විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

අනේ ඔබාමෝ – Oh Obama


OBAMA

අනේ ඔබාමෝ උඹ ගැන හිතනකොට
අනුකම්පා හිතෙයි අම්මප බොක්කෙන්ම
බල්ලොත් නොකන උඹලගෙ වියවස්තාවේ
ජනපති කියන්නේ අම්මප බල්ලෙක්ද

සෙනෙට් එකට යටවෙන ජනපතිඳානන්
කෙනෙක් වෙලා මොකටද ඇමරිකාවට
ඔහොම පුලුවන්ද ලෝකෙට රජ වෙන්ඩ
කොපි කරනවකො අපගේ වියවස්තාව

පේනව නේද අපගේ මහ රජාණෝ
මැස්සෙක් වත් නොයයි උන්දැගෙ නහය උඩින්
අපිම තමයි තවමත් චන්දය දෙන්නේ
පරෙස්සමෙන් ඉඳගෙන අපෙ මොළේ උඩ

බලය රැකගන්න ඕනෑ කරනවනම්
හදනව නීති අපෙ නීතිත් කොපි කරලා
එවන්නද අපේ විනිසොරු  තුමාව
ටිප් ටොප් එකට කියලාදෙයි කරන හැටී

අපේ චන්ද කොමසාරිස් වගේ හොඳ
උතුමෙක් ගන්නවකො හැමදම වැජඹෙන්ඩ
චන්ද පත්‍රිකා හැලුවත් කුණු ගොඩට
තමුසෙට ඇහැකි හැමදම රජවී ඉන්ඩ

ගහනව රටපුරා කටවුට් තම රූපේ
හැකිනම් පැළඳගන්නව හොඳ සාටකයක්
එළවනු සෙනෙට් එක ආපහු නොඑන්නට
ගන්නව විපක්සෙන් සභිකයො සෙනෙට්ටුවේ

රිපබ්ලිකන් පක්සේ ඉන්නා ගොබිලෝ 

කොමිස් කුට්ටි කන්නට දන්නෙම නැද්ද
එවමුකො සැට් එකම ටිකකට මේ පැත්තේ
අපෙ උන් හදයි උන් ඔක්කොම මල් හතට 

<

p style=”text-align:left;”>My Signature for Blog 2013 ඔක්තෝබර් මස 02 දින 2120 පැය

Advertisements

Comments on: "අනේ ඔබාමෝ – Oh Obama" (41)

  1. අර මොනවද ගස් වලටත් මොනවද වදිනවා කියන්නෙ මේවට වෙන්නැති නේද ?

  2. ඔබාමට දැන්මම කයිය බලන්න වෙන්නෑ…ආණ්ඩුව වහලා හින්දා ඔබාමගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කපලලු… 🙂

  3. අපේ ලොක්කා ඔබාමගෙයි නෝනගෙයි ඉටි රූප එක්ක ෆොටෝ ගහලා චා උනා නේද වතාවක් ? ඒ සිද්ධිය මතකද ?

    • මේ සැරේනම් බැගෑපත් වෙලාද කොහෙද හරියට පොටෝ එක අරන් තිබුණා. හැබැයි ඒ පොටෝ එකට විශේෂ තැනක් දීලා තිබුනේ පච මෝලේ පත්තර කඩමළු වල විතරයි.

  4. මම කාටුන් එකක දැක්ක මෙහෙම දෙයක්

    ගෝලයා :- “ලොක්ක ඇමරිකාවේ ජනාධිපතිවෙන්න තියෙනවනම මරු නේද”

    ඇමතියා :- “අර මොකටද බං ”

    ගෝලයා :- “ඇයි ලොක්කා ඇමරිකාවේ ජනාධිපති කියන්නේ ඉතින් ලෝකෙට ලොක්කනේ ”

    ඇමතියා :- “බම්බුව තමයි .. මොකක්ද බොල උගේ තියෙන ලොකුකම ……එයාගේ නම ගහපු “එයාපෝට් , වරායවල්. ක්‍රිකට් ග්‍රවුන්ඩ්ස් ,පාරවල් තියා අඩු ගානේ බස්හෝල්ට් එකක්වත් තියෙනවද ..?
    බස් හෝල්ට් එකකවත් නම ගහගන්න බැරි එකෙක් කොහෙද බොල ලෝකෙට ලොක්කා වෙන්නේ ..?

    ඒ අතින් අපේ අය නේද..?

  5. විපක්ෂ මන්ත්‍රීවරු ටිකක් කලින් සල්ලිවලට අර‍ගන්නෙ නැතුව කරගත්ත වින්නැහියක්. මේක ඔබාමට යැව්ව නං හරි. එක සැරයක් මාත් එකක් යැව්ව.

  6. අපේ රටෙත් කාලෙකට ඉස්සර වෙලා ඔහොම වැඩක් වෙන්නම ගියා.ලොකු ප්ලෑන් එකක් තිබුනේ පාර්ලිමේන්තුවේදී අය-වැය 3 වර කියැවීම පරද්දන්න.ඒක උනා නම් මුළු පාලන තන්ත්‍රයම හබක්.හැබැයි මට මතක හැටියට ඒ වෙලාව මහින්ද රජ්ජුරුවෝ බේරාගත්තේ J.V.P.එක. ඒ ගොල්ල විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව පැත්තට චන්දෙ දුන්න නිසා රජා බේරුනා.. ඒ නිසා මේ වෙලාවේ ඔබාමාට උපදෙස් ගත යුත්තේ J.V.P. ලොක්කන්ගෙන් කියලයි මට හිතෙන්නෙ.

  7. විචාරකගෙ කවි කියවන විට මේම
    ගජමන් නෝන සිහිවෙයි බැහැ නොකියාම
    ආයුද වගේ පැනත් හුරු බව බෝම
    හොඳටම පෙනෙයි පැදියෙන් බැට දුන්නාම

  8. මහ ලොකුවට ඔබාම අංකල් තමංගෙ කැබිනට් එකේ ඉන්න ගාන අඩුයි කියල පාරම් බෑව. දැං පේනවනේ ලංකාවෙ වගේ කැබිනට් එකක් නැති එකේ රඟේ

    • අම්මපා ප්‍රසන්න ඔයා දුන්නේ නියම අදහසක්. ඉඩත් මදිවෙලා හිරවෙලා ඉන්න අපේ ‘කැබිනට් අයිටම්’ ටිකක් දෙමුකෝ ඔබාමාට. මෙහෙන් දෙන ‘අයිටම්’ලා ඇමරිකාව හදලා ගනියි නියමෙට. 😀

  9. නිර්නාමික said:

    රංචාගොඩ ළමයාගේ කවි මතක් වුණා.කවි ටික නම් මල් හතයි.
    අර දකුණු පැත්තේ පින්තුරේ දැක්කම නම් specimens
    තියන්න නෙමේ වෙන මොනා හරි එතන තියලා බලන්න හිතෙනවා 🙂 🙂

  10. රංචාගොඩ ළමයාගේ කවි මතක් වුනා.කවි ටික නම් මල් හතයි විචාරකතුමනි.

  11. විචාරක තුමාගෙ ඇගිලි කොකා ගස්සන්න විතරක් නෙවේ කියල දැනුනෙ ඔබගෙ ලිපි කියවද්දි.
    කවි ටික දැක්කම පුදුම හිතුන.කියල වැඩක් නැත ලෙසටම සුපිරිය.
    ඔන්න රටවල්.

  12. විචාරක දුවපියෝ …… ඔන්න සුදු වැන් එකක් එනෝ………….

  13. නියම කවි ටික…බලාගෙන ගියාම විචාරකත් බහුකාර්යය නේ..තව මොනවැයි පුලුවන් 😀

  14. මේ කවි ටික මිශෙල් කියෙව්වානම් හෙටම් කට්ටිය පටවගන්න තිබුනා අපිට කණක් ඇහිලා ඉන්න.

  15. balaagena wichaaraka mahaththayo CIA eken ussayi sudu van walin awith

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: