විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

එදා මෙදා තුර


a18-sri4-480 එදා මෙදාතුර ඡන්දෙට විවරවු
දේශපාලු කුණු කටක් නිසා
රටේ ගලාගිය ජාතික සම්පත්
ආපසු ඇදගනු කෙළෙස කියා

මිලානවී ගිය මහජන හදවත්
රටටම මූසල පාට පොවා
අපිව ගහේ බැඳ ගහන්න තරමට
අපේම හිත් දෙයි දුකම කියා

රටේම නිදහන් පලා මැණික් කැට
ගෙනයද්දී හෙලිකොප්ටරයෙන්
කාත් කවුරුවත් නැතත් හිතයි මට
ගහන්න මිසයිල් කරට උඩින්

ඈත් කරන්නට මුන්ගේ හඩු ගඳ
හදවත කකියන ලේ සුවඳින්
මාත් මගේ දරුවොත් ගැන සිහිවී
ඒත් සිටිමි මම කල් මරමින්

ඊයේ උපන් අය අද මිය යන්නට
හිතෙන තරම් ගිනි ගොඩකි ලයේ
හීයේ වේගෙන් අහස උසට යන
මේ ජීවන බර හෙටත් තියේ

ඒත් ඉතිං දැන් බලා හිටිය ඇති
පාරට බහිමුද අපිත් මෙහේ
ආයේ දවසක හරියට ඡන්දය
කරවමු මේ රට තුළ ම ප්‍රියේ

සමාවන්න සනත් නන්දසිරි මහතාණෙනි.

My Signature for Blog2013 අප්‍රේල් මස 29 දින 0824 පැය

Advertisements

Comments on: "එදා මෙදා තුර" (60)

  1. සික් විතරක් කියන කැත.. කතා..

  2. ක්සැන්ඩර් said:

    කවුරු බලයට ආවත් ඉන්නේ එකම මන්ත්‍රී ඇමති සෙට් එක. ඒ කියන්නේ එකම 225 දෙනාම තමයි. ඔය කිසිම කෙනෙක් තමන්ට තියන සැප අතහරින්න කමතිවෙන්නේ නෑ. ඒක සවාභාවික මනුස්ස ගතිය, මං වුනත් එහෙම වෙන්න තිබ්බා. ඒ නිසා තවත් ජන්දයකට යාම පලයක් නෑ කියල මං කියන්න කැමතියි. මේක හදනවානං ඔය සේරෝම දෙනා වෙනස් වෙන්න ඕනේ. ඒත් ඒකට හරියන නායකයෙක් / සැලසුමක් මටනං පේනතෙක් මානෙක නෑ.

  3. මිනිස් දිවියේ සුවඳ පලවා හැර බුද්ධිය යයි කියාගත් දැනුම ඔස්සේ හඹා ගිය අප නැවතී ඇත්තේ කොතැනද ?
    බුද්ධිය මිතුරෙකැයි සිතූ මම මගේ දෙවියන් මරා දැමීමි යි මහගම සේකරයන් කියාදුන් පාඩමේ එක් අවාසනාවන්ත මොහොතක් ද මේ යයි මට ඔබේ අගනා නිර්මාණය කිය වූ මට ඇති වූ සිතිවිලල්කි.

  4. පුක පැත්තෙන් උල තිබ්බම ඉස්සෙල්ලම මොලේ හිල් නොවෙන උන්ට පමණයි කියල ලියමු …ෂහ්.. විචරක මහත්තය ගෙ කවි ලිවිල්ලත් අපූරුයිනෙ..

  5. කාලෙකින් දැකපු නියම පද ටික ..නියමයි … 😀

  6. මේ යන විදියට කොහොමත් පාරට වැටෙ‍යි වගේ.
    නියම කවි ටික.

  7. එකපිට එකපිට බඩට වදිනවා
    හිතේ අමාරුව දොරේ ගලනවා
    කරන්නට කිසිවක් නැතැයි සිතෙනවා
    හිතේ දුකට දැන් කවි ලියැවෙනවා

    • මේ රටේ නිදහස ලබාගන්නත් එස් මහින්ද හාමුදුරුවෝ වගේ අයගේ කවි වලින් බලපෑමක් වුනානේ. ඒත් එන්නම් කවි ලියලා නම් මදිවෙයි. හැබැයි ඇත්තටම යම් ආකාරයකින් දැඩි සිතුවිලි එලියට එන බවක් පෙනෙනවා හැමතැනින්ම.

  8. //කරවමු මේ රට තුළ ම ප්‍රියේ//

    කවි ටික ලස්සනයි. කාටද අනේ මේ ප්‍රියේ කියලා තියෙන්නේ? 😀

  9. නියමෙටම පරණ එකට සැට් වෙලා තියෙනවා.. රහ උතුරනවා… කරන්ට් එක ඔක්කෝටම වගේ දැණුන එක ළොකු දෙයක්.. නැත්නම් බොහෝ දෙනෙක් මල් කඩන එක නොවැ කොරන්නේ…

    උපරිමයි..

  10. නියම කයිය ඈ…

    සාධාරණ චන්දයක් කියන්නෙ හීනයක් විතරයි.. වෙන විධිහක් බලන්න වෙයි..

    සමාව ඉල්ලන්න ඕනා ගීත රචකයගෙන් ( විමල් ජයශාන්ත ) නේද ?

  11. කවියො තරහෙන් කවි ලීවාට
    මේවා ලොක්කගෙ දහන් ගැට.
    ඔබගේ සිතිවිල්ල ඉස්තරම්.

  12. පාරට බැස්සට වැඩක් නැහැ හැමදාම ඉල්ලන ඒවාම ඉල්ලනවා නම්!

  13. විශ්ව රංගනාත් said:

    සුද්දාට යටත්ව හිටියනම් මෙයට වඩා සමහර විට හොඳවෙයි

  14. ඈස්චර්‍යය ළඟයි.. ඉවසගෙන ඉන්ට..

  15. විශ්‍රාමික හමුදා නිළධාරියෙකුට සැරද වැඩිද මන්දා?

  16. දේශ ද්‍රෝහී ලේබලය වදී වත්ද ඔබතුමාටත්.

  17. රට දියුණු කරන්න ඕන නම් තමයි. හැබැයි ඒකට රටේ ඉන්න අහිංසකයෝ ටික මරං කාලා හරියන්නේ නෑ නෙව. ඒගමන අමාරු නම් කොරන්න ඕන හැමෝටම දරන්න ඇහැක් බරක් හැමෝම අතරේ බෙදෙන ආකාරෙට පවත්වන් යන එක. පුලුවන් එකාටම සැප බෙදලා අහිංසකයන්ව මරාගෙන කාල හරියන්නේ නෑ. මෙයාලා කම්කරුවෝ වෙනුවෙන් කියලා නේද ඒ කාලේ කිවුවේ. එව්වා අමතක වෙලාද මංදා……

    • මම දැක්කා හම්බන්තොටට මහා විසාල ඉස්පිරිතාලයක් හදන්න යනවා. මම මගේ යෝජනාව ලෙස කියා යැව්වා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ලොකුවටම හදන්න කියලා. අනාගතේදී පවුලකටම ඇතිවෙන්න තියෙන්න ඕනෙනේ.

  18. හිතේ දුකට එතකොට කවි කියවෙනවා…..

    කවි ටික කියවන්න කොච්චර ට්‍රයි කළත් කිසිම තාලයක් මැච් උන්නැති නිසා ඔහේ කියවන ගියා. අන්තිමටම තමයි දැක්කේ සමාව භාජනේ කියලා. ආයෙත් සින්දුව කියෙව්වා… 😀

    කාලීන පද පෙරලියක්…
    ————————————————

    ඉස්සෙල්ලා උන් නරකයි කියලනේ මුන්ට දුන්නේ. ඒත් ඉස්සෙල්ලා උන්ම නේද මේක ඇතුලෙත් ඉන්නේ. නමයි පාටයි වෙනස් කරගෙන. ගෙම්බෝ…… අනික උන්ගෙනුත් වැඩි හරියක් පක්ෂේ මාරු නොකර ගෙඩිය පිටින් ඇවිත් ඉන්නේ ඕනි වෙලාවක යන්න බලාගෙන. එහෙව් තත්ත්වයක් තුල අපි උන්ටවත් මුන්ටවත් අපේ අයිතිය පාවිච්චි කලාට වැඩක් නෑ. ලොකුම ලොක්කත්, පාටත් නමත් ඇරෙන්න අනික් ඔක්කොම එකම තමයි.

    ඇයි අප්පා කොටින්ට බැරි උනේ 225ටම එක පාර වැඩක් දෙන්න. එහෙම උනානම් මං ඡන්දෙ දෙන්නේ කොටියට. 😀 (නරක සිතිවිල්ලක් විතරයි ඈ…)

    • මේන් අටමගේ එකට දාපු කමෙන්ටුවෙන් කයි දෙකක්.

      කා බී මාසයක් වැයවූනෙ දෙදහස් පන්සීයයි
      පඩියේ ඉතුරු ටික උස්සන් ඉන්නේ කෝමෙයි
      වැඩිපුර ඇතත් විසි කරන්න කුණු ලෝබයි
      ඒ හින්දා ඇමතිට ෂෙඩ් හදන්නට දුන් මගෙ මොලෙ කෝමෙයි….

      ජාතියෙ පිනට තව ඇ’මැට්ටො බිහිවේවා
      රටත් කාලා ගමත් කාලා ඉහන් කාලා හූරන් කන්නට හැකිවේවා
      සල්ලිය බාගෙ ඇති “දුප්පතුන්ට” දෙන ආධර වැඩිවේවා
      දුප්පත් උන් නැති බංගස්තන් කළ හැකිවේවා….

    • මේ තට්ටුමාරුව වෙනස් කරන්න ඕනෙ. සාම්ප්‍රදායික දේශපාලුවන් ඉවත් කරලා වෘත්තීයමය විශේෂඥයින් දේශපාලනයට ඇදගත යුතුයි.

  19. විචාරක තුමා බඩු මිල වැඩි වීම දරාගන්න අමාරුයි. නමුත් ඒ මුදල් යෙදවෙන්නෙ රටේ සංවර්ධනයට. රට සංවර්ධනය වීමේ ප්‍රතිලාභ අපිටයි අපේ දරුවන්ටයි. කන්දක් නොනැග පල්ලමක් හමුනොවේ. විශේෂයෙන් අපේ රටේ සිදුවෙන සීඝ්‍ර සංවර්ධනය දරාගත නොහැකිව, ජනාධිපතිතුමාට එරෙහිව ජාත්‍යන්තර බලවේග නැගී ඇති මොහොතක මෙවැනි දේ සුදුසු නැත. කරුණාකර බඩ ගැන නොහිතා රට ගැන හිතන ලෙස ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාගේ සමහර තීන්දු ගැන විවේචන ඇතත් නිවීහැනහිල්ලේ හිතාබලද්දී එතුමා සැමට පෙර රට ගැන සිතනා උත්තමයෙකු බව පැහැදිලියි. රට වෙනුවෙන් කළයුතුදේ හොඳින් හෝ නරකින් කලයුතුමයි.

    • මේ රටේ දේශපාලනය ගැන මට වර 40 ක පමණ අවබෝධයක් තියනවා. මම මේ රටේ අනාගතය ගැන හිතලා කවදාවත් එක පක්ෂයකට ඇලිලා ඡන්දය පාවිච්චි කල කෙනෙක් නෙවෙයි. මේ රටේ අපි දන්නා රහස් කියාගන්න බැරි අපේ ජීවිතය නැතිවෙන තරම් ඒවා දරුණු නිසා. සුදු වෑන් අදත් ක්‍රියාත්මකයි. ඔබව මරාදමන්නට දැන් ඉන්න බලවතකුට වියදම් වන්නේ දුරකථන ඇමතුමක් පමණයි. පහුගිය ආණ්ඩු වලත් එහෙමයි. ඔබවැනි අය නොදන්නා බොහොම දේවල් අපි දන්නවා. ඉවසන්නම බැරි තැන තමයි මෙහෙම කොනිත්තන්නේ. ඔබ බලාගෙන ඉන්න සංවර්ධනය හෝ දියුණුව කොහෙවත් නැහැ. ඉදිකිරීම් යනු සංවර්ධනය නෙවෙයි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාව කියවලා තියනවාද? එක වරක් කියවන්න. හොඳ දැනුම ඇති මධ්‍යස්ථ මතධාරී බැංකු මැනේජර් කෙනෙකුගෙන් ඒ ගැන අහන්න. ඔබ වැනි අය ගැන අනුකම්පා කරනවා. රට වෙනුවෙන් නරකින් කලයුතුදේ කුමක්ද? මම නැවතත් අවධාරණය කරනවා අපි දන්නා රහස් ඔබ දන්නවානම් අද ඔබ මටත් කලින් පාරට බහිනවා. මේ රටේ නීතිය කෝ? නීතියේ ආධිපත්‍යය කෝ? දේශපාලනය රිංගා නැත්තේ කොතනටද? ජාත්‍යන්තර බලවේග කියා දෙයක් නැහැ. පිටරට ඉන්න කොටින්ට කරන්න පුළුවන් කෙහෙම්මලක් නැහැ. රටේ කළමනාකරණය බල්ලට ගිහින් තියෙන්නේ. ලෝකය ඒ බව දැනගෙන පෙන්නාදීම තමයි ඔය කියන ජාත්‍යන්තර බලවේගය. පහුගිය කාලයේ යුද්ධයට මහා වියදමක් ගියා දැන් ඒ මුදල් ඉතුරුයි. එහෙනම් මොකටද ලෝකෙට ණය වෙවී, නැව් නොඑන වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටුපොළවල් හදන්නේ. ගිහින් බලන්න. මම ගිහින් බැලුවා. එහි සිටින අවංක නිලධාරීන් සමග කතාකර බැලුවා. ඔය වරායට සහ ගුවන් තොටුපලට මේ වනවිට නැව්/ගුවන්යානා කීයද ඇවිත් තියෙන්නේ? කවුද මත්තලින් බැහැලා ගෙදර යන්නේ? නාස්තිය සහ දූෂණය අතින් මෙතෙක් තිබුන නරකම ආණ්ඩුව තමයි මේ. යුද්ධය දිනුවේ දේශපාලකයන් නෙවෙයි. ත්‍රිවිධ හමුදා යුද විශේෂඥයන්ගේ සැලසුම් නිසයි. ඒ සඳහා අවශ්‍ය යුද උපකරණ සැපයීම දේශපාලකයන්ගේ පරම යුතුකමක් විනා ඔවුන්ගේ ප්‍රාඥ භාවය නෙවෙයි. ඔවුන් යුද්ධය දිනූ දෙවිවරු නෙවෙයි.

      • sarathchandrasiri 75 said:

        @ ND

        දේශපාලකයන්ව ඕනවට වඩා විස්වාශ කිරීම අන්ධභක්තියකින් ආගමක් හෝ අන් කවරක් හෝ ඇදහීමකට සමානයි.

      • // යුද්ධය දිනුවේ දේශපාලකයන් නෙවෙයි. ත්‍රිවිධ හමුදා යුද විශේෂඥයන්ගේ සැලසුම් නිසයි//
        කතාව බාගයක් විතරයි කියලා මට හිතෙන්නේ.
        ලාංකික පුරවැසියන්ගේ පුර්ව පිනකට ගෙදර ලිපේ ලිග් ගල් තුන වගේ යුද්දයට පාර්ශව තුනක සමබර නායකත්වය ලැබුනා ඒ වේලාවේදී .
        ජනපති මහින්ද රාජපක්ෂ- ජාත්‍යන්තරයට නොබියව මුහුණ දුන්නා(මතකනේ JR )
        ජනරාල් සරත් ෆොන්සේකා – යුද සැලසුම් සහ නායකත්වය ( ඔහුට කලිනුත් හිටිය හමුදාපතිවරුනුන් යුද්දය කලානේ ප්‍රතිපලය මොක උනත් )
        ආරක්ෂක ලේකම් – හමුදා පන්නරය ලැබූ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ( ඊට කලින් සිටි අයෙක් එක ත්‍රස්තවාදියක් වෙනුවෙන් වැයකරන්නට වන උණ්ඩ ගණන් බැලු හැටිත් කරට ඇත දාගෙන photo ගත්තු අයත් සිටි බවත්)
        ඔය තුන් දෙනා ඒ වෙලාවේ එකට නොහිටියන් තාම යුද්දේ.

        අපේ කරුමෙට යුද්දය ඉවර උනත් හරි ඔක්කොම අජපල්
        අන්තිමට බලාගෙන යද්දී මේ රජයෙන් වරදකට දඩුවම් ලැබ ඇත්තේ සරත් ෆොන්සේකා පමණයි
        ඇප ලැබූ ගමන් සියලු මහා රෝග නිවාරණය වී හාස්කමකින් ඇවිදගෙන අයත් ඉන්නවා 🙂

        • කතාව බාගයක් නෙවෙයි.ඇත්ත කතාව තිත්තයි. කිව්වොත් මගේ ජීවිතය අනතුරේ. එල්.ටී.ටී.ඊ. එක යුදමය වශයෙන් පරාජය කරන්න පුළුවන් කියන එක සාධක සහිතව ඔප්පු කරලා පෙන්නුවේ ජෙනරල් ෆොන්සේකා. ත්‍රිවිධ හමුදාවේ වෙනත් කිසිවකු ඒ මතය කවදාවත් දැරුවේ නැහැ. ඊට පස්සේ තමයි ඒ සැලැස්මට අනුමැතිය ලැබුනේ. නැත්නම් වාලධිය පශ්චාද් භාගයේ ගහගෙන වෙවුල වෙවුලා හිටියේ.

          ආරක්ෂක ලේකම් රාජ්‍ය තාන්ත්‍රිකයකු නොවේ. රාජ්‍ය තාන්ත්‍රිකයා (statesman) යනු, රාජ්‍ය පරිපාලන සේවයේ යෙදීමට නිසි අධ්‍යාපන සුදුසුකම් ලබා, ප්‍රාදේශීය ලේකම් වැනි තනතුරකින් පටන්ගෙන, තානාපති සේවය තරම් ඉහල මට්ටමක් දක්වා වසර ගණනාවක් තිස්සේ අත්දැකීම් ලද පුද්ගලයකුටයි. හමුදා පන්නරය ලැබූ නියම රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇමරිකාව, රුසියාව, චීනය වැනි රටවල ඉන්නවා. තානාපති සේවයට යැවූ අපේ සමහර හමුදා නිලධාරීන්ට තිබෙන ඉහලම අධ්‍යාපන සුදුසුකම අ.පො.ස. උ.පෙ. එස් තුනක් පමණයි.

          යුද්දය ඉවර වුනාට පසේ අජපල් වුනේ අපේ කරුමයට නොවේ. ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ලනු කෑම නිසා. අනේ එතනින් එහාටනම් බැහැ හොඳේ.

          මේ සියල්ලේ නිරුවත අනාගතයේදී හෙළිවෙනවා. එදාට වෙඩි තියාගෙන මැරෙනවා හැර වෙනත් විකල්පයක් නැත.

      • පැහැදිලි කිරීම් වලට ස්තූතියි. රෝ මතකයි එක වංගියක් දෙමළ ජාතික හමුදාවක් පිහිටුවලා වර්දරාජා පෙරුමාල් මහා ඇමති කොරෝලා හොඳ නාඩගමක් නැටෙව්වා . ඇයි අප්පා අපේ අය ඔහොම ලනු කන්නේ 😦 ඔය යෝදයගේ හැටි අමතක වෙලාද?

  20. කරන්න දේකුත් නෑ ජනතාවට තමන්ට තියන බලය තේරෙන්නෙත් නෑ. එක අතකට මෝඩ කම. අනික් අතට කොන්ද පන නැතිකම. දැන් ගොම රිටි උඩ යන කාලෙ.

  21. දේශය පාලු වී ඇත.දේශය පාලනය වී නැත.සර් වෙන දෙයක් කතා කරමු තිත්තයි

  22. කතු හිමිකම සුරකිමින් මෙය උපුටා ගැනීමට අවසර පතමි තුමනි

    • කිසිම ප්‍රශ්නයක් නැහැ. ගත්තේ මෙතනින් කියලා සබැඳියාව පෙන්නුවානම් ඇති.

      • බොහොම ස්තුතියි සර්.මේ බ්ලොග් එක දැක්කේ අහම් බෙන්.ඉඩ තියෙන වෙලාවක මේ පැත්තෙත් එන්න​.www.pamalgelokaya.blogspot.com.මගේ බ්ලොග් එක නම් ලියන්නේ කලාතුරකින්.සරසවියේ අධ්‍යාපන කටයුතු නිසා කාලය වෙන් කර ගැනීම අමාරුයි.

        • මා හිතනවා ඔබ මගේ දරුවකුගේ වයසේ ඉන්න තරුණයෙක්. මුලින්ම ඔබේ උසස් අධ්‍යාපනය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනය කරනවා. අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයත්, බ්ලොග් ලිවීමට දෙවැනි තැනත් දෙන්න කියලා මම කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. මගේ සුබපැතුම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: