විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  img012ලංකාවේ ඉතිහාසය ගැන කතාකරද්දී, ‘ලෙනාඩ් වුල්ෆ්’ නමැති, පරිපාලන නිලධාරියා/ගත් කතුවරයා/මානව විද්‍යාඥයා,  ගැන නොකියා ඉන්නට බැහැ. එමෙන්ම ඔහු ලාංකික ජනසමාජය වෙත දැඩි බැඳීමකින් කටයුතු කල පුද්ගලයෙක්. ඔහුගේ ලාංකික ජීවිතය පිලිබඳ විවරණයක් රැගත් අගනා පුස්තකයක් මගේ පුස්තකාලයේ තිබෙනවා. මා සිතුවා එහි ඇති යම් යම් තොරතුරු ඔබ සමග බෙදා හදාගන්නට. මේ පොත 2005 දී මුද්‍රණය කර ඇති අතර, පොතේ කතුවරයා වන්නේ, විජේසිංහ බෙලිගල්ල මහතා. එතුමා ඉතා දුක්මහන්සියෙන් කරුණු රැස් කරමින් , මෙවැනි අගනා සමාජ විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත්, ග්‍රන්ථ රාශියක් සම්පාදනය කර තිබෙනවා. එතුමාටත් මගේ කෘතවේදීත්වය පල කරමින් මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ. මේ පොතේ නම ‘ලෙනාර්ඩ් වුල්ෆ් ගේ මහනුවර භූමිකාව’ මේ අගනා ග්‍රන්ථය මා එක හුස්මට කියවූ පොතක් ලෙස සඳහන් කලහැකියි. 

  මෑතකදී මා කිසියම් අවශ්‍යතාවකට මගේ පොත් එකතුව අතර සැරිසරද්දී, මේ පොත නෙත ගැටුනා. මෙහි සඳහන් ඇතැම් සමාජ විද්‍යාත්මක තොරතුරු, අදවනවිට වෙනස්වී තිබේද නැද්ද යන්න මටනම් ප්‍රහේලිකාවක්. මේ පොතෙහි, මා විශේෂයෙන් අවධානය යොමුකළ පිටු කීපයක්, ඔබටත් පෙන්වා, ඔබේ අදහස් විමසන්නට සිතුන නිසයි, මේ ලිපිය පළකරන්නේ. පොතින් උපුටාගත්, පහත දැක්වෙන පිටු කියවා, ඔබේ අදහස් දක්වනමෙන් කාරුණිකව ඉල්ලනවා. හැබැයි එකක් මතකතබාගන්න. මේ ලිපියේ තිබෙන පොත් පිටුවල තිබෙන්නේ මගේ අදහස් නොවේ. ඒ නිසා ඔබේ අදහස් වලට පිළිතුරු දෙන්නට මට අයිතියක් නැහැ. එයින් පරිබාහිර දේවලට පමණක් පිළිතුරු දෙන්නම්.

වලව් හැදෙන්නේ මෙහෙමයි

img013

img015

img016

උඩරට ගැන කියලා තියෙන්නේ මෙහෙමයි

img018

img019

ලංකාවේ සෑහෙන කලක් සේවය කොට යලි තම මව් රට වන එංගලන්තයට ගිය වුල්ෆ් 1960 දී ලංකාව බලන්න යලිත් එනවා. මේ 1960 දී ඔහු දුටු ලංකාව.

img020

බුදු දහම ගැන වුල්ෆ් තුළ දැඩි පැහැදීමක් සහ විශ්වාසයක් තිබුණු බව පෙනෙනවා.

img017

පොතේ වටිනාකමට සහ කතුවරයාගේ අයිතියට අසාධාරණයක් වන නිසා, මීට වඩා තොරතුරු දක්වන්න අමාරුයි. නමුත් මේ පොතේ ඇති කරුණු, සර්වකාලීන වටිනාකමක් තිබෙන ඒවා බව පෙනෙනවා. ඉතින් දැන් කියන්න ඔබට මොකද හිතෙන්නේ කියලා.

My Signature for Blog2013 පෙබරවාරි මස 20 දින 2257 පැය

Advertisements

Comments on: "මගේ පුස්තකාලයෙන් – A Glimpse from My Library" (56)

  1. ලංකාව ගැන සුදු ජාතිකයින් ලියපු පොත් බොහොමයක් අපක්ෂපාතී නැඹූරු නොවූ දැක්මකින් යුතු වෙනවා..නමුත ්ඒ පොත්වල හරය බලය ඇති අයත් බලයට ලක් වූ අයවත් තේරුම් ගත්ත සැටියක් නම් පෙන්නුම් කරන්නෙ නැහැ..

    • //නමුත ්ඒ පොත්වල හරය බලය ඇති අයත් බලයට ලක් වූ අයවත් තේරුම් ගත්ත සැටියක් නම් පෙන්නුම් කරන්නෙ නැහැ..//

      සම්පූර්ණයෙන් එකඟයි. අනෙක මේවා සමීක්ෂණ තියලා, දත්ත අරගෙන ලියපු ඒවා නෙමේ නේද?

      • සුදු ජාතිකයන් ලියපු පොත් බොහොමයක් මා ළඟ තියනවා. ඔවුන් අපිව යටත් කරගත්තා සූරා කෑවා ඒ ඔක්කොම ඇත්ත. හැබැයි මේ පොත්වල ඔවුන් බොරු ලියලා නැහැ කියලයි පෙනෙන්නේ. නැත්නම් මේ වනවිට ඒවා බොරු කියලා විද්වතුන් විසින් ඔප්පු කරණවා. සමීක්ෂණ වලින් නෙවෙයි මේවා ලියලා තියෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් වලින්.

  2. ලෙනාඩ් වුල්ෆ් ගැන මගේ හිතේ තිබුණේ ටිකක් මහත සුද්දෙකුගේ රූපයක්.

    ————————
    දැන් තමයි පෝස්ට් එක කියෝලා ඉවර උනේ. වුල්ෆ් දැකපු අපි නොදකින/ දැක්කත් නොදැක්කා වාගේ ඉන්න අපේ සමාජය ගැන අපූරු විග්‍රහයක්. පනස් වසරකට පස්සේ පල කරපු අදහසට ඒ කාලෙදිම ප්‍රතිචාරයක් දැක්වූවානම්….

    මේක මං ඊයේ ඔෆිස් එකේදී ඇති වෙච්චි සංවාදයකදී (විවාදයකදී නෙවෙයි) පල කරපු අදහසක්.

    .. ලංකාවට ගැලපෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙවෙයි. මොකද අපි හිතන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි කියලා උණාට ලොක්කෝ හිතන් ඉන්නේ මේ ක්‍රමේ හින්දා තමන් කැපෙන දිනේ වැඩි ඈතක නෙවෙයි කියලා. රජෙක් උනානම් තමන්ගේ තනතුර ගැන ලොකු බයක් නෑ. එතකොට සෘජු තීරණ අරන් වැඩ කරන්න පුළුවන්. දැන් වෙන්නේ ලොක්කට බාල තෙල් ඇමතිට, අධ්‍යාපන ඇමතිට විරුද්ධව තීරණයක් ගන්න බෑ. ගත්තොත් තමන්ගේ තත්ත්වේ නැතිවෙනවා. ඒ ඇමතිලාට බිස්නස් කාරයෝ බාල බඩු ගෙන්න අවසර ඉල්ලුවාම, නිදහස් අධ්‍යාපනේ නැති කරන්න ඉල්ලුවම බෑ කියන්න බෑ. එතකොට ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්න සල්ලි නැති වෙනවා. සල්ලි කාරයෝ පක්ෂ දෙක තුනටම සල්ලි දෙනවා. කොයික දිනුවත් අපි ගොඩ කියන සන්තෝෂයෙන්. අන්තිමේදී රජ වෙලා ඉන්නේ බිස්නස් කාරයා මිසක් මහරජා නෙවෙයි.

    • බොහොම ස්තුතියි නොදත් පොතක් ගැන පල කළාට. ඉක්මනටම හොයාගෙන බලන්න ඕනි. වැදගත් සමාජ විශ්ලේෂණයක්.

    • ලංකාවට ගැලපෙන්නේ දැඩි දණ්ඩනය කාටත් සමව ලබාදෙන ක්‍රමයක්. හැබැයි සමාජය නිවැරදි වෙනතුරු කෙටි කාලයකට.

      • “හැබැයි සමාජය නිවැරදි වෙනතුරු කෙටි කාලයකට.” කියන ඩිස්ක්ලේමර් එක නිසා මම සංසුන් වුනා මඳකට. නැතිනම් මම අවි අතට ගත්තේ විචාරකට පහර දෙන්න ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් යාලුවා කියලා බලන්නෙ නැතිව. 🙂

        • ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස’ සියලු සත්වයෝ දණ්ඩනයට අවනත (බිය) වෙති. අපි හිතාගෙන ඉන්නවා අනේ මෙහෙම කරන්න කිව්වම මිනිස්සු කරයි කියලා. හමුදාව පිට්ටනියේ සරඹ කරද්දී කියන්නේ අනේ සීරුවෙන් ඉන්න.. . අනේ පහසුවෙන් ඉන්න . . . කියලා නෙවෙයිනේ. සීරුවෙන් සිටින් පහසුවෙන් සිටින් දකුණට හැරෙන් වමට හැරෙන් කියලා ඒ වගේම වෙඩි තැබීම් පුහුණුවේදී කියන්නේ ඉදිරියේ ඇති ඉලක්කපතට පොකුරු වෙඩි තබනු ආදී නියෝග. ඒ ක්‍රමයට අනුව රටේ පරිපාලන නියෝග කෙටි කාලයක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉන්දන අරපිරිමැස්ම සඳහා රටේ නායකයා හෙට ඉඳලා බයිසිකලෙන් වැඩට ගියොත් බයිසිකලයෙන් යන්න පුළුවන් දුරක තියන තමන්ගේ වැඩපොළට රටේ මිනිස්සුත් යයි කියලා හිතන්න අමාරුයි. මූට පිස්සු, කියලා මිනිස්සු යන්නේ තමන්ගේ පුරුදු ක්‍රමේට. පොලීසිය දේශපාලකයන් විසින් පීචං කර ඇති නිසා නීතියක් නැහැ. දැන් තියන පාලනය කඩා වැටිලා හෙට සපුමල් කුමාරයෙක් රජවුනත් සෑහෙන පිරිසක්, සැලකියයුතු පිරිසක්, තමන්ගේ බලුගති අත්හරින්නේ නැහැ. ඒ නිසා හමුදාවෙන් ලබාදෙන ආකාරයේ දන්ඩනයද ඇතුලත් ශික්ෂණයක් යම්කිසි කාලසීමාවකට පවත්වන්න වෙනවා. එය අප්‍රියජනක වුනත් කරන්නම වෙනවා.

      • මගෙත් අදහස ඒකයි.

        ලක්ෂෙ ගහන්න එන්න හිටියේ. කොහෙද හදිසියේ දවල් ෂොපින් යන්න උණානේ…

        හිට්ස් ලක්ෂෙට මගෙන් උණුසුම් සුභ පැතුම්!

      • ආ ලස්සෙට කොඩිය දැම්මද එළ එළ

  3. වලව් එපා උනා අප්පා…. 😀 😀

    එක මකුණෙක් කෑවාම ඔක්කොම මකුණෝ මරනවා කියන්නේ ඇත්තද?

  4. ඔය හම්බන්තොට වලව් පැලැන්තියේ ගම් නායකයෝ අද ඉන්නෙ කොහෙද?

    ඔවුන්ගේ ගතිගුණ වෙනස් වෙලාද?

    කැලේ මාරුවුනාට කොටියගේ පුල්ලි මාරුවෙනවද ආයුබොවන්ඩ..

  5. ක්සැන්ඩර් said:

    ගොඩක්ම දේ දැක්කා. ගොඩක් දේ තේරුම්ගත්තා ඔබට බොහොම ස්තුතියි.

  6. මට නම් පොතක් කියවන්න වෙලාවක් නැතිම තරම්..
    ඒ උනත් මෙහෙම ඉතිහාස කතා නම් බලන්න ආසයි.
    විශේසෙන්ම ලංකාවේ කියුම් කෙරුම් ..අපි හිතන තරම්
    සුන්දර නම් නැහැ අතීතය අපේ…

    ස්තූතියි මේ සටහන බෙදා ගත්තට…

  7. 1960දී දැකපු දැක්මනම් වෙඩි වගේ ආ..

    ස්තූතියි මේ කරුණු බෙදාහදා ගත්තට..

  8. අරගෙන කියවන්න ඕන

  9. කියවන්න ඕනේ…

  10. කේ.යු.ජී.උදාර said:

    ඔබතුමා කලින් හඳුන්වල දුන්නු පොතත් මං ගත්තා. මේකත් අරගන්න තරම් වටිනවා වගෙයි. මේකෙත් මිල වගේම ප්‍රකාශකයින් කවුද කියලත් දානව ද? ඉස්සරහටත් වටින පොත් ටිකක් ගැන ලියන්න. බොහොම ස්තූතියි……….

  11. ස්තූතියි විචාරක තවත් අනගි සටහනකට!!! සිංහලෙන් කියවලා නැහැ. ඒත් සිංහලෙන් කියෙව්වොත් වඩා සමීප බවක් දැනේවි යැයි මේ ටික කියෙව්වම හිතෙනවා.

    තව දැනගන්න අවශ්‍ය අයට ක්‍රිස්ටෝෆර් ඔන්ඩච්චි ලියපු Woolf in Ceylon -an Imperial Journey in the Shadow of Leonard Woolf 1904-1911 කියවන්න පුලුවන්.

    තිසර ප්‍රකාශකයන් විසින් ප්‍රකාශිත ලෙනාඩ් ෆුල්ගේ Diaries in Ceylon 1908-1911 අන්තර්ජාලයේ මෙතැනින් කියවන්න පුලුවන්: http://www.noolaham.net/project/39/3835/3835.pdf

  12. මගේ ලඟත් තියනවා බටහිර ජාතිකයින් ලංකාවේ ඉඳන් අත්දැකීම් ඔස්සේ ලියපු පොත් කිහිපයක්. ඒ කාලේ ජන් ජීවිතය ගැන සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන් ඒවායින්. දෙපැත්තටම සමබරව ලියපු පොත් නිසා ඇත්ත කියල හිතන්නත් පුළුවන්.

  13. //ටික කාලයකට දැඩි දණ්ඩනය සමව ලබා දෙන ක්‍රමයක්// නෙමෙයි විචාරක ලංකාවට අවශ්‍ය වෙලා තියෙන්නෙ. ලංකාවේ බහුතරයක් නීතිය කුමක් දැයි කියා හෝ නීතියක අවශ්‍යතාවය මන්දැයි නොදන්නා විට දඬුවම් දීලා වැඩක් නැහැනෙ ඉස්සර වෙලා ඇයි දඬුවම් කරන්නෙ කියලා කියා දෙන්නෙ නැතිව.

    ළමයෙකුට වේවැලෙන් ගැහැව්වත්, කරපු වැරදි වැඩේ මොකක් ද ආයේ ඒ වැරදි වැඩෙයි ඒ වගේ වෙනත් වැරදි වැඩයි නොකරන්න අවශ්‍ය මන්දැයි පහදා නොදුන්නොත් බයවෙලා නිකම් මුකුත් නොකර ඉන්න අය හදනවා නැත්තම් අහුනොවෙන්න කරන්න ක්‍රම හොයාගන්න අය හදනවා විතරයි සිද්ධ වෙන්නෙ. හොඳ නරක වෙනස දන්නා අය හදනවා නෙමෙයිනෙ.

    ඉතිහාසය පෙන්වන්නේ ටික කාලයකට දැඩි දණ්ඩන ගෙනා හැම අවස්ථාවකම තව තවත් දණ්ඩනය තීව්‍ර කරන්නට සිද්ධ වූ බවයි. අවසානයේ දණ්ඩනය පමුණුවන බලය අල්ලා ගන්නට හදන පාලක අරගලයෙන් සමාජය තවත් පරිහානියට ගිය බවයි.

    ඉතිහාසය පෙන්වන්නේ ඕනෑම සමාජයක උන්නතිය සිද්ධ වූයේ එහි වැසියන් නීතිය අවශ්‍ය මන්දැයි පහදා ගත් පසු හැමෝටම එක සේ නීතිය ක්‍රියාත්මක කරන මාර්ගයේ යන්නට කැප වූවාම විතරයි බවයි. එය දණ්ඩන පද්ධතියකින් නෙමෙයි සාර්ථකව කරන්න හැකි. දැනුම පතුරුවන ක්‍රමවේදයකින් පමණයි.

