විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Tony Orlando & Dawn Reunion Concert And DVD Release - Arrivals අද, මට, අහම්බෙන්, මගේ මෝටර් රථයේ ගුවන්විදුලි යන්ත්‍රයෙන්, පැරණි ඉංග්‍රීසි ගීතයක් අහන්න ලැබුනා. ‘O My Darling knock three times’ නමැති ඒ ගීතය, මා යලිත් මගේ අතීතයට රැගෙන ගියා. මේ ගීතය මා මුලින්ම ඇසුවේ, 1972 දී පමණ, මා උසස් පෙළ අවසන් කරමින් සිටියදී බවයි මතකය. එවකට අපට තිබුනේ, ගුවන්විදුලිය පමණයි. සෑම ඉරිදාවකම, පෙරවරු 8 – 9 කාලය තුළ, ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවය ඔස්සේ, ඉතා මිහිරි ඉංග්‍රීසි ගීත සහ ගීත අනුවාදන ප්‍රචාරය වන, වෙළඳ වැඩසටහනක් තිබුනා. ඒ ඔස්සේ අපට සෑහෙන්න ඉංග්‍රීසි ගීත අහන්න ලැබුණු අතර, ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නට, එය මහත් රුකුළක්ද වුනා. ටෝනි ඔර්ලන්ඩෝ නමැති මේ ගායකයාගේ තවත් මෙවැනිම මිහිරි ගීත රැසක් තිබෙනවා. ඔබේ රසවින්දනය සඳහා, මා, මේ ගීතයත්, එහි පදමාලාවත්, ඔබ වෙත ගෙන එන්නට සිතුවා. 

   මුලින්ම ගීතය අහන්න.

මෙන්න පදමාලාව

hey girl whatcha doin down there
dancing alone every night while I live right above you
i can hear your music playin
i can feel your body swayin
one floor below me you don’t even know me
I love you

chorus
Oh my darlin
knock three times on the ceiling if you want me
mmmm twice on the pipe if the answer is no
oh my sweetness
means you’ll meet me in the hallway
oh twice on the pipe means you ain’t gonna show

if you look out your window tonight
pulling the string with the note thats attached to my heart
read how many times i saw you
how in my silence i adored you
and only in my dreams did that wall between us come apart

chorus
Oh my darlin
knock three times on the ceiling if you want me
mmmm twice on the pipe if the answer is no
oh my sweetness
means you’ll meet me in the hallway
oh twice on the pipe means you ain’t gonna show

oh i can hear the music playing
i can feel your body swayin
one floor below me you don’t even know me
i love you

chorus
Oh my darlin
knock three times on the ceiling if you want me
twice on the pipe if the answer is no
oh my sweetness
means you’ll meet me in the hallway
twice on the pipe means you ain’t gonna show  

  මේ ගීතය මගේ සිත තදින් පැහැරගන්නට හේතුවුයේ මේ ගීතයේ කියවෙනවාක් මෙන්, මා සිටි නිවසේ පහළ මාලයේ නොව, අසල්වැසි නිවසක සිටි ‘වසන්තා’ නමැති, සුරූපී (මට සුරූපී) මෙන්ම, එකල මා වැනි තවත් තරුණයන් රැසකගේ අවධානය දිනාගත්, තරුණියකට ඇසෙන්නට, මම මේ ගීතය මහා හඬින් ගායනා කල නිසයි. (අපේ ගෙදර කවුරුවත් නැතිවෙලාවට)  ඇත්තම කියනවානම්, මගේ සිත තුළ, ඇය කෙරෙහි, අප්‍රකාශිත ආදරයක් තිබුනා. එය ඇයට කියන්නට අකමැත්තක් ඇතිවුනේ, එක වරම ඇය ප්‍රතික්ෂේප කලොත්, එය මට දරාගන්නට නොහැකිවනු ඇතැයි සිතුන නිසයි. එය හරියටම මේ ගීතයේ අදහස වගේ. ‘වසන්තා’ අද දෙදරු මවක් ලෙස, අවිස්සාවේල්ලට කිලෝමීටර් හතක් අටක් පමණ දුරින් පිහිටි නගරයක, ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගතකරනවා. මා මෑතකදීත් ඇයව ඇගේ සැමියාද සමග ගමනක් යනවිට, හමුවුනා. ඇය අද වනතුරු මගේ අප්‍රකාශිත ආදරය ගැන දන්නේ නැහැ. ජීවිතයේ හැටි ඔහොම තමයි නේද?

  ගීතය අසන්නට ලැබුනේ, Legends FM නමැති, මීට පෙර මා අසා නැති, නාලිකාවකින්. මේ ගීතයෙන් පසුව එම නාලිකාවෙන් තවත් එවැනිම ‘අපේ කාලයේ’ ගීත ප්‍රචාරය වුනා.

විශේෂ දැනුම්දීමයි;

 ඊයේ මට අත්වැරදීමකින්, ‘අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු’ ලිපියේ  දෙවැනි කොටසේ සංස්කරණය කරමින් සිටි කොටසක් ජාලයට එක්වුණා. පසුව මා එය ඉවත්කර ගත්තත්, වෙබ් සින්ඩිකේටර වල, එම ලිපිය සඳහා සබැඳිය පෙන්වනවා. ඔබට යම් අපහසුතාවක් ඇතිවුනානම්, සමාව ඉල්ලනවා. අද හෙටම ඒ ලිපිය ඔබට ඉදිරිපත් කරනවා.

My Signature for Blog2013 ජූනි මස 07 වැනි දින 1343 පැය

Advertisements

Comments on: "හදිස්සියෙන් ලියන්න හිතුනා – A Memory Flashback" (48)

  1. ඒකත් මරු..අල්ලපු ගෙදරට ඇහෙන තරම් හයියෙන් කෑගහලා සිංදු කියලත් වැඩේ ගොඩ දාගත්තේ නෑනේ..එක්කෝ සිංහල එකක් කියන්න ඕනෙ…මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොආවේ…

  2. සිංදුව අහලා, මට නටන්ටම හිතුණා …. (මේ දවස්වල කොහොමත් නැටුම් පන්ති යනවා…) 🙂

  3. ඒ ගිටාර් වාදනය නම් ලස්සනයි. සින්දුව තව ටිකක් රස විඳින්න ඕන

  4. අපේ කාලයේ ගීත ගැන අද කියවන්න ලද දෙවැනි පෝස්ටුව මේ. මේ වගේම එකක් ගැන රතු රජරට ත් ලස්සන ලිපියක් ලියලා තියනවා විචාරක..ඒකත් බලන්න.

  5. මමනං වැඩිය ඉංග්‍රීසි සින්දු වලට මනාප කෙනෙක් නෙමයි.

    මාත් බැලුවෙ විචාරක තුමා ඊයෙ මොකක්ද අර කරල තියෙන්නෙ කියල. 😀

    • හිතපු නැති විදිහේ අත්වැරැද්දක් වුනේ.

      • විචාරක තුමා කියපු සින්දුව කොච්චර ලස්සනයිද කියල හිතන්න පුළුවන් කෙල්ල ගම අතහැරලා ගිය එකෙන්ම 🙂

        • ඉස්සර මම එල්.ටී.ටී.ඊ. කාරයෝ එලවගන්න ඕනේ වුනාම උන්ගේ පැත්තට ඇහෙන්න ලවුඩ්ස්පීකර් එකක් දාලා දෙමළ සින්දු කියනවා. උන් පළාතේ නොහිට දුවනවා. 😀

  6. ආසයි බයයි නිසා මග හැරුන කියල ඒ දවස් වල කම්පා වුනත්,දැන් ගෙවන ජීවිතය දිහා බැලුවම ඉස්සර භය වෙච්ච එක හොදයි කියල හිතෙනව.
    මම උදේ පාන්දර බැලුව “බැක් ෆයර්”වෙලාද කියල :).

  7. හැබැයි බොහොම අගේ අති සින්දුව ….. අපොයි අර ගෑල්ල්මයට සින්දුව අහපු ගමන් වැඩේ එපා වෙන්ඩ ඈති ……

  8. ලෙජන්ඩ් එෆ් එම් කරන්නෙත් මහාරාජම තමයි. මමත් බොහෝ වෙලාවට හන්නේ ගෝල්ඩ් එෆ් එම් නැත්නම් ලෙජන්ඩ් එෆ් එම් තමයි. බොහොමයක් ඉංග්‍රීසී ගීත හා කට හඬවල් හිත නිවනවා. මම කාලයක් සංගීතා නමින් අඩවියක් කලා, දැන් වෙලාවක් නෑ ඒකට.

    http://priyathama-sangeethaya.blogspot.com/

    • අතාරින්න එපා දිගටම කරන්න. අද රේඩියෝ ඇහීමත් එපාවෙලා තියෙන්නේ මෙවැනි නාලිකා එකක් දෙකක්වත් නැත්නම්.

  9. අන්න ඒකනේ මම මට බැරි දේවල් තේරුං අරං ඉන්නේ.විචාරක මහත්තයත් බැරි දේ නොකර එහා ගෙදරට දිගුදුර මෙහෙයුමක් කළානං අද වසන්තා නෝනත් එක්ක නෙව.

    • ඇත්තටම මම හිතුවේ මගේ සිතුවිලි ඇයට දැනෙනවා කියලයි. එහෙමනම් එයාට දිවැස් තියෙන්න එපැයි. මොනවා කරන්නද. මගේ ගොළු ආදරය ක්‍රමයෙන් වියැකී ගියා.

  10. සිංදුව නම් ඉස්තරම්. මේක අහන කොට මටත් අතීත කතාවක් මතක් වුණා. මම හිතන්නෙ 1980 මුල ඉදල 1983 වෙනකන් මටත් තිබ්බ එහෙම අප්‍රකාශිත ප්‍රේමයක්. හැබැයි දෙමළ පවුලක්. කෙල්ල හරිම ලස්සනයි. මමත් දවස ගානේ දකින දකින වාර ගණන මතක තියා ගන්නවා. හතේ පංතියේ පොඩි වුන්නෙ. 83 කෝලහාල වෙලේ ඉන්දියාවට ගියා. තාම දැක්කෙ නැහ. හෙක්.. හෙක්… ළදරු ප්‍රේමය.

    • අපි සෑම දෙනාගේම මතකය අවුස්සා බැලුවොත් මෙවැනි සුන්දර අත්දැකීම් තියනවා. ඒවා මරණය දක්වාම අපේ මතකයේ තියනවා. අහිංසක සිතුවිලි නිසා කාටවත් හානියක් නැහැ.

  11. කාලතුවක්කුවෙ දෙවැනි කොටස බලන්න ඇවිල්ලා මමත් ඊයෙ ආපහු හැරිලා ගියා…වසන්තා වගේම චරිතයක් මටත් ඉන්නවා…අප්‍රකාශිත ආදරයක්…රතු කොණ්ඩෙ කියලා මම එයා ගැන බ්ලොග් සටහනකුත් ලිව්වා….ඒවා ඉතිං වයසින් සෑහෙන ඈතට ගියාම හරිම සුන්දර මතක සටහන්…එහෙම නේද ?

  12. ඉස්සර yes එකේ ගියපු ලේජින්ඩ්ස් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ජනප්‍රිය උන නිසයි ක්ලැසික් ගහන්නම අලුත් චැනල් එකක් දාල තියෙන්නේ… frequency එක නම් කළින් අයිතිව තිබුණේ වෙන කෙනෙක්ට… කෙසේ හෝ ස්තූතියි මේ ගැන පෝස්ට් එකක් දැම්මට…හොයන්නම බැරි සිංදුවක් තිබුණොත් එහෙම මට කියන්නකෝ…

  13. ජීවිතේට අහලා නෑනෙ මේ ලව් සෝන්ග්ස්..

    • ලස්සන සරල තේරුමක් තියන මේ වගේ ගීත දැන් හරි හිගයි. මෙතන තියෙන්නේ manual communication. එක්කෝ සිවිලිමට තට්ටු කරන්න වෙනවා. නැත්නම් ඉහල මාලයත් පහල මාලයත් අතර තියන ලෝහ ජල නලයට තට්ටු කරන්න වෙනවා. සින්දුවේ සංගීතයටම ඒ ‘තට්ටුව’ ඇතුළු කරලා තියනවා. දැන් කාලේ වගේ electronic love නෙවෙයි.

  14. මේ ගී එක්ක බැළුවාම අද හැදෙන බටහිර ගී බොහොමයක ( ජනප්‍රිය යැයි මාධ්‍ය මඟින් වැඩියෙන් ප්‍රචාරය කරන ) ඇත්තේ හිස් අරුතක් ඇති ශබ්ද ගොන්නක් විතරයි . අඩුම තරමේ මේ වගේම දෙයක් මේ විදියට සුන්දර විදියට කියනවාට වඩා , අමු හෙළුවෙන්ම f වදන් වලින්ම පිරිච්ච ගී .

    කෙසේ වෙතත් ඔබේ කී මෙවන් ඇත්දැකීම් නම් අපටත් එහෙමමයි , සතුටක් ගෙනා ලිපියක් .

    • මේ කිසිම ගායකයෙකුව මාධ්‍ය මගින් පිම්බුවේ නැහැ. එයා කන්නේ බොන්නේ මොනවාද එයා නිදාගන්නේ කා එක්කද වගේ කුණුගොඩවල් එදා ඇද්දේ නැහැ. අපට ඇහුනේ ඔවුන්ගේ කටහඬ, අගනා සුඛෝච්ඡාරණයෙන් යුත් කටහඬ පමණයි. එදා අදවගේ රූප සින්දු නොතිබීමත් අපේ වාසනාවක්.

  15. විචාරකගෙන් වෙනස්ම පෝස්ට් එකක්. මේවගේ ඒවත් අපිට ඕනෙ. ඇත්තෙන්ම මම සින්දුව දැන් ඇහුවේ නෑ මොකද මම ඔය සින්දුව හොඳට දන්න එකක් නිසා. මේකෙ අර තියෙන තට්‍ටුව අපි ඇත්තටම අපි මොකකට හරි තට්‍ටු කරලයි ගන්නේ මේක කියනකොට.

    එතකොට
    Save All Your Kisses For Me.
    LA International Airport
    එහෙමත් හරිම ජනප්‍රිය සින්දු නේද?

    මම ඔය legends FM ගැන දන්නේ නෑ. Gold FM, Oh yeah!

    • මොකක්දෝ පෙර පිනකට අපිට කුඩා කාලයේ සිටම සිංහල ඉංග්‍රීසි හින්දි ගීත අහන්න හුරුවක් ලැබුනා. එය එදාට වඩා වැඩි අගයක් දනවන්නේ අදටයි. ඔබ මෙහි කියා තිබෙන ගීතත් පුදුමාකාර චිත්ත රූප මවන සදානුස්මරණීය ගීත.

  16. ක්සැන්ඩර් said:

    ෂඃ.. අද ලිපි දෙකක් කියවන්න ටැබ් දෙකක්ම ඕපන් කරගත්ත,.අවුලක් නෑ. මේ සින්දුව ගොඩක් ලස්සනයි. ආපහු මං දකිනවා මගේ සමකාලින තරුණ පිරිස මේ 60-70-80 දශක වල සින්දු අහන්න යොමුවෙලා තියන බව. මේ සින්දුවත් මං එහෙම මිත්‍රයෙක්ට මේල් කළා විචාරකතුමා පෝස්ට් එක එක්කම. මේ වගේ සින්දු අහන එක ඇත්තටම මනස සැහැල්ලු කරනවා අද තියන කන්කරච්චල එක්ක ගත්තම.

  17. ඕක ගොඩක් අයට පොදු අත්දැකීමක්. සිතින් විතරක් පෙම් කරපු අය දැන් නම් මතක් වෙනකොටත් පොලව පලන් යන්න ලැජ්ජා හිතෙනවා .. 😀

  18. අපි කාගෙත් අල්මාරිවල අර වගේ ඇටසැකිලි තියෙනවා.. මහ මගදි එවුවා හම්බවෙනවත් එක්ක..

  19. Legend.FM වල යන සිංදු නම් මරු තමයි. ඒත් මම පොඩ්ඩක් එක්ක නොරොක් වෙලා ඉන්නෙ. කිරුළ FM කියලා හරිම ලස්සන චැනල් එකක් තිබ්බ තැනට නොවැ මහරාජා මේක අතෑරියෙ. ඉංගිරිස් අහන්න නම් GOLD FM එකත් තියෙනවනෙ. ඒත් කිරුළ සෑහෙන කාලෙකින් අහපු හොඳම සේවයක්.

    • මමත් එදා තමයි මේ නාලිකාව මුලින්ම ඇහුවේ. සිංහල එෆ්.එම්. නාලිකා වල ඉන්න මොලය නොමේරු කික්කියන් සහ කුක්කන්ගේ අමන කතා අහන්න බැරි නිසා මම බොහෝවිට අහන්නේ මෙවැනි ඉංග්‍රීසි නාලිකා.

  20. මේ හැම අත්දැකීමක් ම එකතු වී ජීවිතය සම්පුර්ණ කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: