විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  ghostඅපි කුඩා දරුවන් කාලේ අහපු භයානක කතා තමයි රීරි යකා, මහසෝනා, වැනි භයානක යක්කුන්ගේ කතා. ඒ වගේම ජාතක කතාවල සඳහන් වෙනවා මිනීකන, ගම් පිටින් වනසා, මිනිසුන් අමු අමුවේ මරාගෙන කන යක්කු ගැන. රක්තාක්‍ෂි (රතු ඇස්) කියන රාස්සයා යම්කිසි කෙනෙක් දිහා බැලුවත්, උණ රෝගයක් හැදිලා මැරිලා වැටෙනවාලු. මේ යක්ෂයන් හට අද්භූත බලවේග තියන බවනේ එදා ඉඳලම තියන මතය. නමුත් හැමදෙනාටම මේ යක්කු ආශ්‍රය කරන්න බැහැ. උන් යක්කුනේ. යකා වගේ අයට තමයි උන්ව ආශ්‍රය කරන්න පුළුවන්. මන්ත්‍ර ශාස්ත්‍රය දන්නා අයනම් යක්කු බැඳගෙන වැඩ ගන්නවාලු. අපෙත් සමහර අය බැඳලා ඉන්නේ යකෙක් හෝ යකින්නක්ද කියලා හිතෙන වෙලාවලුත් තියනවා නේද?  😀 😀 😀 අද වුනත් අපේ සමහර අය, කෝපය ඉහවහා ගියාම කියනවා, ‘මම ඕකුන් ඔක්කොම මරාගෙන මැරෙනවා’ කියලා. (පින්තුරය ගත්තේ මෙතනින්)

  mass killingමෙසේ එකවර සමූහයක් ඝාතනය කිරීමේ සිතුවිල්ල අනාදිමත් කාලයක සිට මිනිස් චිත්ත සන්තානයේ පවතින්නක් බව එයින් පෙනෙනවා. මහා ඇලෙක්සැන්ඩර්, අශෝක අධිරාජයා වැනි රජවරු, විශාලත්වය නොගිනිය හැකි තරම් බිම්පෙදෙස් දිග්විජය කරන අතර, සමූල ඝාතන රැසක්ද කළා. නමුත් මෑත ඉතිහාසයේ ප්‍රධාන පෙළේ සමූල ඝාතකයන් ලෙස සැලකෙන්නේ ජර්මන් ආඥාදායක හිට්ලර් ගේ සමූල ඝාතන ක්‍රියා සහ කාම්බෝජයේ පොල්පොට් වැන්නවුන්. නමුත් ඇමරිකා එක්සත් ජනපදය ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් සහ වියට්නාමයේ ජනාවාස වලට බෝම්බ හෙළීමෙන් කළ සමූල ඝාතන ඉතා බරපතල ගණයට වැටෙනවා. මෑත ඉතිහාසයේදී ලොව ප්‍රධාන තැනක් ගත් සංග්‍රාමික සමූල ඝාතන පිලිබඳ සංක්ෂිප්තයක් මෙතනින් බලන්න පුළුවන්. (පින්තූරය ගත්තේ මෙතනින්)

  මිනිසාගේ සිතේ, සමූල ඝාතනය නමැති දුෂ්ඨ සිතුවිල්ල, තව තවත් වර්ධනය වුනේ, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුගයේදී යි. විශාල හමුදාවක් යොදවා, දැඩි වියදම් දරා, තමන්ගේ හමුදා භටයන්ගේ ජීවිත මෙන්ම හමුදාමය දේපළ ද විශාල වශයෙන් අහිමි කරගනිමින්, තම රටේ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කරගනිමින්, යුද්ධ කරනවාට වඩා, එක වර එල්ල කරන මහා පරිමාණ ප්‍රහාර දෙක තුනකින්, සතුරා සහමුලින් වනසා දැමීමට හැකිනම් හොඳයි යන සිතුවිල්ල, ලෝකයේ බලවත් රටවල් බොහොමයක් අතර සඟවාගත් රහසක් වුනා. දැන් ඒ රහස ඉතා භයානක වෙස් ගෙන කරලියට පැමිණ තිබෙනවා. මෙසේ එකවර මහා විනාශයක් කළහැකි අවි, අද ලෝකය සතුව තිබෙනවා. මේවා හඳුන්වන්නේ ‘සමූල ඝාතන අවි’ හෙවත් ‘Weapons of Mass Destruction’ යනුවෙන්. මෙය කෙටියෙන් හඳුන්වන්නේ WMD යනුවෙන්. අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ මේ සමූල ඝාතක අවි ගැනයි.

  මේ සඳහා යොදාගන්නේ රසායනික ජීවවිද්‍යාත්මක හෝ න්‍යෂ්ටික අවි. ඒවා හඳුන්වන්නේ Nuclear, Biological, and Chemical Weapons = NBC යනුවෙන්. එවැනි අවි යොදාගනිමින් කරන සංග්‍රාමික කටයුතු න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායන  අවි සංග්‍රාමික කටයුතු හඳුන්වන්නේ NBC Warfare යනුවෙන්. ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක හමුදා සහ පොලීසිය වෙත මේ සමූල ඝාතක අවි සටන් වලදී ක්‍රියාකලයුතු ආකාරය ගැන විශේෂ පුහුණුවක්, අණදීමේ මට්ටමේ සිටින නිලධාරීන් වෙත ලබාදෙනවා.   

  මේ මාතෘකාව මේ දිනවල ලෝකයේ මතුවී තිබෙන යුදමය වාතාවරණයක් නිසා තමයි මගේ මතකයටත් ආවේ. ඔබ දන්නවා ඇතිනේ මේ දිනවල උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර බොහොම ඉහල මට්ටමේ යුද උණුසුමක් ඇතිවී තිබෙන බව. දෙගොල්ලොම දෙගොල්ලන්ට අභියෝග කරගන්නවා දෙඤ්ඤං බැටේ කියලා. නමුත් දෙගොල්ලොම දෙගොල්ලන්ට බයයි. ඒක තමයි ඇත්ත තත්වය. මේ රටවල් දෙකම දන්නේ නැහැ මොනවයින් මොනවා වෙයිද කියලා යුද්ධයක් ඇවිලුනොත්. හැබැයි මටනම් පෙනෙන්නේ, මෝඩ උතුරු/දකුණු කොරියා දෙක දඩමීමා කරගනිමින්, තමන්ගේ යුද ශක්තිය උරගා බලන්නට හදන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ මහජන චීනය බවයි. ඒ දෙගොල්ලොත් කයිය ගැහුවට එකිනෙකාට බයයි. එමෙන්ම තවත් එක දෙයක් කියන්න පුළුවන්. සමූල ඝාතක අවි වලට අයත් න්‍යෂ්ටික අවි වලින් කෙරෙන යුද්ධයක්, කොරියානු කලාපයේ ඇතිවුනොත්, තල්මස්සු අස්සේ ඉන්න හාල්මැස්සන් පොඩිවෙනවා වගේ අපේ රටටත් අහිතකර බලපෑම් එල්ල වෙන්න පුළුවන්.

Ghaznavimissile295

කොහොම වුනත් අවසාන වශයෙන් මේ කොරියන් ‘බජාර් එකේ චණ්ඩියා’ වැඩසටහන තවත් එක ‘ගොඩ ගෙරවිල්ලක්’ පමණයි කියලයි මට හිතෙන්නේ. ඒ කතාව එතනින් නවත්තලා අපි අපේ මාතෘකාවට බහිමු.

සමූල ඝාතක අවි කියන්නේ මොනවාද?

  සමූල ඝාතක අවි කියන එක ජාත්‍යන්තර වශයෙන් නිර්වචනය කරන්නේ මෙන්න මෙහෙමයි.

  “රසායනික, ජීවවිද්‍යාත්මක හෝ න්‍යෂ්ටික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන්, සතුන්, මිනිසා විසින් පෘථිවියෙහි නිර්මිත වස්තු මෙන්ම ස්වභාවිකව පෘථිවියෙහි පිහිටි වස්තු වලට මහා පරිමාන හානි (අති මහත් විශාල ජීවිත විනාශ, දේපල විනාශ) ඇති කළහැකි ආයුධ, සමූල ඝාතක අවි වශයෙන් සැලකේ”.

  වැඩේ බොහොම බරපතලයි නේද? ඒ කියන්නේ මේ සමූල ඝාතක අවි වලින් පුළුවන් එක ප්‍රහාරයකින් මිනිසුන් ලක්ෂ ගණනින් මරාදමන්න, තවත් ලක්ෂ ගණනකට බරපතල තුවාල සිදු කරන්න, නගර ගම්බිම් මෙන්ම කඳු වුනත් බිමට සමතලා කරන්න. ඒකයි මේ කතාව පටන්ගන්නකොටම මම කිව්වේ, ඔක්කොම සුන්නද්දූලි කරන්න පුළුවන් කියලා. මේවා බොහොම භයානක අවි නිසයි මෙව්වා හොයාගෙන ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ගණනාවක් ඉරාකයට රිංගුවේ. ඉරාකය ආක්‍රමණය කලේ. ඉතින් ඉරාකය ආක්‍රමණය කරලා, අන්තිමට සදාම් හුසේන්ව, නඩු අහලා එල්ලලා මරලා, මොනවද හොයාගත්තේ? ඉරාකය තුල සමූල ඝාතක අවි තිබුනද නැද්ද? දෙපැත්තටම කියන්න කරුණු තියනවා. නමුත් ඇත්තටම බලාපොරොත්තු වූ ආකාරයේ මහා පරිමාණ සමූල ඝාතක අවි හමුවුනේ නැහැ. ඉරාකයේ සදාම් හුසේන් යකා, හිතපු තරම් කළු වුනේ නැහැ.

WMD_large

  දැන් ඔබ දන්නවා සමූල ඝාතක අවි රසායනික හෝ ජෛවමය හෝ න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වයකින් යුක්ත බව. මේවා වර්ග කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට අනුව තමයි එසේ කර තිබෙන්නේ.

  අනේ මේ බටහිරයෝ ජීව විද්‍යාත්මක අවි ගැන හිතන කාලෙත් අපේ අය ජීව විද්‍යාත්මක අවි ප්‍රහාර එල්ල කරා. මොනවා? ඔව්. හැබැයි ඒ ප්‍රශ්න ජිනීවා ගියේ නැහැ. අදටත් ඒ ප්‍රහාර ඉඳලා හිටලා එල්ල වෙනවා. දැන් ඔබ කියයි ‘නිකං අජාසත්ත බොරු කියන්ඩ එපා ඕයි’ කියලා. හරි හරි ඉන්ඩකෝ කියනකල්. මෙන්න මෙහෙමයි ඒ ජීව විද්‍යාත්මක ප්‍රහාර එල්ල වුණේ. ඒවා මරණීය නොවේ. මොකද අපේ මිනිස්සු හොඳට දෙයියෝ බුදුන් අදහන අයනේ. ඒ නිසා මිනිස්සු මරන්නේ නැතුව අරමුණ ඉෂ්ට කරගත්තා. අපේ පැරණි ග්‍රාමීය සමාජයේ වුනත් විවාහකයන් අතර අනියම් සබඳතා නොතිබුනෙම නැහැ. මේවා ඒ කාලේ හැඳින්වුණේ ‘රෑට පිළිකනු ගානේ යනවා’ වැනි විශේෂ යෙදුම් වලින්. ඔබ අහලා ඇති එක ගැමියෙක් මෙවැනි ප්‍රහාරයක් එල්ල කල ආකාරය. ටිකක් සැර වැඩිද මන්දා. කතාව මෙහෙමයි.

  kiss-my-ass-51057එක ගැමියකුගේ බිරිඳ ඒ ගමේම පුද්ගලයකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියා. ගැමියා දැනගත්තා අර අනියම් පෙම්වතා නිවසේ නිදන කාමරයේ ජනේලය අසලට පැමිණ සිය බිරිඳ සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන බවත් ඉඩක් ඇත්නම් එතනින් එහා දේවල් වලටත් යන බවත්. ගැමියා දිනක් තම බිරිඳට තර්ජනය කළා නිහඬව සිටින ලෙසට. ඔහු නිවසේ පහන් නිවා, අර පෙම්වතාට, වෙනදාට තම බිරිඳ විසින් දෙන සංකේතය වන ජනේලය ඇර තැබීම සිදු කළා. පෙම්වතා කලුවරේම ඇවිත් වෙනදා වගේම අනියම් පෙම්වතියගේ මුහුණ ජනෙල් පොලු අතරින් සිපගත්තා. නමුත් මුහුණ ටිකක් විශාල බවත්, මුහුණෙන් කිසියම් දුගඳක් හමන බවත් අනියම් පෙම්වතාට දැනුනා. ඔහු හෙමිහිට ඇහුවා පෙම්වතියගෙන් ‘සුදෝ ඔයා අද මඩ පුවක් එක්කද බුලත්විට කෑවේ’ කියලා. මොකද මඩ පුවක් තරමක් ගඳයි. එහෙම අහනකොටම පෙම්වතියගේ මුහුණේ තිබුන පුංචි මුඛයෙන් දුගඳ ජීව වායු/ඝන අපද්‍රව්‍ය ප්‍රහාරයක් (ජීවවිද්‍යාත්මක රසායනික දෙකම කලවම්) එල්ල වුනා. පෙම්වතා පළාතේ නොහිට පැන ගියා. ඇත්තටම එදා ඒ පෙම්වතා සිපගත්තේ තම අනියම් පෙම්වතියගේ සැමියාගේ විශාල පශ්චාද් භාගයයි. 😀 😀 😀  ඒකාලයේ කිසියම් ගමක අනියම් සබඳතාවක් හෙලිවුනොත් වතුරේ හොඳින් දියකළ අශූචි ප්‍රහාරයක් ඒ නිවසට එල්ලවුනා රාත්‍රී කාලයේදී. එය බරපතල අපහාසයක් ලෙසයි සැලකුනේ. එවැනි ප්‍රහාරයකට ලක්වන සමහර අය ඒ ගම අතහැර දමා යන අවස්ථා පවා තිබුනා. අශූචි මිශ්‍රණයට කළුතෙල් කලවම් කලොත් සෝදා හරින්න ඉතාම අපහසුයිලු. පැරණි ගැමියා උසාවි නොගොස් ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ල කලේ එහෙමයි. 😀

  හරි හරි ඒ කතාව පැත්තක තියලා අපේ කතාවට බහිමුකො. සමූල ඝාතක අවි ඉක්මනින්ම ලෝකයෙන් තුරන් වේයැයි හිතන්න අමාරුයි. කාගේ කාගේ කිල්ලෝටෙත් හුණු තියනවා කිව්වා වගේ ලෝකය පුරාම සමූල ඝාතක අවි රඳවාගෙන ඉන්න රටවල් තියනවා. හැබැයි ඒ රටවල තිබෙන න්‍යෂ්ටික අවි ප්‍රමාණය අනුමාන වශයෙන් කිවහැකි වෙතත්, රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි ස්ථිරවම තිබෙන බවට හෝ අනුමාන වශයෙන් තිබිය හැකි ප්‍රමාණය ගැන හෝ පිළිගත හැකි සාක්ෂි බොහොම අඩුයි.  පහත දැක්වෙන සිතියමේ පෙන්වනවා සමූල ඝාතක අවි ලෝකය පුරා පැතිර තිබෙන්නේ කොහොමද කියලා.

NBC_Threat

වඩාත් පැහැදිලිව කියනවානම් මේ තමයි ලෝකයට එල්ලවී තිබෙන සමූල ඝාතක අවි තර්ජනය. දැන් පෙනෙනවා නේද අපි කොහෙද ඉන්නේ කියලා. මාරයාගේ (බ්ලොග් ලියන මාරයා නෙවෙයි) දත් තිස්දෙක අස්සේ තමා අපි ඉන්නේ. ඉතින් අපේ  . . . . .  මාමා වගේ තදවෙන මිනිහෙකුට, ඔය සමූල ඝාතක අවි තියන රටක රජකම ලැබුනොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ නේද? සමූල ඝාතක අවි හඳුන්වන්න ජාත්‍යන්තර සංකේත තියනවා. මේ තියෙන්නේ එම ජාත්‍යන්තර සංකේත.

න්‍යෂ්ටික අවි සඳහා සංකේතය

nuke

ජීව විද්‍යාත්මක අවි සඳහා සංකේතය

bio_hazard_or_biohazard_signරසායනික අවි සඳහා සංකේතය

chemical-weapon-signමේ අවි ගැන බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න කරුණු තියනවා. මා හිතනවා ඊළඟ ලිපියෙන් ඔබ සමග ඒ ගැන කතා කිරීම තමයි වඩාත් සුදුසු කියලා. සමූල ඝාතක අවි ගැන ඔබ දන්නා තොරතුරුත් එකතු කලොත් ලිපියේ අගය තවත් වැඩිවෙයි. ඊළඟ කොටස ලියන්න කලින් උතුරු කොරියාව සමූල ඝාතක අවි පාවිච්චි කරයිද?

පින්තූර ලබාගත්තේ  Google Images වෙතින්

My Signature for Blog2013 අප්‍රේල් මස 09 වැනි දින 2205 පැය

Comments on: "අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ… හරිද………? (පළමුවැනි කොටස) WMD and NBC Warfare (Part One)" (101)

  1. මෙන්න මෙහෙම ඒව එපාය ලියන්න කෙහෙල්මල් රේඩියෝ හත්තිලවු ගැන ලියන්නෙ නැතුව

  2. එච්චර ඉක්මන්ට මුකුත් වෙන එකක් නෑ.

    අර අතීතයේ යොදාගත්තා වගේ ජීව, රසායනික දෙකම මිශ්‍ර ආයුධ ( 🙂 ) යොදගත්තානම් මෙහෙම බරපතල හානි නොවී අදාල අයට විතරක් පලවා හරින්ට තිබුනානේ. හී හී…

    අර අල්ලපු රටෙත් දැන් ඔය ආයුධ නිපදවනවාලු නේද? අපිට බයවෙලා ඉන්ට වෙයි.

    අනෙක තමා ආයුධ හා පහරදීම ගැන ලීවට කමක් නෑ. අන්තිමට ඒවායින් බේරෙන් හැටිත් කියලා දෙන්ට ඕනි. හොඳේ.

    • එච්චර ඉක්මනට මොකුත් වෙන්නේ නැහැ. හා…….හා……..ඒ කියන්නේ ඔයාට මොකක් හරි සම්බන්ධයක් තියනවා උතුරු කොරියාවත් එක්ක. නැත්නම් කොහොමද ඔච්චර සහතික කරලා කියන්නේ? 😀

      අතීතයේ තිබුන එක්තරා යුද්ධයක් මතක්වුනා ඔයාගේ කමෙන්ට් එක කියවලා. වියට්නාම් යුද්ධ කාලේ ඇමරිකාවෙන් හැදුවා බෝම්බයක් මිනිස් අපද්‍රව්‍ය වල ‘සුවඳ’ 😀 හොයාගෙන යන එකක්. උඩින් ගිහින් දැම්මම අර ඉව ඔස්සේ ගිහින් පුපුරනවා. වියට්නාම් ජාතිකයෝ ලස්සන විසඳුමක් හොයාගත්තා ඒකට. එයාලා භාජන වලට මිනිස් අපද්‍රව්‍ය එකතු කරලා මහ කැලෑවල තියන ගස්වල එල්ලුවා. බෝම්බ ඔක්කොම ‘පාර වරද්දගත්තා’ ඇමරිකාව නිකං සවුත්තු වුනා.

      පහරදීමකින් බේරෙන්න මම දන්නා හොඳම ක්‍රමය…………….කකුල් දෙකට වැඳ වැඳ දිවීම. 😀 😀

  3. මම මේ තකහනියෙම ආවෙ අලුත් පෝස්ට් නැද්ද අහන්ඩ.. බලනකොට අලුත් එකක් දාලනෙ.. කියවල එන්නම්..

    • බොහොම කාර්ය බහුල ජීවිතයක් නේද? කමක් නෑ. එක කියමනක් තියනවා දිව්ව තරමට තමයි හති කියලා. ඒ කියන්නේ, මහන්සිවුන තරමට තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. තරුණ ජවය යොදවා, රැකියාවේ කටයුතු හොඳින් කරගෙන යන්න.

      • කාර්‍යබහුලකම නම් ඉහටත් උඩින්.. වැඩපොළේ වගේම ගෙදර දොරේත්.. 🙂

        1.ඉතින් මෙන්න මේ ලිපියේ තියෙනවා පොල්පොට් ගැන විස්තරයක්..

        http://sathsamudura.blogspot.com/2011/03/cambodian-guerrilla-khmer-rouge.html

        ඒ වගේම මෙතනින් බලාගත්තෑකි ආඥාදායක ඇත්තන්ගේ මිනීමැරීම්

        දන්නේ නැති කෙනෙකුට බලාගන්නයි දැම්මෙ.. විචාරක මහත්මයාට ඉතින් මේවා අමුතු දේවල් නෙමෙනෙ.. 🙂

        2. මේ අවි වගේ මිනිස් ජීවිතවලට හානි නොකර තාක්ෂණික උපකරණ පමණක් විනාශ කළ හැකි ඊ බෝම්බ නිපදවා තිබෙනවාලු නේද? ඒවා ගැන නම් යම් විස්තරයක් දන්නවා.. ඒවා ප්‍රායෝගිකද කියලා දැනගත්තානම් ඇති..

        3. පොකුරු බෝම්බ කියන්නේ මොනවාද?

        ඊළඟ කොටස එනතුරු ඇඟිලි ගනිමින් සිටිමි..

        • කාර්ය බහුලත්වය අමතක කර රැකියාවේ ඉදිරි දියුණුව ගැන හිතන්න.

          ලින්ක් වලට ස්තුතියි. එයින් තවත් කරුණු එකතුවුනා ලිපියට.

          ඊ බෝම්බ සහ පොකුරු බෝම්බ ගැන ඉදිරියේදී කියන්නම්.

      • ආ.. විචාරක මහත්මයාට අලුත් අවුරුදුනෙ..

        ලබන්නාවූ අලුත් අවුරුද්දේ

        බඩුමිල වගේ සතුට සාමය වැඩි වේවා….
        අනර්කලීගෙ ගවුම වගේ දුක නිරතුරු කොට වේවා..
        රාජපක්ෂ පවුලට වගේ ඔබටත් කිරි ඉතිරේවා..

        බුකියෙන් උපුටාගත්තකි..

        සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      • ඔය ලිස්ට් වල ඇමරිකාව ජපානයට දාපු න්‍යෂ්ඨික බොම්බයෙන් මියගිය අය ගැන් සන්දහනක් නැහැ නේද? ඒ කියන්නේ පක්ෂග්‍රාහී වර්ගීකරණයක්. පිලිගන්න බැහැ.

  4. සමුල ඝාතක අවි දකුණු කොරියාවෙ නැත්ද?
    ඉතා හොද තවත් විස්තරාත්මක ලිපියක්.
    ඉස්සර ගැමියොත් කොටු පැනිල්ලට හොද ප්‍රහාරනේ එල්ල කරල තියෙන්නෙ :).

  5. කොටි ත්‍රස්තවාදීන් ගාවත් තිබුණාය කියලා ඒ කාලේ රාවයක් තිබුණා නේද ??

    ඉස්සර අළු එහෙමත් ජීව විද්‍යාත්මක අවි විදිහට පාවිච්චි කරලා තියෙනවාලු. නොක්ස් කියන විදිහට හොර මිනිස්සු ආශ්‍රය කරන විවාහක කාන්තාවෝ අළු කුල්ලකට දාගෙන ලඟ තියාගෙනලු ඉන්නේ. හස්බන්ඩා ආපුවාම ඇස්වලට අළු ගහලා හොර මිනිහට පැනලා යන්න චාන්ස් එක අරගෙන දෙනවලු 😀

    • කොටියා ඒකාලේ කරපු මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් තමයි ඔය රසායනික අවි කතාව. හැබැයි අපි ඒ කතාව සෑහෙන්න විශ්වාස කළා.

      ඔය කුල්ලෙන් අළු ගහන කතාව මමත් අහලා තියනවා. ඒකාලේ කාන්තාවෝ උපක්‍රමශීලී බව අතින් ඉතාම ඉහලයි. කාටද ආඩම්බර?

  6. ආයුද වලින් කෙරෙන යුද්දයෙ විනාශයට වඩා දකුණු කොරියාව බය ආර්ථිකය විනාශ වීමටයි.. ඒ බව උතුරෙ ඉන්න පිස්සා දන්නවා. ඒකයි ඌ ගොරවන්නෙ. උතුර දකුණ එකතුවෙනවට චීනෙ බයයි.. අමෙරිකාව කැමතියි ඒක වෙනවා නම්.. මට බය අපේ පුංචි රටත් ඔය බලවතුන්ගෙ අත්හදා බැලීම් වලට ගොදුරු වෙයිදා කියල දැන් යන හැටියට..

    • මමනම් හිතන්නේ කවදා හෝ උතුරු දකුණු කොරියා දෙක එක්වෙනවා. ඇත්තටම විය යුත්තේත් එයමයි. උතුරු කොරියාවේ හාමතෙන් දුක් විඳිමින් වහලුන් වැනි ජීවිතයක් ගෙවන මිනිස්සුන්ට නිදහස අවශ්‍යයි.

      විශාල පරිමානයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුනොත්, අපිටත් බලපෑම් එනවා. ඊළඟ කොටසේදී කියන්නම්.

  7. //අශූචි මිශ්‍රණයට කළුතෙල් කලවම් කලොත් සෝදා හරින්න ඉතාම අපහසුයිලු. පැරණි ගැමියා උසාවි නොගොස් ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ල කලේ එහෙමයි. //

    අපිත් මෙවැනි අවි නිෂ්පාදන කම්හලක් දාමුද?

  8. අපරාදෙන අර සිතියමේ ලංකාවටත් රතුපාටිං හරි එකක් දාන්න තිබ්බනෙ. 😀

    නියම විස්තරයක්. තව ටිකක් මේ ගැන ලියමු.

  9. සම්පුර්ණයෙන්ම සිත් ඇදගත් වටිනම ලිපියක්. ඒත් පේලි දෙකක් ගැන පැහැදීමක් නැත..අර ලෝක සටහන දැක්කම ඇග හිරිවැටෙනවා.

  10. උතුරු කොරියාව කියන්නෙ ධනවාදී පිල හා සමාජවාදී පිල අතර තිබුනු සීතල යුද්ධයේ තවත් එක අතුරු ප්‍රතිඵලයක් විතරයි නේ.. සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක එහෙන් ආපු ආධාරත් නැතිවුනාම එයාලා දැන් වැලේ වැල් නැතුවයි ඉන්නෙ.. චීනය එයාලට සපෝර්ට් එකට ඉන්නවා කිවුවට චීනෙට ඊට වඩා වැඩ තියෙනවා කරන්ට.. ඉතින් උතුරු කොරියාව අර 50-60 දශකයේ ස්ටාලින්වාදී ප්‍රතිපත්ති අස්සෙ තාමත් හිරවෙලා ඉන්න ගමන් සැරින් සැරේ පොඩ්ඩක් ගොරවනවා අපිත් මෙහෙ ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්ට.. අර ගමේ චන්ඩි ස්ටැන්ලි හැන්දෑවට දෙකක් දාගෙන ගම්සභා පාර දිගේ කුණුහරුප කිය කියා යන්නෙ, ආන්න ඒ වගේ.. 😀

    විචාරක තුමෝ, අර ඉදිරියට ලියන්ට තියෙන ලිපි ලැයිස්තුවට කොරියන් යුද්ධයත් දාගන්ටකො..

  11. ඇත්තටම උතුරු කොරියාව ගහයිද මාමේ?

    මම මේ බලන් ඉන්නේ අපේ ගෙට උඩින් මිසයිලයක් යනකං 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    • ගහයිද නැද්ද කියලා දැන්මම කියන්න බැහැ. හැබැයි ලෝකේ කොතනත් වෙනවා වගේ ගහන එකා කයිය ගහන්නේ නැහැ.

      අනේ රජෝ, ගෙට උඩින් මිසයිල ගියොත් බල බලා ඉන්ඩ දෙයක් නෑ පොලොව යට කොහාට හරි රිංගගන්නවා මිසක්.

      එසේම වේවා.

  12. අතිශ්‍යයෙම්ම වැදගත් ලිපියක් ..ඉතුරු ටිකත් නිවාඩු පාඩුවේ
    දාන්නකෝ එහෙනම් ….

    මට නම් ඔය මොන්ග්ලොයිඩ් කට්ටිය එක්ක වැඩි බජනයක්
    නැහැ ..ජපන්නුත් දැන් හරි නැහැ ..හරිම අනාචාරශීලියි …

    • ඔව් ටිකක් මහන්සියෙන් ලියන්න ඕනේ ලිපියක්. ස්තුතියි ඔබට. උතුරු කොරියානු නායකයා පරිනත පුද්ගලයකු නොවීම ඒ රටේ අනාගතයට බලපානවා.

  13. කොච්චර වැඩ තිබුනා වුනත් මේ ලිපිය කියෙව්වා. එකෙන්ම එල. ඇමරිකන් කාරයා හැමතැනටම හොම්බ දාන්න ගිහින් කොතනින් හරි කනවා ඇප නැති වෙන්න ඒක මම දන්නවා

  14. ෂා……කාලෙකට පස්සෙ නැගල යන ලිපියක් දාල තියෙන්නෙ.ඔය උතුරු කොරියාව නං කලුගලේ ඔලුව ගහගන්නව වගේ වැඩක් තමයි කරන්න හදන්නෙ.

  15. මෙවැනි ලිපියක් ලිවිම ගැන ඔබට ප්‍රණාමය. +++

    අර උඩ තියෙන්නෙ විකිරණ ඇතිබව පෙන්වීමට යොදන මාක් එක නේද. එයින් nuclear weapons ඇති බවට ඉගියක්‌ නොලැබේ යැයි මගේ අදහසයි.
    යුරේනියම්-235 සමස්ථානිකය සහ ප්ලූටෝනියම්-239 සමස්ථානිකය nuclear weapons මෙන්ම න්‍යෂ්ටික විදුලිබලාගාර වලත් පාවිච්චි වෙනවා. ලගදි අනතුරක් උන ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ තිබුනෙත් යුරේනියම්-235.
    යුරේනියම් යනු පයට පෑගෙන වැලි වලත් ඇති සංගටකයක්. නමුත් එහි සමස්ථානික වලින් 235-U පිරිසිදුව ගතහැකිනම් අපිටත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් කලහැක. (එකම මූලද්‍රව්‍යයේ, ඉලෙක්ටෝන සැකසුම සමාන වන්නාවූ නමුත් නෂ්ට්යේ විවිධ ගණනින් නියුට්ටෝන ඇතිනම් ඒවා අදාළ මූලද්‍රව්‍යයේ සමස්ථානික ලෙස හදුන්වයි)
    තවත් දෙයක් එකතුකිරීමට කැමැතියි. ඉන්දියන් හමුදාවේ පාඨය “ආයුධ බලයවේ” යන්නයි. අන්න ඒ නිසා ඔවුන් දිගටම ආයුධ දියුණු කරාවි.

    • විකිරනශාලී අවි ඇති බවටත් යොදන්නේ ඒ සන්කෙතයම තමා. න්‍යෂ්ටික මූලද්‍රව්‍ය/සමස්ථානික/ස්ෙඵා්ටනය/විලයනය වැනි න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරනවාද නැද්ද කියා හිතමින් ඉන්නේ.
      ඔබ මේ කරුණු එකතු කිරීම අගය කරනවා.

  16. අපට ඉතින් මේවා ගැන දැනුමක් නෑ නොවෑ ආයුබොවං…! ඔබතුමාගේ ලිපි තුලින් තමයි අපිත් දැනුවත් වෙන්නේ. ඒ නිසා අගය කරනවා මේ ව්‍යායාමය.

  17. මදැයි “අනියම්” ට වෙච්ච හරියක්. ඊයා.. 😀

  18. අර උඩින්ම තියන ෆොටෝ එක මටනම් හරිම අප්‍රසන්නයි.. 😦

    හිමීට කියවලා අදහස කියන්නම්..

    • එහෙනම් මගේ අරමුණ සාර්ථකයි. මට අවශ්‍ය වෙලා තිබුනෙත් ඒ පින්තූරයෙන්, කෙනෙකුගේ හිතේ ජුගුප්සාව ඇති කරවන්නයි. 😀

      • හොඳවෙලාවට ඒ රූපෙ මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වුනේ නෑ.. එහෙම වුනානම් මේ බ්ලොග් එක මට තාවකාලිකව එතනින් අයින් කරන්න වෙනවා.. 🙂 උදේ හවා දකින්න පුලුවන් එකක්යැයි ඒක.. 😦

  19. ක්සැන්ඩර් said:

    කලට ඔබින ලිපියක්. මගේ ළඟ ප්‍රශ්නයක් තියනවා විචාරක මහත්තයෝ,. ඔය න්‍යෂ්ටික අවි තියන රටවල් එක්ක තියන කලින් අවි තිබුණු රටවල් මොකද ඒවාට කලේ?

    • සමහරක් අය ඒවා විනාශ කළා. (ඒ සඳහා වෙනම විද්‍යාත්මක ක්‍රමවේදයක් තියනවා) සමහරක් අය විනාශ කලබව ලෝකයේ බහුතරය විශ්වාස කරනවා. නමුත් තවමත් හංගගෙන ඉන්න අයත් ඇති.

  20. ඉස්කෝලෙ ඉඳන් කියෙව්වේ. තව ටිකකින් ගෙදර ගිහින් බත් පිඟාන සමූල ඝාතනය කරන්නයි යන්නේ.

  21. හපොයි නම ටිකක් වැරදිලා වගේ නේද…? අවුලක් නෑ ඒත් මම තමයි.

  22. >> හිට්ලර් ගේ සමූල ඝාතන ක්‍රියා සහ කාම්බෝජයේ පොල්පොට් වැන්නවුන්. නමුත් ඇමරිකා එක්සත් ජනපදය ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් සහ වියට්නාමයේ ජනාවාස වලට බෝම්බ හෙළීමෙන් කළ සමූල ඝාතන ඉතා බරපතල ගණයට වැටෙනවා. <<

    ඔය ඔක්කොවන්ටම වැඩිය සමූල ඝාතන අපිනෙ කරළා තියෙන්නෙ.. ඒකනෙ හැමෝම ආතල් එකේ ඉන්නකොට අපිවම අල්ලන් කන්න හදන්නෙ..

    මෝටාර්, මලිටි බැරල්, ක්ලේමෝ, ගුවන් ප්‍රහාර වගේ ඒවා සමූල ඝාතන කාණ්ඩෙට වැටෙන්නෙ නැද්ද..

    • නැහැ ඒ එකක්වත් සමූල ඝාතන වලට වැටෙන්නේ නැහැ. අපි කල සෑම ප්‍රහාරයකම වගකීම නොබියව දරන්න අපිට පුළුවන්. ඔබ කාලතුවක්කු ප්‍රහාර ගැන කියලා නැහැ. ඒවාත් අපි කලේ වගකීමෙන්.

      කන්න හිතෙනකොට කබරයා තලගොයා කරගෙනනේ තියෙන්නේ. මේවට උත්තර දෙන්න ඒකාලේ හිටිය ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්ට අවස්ථාවක් දිය යුතුයි.

  23. අතුරු ප්‍රශ්නයක්. commando එකයි SF එකයි අතර තියෙන වෙනස මොකක්ද? පත්තර වල එහෙම ඒ කාලේ බලපු news වල හැටියට දෙකේම වැඩි වෙනසක් පෙනුනේ නෑ. එක වගේ මෙහෙයුම් ගැන තමා තිබුනේ. Wikipedia එකේ විස්තර වලින් තේරුනේ නම්, Commando කියන්නේ counter-terrorism/urban warfare unit එකක්, SF කියන්නේ counter-insurgency, Quick reaction force එකක් කියලයි. ඒත් කලින් කිව්වා වගේ දෙගොල්ලොන්ගේ මෙහෙයුම් වලදි එහෙම වෙනසක් පේන්න තිබුනේ නෑ. ඇත්තටම මොකක්ද මේ ඒකක දෙකේ වෙනස?

    • ඒ තරම් බරපතල වෙනසක් නැහැ. දැනට තියන එකම වෙනස කමාන්ඩෝ රෙජිමේන්තුව, නගරබද ආරක්ෂාව, වැදගත් පුද්ගලයන්ගේ ආරක්ෂාව,(VIP/VVIP)ගුවන්තොටුපොළ සහ වරාය (වැදගත් මර්මස්ථාන = vulnerable points) ආරක්ෂාව සඳහා යෙදවීමත්. අති විශේෂ ගලවා ගැනීම් වැනි කටයුතු වලට යෙදවීමත් කරන අතර විශේෂ බලකාය සතුරා සොයාගොස් විනාශ කිරීමේ විශේෂ මෙහෙයුම් සඳහා යෙදවීමයි. විකිපීඩියා එකේ තියන විස්තරය හරි. යුද්ධයේ අවසාන කාලයේදී එහෙම කටයුතු කළා මේ රෙජිමේන්තු දෙක. අදටත් එහෙම තමයි.

  24. නම ටිකක් අවුල් වගේ නේද. කමක් නෑ ඒ මමම තමයි.

  25. අම්මපා මට වෙලාවකට හිතෙනෝ උතුරු කොරියාවේ පොඩි පුතා අපේ නා……. කුමාරයාගේ පොඩි මල්ලියෙක්ද කියලා ඒ තරං බුද්දිමත් අප්පා …..එහෙත් අපේ වගේම ආශ්චර්ය නෙව ….. !!
    මට හිතෙන විදිහට උන්දැ ට ඇමරිකාව කෙලින්ඩ කලින් එයාගෙම ජෙනරාලලා ටික ටින්කිරි දෙයි නේ …. නැත්තං චීන්නු ම මක්කා හරි කොරයි …, මොකෝ කියන්නේ මිනිහා ආශ්ච්ර්යයේ කිමිදිලා හිටියට මොකද මිනිහගේ වල පයයි ගොඩ පයයි ඉන්න ජෙන්රාලලා ටික කැමති වෙන එකක් නැතිවෙයි …අන්තිම කාලේ නිකං ඉල්ලන් කන්න ….. !!

  26. කාලෙකට පස්සෙ ගොඩවෙන්න ලැබුනේ…. ආපු ගමන් කලේ දාලා තිබුන පෝස්ට් ටික එක හුස්මට කියවගෙන ගිය එකයි.
    ඇත්තටම කියවන්න ආසා හිතෙන මාතෟකාවක් තමයි මේ.
    කවුරුහරි එක පාර ලොකු විනාශයක් කරලා ලෝකෙම විනාශ වෙලා ගියා නම් කියලත් වෙලාවකට හිතෙනවා.

    • ඒ තරම්ම මානසිකව වැටෙන්න එපා ටිරෝන්. තවම අපිට කතා කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්න තියනවා. වෙලාවක් තියනවනම් ඊයක් එවන්න ඔයාට කියන්න කතාවකුත් තියනවා.

  27. හදපු රටේදීම වැරදීමකින් ඕකක් පිපිරිලා ගියෝත් බඩුම තමයි 😀

    • ප්‍රශ්නයක් නෑ.. එකක් විතරක් නෙමෙයිනෙ හදන්නෙ.. එකක් පිපුරුනාට අනික්වා තියෙයි.. 😀

    • මමත් හැමදාම හිතන දෙයක් තියනවා. ‘අනේ දෙයියනේ පළමුවෙන් පරමාණු බෝම්බයක් සහිත මිසයිල් එකක් ගහන එකාගේ ඔලුවටම ඒක ආපහු කැරකිලා ඇවිත් වැදියන්’ කියලා. එතැනින්ම ඒ රටම ඉවරයිනේ. එකෙක් පාඩමක් ඉගෙන ගත්තොත් අනික් එවුන් හැදෙයි.

  28. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා…..
    මම සමකය වටේ ලියන නලින්

  29. ලිපි ගොඩක් ලියලා :O මගේ වැඩ වැඩිම කාලයක් මේ…… ඉතිං උඩිං පල්ලෙං කියවලා උඩම එකට comment කලා.
    ඒ අස්සේ මට මරු භාන්ඩයක් මාට්ටු උනා (මේ ගැන පොඩි විචාරයක් දෙන්නකෝ)

    • බොහොම ස්තුතියි සහන් වැඩ රාජකාරි මැද මේ පැත්තේ ආවාට. මම අර ලිපිය බුක්මාක් කරගත්තා. කියවලා බලන්නම් මුලින්ම. ඊළඟ අවස්ථාවක ලියන්නම්.

      • ඔව් රාජකාරි කටයුතුයි අධ්‍යාපන කටයුතුයි මැද්දේ හොඳටම හිරවෙලා ඉන්නේ… ඒ අතරේ තමයි මේ ජංජාලේ පැත්තේ එන්නේ. එතකොට තමයි Nemesis එක දැක්කේ පුලුවන්නම් බලලා විස්තරයක් දාන්න. (ඒත් එක්කම “ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා” කියලා ප්‍රාර්ථනා කරනවා)

  30. විචාරක තුමා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!

  31. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

  32. සුභ අලුත් අවුරුද්දක් වේවා!
    ප්‍රශ්නේ අද ලිපියට අදාල නම් නෑ. ඇයි සොල්දාදුවෝ ග්ලවුස් දාන්නේ. තුවක්කු රත්වන නිසාද, බිම යද්දී අත් තුවාල වෙයි කියලද, නැත්නම් තුවක්කුව ලිස්සයි කියලද, නැත්නම් වෙනම හේතුවකටද? ලංකාවේ ය වැඩි පුරම දානවා දකින්නේ “ඇගිලි රහිත ඇත වැසුම්නේ.”

    • යුද්ධ කරනවිට නම් කිසිම සෙබළෙක් අත් වැසුම් දමන්නේ නැහැ. කමාන්ඩෝ සහ විශේෂ බලකායේ සෙබළුන් ඔබ කියන ආකාරයේ අත් වැසුම් දමන්නේ අවිය හොඳින් ග්‍රහණය කරගන්නයි. බොහෝවිට ඔවුන්ට සටන් කරන්න වෙන්නේ දුවමින් හෝ වාහන වල යමින් සිටින අතර.ඇඟිලි රහිත අත් වැසුම අදාළ කාර්යය සඳහා හොඳටම ප්‍රමාණවත්. සුදු හෝ කළු රෙදි වලින් නිමවූ අත්වැසුම් අඳින්නේ සම්මාන ආචාර පෙළපාලි සඳහායි.

  33. කොරියන් කාරයන්ට පිස්සු! එකම ලේ තියනවුන් දෙපැත්ත බෙදිල මරාගන්නව

  34. […] නැවත නිර්වචනය කරගැනීම. මතකද අපි සමූල ඝාතක අවි ගැන කතාකරද්දී, ඒ විදිහේ නිර්වචනය කිරීම් ගැන සලකා […]

  35. […] තහනම් අවි ආයුධ පාවිච්චි කිරීම, බැරල් බෝම්බ, ඩම් ඩම් බුලට්, වැනිදේ පාවිච්චි කිරීම, රසායනික අවි පාවිච්චි කිරීම. […]

  36. […] හැඟීම් නැති ලෝකයේ සමහර රටවල්, සමූල ඝාතක අවි නිපදවමින්, ඒවා ගබඩා කරගනිමින්, ලෝකයට තර්ජනයක් […]

  37. […] යොදාගනිමින්, කරන යුද්ධයයි. මෙහිදී සමූල ඝාතක අවි පාවිච්චි කරන්නේ […]

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න