විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

අපේ වාර්ෂික සංචාරය


අපේ ප්‍රදේශයේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා පිහිටුවාගෙන තිබෙන ‘එක්සත් සුබසාධක සංගමය’ සෑහෙන තරම් සේවයක් ඉටු කරනවා. අවමංගල්‍ය සඳහා පමණක් ආධාර කරන වෙනත් සමිති මෙන් නොව (අවමංගල්‍යයකදී රු 30000 ක් ගෙවනවා) 5 වැනි ශ්‍රේණිය, අ.පො.ස. (සා.පෙ.) සහ (උ.පෙ.) ඉහලින් සමත්වන දරුවන්ටද ශිෂ්‍යාධාර ලබාදෙනවා. තවත් විවිධ ව්‍යාපෘති රැසක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.


සෑම වසරකම පෙබරවාරි මස 4 වැනිදා (නිදහස් දා) සාමාජික පවුල්, විනෝද සංචාරයක යෙදෙනවා. එය සහන මිලකට සිදුකෙරෙන්නේ. මෙවර සංචාරයේදී එක පවුලක් (පවුලේ කීදෙනෙක් හිටියත්) සඳහා ගමන් ගාස්තුව සහ උදේ, දවල්, රාත්‍රී ආහාරද ඇතුලත්ව රුපියල් 1000 යි.

පසුගිය පෙබරවාරි 4 වැනිදාට යෙදුණු මෙවර සංචාරයේදී මගේ කැමරා ඇස ගියතැන් කීපයක් පහත දක්වනවා. රිටිගල වනෝද්‍යානය, විජිතපුර, අවුකන, කලාවැව, රාජාංගනය, වැනි ප්‍රදේශ අපේ සංචාරයේදී නරඹන්නට හැකිවුනා.  

1

2

  රිටිගලට ගියාට පස්සේ ලස්සන වැඩක් වුනා. ඉහත රූපයේ තියන සංචාරක මධ්‍යස්ථානයේ සිට රිටිගලට කි.මී. 2 ක් යා යුතුයි. නමුත් වනජීවී නිලධාරීන් කිව්වා අත දරුවන්ද රැගෙන ඒ දුර පයින් යාම අනතරුදායකයි එයට හේතුව පාර දෙපස වල් අලි ගැවසෙන නිසා කියලා. ඒ දුර බස් රථවලට යන්න බැරි, පසුගිය මහා වැසි කාලයේදී පාර අබලන් වීමයි. 4 x 4 ජවය සහිත වාහන වලට යා හැකියි. ඒ නිසා අපි තීරණය කළා, ඒ අනතුරුදායක ගමන නොගොස්, සංචාරක මධ්‍යස්ථානයේ නිලධාරියකුගේ දේශනයකට සවන්දීමට සහ රිටිගල ගැන සැකසූ වීඩියෝ චිත්‍රපටියක් නැරඹීමට.

3

රිටිගලින් පිටත්වූ අපි ඊළඟට නැවතුනේ කළා වැව අසළයි

4

කළා වැව අසල සෑහෙන වෙලාවක් ගතකළා. ඉන්පසු අවුකන වෙත ළඟා වුනා.

5

6 a

මටනම් අවුකන පිළිම වහන්සේ දිහා දවසක් බලා හිටියත් මදි වගේ.

රාජාංගණයට යනතුරු පිරිස හිටියේ බොහොම නොඉවසිල්ලෙන්.

6

7

8

9

10

11

12

13

IMG_2981

14

15

16

17

14 b1819

18 a

මේ වාර්ෂික සංචාරයේදී සෑම දෙනාගේම කැමරා වලින් ලබාගන්නා ඡායාරූප එකතුකර DVD Slide Show එකක් නිර්මාණය කිරීමත් මගේ සිරිතක්. අපේ සමහර අය ඒකට කියන්නේ ‘මඩ ඩී.වී.ඩී. එක’ කියලා. හැබැයි ඒ කවුරුවත් අමනාප නැහැ එහෙම කරනවාට. පහත දැක්වෙන්නේ මෙවර ඒ සඳහා සැකසෙමින් පවතින රූප රාමු වලින් කීපයක්.

2021

2425

  සියලුම කැමරා වලින් ලබාගත් පින්තූර ගණන 500 කට වැඩියි. ඒවා තෝරලා බේරලා සංස්කරණය කරලා ඉවරවෙන්න තව සෑහෙන දවසක් යයි. පුළුවන් වුනොත් ‘මඩ ඩී.වී.ඩී’ එක දාන්න බලන්නම්.

  සමහරවිට මේ පින්තූර වල ඔබ හොඳින් දන්නා හඳුනන අයත් ඇති. අනේ වඳිඤ්ඤං, මේ පින්තුරේ ඉන්නේ අරයා නේද? අර පින්තුරේ ඉන්නේ මෙයා නේද? කියලා පුද්ගල නාම වලින් අහන්න නම් එපා.

26

My Signature for Blog2013 පෙබරවාරි මස 15 වැනි දින 2245 පැය

Comments on: "අපේ වාර්ෂික සංචාරය" (79)

  1. අනුන්ට මඩ දෙද්දී තමන්ට රිටර්න් එක එන්නේ නැද්දෝ 🙂

    • ගරු මමතුමා කියලා තනියෙන් ඉන්න ෆොටෝ එකක් තියෙන්නේ නෝනා මහත්තයා එක්කාගෙන ගියේ නැද්ද ?

      • එක්ක ගියා එක්ක ගියා. ඒ වගේ රාජකීය උත්තමාවක් මේ වගේ තුට්ටු දෙකේ බ්ලොග් එකක දාන්න පුලුවන්ද?
        ආපහු එනකොට මූණ කොරහක් විතර කරගෙන හිටියා. ඩෙංගු හැදිලා මාස තුනක් යන්න කලින් අර එව්වා ටිකක් පාවිච්චි කොලා කියලා.

    • නෑ නෑ ඩී.වී.ඩී. එකේ මම මටත් මඩ වදින පින්තූර දානවා. ඒ නිසා අනික් අය ඉවසනවා. නැත්නම් ඉවරයි මම.

  2. මම තුමාගෙ පින්තූර හරි පොඩියිනෙ.. ඩෙංගු හොඳවෙලා තාම මාසයක්වත් නෑ නේද ? ටිකක් කල් රෙස්ට් කරන්න ඕනා නැද්ද ?

  3. විචාරක තුමා මේ තමා ඔබේ සුපිරිම හැකියාව.. මේ සංචාරයට එක් වු කිසිවකු ට මෙය මේ තරම් සුන්දර අයුරින් අකුරු කරන්නට බැ ඒක ෂුවර්. අර ඔබ තුමා ළගම ඉන්නේ හෝ දම් පාට ඇදගත් දියණියන් දෙදෙනා ඔබ ගේ දියණියන් ද? උන් දෙන්නා මගේ එවුන් වගේම යි.

    ඔබ බසට බොහොම ලැදියෙක්. එය මා ඔබේ ම පොස්ටුවලින් දැනගත් දෙයක්.. එහෙත් මේ පොස්ටුවේ නම් අක්ෂර වරද බොහොමයි..

    • සංසන්දනාත්මකව බැලුවොත් නලීන් මටවඩා ලිවීමේ හැකියාව තියන අසල්වැසියන් මට ඉන්නවා. නමුත් අවාසනාවකට වගේ ඔවුන් තොරතුරු තාක්ෂනය ගැන දන්නේ නැහැ තමන්ගේ ගෙවල් වල පරිගණක තියෙද්දිත්.

      අර පින්තූරයේ ඉන්නේ මගේ මිත්‍රයකුගේ දියණිය.

      නලීන්, මම මේ අකුරු ප්‍රශ්නය නිසා දැඩි අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ. ඔබ ඉතා ශිෂ්ට සම්පන්න විදිහට එය පෙන්වාදී තිබෙනවා. වෙන කෙනෙක් නම් ලියන්නේ ඕයි තමුසේ මහා ලොකුවට කයිය ගහනවා නේද භාෂාව ගැන කියලයි. ප්‍රශ්නය මේකයි. මම මෑතකදී මගේ පරිගණකය ෆෝමැට් කර නැවත මෘදුකාංග යෙදුවා. (දැනට සති කීපයකට උඩදී) එතැන් සිට මම මේ බ්ලොග් ලියන ‘Google input tool’ එකෙන් යංශය සහ රකාරාංශය හරියට ටයිප් කරන්න බැහැ එය පෙන්වන්නේ ස්වරාක්ෂර සහ ව්‍යන්ජනාක්ෂර වෙන් කරලයි. මට ඒ ගැන දැඩි කලකිරීමක් ඇතිවෙනවා සමහර අවස්ථා වලදී. ඔබට පුලුවන්ද මට උපදේශයක් දෙන්න ඒ ගැන. එහෙම නැත්නම් මේ ගැන දන්නා කෙනෙක්ගෙන් අහලා හරි කියන්න පුලුවන්ද?

      • විචාරක තුමනී, මා ටයිප් කරන්නේ විජේසේකර පුවරුවෙන් ඉස්කෝල පොත අකුර. ඒ සඳහා යොදාගන්නේ සිංහල අයි එම් ඩ්‍රයිව් එක. එය අලුත් වින්ඩොස් මෘදුකාංග සමග නොමිලේ ම ලැබෙනවා.

        • මමත් Google Iiput Tool එකේදී පාවිච්චි කරන්නේ ‘ඉස්කෝල පොත’ තමා. ටයිප් කරද්දී නිවැරදි අකුරු පෙන්වනවා. නමුත් පෝස්ට් එකට ඇතුලත් කලාට පස්සේ තමයි අර දෝෂය එන්නේ. එයට හේතුව මට හිතාගන්න අමාරුයි.

    • ඇත්ත‍ටම විජේසේකරය හොදටම හොදයි ඇයි උත්සාහ නොකරන්නේ

      • ගූගල් ඉන්පුට් ටූල් එකට ඇබ්බැහි වෙලා දැන් වර්ඩ් ලිපිත් ටයිප් කරන්නේ ඒ ක්‍රමේට. හැබැයි මට විජේසේකර යතුරු පුවරුවත් පුළුවන්.

  4. ආරක්ෂක හේතුන් මත තමන්ගේ සමීප ඡායාරුප දැමීමෙන් වැළකිලා වගේ. අධි ආරක්ෂක හේතුන් මත නෝනා මහතාගේ ෆොටෝ දාලම නැත්තේ හසිත.

    • ආරක්ෂක හේතු කොහොම වෙතත් පාරේදී ගුටි කන්ඩ තියන බයට. 😀

      අධි ආරක්ෂක කියන්නේ පින්තූර දැම්මොත් මුළු ලෝකෙන්ම ආරාධනා එයි අපේ නෝනට චිත්‍රපටි වල රඟපාන්න එන්න කියලා. 😀 😀

  5. මම තුමා ලඟට පේන්නේ නෑ. දුරට නම් හැන්ඩියෙක් වගේ තමා… 🙂
    ලඟින් ලස්සන පොඩ්ඩියෙක් ඉන්නවා පෙනෙනවා…

    හොඳ සංචාරයක්…

    • ළඟටත් හැන්ඩියා තමයි. මොකටද නිකම්, මගේ අති සුන්දර රූප ශෝභාව පෙන්නලා, කාන්තා පක්ෂය මෝහනය කරලා, ප්‍රශ්න ඇති කරගන්නේ කියා හිතලයි දුර රූපයක් දුන්නේ. 😀 😀

      අර සමූහ ඡායාරූපයේ මගේ ළඟින් ඉන්න කෙලි පොඩ්ඩ මගේ මිත්‍රයකුගේ දියණිය

  6. මංතුමාගේ අදුරන්ඩ පුළුවන් එකක් දැම්මානං හෙනද

  7. මේවගේ පින්තුරත් සමග ලිපි කියවද්දී කාගෙත් අතීත සැමරුම් අවදි වෙනවා.කලාවැව තුරු සෙවනෙ ජොලි පප්පලගේ ෆොටෝ දකිද්දී හිතුනේ ජොගිං යන ගමන් මහින්ද මහත්තයත් සෙට් වෙලාද කියල.

    • හප්පේ එදා එතැනදී විශාල කාන්තා විරෝධයක් සහ උද්ඝෝෂණයක් ආවා ඊයේ පෙරේදා ඩෙංගු හැදිලා යන්තම් හොඳවෙච්චි එකාට පොවලා අහුවෙයල්ලකෝ කියලා. ඉතින් මට සිදුවුනා මස්කටු දිහා බලා ඉන්න බල්ලා වගේ ඉන්න. හැබැයි එකම එක උගුරක් කටට හලාගත්ත. නැත්නම් බල්ලෝ ‘අරවා’ කන එකත් නවත්තයි. එදා සමහර පප්පලාව කරෙන් ගෙනිහින් තමයි බස් එකට දැම්මේ.

  8. සර් ,අදුරගන්න පුළුවන් ඒවා දන්නා එපා ,
    එක සර්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ,

    • කවුරුහරි මාව හඳුනාගෙන ඔබ අහවලා නේද කියලා කමෙන්ට් එකක් එව්වොත් ඒ කමෙන්ට් එකේ මගේ නම විතරක් අයින් කරලා අනුමත කරනවා. ඒ වගේම ඒ කමෙන්ට් එක එව්ව කෙනාට කියනවා මගේ අනන්‍යතාව රැකගන්න කියලා. දැනට එක වරක් එහෙම වෙලා තියනවා.

    • ඒ කමෙන්ට් දැම්මොත්නෙ විචාරක මහතා. ” ආ උඹයි නේද එහෙනම් මේවා ලියන්නෙ” කියලා දන්න එකෙක් අඳුනගෙන යටින් ගේම දුන්නොත්…! අඥාතව ඉන්න තරමට හොඳයි මම හිතන්නෙ..

      • ඔව් සෙන්නා, ඔයා කියන එක හරි. මගේ මේ පින්තූරය වුනත් ඇති මාව අඳුනගන්න. නමුත් වාසනාවකට වගේ උන්දලා බොහොමයක් අන්තර්ජාලය පාවිච්චි කරන අය නෙවෙයි. පාවිච්චි කරත් කුණුහරප බලන්න තමයි පාවිච්චි කරන්නේ.

      • මේ පොටෝ ටික හොඳටම ඇති විචාරක මහත්මයා කවුද කියලා හඳුනාගන්න. මේ පොටෝ එකේ ඉන්න එකම එක්කෙනෙක්ව හඳුනන කෙනෙක් මේක දැකපු ගමන්ම එයාගෙන් අහනවානෙ කවුද විචාරක කියලා? එතකොට ලීක්.. ආයෙ සක්කරයටවත් බෑ කටින් කට යන එක නවත්වන්න..
        අනේ මන්දා මේවා ඉතින් මම අමුතුවෙන් කියන්ඩ ඕනෙ ඒවත් නෙමේනෙ.. කැමැත්තක්..

  9. ලස්සන පොටෝස් ටිකක් ඔබතුමාව දැකල පුරුදු ගතියක් තියෙනවා එත් මතක නැ ඔබ තුමාට තිබුනේ හස්තිකුචියටත් යන්න තිබුනේ මගේ ගමත් ඔය කිට්ටුව තැනක්

    • හත්ථි කුච්චියටත් යන්න තමයි ගමන සැලසුම් කරලා තිබුනේ. කොහෙද අපේ කට්ටිය රාජාන්ගනයෙන් හොල්ලන්න බැරිවුනා. එතන පැය 3 කට ආසන්න කාලයක් හිටිය නිසා රෑ වුනා.

      මාව දැකලා තියෙන්නේ කොහෙදිද කියලා නිවිසැනසිල්ලේ ටිකක් හිතලා බලන්න. මතක් වුනොත් කියන්න.

  10. “ඒ නිසා අපි තීරණය කළා, ඒ අනතුරුදායක ගමන නොගොස්, සංචාරක මධ්‍යස්ථානයේ නිලධාරියකුගේ දේශනයකට සවන්දීමට සහ රිටිගල ගැන සැකසූ වීඩියෝ චිත්‍රපටියක් නැරඹීමට.”
    :ඪ්

    පවුලටම රු. 1000 නම් මාර ලාභයිනෙ…

    • මම ක්‍රියාන්විත සැලැස්මක් හැදුවා රිටිගලදී. Leading and Scout Team, Main Body Protection Team, Rear Protection Team, කියලා පිරිමි සහ තරුණ ගැටවු කණ්ඩායම් තුනක් යටතේ පයින් ඒ කිලෝමීටර් දෙක යන්න. කොහෙද අපේ ගෑණු කට්ටිය අලින්ට බයවුණා පාර තව ටිකෙන් බස් දෙකම හෝදන්න වෙනවා.

      ඇත්තටම, තුන්දෙනෙක් ඉන්න පවුලකට, චිත්‍රපටියක් බලල හොඳ අවන්හලකින් කෑම කාලා එන්න බැහැ රු 1000 කට. අපේ සංගමයෙන් මේ සඳහා රු 30000 ක් පමණ වැය කළා.

  11. විචාරකතුමා හොඳ ෆන් එකක් අරන් වගෙයි.
    පින්තූර ටිකත් එක්ක නියම විස්තරයක්.

  12. මගේ ඇස් දෙක පේනවා මදිද මන්දා.මංතුමා වයසක පාටයි වොවැ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

  13. විචාරක තුමා සංචාරේ හොන්දට විනෝද වෙලා වගේ. නේද? අවුකන පිළිමේ දිහා නම් දවසක් උනත් බලාගෙන ඉන්න පුළුවනි තමා. එත් ඩෙංගු හැදිලා ටික දවසක් නිසා අරවා පාවිච්චි කරපු එක නම් අනුමත කරන්න බෑ. 😀

  14. විචාරක තුමා යස කොල්ලෙක් නේ. නාකියි නාකියි කිව්වට.. 😀 අර අප්පච්චියි දූලා දෙන්නයි ඉන්න පින්තූරේ පිටිපස්සෙන් නම් තවත් කවුදෝ හැංගිලා ඉන්නවා පේනවා..

  15. ඔය ට්‍රිප් ගිහින් පින්තූර ගැනිල්ලෙ තියෙන හොඳම ටික තමයි මේ මඩ ගැහිල්ල. ඒකෙන් අර මතකයන් තවත් රසවත් වෙනවා.

  16. මම විචාරකට මේල් එකක් එව්වා සිංහල යුනිකෝඩ් එකක් අමුණලා.

  17. මමත් එකපාරක් රාජාංගනය බලන්න ගියා…!
    බැම්ම අසල පැරණි උමගකුත් තියෙනව..රිංගන්න පුලුවන් ඒත් ටිකක් දුර යනකොට ඇහිරිලා.

    රජාංගනය ජලාශෙ වැව් බැම්මෙ පහල වතුර යන කොටසෙ කොල්ලො ලිස්සන සෙල්ලමක් කරනව ..බලන් ඉන්නකොට ඇඟහිරිවැටෙනව.

    • රාජාංගනයේ ලස්සන වචනයෙන් විස්තර කරන්න බැහැ. උමග ගැන දැනසිටියේ නැහැ. දන්නවනම් බලන්න තිබුනා. ලිස්සන සෙල්ලම කරනවා ඇති කියලා හිතෙන ප්‍රදේශය දියසෙවෙල් වලින් පිරිලා. හරිම භයානකයි.

      • ඒ ලිස්සන සෙල්ලමට කියන්නේ “සයිබුරුස්” කියල. 🙂 කොල්ලෝ හදා ගත්තු නමක් මං හිතන්නේ. වතාවක් ටී වී එකේ පෙන්නුවා ඔය වැඩේ කරන හැටි.

      • චන්දන හරි….!

        බලන් ඉන්න අපිට බය උනාට එහේ උන්ට කිරිරජුවගේ…!

        උමඟ තිබ්බෙ බැම්ම ඉවර වෙන කොනේම ඒ පැත්තෙ අය දන්නව…පුච්චපු ගඩොල් වලින් පිරිල මොනව හරි ඉදිකිරීමක් තියෙන්න ඇති ඒකාලෙ.

  18. අඩේ මං මෙච්චර කල් මවාගෙන හිටියේ හැට පැනපු නාකියෙක්වනේ… 😀

    බොහෝම ලස්සන ගමනක් ගිහින් තියෙන්නේ. ඇඳ විවේකයෙන් පසු පුනරාගමනයට හොඳම ආරම්භයක්. පොඩි කාරණා දෙකක් කියන්න ඕනි. (තුන්වැනි එක වරහන් අස්සේ දාන්නම්කෝ.)
    1). ඔබේ පින්තූර වල දිය සලකුණක් (IDඑකක්)දාන්න.
    2). F16ට වගේම සෙන්නට ආපු ප්‍රශ්ණේ මටත් ආවා කියවද්දිම. ඒ ගැනත් හිතුවොත්…
    (((3. //…හෑ… මාව දාලා කට්ටිය ගිහින්වත්ද?….// කියලාත් බෑ. නොකියාත් බෑ. එක්කෝ ඔන්න ඔහේ හිතාගන්නකෝ…..{මොනවා උණත් සීදේවියි ඈ….})))

    • අඩ්ඩො. . .ව්, කවුද ඩෝ නාකියාට නාකියා කියන්නේ. (older the Bull harder the Horn) 😀 😀

      මේ පින්තූර හොරකම් කරගන්න තරම් වටින්නේ නෑ කියලා හිතුන නිසයි දිය සලකුණක් නොදැම්මේ. මීට පස්සේ දාන්නම්.

      අනන්‍යතා ප්‍රශ්නය බරපතල නොවනු ඇතැයි දැනට සිතනවා.

      අර දැරිවි තවම සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන්නේ. විභාගේ කරලත් නැහැ. මගේ අසල්වැසියකුගේ දුව. කුරුණෑගල ලොකු ඉස්කෝලෙකට යන්නේ.

  19. 12 පින්තූරේ තුමා, මම හිතුවට වඩා සාන්ත දාන්ත නොවැ.

    බොරු ඕනේ නැත. 13 වැනි පින්තූරේ එක පාරකට වැඩිය මම බැලුවා.

    • අප්පේ මම බෝ පැලයක් වගේ නොවැ.

      13 වැනි පින්තූරේ මම මෑතකදී ගත් සතුටුදායක පින්තූරයක්. එයට ප්‍රධාන හේතුව පින්තූරයේ ඉන්න කෙනා දන්නේ නැහැ මම පින්තූරය ගත්තා කියලා. මම පින්තූරයක් ගන්න යන්නේ කිව්වානම් එයා එයාගේ ස්වභාවික පෙනුම වෙනස් කරගන්නවා.

  20. සයි ඔප්ස් ට්‍රික් එකකට වෙන කෙනෙක් ගේ පින්තුර දමා “මං තුමා” කියල නම් කලේ නෑ නේද. මට හිතෙන්නේ එහෙමමයි.

  21. විචාරක මහත්මයාවත් ලාවට දැකගත්ත ඔන්න. මටත් මතක් වුනේ මේ දවස්වල විවේක සුවයෙන් ඉන්න ඕන කාලෙ නේද කියල, යන්තම් අසනීපයක් සුවවුනා විතරයි. පෙනෙන හැටියට නම් ගෙදර හිටියටත් වඩා මනසට සුවයක් වෙල මේ චාරිකාව.

    හුඟක් අය ඉඟි කරන්නෙ මොකක් ගැනද කියල ඔබතුමාට වැටහෙනව ඇති කියල මට හිතෙනව. ඒත් මම හිතන්නෙ ඒවගේ කෙනෙක්ට හෝ ආයතනයකට එහෙම අවශ්‍යතාවයක් තියෙනව නම් ඔබව එළිවෙන්නෙ ඔබේ අත්සන මේ පෝස්ටුවලට යොදපු දවසෙ ඉඳල.

    • බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. ඇත්තටම මේ ගමන විශාල මානසික සහනයක් ගෙනදුන්නා ඒකාකාරී බවෙන් මිදුන නිසා.

      මේ අත්සනෙන් මාව අල්ලගන්න බැහැ. වැඩි විස්තර කියන්න අමාරුයි.

      පරිස්සමෙන් ඉදිරි වැඩ කරන්නම්.

  22. කාලෙකට පස්සෙයි අන්තර්ජාලයට ගොඩ වදින්න ලැබුනෙත්. ඒ ආපු ගමන් “අසමි දකිමි සොයමි“ බලන්න ආවා.
    ඔය විදියේ ට්‍රිප් ගියාම ෆොටෝස් ගන්න සෙට් වෙන්නෙයි, පස්සේ ඒවා ඩී.වී.ඩී. වලට දාලා කට්ටියට දෙන වැඩෙයි සෙට් වෙන්නේ මට තමයි. ඔබතුමා කරලා තියෙන විදියට මඩ ඩී.වී.ඩී. එකක් විදියට මීට පස්සේ මාත් හදලා දෙනවා. 🙂

    • හරි සතුටුයි ඔබ පැමිණීම ගැන ටිරෝන්. මොකද සද්දයක්වත් නැතුව හිටියේ. විස්තර දන්වන්න.

      අද හවස අපේ ගෙදරට හතර පස් දෙනෙක් ආවා මඩ ඩී.වී.ඩී. එක හදන හැටි බලන්න. ඒගොල්ලන්ගෙම පින්තූර බලලා හිනාවුනා.

  23. වෙන කවුරුහරි කෙනෙකුත් ගමන ගැන ලිවුවා නම් අපිට විචාරක මහත්තයගෙ වැඩ කිඩ බලාගන්න තිබුණා. අර අනිත් අය ගත්ත පින්තූර වලින් තමුන්ගෙ වැඩ කිඩ ගැනත් අර විදිහට දෙබස් එහෙම දාල ලිවුවොත් තමයි අපක්ශපාත විදිහට මඩ ටික වදින්නෙ !

    • අර මඩ ඩී.වී.ඩී. එකේ තියනවා මටත් මඩ වදින ලෙස අනික් අය ගත්ත පින්තූර. මේ ලිපියට දැම්මේ මම ගත්ත පින්තූර විතරයි. මඩ ඩී.වී.ඩී. එක බැලුවොත් පෙනෙයි මටත් මඩ වැදිලා තියන හැටි. පුළුවන් වුනොත් ඒක පසුව දාන්නම්.

  24. නියම සංචාරය . ඔබතුමාගේ සමීප රූපයක් දැමීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල හිතුනදෝ….හහ් හහ්

  25. එක්සත් සුභ සාධක සංගමය කිව්වාම මම හිතුවෙ වැඩිමල් අය විතරක් ඉන්න එකක් කියලා…බැලුවාම මේක තරුණ වැඩිමල් හැමෝම ඉන්න සුපිරි සමිතියක්නෙ…ඉන්න සාමාජිකයන් දැක්කම සමිතිය නැගලම යනවා ඇති කියලා හිතෙනවා…විචාරක තුමාවත් අද තමයි ඉතිං යන්තමට දැක ගත්තෙ…කලා වැව අසල තුරු ගොමුවෙ හරි හරි වැඩ වෙලා වගේ නේද…

    • මේක මේ ප්‍රදේශවාසී සියලු දෙනාට පොදු සංගමයක්. වයස් බේදයක් නැහැ. සෑම පවුලකම ප්‍රධානියා සාමාජිකයා ලෙස සලකනවා. බැඳෙන්න රු 2000 ක් අයකරනවා. පහසුකම් රාශියක් දෙනවා. පසුගිය වර්ෂයේ අපි ටී.එම්. ජයරත්න මහතා සහ නිරෝෂා විරාජිනී මෙනෙවියගේ සංගීත ප්‍රන්ගයක් පවත්වා රු ලක්ෂ තුනහමාරක ශුද්ධ ලාභයක් ලැබුවා. ඒ වගේ ක්‍රම වලින් උපයන මුදල් තමයි සුබසාධන කටයුතු වලට යොදන්නේ.

      මාව යන්තමට දැක්කම ඇති නේද?

      හයියෝ කලාවැව අසල දේවල් ලියන්න බැහැ. පස්සේ හිතලා බලලා ලියන්නම්.

      බොහොම ස්තුතියි සිරා මේ පැත්තේ ආවාට.

  26. ක්සැන්ඩර් said:

    මම රිටිගල ගිහින් තියෙන්නේ එක ගමනයි. එත් ඉස්කෝලෙන් රිටිගල තව විද්‍යාලයකට ආධාර කරන්න ගිය ගමන. අපි නෙළුම් කොලේ බත් කාල එහෙන් ආවේ. 🙂 110 කැමරාවකින් මම කලේ නටඹුන් වල ෆොටෝ ගත්තු එක. ඊට අමතරව සමාන්තර කඳුවැටියේ පින්තුරයක් ගත්තා. තවම ඒවා අපේ ගෙදර ඇති මයේ හිතේ..

    ඔබට බොහොම ස්තුතියි ඒ මතකය අවධි කලාට.

  27. මම එකම එක දවසක් හිර බහිද්දි පරාක්‍රම සමුද්‍රයේ නාලා තියෙනවා… හ්ම්… තාම මතක් වෙනවා අන්තිම පින්තූරේ දකිද්දි.

hasithag වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න