විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

තවත් පුංචි කතා දෙකක්


13262232-sexy-chica-morena-en-bikini-azulඕ මයි ගෝඩ්!

හමුදා නිලධාරීන්ගේ සුහද සාදයක් පැවැත්වුනා. සෑම දෙනාම මීවිතකින් දෙකකින් සප්පායම් වෙමින් සල්ලාපයේ යෙදුනා.

එක හමුදා නිලධාරියකු කිව්වා මගේ පුතා පූජක වරයකු වෙන්න සෙමනේරියක ඉගෙන ගන්නවා. ඔහු ඕනෙම තැනකට ගියාම එතන ඉන්න මිනිස්සු එයාට ‘පින්වත් දරුවා’ කියා ගෞරව කරනවා.

තවත් නිලධාරියකු කිව්වා, මගේ පුතා දැනටමත් පූජක වරයෙක්, ඔහු ඕනෑම තැනකට ගියාම මිනිස්සු ‘ආයුබෝවන් පියතුමනි’ කියා ගෞරව දක්වනවා.

ඊළඟ නිලධාරියා කිව්වා මගේ පුතා බිෂොප් කෙනෙක්. එයා ඔනෙම් තැනකට ගියාම මිනිස්සු ‘ආයුබෝවන් උතුමාණනි’ කියනවා.

එතන හිටිය තවත් නිලධාරියකු තමන්ගේ පුතා කාදිනල් වරයකු බවත් ඔහු යන යන තැන සිටින අය ‘ආයුබෝවන් උතුමාණන් වහන්ස’ කියා අමතන බවත් කිව්වා.

ඊළඟ නිලධාරියා අපේ පුතා තමයි පාප් ව….. කියා කියනකොටම ඒ නිලධාරියාගේ බිරිඳ මෙන්න මෙහෙම කිව්වා.

ඔව්වා මොනවද, අපේ දුවගේ වයස 24යි, පපුව 38 යි, ඉන 22 යි, උකුල 36 යි, එයා නාන ඇඳුම ඇඳලා පූල් එකට බහිනකොට එතන ඉන්න මිනිස්සු ඔක්කොම ‘ඕ මයි ගෝඩ්’ කියනවා.

space 2
kiss_my_assකවුද ලොක්කා

මිනිස් සිරුරක තිබෙන අවයව අතර දවසක් විවාදයක් ඇතිවුනා. කවුද වඩාත්ම වැදගත් කියලා.

මොලය කිව්වා ‘ඕක කතා කරන්නත් තරම් දෙයක්ද? මමනේ සිරුරේ ලොක්කා. මමනේ මුළු සිරුරම පාලනය කරන්නේ’ කියලා.

ඊළඟට කට ඇරියේ රුධිර සංසරණ පද්ධතිය.’ හුහ්, මම ඇඟ පුරාම නිවැරදිව ලේ ගමනාගමනය නොකෙරෙව්වොත් කෙරිලා තියෙයි, තමුසෙගෙ මොලේ වැඩ. ලේ නැත්නම් තමුසෙටත් කෙලවෙනවා මතක තියාගන්නවා’ කියලා රුධිර සංසරණ පද්ධතිය කිව්වා.

මේ කතාවට හදවතට කේන්ති ගියා. ‘ඇයි යකෝ මම නේද පොම්පයක් වගේ නොනැවතී මුළු ජීවිතකාලය පුරාම වැඩ කරමින් ජීවිතය රැකගන්නේ’ කියා ගෝරනාඩු කළා.

ඔය විදිහට එක එක අවයවය තමන්ගේ වැදගත්කම වර්ණනා කරා.

අන්තිමට කතාකලේ ගුද මාර්ගයයි. ඇයි මම වැදගත් නැද්ද? ගුද මාර්ගය ඇහුවා.

‘හීහ් හී………….කියාපන් බලන්න උඹේ තියන වැදගත්කම?’ අනික් ඉන්ද්‍රියයන් ඇහුවා. ‘ඇයි මමනේ අනවශ්‍ය ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ’ කියලා ගුද මාර්ගය කිව්වා. ‘අනේ උඹේ රෙද්දේ කළමනාකරණය. නිකං කට වහගෙන හිටපං’ කියලා අනික් ඉන්ද්‍රියයන් කිව්වා.

ගුද මාර්ගය වහාම වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඉක්මනින්ම මොලය ක්‍රියා විරහිත වෙන්න වගේ ඔලුව කැක්කුමක් ඇතිවුනා. ආමාශය ගල් වෙලා වගේ දැනුනා, ලේ සීතල වෙලා වගේ ගියා. හෘදය වස්තුව නවතින්න යනවා වගේ දැනුනා. අන්තිමට ඒ ඔක්කොම කිව්වා ‘හරි හරි උඹ තමයි ලොක්කා ඔය ස්ට්‍රයික් එක නවත්තාපන්’ කියලා.

කතාවේ ආදර්ශය:- කොහේ හරි අයිනක තියන, වැඩක් නෑ කියලා හිතෙන පුංචි හිලකින් වුනත්, ලොකු වැඩ කරගත හැකිය.

My Signature for Blog2012 දෙසැම්බර් මස 28 වැනි දින 0019 පැය

Advertisements

Comments on: "තවත් පුංචි කතා දෙකක්" (65)

  1. හික් හික් හික්…
    ම්හ්… මම මේ මේ කල්පනා කො‍රැව්වේ හිනා වුනේ උඩ එකටද යට එකටද කියලයි.
    ම්හු… යට එකටනම් වෙන්න බෑ, මොකද මම එහෙම කරන කෙනෙක් නෙමෙයි.
    තේරුනේ නෑ වගේද…?
    මම කිවුවේ යට එකට හිනාවෙන්නේ නෑ කියලා……!!

  2. අහල නොතිබුන මතක් කර කර රසවිදිය හැකි කතා දෙකක්.හැබැයි ලංකාවෙ නම් පුංචි හිල්වලින් කදු ගණන් පිටවනව නේද කාටත් හොරාවටම?:)

  3. ඔව් ඔව්. ඕකේ අදායම නැති උනොත් රටවල් පවා වැටෙන්න පුළුවන්. දැන් බලන්න රත්තරන්ම කොච්චර ගෙනියන්න පුලුවන්ද කියල 😀

  4. මට නං බයේ බැ කතන්දරකාරයා වාගේ වෙන්ඩ යනවද කියලා

  5. හෙහේ…. ඉඳලා හිටලා මේවගේ post දැම්මම අමුතුම කික් එකක් තියෙනවා…. නියමයි නියමයි.

  6. දෙකටම හිනායනවා. මම නම් කැමති උඩ කතාවට. මොකද ඒක ඇත්ත කියලා හොඳටම දන්න හන්දා…:-D

  7. පුංචි හිලකින් වුනත්, ලොකු වැඩ කරගත හැකිය.
    නියමයි

  8. අදාල නැති පොස්ට් එකක මැද්දට පැන්නටසමා ‍වෙන්න. යුද්ධ ටැංකි පෝස්ට් එකේ ලියුවාට උත්තර ලැබෙයි කියලා හිතන්න අමාරු හින්දයි මෙහෙම ලියන්නනේ. මම දැක්කා දැයට කිරුළ ප්‍රදර්ශණයේදී යුද්ධ ටැංකි වල පිටතින කැති පෙරෝ සවල් හෙම වටේට තියෙන කොකු වල අමුණලා තියෙනවා. මේකට හේතුව කුමක්ද?

    • කමක් නැහැ මෙතැනදී පිළිතුරු දෙන්නම්. ඝන වනාන්තර, මඩ ගොහොරු මැදින් යුද ටැංකියක් ගෙනයාමීදී, මාර්ගය පාදගන්න වෙන අවස්ථා තිබෙනවා. ගස්කොලන් කපා දැමීමට සිදුවෙනවා. එරෙන එක වැඩිනම් සවල් වලින් පස් දමා මාර්ගය හදාගන්න වෙනවා. දැක්කේ නැද්ද විශාල වානේ කඹ ටැංකියේ දෙපැත්තේ තියනවා. ටැංකිය එරිලා, කැඩිලා, හිර වුනොත් වෙනත් වාහන අදින ආකාරයටම ඒ වානේ කඹය දාලා අදිනවා. ඒ වැඩේටම වෙන්වූ වෙනත් ටැංකියක් තියනවා. එයට කියන්නේ ‘ස්ටෝල්වර්ට් Stalwart’ස්ටෝල්වර්ට් Stalwart කියලයි. මේ රුපයේ තියෙන්නේ රෝද වලින් යන එකක්. යුද්ධ ටැංකිය වගේ ට්‍රැක් (චේන්) උඩ යන ඒවාත් තියනවා.

      • ඉමල්ක ද සිල්වා said:

        ඉන්දියානා ජෝන්ස් Crystal Skull 2008 එකේ තිබුනනේ කැලේ කපාගෙන ලස්සනට පාර හදාගෙන යන පස්ට මැෂින් එකක් ,

  9. //කතාවේ ආදර්ශය:- කොහේ හරි අයිනක තියන, වැඩක් නෑ කියලා හිතෙන පුංචි හිලකින් වුනත්, ලොකු වැඩ කරගත හැකිය.//
    වැදගත්ම කොටස අන්තිමේටනේ..
    නියමයි ඈ… 😀 😀 😀

  10. කතා දෙකම මරේ මරුය, කලින් අසා නැතිය.
    ජයවෙවා….

  11. හතලිහ පැනපු නිසා ප්‍රොස්ටේට් කෑන්සර වලට චෙක් එකක් කරා..ඩොක්ටර් කියනවා.. අරෙහෙ රත්තරන් කිලෝ ගනන් පුරෝ ගෙන යනවා මෙහෙ ඔයාට මේ ඇඟිල්ල දාලා චෙක් කරනකන් ඉන්ඩ බෑ දඟලනවා කියලා..මොකද මට රිදිලත් නෙවෙයි රිදෙයි කියලා හිතිලා කෙඳිරි ගෑවුනා !

    • ඒ කතාවේ ඊළඟ කොටස මෙහෙමයි. සොල්දාදුවෙකුට ඔහොම වෙලා එයා කිව්වලු දැනුනෙවත් නැහැ කියලා. පස්සේ දොස්තර මහතා ඇඟිලි හතරක් දාලා. සොල්දාදුවා බුදු අම්මෝ කියාගෙන දිව්වලු.

  12. විචාරක, අද බොහොම විනෝදාත්මක ඒ වගේම උපහාසාත්මක කතා දෙකක් ගෙනැල්ලා. බොහොම ස්තුතියි.

  13. ලාවට වගේ අස්පට් වුනත් හොඳ ආදර්ශමත් කතා දෙකක්. දෙකම ආදර්ශමත්…. පළවෙනි එක ගෑණු ළමයින්ට… දෙවෙනි එක ඔක්කොටම… 😀

  14. ගුද මාර්ගයෙන් ලංකාවෙනං හොඳටම වැඩ ගන්නෙ හිර ගෙවල්වල ඉන්න බංකර් කාරයොද කොහෙද.

  15. කථා දෙකම කලින් අසා නැතුවාය… පස්ටය…විචාරක තුමා ගම්පහ ගෙට්ටුවට එනවා නේද ? වැඩි විස්තර කාමරෙන් ඉදිරි දිනයක…

  16. අපූරුයි ඇත්තටම

  17. පුංචි හිල ගැන හිතන්නේ නැති යට හොඳ පාඩමක්..

    • අපි හැමදාමත් කරන්නේ වැරදි වැඩ. හැමදාම මූණ හෝදලා මූනට එක එක ආලේපන ගාලා පවුඩර් එහෙමත් දානවා. නමුත් මෙච්චර සේවයක් කරන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට බොඩි ස්ප්‍රේ ටිකක් වත් ඉහින්නේ නැහැ. 😀 😀 😀

  18. දෙවැන්න නං අහල තියනව. මුල් එක නං නියමයි.

  19. අලුත්ම කතා දෙකක්. මං මේ කල්පනා කර කර හිටියේ හෙට ඔෆිස් ගිය ගමන්ම දැනුම බෙදා ගන්නවද නැත්නම් ටී ටයිම් එනකම් ඉන්නවද කියලයි. 😀

    පලවෙනි කතාවේ මම නරඹන්නා උනානම් අර වචන තුනවත් කියාගන්න සිහියක් තියෙයිද දන්නේ නෑ. :D:D:D

  20. ඕ මයි ගෝඩ්……..!

  21. ඔන්න පැන්සොන් වයස, ඒ කියන්නේ නොහැකි හෙවත් නාකි වයස එලැඹිලා එක පොරක් තමන් කරමින් හිටිය රස්සාවෙන් පැන්සොන් ගත්තලු. අන්තිම දවසේ ඔෆිස් එකේ තිබුණු පාටියෙන් පස්සේ හැමෝගෙන්ම සමුගෙන ඇවිත් පොර ගෙදර විවේක සුවයෙන් ඉන්න වෙලේ පොරගේ අවයව, අංගෝපාංග, පංචායුධ ටික හදිසි රැස්වීමක් කැඳවලා.

    රැස්වීමේ මූලාසනය අරං තියෙන්නේ අවයවවල ප්‍රධානියෙක් වෙන මොලයයි.

    “අද මේ රැස්වීම කැඳවන්න මූලිකම හේතුව වුනේ අපේ අයිතිකාර සුනෙත් විජේරත්න මහතාගේ විශ්‍රාම යෑමයි. ඔහු මේ අවුරුදු හැටක් වෙනතුරු වැඩපොල කරගත්තේ ඔහුගේ අවයව, අංගෝපාංග, පංචායුධ වෙන අපේ පිහිටෙනුයි. සුනෙත් විජේරත්න මහතාගේ අදහස නම් හෙට සිට ඉදිරි ජීවිතකාලය විවේක සුවයෙන් ගත කිරීමයි.”

    “මේ නිසා හෙට සිට අප කුමක් කළ යුතුද කියා සලකා බැලීඟට කාලය එලැඹ තිබෙන බවයි මගේ අදහස. ඒ ගැන ඔබේ අදහස් ඉදිරිපත්කරන මෙන් අද මෙහි රැස්වී සිටින සහෝදර අවයව, අංගෝපාංග, පංචායුධ ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා.”

    කවුරුත් බලාපොරොත්තු වූ පරිදිම මොලේ ගේ කතාව ඉවර වෙන්නත් කලින් වගේ කතා කරන්න පටන් ගත්තේ සුනෙත් ගේ කට යි.

    “උපන්දා කිරි ඉල්ලා අඬන් පටන් ගත්තු මොහොතේ ඉඳලා මේ වනතුරු සුනෙත් ගේ ජීවිතයට මගේ වුණු සේවය අප්‍රමාණයි. පොර ඔෆීසියේ දී ජාම් බේර ගත්තේ මගේ උදව්වෙන්. ගෙදර ඇවිල්ලා නෝනාගෙන් ගැලවිලා ඉන්නේත් මගේ පිහිටෙන්.
    දැන් අපි මේ විදියට සුනේත් ට කැඹුරුවා හොඳටෝම ඇති.”

    “මා යෝජනා කරනවා අප සියළු දෙනාම පැන්සොන් යා යුතුය කියා!”

    මහා අත්පොලසන් හඬක් නැගුණා.

    ඊලඟට කතා කළේ සුනෙත් විජේරත්න ගේ දකුණු අතයි.

    “උපන් දා සිට සුනෙත් තමන් ගේ බරපතල වැඩ බොහොමයක් කළේ මගේ උදව්වෙන්. ආහාර ගැනීම, දඟර පන්දු යැවීම විතරක් නෙමේ ඔහු කළ තරමක් ඇණ මුරුච්චි බුරුල් කළේත්, තද කළේත් මගේ උදව්වෙන්. මට කැමතියි අපේ කට සහෝදරිය ගෙනා යෝජනාව අනුමත කරන්න. අපි වහාම පැන්සොන් යන්න ඕනෑ!”

    “මාත් ඒකට එකඟයි” ඊලඟට වම් අත කතා කළා. “කක්ක දාලා පස්ස පැත්ත හෝදන එක විතරක් නෙමෙයි මගේ සහෝදර දකුණු අතින් විතරක් කරන්න බැරි හැම වැඩකටම සුනෙත් ට මගේ සහයෝගය මා ලබා දුන්නා. හෙට සිටම පැන්සොන් යෑමේ යෝජනාවට මා එකඟයි.”

    ඔය අතරේ සභාවේ එක කොනකින් හීන් හඬක් නැගුණා.

    අනේ මටත් ඕනෑ හැකි ඉක්මණින් පැන්සොන් යන්න!

    කවුද මේ කතා කරන්නේ, මොනවද කියන්නේ කියලා කාටවත් තේරුණේ නෑ.

    “කවුද ඒ? කරුණාකර, ටිකක් හයියෙන් කතා කරන්න”. මූලාසනයේ සිටි මොලේ කිව්වා.

    අනේ මටත් ඕනෑ හැකි ඉක්මණින් පැන්සොන් යන්න!

    “කවුද හලෝ ඔය? කියන දෙයක් පැහැදිලිව කියනවකො හලෝ පොඩ්ඩක් නැගිටලා!” අවයව, අංගෝපාංග, පංචායුධ සභාවේ පොරක් වන දකුණු කකුල එහෙම කිව්වා.

    “නැගිටලා කතාකරන්න? නැගිටින්න පුළුවන් නං පෙන්සොන් ඉල්ලනවද ඕයි?”

    ඔන්න ඒ පාර නං කවුද මේ කතා කරන්නේ කියලා හැමෝටම පැහැදිලි වුණා!

    • අපරාදේ මේ කතාව ලස්සනට ලියන්න තිබුනා ඔබේ අඩවියේ. හදපත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා පැමිණීම ගැන.
      ඔය කියන පැන්සොන් කතාව මගේ අවයවත් කරයි නේද වැඩි කල් නොගිහින් 😀 😀 😀

      • මේ කතාව මට කිව්වේ මගේ අංකල් කෙනෙක්. මං කතන්දර බ්ලොගයේ එය ලිව්වේ දැන් මාස දහයකට පමණ කලින්.

        http://kathandara.blogspot.com/2012/03/when-should-man-retire.html

        මා සාමන්‍යයෙන් කරන්නේ ලින්ක් එකක් දැමීමයි. නමුත් මෙවර වෙනසක් කරන් හිතී කට් ඇන්ඩ් පේස්ට් කළා!

        • ලින්ක් එකෙන් ගොස් කතාව බැලුවා. හරිම ඉහලයි.
          මම ලියා තිබෙන කතාවත් මුලින්ම ඇහුවේ ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියකුගෙන්. ඔහු මට කතාව කිව්වේ ඉංග්‍රීසියෙන්. මතකය අලුත් කරගෙන ලිව්වා. හැබැයි ඉතින් ඒ ඉංග්‍රීසි කතාවේ තියන එෆ් අකුරෙන් පටන්ගන්න වචන ලියන්න තිබුනානම් හොදයි. ඒත් ඉතින් ඒකට හරියන සිංහල වචන බ්ලොග් එක්ක ලියන්න බැහැනේ.
          ඒ වගේම තමයි ඔයවගේ අංකල්ලා දන්නා කතා හරියට තියනවා කාර්යාලයීය ජීවිතයට සම්බන්ධ. ඒවා, ඒ අය අප අතරින් සමුගන්න පෙර එකතුකර සටහන් කර තැබීමත් වැදගත්.

  22. කතන්දර කියපු වර්ෂන් එකත් අහලා තියෙනවා.තව ඒ වගේ වෙනත් වර්ෂන් අහලා තියෙනවා.පලවෙනි කතාව නම් ඇහුවේ අදයි.

  23. අද මේක හිනා සාගරයක් නේ. විචාරක තුමාගේ කතා දෙක වගේම “කකා” කතාවත් නියමයි. ඔක්කොටොම හපන් “කකා” ගේ කතාවට දීලා තියන උත්තරේ. 😀 😀
    (දැන්ම එහෙම නොවේවා 🙂 )

  24. ඔබේ භෂා හැසිරීමේ විලාසය හරිම අපුරුයි විචාරක මහත්තයෝ…..මට හිතෙන්නේ හමුදා නිලධාරියෙක් තුල සැගවුණු ලේඛකයෙක් ඉඳල තියනවා වගෙයි ….

    • මගේ දෙමවුපියන් ගුරුවරු වීම සහ මට සිංහල ඉගැන්වූ ගුරුවරු දෙවිවරු වීම නිසා වෙන්න ඇති. ඔවුන් සියල්ලන්ට බුදුබව අත්වේවා!
      ඇගයීම ගැන ඔබට ස්තුතියි.

  25. ඉමල්ක ද සිල්වා said:

    2013 වසර සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා විචාරක තුමෝ

  26. ඕ මයි ගෝඩ්ව මැවිල පේනව.
    විචාරකතුමාටත් කිරි පැණි උතුරන 2013ක් ලැබේවා!!!

  27. යට වර්ජනේ කරන වෙලාවක උඩ කතාව කිව්වොත් කොහොමද ? ඔහ් ! මයි ගෝඩ්.

  28. සුබ නව වසරක් වේවා.
    මම අද තමා ඔබේ නව ලිපි බැලුවේ.හොඳ කරුණු ටිකක් තියෙනවා. තව කාරණයක් blog එකක් ගැන ඔබේ උපදෙස් වලට ගොඩක් ස්තුතියි. මමත් එකක් හැදුව. වෙලා තියෙනවා නම් අන්වර් මනතුංගට පිළිතුරු කියල නම තියෙන blog එක බලන්න පුලුවන්ද? ඒක තවත් දියුණු කරන්න උපදෙස් මම බලාපොරොත්තුව ඉන්නවා.
    සමරසේකර

    • ඔබටත් සුබ නව වසරක් වේවා.
      බොහොම සතුටුයි ඔබ බ්ලොග් එකක් ආරම්භකිරීම ගැන. එහි සබැඳිය ඔබේ කමෙන්ට් එකටම දැම්මානම් පහසුවෙන් යන්න තිබුනා. කමෙන්ට් එකක් අවසානයේ ඔබේ නම යෙදීමේදී එයම ඔබේ බ්ලොග් එකට සබැඳිය බවට පත් කරන්නත් පුළුවන්.
      මම සොයාගෙන ඔබේ බ්ලොග් එක බලා අදහස් දක්වන්නම්.

  29. අනේ දෙයියනේ 2 වෙනි කතාවනම් පට්ට අයියේ….දැන් සනීපයිද අයියේ…….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: