විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  3ත්‍රස්තවාදය කිසි දිනක ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි සමාජ පිළිලයක්.  සමහරුන්ට නම් එය ජීවන මාර්ගයක්. එකක් ඉවර වනවිට තවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් පටන් ගන්න අයට උඩගෙඩි දෙමින්, ඒ කටයුතු සඳහා යම් යම් කණ්ඩායම් උසිගන්වන මෙන්ම, ඔවුන්ව දඩමීමා කරගනිමින්, තම පටු අභිමතාර්ථ ඉෂ්ට කරගන්නටත්, ආයුධ වෙළඳාම වැඩි දියුණු කරගන්නන්ටත් මාන බලන, ජාත්‍යන්තර සංවිධානද, මේ අතර ඉන්නවා. අසීමිත පීඩනයට ලක්වූ පිරිසක් සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීම කිසියම් ආකාරයක සාධාරණ ක්‍රියාවක් බව සිතිය හැකි නමුත්, කපටි සූක්ෂ්ම වැඩ පිළිවෙල මගින්, දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා, ත්‍රස්තවාදය එකම අවිය ලෙස භාවිත කිරීමනම්, කිසිසේත් අනුමත කළ නොහැකියි.  

  යුද තාක්ෂණය දියුණුවීමේ වේගය මේ වනවිට ඉතා විශ්මයජනක තත්වයකට පත්ව තිබෙනවා. ඔබ දන්නවා නේද පැරණි සිංහල කියමනක් තිබෙනවා ‘රාස්සයා කන පරාස්සයා’ කියලා.  ඒ කියන්නේ එක බලවතෙක් යටපත් කරගෙන නැගිටින, තවත් බලවතෙක් ඉන්නවා කියන එකයි. (බවලතෙක් නෙවෙයි ඈ. එහෙම අයත් ඉන්නවා ඉතිං) අපි තුවක්කුව කියන යුද්ධායුධය ගැන පමණක් සිතා බැලුවොත්, රාස්සයා කන පරාස්සයා වගේ, නවීන තුවක්කු නොකඩවාම ලෝකය තුළ බිහිවෙනවා. එහි අවසානයක් නැහැ. අද ප්‍රබල තුවක්කුවක් හෙට නිකම් සෙල්ලම් බඩුවක් බවට පත්වෙනවා. යුද ටැංකි, කාලතුවක්කු, යුද ගුවන්යානා, මිසයිල්, ආදිය ගැන සලකා බැලුවත් ඒ තත්වයම තමයි. එන්න එන්නම මිනිසා තිරිසන්කම අතින් නම් ඉහළටම යනවා. මිනිස්කම අතින් ආගාධයටම යනවා.

  භයානක අවි ගැන ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නට සූදානම් කරමින් ඉන්නේ.

  4ත්‍රස්තවාදීන් විසින් නිතර කරන ක්‍රියාවක් තමයි ප්‍රාණ ඇපකරුවන් තබාගැනීම. එමගින් තම අරමුණු ඉටුකරගැනීම සඳහා නීත්‍යානුකූල රාජ්‍යයන් වෙත පවා දැඩි බලපෑම් එල්ල කිරීමට හැකිබව ත්‍රස්තවාදීන් හොඳින් දන්නවා. ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණය කරගැනීම අනාදිමත් කාලයක සිට සිදුවන්නක් බව ඉතිහාස කතා කියවීමේදී පැහැදිළි වෙනවා. ඉතින් කොපමණ ආරක්ෂක සංවිධාන තිබුනත්, අනාගතයේදී ද, ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණය කරගැනීම සිදු නොවෙතැයි කියන්නට බැහැ. (දුවව ප්‍රාණ ඇපයට ගෙන, නැන්දම්මාගෙන්/මාමාගෙන් ඉල්ලීම් දිනාගත හැකි ක්‍රමයක් ගැන දන්නා අය සිටීනම්, වහාම මා අමතන්න 😀 😀 )  අනාගතයේදී සොල්දාදුවා අති නවීන තාක්ෂණික අවි වලින් සන්නද්ධ වෙනවා. අණදෙන නිලධාරියකුට තම එක් එක් සොල්දාදුවා සමග වෙන වෙනම පණිවිඩ හුවමාරු කරගන්නටත්, සොල්දාදුවාගේ හිස්වැස්මේ ඇති කැමරාවෙන් දකින පින්තූර බැලීමටත්, එම හිස් වැස්මේම ඇති විකාශන යන්ත්‍රයෙන්, ඒවා අවශ්‍ය තැන්වලට සජීවීව ලබාදීමටත් හැකි වෙනවා. එපමණක් නොව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එක් එක් සොල්දාදුවා යුද බිමේ ඉන්න ස්ථානය පවා පරිගණක තිරයක් මත නිවැරදිව හා සජීවීව දැකගත හැකිවෙනවා. (මෙයින් සමහරක් දැනට පාවිච්චි කරන රටවල් තිබෙනවා. අපේ රටේ නම් තවම නැහැ)

  ඊළඟ යුගයේ දී, සොල්දාදුවා යුද බිමෙන් ඉවත්වී, රෝබෝ වරුන්ට ඒ ස්ථානය ලබා දෙනවා. යුද්ධය දුරස්ථ පාලක මගින්, අති සූක්ෂ්ම පරිගණක තාක්ෂණයෙන් මෙහෙයවන දෙයක් බවට පත්වෙනවා. ප්‍රාණ ඇපකරුවන් සිටින ස්ථානයකට ඇතුළුවීමට යන, පොලිස් හෝ විශේෂ බලකා සෙබළුන්ට, මුහුණදීමට සිදුවන එක ප්‍රධාන ගැටළුවක් වන්නේ, ප්‍රාණ ඇපකරුවන් සිටින ස්ථානය පිළිබඳව, සජීවීව තොරතුරු දැනගැනීමට ක්‍රමයක් නොමැතිවීමයි. ඒ නිසා, එවැනි තැනකින් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා, කඩාපැන ප්‍රහාර එල්ල කිරීමේදී, ප්‍රාණ ඇපකරුවන්ගේ මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේද, ජීවිත හානිවීමට ඇති ඉඩකඩ බොහෝයි. එපමණක් නොවෙයි. හිතන්න ගොඩනැගිල්ලක මහා ගින්නක් ඇතිවී තිබෙනවා කියා. ඒ ගොඩනැගිල්ලේ ඇතුලත සිරවී ඉන්නේ කවුද, ඉන්නේ කොහෙද, ආදී විස්තර බලා ගැනීමට, ගිනි නිවන භටයන්ට, සෑමවිටම එතුළට රිංගන්න ලැබෙන්නේ නැහැ, ගින්න ප්‍රබල නම්. මෙතනදීත් නවීන තාක්ෂණය ආරක්ෂක අංශ වල පිහිටට පැමිණ තිබෙනවා. පහත පින්තුරයෙන් දැක්වෙන්නේ එවැනි නවීන උපකරණයක්.

1

මේ පින්තුරයේ පෙන්වන, ‘බේස් බෝල්’ ක්‍රීඩාවෙදී යොදාගන්නා බෝලයක් වැනි උපකරණය, විශ්මයජනක නිර්මාණයක්. මෙය නිපදවා තිබෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ, පරිගණක විද්‍යාව හදාරන සිසුවකු සහ, ඇමරිකානු ‘රේන්ජර්’ වරයකු ගේ හවුල් ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි. කිසියම් ගොඩනැගිල්ලක් තුළ, ප්‍රාණ ඇපකරුවන් පිරිසක් සිටිනවා නම්, එමෙන්ම බැංකුවක් මංකොල්ලකන ලද හොර කල්ලියක්, බැංකු සේවකයන් හා ගණුදෙනු කරුවන් ප්‍රාණ ඇපයට ගෙන පිටවීයාමට උත්සාහ කරනවානම්, ඒ ස්ථානයේ දැනට ඇති තත්වය පිලිබඳ තොරතුරු, හැකිතරම් ලබාගැනීම මත තමයි, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක සාර්ථකත්වය රඳා පවතින්නේ. වලං කඩේට ගොනා පැන්නාක් මෙන්, එතනට පැන දිගට හරහට වෙඩි තැබීමෙන් සිදුවන්නේ, හානිය තවත් වැඩිවීම පමණයි. මෙහි දැක්වෙන බෝලයක් වැනි උපකරණය, පොලොව දිගේ රෝල් කර යවන්න පුළුවන්. මේ උපකරණයේ, අති ප්‍රබල කැමරා හයක්, විවිධ සංවේදන උපකරණ සහ විකාශන යන්ත්‍රයක් සවිකර තිබෙනවා. උපකරණය රෝල්වී ගොස් කොහොම නැවතුනත්, අවම වශයෙන් කැමරා තුනක්, අවට පරිසරයට යොමු වෙනවා. ඒවායින් ලබාගන්න පින්තූර, සජීවීව, පාලක මධ්‍යස්ථානයකට ලබා දෙන්න පුළුවන්. එපමණක් නොව, ඒ ස්ථානයේ ඇති උෂ්ණත්වය, වායු පීඩනය, වායු දූෂණය (මිනිසාට හානිකර වායු වර්ග තිබේද) වැනි තොරතුරු පවා ලබාගන්න පුළුවන්. මේ දත්ත,ජංගම දුරකතනයකට, බහුමාධ්‍ය පණිවිඩයක් ලෙස ලබාදීමටත් හැකියාව තිබෙනවා. මෙය වැඩි දියුණු කර, මීට වඩා ප්‍රතිඵලදායී ලෙස සහ, වෙනත් විවිධ ක්ෂේත්‍රයන් තුළ, භාවිතයට ගැනීමට අදහස් කරනවා.

  ප්‍රාණ ඇපකරුවන් හෝ කිසියම් ස්වභාවික විපතක් නිසා, (සුනාමි, ගංවතුර, නාය යාම්, වාහන අනතුරු, සුළි සුළං) ගොඩනැගිල්ලක් තුළ හෝ වාහනයක් තුල සිරවී සිටින්නන් බේරා ගැනීමට, ඝන ලෝහ තහඩු කපා දැමීමට සිදුවන අවස්ථා එමටයි. එවැනි අවස්ථාවකදී ඒ සඳහා යොදාගතහැකි යන්ත්‍රසූත්‍ර හෝ උපකරණ සෑමවිටම අතළඟ තිබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී පාවිච්චියට ගතහැකි, පහසුවෙන් ගෙනයාහැකි, උපකරණයක් පහත දැක්වෙනවා.

2

මේ උපකරණයත් නුදුරේදී වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතයි. නිෂ්පාදකයන් විසින් මෙය හඳුන්වා තිබෙන්නේ ‘ලෝහ වාෂ්ප කරන පන්දම’ වැනි තේරුමක් සහිත, Metal Vapour Torch (MVT) යනුවෙන්. ඔවුන් කියන්නේ, මේ පන්දම සතුව, ස්වභාවික විදුලි කෙටීමකදී ඇතිවන, පුලිඟු දහරාවක ඇති බලය වැනි, බලයක් ඇති බවයි. ඉබි යතුරු, අගුල්, සොයිබ, දම්වැල්, ආදිය අධි වේගයෙන් කපා දැමිය හැකි මේ උපකරණයෙන්, මිලිමීටර් 12 ක් ඝනකම ලෝහ දණ්ඩක්, තත්පරයකට අඩු කාලයකින් කැපිය හැකි බවද, සඳහන් වෙනවා. ඝන ඉන්දන   සමග ඔක්සිඩයිසර් සංයෝගයක් ප්‍රතික්‍රියා කරවීමෙන් මෙම උපකරණයට අවශ්‍ය අධික උෂ්ණත්වය උපදවා ගන්නවා. දැනට පාවිච්චි කරන ඔක්සි ඇසිටිලීන් දැල්ලට වඩා මෙහි උෂ්ණත්වය අධික බවද කියවෙනවා.  

මූලාශ්‍රය :- http://www.popularmechanics.com/

My Signature for Blog2012 දෙසැම්බර් මස 18 වැනි දින 2314 පැය

 

Comments on: "හමුදාවයි පොලීසියයි මුලින් බෝලෙ දාලා පස්සේ පන්දම අල්ලනවා – Latest Innovations in Warfare Technology" (36)

  1. ඇමරිකා එක්සත් ජනපදයේ, පරිගණක විද්‍යාව හදාරන සිසුවකු සහ, ඇමරිකානු ‘රේන්ජර්’ වරයකු ගේ හවුල් ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි. //
    මම දකින විදියට ලංකාවේ ලොකුම වැරද්දක් ලංකාවේ ඔවැනි ව්‍යාපෘති නොමැති බව. සිවිල් පුද්ගලයන්ගේ දැනුමින් ප්ලේන් එකක් හැදුවත් නීතියට පටහැනියි.

    • ඔබ සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා. අපේ කම්මල් බාස් කෙනෙක් T 56 රයිෆල් පතරොම් දාන්න පුළුවන් ගල් කටස් එකක් හැදුවොත්, ඌව හිරේ දානවා. පිටරටින් කොමිස් හම්බ වෙන නිසා හැමදාම පිටරටින්ම බඩු ගන්නවා. කවදාවත් උත්සාහ කරන්නේ නැහැ අපේ එකෙකුට අත දෙන්න. වෙඩි නොවදින ඇඳුම් නිපදවන (බොඩි ආමර්) සමාගමක් තියනවා ලංකාවේ. ඔවුන් හැදුවා ලෝකයේ අංක 1 ට තැබිය හැකි බොඩි ආමර්. නමුත් එක්තරා හමුදා ලොක්කෝ පිරිසක්, කොමිස් පෙරේතකමට පිටරටින්ම ගන්න හැදුවා බොඩි ආමර්. අර සමාගම නඩුවක් දාල සටන ජයගත්තා. අද පාවිච්චි කරන්නේ ඔවුන්ගේ බොඩි ආමර්. ඔවුන්ට ඕනෙනම්, ඒ සමාගමම පිටරටට විකුනලා දාන්න තිබුනා. නමුත් අර ජරා හමුදා ලොක්කන්ට වඩා, ඔවුන් අපේ රටට ආදරේ බව ක්‍රියාවෙන්ම ඔප්පු කළා.

      • අලුත් දේවල් කරන අයට අත දීම ගන නම් කතාකොට වැඩක් නෑ.. අද විශ්ව විද්‍යාල පවා ගිරා ක්‍රමයකට හැඩගැසෙමින් යන කාලෙනෙ.. ප්‍රශ්න පත්‍ර පවා හැදෙන්නෙ ගිරවුන්ට (කඩ පාඩම් කරන්නෝ) මිසක් මීටර් වලට (බුද්ධියෙන් කටයුතු කරන්නෝ) නොවේ….

  2. මම මට්‍රුකව දැක්කම හිතුවේ අද කියන්න යන්නේ කාලතුවක්කු ගැන කියලයි,

    • ඇත්තටම කාලතුවක්කු සහ යුද්ධ ටැංකි ගැන ලියන්න කියලා කරලා තිබෙන ඉල්ලීම් තවම ඉටු කරන්න බැරිවුනා. සමහර අය තරහා වෙලත් ඇති. ඉක්මනින්ම ලියන්නම් කියලා කිව්වත් මගේ හිතෙන්ම ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ වෙන වෙන මාතෘකා වලටයි.

  3. කියන්නත් සං‍තෝෂයි මේ කාරනා කීපයයක්ම මම අහලවත් තිබුනේ නෑ. මම හිතනවා ඉදිරියේදී අපූරු ලිපිපෙලක් පලවේවි කියලා යුධ තාක්ෂණය හා නවීන අවි පිළිබඳව. එසේනම් ඔබට ජය…..!!

    • හරිම අමාරුයි කරුණු සෙවීම. එහෙත් සංග්‍රාමික කරුණු ඇතුලත් තවත් ලිපි දෙකක් දැන් සංස්කරණය වෙමින් පවතිනවා.
      ස්තුතියි ඇගයීම ගැන.

  4. Bohoma Honda lipiya.
    Thanks dear

  5. පැත්තෙ පින්තූරෙ දැකපු ගමන් මට මතක් උනේ දාවිත්ව.. විචාරක මහත්මයා දන්නවා ඇතිනෙ දාවිත්ගෙ කතන්දරේ..

    “දුවව ප්‍රාණ ඇපයට ගෙන” දුවව ප්‍රාණ ඇපයට ගන්නවාද මම දන්නෙ නෑ.. ඒත් ඔය සමහර එවුන් ඉන්නෙ සල්ලි නොදුන්නොත් දුව අතාරිනවා.. ගේ මගේ නමට නොලිව්වොත් දුව අතාරිනවා කියලා .. තමුන්ගෙ උවමනාවන් කරගන්න එවුන්..

    Total Recall EXTENDED චිත්‍රපටියේ තිබුනා අපූරු ගැජට්ටුවක්.. ඒකෙන් කරන්නෙ උණ්ඩයක් තමුන්ට නොපෙනන කාමරයකට විදින එක.. උණ්ඩය පොඩි පොඩි කෑලි වලට කැඩිලා කාමරය පුරා යනවා.. ඒ හැම පොඩි කෑල්ලක්ම කැමරාවක්.. (මේක චිත්‍රපටයක් 🙂 )

    “ඉබි යතුරු, අගුල්, සොයිබ, දම්වැල්, ආදිය අධි වේගයෙන් කපා දැමිය හැකි” හොරෙක්ගෙ අතට ගියාම කඩයක් බේරගන්න වෙන්නෙ නෑ..

    මෙච්චරකල් ලියවුනාට වඩා වෙනස් ලිපියක්..

    • දාවිත්ගේ කතන්දරේ නොදනිමි. වහාම කියනු ඇති බලාපොරොත්තු වෙමි. කැති තලේට වෙඩි තියලා ඌරෝ දෙන්නෙක් මරපු එක්කෙනාද?

      දුවව ප්‍රාණ ඇපයට ගැනීමේ කතාවේදී අද මට මතක්වුනේ අර කාලකන්නියෙක් තමන්ගේ බිරිඳටයි දරුවෝ දෙන්නටයි ගිනිතියලා මරලා තියන කතාව. හැබෑටම මෙහෙමත් තිරිසන්නු.

      අනාගත ලෝකය තාක්ෂනික උපකරණ වලින් පිරී යනවා. (එදාට අපිවත් මතක් කරන්න) යුද්ධ කරන්නත් රෝබොට්ටලාට තමයි පැවරෙන්නේ.

      ඔව් මටත් හිතුනා. අර පන්දම් ගැජට් එක හොරුන්ටනම් ආශිර්වාදයක්. ලිපියේ වෙනසක් දැකීම ගැන සතුටුයි.

      • “කැති තලේට වෙඩි තියලා ඌරෝ දෙන්නෙක් මරපු එක්කෙනාද? ” නෑ.. නෑ.. ඊශ්‍රායෙල් සේනාවකටම ගහන්ඩ පුළුවන් හැකියාවක් තිබ්බ පලස්තීන යෝධයෙකුව කැටපෝලයකින් විදලා මරපු පුංචි කොල්ලා තමා දාවිත්..

  6. තාක්ෂණයේ යොදාගැනීම් හොඳට විතරක් නම් හොඳයි.. ඒත් ඒම වෙන්නෑනේ? ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් හැදුවෙ ගල් වලවල් හාරන්න ලේසි වෙන්න.. අයින්ස්ටයින් ශක්ති සමීකරණය ඉදිරිපත් කළේ බලශක්ති අර්බූදයට විසඳුම් ලබා ගන්න.. ඒත් ඒ ඔක්කොම කණපිට හැරුණනේ?

    • ඔව්, පිහියෙන් පාන් කපන්නත් පුළුවන්, බෙල්ල කපන්නත් පුළුවන්. අනාගතයේදී යුද්ධ ඇතිවන්නේ තාක්ෂණික ඥානයෙන් ඉහල බව ලඟා කරගැනීමටයි.

  7. අදත් ලස්සන පින්තුරයක් තියන්නේ. 🙂 /*දුවව ප්‍රාණ ඇපයට ගෙන, නැන්දම්මාගෙන්/මාමාගෙන් ඉල්ලීම් දිනාගත හැකි ක්‍රමයක් ගැන දන්නා අය සිටීනම්, වහාම මා අමතන්න*/ විචාරක තුමා, දැන් වැඩක් නෑ ක්‍රමයක් තිබුනත්. “උඹට දුන්නේ දෙන්න තියන එක තමයි” කියයි. 😀

    බෝලෙයි පන්දමයි දෙකම නියමයි නේ. අගනා විස්තරයක්!!

    • දැක්කා නේද රයිෆල් කැටපොලය. පේටන්ට් එකක් ගන්න තිබුනා කලින් හොයාගත්තනම් 😀
      ඔව් හැබෑට මටම අමතක වෙනවනේ මගේ වයස.
      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

  8. දැන් බෝලේ දාන්න කළින් ඔක්කොම විස්තර ටික එකතු කරගන්න යවන්නෙ මිනිස්සු නැති ඩ්‍රෝන් ප්ලේන්.

    මම යුදෙව් නොවුනට යුදෙව් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා: ත්‍රස්තවාදීන්/ප්‍රාණ ඇපකරුවන් සමඟ නෙගෝෂියේෂන් සහ කොම්ප්‍රොමයිස් නැහැ!!!! 😀

    • විශාල ප්‍රදේශයක් නිරීක්ෂණය කරන්න නම් ඩ්‍රෝන් තමයි හරියන්නේ. මේ බෝලය ගොඩනැගිලි ඇතුලත මහා විප්ලවයක් කරයි.

      ඔබේ කොම්ප්‍රොමයිස් ලිපිය කියෙව්වා. මුළු සමාජය ගැන කලකිරීම, කෝපය මෙන්ම සිනහවත් ඇතිවෙනවා.

  9. විචාරක තුමා මෙන්න තවත් පරපුටුවෙක් ,http://srilankaforces.blogspot.com/2012/07/officer.html

    • තවත් අලජ්ජි පරපුටුවෙක්. මිනිස්කමට නිගා කරන අමනයෙක්.
      ඔන්න මම ලිපියකින්ම ඔහුගේ නිරුවත හෙළි කළා.

      බොහොම ස්තුතියි දුන්න තොරතුරු වලට.

  10. මේ හැම දෙයක්ම මිනිසාගේ සුභ සිද්ධිය සඳහා යොදා ගන්නවා නම් වඩාත් හොඳයි

  11. ” භයානක අවි ගැන ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නට සූදානම් කරමින් ඉන්නේ.” මේක දැක්කම මම පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා…. 😀

  12. ඉමල්ක ද සිල්වා said:

    අර බොලේ ඕනනම් තව develop කරන්න පුලුවන් ස්වංචලනය සිදු කිරීමට පුළුවන් විදියට , තව මේ වගේ ගැජට්ටු ගැන තොරතුරු ටිකක් දාන්න

  13. තවත් ඉතා හොද ලිපියක්.ඔබගේ ලිපි කියවද්දී,ලිපියට හානියක් නොවෙන විදියට ලිපිය අතරතුර දමන විනෝදබර උපහැරණ ඉතාම ප්‍රශංසනීයයි!!!!

  14. අර වගේ කැමරා හයි කරපු බෝල ටිකක් තිබ්බනම් නියම වැඩක් කරන්න තිබුනා.

  15. ආමරිකාව සහච්චර දියුණු වෙන්නෙ කවුරු හරි යුධමය පැත්තට බර නව නැපැයුමක් කලොත් එත්තේ සී.අයි.ඒ එක නැතිනම් වෙනත් කිසියම් හේ බලයලත් ආරක්ෂක අංශයක් ඒ මනුස්සයගෙන් උපරිමයෙන්ම වැඩ ගැනීම හන්ද(හොද පඩියක් ඇති රස්සාවකුත් හම්බවෙනව). ඒ රට කිසිම නව නැපැයුම් කරුවෙක් අහක දාන්නෙ නෑ.ඒ වගේම සුදුස්සාට සදුසු තැන දෙනව.ඉතිං අර මනුස්සය තවදාවත් සමාජ විරෝධිවැඩ කරන පැත්තට වැටෙන්නෙ නෑ. අපේ රටේ කවුරුහරි ඒ වගේ දෙයක් නිපැදවුවොත් අනිවාර්යෙන්ම හිරකූඩුවෙ. අවසානෙට බන්ධනාගාරේ ලැගල එන්නෙ. ඒකට ගියාට පස්සෙ දන්නවෙන ඕක හොද කෙනෙකුට වෙන දේ. වසර කීපයකට පොර මට මතකයි මතක හැටියට මීගමුව පැත්තෙ තරුණයෙක් දුරස්ථපාලක ගුවන්යානයක් නිර්මාණය කරල ගුවන්ගත කලා. අවසානෙට ඒ පුද්ගලය හිරගත කලා අරක උඩ යැවුව කියල. 😀 😀 ඉතින් අපේ රටේ කවදාවත් ඔය වගේ නිර්මාණ බිහිවෙන්නැති එක පුදුමයක්යැ.

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න