    • බුද්ධි වර්ධනය වේගයෙන් කල නොහැකියි නේද? එය අත්‍යවශ්‍ය, පළමුවැනි තැන ලැබිය යුතු, නොකඩවා, ක්‍රමවත්ව, කලයුතු කාර්යයක්. නමුත් ඒ සඳහා නම්මවා ගැනීමට නම්, ‘සීරුවෙන් සිටින්’ කිව්වම නොසැලී ඉන්න ආකාරයට හදාගන්න වෙනවා. මම අලුගෝසුවෙක් නෙවෙයි. වේවැල හංගගෙන කවුද වැරදි කරන්නේ කියලා බල බලා අවිදින්නෙක් නෙවෙයි. කියලා හදාගන්න බැරිතැන දණ්ඩනය Corporal Punishments තිබිය යුතුයි කියා විශ්වාස කරන්නෙක්.

      • විචාරක,

        බුද්ධි වර්ධනයක් සැනෙකින් ඇතිකළ හැකියි. 2+2=4 කියා පහදා ගන්න හැකි වූ සැනින් කුඩා දරුවාගේ මොළයේ බුද්ධි වර්ධනයක් ඇතිවෙලා. ඒ වගේ තම ආරක්ෂාව ලැබෙන්නේ හා සමාජයේ සාමය ඇතිවෙන්නේ කෙසේද යන අදහසක් වටහා ගන්න හැකිවුනාම බුද්ධියක් ඇතිවෙනවා සැනෙකින්. කොච්චර පහදා දුන්නත් එහෙම බුද්ධි වර්ධනයක් නොහැකි අයත් ඉන්නවා. නිදහස් මතවාදයට ඉඩක් ලැබුණු සමාජ වල මිනිස් ස්වභාවය පෙන්නලා තියෙන්නෙ පළමු කොටස වැඩියි, දෙවැනි කොටස සුළුයි කියලා.

        හැදියාව තමයි කාලයක් යන්නෙ condition කරන්නට. සමහර අයට කොච්චර කාලයත් ගියත්, බුද්ධිමය වැටහීමක් තිබුණත්, හැදියාව වෙනස් කරගන්න උවමනාව තිබ්බත් එය බැහැ. එහෙම අයට corporal දඬුවම් දුන්නත් එවිට දඬුවමක් දීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද?

        ඒ නිසාම හමුදා හෝ ඕනෑම දැඩි පාලනයක සියල්ලන්ම නිවැරදි ලෙසින් නීතිය සහ දඬුවම් මෙහෙයවන අය වීමත් මිනිස් ස්වභාවයට එරෙහියි. කිසිම සමාජයක් සම්පූර්ණ නීතිගරුක සමාජයක් කරන්නට හැකියාවක් නොමැති වීම මිනිස් ස්වභාවයට පටහැනි නිසා.

        ඉතින් එහි දී බහුතරයගේ ආරක්ෂාව සැලසෙන හා බහුතරයගේ නිදහස සැලසෙන සමබරතාවය ලැබෙන එකම මඟ නිදහස හැකි තරම් වැඩියෙන් දී හැමෝටම එක සේ දඬුවම් පැමිණවීම පමණයි. එයින් තමයි වැඩියෙන් ම සාමයත් වැඩියෙන් ම බුද්ධි වර්ධනයටත් එයින් ම සමාජයේ යහපතටත් හැකියාව උදා වී ඇති බව ඉතිහාසය පෙන්නුම් කරන්නේ.

  14. //මරණ පරීක්ෂණයේදී දිග කතාවක් එළිදරව් වුණා.හම්බන්තොට වලව්වල හාමුල බලය රැකගන්න මිනි මැරීමත් කලා. ……………//
    කලකට පෙර මිනීමැරුම් වල පින්තුරු අරගෙන ලෝක වටේ ගිහිල්ල කිඹුල් කදුළු හලපු අයම වලව්වල පෙර චාරිත්‍ර එලසටම කරගෙන යනව ඇත්තෙ නම්බුවට හානියක් වෙයි කියල වෙන්න ඇති.

  15. ලෙනාඩ් වුල්ෆ් මහත්තයගෙ අනාගත් අවක්‍යය අනිත් කියමන් වගේන හරියටම හරි.. අදත් වෙනත් මුහුණුවරකින් වෙන්නේ එකම සංගදිය තමා.

  16. ලක්ෂයක් දෙනා ගැන මාගේ උණුසුම් සුබ පැතුම්. පොත කියවල බලන්න ඕන. මම ආරාධනා කරනවා “දයාබර ඩාලියා ” (Forbidden Love) කියවන්න කියලා

    • ස්තුතියි සුබ පැතුමට. ඔබ සඳහන් කර ඇති පොතේ විස්තර දෙන්න.

      • මම ඒ පොත කියවලා ටිකක් කල්. මා සතුවත් පොත් එකතුවක් තිබුනත් එම පොත මගේ ළඟ නැහැ. මේ දිනවල සිද්දවෙන ආන්දෝලනාත්මක ආගමික සිදුවීම් සම්බන්ද පොතක්. “දයාබර ඩාලියා “. ඔබ නිසාම මම සරසවි සහ ගුණසේන පොත් හල වලින් විමසීමක් කළා. ඔවුන් ලග එම පොත අවසන් වී ඇති බව පැවසුවා. (Forbidden love – by Norma Khouri)

  17. මඩුවන්වෙල දිසාවෙට අච්චර විශාල නින්දගමක් තිබ්බයි කියල අද‍මනෙ දැනගත්තෙ.

    ‘ඉසුරුමත්, ශක්තිමත්, ප්‍රීතිමත් රටක් ගොඩනැගිය හැක්කේ අවංක පාලකයන්ට පමණි’
    එතකොට ආශ්චර්යමත් දේශයක් ගොඩනගන්න හැක්කේ කාටද?

  18. @ Aka. ඔබේ පල නොකළ කමෙන්ට් එකට අදාලවයි. ඔව් එහෙම වෙන්න පුළුවන්. කලකට ඉහත මම ජ.වි.පෙ. වෙතින් අල්ලාගත් බෝර් 12 තුවක්කුවක් තිබුනා ඇතුලේ යාන්ත්‍රණයේ දෝෂයක් නිසා ‘අතේ පත්තුවෙන’.

    නමුත් අර පුවත්පත් වාර්තාවේ තියෙන්නේ මෝඩකමින් කරගත් අනතුරක්.

    • @ Aka. ඇතුලේ පතරොමක් දාලා තියෙද්දී හැමරය ඇදලා තිබුනොත්, බිම වැටීමෙන්, යමක තදින් වැදීමෙන්, පත්තු වෙන්න ඉඩ තිබෙනවා. නමුත් කලාතුරකින් එහෙම වෙන්නේ. හැමරය සක ට්‍රිගරය සම්බන්ධ ඇටවුම් යාන්ත්‍රනය දුර්වල නම්, අදින ලද හැමරය බලාපොරොත්තු රහිතව පහත වැටී තුවක්කුව පත්තුවෙන්න ඉඩ තිබෙනවා.

  19. විජේසිංහ බෙලිගල්ල ලෙනාඩ් වුල්ෆ් ගැන ලියු තවත් පොත් කීපයක්ම තිබෙනවා. වුල්ෆ් ගේ දෙවැනි ලංකාගමනයේද් මේ ලේකකයා ඔහුව හමු වි තබෙනවා විචාරක තුමා.

  20. විජේසිංහ බෙලිගල්ල කාලයක් ලංකාදීප පත්තරයට ලෙනාඩ් වුල්ෆ් ගැන ලිව්වා මතකයි. ඒකෙන් වෙන්න ඕනේ මේ පොත බිහිවෙන්න ඇත්තේ. ඒ වගේමයි මේ දවස්වල මව්බිම පත්තරේත් ලෙනාඩ් වුල්ෆ් දුටු හම්බන්තොට [මට මතක විදිහට] නමින් ලිපි පෙළක් යනවා

  21. විචාරක,,
    නිකන් රාජ උදහසට ලක්වෙන්න එපා.

    යටින් ගහපු හොද ලිපියක්.

  22. මට හිත ගියෙම ලෙනාඩ් වුල්ෆ් වසර 50කට පස්සේ කියලා තියන දෙයට…වසර 100ත් ගත වුනත් ඒ කියපු දේ අදත් වලංගුයි..

  23. Now Hambanthota is a paradise on earth.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: