විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


plagiarism  මගේ බ්ලොග් අඩවියට ලැබුන කමෙන්ට් එකක් ඔස්සේ කරුණු සොයා ගිය මට, බ්ලොග් හොරෙක් අතටම අල්ලාගන්න පුළුවන් වුණා. මොහු තමන්ව හඳුන්වා දී තිබෙන්නේ යුද හමුදාවේ සේවය කළා කියලයි. මොහු ඇඳ සිටින නිළ ඇඳුම් සහ නිළ ලාංඡන දෙස බැලීමේදී, මොහු ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායට අයත්ව සිටි කපිතන් වරයකු බව පෙනෙනවා. මොහු මගේ බ්ලොග් අඩවියෙන් ලිපි තුනක් හොරකම් කර මොහුගේ නිර්මාණ ලෙස පළ කර ඇති අලජ්ජි පුද්ගලයකු බව ද පෙනෙනවා.  මෙන්න මොහු හොරකම් කර ඇති මගේ ලිපි.

1. ඔයා බ්‍රිගේඩියර් ද ……

2. සැඟවුන මරුවා

3.  බස්සනවා අඟල් හයක්

මෙන්න මොහුගේ අලජ්ජි බ්ලොග් අඩවිය http://srilankaforces.blogspot.com/

මෙන්න මොහු තමන්ව හඳුන්වා දී ඇති පිටුව https://plus.google.com/114376227110487436126/posts

  අනේ මුන්දෑ තමන් සේ‌වය කළ හමුදාවටත්, තමන් සිටි නිළයටත්, තමන් සිටි රෙජිමේන්තුවටත්, පෞද්ගලිකව තමන් මෙලොවට බිහිකළ දෙමවුපියන්ටත්, මෙලෙස අපහාස කරන්නේ ඇයි? තමන් දැරූ කපිතන් නිළය දෙකේ කොළයට දමා වැඩ කරන්නේ ඇයි? මේ පුද්ගලයා ඔබ දන්නා හඳුනන කෙනෙක් නම්, ඔහුගේ අලජ්ජි පාහර ක්‍රියාව, ඉතා අශික්‍ෂිත බව පෙන්වා දෙන්න. මින්මතු මෙවැනි පහත් ජන්ම ලක්ෂණ පෙන්වන ක්‍රියා වලින් වළකින ලෙස උන්දෑට කියාදෙන්න. අහෝ අලජ්ජි කමක මහත.

My Signature for Blog2012 දෙසැම්බර් මස 21 දින 1400 පැය

Advertisements

Comments on: "තමන් ඇඳි නිළ ඇඳුමත් කෙළෙසන්නෙක්" (71)

  1. අනේ විචාරකතුමා කේන්ති ගන්න එපා…. මේ රටේ හොරු නැත්තේ කොතනද.. නම් ගම් එක්කම දාපු එක නම් හොදයි… මේකෙන් පේනවනේ මේ ලිපි කොච්චර වටිනවද කියලා…

    • අනේ විචාරකතුමා කේන්ති ගන්න එපා…. මේ රටේ හොරු නැත්තේ කොතනද.. නම් ගම් එක්කම දාපු එක නම් හොදයි… මේකෙන් පේනවනේ මේ ලිපි කොච්චර වටිනවද කියලා…

      • මම එක ලිපියක් ලියන්නේ අනතර්ජාලයේ ඇති ලිපි පමණක් නොව මගේ පුස්තකාලයේද ඇති පොත් කියවා සාදාගන්න සටහනක් ඇසුරෙන්. ඒ නිර්මාණ කාර්යය අමු අමුවේ කොපි කිරීම වේදනාවක් නොවෙයිද?
        ඔබ සියලුදෙනා මට දක්වන ආදරය ගැන ස්තුතියි.

  2. විචාරකතුමෝ, කේන්ති ගන්න එපා මෙහෙම කියනවට. ඔබ මේ ලිපි ලිවීමේදී ඉතාවෙහෙසවී ඔබේ අත්දැකීමුත් එකතු කර කල බව මමත් අවිවාදයන් පිලිගන්නවා. නමුත් ඔබ යමක් අන්තර් ජාලයට මුදාහල පසුව, එයට පෞද්ගලික අයිතියක් බලාපොරොත්තුවීම නිෂඵල වැඩක්.ඔබත් අන්තර්ජාලය තුල හෝ වෙනයම් ප්‍රකාශණ වල සඳහන් කරුනු ඔබේ ඉහත ලිපි තුනේත් අඩංගුයිනෙ උපුටා ගැනීම් පිලිබද සටහන් නැතුව. එතනදී ඔබත් Plagiarism වලට හසුවෙනවා 🙂

    මගේ පෞද්ගලික අදහස නම්, ඔබ වැනි අත්දැකීම් බහුල වැඩිහිටියෙකු මෙවනිදේට මෙසේ කෑගැසීම නුසුදුසු බවයි. කොහොමත් ඔබ මේ ලියන එකේ අරමුන දැනුම බෙදාගන්න එකනෙ. ඉතින් කැමති කෙනෙක් කැමති ආකාරයකින් පාවිච්චි කලාට ඇයි කේන්තිගන්නෙ.?

  3. විචාරක තුමා මම තමයි මෙම මේ බ්ලොග් අඩවිය පිලිබදව ඔබතුමා දැනුවත් කලේ ,මම හිතන්නේ මෙම පුද්ගලයා හමුදා නිලධාරියෙක් නොවේ. මෙවන් පහත් වැඩක් කරන්න. අනික මෙවැනි හමුදා නිලදාරීන්ගේ ජායාරූපයක් හොයාගන්න පුළුවන් ඕන තරම් facebook වැනි අඩවි වලින්. ඔබ තුමා මහන්සියෙන් ලියන දේවල් නිකම්ම copy-paste කරල තමන්ගේ වගේ පලකරන එක හරිම පහත් වැඩක්. අපිට කණගාටුයි !

  4. කවුරු කොහොම කොපි කළත් ඔබ තැබූ සලකුණ අහලකටවත් එන්න බැහැ.

  5. mehema kera kiyala mewa nawathinne ne mahaththaya.meken wenne me ekkenage page eka thawa public wena eka.samahara minissu ohoma thama,anunge de kadawadagena thama laba prasansa keerthi labaganne.iwasanna

  6. මොන නිළයක මොන නිළ ඇඳුමක් ඇඳ සිටියද වැරැද්ද වැරද්දමය.කණගාටු විය යුතු නැත.තමන්ගේ බුද්ධි මට්ටම දන්නේ තමන්ගේ හදවතයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

  7. ඔබේ බ්ලොගයට පසුගිය දවස් ටිකේ මගේ බ්‍රව්සරෙන් එන්න බැරි උනා. ඒ නිසා අවුරුද්දෙ ඇනිවර්සරියටවත් සුබ පතන්න බැරි උනා.

    අනුං ලියන දේවල් තමංගෙ වගේ ඵල කරන එකනං කැත වැඩක්. ඊට වැඩිය නම්බුයි මොකුත් නොකර නිකං ඉන්නවනං.

  8. මෙහෙම අමු අමුවෙ කොපි කරන එකනම් මහ ජරා වැඩක්. තමන්ට බ්ලොග් එකක් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න ඕන. තමන් මහන්සිවෙල තොරතුරු හොයන්, ලිපිය ටයිප්කරල ඡායාරූප සකස්කරල එය පළකලාම ලැබෙන සතුට කොහෙන්ද අනුන්ගෙ එකක් ලේසියෙන් කොපි කරල ගෙඩිපිටින් පලකරාම ලැබෙන්නෙ.

    ඒ අඩවියේ ‘සැඟවුණු මරුවා‘ ලිපියෙ උඩින්ම තිබෙන ඡායාරූපයට දකුණුපසින් තිබෙන නම ක්ලික් කරාම විචාරක මහත්මයගෙ අඩවියට එන ලින්ක් එක එකතු කරල තිබෙන්නෙ ඔබේ මේ ලිපිය පළකරාට පසුද? ඔබේ බ්ලොගය ගැන කිසිම සඳහනක් හෝ එම ලිපිය උපුටාගත් බව සඳහනක් හෝ නම් එහි නැහැ.

    • ඔබ කියන විදිහේ ලින්ක් එකක් මම දකිනවිට තිබුනේ නැහැ. එහෙම ලින්ක් එකක් දැමීම මෙවැනි කොපි කිරීමකදී දෑතින් හෙළුව වහගන්න හදනවා වගේ වැඩක්. පස්ස පැත්ත එළියේ.
      ලිපියේ අග ඔහු මෙන්න මෙහෙම සටහනකුත් යොදලා තියනවා.
      Posted 18th October by Manjula Kumarasiri

  9. මේ මනුස්සයාගේ බ්ලොග් එකේ තියෙන හැම පෝස්ට් එකක්ම එක්කෝ ඔබේ බ්ලොග් අඩවියෙන් හරි එහෙමත් නැත්නම් පත්තරේක සයිට් එකකින් තමා උස්සලා තියෙන්නේ

  10. කේ.යු.ජී.උදාර said:

    තමන්ට කියල යමක් කර ගන්න බැරි මිනිස්සු ලේසියෙන් ජනප්‍රියවෙන්න කරන දේවල් තමා ඔය….
    කොහොමවුණත් ඉස්සරහටත් දිගට ම ඔය දේ වෙනව නම් ඒක වළක්වන්නත් සුදුසු පියවරක් ගන්න.

  11. නිර්මාණය කරන්නට දත්තාට ඇති හැකියාව කොපි කරන්නාට කිසිදා වඩවාගත නොහැකියි. ඔවුන් එතැන ලැග සිටිය දී අපි ඉදිරියටම යමු!!

  12. මේ ටිකම තමා කියන්න තියෙන්නෙ… මේ වගේ එව්වලින් වෙන්නෙ බ්ලොග්කරුවො කලකිරෙන එක..

    https://jangun.wordpress.com/2012/10/23/%e0%b6%b6%e0%b6%bd%e0%b7%94%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b6lu%e0%b6%9a/#comment-3575

  13. අම්මපා මුට ඔය තුවක්කුවකින්ම වෙඩි තියන්න ඕන.. තමන්ට එදිනෙදා වෙන දේවල් පවා ලියන්න පුළුවන්කමක් තියෙනවනම් අනුන්ගෙ දෙයක් හොරකම් කරන්න වෙන්නෑ.. හිරූ අක්ක ලියන්නෙත් ඒම.. මාරයියත් එහෙමයි.. ඒව වැඩිදෙනෙක් කියවන්නෙත් තමන්ගෙ පුද්ගලික උණත් අළුත් නිසා..
    බ්ලොග් එකක් ලියන්න ටිකක් කැප වෙන්න වෙනවා.. මෙහෙම හොරකං කරල පජාත වෙනවට වඩා හොඳයි නොලිය පැත්තකට වෙන එක.. ඒක නම්බුයි..

  14. විශ්ව රංගනාත් said:

    මොහු හමුදා නිලදාරියෙක් නෙවෙයි. ඔහු දාල තියෙන නිල ඇඳුම අදින ලද පින්තුරය මට පෙන්නේ edit කරපු එකක් ලෙස. බෙල්ල සහ තොප්පියට පහල බලන්න. තොප්පියට පහල ඇති සෙවනැල්ල කෙලින්ම පහලට වැටිලා තියෙන්න එක edit කරන විට දමපු සෙවනැල්ලක් මෙම පින්තුරකේ original එකේ ආලෝකය වැටිලා තියෙන්නේ දකුණු පසින් එක නිසා තොප්පියට පහල ඇති සෙවනැල්ල ස්වල්පයක් වමට බර වෙන්න ඕන. ඒ වගේම බෙල්ලේ ඉහල ඇති සෙවනැල්ලත් එහෙමමයි. එක තියෙන්න දකුණට බරවෙලා තියෙන්නේ නමුත් නිල ඇදුමේ සෙවනැලි තියෙන්නේ වමට බරව. ඒ වගේම බෙල්ල ලඟින් කපපු සලකුණු පේනවා. තවත් සාක්ෂියක් තමයි නිල ඇඳුම් සහිත රුපය jpeg වලට optimize කරපු ක්‍රමය නෙවෙයි මුනට අදාළ රුපය optimize කරලා තියෙන්නේ.

    මේ වගේ මිනිසුන් නිසා හමුදාවට නින්දා වෙන්න පුළුවන්. ඔක්කොම ලිපි කොපි කරපුවා. විචාරක මහත්තයාගේ ලිපි හොඳ නිසානේ කොපි කලේ. මෙවැනි දේ වලින් නොසැලී ඉදිරියට යන්න. copy protected කරලා ඔහුට විරුද්දව bolgger ලට complain එකක් දාන්න.

    • මොහු ඒ විදිහට බොරුවට හමුදා නිලධාරියකු ලෙස පෙනීසිටිනවානම් එය සිර දඬුවම් ලැබිය හැකි බරපතල වරදක්.

      //ඒ වගේම බෙල්ල ලඟින් කපපු සලකුණු පේනවා// කොහොමටත් මෙයා දැන් මෙයාගේ බෙල්ල කපාගෙන ඉවරයි.

      මේ වගේ අයට බැහැ මාව මානසිකව වට්ටවන්න. මම මේ මනුස්සයව ලෝකෙට පෙන්නුවේ තවත් අයගේ අඩවි වලින් කොපි කරන්න ඉඩ තිබෙන නිසා.

  15. අනේද කියන්නේ….. එක්කෝ බැරිනං ඉගෙන ගන්නයි. නැත්තං නිකා ඉන්නයි, මොකටද අනුංගේ ලිපි වලට comments එහෙනං මෙතෙන්ට ඇවිත් commen කරල යන්න කියලා දාන්න කියන්න ඕන.

  16. කෙනෙක් වෙහෙස මහන්සි වෙලා ලියන දෙයක් එහෙම්මම කොපි කරගෙන ගිහින් පල කරන එක වැරදි වැඩක් වගේම කැත වැඩක්. ඔහුගේ බංකොලොත් භාවය තමයි එතනින් පේන්නේ.

  17. ඉමල්ක ද සිල්වා said:

    මේ යකා කොපි කරන වැඩේ වත් හරියට කරන්න දන්නේ නෑ , එකේ ඔබතුමා දාපු link එහෙමම තියෙනවා [ex :- පතුරමක කතාව ]

  18. මේ වගේ හොරු ගැන අපි ප්‍රසිද්දියේ කතාකරන්නම ඕන.එතකොට තමයි එඋන්ගේ රෙදි ගැලවෙන්නේ.එත් රෙදි ඇදගෙන ඉන්න එව්වොනම් ඔය වගේ බලු වැඩ කරනවද කියලත් හිතෙනවා.

  19. කවුරුන් කොපි කළත් ඔබට ඇත්තේ ඔබටම ආවේනික ශෛලියක්. අප ඔබ වටා එකතු වන්නේ ඒ නිසයි. ඔය හොරුන්ගේ ලින්ක් එකක්වත් දාන්න එපා. ඒක ඌට සවියක් වෙනවා. හොරෙන් ඉන්නවා ඌ කව්ද යන්න පමණක් හෙළි කිරිම ප්‍රමාණවත් බවයි මගේ අදහස විචාරක තුමා.ඔබ ලියන්න අප නිතරම ඔබ සමගයි. ඔය හොරු මගේ ලිපිත් උස්සලා තිබුණා.

  20. මට මේ දවස් ටිකේ අන්තර්ජාලය පැත්තේ එන්න බැරි වුනා.අදයි ආවේ.
    අර වෙබ් අඩවියේ කිසි දෙයක් දැන් නැහැ.
    ලැජ්ජා හිතිලා අයින් කරලා වගේ.

  21. සිරාවටම නින්දිත වැඩක්! හරිම අසාදාරණයි!
    විචාරක තුමාගෙ ලිපි වල වටිනාකම ඒකෙන් පෙනව. ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාන්න උනෙ මේ වගේ පෝස්ට් එකට විම කනගාටුවට කරුණක්!
    ඔබ තුමා ලියන්න. වංචාකාරයින්ට පැවැත්මක් නැත!

  22. මම ඔබ තුමගෙ ලිපි මගේ බ්ලොග් එකට අමු අමුවෙම කොපි කලා එය හා සියලු චෝදනා මම පිලිගන්නව. නමුත් එහෙමකරේ ඇයි කියල මම පැහැදිලි කරන්නම්.

    1. මම බ්ලොග් කරුවෙක් නම් නෙවෙයි ඒ නිසා මම කියවන හැම හොද ලිපියක්ම මම බ්ලොග් එකක සේවු කරගන්නව නිතර කියවන්න. මගේ බ්ලොග් එක මට කියවන්න හදා ගත්ත එකක් මිස මේක ජනප්‍රිය කරගන්න හදපු බ්ලොග් එකක් නම් නෙවෙයි. ඔබට එය බලාගන්න පුලුවන් මෙම බ්ලොග් එකට කිසිම කෙනෙක් කොමෙන්ට් කරල නැහැ ඒ වගේම සින්ඩිකේටරයකට දමලත් නැහැ.

    2. ඔබතුමගෙ වේදනාව මට වැටහෙනව ඒ නිසා මම මේ බ්ලොග් එක මකා දමනව .

    3. මින් පසු ඔබේ බ්ලොග් එකෙන් කවුරුහරි ලිපි කොපිකරල තිබුනොත් පලමුව එය මුලු ලෝකයටම දැන්වීමට පෙර එය ඔහුට ඊ මෛල් එකකින් හෝ ඔහුගේ බ්ලොග් එකට කොමෙන්ට් කර හෝ දන්වන්න. එයින් ඔබගේ මහත්මා ගතිය පෙන්නුම් කරයි.

    4. කෙසේ වෙතත් හමුදා නිලදාරින්ගේ දැනුම මට්ටම අනුව ඔබ ටිකක් ඉදිරියෙන් ඉන්නව වගේ මට හැගෙන අතර මින් පසු මම ඔබගේ කිසිම ලිපියක් කොපිකර ඔබව නොහඩවන බව දන්වන සේම ඔබගේ හිත රිදවීමට සිදුවීම පිලිබදව කණගා‍ටු වෙමි.

    • 1. වරද පිළිගැනීමේ ඔබේ මහාත්මා ගුණය මම මුලින්ම අගය කරනවා. එය ඔබ උසස් යුද හමුදා පුහුණුව තුලින් ලද ගුණයක් කියා හිතනවා.

      2. ඔබටමගේ ලිපි සුරැකිව තබාගැනීමට අවශ්‍ය වූවානම්, ඔබ කළයුතුව තිබුනේ වෙනත් ක්‍රමයකට සුරැකිව (save) තබාගැනීම මිස, බ්ලොග් අඩවියක පළකර තැබීම නොවෙයි.

      3. මම කිසිවිටකත් ‘කවුද මගේ බ්ලොග් ලිපි හොරකම් කරන්නේ’ කියා සොයා සොයා යන්නේ නැහැ. මෙතෙක්කල් මගේ බ්ලොග් ලිපි හොරකම් කල සෑම අවස්ථාවකම ඒ බව මට දැන්වූවේ මගේ ආදරණීය පාඨකයෝ.

      4. මම මේ සිද්ධිය මෙතනින් අමතක කර දමනවා. ඔබ ආරම්භ කල බ්ලොග් එක මකා දමන්න එපා. ඔබටත් පුළුවන් විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලියන්න. ඔබේ හැකියාවන් ඇති මට වඩා. ඔබ තවම තරුණයි, ඔබේ ජීවිතයේ වටිනාම කාලය තියෙන්නේ තව ඉදිරියටයි. ඔබට සුබ අනාගතයක්.

      • ඔබේ පිලිතුරට ස්තුතිය.

        මගේ විනය සකස් වී ඇත්තේ මා ලද උසස් අධ්‍යාපනයෙනි. යුධහමුදා පුහුණුවෙන් ලැබුවේ හොද හෝ නරක දෙන අණකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කීකරු වීමක් පමණි. මම තව දුරටත් පවසන්නේ මෙම ලිපි මම හොරකන් කර නොමැති බවත් ඒවා කියවීම සදහා පමණක් භාවිතා කලබවයි.

        මින් මතුවට ඔබ මාව හොරෙක් කිරීම ඔබ ලද යුධහමුදා පුහුණුවෙන් ලද විනය තුලින් ලබාගත් දැ බව ඔබගේ පාඨකයන් දැනගනීවි.

        එමෙන්ම මම විශාල ලිපි ප්‍රමාණයක් විවිධ බ්ලොග් අඩවි වලින් ලබගෙන ඇති නමුත් බ්ලොග් අඩවි ප්‍රවීනයන් මේවා කොපි කර ලබාගැනීම සබැදිව එතරම් කණගා‍ටු නොවෙති මන්ද ඔවුන් මට ඊ මේල් මගින් දන්වන්නේ ඔව්න්ගේ ලිපි ලබාගැනීම පිලිබදව ඔව්න්ට මහත් ආඩම්බරයක් බවයි.

        ඔබ බ්ලොග් වලට පිවිසෙන්නේ තරමක් වයසට ගොස් ඉගනගැනීම නිසා බැවින් හා ඔබ අන්තර් ජාලයට ආධුනිකයෙක් බැවින් මෙතරම් දුකක් ඔබට අතිවෙන බව මට හැහී යයි. එමෙන්ම ඔබ ලියා ඇති බොහෝ ලිපි යුධහමුදා පුහුණු කිරීම් සදහා භාවිතා කරන ලිපි ලේඛන ආශ්‍රයෙන් උපුටා ගන්ණා ලද සටහන්ය. මේවා මාධ්‍යයෙන් මුදාහැරීම යුධ හමුදා නීතියට අනුව වරදකි. ඔබට අන්තර් ජාලයෙහි මේහා සමාන ලිපි නොදකින්නේ එනිසාවෙනි. එබැවින් යුදහමුදා සටන් ක්‍රම පිලිබදව ලිපි අන්තර් ජාලයෙහි පලකිරීමේදී මින් ඉදිරියට සැලකිලිමත් වන්න.

        • අනේ ඔබට අනුකම්පා කරමි. මේ වගේ තරුණ මදයෙන් පෙලෙන අය මා කැඩෙට් නිලධාරීන් පුහුණුවේදී අනන්තවත් දැක තිබෙනවා. මා ඔවුන්ව හොඳ නිලධාරීන් බවට පත්කර තමයි ඒකක වෙත යැව්වේ.
          තමන් කල වරද වහගන්න නන් දෙඩවීමෙන් පලක් නැතිබ දැඩිව අවධාරණය කරනවා. ඔබ මහත්මයකු ලෙස වරද පිළිගෙන ඇයි දැන් නැවත වෙනස් වී තිබෙන්නේ? මම කොතනද කියා තිබෙන්නේ මම වෙනත් ලේඛන වලින් උපුටා ගත්තේ නැහැ කියා? මම සෑම විටම කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන ලේඛන සිංහලට පරිවර්තනය කරන බවයි. ඉතා දුකසේ මා කරන ඒ කාර්යය එක එක පල් හොරුන්ට මංකොල්ල කාගෙන තමන්ගේ දේ මෙන් නැවත පලකිරීමට දෙන්න බැහැ. හොරා ඔබද මමද යන්න පාඨකයන් මෙහි දක්වා ඇති අදහස් වලින් පෙනේ.

          මම යුද හමුදා නීතියට පටහැනි දෙයක් කරන්නේනම් වහාම මේ දැන්ම යුද හමුදා මූලස්ථානයට වාර්තා කරන්න. එසේ කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ඔබ නිකම්ම නිකම් ජෝකරයෙක් පමණයි.

          බ්ලොග් ලිවීමට මාහට තමාගේ උපදෙස් අවශ්‍ය නොවේ.

  23. ස්වකීය නිර්මාණයක් කිරීමට ගතයුතු වෙහෙස මහන්සිය,කැපකලයුතු කාලය පිලිබඳව අවබෝධයක් ඇත්තේ අදාල නිර්මාණයේ නිර්මාපකයාටය.ස්වකීය නිර්මාණයන් සිදුකරන පුද්ගලයින් කිසිදිනෙක අන් අයගේ නිර්මාන සොරකම් නොකරයි.මක්නිසාද නිර්මාණයක් සිදුකිරීමට ගතයුතු අපමන වෙහෙස මහන්සිය ඔවුන් දන්නා බැවිනි.මෙවැනි අන් නිර්මාණ සොරකම්කොට ප්‍රසිද්ධිය ලබාගැනීමට තැත්කරන්නන් හට කිසිදිනෙක සාර්ථක චරිතයක් වීමට නොහැකිය.මෙවැනි දේ කරන පුද්ගලයින් නිසා ඔබ අධෛර්යමත් නොවන්න.ඔබට ජය.

    • මම අධෛර්යයට පත්වෙන්නේ නැහැ දිමුත්. මට අවශ්‍ය මේ වගේ අය ලෝකයට පෙන්වීමයි. මොවුන් තමන්ගේම ආතමයටයි මේ වංචා කරගන්නේ. ඔබට ස්තුතියි.

  24. what is your name & unit

  25. අනුන්ගේ දේවල් ගෙඩි-පිටින් කොපි කරල තමන්ගේ වගේ නම දාගන්න එක සිරාවට චාටර් වැඩක්. අනික මේ අන්තර්-ජංජාලේම ඕක දාල චා වෙනව කියල තේරුමක් නැති හැටි.

  26. පින් අතේ වැඩක් කලත් හොරකම…. අර කොපි කරන්න බැරි ආරක්ෂිත උපක්‍ර‍මය තවමත් භාවිතා කලේ නැද්ද ?

  27. විචාරකයියියෙ මෙන්න මේ ලින්කුවට ගිහින් බලන්න.ඔබතුමාට සමහර විට ගත් හැකි දෙයක් තිබේවි

    http://www.yasith.net/2012/12/copy-protect-your-blog-posts-sinhala.html?showComment=1356237842644#c7493155937027524706

    • බොහොම ස්තුතියි සමී. ඒ ක්‍රමයෙන් ආරක්ෂා කරන පුළුවන් බ්ලොගර් අඩවි පමණයි වර්ඩ්ප්‍රෙස් අඩවි බැහැ. නැවතත් ඔබට ස්තුතියි මට උදව් කරන්නට ඉදිරිපත්වීම පිළිබඳව.

      • java script කෝඩ් දමා ලියපුවා ආරක්ෂා කොරන්ට බෑ. java script ඩිසේබල් කල විට ඉතා සරලවම ඔය ටික බාගත හැකියි.
        මොසිලා හි නම් tools ——> contents ——-> enable java script හි හරි ලකුණ අයින් කල විට ජාවා script අයින්වේ.

      • විචාරක තුමා, ඔය “දූපත්” කියල තියන්නේ මේකයි. සමී දීලා තියන ලින්ක් එකේ විදිහට කොපි කරන එක වලක්වන්න පුළුවන් නේ. ඒත් ඒ වගේ ජාවා කේත යොදාගෙන කොපි කරන එක අවහිර කලාට ඒක එච්චර සාර්ථක නෑ. කොපි කරන කෙනාට පුළුවන් එයාගේ බ්‍රව්සර් එකේ පොඩි වෙනසක් කරලා ඕන දේ කොපි කර ගන්න.

  28. “ලියපං කුනුහබ්බයක් හරි, හැබැයි තමන් කියපු”. ඔන්න ඕකයි මහත්මයා සරාගේ තියරිය. කොහොම උනත් පුද්ගලයගේ reply එකටනම් මට හිනහත් ගියා. හරි අපූරු උපදේශය. හෙහ් හෙහ් හෙහ්…!!

  29. ක්සැන්ඩර් | Xander said:

    නිර්මාණ බංකොලොත් භාවය සහ හමුදා විනය පිටට පෙන්වූ අපුරුව. 🙂 ඔබේ සහ ඔහුගේ සංවාද ද සියල්ලද කියෙව්වෙමි. අහෝ කපිතාන් ඔබ හමුදාවට ගියේ කොස් කොටන්නද? කැමති සහ අකමැති අණ ගැන කියන්නේ ඔබ නම් ඔබේ සෙබළුන් ඔබව දකින්න ඇත්තේ කෙසේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: