantry Regiment = SLLI
  • ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව = ශ්‍රිලංසිරෙ – Sri Lanka Sinha Regiment = SLSR
  • ගැමුණු හේවා බලකාය = ගැහේබ – Gemunu Watch = GW
  • ගජබා රෙජිමේන්තුව = ගරෙ – Gajaba Regiment = GR
  • විජයබාහු පාබල රෙජිමේන්තුව = විපාරෙ – Vijayabahu Infantry Regiment = VIR
  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව = යාපාරෙ – Mecanised Infantry Regiment = MIR
  • ජනාධිපති ආරක්ෂක බලකාය = ජආබ – President Guard Corps = PGC
  • කමාන්ඩෝ රෙජිමේන්තුව = කරෙ = Commando Regiment = CR
  • විශේෂ බලකාය = විබ – Special Forces Regiment = SF
  • සන්නද්ධ බුද්ධි බලකාය = සබුබ – Military Intelligence Corps = MIC
  • ඉංජිනේරු සේවා රෙජිමේන්තුව = ඉසේරෙ – Engineer Services Regiment = ESR
  • ශ්‍රීලංකා යුදහමුදා සේවා බලකාය = ශ්‍රිලයුසේබ – Sri Lanka Army Service Corps = SLASC
  • ශ්‍රීලංකා යුදහමුදා වෛද්‍ය බලකාය = ශ්‍රීලයුවෛබ – Sri Lanka Army Medical Corps = SLAMC
  • ශ්‍රීලංකා යුදහමුදා යුද්ධෝපකරණ බලකාය = ශ්‍රීලයුයුබ – Sri Lanka Army Ordnance Corps = SLAOC
  • ශ්‍රීලංකා යුදහමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව = ශ්‍රීලංවියාඉ – Sri Lanka Army Electrical and Mechanical Engineers Regiment = SLEME
  • ශ්‍රීලංකා යුදහමුදා පොලිස් හේවා බලකාය = ශ්‍රීලයුපොහේබ – Sri Lanka Army Corps of Military Police = SLAMP
  • ශ්‍රී ලංකා යුදහමුදා පොදු සේවා බලකාය = ශ්‍රීලයුපොදුසේබ Sri Lanka Army General Service Corps = SLAGSC
  • ශ්‍රීලංකා යුදහමුදා කාන්තා බලකාය = ශ්‍රිලයුකාබ Sri Lanka Army Women’s Corps = SLAWC
  • ශ්‍රීලංකා යුදහමුදා රයිපල් බලකාය = ශ්‍රීලංරබ – Sri Lanka Army Rifle Corps = SLARC
  • ශ්‍රීලංකා යුදහමුදා පුරෝගාමී බලකාය = ශ්‍රීලයුපුබ – Sri Lanka Army Pioneers Corps = SLAPC
  • ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුළුව = ශ්‍රීලංජාආබමු  Sri Lanka National Guard = SLNG (මේ තමා, අපේ යුද හමුදාවේ තිබෙන, එකම, සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා, රෙජිමේන්තුව. එමෙන්ම ශ්‍රී ලංකා යුදහමුදාවේ තිබෙන විශාලතම රෙජිමේන්තුවත් මෙයයි) (One and only Volunteers Regiment in Sri Lanka Army. Also the largest Regiment)

  පොහ්…………කොහොමද අපේ යුද හමුදාව. ඇත්තටම අපි අභිමානවත් යුදහමුදාවක්. ඔබට මතකද, නිදහස් දිනයේදී ගමන්කරණ පෙළපාලියේ මේ රෙජිමේන්තු ගමන්කරන්නේ ඔය ඉහත සඳහන් ජ්‍යොෂ්ඨතා අනුපිලිවෙළටයි. ආපහු එමුකො අපේ රෙජිමන්ට් කතාවට. දැන් ටිකක් හරි අවබෝධයක් ආවද රෙජිමේන්තු ගැන. රෙජිමේන්තුවක් කියන්නේ එයටම ආවේනික කාර්ය භාරයක් සඳහා සංවිධානය කරන ලද හමුදා සංස්ථාවක්. පාබල රෙජිමේන්තු එකකට වැඩි ගණනක් තියනවා කොයි හමුදාවේත්. යුද්දෙට යන්න ඕනේ පාබල රෙජිමේන්තුනේ. ඒ නිසා තමයි සිංහ, ගැමුණු, ගජබා, විජයබා, වැනි පාබල රෙජිමේන්තු කීපයක් ස්ථාපිත කර තිබෙන්නේ. අනික් රෙජිමේන්තු මොකද කරන්නේ. ඒ සෑම රෙජිමේන්තුවකටම අයිති කාර්යභාරයක් තියනවා. හැබැයි ඒ කාර්යභාරය යුදබිමේදීත් ඉටුකරන්න එයාලා බැඳිලා ඉන්නවා. නැත්නම් එයාලා පාබල රෙජිමේන්තු වලට කියයි අපි යුද්ද කරන වර්ගයේ අය නෙවෙයිනේ.  ‘හාපෝ………අපි ඉන්නම් දකුණේ. ඔයාලා උතුරේ/නැගෙනහිර හොඳ…………………….ට යුද්ද කරන්න මෙයාලා’ කියලා. සේවා බලකාය, පොදු සේවා බලකාය, යුද හමුදා පොලීසිය, පුරෝගාමී බලකාය, වෛද්‍ය බලකාය, යුද්ධෝපකරණ බලකාය, වැනි රෙජිමේන්තු කෙලින්ම යුද පෙරමුණේ සටනට යවන්නේ නැහැ. හැබැයි එහෙම කියලා සතුරා ආවොත් ඒගොල්ලන්ට කියන්න බැහැ ‘හෝව් හෝව්, වච්චිල් වච්චිල්, අපි යුද්ද කරන හමුදාවේ නෙවෙයි අපිට ගහන්ඩ ඔට්ටු නෑ’ කියලා. සතුරා අහයි ‘තොපි යුද්ද කරන හමුදාවේ නෙවෙයි නම් …….ජ කරන හමුදාවේද’ කියලා 😀  ඒ නිසා, වෛද්‍ය බලකායේ අය හැර, අනෙක් සියළු දෙනාට, මූලික පුහුණුවේදීත්, ඉන්පසු අවශ්‍යතාව අනුවත් අවි පුහුණුව ලබාදෙනවා.

  ඔබ දන්නවාද හමුදා න්‍යාය (පොතේ තියන විදිහට) අනුව ඒ ඒ රෙජිමේන්තුව යුදබිමට ගොස් පාබල සොල්දාදුවා වෙත තම සේවය ලබාදිය යුතුයි. මෙන්න උදාහරණ කීපයක්.

සේවා බලකාය = ආහාර, සහ ප්‍රවාහන පහසුකම්.

යුද්ධෝපකරණ බලකාය = අවි ආයුධ, පතරොම්, බෝම්බ, නිළ ඇඳුම්.

ඉංජිනේරු සේවා බලකාය = ජලය සහ විදුලිය සැපයීම. භට නිවාස ඉදිකරදීම.  

  පොතේ කියන්නේ, මේ අය, සතුරා සමග සටන් කරමින්, පාබල සොල්දාදුවා ඉන්න තැන සොයාගෙන ගොස්, සිය සේවය ලබාදියයුතුයි කියලයි. මෙන්න මේ නිසා තමයි ඒ අයටත් යුද පුහුණුව දෙන්නේ.

  රෙජිමේන්තුවක තිබෙන වෙනත් ලක්ෂණ මොනවාද? ඒගොල්ලෝ තම රෙජිමේන්තුවට ආවේනික ලාංඡන හිස්වැස්මේ, නිළ ඇඳුම් කොලරයේ , කමිස අතේ උඩ කොටසේ, දකුණු අතේ පහළ කොටසේ, පළඳිනවා. තම රෙජිමේන්තුවට ආවේනික වර්ණයක හිස්වැස්මක් පළඳිනවා. තම රෙජිමේන්තුවට ආවේනික වර්ණයෙන් කෝප්‍රල්, සැරයන්, මාණ්ඩලික සැරයන්, යන නිලයන්ට අයත් පටි පළඳිනවා. උත්සව නිල ඇඳුම් තම රෙජිමේන්තුවට ආවේනික විදිහටයි අඳින්නේ. සෑම රෙජිමේන්තුවකටම අවේනික රෙජිමේන්තු වාදනයක් Regimental Tune තිබෙනවා. ආදර්ශ පාඨයක් තිබෙනවා. (මා අයත් සිංහ රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය වන්නේ, ‘නිර්භීත වේගවත් – Brave and Fast’ යන්නයි)

  හමුදා සිතියමක පාබල රෙජිමේන්තුවක් ලකුණු කරන්නේ මෙහෙමයි.

Regt

  කිසිදු රෙජිමේන්තුවකට තනියම  යුද්ද කරන්න බැහැ. අපි හිතමු ශ්‍රීලංකා පාබල හමුදාව පමණක් යුද බිමට යවනවා කියා. කවුද කන්න දෙන්නේ? කවුද නිළ ඇඳුම් දෙන්නේ? කවුද සංඥා උපකරණ දෙන්නේ? කවුද වාහන දෙන්නේ? කවුද කාලතුවක්කු සහාය දෙන්නේ? කවුද යුදබිමේ අටවගන්න ටෙන්ට් එකක්වත් දෙන්නේ? කවුද වැටුප් හදන්නේ? කවුද බෙහෙත් දෙන්නේ? කෝ යුද්ද ටැංකි? වතුර ටැංකි වලින්ද සතුරාට ගහන්නේ? 😀

  ගමේ වොලිබෝල් ටීම් එක අපේ ගෙදර කොල්ලන්ගෙන් විතරක් හදන්න බැහැනේ, අපේ තාත්තා වැඩකාරයා නිසා, කොල්ලොම හතක් අටක් හදලා තිබුනට. 😀 ගමේ අනික් කොල්ලෝ අතරෙත් වැඩකාරයෝ ඉන්නවා. උනුත් එකතුකරගන්න ඕනේ හොඳ වොලිබෝල් ටීම් එකක් හදන්න. ඒ ටීම් එකේ කැප්ටන් අපේ ගෙදර එකෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි, හරියට යුද්ද කරන්නනම්, ඔය හැම රෙජිමේන්තුවකින්ම කොටස් එකතුකරගන්න ඕනේ. එක එක රෙජිමේන්තුවලින් එකතුකරගත්නා ශක්තිමත් සංස්ථාවක් තමයි බ්‍රිගේඩ් එකක් හෝ ඩිවිෂන් එකක් කියන්නේ.  ඒ බ්‍රිගේඩ් එක හෝ ඩිවිෂන් එක අණ දෙන්නෙත් අර රෙජිමේන්තුවකින්ම තෝරාගත් (සටන්කාරී රෙජිමේන්තුවක් – Combatant Regiment වියයුතුයි. වෛද්‍ය බලකාය, සේවා බලකාය, පොදු සේවා බලකාය, පොලිස් හේවා බලකාය, පුරෝගාමී බලකාය, ජාතික ආරක්ෂක බලමුළුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, යුද්ධෝපකරණ බලකාය, රයිපල් බලකාය, කාන්තා බලකාය, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, වැනි ඒවාගේ නිළධාරීන්, බ්‍රිගේඩ් හෝ ඩිවිෂන් අණදීම සඳහාත් යුද හමුදාපති තනතුර සඳහාත් වරම් ලබන්නේ නැහැ)

  රෙජිමේන්තුවකට අණදෙන්නේ කවුද?  ඒ තමයි රෙජිමේන්තු අධිපති – Colonel of The Regiment වෙනත් රටවලදී රෙජිමේන්තු ආඥාපති කියලත් කියනවා.– Regimental Commander අපෙත් ඉස්සර කිව්වා. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් නිලයේ අයකු වියයුතුයි. අපේ රටේ නිලධාරි හිගය නිදා බ්‍රිගේඩියර් වරුන් සමහරවිට කාර්ය නියුක්ත Officiating රෙජිමේන්තු අධිපති ලෙස පත්කරනවා. දෙවැනි තත්වයේ නිලය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක – Regimental Centre Commandant  ඒ සඳහා පත්කරන්නේ බ්‍රිගේඩියර් නිළයේ නිළධාරියෙක්. සාමාන්‍යයෙන් රෙජිමේන්තුවක ඉන්නවා 5000 ක පමණ පිරිසක්. රටෙන් රටට ඒ ප්‍රමාණය වෙනස්වෙනවා. අපි බලමුද රෙජිමේන්තු කීපයක ඇති වෙනස්කම් පෙන්වන පින්තූර ටිකක්. පින්තූර 13 ක් තියනවා. විස්තර සහිතව.

1 One

space 2

2 Two

space 2

3 Three

space 2

3

space 2

4 Four

space 2

5 Fivespace 2

6 Six

space 2

7 Seven

space 2

8 Eight

space 2

9 Nine

space 2

10 Ten

space 2

11 Elevan

space 2

12 Twelve

space 2

13 Thirteen

 එක් එක් රෙජිමේන්තුවලට අයත් නියෝජිතයන්, ගුවන්විදුලි සංඥා පණිවිඩ මගින් හැඳින්වීමට යොදන, නියෝජිත තනතුරු නාමයන් Appointment Titles තිබෙනවා. මේවා ඉස්සරනම්, යුද්ධයේදී පණිවිඩ හුවමාරු කටයුතුවලදී යොදාගත්තා. නමුත් ඒවායේ රහස්‍යභාවය නැතිවීගොස් තිබෙන බැවින්, දැන් යොදාගන්නේ නැහැ. කලාතුරකින් පාවිච්චිකරන අවස්ථාත් නැත්තේම නැහැ. අද වුනත් පාවිච්චි කරන්න තහනමක් නැහැ. නේටෝ සංවිධානයට අයත් ඕනෙම රටකට මේ නාම පොදුයි. මේ නියෝජිත තනතුරු නාම යොදන්නේ මෙන්න මෙහෙමයි.

img006

    තවම වචන 1064 යි ලියලා තියෙන්නේ ලිපිය බොහොම දිගයි වගේ පෙණුනට. ඔන්න ඉතිං අපි අවසානය කරා ක්‍රමයෙන් ළඟා වෙනවා. මතකනේ ඩිවිෂන් එක හෙවත් සේනාංකය. ඩිවිෂන් හෙවත් සේනාංක කීපයක් එකතුවෙලා තමයි යුද හමුදා බලකායක් Army Corps හැදෙන්නේ. දැන් අර අපි කලින් කිව්ව නේද එක් එක් රෙජිමේන්තු වලට අදාලව බලකාය Corps (මෙය ශබ්ද කරන්නේ ‘කෝ’ කියලයි) කියන වචනය. ඒකයි මේකයි පටලවාගන්න එපා. එක් රෙජිමේන්තු නාමයක් යටතේ තිබෙන සංස්ථාවත් බලකාය කියා හඳුන්වනවා. නමුත් ‘යුද හමුදා බලකායක් – Army Corps’ කිව්වම 40000 – 80000 වැනි මහා විශාල පිරිසක් ඉන්නවා. (මෙතැනදී නේටෝ සංවිධානයේ පොතත් අපේ හමුදා සංවිධානයත් එක සමාන වෙන්නේ නැහැ. නේටෝ පොතේ කියන්නේ ඩිවිෂන් දෙකකට වැඩි පිරිස = බලකාය කියලා) මෙයට අණදෙන්නේ ලුතිතන් ජෙනරල් Lieutenant General හෝ ජෙනරල් නිලයේ නිලධාරියෙක්. හමුදා සිතියමක හමුදා බලකාය දක්වන්නේ මෙන්න මෙහෙමයි.

Army Corps

  දැන් මම කිවා නේද සේනාංක හෙවත් ඩිවිෂන් ‘කීපයක්’ එකතුවෙලා තමයි මේ යුද හමුදාව කියන සංස්ථාව සකස්වෙන්නේ කියලා. පොඩ්ඩක් මතක ආපස්සට අරන් යන්න පහුගිය යුද්ද කාලෙට. මතකද ඒ කාලේ යුද වාර්තා වල කියවෙනවා 51 වැනි සේනාංකය, 21 වැනි සේනාංකය, 55 වැනි සේනාංකය, කියලා. බුදු අම්මෝ සේනාංක 55 ක් තියනවනම් ඒක කොච්චර ලොකු හමුදාවක්ද. සේනාංකයක ඉන්නේ 5000 යි කියලා හිතුවොත්, 5000 x 55 = 275000 ක් වෙනවා. නමුත් අපේ යුද හමුදාව එයින් බාගයක් විතර තමයි ඇත්තටම ඉන්නේ. (පිස්සුද? එහෙම බැහැ ඔයා ඇහුවට හරියටම ඇත්ත ගණන කියන්න) එහෙනම් කොහෙන්ද සේනාංක 55 ක්? ඒක වෙන්නේ මෙහෙමයි. යම්කිසි රටක් යුද හමුදාවක් හදාගත්තට පස්සේ තම රටේ පවතින තත්වය අනුව රට 1, 2, 3, 4, 5, ආදී වශයෙන් කොටස්වලට බෙදාගන්නවා. අපි හිතමු 1 වැනි කොටසේ සේනාංක තුනක් ඉන්නවා කියලා. ඒ සේනාංක නම් කරන්නේ 1 වැනි කොටසේ 1 වැනි සේනාංකය හෙවත් 11 සේනාංකය කියලයි. ඊළඟ දෙක 12 සේනාංකය සහ 13 සේනාංකය. ඊළඟට මේ 11 සේනාංකය යටතේ බ්‍රිගේඩ් හෙවත් බලසේනා තුනක් තියනවා කියලා හිතමු. ඒවා නම් කරන්නේ 111 බලසේනාව, 112 බලසේනාව, 113 බලසේනාව කියලා. දැන් තේරෙනවා නේද කතන්දරේ කොහොමද 55 වැනි සේනාංකය සහ 553 බලසේනාව හැදුනේ කියලා. තවත් එක දෙයක් තියනවා. මතකද බ්‍රිගේඩ් එක දක්වන සංකේතයේ, කතිර හෙවත් තරු 1 යි. සේනාංකය දක්වන සංකේතයේ කතිර හෙවත් තරු 2 යි. යුද හමුදාව දක්වන සංකේතයේ තරු 3 යි. ඔන්න ඔය සලකුණු පදනම් කරගෙන තමයි බ්‍රිගේඩියර් = තරු 1 ජෙනරල් ලෙසත්, මේජර් ජෙනරල් = තරු 2 ජෙනරල් ලෙසත්, ලුතිතන් ජෙනරල් = තරු 3 ජෙනරල් ලෙසත් හඳුන්වන්නේ.  එයාලා ගමන් කරන වාහනේ ඉදිරිපස සහ පසුපස බෆර් වල මේ තරු සළකුණු සවිකර තිබෙනවා.

  ඊළඟට මොකද වෙන්නේ. අපේ හමුදාව ගැන විතරක් කියනවානම් කතාව මෙතනින් අවසන් කරන්න ඕනේ. නමුත් මම කිව්වනේ, මේ ලිපියේ පළමුවැනි කොටසේදීම, මම මේ ලිපිය ලියන්නේ, නේටෝ සංවිධානයේ හමුදා සැකැස්ම පදනම් කරගෙන කියලා. ඒ අනුව, තව පියවර තුනක් ඉදිරියට යන්න තියනවා. නේටෝ පිළිවෙත අනුව හමුදා බලකායකට ඉහලින් තිබෙන සංවිධානය ‘හමුදාව – Army’ ලෙසයි හඳුන්වන්නේ. මෙහි සිටින පිරිසේ ප්‍රමාණය 100,000 – 200,000 අතර වියහැකියි. මෙය තුළ බලකාය 2 – 4 අතර ගණනක් තිබිය හැකියි.  අණදෙන්නේ තරු 4 ජෙනරල් වරයකු විසින්.  සංකේතය මොකක්ද කියලා දැන් ඔබට වැටහෙනවා.

ARMY

  රටවල් – මහාද්වීප අතර සිදුවන මහා සංග්‍රාම වලදී මීටත් වඩා ඉහළ මට්ටමේ හමුදා සංවිධානයක් යොදාගන්නවා. මෙය හඳුන්වන්නේ යුද හමුදා කණ්ඩායම Army Group යනුවෙන්. 400,000 – 1,000,000 අතර පිරිසක් සිටින මේ හමුදාව තුළ යුද හමුදා  දෙකකට අමතරව තවත් භටපිරිස් සිටිය හැකියි. අණදීම කෙරෙන්නේ තරු 4 ජෙනරල් වරයකු විසින්. සංකේතයට තරු 5 ක් එනවා. අවසාන අවස්ථාව වන්නේ මහා සංග්‍රාම හමුදාව හෙවත් War Region / Theatre යන සංවිධානයයි මෙහිදී 1,000,000 – 10,000,000 අතර පිරිසක් ඒ සංවිධානය තුළ සිටිනවා ඒ කියන්නේ ඉහත සඳහන් කළ Army Group 4 ක් සහ තවත් අමතර භට පිරිස් ඇතුළත්. සංකේතය තරු 6 යි. අණදීම කෙරෙන්නේ තරු 4 ජෙනරල්/තරු 5 ජෙනරල්/ෆීල්ඩ් මාර්ෂල් යන එක් අයකු විසින්.

  ලිපිය අවසන් කිරීමට මත්තෙන් ඔබට පැවසියයුතු වැදගත් දෙයක් තිබෙනවා. රහස්‍යභාවය රැකගනිමින් සහ නීරස භාවය අඩු කරගනිමින් මෙවැනි ලිපියක් ලිවීම ඉතා බරපතළ අභ්‍යාසයක්. ලිපිය ලියමින් සිටින අතරතුරදී මතුවන සමහර ගැටළු විසඳාගැනීමට නීති උපදෙස් පවා සොයාබලන්නට සිදු වෙනවා.  ඔබේ දැනුමට යමක් එක්කිරීම හැර වෙනත් පරමාර්ථ කිසිවක් මෙහි ගැබ්ව නැතිබව ද අවධාරණය කරන්නට මෙය අවස්ථාව කරගන්නවා.

ශ්‍රීලංකා යුදහමුදාවට අදාළ සියලුම පින්තූර ගත්තේ මෙතනින්

මූලාශ්‍ර;

my-signature-for-blog[1] 2013 ඔක්තෝබර් මස 27 දින 1322 පැය

Comments on: "බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (තුන්වැනි කොටස) – Organisation of an Army (Part Three)" (139)

  1. ගොඩක් වටිනා ලිපියක්.. කවදාවත් දැනගෙන හිටපු නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා ,,ඒ වගේම සරළව කියාදීලා තියෙන නිසා අපි වගේ කෙනෙක්ට වුණත් හොද අවබෝදෙකට එන්න පුළුවන් ,,

  2. මේවා කොහොම මතක තියා ගන්නද? කොහොම වුනත් ලිපි 3 කියවලා ඉවර වෙන විට යුධ හමුදාවක සංවිධානය පිළිඹඳ හොඳ අදහසක් ආවා. විවිද නම් පිළිඹඳ දළ මතකයක් සහිතව.

    • නිලධාරියකු වසර දෙක තුනක් පුහුණු කරන්නෙත් ඉන්පසු දේශීය සහ විදේශීය විවිධ පාඨමාලා වෙත යොමු කරන්නෙත් යුද හමුදාව සප්ත මහා සාගරේ වගේ විශාල නිසා. නමුත් යුද හමුදාවේ කාටවත් කවදාවත් බැහැ සියල්ල ඉගෙනගන්න. එහෙම ඉගෙනගන්න අවශ්‍යත් නැහැ.

  3. යුද හමුදාවක ඇතුළාන්තය ගැන ප්‍රමාණික දැනුමක් ලබා ගත්තා විචාරක තුමනි. බොහොම ස්තුතියි..

  4. සිංහ හැමදාම මන් අසා කළා,වෙන අය වගේ නැතුව
    කඩන් බිදන් යන එක මරු

  5. හමුදා වාහන වල ඔය තරු ලකුණු තියෙනවා මම අනන්ත දැකල තියෙනවා ඔය ආටි රෙජිමේන්තුවේ මහා ගේ තියෙන්නේ අපේ ගෙදර ලඟම නිසා ඕවා ඕනේ තරං පේනවා තේරුම් නම් දන්නේ අද. අනෙක තමයි නිල ඇඳුම් වල වෙනස් කම අනුව දැන් අපිට හැකි වෙනවා මොන රෙජිමේන්තුවේ සෙබළෙක්ද කියල හඳුනා ගන්න. මම අහල තියෙන කතාව ආමි එකකට එන දෙන්නේ තරු 4 ජෙනරාල් වරයෙක් වුනත් අපේ රටේ ඉඳල තියෙන එකම තරු 4 ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මයා කියලා. හැබැයි මොනා වුනත් සිංහ රෙජිමේන්තුවේ නිල ඇඳුමේ මාර ගතියක් තියෙනවා. අයියෝ අපේ ගෙදර උන්දලා නැත්නම් මමත් අද රාජ්‍ය ලාංචනයක් හරි ගහන් ඉන්නවනේ පාඩුවේ. අනෙක තමයි විචාරක මහත්තයෝ ඔය යුධ හමුදාවේ පාඨමාලා කොතලාවල එකේ එහෙම තියෙන ඒවා ඒවාට කට්ටිය තෝරා ගන්නේ කොහොමද ග්‍රෑජුවෙට් ලා ගණන්ව කියල අහලා තියෙනවා කෙලින්ම අධිකාරි නිලයකට මේ ගැන පැහැදිලි කෙරීමක් කලත් නාකද?????????

    • කෝරලේ මහත්තයෝ අනේ තරහ නොවී මීට පස්සේ ප්‍රශ්න කීපයක් අහනකොට අංක දාන්න. එවිට අපි දෙන්නටම පහසුයි.

      හොඳට බලන්න කාලතුවක්කු රෙජිමේන්තු වාහනවල X, Z, වැනි අකුරු සහිත තහඩු බෆරයේ සවිකළ වාහන දකින්න පුළුවන් (නිලධාරීන් ගමන්ගන්නා ජීප් රථ වගේ ඒවා) එය කාලතුවක්කු හමුදාවට පමණක් ආවේනික ක්‍රමයක්. පසුව ලිපියක් ලියන්නම්.

      ෆොන්සේකා මහතාට පෙර ජෙනරල් සිරිල් රණතුංග සහ ලයනල් බලගල්ල හිටියා බොහොම දික දිනකට.

      ස්තුතියි අනේක වාරයක් මගේ රෙජිමේන්තුවේ නිල ඇඳුම අගය කිරීම පිළිබඳව.

      යුදහමුදාව බැඳෙන්න බැරිවුනාට විස්සෝප වෙන්න එපා කෝරලේ මහත්තයෝ. කොහොම හරි රටට සේවයක් කිරීමනේ වැදගත්.

      කොතලාවල කියන්නේ දැන් ආරක්ෂක විශ්ව විද්‍යාලයක්. Kothalawala Defense University. එමෙන්ම දියතලාවේ තිබෙන්නේත් ආරක්ෂක විද්‍යා පීඨයක්. මේවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත විශ්වවිද්‍යාල. මේවාට ඇතුළුවෙන්නත් විශ්වවිද්‍යාලයකට ඇතුළුවීමේ සුදුසුකම් තිබිය යුතුයි.

      මෙතනින් විස්තර බලන්න පුළුවන්.

      http://www.kdu.ac.lk/

      http://220.247.214.182/slma_joomla/index.php?option=com_phocamaps&view=map&id=1

  6. ඉතාම වෙහෙස මහන්සිවී ලියූ හොඳ ලිපියක්. පින්තූර සංස්කරණය කරන්නත් අපමණ වෙහෙසක් ගන්නැති.. පිළිගන්න මගේ ආචාරය…

    මෙන්න අද ප්‍රශ්න

    1. වච්චිල් වච්චිල්?? ඇහුවෙත් අදයි.

    2. නිදහස් උළෙලේ සරඹ පෙළපාලියෙදි දැකපු දෙයක් තමයි සිංහ රෙජිමේන්තුවේ සරඹ පෙළපාලිය ඉතා වේගයෙන් ගමන් ගන්නා බව. මෙබඳු වෙනසක් වීමට හේතුව කුමක්ද? විචාරක මහත්මයා පෙන්නලා තියෙන අනික් කාරණාවලිනුත් පැහැදිලි වන්නේ යුධ හමුදාව තුළ සිංහ රෙජිමේන්තුව විශේෂයි කියලා. ඒ ගැන ටිකක් පැහැදිලි කළොත්..

    3. ලෝකයේ විවිධ රටවල් භාවිතා කරන විවිධාකාරයේ සරඹ පෙළපාලි තිබෙනවා නේද? ඒ ගැනත් වෙලාවක කියන්න. ඇත්තටම හමුදාවක් සරඹ පෙළපාලිවල නිරත වන්නේ ඇයි? යුධ ශක්තිය පෙන්වීමටද?

    //(සටන්කාරී රෙජිමේන්තුවක් – Combatant Regiment වියයුතුයි. වෛද්‍ය බලකාය, සේවා බලකාය, පොදු සේවා බලකාය, පොලිස් හේවා බලකාය, පුරෝගාමී බලකාය, ජාතික ආරක්ෂක බලමුළුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, යුද්ධෝපකරණ බලකාය, රයිපල් බලකාය, කාන්තා බලකාය, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, වැනි ඒවාගේ නිළධාරීන්, බ්‍රිගේඩ් හෝ ඩිවිෂන් අණදීම සඳහාත් යුද හමුදාපති තනතුර සඳහාත් වරම් ලබන්නේ නැහැ)//

    4. ඒ කියන්නේ මේ රෙජිමේන්තුවල බ්‍රිගේඩියර් නිලයට ඉහළ තනතුරු නෑ නේද?

    5.හමුදාපතිනියක් බිහිවීමටත් ඉඩක් නෑ නේද?

    6. //අපේ රටේ නිලධාරි හිගය // මෙහෙම දෙයක් වන්නේ ඇයි? ඉන්න අයට සුදුසුකම් මදිද?

    7. //තම රටේ පවතින තත්වය අනුව රට 1, 2, 3, 4, 5, ආදී වශයෙන් කොටස්වලට බෙදාගන්නවා.// පළාත් අනුවද?

    ස්තුතියි ගොඩාක් 🙂

    • බොහොම ස්තුතියි ඇගයීම ගැන. මෙන්න ප්‍රශ්න පත්‍රයට පිළිතුරු.

      1. හයියෝ……ඔයා ගුඩු පැනලා නැහැනේ පුංචි කාලේ. ඒ ක්‍රීඩාව හරිම විනෝදජනකයි. ඒකෙදි අපිව සතුරු පිලට අහුවෙන්න යන සමහර අවස්ථා වලදී ‘වච්චිල්’ කිව්වොත් එහෙමම ටිකක් වෙලා නිශ්චලව ඉන්න පුළුවන්. විරුද්ධ පිල මොකුත් කරන්නේ නැහැ.

      2. මගේ නලාව මමම පිඹින්නේ නැත්නම් වෙන කවුද පිඹින්නේ? ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා blowing his own trumpet කියලා. ඒ කියන්නේ තමන්ම තමන්ව වර්ණනා කරගන්නවා කියන එකයි. ඉතිං මගේ රෙජිමේන්තුව ගැන මම ටිකක් වර්ණනා නොකර කොහොමද? ශ්‍රීලංකා යුද හමුදාවේ අනෙක් සියලුම රෙජිමේන්තු ගමනේ යෙදෙන්නේ විනාඩියකට පියවර 120 වේගයෙන්. සිංහ රෙජිමේන්තුවේ වේගය විනාඩියකට පියවර 140 යි. ඒකයි වේගය වැඩි බවක් පෙනෙන්නේ. සිංහ රෙජිමේන්තුව තමයි ශ්‍රීලංකා යුද හමුදාවේ තිබෙන එකම රයිෆල් රෙජිමේන්තුව. ලෝකයේ යුද හමුදාවල තියන සෑම රයිෆල් රෙජිමේන්තුවකම නිල ඇඳුම, හිස්වැස්ම, තද කොලපාටයි. දිලිසෙන කිසිම දෙයක් නිල ඇඳුමේ අඳින්නේ නැහැ. ඒ ගොල්ලෝ ඉන්නේ කැලේ රහසිගත කඳවුරුවල කියලයි පැරණි පොත්වල තියෙන්නේ. රයිෆල් රෙජිමේන්තු සෙබලෙක් තම අවිය කොක් කරන්නේ වෙඩි තියන්න පමණයි. සිංහ රෙජිමේන්තුවේ ‘සීරුවෙන් සිටින්’ කියලා අණ වචනයක් නැහැ. ‘ඉදිරි බලන්’ කිව්වම පහසුවෙන් සිටින කියන ඉරියව්වට එනවා. ඝනය/කණ්ඩායම/බලඇණිය/පෙළපාලිය වැනි අදාළ වචනය කිව්ව ගමන් සීරුවෙන් සිටගන්නවා.

      3. යටත්විජිත ලෙස පවතී රටවල්, තම නිදහස සමරන්න, තවත් සමහර රටවල් ජාතික දිනය සමරන්න, ඔයවගේ මොකක්හරි අවස්ථා සැමරීමට පෙළපාලි පවත්වනවා. ඒ ගමන් ලෝකෙට පෙන්වනවා තම යුද ශක්තිය. ලිපියක් ලියන්නම් පසුව.

      4. නෑ නෑ. ඒ රෙජිමේන්තුවල මේජර් ජෙනරල් නිලය දක්වා නිලධාරීන් ඉන්නවා. එහෙම නැතුව කවුද රෙජිමේන්තුව අණදෙන්නේ. එයින්, වෛද්‍ය බලකාය හැර, අනෙක් රෙජිමෙන්තුවල නිලධාරීන්ට (කාන්තා බලකායද ඇතුළුව), බලසේනා මූලස්ථානවල සිට යුද හමුදා මූලස්ථානය දක්වා ඇති විවිධ මූලස්ථානවල, මාණ්ඩලික නිලධාරි තනතුරු ලැබෙනවා.

      5. නෑ අනේ හරී දුකයි ඒ ගැන. ලෝකේ කොහෙවත් නැහැ. (මාසෙකට සැරයක් නිවාඩු ඉල්ලනවනේ :D)

      6. සුදුසුකම් නැතුව නෙවෙයි. එක් එක් නිලයෙන් ඉන්න පුළුවන් නිලධාරීන් මෙච්චරයි මුළු යුදහමුදාවේම කියලා නියමයක් තියනවා. උඩ ඉන්න අයියලා පැන්සොන් නොගිහින් ඉන්නකොටත් පහල ඉන්න මල්ලිලා තැලෙනවා.

      7. ඔන්න ඇහුවා තහනම් ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්නේ නැත.

      ස්තුතියි නැවතත්.

      • 2. //සිංහ රෙජිමේන්තුවේ ‘සීරුවෙන් සිටින්’ කියලා අණ වචනයක් නැහැ. ‘ඉදිරි බලන්’ කිව්වම පහසුවෙන් සිටින කියන ඉරියව්වට එනවා. ඝනය/කණ්ඩායම/බලඇණිය/පෙළපාලිය වැනි අදාළ වචනය කිව්ව ගමන් සීරුවෙන් සිටගන්නවා. // දන්නෙත් අදයි බලන් යනකොට සිංහ රෙජිමින්තුව සෑහෙන වෙනස්නෙ. එතකොට රයිෆල් රෙජිමේන්තුවක් කියන්නෙ?

        3. මම ඇහුවේ එක එක විදි ගැන. අර Goose step එහෙම කියලා තියෙන්නෙ.

        6. නිලධාරීන් මදි නම් මෙච්චරයි මෙච්චරයි කියන්නෙ අහවල් එකකටද? පඩි දෙන්න වෙන එක වෙන්නැති කේස් එක. හැබැයි ඉතින් පහළ තනතුරක පහළ පඩියකින් වැඩ බලන කමක් දීලා ඒක කරගන්නවනෙ..

        • 2. ඇත්තෙන්ම සිංහ රෙජිමේන්තු සම්ප්‍රදායන් ගැන දීර්ඝ විස්තර දකින්න ලැබෙනවා අඩුයි.

          3. රයිපල් රෙජිමේන්තු යන සංකල්පය ඉතා ඈත අතීතයේදී බ්‍රිතාන්‍යයේදි බිහිවූවක්. විශේෂයෙන්ම රහසිගතව කෙරෙන පහරදීම් සහ ‘දුෂ්කර තත්වයන් යටතේ වුවත් නොසැලී ඉදිරියට යන’ ආකාරයට ක්‍රියා කළහැකි රෙජිමේන්තුවක අවශ්‍යතාව පිරිමහගන්නයි මේ ක්‍රමය සකසා තිබෙන්නේ. අර විදිහේ කෙටි අණ වචන සකසා තියෙන්නෙත් ඒ නිසයි. ඔවුන් වනයේ හැසිරෙන්නන්, වනයේ සැඟවී සිටින්නන්, ලෙසයි හැඳින්වුණේ. කැලෑ කොලපාට නිල ඇඳුම් අඳින්නෙත්, දිලිසෙන කිසිවක් නිල ඇඳුමේ නොඅඳින්නේත්, ඒ නිසයි. මුල් කාලයේදී (අවුරුදු ගණනාවකට ඈත අතීතයේ) අනික් රෙජිමේන්තු අතේ තිබුනේ වෙඩිබෙහෙත් කොටන තුවක්කු. රයිපලය බිහිවුවාට පසු මුලින්ම රයිපල් රෙජිමේන්තු වලටයි ඒවා ලැබුනේ.

          6. ඔන්න ඔයා අල්ලගත්තා නියම කාරණේ. අපිට කොච්චර නිලධාරීන් ඕනේ වුනත් භාණ්ඩාගාරයෙන් අනුමත කරන්නේ නැහැ. එයාලා කියනවා ‘බෑ බෑ අනුමත සංස්ථාව මෙච්චරයි. ඊට වඩා උසස් කරනවානම් ඔයාලගේ අතින් පඩි ගෙවන්න’ කියලා. ‘ඉතිං මොකේදැයි දන් වළඳන්නේ’ කිව්වලු. පරණ නීතිරීති නිසා ‘අපේ අරක්කු අපිටම ගහනවා’. වැඩ බලන acting නෙවෙයි කාර්ය නියුක්ත officiating විදිහටයි පත්වීම් දෙන්නේ පහල නිලයේ අයට. එතකොට වැටුප නැතත් අර තනතුරට අදාළ වෙනත් දීමනා සහ වරප්‍රසාද ලැබෙනවා.

      • කෝ කෝ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර 🙂

      • 3. මම ඇහුවේ එක එක විදි ගැන. අර Goose step එහෙම කියලා තියෙන්නෙ.

        • හපොයි අපේ හමුදාව ඔය චීන මාච්, රුසියන් මාච්, කොරියන් මාච්, කරන්නේ නැහැ. මමනම් හිතන්නේ ඒ ගමන් විලාශය ශරීර සෞඛ්යයටත් හොඳ නැති පියවර තැබීමක් කියලයි. තාරා ගමන/පාත්ත ගමන කියනකොට මතක් වෙන්නේ හමුදා පුහුණුවේදී ටිකක් අමුතු විහට පියවර තබන අය දැක්ක ගමන් සරඹ උපදේශකයෝ කෑ ගහනවා ‘ඔය මොකද හරියට නෙළුම් කොලේ උඩ තාරාවා යනවා වගේ මාච් කරන්නේ’ කියලා. 😀 සමස්ත ශ්‍රීලංකා යුද හමුදාවටම තිබෙන්නේ එක ගමන් ඉරියව්වක් පමණයි.

          අපේ හමුදාව තමන්ගේ හිස්වැස්ම (බෙරේ එක) අඳින්නේ එය තමන්ගේ දකුණු කණ පැත්තට නවලානේ. විජයබාහු පාබල රෙජිමේන්තුව ආරම්භයේ සිට බෙරේ එක ඇන්දේ වම් කණ පැත්තට (හාත්පසින්ම විරුද්ධ පැත්තට) නවලා. සමහරු විහිලුත් කළා ‘ඔය බෙරේ එක මේ අපි වගේ හරියට අඳිනවකෝ’ කියලා. කොහොම වුනත් මට මතක හැටියට 2009 දි විතර එය අනික් රෙජිමේන්තු අඳින විදිහටම දකුණු කණ පැත්තට නවා අඳින්න නියම කෙරුනා. දැන් අඳින්නේ ඒ විදිහටයි.

      • සමහර එවුන් ඉන්නවා අත යන පැත්තටම කකුල දාන්න හුරුවෙච්ච එවුන්.. 😀 පාත්තයෝ පරාදයි.

      • ඔය හමුදා පෙලපාලි දැන් කරන්නේ නම් ටිකක් ‘ශෝ’ එකකටත් එක්ක නේද? 😀
        පහල තියනවා නියම ශෝ කිහිපයක් මම යූටියුබයේ දැකපු.

        • හැමදෙනාම දඟලන්නේ ‘අපි ලොක්කෝ හරිද’ කියලා ලෝකෙට කියන්නයි. අපිට තියෙන්නේ බලලා හිනාවෙන්න විතරයි. ඇත්තටම අලංකාර සහ අභිමානවත් ලෙස පෙළපාලියක් පැවැත්වුවාම ඒ රටට විශාල ගෞරවයක් අත්වෙනවා. බොරු ෂෝ කරන්න ගියාම ජෝකර්ලා වෙනවා. හැබැයි මේ වීඩියෝ දෙකෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ අපිට උසස් පුහුණුවක් සහ විනයක් තියනවා කියන ඒකයි.

      • අර ඉන්දියන්කාරයොයි පකිස්තාන්කාරයොයි දේශසීමාවේ නටන “නැටුම” නම් හොඳටම ඇගට හොඳ නැතුව ඇති.

      • ඒක නිකන් බජාර් එකේ වලියක් වගේනෙ. හිනාකාලා මැරෙනවා.. 😀 මොකක්ද ඒ කරන්නෙ. ජනතාව හුවමාරු කරනවද?

        • නෑ නෑ ඒ තමයි දිනපතා ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමාව විවෘත කිරීම සහ වසා දැමීම. අර දෙපැත්තේ ඉඳන් මිනිස්සු කෑ ගහන්නේ තමන්ගේ රටට ජයවේවා කියලා . හොඳට ඇහෙනවා ‘පාකිස්තාන් සින්දාබාද්’ කියනවා.

      • හැබැයි මෙතන කරන්නේ ලොකුම විකාරය කරන්නේ කව්ද කියලා තෝරනවා වගේ වැඩක්. අනිත් එකාගේ විකාරයට හරියන්න තමන් ඒට වඩා හොඳ විකාරයක් කරනවා.
        අනිත් පැත්තේ උන්ට ඕන දෙයක් කරගන්න කියලා තමන් හරියට නියම ආකරයට කරා නම් අනිත් උන් නිකම්ම චාටර්.

  7. නිතර කමෙන්ට් නොකලට ඔබගේ ලිපි ඔක්කොම මම බලනව. ඇති විශිස්ඨයි සර් .. මමත් හමුදාවට හුගක් ආසයි මගේ අයියත් විශේෂ බලකායේ මේජර් වරයෙක්…ඔහුගේත් මවු ඒකකය සිංහ රෙජිමේන්තුව. අයියගෙන් නම් හමුදාව ගැන තොරතුරු දැනගන්න බෑ. ඔබ තුමා කරන මේ බ්ලොග් එක තමයි මම දැකපු හොඳම බ්ලොග් එක…….. 01-ඉදිරියේදී යුධ හමුදා මුලස්ථානයේ පවතින තනතුරු පිළිබඳව ලිපියක් ලියනවද ?
    02- සාමාන්යෙන් Psc එක කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ?
    03-සමහර නිලධාරීන්ගේ නම අගට IG කියල යොදනවා එකේ තේරුම මොකද්ද ?

    • හමුදා සේවයේ යෙදී ඉන්න අය හමුදාව ගැන තොරතුරු කියන්න අකමැති වන්නේ එසේ තොරතුරු නොකීමට බැඳී සිටින නිසයි.

      ඉදිරියේදී තවත් මෙවැනි ලිපි ලියන්නට සැලසුම් කර තිබෙනවා.

      psc (මෙය ලියන්නේ අකුරු තුනම සිම්පල් ලෙස) කියන්නේ passed staff college කියන එකයි. එය හමුදා උපාධියක්. psc කරන්න මූලික පුහුණු පාඨමාලාවක් පවත්වා විභාගයකින් අනතුරුව තමයි තෝරාගන්නේ. හොඳම ලකුණු ලබන අය විදේශයන්හිදී (බොහෝවිට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය) psc කරනවා. අවුරුද්දක් විතර යනවා ඒ පාඨමාලාවට. එය සමත්වූ අයට තම නමට අගින් psc කියා ලියන්න පුළුවන්. නිලධාරීන්ට පමණයි මේ පාඨමාලාවට සහභාගිවෙන්න ලැබෙන්නේ. එය නිලධාරි පුහුණුවට අයත් පාඨමාලාවක් නිසා.

      IG = Inspector of Gunnery ඒ කියන්නේ කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් සඳහා පමණක් පවත්වන පාඨමාලාවක්. ලංකාවේ මෙන්ම පිටරටත් ගිහින් මේ පාඨමාලාව කරනවා.

      ලිපිය ඇගයීම ගැන ස්තුතියි.

  8. ඒ වගේම හමුදාවේ සේවය කරලා ඉවත් වෙන්න පුළුවන් කාලය ගැනත් සඳහන් කරන්න.. (අවු 12 /22)

    • ඔව් අවුරුදු 12 න් යන්න පුලුවන් සෙසු නිලයන්ට. නිලධාරීන් අනිවාර්යයෙන් අවම වශයෙන් අවුරුදු 22 ක් ඉන්න ඕනේ.

      • පිළිතුරු වලට ස්තුතියි. ඔබතුමාට කියන්න පුලුවන්ද Lsc කියන එකේ තේරුම ?

        ඒ වගේම හමුදාවේ රෙජිමේන්තුවල ජ්‍යෙස්ටත්වය තීරණය වන්නේ කොහොමද ? (ආම වලට වඩා SLLI පරණයි …. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ,ජනාධිපති ආරක්ෂක බලකාය අලුත් වුනාට පෙරඩ් එකේ මැද්දෙන්නේ යන්නේ?

        • Lsc කියන්නේ භටකාර්ය සම්පාදනය Logistics පිලිබඳ පුහුණු පාඨමාලාවක් බව මතකයි. විස්තර කියන්න තරම් මතකයේ නැහැ. නාවික හමුදා නිලයකුත් ඔය ආකාරයට හඳුන්වනවා.

          අපි තවමත් බොහෝදුරට පවත්වාගෙන යන්නේ බ්‍රිතාන්‍ය හමුදාවෙන් අපට දුන්න සම්ප්‍රදායයන්. ඒ අනුව තමයි ඔය රෙජිමේන්තු ජ්‍යොෂ්ඨතා තවමත් පවතින්නේ. මේ ලිපියේ මා දක්වා තිබෙන්නේ ඒ අනුපිළිවෙළයි. ඒ අනුව ජනාධිපති ආරක්ෂක බලකාය ඉහලින්ම තිබිය යුතුයි කියා නියමයක් නැහැ. අනුමත ක්‍රමය අනුව තමයි පෙළපාලියේ යන්නේ.

      • විචාරක තුමනි
        1-රෙජිමේන්තු මධයස්ථානයක තිබෙන තනතුරු මොනවද ?
        2-රෙජිමේන්තු මධයස්ථානයේ ආරක්ෂාවට සිටින කණ්ඩායම් භාරව සිටින්නේ මොන නිලයේ කෙනෙක්ද ?
        3-රෙජිමේන්තු කවුන්සිලය කියන්නේ මොකද්ද ?

        • 1. අ. රෙජිමේන්තු අධිපති.
          ආ. මධ්‍යස්ථාන සේනාවිධායක.
          ඇ. ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I
          ඈ. ප්‍රධාන මාණ්ඩලික I භට කාර්ය සම්පාදන. (මේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් දෙදෙනා යටතේ 2,3, ශ්‍රේණිවල නිලධාරින් ඉන්නවා)
          ඉ. ස්වේච්ඡා බලසේනා සම්බන්ධිකරණ නිලධාරි

          2. මූලස්ථාන බල ඇණිය තමයි ආරක්ෂාවට ඉන්නේ. අණදෙන නිලධාරි ලුතිතන් කර්නල්/මේජර්.

          3. රෙජිමේන්තුවේ පුහුණු සහ පාලන කටයුතු, නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ උසස්වීම්, දුක්ගැනවිලි, සුභසාධන සහ පුනරුත්ථාපන කටයුතු, ආදී සියලුම දේ ගැන සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා රෙජිමේන්තු අධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කවුන්සිලය.

  9. ඉතාම වටිනා ලිපියකි

  10. ෆීල්ඩ් මාර්ෂල් ගැන ටිකක් කියලා දෙන්න. ෆීල්ඩ් මාර්ෂල් මොන්ටිගෝමරි ගැන එහෙම අහල තියෙනව

    • ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඉතා ඈත අතීතයක් තිබෙන යුද හමුදා නිලයක්. යුද හමුදාවක දියහැකි උපරිම නිලය තමයි ෆීල්ඩ් මාර්ෂල් නිලය. සමහර රටවලදී ෆීල්ඩ් මාර්ෂල් ත්‍රිවිධ හමුදාවේම අණදෙන්නා ලෙස පිළිගැනෙනවා. මෙම නිලයේ උපත ජර්මනියේ සිදුවූවක් ලෙසයි සැලකෙන්නේ. පැරණි ජර්මනියේ රජවරුන්ගේ පාලන කාලයේදී ඇතිකළ නිලයක් පසුව ලොව පුරා යුද හමුදා වෙත ව්යාප්තවූ බව සැලකෙනවා. මෙතෙක් ලෝකයේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඇතිකළ රටවල් ගණනාවක් තියනවා. නමුත් අද ඒ රටවල ෆීල්ඩ් මාර්ෂල් වරුන් නැහැ. ඔස්ට්‍රේලියාව, චීනය, ඊජිප්තුව, ප්‍රංශය, ඉන්දියාව, ජපානය, පාකිස්තානය, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, වැනි රටවල තමයි අතීතයේදී මේ තනතුර තිබී ඇත්තේ. ෆීල්ඩ් මාර්ෂල් වරුන්ගේ ලැයිස්තුවක් මෙතනින් බලන්න පුළුවන් බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට අයත් නිල ලාංඡනය මෙන්න මේ විදිහටයි තියෙන්නේ. මෙන්න මේ විදිහටයි තියෙන්නේ

      • ඇයි ඒ නැතිකරලා තියෙන්නෙ?

        ෆොන්සේකා මහතාට හමුදාපති ධූරයෙන් පසුව ලැබුනෙ විශේෂයෙන් නිර්මාණය කල තනතුරක්ද?

        • ඇත්තෙන්ම ෆීල්ඩ් මාෂල් තනතුරක් අවශ්‍ය වෙන්නේ අවම වශයෙන් එක මහාද්වීපයක්වත් පුරා විහිදෙන මහා සංග්‍රාමික භූමිකාවක් පවතිනවානම් පමණයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එවැනි අවස්ථා උදාවී නැහැ. ඒ නිසා එවැනි තනතුරු දැන් අවශ්‍ය නැහැ.

          නැහැ, ෆොන්සේකා මහතාට දුන්නේ සෑහෙන කාලයක් තිස්සේ අපේ රටේ පවතින තනතුරක් වන හමුදා ප්‍රධාන මාණ්ඩලික Chief of Defense Staff = CDS යන තනතුරයි.

  11. මෙච්චර පැහැදිලිව මේ ලිපිය ලියන්න උන මහන්සියට බොහොම ස්තුතියි.

    ප්‍රශ්න දෙකක් ඇත 🙂

    1. ඒ ඒ රෙජිමේන්තුවට විතරක්ම ලැබෙන විශේෂ වරප්‍රසාද තියනව ද?

    2. පොඩි කාලෙ ඉස්කෝලෙදි අපි A පන්තියෙ ඔයා B පන්තියෙ කියනව වගේ යුධ හමුදාව ඇතුලෙත් රෙජිමේන්තු විදිහට බෙදීමක් (පොඩි කික් එකක් සහිත) තියනව ද? (ඔව් ඔව් මම දන්නව යුධ හමුදාව කියන්නෙ ඉස්කෝලෙ නෙමේ කියල )

    • ලිපිය ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      1. කමාන්ඩෝ, විශේෂ බලකාය, බුද්ධි බලකාය, වැනි ඒවාට ලැබෙන යම් යම් වරප්‍රසාද තියනවා. ඒවා මෙතන නොකියා ඉම්මු හොඳේ?

      2. තියනවා අනේ තියනවා. ලෝකයේ වෙනත් ත්‍රිවිධ හමුදා වලත් තියනවා. ජ්‍යොෂ්ඨත්වයෙන් ඉහළ අය පහළ අයව ගණන් ගන්නේ නැති අවස්ථා තියනවා. නිත්‍ය හමුදාව ස්වේච්ඡා හමුදාවේ අයව ගණන් ගන්නේ නැති අවස්ථාත් ඉඳහිට තියනවා. ඔව්වා ඔහොම තමා.

      • බොහොම ස්තුතියි ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා දුන්නට.

        අයියෝ තව ප්‍රශ්න දෙකක්…

        1. ශ්‍රී ලංකා යුධ හමුදාව තුල කාන්තාවකට ලැබිය හැකි උසස්ම තනතුර කුමක් ද?

        2. ලොව ඔනෑම යුධ හමුදාවක කාන්තාවකට ලැබිය හැකි උසස්ම තනතුර කුමක් ද?

        3. කාන්තාවක් යුධ හමුදාපති නොවීමට වඩාත්ම බලපාන කරුණු මොනවා ද? (ඉහත නිවාඩු ප්‍රශ්නය 🙂 සහ මීට පෙර එසේ නොකර තිබීම හැර )
        *ඇත්තටම මට දැනගන්න ඕනෙ මොනව හරි සමාජ විද්‍යාත්මක,මනෝ විද්‍යාත්මක සාධක හරි එහෙම නැත්නම් ඒ තනතුර ලබා ගැනීමට උවමනා කරන පුහුණුව සහ අත්දැකීම් ලබා ගැනීමට කුමන ආකාරයක හෝ අවහිරතා යුධ හමුදාව තුල තියනවද කියන කරුණුයි.

        *ප්‍රශ්න මෝඩයි වගේනම් අත්හැර දමන්න. No problem at all 🙂

        • ප්‍රශ්න මෝඩ යයි සිතන්නට එපා. ඔබට යම් ගැටළුවක් ඇති නිසයි ප්‍රශ්න අහන්නේ. මම පිළිතුරු දෙන්නේ නැත්තේ අසභ්‍ය සහ මාතෘකාවට අදාළ නොවන දේ වලට පමණයි.

          මෙන්න පිළිතුරු.

          1. මේජර් ජෙනරල්. (දැනටත් කීප දෙනෙක් බිහිකර ඇත. අනාගතයේද එසේ වනු ඇත. සේනාධිනායකයා කැමතිනම් විශ්‍රාම යනවිට ලුතිතන් ජෙනරල් නිලයට උසස් කල හැකිය)

          2. එහෙම සීමාවක් නැත. සියල්ල තීරණය වන්නේ ඒ ඒ රට පාලනයවන ප්‍රතිපත්ති අනුවයි. ඇමරිකානු යුදහමුදා ඉතිහාසයේ පළමුවැනි වතාවට තරු හතරේ ජෙනරල් නිලය ලැබීමට කාන්තාවක් සමත්වෙලා තියනවා. මෙතනින් විස්තර බලන්න.
          මෙතනින් බලන්න

          3. හමුදාපති ධුරය කියන්නේ අපි හිතනවාට වඩා බොහොම අමාරු දෙයක්. විශේෂ පාඨමාලා හදාරන්න තියනවා සමහරවිට දරාගැනීමේ ශක්තිය ඉතා ඉහල මට්ටමක තිබියයුතු. තනියම සතුරු පෙදෙසක සිට බේරිලා එනවා වගේ වැඩ කාන්තාවකට ටිකක් අමාරුයි. ඒ වගේ විශේෂ පාඨමාලා වලට කාන්තා සෙබලියන් නොගන්නේ, ඔවුන්ගේ ශරීර ශක්තිය දරුණු පුහුණුවකට ඔරොත්තු නොදෙන නිසයි. නමුත් බුද්ධිය සහ පරිපාලන හැකියාව අතින් නම් කාන්තාවන් දෙවැනි වන්නේ නැහැ. කාන්තාවන්ට ඉතා විශාල මට්ටමෙන් සමතැන දෙන බටහිර රටවල පවා, කාන්තාවන් සීමිත කාලයකින් පසු හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන, පවුල් ජීවිතය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමත් ඔවුන් ඉහලට නොයන එක හේතුවක්. ඇත්තටම කාන්තාවකට ජනාධිපති තනතුර දරන්න පුළුවන්නම් හමුදාපති තනතුර දරන්නත් පුළුවන් වියයුතුයි කියලා තර්ක කරන්න පුළුවන්. කාන්තා ගුවන් නියමුවන් හිටියත් කාන්තා ක්‍රෙන් සහ ප්‍රයිම් මූවර් රියදුරු වරියන් ලෝකයේ නැති තරම්. හමුදාපතිකම ‘අමාරු ඩ්‍රයිවින් ජොබ් එකක්’

          I do not have any problem on answering your questions my dear, unless you are not asking unwanted questions.

      • //මම පිළිතුරු දෙන්නේ නැත්තේ අසභ්‍ය සහ මාතෘකාවට අදාළ නොවන දේ වලට පමණයි. //

        //7. //තම රටේ පවතින තත්වය අනුව රට 1, 2, 3, 4, 5, ආදී වශයෙන් කොටස්වලට බෙදාගන්නවා.// පළාත් අනුවද?//

        //7. ඔන්න ඇහුවා තහනම් ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්නේ නැත. //

        මොකුත් නොකියමි. 😦

  12. විචාරක…….ඔබේ මේ ලිපිය මම ඉතා උනන්දුවෙන් කියෙව්වා.

    එක කමෙන්ට් එක්ක ෆීල්ඩ් මාර්ෂල් වරුන් ගැන අහනවා. මම බ්‍රිතාන්‍ය හමුදාවේ ජෙනරල් වරුන් හතර දෙනෙකුට වසර 12ක් සේවය කලා.මම සිවිල් සේවකයෙක්. මෙහිදී බ්‍රිතාන‍ය හමුදාවේ අවසාන ෆීල්ඩ් මාර්ෂල්වරු දෙදෙනාටත් දින කිහිපයකට සේවය කරන්න වුණා.ඔවුන් පසුව LORD වරුන් ලෙස පුදනු ලැබුවා.
    SIR PETER INGE
    SIR CHARLES GUTHERIE

    බ්රිතාන්‍ය නාවික හමුදාවේ එවකට සිටි FIRST SEA LORDS දෙදෙනෙකුටත් සේවය කලා. ඔවුන් නම්
    SIR JOCK SLATER
    SIR MICHAEL BOYCE

    තව අය බොහෝයි. මේ කාලය තුල මා ලැබු අත්දැකීම් හරිම වටිනවා,

    • අනේ අරූ, ඔය අත්දැකීම් කොච්චර වටිනවද. ඒවා පදනම් කරගෙන ලියන්නකෝ ලිපි මාලාවක්.

      ස්තුතියි මේ බොහොම වටිනා ප්‍රතිචාරයට.

      • ඇත්තටම විචාරක ඒ හැම දෙයක්ම මගේ කතාවේ ලියනවා…යුනිෆෝම් ඇන්ද නැති මා ගාව ජෙනරල්ස්ලා ගැන අපූරු සුන්දර කතා රාශියක් තියෙනවා. සෑන්ඩ් හර්ස්ට් තවත් අපූරුයි.විචාරක වගේ කෙනෙක් මා දුටු මිලිටරි නොවන නමුත් ඔබ දුටු මිලිටරි ලෝකය රසවත් කරනවා…..මට ඉරාක්.කුවෙයිට් යුද්ධය හා සම්බන්ධ සිවිල් අත්දැකීම් ගොඩාක් තියෙනවා

        • හමුදාවේ සාමාජිකයකු නොවී හමුදාව ඇසුරු කලාම හමුදාව පෙනෙන්නේ වෙනස් විදිහකට. ඒ නිසාමයි මම කියන්නේ එවැනි ලිපි අමුතු රසයකින් යුක්තවෙයි කියා.

  13. ඔබේ බ්ලොග් අඩවිය වටිනා බ්ලොග් අඩවියක්.මේ බ්ලොග් එක කියවීමේ ක්‍රියාන්විතය පටන් ගත්තේ බ්‍රහස්පතින්දා රෑ.ඒ ක්‍රියාන්විතය අවසන් වුනේ දැන්.බ්ලොග් එකේ ලිපි එකිනෙක කියවන කොට මගේ පාසල් ශිෂ්‍ය භට කාලය මතක් වුනා.ඒ කාලය ජීවිතේ සුන්දරතම කාලපරිච්ජේදයක්.ඔබතුමාගේ ලේඛන රටාව නිසා ලිපියක් කියවනකොට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ.මම දන්න විදියට යුධ හමුදාව සම්බන්ධව තොරතුරු දැක්වෙන එකම බ්ලොග් අඩවිය ඔබතුමාගේ බ්ලොග් අඩවිය​.පුරවැසියකු ලෙස මාතෘභූමිය වෙනුවෙන් කල හැකි උපරිම කැපකිරීම සිදු කර වර්තමානයේ විශ්‍රාම දිවිය ගත කරන ඔබට නිදුක් නිරෝගී දිවියකට මගේ සුබාසිරි !!!
    මටත් තියෙනවා ප්‍රශ්න දෙකක් අහන්න​.
    01.මම දන්න විදියට අපේ යුධ හමුදාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව එක් වෙන්නේ මීට වසර කිහිපයකට කලින් යුධ හමුදාපති ලෙස සිටි ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ කාලයේ.(මේ රෙජිමේන්තුවට අණ දුන්නේ රල්ෆ් නුගේරා හෝ අතුල ආරියරත්න යන නිලධාරීන් දෙන්නගෙන් එක් අයෙක්.) ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ කාලයේ පටන් ගත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව,විශේෂ බලකාය​,කමාන්ඩෝ රෙජිමේන්තුව වැනි ඒකකයන්ට වඩා ජ්‍යොෂ්ඨත්වයෙන් ඉහල රෙජිමේන්තුවක් වෙන්නේ ඇයි?

    02.සිංහ රෙජිමේන්තුවට අමතරව තවත් රයිෆල් රෙජිමේන්තුවක් අපේ හමුදාවේ තියෙනවද​?

    • ඔබ වැනි තරුණ විද්‍යාර්ථියකුට දැනුම වැඩවා ගැනීම පිණිස යමක් ලබාදෙන්නට හැකිවීම ගැන විශාල ආත්ම තෘප්තියක් මා තුළ ඇතිවෙනවා. බොහොම ස්තුතියි ඇගයීම පිළිබඳව. ඒ වගේම ස්තුතියි වෙහෙසවී මගේ ලිපි කියවීම පිළිබඳව. මෙන්න ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු.

      1. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් හැදිය යුතුය යන සංකල්පය ෆොන්සේකා මහතා ගෙන ආ දෙයක්. ඔබ කිව්ව නිලධාරීන් ඊට සම්බන්ධයි. රෙජිමේන්තුවක ජ්‍යොෂ්ඨත්වය තීරණය කරන්නේ යුද හමුදා කවුන්සිලයක් මගින්. අලුතෙන් හැදුවත් එය පහළින්ම තබන්නේ නැහැ. සෑම පැත්තක්ම සලකාබලා සුදුසු ජ්‍යොෂ්ඨතත්වයේ තබනවා. සේනාධිනායකයාට (ජනාධිපති) බලය තිබෙනවා එය වෙනස් කරන්න. නමුත් ඉතිහාසයේ මෙතෙක් එහෙම දෙයක් වෙලා නැහැ.

      2. නැත. අපේ හමුදාවේ තිබෙන එකම රයිපල් රෙජිමේන්තුව සිංහ රෙජිමේන්තුව බව එහි සාමාජිකයකු වශයේ අභිමානයෙන් යුක්තව ප්‍රකාශ කරමි.

      • බොහොම ස්තුතියි ඔබට මගේ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීම සම්බන්ධව​.ඔබේ ලිපියේ සිංහ රෙජිමේන්තුවට අමතරව ශ්‍රීලංකා යුදහමුදා රයිපල් බලකාය ගැන සඳහන් වෙනවා.ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?​

        • රයිපල් බලකාය අපේ රටේ බ්‍රිතාන්‍ය පාලනය පැවති යුගයේ පිහිටවන ලද්දක්. ඒ කාලයේ කෝපි/තේ වගාකළ සුදු ජාතික වතුපාලකයන් බොහොමයක් එංගලන්තයේදී හමුදා පුහුණුව හෝ ශිෂ්‍යභට පුහුණුව ලැබූ අය. ඔබ දන්නවා නිදහස වෙනුවෙන් අපේ මුතුන්මිත්තන් සුද්දා සමග සටන් කල හැටි. එවැනි කැරලි, තේ වතු පිහිටි ප්‍රදේශවල ඇතිවීම වලක්වාගන්නටයි, මුලින්ම බ්‍රිතාන්‍ය හමුදාව යටතේ ලංකාවේ රයිපල් බලඇණියක් පිහිටුවා තිබෙන්නේ. එහි නිලධාරීන් ලෙස සේවය කර තිබෙන්නේ වතු පාලකයන්. සොල්දාදුවන් ගෙන්වා තිබෙන්නේ ඉන්දියාවේ මලබාර් පෙදෙසින්. ඉතා කෙටි විස්තරයක් මෙතනින් බලන්න පුළුවන් ශ්‍රීලංකා රයිපල් බලකාය ගැන මෙතනින් බලන්න.

  14. //ප්‍රශ්න මෝඩයි වගේනම් අත්හැර දමන්න//

    ano

    තමයි නියම ප්‍රශ්නය අහලා තිනේනේ

    ( එකෙන් එන්ඩ හොදා නං , හමුදාවේ ලොක්කවෙන්න හොද නැති වෙන්න ඒකම සාදකයක් වෙන්නේ කොහොමද )

    • මං හිතනවා මම ඒ ano ට සාධාරණ පිළිතුරක් දුන්නා කියලා.

      ඇත්තටම අපි හිතාගෙන හිටියට හැමදෙනාටම හැමදෙයක්ම කරන්න බැහැ. අනික් අතට සහයෝගය ලැබෙනවානම් නොකරන්න බැරි දේකුත් නැහැ. නමුත් ලෝකයේ කොතනත් ඔය කොච්චර කයිය ගැහුවත් කාන්තාවට නිසි තැන ලැබෙන්නේ නැහැ. සහයෝගය දෙන්නෙත් නැහැ. ඇමරිකානු යුදහමුදා සෙබළියන්ට සිදුවන ලිංගික අතවර ගැන විස්තර අන්තර්ජාලයේ තියනවා.

  15. //Corps (මෙය ශබ්ද කරන්නේ ‘කෝ’ කියලයි)//

    ඔය Corps වචනය දන්නෙ නැති නිවේදක මහත්තුරු නෝනලා මාර ආතල් දෙන්නේ.

    පාසල් කාලේ මං ශිෂ්‍යභට තූර්යවාදක ඛණ්ඩයක සාමාජිකයෙක්. නිතරම උත්සව වලදී ජාතික ශීෂ්‍යභට බලකාය National Cadet Corporation කියල තමයි කියන්නේ. 😀

    ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ සංස්ථාව කිව්වොත් කොහොම තියෙයිද? 😀

    • හොඳ විහිලු කතාවක් කියෙව්වා වගේ හිනාවුනා ඔබේ අදහස් දැක්වීම කියවලා. බොහොමයක් මාධ්‍ය අම්බරුවෝ සහ නෑම්බියෝ කිව්වොත් කියන්නේ ඔහොම ගොන් කතා. මේ ඊයේ පෙරේදා ස්වර්ණවාහිනියේ මුල් පිටුවේ නෑම්බියක් චාවාකච්චේරි කියන එක කියෙව්වේ වාවාකච්චේරි කියලා. තව පොඩ්ඩෙන් මම බිබී හිටිය තේ ඒකත් හිරවෙනවා මට ගිය හිනාවට.

      අම්මපා අනාගතේදී සංස්ථාවක් කරයිද දන්නේ නෑ දැන් තියන විදිහට පාඩුයි කියලා. 😀

  16. ලන්කාවෙ පාබල රෙජිමේන්තුවකින් බිහිවී හමුදා පති තෙක් උසස් වුනු නිලධාරීන් කවරුන්ද?

    • පාබල රෙජිමේන්තු කියන ගණයට අයත්වන්නේ ශ්‍රීලංකා පාබල හමුදාව, ශ්‍රීලංකා සිංහ රෙජිමේන්න්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව කියන ඒවා පමණයි. මෙයින් ගජබා සහ විජයබාහු රෙජිමේන්තු වලින් තවම හමුදාපති වරුන් බිහිවී නැහැ.ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් මීට බිහිවූ හමුදාපතිවරුන් මෙසේයි. ලුතිතන් ජෙනරල් ඇන්ටන් මුතුකුමාරු, මේජර් ජෙනරල් විජේකෝන්, මේජර් ජෙනරල් රිචඩ් උඩුගම, ලුතිතන් ජෙනරල් ශාන්ත කොට්ටෙගොඩ, වත්මන් යුදහමුදාපති ලුතිතන් ජෙනරල් දයා රත්නායක. සිංහ රෙජිමේන්තුවෙන් මෙතෙක් බිහිවුනේ හමුදාපතිවරුන් එක්කෙනයි. ඒ ජෙනරල් සරත් ෆොන්සේකා. ගැමුණු හේවා බලකායෙන් ලුතිතන් ජෙනරල් ටී.අයි.වීරතුංග, ලුතිතන් ජෙනරල් ජෙරී සිල්වා. සියලුම නම් මට මතක නැහැ. පරණ පොත් ඇදලා බලන්න කම්මැලියි අනේ.

      • commando, Special Forces, MIC වල කට්ටියටත් හමුදාපති දක්වා එන්න පුළුවන් නේද ?

      • 1-එතකොට පාබල ඒකකයක සිට MIC වෙත එකතු වුන කෙනෙකුටත් හමුදාපති දක්වා යන්න හෝ බලසේනාධිපති සේනකාධිපති වෙන්න බැරිද ?
        2-මම දැකල තියෙනවා සමහර හමුදා කඳවුරු වල වෙනත් එක්කකවල කට්ටිය අනුයුක්ත කරලා තිබෙනවා ඒ භට පිරිස් ප්‍රමාණවත් නොවන නිසාද ?
        3-රෙජිමේන්තු යාකිරීම් හා අන්තර් රෙජිමේන්තු මාරුවීම් පිළිබඳව කෙටි විස්තරයක් කරන්න.

        • 1. ඒ නිලධාරියා MIC වෙත අන්තර් රෙජිමේන්තු මාරුවීමක් ලබා ඇත්නම් බැහැ. හමුදාපති හැර අනෙක් තනතුරු දැරිය හැකියි.

          2. අවශ්‍යතාව අනුව වෙනත් ඒකක/රෙජිමේන්තු/වලින් භටපිරිස් අනුයුක්ත කිරීම සාමාන්‍ය කරණයක්.

          3. යාකිරීම = attachment කියන්නේ එක කඳවුරක අවශ්‍යතාව මත තාවකාලිකව වෙනත් ඒකක වලින් භටපිරිස් යාකර තැබීමයි. අවශතාව සම්පූර්ණ වූ පසු ඔවුන් ආපසු යවනවා. අතිරේක රෙජිමේන්තු සේවය = අරෙසේ = Extra Regimental Employment = ERE යනු බලඇණියක මට්ටමේ සිට යුද හමුදා මූලස්ථානයට හෝ සමහරවිට නාවික/ගුවන්/පොලිස් කඳවුරක් හෝ ආයතනයක් වෙත යුද හමුදා මූලස්ථානයෙන් පනවන අරෙසේ පත්වීම් අනුව යාකිරීමයි. සාමාන්‍යයෙන් එවැනි පත්වීමක් අවම වශයෙන් අවුරුදු දෙකකට වලංගුයි. ඔහුගේ සියලුම පාලන කටයුතු කෙරෙන්නේ ඔහු සේවය කරන කඳවුරෙන්. ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, කෑමබීම, වැටුප් ආදී සියල්ල. වැරදි කලොත් දඬුවම් දීම අරෙසේ වුනත් නැතත් කරන්න පුළුවන්. උසස්කිරීම් සඳහා නිර්දේශයත් ඔහුගේ අණදෙන නිලධාරි වෙත දැනට සේවය කරන තැනින් යවනවා.(සිවිල් පොලීසියට යාකර තැබුවොත් ඔහුගේ මව් ඒකකයෙන් තමයි සියල්ල කරන්නේ)

          a. මට අවශ්‍යනම් මගේම රෙජිමේන්තුවේ 1 වන බලඇණිය සිට 2 වන බලඇණිය වෙත මාරුවෙන්න (දෙකම නිත්‍ය හමුදාවේ හෝ දෙකම ස්වේච්ඡා හමුදාවේ වියයුතුයි නිත්‍ය සිට ස්වේච්ඡා හෝ ස්වේච්ඡා සිට නිත්‍ය වෙත බැහැ. එහෙත් ස්වේච්ඡා නිලධාරීන්ගේ දක්ෂතා අනුව, කාලීනව, ඔවුන් එම රෙජිමේන්තුවේම නිත්‍ය ඒකක වෙත මාරුකර, නිත්‍ය හමුදා නිලධාරි ගණයට ඇතුලත් කරනවා) ඒ සඳහා ඉල්ලුම් කල හැකියි. රෙජිමේන්තු කවුන්සිලයෙන් අනුමත වුනොත් යුද හමුදා මූලස්ථානය වෙත නිර්දේශය යවා අදාළ මාරුවීම කරනවා.

          b. මට අවශ්‍යනම් පාබල හමුදාවේ සිට සිංහ රෙජිමේන්තුව වැනි හාත්පසින්ම වෙනස් රෙජිමේන්තුවකට යන්න. එය පහසු නැහැ. ඉල්ලීම සඳහා සෑහෙන තරම් කරුණු දැක්වියයුතු අතර රෙජිමේන්තු දෙකේම කවුන්සිල විසින් අනුමැතිය ලබාගත යුතුයි.

          c. යුදහමුදා මූලස්ථානය විසින් කාලීනව දැනුම්දීම් කරනවා විශේෂ බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව, බුද්ධි බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, වැනි රෙජිමේන්තු වෙත බැඳෙන්නට ඉල්ලුම් කරන්න කියා, දැනට සේවයේ ඉන්න නිලධාරීන්ට. ඉන්පසු පරීක්ෂණ මගින් සුදුසන් තෝරාගන්නවා.

          d. මේ හැර දැනට සේවයේ යෙදීසිටින නිලධාරීන් වෙනුවෙන් පවත්වන විවිධ පාඨමාලා වලදී කැපීපෙනෙන දස්කම් දක්වන අය ඉහත සඳහන් කල රෙජිමේන්තු වැනි ඒවාට තෝරාගන්නා අතර මෙහිදී නිත්‍ය ස්වේච්ඡා භේදයකින් තොරව තේරීම් සිදුකෙරෙනවා.

      • ඉතා හොඳ පිළිතුරු දැක්වීමක් .ඔබට බොහොම ස්තුතියි !

  17. 1-හමුදා ජ්‍යොෂ්ඨත්වය අනුව රෙජිමේන්තු වර්ග වෙනකොට යුධ හමුදාපතිවරයා පත් වෙනකොටත් රෙජිමේන්තු ජ්‍යොෂ්ඨත්වය බලපානවද……???

    2-කොන්ඩෙ, රැවුල, වවන එක commando, Special Forces, MIC Regiments වලට ලැබුනු පරප්‍රසාද නේද…???

    3-සාමාන්‍යයෙන් සිංහ, පාබල, ගැමූණු, ගජබා, විජයබා regiments වලට army commander තනතුර දෙන්න ජනාධිපති එච්චර කැමති නෑ(ටිකක් විතර බයයි) කියන්නෙ ඇත්තද…???
    😛

    ස්තූතියි ඔබ තුමාට….!!!!

    • 1. නැහැ නැහැ. හමුදාපති තනතුර දෙන්නේ සටන්කාරී රෙජිමේන්තුවක නිලධාරියකුට පමණයි. එහිදී ඒ සටන්කාරී රෙජිමේන්තුවේ ජ්‍යොෂ්ඨත්වය නෙවෙයි බලන්නේ, අදාළ නිලධාරියා හමුදාපති වෙන්න අවශ්‍ය සුදුසුකම් සපුරා සිටීද කියන කාරණාවයි.

      2. ඔව් එය වරප්‍රසාදයක් කියා කිවහැකියි.

      3. කොයි රාජ්‍ය නායකයාත් හමුදාපතිවරුන් පත්කිරීමේදී ඔහුගේ අතීත ක්‍රියාකාරකම් දෙස බලනවා. බයවෙලා බෑ. 😀

      ඔබටත් ස්තුතියි.

  18. නිර්නාමික said:

    අතිවිශිෂ්ටයි සර් විස්තර ටික.
    මිට පස්සෙ “ආමි කාරය” කියන වචන භාවිතයෙන් අයින් කරමි.
    ඇයි දෙයියනේ “සවල්” වෙඩි තියන්නත් ගන්නවද..?(පිංතුරය) 🙂

    • ආමිකාරයා කියන්නේ නරක වචනයක් නෙවේ.

      ආමිකාරයා = ආමිඑක කරවන්නා/ක්‍රියාත්මකව ඉන්න තැනැත්තා ඒ හා සමානයි මේ වචනත්. මාලුකාරයා, පාන්කාරයා, නඩුකාරයා, පොලිස්කාරයා

      අම්මපා අපිත් ඒ කාලේ සවල් දාලා වෙඩි තිබ්බනම් අරුන් දෙකට කැපිලා යයි නේ? 😀

      • විචාරක තුමනි මම කීප විටක් බැලුව මම ඔබට කොමන්ට් කරපු එක ඇයි උත්ත්තර නැත්තෙ කියල…
        මම එක ලග දෙකක් නමාගෙන කියවන්න ගත්තම යි දැක්කෙ,බණ්ඩාරනායක පවුලෙ කෙනෙක් වගේ මාව අයින් වෙලා බව.. :):)
        උඩ කොමන්ට් එක මගෙන් සර්,,,….!!

        • ඔයාගේ කමෙන්ට් එකක් ස්පෑම් ගොඩේවත් තිබුනේ නැහැ කෙන්ජි. මටත් හිතාගන්න අමාරුයි මොකක්ද වුනේ කියනඑක ගැන. කොහොම වුනත් අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.

  19. //”රහස්‍යභාවය රැකගනිමින් සහ නීරස භාවය අඩු කරගනිමින් මෙවැනි ලිපියක් ලිවීම ඉතා බරපතළ අභ්‍යාසයක්.”// විචාරක වගකීමක ඇති ,හික්මීමක් ඇති පුද්ගලයෙක්ය යන්න නැවත තහවුරු කළා .
    ස්තිතියි ඔබේ ලිපි පෙලට නිවාඩු පාඩුවේ තවත් කීපවරක්ම කියවන්න සිදුවෙනවා.
    හැබැයි “ඕන ගොනෙකුට පුළුවන් යුද්ධ කරන්න” කියලා කියන අයත් අපේ රටේ ඉන්න බව මතක් ඇතිනේ නේද විචාරක

    • අර ඔබ කියන ගොන් වහන්සේලා එකෙක් දෙන්නෙක්වත් මේ ලිපියක් කියවනවානම් උන්ගේ පශ්චාද් භාගයට පහත්වී තිබෙන මොලය ආපසු මස්තිෂ්ක කුහරය වෙත පැමිණෙනු ඇත.

      ඔබේ විවේකය ගනිමින් හෙමින් කියවා අදහස් දක්වන්න. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

  20. ගෑනුන්ගේ ඇඳුම්වලට එක, එක ඒවා කීවට මෙයාලා අඳින ඇඳුම් පේනවනේ. 😀

    ඔය ‘අම්මෝ ආමි’ එකේ ලොකු තනතුරුවල ගෑනු උදවියත් ඉන්නවද? 🙂

    • ආමිකාරයා ගෙදරට වුනත් ලස්සනට අඳිනවා. ඒක පුහුනුවෙන්ම ලැබෙන හොඳ චර්යාවක්. එකනේ කෙල්ලෝ ආමිකාරයන්ට පැන පැන දෙන්නේ. 😀

      අපොයි කාන්තා මේජර් ජෙනරල් වරු අදටත් ඉන්නවා. ඒ වගේම සියලුම කාන්තා නිලධාරිනියන්ටත් රාත්‍රී සාදයකට අඳින්න නිල ඇඳුමක් තියනවා. මේ බලන්න. ඔයත් ඒ කාලේ බැඳුනා නම් මෙහෙම අඳිනවනේ. 😀 මේ ඇඳුම වෛද්‍ය නිලධාරිනියන්ට විතරක් නෙවේ. පොදුවේ සියලුම නිලධාරිනියන්ටයි. මේ ඇඳුමට, සාරි කටුව, මාලය, කරාබු, අත් බෑගය, සහ සේරෙප්පුත් ඇතුලත්.

      මේ බලන්න

  21. අර නිලදාරීන් රාත්‍රී සාද සඳහා සැරසී සිටින් පින්තූරයේ නිලදාරිනියන් ඇද සිටින්නේ දිග සායවල්ද?
    හමුදා නිලදාරීන්ගේ චායාරූප පෙලේ මුල්ම සිංහ රෙජිමේන්තු බ්‍රිගේඩියර්ගේ පපුවේ කමාන්ඩෝ සලකුන (මම හිතන විදිහට ) අසල රතු තරුවක් නැත්නම් ගිනි දලු වගේ පෙනෙන සලකුන කුමක්ද?
    හිටපු හමුදා නිලදාරියෙක් සිවිල් වැසියෙක්ද?

    • මම පොඩ්ඩිට දී තිබෙන පිළිතුරේ තිබෙනවා රාත්‍රී සාදයක් සඳහා නිලධාරිනියක් අඳින සාරියේ/ඔසරියේ පින්තූරයක්. එය නිල ඇඳුමක්. ඒ නිල ඇඳුමට අදාළ මාල, කරාබු, අත් බෑගය, සෙරෙප්පු, පවා නොමිලේ ලැබෙනවා.

      එම බ්‍රිගේඩියර් පැළඳ සිටින්නේ කමාන්ඩෝ සලකුණක් නොවේ. පාබල රෙජිමේන්තුවලට අයත් සියලුදෙනා පළඳින පාබල ලාංඡනය. ඔබ විශේෂයෙන් අහන ලාංඡනය විදේශීය පාඨමාලාවකින් ලැබුන එකක්. එය ආධාරක අවි පුහුණුව පිලිබඳ පාඨමාලාවක්.

      සෑම ත්‍රිවිධ හමුදා සාමාජිකයකුම හමුදා නීතිය සහ සිවිල් නීතිය කියන දෙකටම යටත්ව සිටිනවා, හමුදා සේවයේ යෙදී සිටිනතුරු. එමෙන්ම, ඔහුට සිවිල් වැසියකු සතු මානව හිමිකම් තිබෙනවා හමුදාවේ සිටියදීත්. හමුදාවෙන් ඉවත් වුනාට පසු ඔහු සිවිල් නීතියට පමණක් යටත් සිවිල් පුරවැසියෙක්.

      • නිලදාරිනියන් ඇදගෙන සිටින ජැකට් නිසා පෙනෙන්නේ දිග සායවල් වගේ.

        මම වැරදිනම් කියන්න ඒත් මෙය හා සමාන ලාංඡනයක් නේද පාබල ලාංඡනය?

        මම කිව්වේ එය ගැන නෙමේ. හරස් අතට තැබූ කඩු දෙකක සලකුන.

        • ඔව් ඔව් ඒ හා සමානයි පාබල ලාංඡනය.

          අනික් බැජ් තුනම විදේශීය පාඨමාලා වලින් ලබාගත් ඒවායි. එක සමාන ඒවා නිසා කොයි පාඨමාලාවද කියලා කියන්න අමාරුයි. අයිනේම තියන රතුපාට එකනම් ආධාරක අවි පාඨමාලාව.

      • @ Aka,

        කෝ බන් සායක්..


      • පසුබිමේ දොරත් එක්ක හිටන් ඉන්න කීපදෙනා සාරී ඇදන් ඉන්න බව බැලූ බැල්මට පේනවද?

      • මම් හිතන්නෙ අකා පෙන්වන්නෙ පිටිපස්සෙ ඉන්න කට්ටිය.

        • මම තවදුරටත් පොඩි කරුණු පැහැදිලි කිරීමක් කරන්නම්. හමුදා නිලධාරි නිවස්නයක පැවැත්වෙන රාත්‍රී සාද ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. එකක් Mess Night. එයට සහභාගිවන්නේ එම ඒකකයේ / රෙජිමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑ වරුන් පමණයි. දරුවනුත් එන අවස්ථා තියනවා. එවැනි දියණියක වෙන්න පුළුවන් ඒ පින්තූරයේ ඉන්නේ. නමුත් බොහෝවිට බිරින්දෑ වරුන් සාරියෙන් හෝ ඔසරියෙන් තමයි එන්නේ. බලන්න හිටපු හමුදාපතිතුමාගේ මැතිනිය ඔසරියකින් සැරසිලා ඉන්නේ.

          අනෙක් සාද වර්ගය තමයි Guest Night. එහිදී හමුදාවේ නොවන අයටත් ඇරයුම් කරනවා. අවිවාහක නිලධාරීන්ට අවසර තියනවා තමන්ගේ ‘අහවලී’ (අහවලාගේ ගෑණු සතා) එක්ක එන්න. හැබැයි ඇරයුම්පතේ ලියා යවනවා පිරිමි පක්ෂය සඳහා ඇඳුම කුමක්ද කියා. එය බොහෝවිට සම්පූර්ණ යුරෝපීය ඇඳුම, ජාතික ඇඳුම, වශයෙන් සඳහන්වෙනවා. කැමති එකක් අඳින්න පුළුවන්. කාන්තාවන්ගේ ඇඳුම කුමක්ද කියා කවදාවත් ලියා යවන්නේ නැහැ. එයාලා දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට සැරසිලා එන්න. නමුත් ඒ නිදහස තිබෙන්නේ හමුදාවේ නොවන කාන්තාවන්ටයි. හමුදා නිලධාරිනියන් අනිවාර්යයෙන් (ගර්භනීව සිටිනවානම් හැර,එවිට පහසු ඇඳුමක් අඳින්න අවසර තිබෙනවා) අර නිල් පැහැති ඔසරිය අඳින්න ඕනේ. ඒ සමග උරහිසේ පළඳින ඔසරි කටුවේ ඔවුන්ගේ නිලයට අදාළ තරු /ඔටුනු සවිකර තිබෙනවා.

          හොඳින් බලන්න මේ සාද නිල ඇඳුමේ Mess Dress පළඳින්නේ සාමාන්‍ය පදක්කම් නෙවෙයි. ඒ සඳහා විශේෂයෙන් සකස් කල කුඩා ප්‍රමාණයේ පදක්කම්. Miniature Medals. ඒවා පළඳින්නේ Mess Dress එකේ පමණයි.

  22. පුරෝගාමී රෙජිමේන්තුව, රයිෆල් රෙජිමේන්තුව වැනි ඉතා කුඩා පිරිසක් සිටින හා එහි කාර්යබාර්ය විශේෂ දෙයක් ලෙස නොපෙනෙන (මම වගේ හමුදාවට සම්බන්ද නැති අයෙකුට නම් ) රෙජිමේන්තු පිහිටුවා තිබෙන්නේ ඇයි? එවැනි ඒවා විසුරුවා හැරිය හැකිද?

    • ඒ සෑම රෙජිමේන්තුවකටම තමන්ට ආවේනිකවූ කාර්ය භාරයක් තිබෙනවා. පුරෝගාමී රෙජිමේන්තුව ඉදිකිරීම් කටයුතු, නඩත්තු කටයුතු, වැනි කාර්යයන් වලදී වැදගත් වෙනවා. ඒ සඳහා වෙනත් රෙජිමේන්තුවක් යෙදීම පාඩුයි. රයිපල් බලකාය විශේෂයෙන් වතුකරය සහ කඳුකරයේ මහවැලි ජලාශ ආරක්ෂා කිරීමයි ප්‍රධාන වශයෙන් කරන්නේ.

      ඕනෑම රෙජිමේන්තුවක් ඕනෑම අවස්ථාවක විසුරුවාහැරීමට ජනාධිපතිතුමාට බලය තිබෙනවා. යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේම) සම්ප්‍රදායක් තිබෙනවා වීසුරුවන ලද රෙජිමේන්තුවක් ඒ නමින් යලි පිහිටුවන්නේ නැහැ. ඉස්සර තිබුණා ‘රජරට රයිපල්ස්’ කියලා රෙජිමේන්තුවක්. යුද හමුදා නීතියට පටහැනිව ඔවුන් වැඩවර්ජනයක් කළා. ඔවුන්ට දඬුවම් දී රෙජිමේන්තුව විසුරුවා හැරියා.

  23. ඔය සේනාංකාධිපතිවරු තමන් අයත් රෙජිමේන්තු වලට වෙනස් හැන්දකින් බෙදපු අවස්ථා එහෙම නැද්ද අතීතයේ….

    • එහෙම කරන්න බැහැ සිරෝ. හමුදාවේ නීති හරි තදයිනේ.

      • ඔබ තුමා army එකේ නිසා ඒ පැත්තට ටිකක් අදිනවද මන්ද…????
        😛
        ඇත්තටම army එකේ regular Vs volunteer ඒ වගේම KDU Vs Diyathalawa කියල ඇදිල්ලක් අත්තෙම නැද්ද…???
        (මන් එහෙම කතාවක් අහල තියෙනව…..)

        • කුල භේදය කියන එක අපේ සමාජයෙනුත් තවම සම්පූර්ණයෙන් ඉවත්වෙලා නැහැනේ කල්හාන්. ඒ වගේම පේරාදෙණියේ උපාධිධරයා රජරට උපාධිධරයාව පහත්කොට සලකනවා. ඇත්තටම හමුදාවේත් ඔය රෝගය සෑහෙන්න තියනවා. එය සඟවන්න මට අවශ්‍ය නැහැ.

  24. අර හිටපු ආමි කොමාන්ඩර්ට පස්සෙන් ඉන්නේ එයාගේ ලයිෆ් ටයිම් CO නේද?

  25. හමුදාව කියන්නෙ දැඩි පන්ති බේදයක් තියෙන තැනක්… ඉහල නිලධාරීන් අධි මාන්නයකින් ඉන්න තැනක්…මම වැරදිද?

    • නැහැ කිසිසේත්ම නැහැ. ඔබ එකින් එක ප්‍රශ්න ඕනෙතරම් අහන්න උදාහරණ දක්වමින්. මම පිළිතුරු දෙන්නම්. එවිට ඔබේ අවබෝධය පුළුල් වෙයි.

  26. අපූරු ලිපියක නිමාව.ස්තූතියි.ප්‍රශ්න 2 විතර තියෙනවා අහන්න.
    1. පොලිස් විශේෂ කාර්ය බලකායත් නැගෙනහිරදී කොටින් සමග සටන් කලා නේද?ඒ අයට සටන් පුහුණුව ලබා දුන්නේ පොලීසියෙන්ද හමුදාවෙන්ද?
    2. අපේ රටේ නිලධාරින් පාඨමාලා සඳහා බංගලිදේශයට යන්නේ ඇයි?කලාපීය රටක් නිසාද නැත්නම් ඔවුන්ගේ හමුදාමය කරුණු ගැන දැනුම වැඩී වගේ හේතුවක්ද?
    මොකද මේ ගැන මෙහෙ ඉන්න බංගලි මාත් එක්ක වාද කරනවා.මම කියනවා උබලා කිව්වේ අපිට යුද්ධෙ දිනන්න බෑ කියලා.ඒ වුනාට අපේ හමුදාව දිනුවනේ කියලා.උන් කියනවා උබලා එවුන් අපේ රටේ තමයි පුරුදු වෙන්නේ කියලා.

    • ඇගයීම ගැන ස්තුතියි. මෙන්න ප්‍රශ්න වලට පිලිතුරු.

      1. පොලිස් විශේෂ කාර්ය බලකාය නැගෙනහිර ප්‍රදේශයේදී අති විශිෂ්ඨ සේවයක් ඉටුකලා. එය ස්වාධීන ආයතනයක්, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින. ඔවුන්ගේම උපදේශකයන් විසින් පුහුණු කරන අතර යුද හමුදාවේ සම්බන්ධයක් නැහැ.

      2. ලෝකයේ විවිධ රටවල ත්‍රිවිධ හමුදා පුහුණු පාසල් තිබෙනවා. එයින් එකම රටකටවත් කියන්න බැහැ ඔවුන්ගේ පුහුණුව නිසයි අපි යුද්දය දිනුවේ කියා. පුහුණු නිලධාරීන් සහ සෙබළුන් විතරක් හිටියට මදි. ඔවුන් නිසිපරිදි සංවිධානය කර යෙදවීම සහ නිවැරදි සැලැස්මක් තිබීම තමයි වඩා වැදගත් වන්නේ. මේ පුහුණු පාසල් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ වෙනත් විවිධ ජාත්‍යන්තර සංවිධාන වලින් ආධාර ලැබෙනවා ඒවා පවත්වාගෙන යාමට. ඒ පාසල්වල ලෝකයේ විවිධ රටවලින් පැමිණි නිලධාරීන් පුහුණුව ලබනවා. මම ඉන්දියාවේ හමුදා පුහුණුව ලබද්දී ඇමරිකානු යුද හමුදාවේ නිලධාරියකුත් එහි පුහුණුව ලැබුවා. එහෙනම් ඉන්දියාව කියන්න ඕනේ ඇමරිකාව ඉරාක යුද්ධය දිනුවේ ඉන්දියාව දුන් පුහුණුව නිසා කියලා. හමුදාවේ නොවන අය දැනුමකින් තොරව ඔබට කියන කතා ගණන්ගන්න එපා.

      ඉතින් මේ පුහුණු පාසල් කොයි එකෙත් පොදුවේ උගන්වන්නේ එකම ‘සිලබස් එක’ තමා. රටේ නම අනුව මහන්තත්ත කමක් ආරූඪ කරගන්නවා. හැබැයි සාමාන්‍ය ඉස්කෝලවල වගේම රටෙන් රටට ඉගැන්වීමේ පහසුකම් සහ තාක්ෂණය වෙනස්. අපේ ත්‍රිවිධ හමුදාවේම නිලධාරීන් ලෝකයේ විවිධ හමුදා පුහුණු පාසල් වලින් ඉගෙනගන්නවා. නාවික හමුදාව වැඩියෙන්ම යන්නේ ඉන්දියාවට. ඒකනේ අර මෝඩ ජයලලිතා අම්මණ්ඩිට ගුද වායුව මොලයට ගහලා දඟලන්නේ. 😀

      අපේ රටෙත් තියනවා විදේශ වලින් නිලධාරීන් පැමිණ පුහුණුවන පාසලක්. ඒ තම ‘හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාලය’. එය තිබෙන්නේ සපුගස්කන්දේ. මෙතනින් විස්තර බලන්න පුළුවන්.

  27. පිස්සුම හැදෙනවා ලොක්කා.

  28. අර ගජබා රෙජිමේන්තුවේ නිලධාරියා අතේ පැළඳගන ඉන්න රතු පාට බෙල්ට් එක මොකද්ද? R අකුරක් තියන එක.

    • යුද හමුදා සම්ප්‍රදාය අනුව සෑම යුද හමුදා කඳවුරකම රෙජිමේන්තු පොලිස් සේවයක් ක්‍රියාත්මක කලයුතුයි. ඒ සඳහා දින 15 න් 15 ට කෝප්‍රල් සහ සැරයන් නිලයේ අයවලුන් නම් කරනවා. ඔවුන් පැය 24 ක කාලයක් තම රාජකාරිය ඉටු කල යුතුයි. ඔවුන් හඳුන්වන්නේ රෙජිමේන්තු පොලීසිය කියා. කඳවුරට ඇතුළුවන/පිටවන, හමුදා/සිවිල් පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීම, කඳවුර ඇතුලත හමුදා විනයට පටහැනි ක්‍රියා සිදුවන්නේද යන්න පරීක්ෂාකර අවශ්‍ය පියවර ගැනීම තමයි ඔවුන්ගේ රාජකාරිය වන්නේ. ඔවුන් හඳුනාගැනීම සඳහා Regiment Police යන්න කෙටි කර RP යන අකුරු දෙක සටහන් කල රතු පැහැති පටියක් මෙලෙස වම් අතේ උඩ බාහුවේ පළඳිනවා.

  29. බඩී හා ADC යන දෙදෙනා ගැන පොඩි විස්තරයක් කලොත් නරකද? වැදගත් නිසා මෙතැන උත්තර නොදී වෙනමම ලිපියක උත්තර දුන්නත් කමක් නෑ.

    • Buddy කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී අදහස් වෙන්නේ තමන් එක්කම ඉන්න සගයා කියන එකනේ. හමුදා නිලධාරියකුට බඩියෙක් ඉන්නේ රාජකාරි කටයුතු සඳහා සහාය වෙන්නයි. එමෙන්ම යුද බිමේදී සිය නිලධාරියා සමහ හරි හරියට සටනේ යෙදීමත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමත් බඩියාට අයිති කාර්යයක්. තම නිලධාරියාගේ ඕනෑ එපාකම්, රුචි අරුචිකම් ඔහු දැනසිටිය යුතුයි. ඉදිරි දිනවලදී හෝ හදිසියේම හෝ තම නිලධාරියාට කරන්න වෙන රාජකාරි කටයුතු වලදී අදාළ නිල ඇඳුම් සූදානම් කරදීම, නිලධාරියාගේ රියදුරු සහ ආරක්ෂක භටපිරිස සමග සම්බන්ධවී ඉදිරි කටයුතු සඳහා සූදානම්ව සිටින ලෙස දැනුම්දීම. නිලධාරියාගේ කෑම බීම නිවස්නයෙන් පිට භූමියේදී තනිව ලබාගන්නේනම් ඒ සඳහා පහසුකම් සැලැස්වීම වැනි දේවලුත් අයිතියි. නමුත් සමහර බඩියෝ නිලධාරියාගේ ඇඳුම් සේදීම, මැදීම, සපත්තු පොලිෂ් කිරීම ආදියත් සිය කැමැත්තෙන් කරනවා. ඒවා කිසිවක් අනිවාර්ය රාජකාරි නොවේ.

      ADC = Aide De Camp යන්න ප්‍රංශ භාෂාවේ යෙදුමක්. අපිට පුළුවන් ‘අධි සහායක’ කියලා කියන්න. සාමාන්‍යයෙන් ඒඩීසී කෙනෙක් ලැබෙන්නේ මේජර් ජෙනරල් සහ ඊට ඉහල තනතුරු සඳහායි. ඔහු තම නිලධාරියාගේ රාජකාරි කටයුතු පිලිබඳ ඉතා පුළුල්ව දැන සිටියයුතු අතර, ඒ පිලිබඳ සියලු සම්බන්ධිකරණ කටයුතු කලයුතුයි. තම නිලධාරියාගේ රාජකාරි දිනපොත නඩත්තු කිරීම මෙන්ම පෞද්ගලික කටයුතු පිළිබඳවද දැන සිටියයුතුයි. උදාහරණයක් වශයෙන් තම නිලධාරියාගේ බිරිඳට යුද හමුදා සේවා වනිතා රැස්වීමකට යාමට අවශ්‍යනම් ඇය ඒ සඳහා කැටුව යාමේ වගකීම ඒඩීසී ට පැවරෙන්න පුළුවන්, අර නිලධාරියාට තම රාජකාරිවලින් ගැලවෙන්න බැරි නිසා. එතැනදී හොඳ මහත්තයෙක් වගේ ඒ රාජකාරි ඉටුකළ යුතුයි. විශ්වාසය පලුදු නොකළ යුතුයි. ඒඩීසී තම නිලධාරියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කලයුතුයි. ඕපාදූප කියන්නෙක් නොවිය යුතුයි.

      • Buddy කෙනෙක් ලැබෙන්නේ කුමන තනතුරක සිට ඉහල නිලදාරීන්ටද?
        සේවා වනිතා සංගම් වලට බැදෙන්න අවශ්‍යමද?
        මම අසා තිබෙනවා මේජර් ජෙනරල් නිලයේ නිලදාරියෙකුට 8 දෙනෙකුගේ ආරක්ශක කන්ඩායමක් හිමි වෙනවා කියලා. මෙසේ ආරක්ශක කන්ඩායමක් හිමිවන්නේ කුමන නිලයේ සිට ඉහලටද?
        හමුදා නිලදාරීන්ගේ (හමුදාවේ නොවන ) බිරියන්ට සේවා වනිතා සංගම් වගේ හමුදා නිලදාරීනියන්ගේ (හමුදාවේ නොවන ) ස්වාමි පුරුෂයන්ට සන්ගමයක් නැද්ද? 🙂

        • සාමාන්‍යයෙන් දෙවැනි ලුතිතන් තනතුරේ සිට බඩී කෙනෙකු ඉන්නවා. එය සම්ප්‍රදායක් මිස අයිතිවාසිකමක් හෝ යුද හමුදා නීතියක් මත ලැබෙන වරප්‍රසාදයක් නොවෙයි. සමහර රෙජිමේන්තු සැරයන් මේජර් වරුන්ටත් බඩී කෙනෙක් ඉන්නවා.

          සේවා වනිතා සංගමයට බැඳෙන්න අනිවාර්ය නැහැ. එය සෙබළුන් වෙනුවෙන් කෙරෙන සුබසාධක සේවයක් නිසා ස්වේච්ඡාවෙන් තමයි කටයුතු කරන්නේ.

          ඔව් බලසේනාධිපති තනතුරේ ඉන්න බ්‍රිගේඩියර් වරුන්ට සහ සේනාංකාධිපති තනතුරේ ඉන්න මේජර් ජෙනරල් වරුන්ට එවැනි ආරක්ෂක මුර සහ රියදුරන්,කෝකියන්, ආරක්ෂක සෙබළුන් ලැබෙනවා.

          අන්න හොඳ ප්‍රශ්නයක්. හමුදා සේවයේ යෙදී ඉන්න නිලධාරිනියන්ගේ සැමියා, හමුදා නිලධාරියකු නොවන්නේ නම්, ඔවුන්ට බැඳෙන්න සංගමයක් තිබුනානම් හොඳයි. මොකක්ද දාන නම? සේවා……..??? 😀 හැබැයි සංඛ්‍යාත්මකව ගත්තොත් බොහොම ටිකයි ඉන්නේ. එවැනි මහත්වරුන්.

      • හමුදා සේවයේ සිටින සෙබලුන්/සෙබලියන්/නිලදාරීන්/නිලදාරීනියන් ට හමුදා සේවයේ සිටින සෙබලුන්/සෙබලියන්/නිලදාරීන්/නිලදාරීනියන් හා විවාහ වීමේ හැකියාවක් තිබෙනවාද?
        සමහර රටවල නිලදාරි නිලයක සිටින්නෙකුට, සෙසු නිලයක සිටින්නෙක් (සිටින්නියක් 🙂 ) හා සබඳතා ( 😉 වර්ගයේ ඒවා හොඳේ ) පැවත්වීම තහනම් නේ.

        • සෙබළුන් සහ සෙබලියන් අතර මෙන්ම නිලධාරීන් සහ නිලධාරිනියන් අතර විවාහ බන්ධන සඳහා කිසිදු තහංචියක් නැත.(ත්‍රිවිධ හමුදා අතර වුනත්, ප්‍රශ්නයක් නැත. ඒ කියන්නේ මහත්තයා ආමි නෝනා නේවි. මෙතන නේවි කිව්වේ එන්නේ නෑ කියන එක නෙවෙයි නාවික හමුදාව :D) සෙබල මට්ටමේ අය සහ නිලධාරි මට්ටමේ අය අතර විවාහ සඳහා අනුමැතිය දෙනු නොලැබේ. එහෙනම් එක්කෙනෙක් ඉල්ලා අස්විය යුතුයි. හිතන්න නිලධාරියෙක් සෙබලියක්ව හමුදාවෙන් අස්කරගෙන විවාහ කරගත්තා කියා. පසුව ඔහු ඇය සමග නිලධාරි නිවස්නයේ සාදයකට ගිය විටකදී එදා ඇය සර් කියා ආචාර කල නිලධාරීන් හමුවුනාම ඒ දෙපැත්තම කිසියම් අපහසුතාවයකට පත්වෙනවා. පනින්න පෙර සිතා බැලිය යුතුයි.

          ඔය හැමදෙනාම අතර අනියම් සබඳතා මේ අපේ සිරි ලංකා හමුදා තුල සිදුවිය/සිදුවෙමින් පවතී/තවදුරටත් සිදුවනු ඇත. එයින් පවුල් කඩාකප්පල්වී ගිය අවස්ථා බොහොමයක් ඇත. මිනීමැරුම් සිදුවූ අවස්ථා ඇත. එය ලෝක ස්වභාවයයි. ඒවා මානව චර්යාවන්. නවත්වා ගතයුත්තේ තමන්මයි. තමන්ගේ හිත පාලනය කරගැනීමෙන්.

      • නෝනා, මහත්තයාට වඩා ඉහල නිලයක උනත් ප්‍රශ්නයක් නැතිද?
        මම 😉 කියන එකෙන් අදහස් කලේ සාමාන්‍ය ප්‍රේම සම්බන්දතා ගැන.
        අනියම් සම්බන්දතා නම් ඉතින් නැති තැනක් නැත.

        • ප්‍රශ්නයක් නැහැ. මම දන්නා මේජර් කෙනෙක් මේජර් වරියක්ව විවාහ කරගත්තා. නෝනා ඉක්මනින්ම ලුතිතන් කර්නල් වුනා. අපි ඇහුවා උඹ රෑට ඇඳට නගින්නෙත් සැලියුට් එකක් ගහලද කියලා. 😀 නමුත් ඔබ අහන විදිහට තමන්ට වඩා ඉහල නිලයක නිලධාරිනියක්/ජ්‍යොෂ්ඨ සැරයන් වරියක් සමග ඊට පහල නිලධාරියකු/සෙබළකු ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගැනීම අතිශයින් දුර්ලභයි. මම කවදාවත් එහෙම දෙයක් අහලා නැහැ. මම හිතන්නේ එවැනි අය ඉන්නවානම් ඔවුන්ගේ යාළුවන් විසින්ම ඔවුන් අධෛර්යයට පත්කරනවා මේ වැඩේ කරන්න එපා කියලා. මොකද පසුව ප්‍රශ්න එන්න පුළුවන්.

  30. ලබාදුන් පිළිතුරට ස්තුති. යුධ හමුදාවේ නිල ඇඳුම් සියල්ල ගැන විස්තර දාපු ලිපියක් ලියන්න ඇරයුම් කරන්න කැමති. සලකා බලන්න පුලුවන්ද ?

    • මම ඉතාම කැමැත්තෙන් ඉන්නවා එවැනි ලිපියක් ලියන්න. නමුත් ඒ සඳහා අවශ්‍ය පින්තූර කොහෙවත් හොයාගන්න නැහැ. යුදහමුදා නිලඇඳුම් රෙගුලාසි මාලාව, වර්ණ ඡයාරූප සහිතව මුද්‍රණය කර තිබෙනවා පොතක් ලෙස. නමුත් එය’ සීමාන්විත – restricted’ නමැති වර්ගීකරණයේ තිබෙන නිසා දැන් මට එය ලබාගන්න අමාරුයි. කෙසේවෙතත් සීමිත ඡායාරූප ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒවා ආධාරකරගෙන ලිපියක් ලියන්නම්.

  31. පත්තර මල්ලි said:

    මහත්මයා.සිවිල් පුද්ගලයෙකුට පිස්තෝලයක් නීත්‍යානුකූලව හිමිකරගැනීමට අදාල ක්‍රමවේද‍ය කියල දෙන්න පුලුවන්ද. කුමන කාරනා සම්පූර්න කල යුතුද ..ලග තබාගන්න පුලුවන්ද .

    • පිස්තෝලයක් සඳහා බලපත්‍ර නිර්දේශ කිරීමේ අධිකාරිය වන්නේ ප්‍රාදේශීය ලේකම්. ඒ නිර්දේශය සඳහා අනුමැතිය දෙන්නේ ආරක්ෂක ලේකම්. ඔබ විශාල දේපොලක් හිමි පුද්ගලයකු වියයුතුයි. ඔබ සෑමවිටම ඔබේ එදිනෙදා ව්‍යාපාරික/රාජකාරි කටයුතු වලට අදාලව මුදලින් හෝ ස්වර්ණාභරණ/මුතුමැණික්/වැනි රුපියල් කෝටි ගණනක් වටිනා දේවල් ප්‍රවාහනය කරන පුද්ගලයකු වියයුතුයි. ඒ නිසාම ඔබට සොරසතුරු තර්ජන තිබෙන බව පැහැදිලි වියයුතුයි. ඔබට ආසන්නවම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න.

      • පත්තර මල්ලි said:

        බොහොමත්ම ස්තූතියි මහත්මයා..කෝටි ගනන් දේපල නම් නැහැ ඒත්.අපි සාමාන්‍ය විදේශගත මිනිස්සු ..ආසාවට ගන්න පුලුවන් වෙයිදෝ කියා විමසුවේ නිවසේ ආරක්ශාව යන පදනමේ සිට..ස්තූතියි ඉක්මනින් පිලිතුරු සැපයීමට.

  32. ලංකාවේ ජනාදිපතිට අධි සහායකයන් පත් කරනවද? අධි සහායක ලෙස පත් කරන්නේ කුමන නිලයේ නිලදරීන්ද?
    එසේම බඩී ලෙස පත් කරන්නේ කුමන නිලයේ සෙබලුන්ද? ඔවුන්ව විශේෂයෙන් තෝරා ගන්නවද?
    මට මතකයක් තිබෙනවා පාරමී කුලතුංග මහතා සමග මිය ගිය ඔහුගේ බඩී ඒ සඳහා විශේෂ පුහුනු වීම ලබා තිබුනු බව.
    එසේම ඔහු, ඔහුගේ කන්ඩායමේ (intake) සිටි දක්ශම සෙබලා වැනි කතාවකුත් තිබුනා වගේ මතකයි.

    • ජනාධිපති අධිසහායක ලෙස පත්කරන්නේ අවම වශයෙම් කර්නල් නිලය් නිලධාරියෙක්. ත්‍රිවිධ හමුදාවෙන්ම එලෙස අධි සහායකයන් පත්කරනවා. සාමාන්‍යයෙන් සෑම බඩියකුම සාමාන්‍ය සෙබලෙක්. ඒත් ඔහු තම නිලධාරියා සමග එකටම ඉන්නවිට යුදහමුදා පිළිවෙත අනුව උසස්වීම් ලබනවා. නමුත් කෝප්‍රල් නිලයෙන් ඉහළ අය සාමාන්‍ය නිලධාරියකුගේ බඩි ලෙස ක්‍රියා කරන්නේ නැහැ. විශේෂ තෝරාගැනීමක් සිදුකරනවා. කාර්යක්ෂම බව, විනය, වැනි කරුණු පදනම් කරගෙන.

      මේජර් ජෙනරල් පාරමී කුලතුංග ගැන දන්නා නමුත් ඔහුගේ බඩි ගැන දන්නේ නැත.

  33. අපොයි මේ ලිපිය මගඇරිලනෙ.
    මොනව කියනවද ඉතිං නියම විස්තර ටිකනෙ.

    යුද්ධ කරනවට වැඩිය අමාරුයි වගේ මේ ස්ට්‍රක්චර් එක මතක තියාගන්න එක. 😀

  34. ඉතාම වැදගත් ලිපි එකතුවක් ඔබේ අඩවියේ තිබෙන්නේ. ඔබ වැන්නන් බ්ලොග් ලෝකයට ආදර්ශයකි. දිගටම ගොඩවෙමි. නොකඩවා ලියන්න.

  35. සූස්තර පුංචා said:

    විචාරක තුමා, මන් අහලා තියෙනවා විජයබාහු පාබල රෙජිමේන්තුවේ අය වම් පැත්තට බෙරේ එක නවල අදින්නේ ඔවුන්ගේ ලාංඡනයෙත් තියෙන විදියට දුනු වායන් ලෙස තමන්ගේ සම්ප්‍රදාය රකින්නට කියල.. මොකද දුන්නෙන් කුරුමානම් ගන්නේ දකුනු ඇහින් නිස දකුණු ඇසට බාධාවක් වෙන්නෙ නැති වෙන්නලු.. ඒක ඇත්තද????

    psc පාඨමාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අයටයි, ශ්‍රී ලංකා විදේශ සේවයේ අයටයිත් කරන්න පුලුවන් නේද??

    • ඔය කතාව මම බොහොම ඉස්සර එක වරක් අහලා තිබනවා. නමුත් ඒ ගැන වැඩි සොයාබැලීමක් කර නැහැ. ඒ වගේම තමයි 2009 වසරේ සිට විජයබාහු පාබල රෙජිමේන්තුව බෙරේ එක අඳින්නේ අනික් සියළුම රෙජිමේන්තු වගේ දකුණට නවලා.

      psc පාඨමාලාව ලංකාවෙදිනම් සිවිල් අයට කරන්න දෙන්නේ නැහැ. ඒ පාඨමාලාවේ උගන්වන්නේ හමුදාමය කරුණු පමණයි.

  36. කවුද කියන්නේ වෛද්‍ය බලකායට අවි පුහුණුව න කියල. වෛද්‍ය බලකාය සහ කාරක ඉංජිනේරු බලකාය තමයි සටන් පෙරමුණටම යන ඒකක දෙක පාබල ඒකක ඇරුනහම . වෛද්‍ය බලකාය සාමාජිකයන් අවි ඇත දරන්නේ නැත්තේ ජාත්‍යන්තර යුද නිඉතියට අනුව වෛද්‍ය කණ්ඩායම් ඇත අවි දැරිය නොහැකි නිසා. එත් එයාලට ආත්මාරක්ෂාවට අවි ගන්න පුළුවන් ඒ වගේම කොහේ හරි එයා වෛද්‍ය රාජකාරි නැතිව වෙන දෙයක් කරනවානම් ආරක්ෂක රාජකාරිත් කරන්න වෙනවා, ඔය හොයලා බලලා ලියන්න, දුක් විදලා අවි පුහුණුවත් එක්ක යුද පුහුණුව අරගෙන මහන්සි වෙලා වෘතිය දැනුමත් ගන්න වෛද්‍ය බලකායේ සෙබළුනට කරන මදිකමක් වෙන්න පුළුවන් ඔය කතාව

    • ඔබ හමුදාවේ කෙනෙක්දැයි නොදනිමි. මා වසර 30 ක පමණ හමුදා සේවයේ යෙදී සිට ලද අද්දැකීම් ඔස්සේ තමයි මේ ලිපි ලියන්නේ. මෙවැනි ඔබ නොදන්නා කරුණු ලියන්නට යාමෙන් ඔබේ නොදැනුවත්කම කෙලින්ම එලියට එනවා.

      1. ඉංජිනේරු බලකාය කාරක වුනත් ක්‍ෂේත්‍ර වුනත් මුලින්ම යුද පිරියට යන එක ඇත්ත. නමුත් වෛද්‍ය බලකාය සටන පවතින ආසන්නයටවත් යවන්නේ නැහැ. වෛද්‍ය බලකායේ පුහුණු සෙබළුන් සහ වෛද්‍ය සහායකයින් ඉන්නෙත් යටත්පිරිසෙයින් සටන සිදුවන පෙරමුණට කිලෝමීටරයක්වත් පසුපසින්. එහෙම කරන්නේ ඔවුන්ට හොඳ වෛද්‍ය සේවා දැනුමක් තිබුණත්, සංග්‍රාමික රාජකාරි Combat role ගැන තිබෙන්නේ මූලික දැනුමක් පමණක් නිසා. කිසිවිටකත් ඔවුන්ට පාබල සොල්දාදුවකුට ලබාදෙන ඉහළ මට්ටමේ පුහුණුව ලබාදෙන්නේ නැහැ. එය අනවශ්‍ය නිසා. එය ඔවුන්ට කරන අපහාසයක් නොවේ. ඔවුන්ව ආරක්ෂා කරගතයුතු නිසා.

      2. යුද බිමේ පෙරමුණේ සිට යුද හමුදා රෝහල දක්වා විවිධ මට්ටමේ ප්‍රතිකාර මධ්‍යස්ථාන තිබෙනවා. එයින් වෛද්‍යවරයකු ඉන්නේ ක්‍ෂේත්‍ර රෝහලක පමණයි. යුද පෙරමුණට වෛද්‍ය වරුන් යවන්නේ නැහැ.

  37. වෛද්‍ය බලකායේ ඉන්නේ තනිකරම යුද පුහුණුවෙන් සමන්විත අංග සම්පුඋර්ණ සොල්දාදුවෝ සහ නිලදාරී. එයාලගේ නිලධාරින් හමුදාවේ පොදු තනතුරු ගන්නේ නැත්තේ එයාලා වෛද්‍ය වරු නිසයි. මොකද වෛද්‍ය වරයෙක් ඒ වගේ පාලන කටයුතු වලට දැන් එක අපරාධයක්. සෙසු නිලයන්ට හමුදා පුහුණුව න කියලා කියන්න එපා. දැන් යුද හමුදා මුලස්ථානයේ ප්‍රදාන සරබ උපදේශක වෛද්‍ය බලකායේ. තව පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස උපධෙෂක පුහුණු පාසලේ ප්‍රධාන සෙසු නිලයත් වෛද්‍ය බලකායේ..හොයලා බලන්න.. ඉක්මනින් නිවැරදි කරන්න.

    • සම්පූර්ණ අසත්‍යයකි.

      1. වෛද්‍ය බලකායේ ඉන්න කිසිම නිළයකු පාබල හමුදා සාමාජිකයකු මෙන් අංග සම්පූර්ණ යුද පුහුණුවක් ලබා නැත. මෙය ඔබගේ නොදැනුවත්කමින් කියන අමූලික අසත්‍යයකි.
      2. මොනවද හමුදාවේ පොදු තනතුරු කියන්නේ? වෛද්‍ය බලකායේ නිලධාරීන්ට වෛද්‍ය බලකායෙන් පිටත හමුදා ආයතනයක, මාණ්ඩලික නිලධාරී, බලසේනාධිපති, සේනාංකාධිපති, වැනි තනතුරු ලබාදෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ඔවුන්ට ලබාදී නැහැ. වෛද්‍ය බලකායේ නිළධාරියකුට කිසිදු ආකාරයකින්වත් යුද හමුදාධිපති තනතුරට එන්නට බැහැ. එයට හේතුව වෛද්‍ය බලකාය සටන්කාරී රෙජිමේන්තුවක් Combatant Regiment නොවන නිසා.

      කරුණාකර කරුණු දැනගෙන අදහස් දක්වන්න. ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පත්වීම් සටන්කාරී නොවන රෙජිමේන්තු වලට දෙන්න පුළුවන්. නමුත් ඔහු කවදාවත් සටන් පෙරමුණට යවන්නේ නැහැ.

  38. ගොඩක් වටිනවා සර් .පුළුවන් නම් සන්නද්ධ බුද්ධි බළකාය ගෙන විස්තර ටිකක් කියන්න .

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න