විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  limerunners1මා දන්නවා ඔබ බලාසිටින බව ‘අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ’ ලිපියේ ඊළඟ කොටස එනතුරු කියලා. නමුත් මේ දිනවල මා ගෙවන්නේ ඉතාම කාර්ය බහුල කාලයක්. ඒ නිසා ඉක්මනින්ම ඒ ලිපියේ ඊළඟ කොටස ඔබ වෙත ගෙනඒම අපහසුයි. මේක පුංචි කතාවක්. ඊයේ පෙරේදා අපේ ගමේ අවුරුදු උත්සවය තිබුනා. ‘ලංකාදීප’ පත්තරේ ඔන්න ලොකු විස්තරයක් තිබුනා මගේ නමත් එක්ක. අම්මෝ නූලෙන් බේරුනා මගේ නම ප්‍රචාරය නොවී. අපේ පන්සලේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඉන්නවා ‘ලංකාදීපේ’ ලොක්කෙක්. එයාට කියලා හාමුදුරුවෝ තමයි මට විදලා තිබුනේ. අවුරුදු උත්සව ගැන පත්තර වාර්තා කවුරුවත් කියවන්නේ නැති නිසා මගේ අනන්‍යතාව බේරුනා.

  ඔන්න ඉතිං පුංචි කතාව මේකයි. අර දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන දිවීමේ මහා තරගය තියනවානේ. කාන්තා පක්ෂය බලාගෙන ඉන්නේ තරගයට සහභාගිවෙන්නනේ. මට හිතුනා අපේ ඉස්තිරියාවන්ගේ ‘හුර්ද  ඉස්පන්දනය’ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. මම මයික් ටයිසන් වගේ මයික් එක අරගෙන මෙහෙම කිව්වා. ‘මේ නිවේදනය දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන දිවීමේ තරගයට සහභාගීවීමට බලාපොරොත්තුවන තරගකාරියන්ටයි. සංවිධායක මණ්ඩලය සියලු උත්සාහ දැරුවා දෙහි සොයාගන්නට. (සම්පූර්ණ බොරු. දෙහි ගෙඩි ලෑස්තියි)  නමුත් දෙහි සොයාගන්නට බැරිවූ නිසා ජම්බෝල සොයාගත්තා. නමුත් ජම්බෝල සාමාන්‍ය හැන්දක තැබිය නොහැකි නිසා, අපි තරගය වෙනස් කළා පොල්කටු හැන්ද මත ජම්බෝලය තබාගෙන දිවීමේ තරගය ලෙස’ බුදු අම්මෝ කාන්තා පක්ෂය එන්ඩ ගත්තා ආක්‍රමණශීලී විලාශයෙන්. හුහ්,…අපිට පුලුවන්ද පොල්කටු හැන්දක් කටේ තියාගන්ඩ? කවුද කිව්වේ ජම්බෝල ගේන්ඩ කියලා? අපිටනම් බෑ ඔය තරගෙට ඉන්ඩ කියලා මාව කන්ඩ හැදුවා. මම හිතුවා තව පොඩ්ඩක් අන්දන්ඩ. මම කිව්වා හරි හරි අපි පොල්කටු හැන්දේ මිට කොට වෙන්ඩ කපලා දෙන්නම් කියලා. අනේ මේ ඉස්තිරියාවෝ කැමති වුනානේ ඒ තීරණයට.

  ඔන්න මමනම් බෝ පැලේ වගේ මොකුත් දන්නේ නෑ හොඳේ.

පින්තූරය Google Images වෙතින් ලබාගන්නලදී

My Signature for Blog2013 අප්‍රේල් මස 19 දින 2327 පැය

Advertisements

Comments on: "ඇයි අනේ අඳිනකොට පැනලා අඳින්නේ" (50)

  1. ඉස්තිරියෝ අපිව හැමදාම අන්දනවට හොද වැඩේ කියල තමයි කියන්න තියෙන්නෙ :).
    ඇත්තම සීන් එකක්ද?

  2. ඔබ තුමාගේ මුල් නම ජයසේන නේ. ජම්බෝලයක් තියාගෙන ඉතින් අතේ වත් ගෙනියන්න බෑනේ.

    • හොඳ උත්සාහයක් සුදීක. ‘ජ’යන්න හරි. නමුත් ජයසේන නෙවෙයි.

      මම අහන්නේ, කියපු දේ බොරු කියලා හිතාගන්න බැරිවුනානේ ඒ ඉස්තිරියාවන්ට.

      • ජයනාත් ද? සෑහෙන දුර සිට එල්ල කල හීයක්. මේ කමෙන්ටුව ඉවත් කලත්, උත්තර නොදුන්නත් කමක් නෑ.

        • අවංකවම නැහැ. මේ ක්‍රමයට ඇසීම දිගටම සිදුවුනොත් නිවැරදි නම කිසිවකු විසින් කියන්න ඉඩ තිබෙනවා. එදාට මොකද කරන්නේ කියන එක මටත් ප්‍රශ්නයක්.

      • අවශ්‍යනම් නම හොයා ගැනීම ලංකාදීපය නොකියවාම පුළුවන්. මම දන්නා තරමින් ඔබතුමා නීති විරෝධී දෙයක් කරලා නැති නිසා එහෙම නම හොයා ගත්තොත් “අයහපත් ප්‍රචාරය කියල දෙයක් නෑ” කියන දේ හිතන් ඉන්නවා මිසක් වෙන මොනවා කරන්නද?

        • ඔයා හරියටම හරි. මම අන්වර්ථ නාමයක් පාවිච්චි කලාට අවශ්‍යතාවයක් තියන කෙනෙකුට නියම නම හොයාගන්න පුළුවන් ටිකක් උපක්‍රමශීලී වුනොත්. මේ වනවිට එක්කෙනෙක් හරියටම හඳුනාගෙන තිබුනා.ඔහු කමෙන්ට් එකකින්ම ඒ බව කියා තිබුනා. මගේ ගෝලයෙක්. මම ඔහුට ස්තුති කර, කිව්වා වෙනත් අයට නොකියන ලෙස.

  3. හපොයි මෙයත් කරන වැඩ. මම මේ පත්තරේ හොයනවා ඔන්ලයින්… 😀

  4. ෆුට්බෝලෙකින් ක්‍රිකට් ගහනවා වගේ තියෙන්න ඇති. 😀

  5. ඇයි ඒ මිට කපපුවම කැමති වුනේ ??? තව පොඩ්ඩෙන් අසමි, දකමි, සොයමි සදහටම නවතින්න උනත් ඉඩ තිබුනා… 🙂

  6. මිට කැපුවම මොලේ නෑනේ… 😀

  7. විචාරක හදන්නෙ ඒ ගෑණු ළමයින්ගෙ දත් ටික ගලවන්නද?

  8. අයියෝ සල්ලි දෙවියනේ ..රෙද්ද ගැලවිලා නේද
    කට්ටියගෙම ..මගෙත් හෘදයාංගම සතුට පල කිරීමට
    මේ මොහොත අවස්ථාවක් කරගන්නවා … 😀 😀 😀

    ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේවා ..

  9. හික්.. ජම්බෝල… නියමෙට තියෙයි..

  10. ගමේ ගෑණුත් එක්ක හුරතල් වෙන්ට යනවා කියලා විචාරක හාමිනේ ඔරවලාවත් බැලුවෙ නැද්ද? 😀

  11. අවුරුද්දක් තිස්සේ මේ තරඟෙට සහභාගි වෙන්න පෙරුම් පුරාගෙන හිටපු වගේම, පුහුණු වුණු ඉස්තිරි පස්සේ කට්ටියගෙන් ඔය තරමෙන් හරි බේරුන එකම ඇති.

  12. තේරුනේ නැනේ සර්

    • ඇයි අනේ මෙලෝ මිනිහෙකුට වැරදුනා…..ගෑනියෙකුට කරන්න පුළුවන් දෙයක්ද පොල්කටු හැන්දක ජම්බෝල ගෙඩියක් තියාගෙන ඒක කටින් තද කරගෙන දුවන්න?

  13. අවරුදු උත්සවේට සර් එනවද ? හෙට තියන මහරගම

  14. හික් හික් හික් ඔබතුමාට ලොකුම බොරුව තරඟේ පලවෙනි තැන ලැබුනේ නැතෙයි.

  15. විචාරක මහත්මයා දවසින් දවස බ්ලොග් එකට එක එක සෙල්ලම් දානවා. ඒවා නොදැන ඇවිත් අපි එකම කොමෙන්‍ටුව දෙතුන් පාර දාලා නිකන් හාල් වෙනවා. ඇයි අප්පා කලින් කියන්න එපායෑ මෙවුවා.

  16. Once in a way , its good to change the style of writing. Interesting.

  17. හෙහ් හෙහ්,,, පොල්කටු හැන්දේ මිට වගේ,,

    ඔබටත් පවුලේ සැමටත් කිරි පැණි ඉතිරෙන සිංහල අලුත් අව්රුද්දක් වේවා,

  18. පව් නේද ඔහොම ලනු දෙන්න?පස්සෙ කාන්තා පාර්ශ්වයට ලැජ්ජ හිතෙන්න ඇති නේද?

  19. අනේ අනේ… විචාරකත් මට එන්න බැරි උනා කාලේ කොරලා තියෙන දේවල්. තව පොඩ්ඩෙන් කොටින්ගෙන් බේරිලා ආපු මනුස්සයා ගෑනුන්ගෙන් කනවා අම්බානක. 😀

    අර පින්තුරේ මිසිස් විචාරක ඉන්නේ කොතනද අප්පා.. (ගෙස් කරන්න බයයි. වැරදි කෙනෙක්ව පෙන්නලා මිසිස්ට අහුවුණොත් තවත් දෝෂාභියෝගයක් වුනොත් එහෙම)

    • මටත් හිතුනා කොටින්ගෙන් නොකාපුවා කන්න වෙයි කියලා සමහර අය කඩාගෙන බිඳගෙන ආපු විදිහට.

      අනේ අර පින්තූරේ ජාලයෙන් ගත්ත එකක්. අපේ උන්දැ දෙහි ගෙඩිය අතේ තියන් දුවන්නේ කුස්සිය ඇතුලේ විතරයි.

  20. ඒක නං ඉතින් කමක් නෑ. බැලුං බෝල පුපුරුවන තර‍ඟෙට බැලුම්බෝල හොයාගන්න බැරිඋන හින්දා “ප්‍රීති” පාවිච්චි කරනවා කිවුවා නං !! මෙන්න තරඟයක් විනෝදාත්මකව ගෙනියන්න දන්න කෙනෙක්.. ලඟ හිටි අයට මිසිස් විචාරක කියන්න ඇති “අනේ ඔයාල ගනන් ගන්න එපා අපේ එක්කෙනාගෙ විහිලුවක් ඔය” කියල..

    • අම්මපා ඒ ජාතියේ බෝල පුම්බන්න නම් කට්ටිය පැනලා එයි නේද? අපේ උන්දැත් ලනුව කෑවා. එයා තරගයට හිටියේ නැතත් එයාටත් තද වුනා මගේ නිවේදනය අහලා.

      • “උදේ පාන්දරම දෙකක් නවා ගත්තෙ ඔහොම මගුලක් නටන්න තමයි” කියල මිසිස් විචාරක බැන බැන හිටියා කියලා ආරංචියි…

        • නෑ නෑ, දවල් වෙලා පිටියේ තරග විනිශ්චය කරන අතර කොකාකෝලා පොඩි බෝතලේට ස්ට්‍රෝ එක සමග ළඟටම ගෙනත් දෙනවා. හැබැයි වැරදිලාවත් අපේ උන්දැත් ඒ බෝතලෙන් බිව්වනම් බෝතලෙන්ම ගහනවා මගේ ඔලුවට.

          මෙහෙමනේ වෙන්නේ. උදේට තියනවා ළමුන්ගේ තරගය බෝතලයට වතුර පිරවීම. හවසට තියනවා තාත්තලාගේ තරගය බෝතල් හිස්කිරීම 😀

  21. හැඳිමිටි ගැන කතා කරල කොහුමිටි පාරවල් කාල පත්තරේ ගියොත් අපි දන්නෙ නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: