විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  F 16 drone-2පසුගිය මාසයේ මැද භාගයේදී මා ඔබවෙත ඉදිරිපත් කළකේළමා, අවලමා, ඔත්තුකාරයා,නමැති ලිපිය ඔබට මතක ඇතැයි සිතනවා. මේ කෙටි ලිපිය ඒ ලිපියට ඌණ පූරණයක් ලෙසයි ඉදිරිපත් කරන්නේ. එම ලිපියේ දෙවැනි කොටසේ අවසානයේදී මා සඳහන් කළා ඔබට මතක ඇති, නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානා සෑදීමේ තරගය ඉතා වේගවත්ව බලවත් රටවල් අතර සිදුවන බව. එහි අලුතෙන්ම ඇතිවූ, විශ්මයජනක සහ ප්‍රබල විප්ලවීය නිමැවුමක්, දින කීපයකට පෙර වාර්තා වුනා. ඒ තමයි, මෙතෙක් කල් නියමුවකු විසින් පදවන ලද, F 16 වර්ගයේ ප්‍රබළ ප්‍රහාරක යානයක්, සම්පූර්ණයෙන්ම දුරස්ථ පාලක ක්‍රමයකින් පදවන්නට හැකි ආකාරයට, ඇමරිකානු ගුවන් හමුදාව විසින් සකස්කර ඇති බව. මේ පින්තූරයේ තිබෙන්නේ එම යානයයි. තවත් පින්තූර දෙකක් පහත දක්වනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)

F 16 Modified

F 16 withot pilots

(පින්තූර ගත්තේ මෙතනින්)

   පින්තූර බල බල ඉන්නේ මොකටද නේද? වීඩියෝ එකකින්ම බලමු මේ යානයේ කතාව. මේ තිබෙන්නේ මේ යානය ගැන බෝයින්ග් සමාගම සහ ඇමරිකානු ගුවන් හමුදාව නිකුත්කළ වීඩියෝවක්.

  


මෙහි ඇති විශේෂත්වය කුමක්ද?

  නියමුවන් රහිත යානා – Unmanned Arial Vehicle = UAV (Drone) යන වර්ගීකරණය යටතේ දැනට නිපදවා ඇති හොඳම යානයේ වේගයට වඩා හතර ගුණයකින්, මේ F 16 යානය වේගයෙන් වැඩියි. එමෙන්ම, මේ යානයේ අවි පද්ධතියද, දැනට තිබෙන හොඳම ඩ්‍රොන් යානයේ අවි පද්ධතියට වඩා දියුණුයි. අවශ්‍යනම් න්‍යෂ්ටික බෝම්බයක් වුනත් හෙළන්නටත් පුළුවන්. ඩ්‍රොන් යානයකට ‘පාලක නියමුවන්’ වෙනමම පුහුණු කළයුතුයි. නමුත් F 16 සඳහා පළපුරුදු නියමුවකුට, පාලක මධ්‍යස්ථානයේ සිටම, තම ජීවිතයද බේරාගනිමින්, තම පළපුරුද්ද උපයෝගී කරගනිමින්, ඕනෑ තරම් ‘කරනම් ගහන්නට’ දැන් පුළුවන් වෙනවා. ඩ්‍රොන් යානයක් මෙතරම් වේගයෙන් සහ මෙතරම් කාර්යක්ෂමව හැසිරවීම අපහසුයි. පළපුරුදු නියමුවකුට, මේ යානයේ නියමු කුටිය විදිහටම, (simulated control booth) පාලක කුටිය සකසා දීමෙන්, ඔහුට හැකිවෙනවා, ගුවනේ සිට පෙන්වන ‘සෙල්ලම්’ (tactics) ඔක්කොම ඒ කුටියේ සිට කරන්නට.  

  මේ යානය නිපදවා තිබෙන්නේ ගුවන්යානා නිෂ්පාදනයේ දැවැන්ත, එමෙන්ම ලෝකප්‍රසිද්ධ බෝයින්ග් – Boeing සමාගම සහ ඇමරිකානු ගුවන් හමුදාව එක්වීමෙනුයි. නමුත් F 16 ප්‍රහාරක ගුවන්යානයේ නිර්මාතෘ වරුන් වන්නේ සුප්‍රසිද්ධ ජෙනරල් ඩයිනමික්ස් – General Dynamics  සමාගම සහ ඉන් පසුව, එම සමාගමෙන්, මෙම ගුවන්යානා නිපදවීමේ අයිතිය මිලදීගත්, ලොක්හීඩ් මාර්ටින් – Lockheed Martin    සමාගමයි. දීර්ඝ කාලයක් තුළ කරන ලද පර්යේෂණයක සාර්ථක ප්‍රතිඵලයක් තමයි මේ දුරස්ථ පාලක යානය. F 16 යානය වියදම් අධික යානයක් ලෙස සළකා අත්හැර දැමීමේ සූදානමක් තිබුණා. ඇත්තටම අත්හැර දමමින් තිබුණා. නමුත් මේ විප්ලවීය වෙනස නිසා යළිත් ඒ ගුවන්යානය යුද කටයුතු සඳහා එක්වෙනවා. මේ යානය ගැන විස්තරයක් පහත දක්වමින් මේ ලිපිය අවසන් කරණනවා.

  • වර්ගීකරණය : බහුකාර්ය ප්‍රහාරක ගුවන් යානය Multirole fighter aircraft
  • නිර්මාතෘ/නිෂ්පාදක : ඇමරිකා එක්සත් ජනපදය
  • ප්‍රථම වරට ගුවන්ගත කරන ලද්දේ : 1974 ජනවාරි 20 දින
  • යුද කටයුතු සඳහා හඳුන්වාදීම : 1978 අගෝස්තු 17
  • මෙතෙක් නිපදවා ඇති යානා ගණන : 4500 කට වැඩියි.
  • එන්ජිම : F-16C/D: one Pratt and Whitney F100-PW-200/220/229 or General Electric F110-GE-100/129
  • ත්වරණය : රාත්තල් 27000 යි – කිලෝග්‍රෑම් 12247 යි
  • යානයේ දිග : මීටර් 14.8 යි
  • යානයේ උස : මීටර් 4.8 යි
  • පියාපත් දෙකෙළවර අතර පළල : මීටර් 9.8 යි
  • යා හැකි උපරිම උස : අඩි 50000 යි (කි.මී.15 යි)
  • ගෙනයාහැකි උපරිම බර (අවි ආයුධ/බෝම්බ) : කි. ග්‍රෑම්. 16785 යි
  • සම්පූර්ණයෙන් තෙල් පිරවූ පසු යා හැකි උපරිම දුර : නාවික සැතපුම් 1740 යි
  • පැදවීම/පාලනය : F 16 C මොස්තරයේදී නියමුවන් 1 යි. F 16 D මොස්තරයේදී නියමුවන් 1 යි හෝ 2 යි.  (දැන් නියමුවන් රහිතව)
  • යානයක වටිනාකම  2000 වර්ෂයේදී  : F-16A/B ඇමරිකානු ඩොලර් මිලියන 30.1 යි. F-16C/D ඇමරිකානු ඩොලර් මිලියන 34.3 යි.

මෙම යානය ගැන තවත් විස්තර ලබාගැනීමට හැකි සබැඳියාවන් තුනක් පහත දක්වනවා. මේ සඳහා මග පෙන්වූ සමීර නාදුගල ට මගේ විශේෂ ස්තුතිය පුදකරනවා.

My Signature for Blog 2013 සැප්තැම්බර් මස 26 දින 2346 පැය

මූලාශ්‍ර;

Advertisements

Comments on: "කේළමා අවලමා ට ඌණ පූරණයක් – A suppliment to the post about ‘The Drone’" (52)

  1. අප්පොච්චියේ ගොරිල්ලගේ කලු

  2. දැනුවත් කිරීමට ස්තුතියි.

  3. අන්න රයිට් දැන් මෙතන ඉඳන් පුළුවන් සුපර්සොනික් සිට හයිපර් සොනික් දක්වා යන්න.. නියමුවෙක් සමග එවැනි වේග වලට යෑම භයානකයි…ඒ නිසාමයි බොහ්මයක් ප්‍රහාරක ජෙට් 2500 – 3500 න් එහාට නොයන්නේ … මෙවැනි වේග වලදී අංශක 8 – 17 ක වංගුවක් ගත්තත් නියමුවාට ඒක දරන්න අමාරුයි…

    නමුත් ප්‍රයෝගිකව මිසයිල් ප්‍රහාරයකදී වගේ තත්පර 20 වගේ ඇතුලත 8 G වලින් අංශක 200 ක විතර කෝණයකින් යානය හරවන්න වෙන වෙලාවල් තියෙනවා… එවැනි දේවල් කරන්නේ මැරෙන්නම බලාගෙන වෙනත් විසදුමක් නැත්නම් විතරයි.. ( එවැනි වංගුවකින් පස්සේ නැවත පෙර සිහියට එන්නත් තත්පර 2-6 ක් විතර වැය වෙනවා..අනිවාර්යෙන් බ්‍රවුන් අවුට් කියන දේ වෙනවා.. එවැනි බ්‍රවුන් අවුට් 5 කට වඩා දරන්න බැහැ නියමුවෙක්ට…

    http://obeth-mageth-addakeem.blogspot.fr/2013/07/fighter-pilot-requirements.html?m=0

    යානයත් සමග කඩාගෙන වැටෙන්නේ එවැනි වෙලාවල් වලදීයි.. අඩුම තරමේ ලෑන්ඩින් ප්‍රොසීඩියර් එකට හරි මෙවැනි දුරත්ස්ත ක්‍රමයන් භාවිතා කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ..දහස් ගණන් නියමුවන්ගේ ජීවිත බේරේවි…

    හොඳ ලිපියක් විචාරක …

    • ඔබේ වැදගත් අදහස් දැක්වීමෙන් ලිපියට ආලෝකයක් එක්වුණා. බොහොම ස්තුතියි.

    • මගේ කතාවකට ඇනෝවෙක් ඇවිත් ඔබගැන දා ගිය එක් දෙයක් සත්‍ය යැයි මට දැන් වැටහේ සහන්.

    • දහස් ගණන් නියමුවන්ගේ ජීවිත බේරේවි wiවිතරක් නොවේ හිතන්නවත් බැරි කරනම් සහ හැරවීම කරන්නත් පුලුවන්වෙයි ඇත්තටම මෙය ගුවන්යානා ක්ෂේත්‍රයේ සිදුවන විප්ලවයක් silentsahan කියුවා වගේ සුපර්සොනික් සිට හයිපර් සොනික් දක්වා යන්න තිබුණු එක් බාධාවක් ඉවත් වුනා.

    • මේවගේ ඇත්ත කතාව කිව්වොත් රහ මැරෙනවා විචාරක සහ රංග..ඒ තමයි මොන පුහුණුවක් වත් නැති අවුරුදු 15 ළමයි RC turbo ජෙට් එන්ජින් තියෙන යානා පදවනවා..පුදුමය තමයි අති සාර්ථක විදිහට පොළොවට ලෑන්ඩ් කරනවා කිසිම කැම් එකක් වත් නැතුව…( ඒ කියන්නේ බිම ඉඳන් නිකම්ම නිකම් naked eye එකෙන් තමන්ගේ ප්ලේන් එක දිහා බලන්.කිසිම අවුලක් නොවී ලෑන්ඩ් එක ගන්නවා )

      ඒ ජෙට් එකත් අඩුම ලෑන්ඩ්ඩින් ස්පීඩ් වෙන්නේ පැකිමි 140 විතර… උපරිම යනවා 460 ට විතර.. වැඩේ තියෙන්නේ ඒවා අපිට එළවන්න බැහැ පොඩි අය එළෙව්වට… 😦

      ( මන් හිතන්නේ අපි ක්‍රමේට කරන්න යන නිසයි වැඩේ කරගන්න බැරි වෙන්නේ )

      ඔන්න ඕකයි යථාර්තය…

      _____________________________________

      දැන් එමු නියම මාතෘකාවට .. නියමු කුටියක් නැතුව 100% උපකරණ සඳහා පමණක් ඉඩ අරන් යානයක් නිර්මාණය කරන්න පුළුවන් වීම කියන්නේ විශාල ජයක්.. නියමුවාට ඉදිරිය පැහැදිලිව පෙනෙන විදිහට නියමු ආසනය ඩිසයින් කරනවා කියන්නේ සෑහෙන වෙහෙසක්…වීදුරු ආවරණය , ඔක්සිජන් සැපයුම් දෙන යාන්ත්‍රනය , පීඩන සම කිරීමේ යාන්ත්‍රනය , නියමුවාගේ හදවත , මොළයේ ක්‍රියාවන් ගැන අවධානෙන් ඉන්න යාන්ත්‍රණ , නියමුවාත් යානයත් අතර සම්බන්ධය ගොඩ නගන යාන්ත්‍රණ සියල්ල ඉවත් කරන්න පුළුවන් 100 % දුරස්ථව පාලනය කල හැකි යානයක් නිපදවීම මගින්… කිලෝ 280 ක විතර ඉඩක් ඉතුරු වෙනවා…

      ඒ වගේම නියමු කුටියේ බර , හදිසි ඉවත් වීම් යාන්ත්‍රණය ඉවත් කරන්නත් පුළුවන්.. තව කිලෝ 120 විතර ඉතුරු වෙනවා..මීටර් පැනල් ඇතුළු සියලු සංඥා උපකරණත් ඉවත් කරන්න පුළුවන්…ගුවන් යානයක වර්තමාන හැඩය සහමුළින්ම වෙනස් කරන්න හැකි වේවි 100% වායුගති විද්‍යාවට අනුව…

      ඊළඟට එන ප්‍රශ්නය !

      රේඩියෝ සංඥා පාලන පද්ධතිය 100% ක් බලසම්පන්නව තියෙන්න ඕනේ… මොකද හයිපර් සොනික් ස්පීඩ් වලදී එක තත්පරයක් තුලදී කිලෝ මීටර් 6 – 12 උනත් පහු කරන්න පුළුවන්… එවැනි ක්ෂණික මෙව්වා ( change of distance and angle ) වලදී ගුවන් විදුලි සම්ප්‍රේෂණය/ප්‍රතිග්‍රහණය දුර්වල වෙනවා..එක තත්පර 2 ක සිග්නල් ඩ්‍රොප් එහෙකින් මොන වගේ තත්වයක් ඇති වෙන්න පුලුවන්ද …?

      යානය කිලෝ මීටර් 20 කට එහා පාලනයෙන් තොරව ගිහින්.. !

      කෝණ 6 ක වත් රූප ඕනේ ජෙට් එකක් ගෙනියන්න නම් , එක මොහොතෙන් උඩ බලලා ඊ ළඟ මොහොතේ වෙනත් දෙයක් කරන්න ඇහැ යොදවන්න වෙන්න පුළුවන් , එකිනෙකට වෙනස් කොන්ට්‍රෝලින් සොලනොයිඩ් 400 විතර තියෙනවා ජෙට් එහෙක … ඒවාට ඕනේ කොන්ට්‍රෝලින් චැනල් ටිකයි , කැම් වල ඩේටා ටිකයි , වෙනත් සංඥා පුවරු වල රීඩින් ටිකයි පොළොවට ගේන්න මෙගා බයිට් කීයක සම්ප්රේෂණයක් ඕනෙද …?

      චක බක ගගා කැඩී කැඩී ඩේටා ස්ට්‍රීම් උනොත් මොකද වෙන්නේ ජෙට් එකට …? කැමරා රූප නම් අමතකම කරන්නකෝ.. අපේ කොන්ට්‍රොලින් සිග්නල් ටික නොගියොත් මොකද කරන්නේ ජෙට් එකට …? ඒ කියන්නේ ජෙට් එක කිලෝ මීටර් 30 කට එහා පාලනයෙන් තොරව ගිහින්..

      ඒ යන යෑම පොළොව දෙසට නම් ගියේ …?

      • මගෙනම් විස්වාසයක් තියනවා වෑල්ව් (vacuum tube) පරිපථ ඇති කියලා. සමහර කොටස්වල.

      • මට පෙනෙන විදියට මෙය එක අත් හදා බැලීමක් විතරයි. පසුවට එන අධිවේගී නියමුවන් රහිත යානාවලට. මොවුන් අනිවාර්යෙන්ම මේවට යම් ඉදිරියේදී කෘතීම බුද්ධිය(AI) භාවිතා කරාවි. දැනටත් සාමාන්‍ය පරිගණක පද්ධතියක් මගින් ජනාකීර්ණ මාර්ගයක අනතුරකින් තොරව මෝටර් රථයක් පවා පදවන්න පුළුවන් නම්. මේ වෙනුවෙන් සකස්කරන ලද වැඩි දියුණුකර ඇති වේගවත් පරිගණක පද්දතියක් යානයේ අන්තර් ගත කර සිග්නල් ඩ්‍රොප් සහ බොහෝ අවස්ථා වලට මුහුණ දෙන පරිදි හදාවි. සමහර විට අපේ ජීවිත කාලය තුලදීම දකින්න පුළුවන් වෙයි සතුරන්ට ප්‍රහාර එල්ල කරන අතර තම ආරක්ෂාව සලසාගන්න 100% ස්වයංක්‍රීය යානා. එහෙම වුනොත් අනාගත යුද්ධය first person shooter game එකකට වඩා strategy game එකක් වෙයි.

        • ඔබ ඉතා වටිනා සංවාදාත්මක අදහස් රැසක් ඉදිරිපත්කර තිබෙනවා. ඇත්තටම මෙය අත්හදා බැලීමක් බව පැහැදිලිවම පෙනෙනවා. ඔබ කියන ආකාරයට කෘත්‍රිම බුද්ධිය සහ දැනට ඇති අභියෝග ජයගන්න නවීන විද්‍යුත් පරිපථ අනාගත යුදපිටිය දෙවනත් කරනු ඇති.

    • ඔව් මිග් වල තිබ්බා ! රේඩාර් සිස්ටම් එකට සහ එන්ජින් කොන්ට්‍රොලින්ග් සිස්ටම් වල.. රේඩාර් සිස්ටම් එකට වෑල් ගත්තේ EMF එකට ඔරොත්තු දෙන නිසා..න්‍යෂ්ඨික බෝම්බයක් දාන්න යන ගුවන් යානාවකට මුහුණ දෙන්න වෙන අවාසනාවන්ත සිදුවීමක් තමයි බෝම්බය පිපුරුණාට පස්සේ ඇති වෙන අධික විද්‍යුත් චුම්භක ශක්තිය.. බොහෝ ඉලෙක්ට්‍රොනික් කොටස් පිච්චෙනවා… රේඩාර් යුනිට් එක අනිවාර්යෙන් පිච්චෙනවා සංවේදීම කොටස නිසා…

      එන්ජින් කොන්ට්‍රොලින්ග් යුනිට් එකට වෑල් ගත්තේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න පුළුවන් නිසා.. පැයක විතර ගුවන් ගමනක් ගිහින් එද්දී සියලු කොටස් රත් වෙනවා සෙල්ෂියස් 600 ට වගේ.. අඩුම තරමේ කොන්ට්‍රොලින් යුනිට් එකත් රත් වෙනවා 200 ට වත්… එවැනි ගැටළු වලට මුහුණ දෙන්න ඕනේ නිසයි වෑල් අරන් තියෙන්නේ…

      ඒත් අද වෙනකොට නම් සියල්ල පාලනය වෙන්නේ ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියක් මගින්.. කෙසේ උනත් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨම ගුවන් යානයක් තමයි මිග් කියන්නේ.. කෑලි එල්ලන් හරි ගෙදර එන්න පුළුවන්…ඒ තරම් විශ්වාශනීයයි …

      • ඇත්තටම මිග් යානය විශ්මිත නිර්මාණයක් මට මතක් වෙනවා 1971 කැරැල්ල කාලේ අපි බිම දිගාවෙලා අහස දිහා බලා ඉන්නවා මිග් එක පියවි ඇසින් දකින්න. ඒ තරම්ම වේගවත් නිසා. ඒ කාලේ රුසියන් නියමුවෝ තමයි තාවකාලිකව ලංකාවට ලබාදුන් මිග් පැදෙව්වේ. යන්තම් තප්පරයක් විතර බලාගන්න පුළුවන්.

  4. වීඩියෝ එක නම් වැඩකරන්නේනැ වගේ අපේ සර්

  5. එලම කිරි. කේලමා නම් නේටෝල ඉන්න හැම තැනම වැඩ නේද ..?

  6. නියමයිනෙ F16 එකක් රිමෝට් කොන්ට්‍රෝල් එකකින් පාලය කරනව කිවුවම.

  7. මෙහෙම යනකොට ඉදිරියේදී බලවත් රටවල් යන්ත්‍ර විතරක් යොදාගෙන අනිත් රටවලට පහර දෙන්න පටන් ගනිවි.සජිවී කොම්පියුටර් ගේම් වගේ නිසා එතකොට වෙන විනාශයත් වැඩි වෙයි.

  8. අපූරුම විස්තරයක් විචාරක තුමා.

  9. හ්ම්ම්ම් තාක්ශනේ ලොකු පෙරලියක් වෙමින් පවතිනවා නමුත් මෙව්වා කොහොම පාවිච්චි කරයිද කියන එකයි ප්‍රශ්නේ

  10. මේවා වැඩි දියුණු කරන අයගෙ මා පියෝ ජිවතුන් අතර හිටිය නම් මොන වගේ වොයිස් කට දෙයිද මන්ද?
    අර දැරිවිට ගොරිල්ල කියල ලියපු එකාට මම සාප කරනව.
    දැක්කද..ලපටි මූන….පුරෝලා තියෙන..ජෙල්..

  11. ඇමරිකාව තවත් දියුණු වෙනවා මට නම් ඉරිසියා හිතෙනවා. ලංකාව කවදා ඔහොම එකක් හදයිද?

    ගොරිල්ලා කොහේ පේන්නද වෙන ඇස යන තැන් තියෙනකොට

    • යම්කිසි රටකට මේවා ඉක්මණින්ම අවශ්‍යද, අනාගතයේදී අවශ්‍යද, කොහොමවත් අවශ්‍ය නැතිද, යන්න තීරණය වන්නේ, ඒ රටේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා අනුව තමයි කියලයි මටනම් හිතෙන්නේ.

      මමත් හරිම අමාරුවෙන් ගොරිල්ලව හොයාගත්තේ 😀

  12. මහා වල් ගෝරිල්ලෙක් නේ …..ගොරිල්ලා බලලා දැන් යනෝ අව්ලමා බලන්ඩ

  13. යකුනේ ගොරිල්ලෝනම් ඕනතරම් ඉන්නේ, මෙවුන්ට ඒකක් දැක්කනං ඇති ඉහමොල දැවිච්ච එවුං වගේ වෙලා ඒ මත්තතෙ නහින්න ගන්නවා…… මෙතන තියන වැදගත් ඒව ඔක්කොම ඉවරයි 😛
    (F16 remote එක එතකොට ඕන වෙලාවට නියමුවටත් යන්න පුලුවන්ද නැත්තං ඒක නියමුවන් රහිතව හදපු වෙනමම F16 එකක්ද?)

    • හොඳ ගොරිල්ලෝ හැමදාම දකින්න නැහැනේ. 😀

      මේක අවශ්‍ය වෙලාවට ගලවලා පරණ විදිහට පියාඹන්න පුළුවන්. නමුත් මම හිතන්නේ නෑ ඒ වැඩේ ටක් ගාලා කරන්න පුළුවන් දෙයක් කියලා.

  14. අමිත් කුමාර් ගනේගොඩ said:

    විචාරක තුමා මං නං හිතන්නේ නෑ මේ සොයා ගැනීමත් එක්ක ඇෆ් 35 එළියට දාන එක නවත්තන්න පුළුවන් කියලා. ඇෆ්35 කියන්නේ නඩත්තු හා මෙහෙයුම් වියදම් අදික ඒ වියදම අද කාලෙට නොගැලපෙන යානයක්.
    හැබැයි ඇෆ් 35 වගේ සංකීර්ණ යානයක් සාර්ථකව දුරස්ථ පාලක මගින් මෙහෙයුම් කරන්න පුළුවන් කියන්නේ එම දුරස්ථ පාලක තාක්ෂණය යොදාගෙන් අද කාලේ යුධ මෙහෙයුම් අවශ්‍යතා වලට ගැලපෙන අතිසාර්ථක යානයක් පහසුවෙන් නිශ්පාදනය කරන්න පුළුවන් කියන එක. මේකත් එක්ක සන්නිවේදන් ඉංජිනේරුවන්ට අළුත් ප්‍රශ්නයක් එනවා ටෙරාබිට් එකක් විතර බැන්ඩ්විත් තියෙන සියළු කාළගුණ තත්ව වලදි කිසිදු ගැටළුවකින් තොරව හා සතුරු සන්නිවේදන සංඥා වලින් අවුල් වීමකින් තොරව හෝ ඒවාට යටත් වීමකින් තොරව ක්‍රියාකල හැකි සන්නිවේදන් පද්ධතියක් හදන්නේ කොහොමද කියලා.

    තව දෙයක් ගැන කිව්වොත් මිනිස්සු වෑල් අමතක කරලා ඉලෙක්ට්‍රොනික් වලට ගියේ මිලෙන් අඩු හින්දත් අඩු වොට් අගයක්න් ඒවා වැඩ හින්දත්. එහෙමයි කියලා ඉංජිනේරුවෝ විද්‍යාංඥයෝ වෑල් අමතක කලේ නෑ.
    එදාට වඩා අද විශිෂ්ඨ ක්‍රියා කාරිත්වයෙන් හා ඉහළ විශ්වාසයක් තැබිය හැකි වෑල්ව් නිපදවලා තියෙනවා.
    සංකීර්ණ ඉහළ නිරවද්‍යතාවක් අවැසි උපකරණ වලට ඉස්සරහදි ඉලෙක්ට්‍රොනික් කොටස් වලට වඩා වෑල්ව් පද්ධති ඒවි.

    • අමිත් කුමාර් ගනේගොඩ said:

      ඇෆ් 35 ඇෆ් 16 ලෙසට නිවැරදි විය යුතු බව සලකන්න 😀

    • ඔබ F 35 යන්න F 16 යනුවෙන් නිවැරදි වියයුතුයි කියා ප්‍රකාශ කිරීම නිසා මේ අදහස් දැක්වීම තුලින් ඇතිවීමට ගිය ගැටළුවක් නැතිව ගියා.

      මම හිතන්නේ ඔය සන්නිවේදන ගැටළු සියල්ල මේ සියවස තුල ජයගන්න පුළුවන් වෙයි කියලයි.

      ඔව් වෑල්ව් භාවිතය සම්පූර්ණයෙන් අතහැර නැහැ. අදටත් තියනවා. මම හිතන්නේ ඒ තාක්ෂණයත් විශාල විප්ලවයකට භාජනය වෙයි.

      බොහොම ස්තුතියි මේ වටිනා අදහස් දැක්වීම ගැන.

  15. කියවා තේරුම් ගැණීමට තරම් තාක්ෂණ දැණුමක් නැති උනත් තේරුම් ඇති අයට තවත් උදව්වක් වෙයි.

    • බොහොම සරල දෙයක් තියෙන්නේ. මෙතෙක් කල් නියමුවන් පැදවූ යානයක් දුරස්ථ පාලක ක්‍රමයකින් පදවන්න හදලා තියනවා. මම හිතන්නේ ඔබට සෑහෙන කරුණු ප්‍රමාණයක් අවබෝධ වුනා කියලයි.

  16. මට ලංකාවෙ ඉදන් මෙහෙට වැඩට යන්න එන්න මේකක් ගන්න හිතයි…මොකද කියන්නෙ විචාරක තුමා..සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ගමුද ?

  17. විචාරක තුමා මේ F16 යානය පරිවර්තනය කරන්ඩ කලින් F4 පැන්ටම් යානය පරිවර්තනය කළා dron එකක් විදිහට . ඒ එක යානයක් පාලනයෙන් ගිලිහි යාම නිසා ස්වයං නාශක පද්දතිය භාවිතා කර විනාශ වෙන්න ඉඩ හැර තිබුනා මාස කීපයකට කලින් … මේ වර්ගයේ දෙවන නිෂ්පාදනය මෙයයි … QF4 යානය දැනට ආෆ්ගනිස්ථානයේ භාවිතා වෙනවා ඇති ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: