විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Khmer Rouge  Bhishanaya Book Cover  කාම්බෝජය, කම්පූචියා, එසේ නැතහොත් ඉංග්‍රීසි බසින් කැම්බෝඩියා  Cambodia යන රට ගැන ඔබෙන් බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම අසා ඇති. ඔබෙන් සමහරෙක් මේ රටේ සංචාරය කර හෝ සමහරවිට රැකියාවක් කළ/කරන අයකු වන්නටත් පුළුවන්. කාම්බෝජය ගැන මෑත ඉතිහාසයේ ලියවෙන වාර්තා බොහොමයක් එතරම් සුන්දර හෝ රසවත් ඒවා නොවෙයි. එයට හේතුව වන්නේ දිගු කලක් මේ රට වෙලී තිබුණු භීෂණකාරී සිද්ධි සමුදායක් තිබීමයි. ලෝක ඉතිහාසයේ සිදුවූ අතිශයින් දරුණු, අධම, මහා මිනිස් ඝාතන නිසා ‘කුප්‍රකට’ රටවල් අතර, කාම්බෝජයට හිමිවන්නේ කිසිදා නොමැකෙන අඳුරු කැළලක් සහිත ඉතිහාසයක්.

  cambodia_flagවෛද්‍ය රුවන් එම් ජයතුංග කාම්බෝජය සහ එහි අතීතය අළලා රචනය කල අගනා ග්‍රන්ථයක් මේ වසරේදී (2013) එළිදක්වනු ලැබුවා. මේ විග්‍රහය ඒ ග්‍රන්ථය පිළිබඳවයි. කෙසේ වෙතත් මුලින්ම එක කරුණක් කිවයුතුයි. මේ ග්‍රන්ථය ගැන බූන්දි අඩවියෙත් ලිපියක් පළවී තිබුණා. එහෙත්  එම ලිපියේ ඇතුළත්ව තිබුනේ අචාර්ය ගාමිණි වියන්ගොඩ විසින් මෙම පොත සඳහා ලියා තිබුණු පෙරවදන පමණයි. මා මෙම ලිපියෙන් අදහස් කරන්නේ පොතේ සමස්තය සලකා බලා කෙටි විවරණයක් ඉදිරිපත් කිරීමටයි. එමෙන්ම මේ ලිපිය මා ලියන්නේ වෛද්‍ය ජයතුංග ගේ අවසරය ඇතුවයි.

cambodia-map 1

 Kemeruge Book_pagenumber.004මේ ග්‍රන්ථය තවමත් එතරම් දුරට පාඨකයන් අතරට නොගිය බවක් පෙනෙන නිසයි මා මෙලෙස ඔබට මේ ග්‍රන්ථය හඳුන්වා දෙන්නට සිතුවේ. වෛද්‍ය ජයතුංග මේ ග්‍රන්ථය එළිදැක්වීම සඳහා සෑහෙන තරම් කරුණු පර්යේෂණාත්මකව අධ්‍යයනය කර ඇතිබව පෙනීයනවා. මේ ග්‍රන්ථය මගේ සිත්ගන්නට හේතු වුනෙත් මෙයින් දෙන දේශපාලන පණිවිඩය අද කාලයට ඉතා උචිත බව පෙනීයන නිසයි. වෛද්‍ය ජයතුංග තම ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබඳව සංක්ෂිප්ත හැඳින්වීමක් කර තිබෙන්නේ මෙහෙමයි.

Kemeruge Book_pagenumber.005

Kemeruge Book_pagenumber.011

  බලකාමිත්වය නිසා අගතියට පත්වන දේශපාලකයන් ලෝකයේ සෑම මහාද්වීපයකින්ම පාහේ වාර්තා වෙනවා. එහෙත් ඔවුන්ගේ පැවැත්ම යම්කිසිදිනක කඩාවැටෙන්නේ, මහජනතාව ඔවුන්ගේ මිනී වළටත් කෙළ ගසන තත්වයට පත්වීමෙන් අනතුරුවයි. මුලින් ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, වැනි ලේබල් අලවාගන්නා මේ පාලකයන්, අනතුරුව තම රහස් වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ ජනතාවට රහසින්. පාලකයා කම්බා හොරෙක්, මිනීමරුවෙක්, දරුණු ලෙස පළිගන්නෙක්, බව ජනතාවට තෙරුම්යන්නේ පසුවයි. කාම්බෝජය ලේ විලක් කළ පොල්පොට්, ඊට කදිම නිදසුනක්. කාම්බෝජය සහ පොල්පොට් පාලනය කෙබඳු ද යන්න විස්තර කෙරෙන පිටු කීපයක් මේ පොතෙන් පහත උපුටා දක්වනවා. බොහෝවිට දරුණු පාලකයන් බිහිවන්නේ දීර්ඝ ඉතිහාසයක් ඇති රටවලින් වීම විශේෂත්වයක් ලෙසයි මා දකින්නේ. මෙන්න කාම්බෝජය ගැන කෙටි හැඳින්වීමක්.

Kemeruge Book_pagenumber.012

Kemeruge Book_pagenumber.013

Kemeruge Book_pagenumber.018

Kemeruge Book_pagenumber.019

  පොල්පොට් පාලනය, කිසිදු මානුෂික ලක්ෂණයක් හෝ පිළිගතහැකි දේශපාලන න්‍යායයක් එසේ නැතහොත් සදාචාරයක් නැති හුදු ෆැන්ටසියක් බව, මේ ග්‍රන්ථයෙන් පෙන්වාදෙනවා.

Kemeruge Book_pagenumber.023

  කාම්බෝජය යනු මරණයේ දේශය යනුවෙන් හැඳින්වීමට හැකි බව මේ ග්‍රන්ථයෙන් මොනවට පැහැදිලි කර දෙනවා. කිසියම් දේශපාලන අත්දැකීමක් නැති, හුදු ෆැන්ටසියක සිරවුණු, කාලීනව තමන් විශ්වාස කරන, විවිධ දේශපාලන දර්ශන වලින් උපුටාගත් කොටස් සංකලනය කොට සකසාගන්නා, කිසිදු පදනමක් නැති, දේශපාලන අවජාතක සංකල්පයක, අවසාන ප්‍රතිඵලය කොතරම් දරුණුද යන්න වටහා ගැනීමට, පොල්පොට් පාලනය අංක එකේ උදාහරණයක් බව පැහැදිළි වෙනවා. පහත දැක්වෙන පිටු කීපය එයට සාක්ෂි දරනවා.

Kemeruge Book_pagenumber.028

Kemeruge Book_pagenumber.046

Kemeruge Book_pagenumber.090

  Ruwan-M_-Jayatunge-150x150වෛද්‍ය රුවන් එම් ජයතුංග, සිය මූලික වෘත්තීයමය භූමිකාවෙන් මිදී, මෙලෙස, මානුෂික ස්වභාවය සහ සමාජ විද්‍යාව පිළිබඳව විග්‍රහ කෙරෙන ග්‍රන්ථ එළිදැක්වීම, අගය කළයුතු වන්නේ, එයින්, පාඨකයා තුළ කිසියම් කම්පනයක් ඇතිකොට, ඒ ඔස්සේ සිතන්නට, පාඨකයා පොළඹවන බැවිනි. පොතක් කියවීම, ක්ෂණිකව සාදන රසකැවිල්ලක් අනුභව කිරීම හා සම නොවන්නේය. කිසියම් ග්‍රන්ථයක ඇති සන්දර්භය, අප තුළ ඇතිකරවන්නාවූ භාවමය කුළුගැන්වීම්, ලෝකය දෙස අප බලන දෘෂ්ටිකෝණයේ, පුළුල් වෙනස් කිරීම් ඇතිකිරීමට හේතු වන්නේය. මිනිසත්භාවය පිළිබඳව, යළි සිතාබලන්නට අනුබල දෙන්නේය. මේ ග්‍රන්ථය, එවැනි ආකාරයේ, මනසට ආහාරයක් ලෙස හඳුන්වන්නට, මම කැමැත්තෙමි. පොතේ අවසන් කොටසේ පිටු කීපයක් ඔබවෙත දක්වමින්, මේ ලිපිය අවසන් කරමි.

Kemeruge Book_pagenumber.123

Kemeruge Book_pagenumber.124

Kemeruge Book_pagenumber.126

my-signature-for-blog[1] 2013 ඔක්තෝබර් මස 05 දින 1033 පැය

Advertisements

Comments on: "කෙමරූජ් භීෂණය – The Khmer Rouge Terror වෛද්‍ය රුවන් එම් ජයතුංග" (40)

  1. ඒකාධිපතික්ව විනාශ කරන්න ඕනේ මුලදිමයි.. බූවල්ලෙක් බවට පත් උනාට පස්සේ ඔහුව විනාශ කරන්න බැහැ …එන්න එන්න අඬු දික් වෙනවා… ඔහුට එරෙහි වෙන්න හදන ඈයෝ දිහාට ඒ අඬු විහිදුවනවා …

    බූවල්ලාගේ අඬුවට අසු නොවී බූවල්ලා විනාශ කල යුතුයි…

    එදිනෙදා ජීවිතය | Trance“.

  2. විශ්ව රංගනාත් said:

    භීෂණය තවමත් මනුෂ්‍ය වර්ගයා හැරගොස් නැත. ලොව සිටින කෘරතම සත්වයා ද මිනිසාය. අන් සතුන් ඝාතන කරන්නේ අහාර සඳහායි. මිනිසා ……

  3. කෲරත්වය , ඒකාධිපතිවාදය අද වනවිට මිනිසුන්ට අව්ව සුලඟ මෙනි . එයද සාමාන්‍යකරණය වී ඇත. ඉතින් කවදා කෙසේ කාගෙන් විප්ලව බලාපොරොත්තු වෙමුද? මිනිසුන් විප්ලව කරන්නට හදන්නේ තමන්ට ඇති සැබෑ තර්ජයන්ට එරෙහිව නොව සිල්ලර කාරනා සඳහායි.
    ඉතින් මෙරටත් තවත් කම්පුචියාවක් වූවත් නොවූවත් කිසිවෙකුට කම් නැත.

    • ඔව් මටත් හිතෙන්නේ ඒ එපාවීමේ අන්තයටම අපිත් දැන් තල්ලුවෙලා ඉන්නවා කියලා. මැතිවරණයකදී ඡන්දය දෙන ඡන්ද දායකයන්ගේ ප්‍රතිශතය පහළ ගිහින් තියෙන්නෙත් ඒ නිසයි.

  4. පරණ කතාවක් තියෙන්නේ මාරක මකරෙක් මරලා ජය ගන්න වීරයා තමයි ඒ මකරා වෙන්නේ කියලා. ඒ වගේ තමයි කුරිරු පාලනයෙන් ගලවා ගන්න කියලා එන අයම ආපහු ඊට වඩා කුරිරු වෙනවා. ඒකෙ ස්වරුපය විතරයි වෙනස් වෙන්නේ

  5. Dr Ruwan M Jayathunga writes to the Colombo Telegraph as well. Most of his articles are about psychology studies about war/post war situations. Quiet interesting

  6. මමත් කාලෙකට ඉස්සර පොල්පොට් සහ කෙමරුජ් ගරිල්ලාවරු ගැන ලිපියක් ලිව්වා. කියන්න සතුටුයි ඒ ලිපියටත් මූලාංශ්‍රයක් ලෙස භාවිතා කළේ වෛද්‍ය රුවන් ජයතුංග මහතා විසින්ම වෙනත් වෙබ් අඩවියක පළ කළ ලිපියක් තමයි මේ සම්බන්ධයෙන්ම. ඔබගේ අකමැත්තක් නොමැති නම් මෙන්න එම ලිපියේ සබැඳියත්
    http://sathsamudura.blogspot.com/2011/03/cambodian-guerrilla-khmer-rouge.html

  7. පසුව එන්නම් විචාරක තුමනි.
    දෝනිගේ වැඩ වලට එයාගෙම පස්සෙ.

  8. විශ්ව රංගනාත් said:

    භීෂණය තවමත් මනුෂ්‍ය වර්ගයා හැරගොස් නැත. ලොව සිටින කෘරතම සත්වයා ද මිනිසාය. අන් සතුන් ඝාතන කරන්නේ අහාර සඳහායි. මිනිසා ඉන් ඔබ්බට ගොස් විනෝදය මෙන්ම වෙනත් අරමුණු සඳහාද ඝාතන කරයි. මිනිසා සහ අන් ජීවින් මෙන් නොව හිංසන සහ ඝාතන කිරීම සහ බැලීම මගින් යම් විනොදයක්ද ලබයි. එම තිරිසන් ආසාව සහිත උන් සමාජයේ බොහෝ ස්තර වල වැජබේ. යහපත් කාලවල ඔවුන්ගේ මෙම ආශාව සහ ක්‍රියාකාරකම් සැඟවී පවතින අතර කෘර පාලකයෙකුගේ පාලනයට යම් ප්‍රදේශයක් යටත් වූ කල එම පාලකයාට සහය දක්වන හෝ ඔහු යටතේ සේවය කරන්නන් අතර සිටින ඉහත මා සඳහන් කල fetish එක සහිත අධමයන් ක්‍රියාකාරී බවට පත්වේ. මෙම කියාවලිය නැත්නම් කොතරම් ප්‍රබල පාලකයකුට වුවත් ඔතරම් කෘර ක්‍රියා තනියම කල නොහැක.

    බොහෝ පාලකයන් ඔහුට සාපේක්ෂව(ඔහුගේ හෘද සාක්ෂිය අනුව) නිවැරදි මාවතක යයි. සමහර විට එම මාවත රටක දියුණුවට හේතුවේ. හොඳ වුවත් නරක වුවත් යමක් කරගෙන යනවිට විරෝධ ඇතිවේ. (පාලකයා ඇත්තටම නිවැරදි ගමනක් ගියද ඔහුගෙන් පාලනය ලබාගැනීමට පොරකන පාර්ශව, සහ වෙනත් රටවල කුමන්ත්‍රණ සහ විවිද හේතු මත විරෝධ ඇතිවේ) පාලකයාට ඔහුගේ ගමන යාමට නම් එම විරෝධ මැඩපැවැත්විය යුතුය. එතනදී පාලකයාගේ සහ අනුගාමිකයන් ගේ මම ඉහත සඳහන් කල තිරිසන් ආසාව මතුවේ. අවසානයේ කෙසේහෝ විරෝධ මැඩපවත්වමින් තම කාර්යය සාර්ථක කරගත් පාලකයා මගින් රට ඉදිරියට ගියේනම් ඔහු කොතරම් කෘර වුවත් එය ලෝකයා වැඩිය ගණන් නොගනී. නමුත් පොල්පොට්, හිට්ලර්, මුසෝලනි වැනි අසාර්ථක පුද්ගලයන්ගේ කෘරත්වය වැඩියෙන් දර්ශනය වන්නේ ඔවුන් නිවැරදි මාවතක නොගොස් අසාර්ථක වූ නිසාය.

    කවුරු කෙසේ කියුවත් ස්ටාලින්, මාවෝ, ට්‍රොට්ස්කි, පොල්පොට්, හිට්ලර්, මුසෝලනි වැන්නවුන් තම රටට සහ ජාතියට ආදරේ කල අතර ඔවුන් සාර්ථක වුවත් අසාර්ථක වුවත් ඔවුන්ගේ අරමුණ තම රට ගොඩනැගීමයි.

    අපගේ රටට සහ ජාතියට ආදරේ කරන නායකයෝ ඉන්නවාද?

    • ඇත්තෙන්ම ඔබ ඉතා වැදගත් කාලීන වටිනාකමක් ඇති සංවාදයකට මුලපුරා තිබෙනවා. තමන්ගේ අරමුණු කොතරම් දුරට මානුෂවාදීද යන්න සියළුම දේශපාලකයන්ගේ හදවත් දන්නවා. අවස්ථාවාදී දේශපාලනයෙන් මිනිස්සුන්ව රැවැට්ටීම තව කොයිතරම් කාලය පවතීද යන්න මටත් ගැටළුවක්.

  9. Dr R .M . ජයතුංග මහත්මා සහ විචාරක තුමා ල “නියම” යුද්දෙට මුහුණදීල පියවි සිහියෙන් අප සමග “මනුෂ්‍යන්”සේ අදහස් බෙදා ගැනීම ගැන ඔබ දෙපලට මාගේ උත්තමාචාරය පුද කරමි..!!!
    මැඩම්ගේ අම්මට හ්….මට වැරදුන..ශොරි කිව්වා…
    මැඩම්ගේ අම්මත් බලන්න ඇත්තෙ පොලු දාල පොල්ටගේ වගා මෙව්වා එක ගේන්න වෙන් ඩෑ.
    පොතින් දැනුවත් කල ඔහුටත්,විග්‍රහයෙන් දැනුවත් කල ඔබටත් ස්තුතියි…!
    බිරිද ,දරුවො ගෙදර (හිතේ ගින්දර සමග)දමා යුද්දෙට ගිය ඔබ දෙදෙනා වැනි නියම යුධ විරුවන්ට මාගේ උපහාරය..!!!

    • ඔබේ දීර්ඝ අදහස් දැක්වීම මා ධෛර්යයට පත් කරනවා. වෛද්‍ය ජයතුංගත් මේ අඩවිය බලන නිසා ඔහුත් මෙය දකියි.

      ඔබට අනේක වාරයක් ස්තුතියි.

  10. අතීතය ගැන කල්පනා කිරීම සහමුලින් නැතිකිරීම අරමුණක් උනත්, අන්තිමට පැරණි ශිෂ්ටාචාරයක් ආපහු ගෙන ඒමට තමා වෑයම් කරලා තියෙන්නේ. පිස්සුම තමා.

    ඔය රටේ ඇවිදලා නටබුන් කාරිය බැලුවා. ඉතාමත් දුප්පත් රටක්. ඒ වගේම අහිංසක මිනිස්සු ඉන්න රටක්. වයසක උදවියගේ අඩුවක් දැක්කේ මරලා දාපු නිසාවත්ද කියලත් හිතුවිල්ලක් ආවා.

    හොඳ පොතක්. හොයාගෙන කියවලා බලන්ට ඕනි.

    • ඔබේ අත්දැකීම ඉතා වටිනවා. ඒ නිසයි මම මේ ලිපිය ආරම්භයේදීම කිව්වේ ඔබ අතරින් කවුරුන් හෝ මේ රටට ගිහිල්ලා ඇති කියලා. වැඩිහිටි ජනගහනය අඩුවෙන්න අර සමූල ඝාතනවල බලපෑමක් ඇති. මේවා පැරණි බෞද්ධ රටවල්. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන.

  11. BLACK PUMA විසින් දමා තිබෙන කමෙන්ට් එක නැවත නැවතත් හිතන්න යොමු කරනවා. ඒ තුල ලොකු අදහසක් තියෙනවා. ඒ වගේම තමයි විචාරකගේ මේ පිලිතුර//// බූවල්ලා තියා ගොළු බෙල්ලෙක් අල්ලන්නවත් උනන්දු නොවන ජනතාව පෙළ ගැස්වීම තමයි අමාරුම දේ////.

    • අපි කුමන අභියෝගයක් යටතේ වුවත් අපේ උත්සාහය අත් නොහැරිය යුතුයි. සමහ මිනිස්සුන්ට යථාර්ථය තේරුම්ගන්න ටිකක් කල් යනවා. ඒ නිසා අපි ඉවසීමෙන් මිනිසුන්ට කරුණු කියාදිය යුතුයි.

  12. aran balanna watina pothak. mamam kohomath me subject ekata aasayi ithihaasaya deshapaalanaya hmmmmm

  13. මේ ගැන පරණ මුතුහර සඟරාවක තිබිල මම ලිපියක් කියෙව්වා. ඒකෙ නම් තිබුනෙ සරණාගතයින් වගයක් බේරගන්න කෙමරුජ් ගරිල්ලන්ට එරෙහිව කල මෙහෙයුමක් සම්බන්ධව.
    පොල්පොට් කරපු අපරාධ වලට මේ ජීවිතයේදීම ඔහුට දඬුවම් ලැබුනා.ඔහුට මියයන්න උනේ කුඩා පැලක සුනඛයෙක් වගේ. (මම දන්නා හැටියට )

    • බොහොම ස්තුතියි කාලෙකට පස්සේ මේ පැත්තේ පැමිණීම ගැන.

      කාම්බෝජයේ ඛෙමරූජ් පාලනය ගැන ලියවුනු පොත්, නිපදවූ චිත්‍රපටි, වෙනත් වාර්තා මහා විශාල ගොඩක් තියනවා. වෛද්‍ය ජයතුන්ගත් මේ පොතේ දක්වා තිබෙනවා ඔහුගේ මූලාශ්‍ර පිළිබඳව. ඛෙමරූජ් ගරිල්ලන් ගැන අපි උසස්පෙළ පන්තිවල සිටියදී නිතර ප්‍රවෘත්ති පළවුනා. පොල්පොට් ට ඔහු කළ පව් මේ ආත්මයේදීම පලදුන්නා.

  14. වෛද්‍ය රුවන් ජයතුංගගේ පොත් දෙක තුනක්ම මම දැක්කා. ගන්න ඕන වෙලාවක. දැක්කෙත් වෙන පොතක් හොයාගෙන යන ගමන්. මේ ලිපිය සම්බන්දෙන් කිව්වොත් පට්ට 🙂 . අපේ රටට සියලු විද්වතුන්ගේ උපදෙස් අවශ්‍යයි. භාෂාව, සංස්කෘතිය, ඉතිහාසය, සියලු දේවල් පිරිහුණු යුගයක අපිට විද්වතුන්ගේ උපදෙස් අවශ්‍යයි. එත් අපෙ කරුමෙටද මන්ද උන් ගොඩාක් පිට රටවල් වල. රෙඩියෝ වේවා, චිත්‍රපටයක් වේවා, මේ සියල්ල රස විදිද්දී රටේ පිරිහීම දැනෙනවා. සිංහල චිත්‍රපටයකුත්, බටහිර චිත්‍රපටයකුත් බලන්න කියලා දුන්නොත් මම බලන්නේ බටහිර එක. එකට හේතුව මගේ රසය වෙනස් වෙලා. එක හැමෝටම තියෙන දෙයක්. සාමාන්‍ය මිනිසුන්ගේ බුද්දියට, කතා කරන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ බුද්දියට අවශ්‍ය දේ දෙන්න බලවතුන් අපොහොසත් වෙලා. කොටින්ම කිව්වොත් ජනතාව බුද්දිමත්. හැබැයි ඒ බුද්දියට අවශ්‍ය දේ තවම නැහැ. එක නිසා සදාචාරයක් නෑ. රට යන විදියට අකමැති උනත් අපේ චන්දෙකින් වෙනස් කරලා දිනවන්න තරම් බුද්දිය තියෙන එකක් නැති එකය් ප්‍රශ්නේ. විය යුත්තේ බාල පරම්පරාව රැක ගනිමින් රටින් පිටවීම. වේගෙන් එන කෝච්චියක් නවත්වන්න අපිට බෑ, හැප්පෙන්න බැරිනම් කෝච්චියට, ඉවත් වීමයි සුදුසු.

    • ඔයාට විතරක් නෙවේ දිලීප, ඔය රසවින්දන සෝදාපාළුව අපේ රටේ බොහොමයක් දෙනාට සිදුවෙලා තියනවා. බලන්න දිනපතා හවස්වරුවේ අපේ රටේ රූපවාහිනී නාලිකා දෙකක පැරණි චිත්‍රපටි පෙන්නනවා. කුණු ජරාවල් තමයි බොහොමයක් දවස්වල පෙන්නන්නේ. (මම කවදාවත් ලංකාවේ රූපවාහිනි නාලිකා වලින් චිත්‍රපටි බලන්නේ නැහැ. පිත කෝපවෙලා රූපවාහිනිය පොළොවේ ගහන්න හිතෙනවා. විනාඩි 5ක් චිත්‍රපටිය පෙන්නලා විනාඩි 15 ක් දැන්වීම් දානවා) සාහිත්‍ය රසවින්දනය අතිනුත් එහෙමම තමා. වන්දිභට්ට සාහිත්‍යයට තමයි තැන තියෙන්නේ.

      වෛද්‍ය ජයතුංග වගේ අය ආපහු අපේ රටට ගෙන්වාගෙන ඉතා විශාල සේවයක් ලබාගත හැකියි. හැබැයි හැම දෙයක් දිහාම දේශපාලන පාට කන්නාඩි වලින් බලන බූරු හැත්ත නැතිවුනොත් තමයි මේ රටට කවදාහරි ඉර පායන්නේ.

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

  15. මට මතක් වුනේ කාලෙකට කලින් මම කියවපු එළියකන්ද K පොයින්ට් නම් ලංකාවෙ භීෂණය යම් තරමකට විස්තර කරන පොත…විචාරක තුමා ඒ පොත කියවලා තියෙනවද ?

    • ඔව් මම ඒ පොත කියවලා තියනවා. ඒ හා සමාන විස්තරයක් තියනවා පස්යාල, එල්ලක්කල, වවුල් කැලේ සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු වාර්තාවෙත්.

  16. ක්සැන්ඩර් said:

    ඩීත් ප්‍රාන් මියගිහින් කියල මං දැනගත්තා. මං මේ ගැන කියෙව්වා කාලෙකට කලින් මුතුහර සඟරාවක. ඒ ඔස්සේ මගේ මතකය තාම තිබ්බත් මේ වගේ විස්තරයක් දැක්කේ නෑ. පොත අරගෙන කියවනවා ලංකාවට ආව දවසක.

  17. අදයි මේ ලිපිය හරියට කියෙව්වේ.. පොල්පොට්ලා, හිට්ලර් ලා, හිරෝහිතෝ ලා, මේ හැමෝටම පොදු දේ තමා ඔවුන් ස්වොත්තමවාදයක් වෙනුවෙන් පෙනී සිටීම. හිට්ලර්ගේ කාලෙ ව්‍යාප්ත කරන ලද ප්‍රධානම මතවාදය තමා රටේ සියලු ප්‍රශ්න වලට මුල යුදෙව්වන් බව සහ ඔවුන් ඉන්නා තුරු ජර්මානු ආර්ය රයිකය සාක්ෂාත් කරගත නොහැකි බව.

    එදා වැරැද්ද අද සිද්ද නොවීම පිණිස අද ඉන්න අයට මේ වගේ උදාහරණ ගෙනල්ල පෙන්විය යුතුමයි. ඒ නිසාම අන්න මගේ බ්ලොගේ මේකට සබැඳියක් එල්ලුවා විචාරක.

    • මේ ලිපියට තවත් ප්‍රචාරයක් ලබාදීම පිළිබඳව මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි විද්‍යාවෙන් දියුණු වුවත් මිනිස්කමෙන් පහලටම යනවා. අනාගතයේදීත් මෙවැනි මිනීමරු, ඒකාධිපති පාලකයන් බිහිවීම වැලක්වීමට මහජනතාවගේ සිත් තුල මේ දේවල් තැන්පත් කර තැබීම වැදගත්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: