පින්තුරය ගත්තේ මෙතනින්
මහා සෙනගක් මැද ඉන්න ඔබේ හිතවතා/හිතවතිය ඔබ කොහොමද හරිටම, නිවැරදිවම හඳුනාගන්නේ? ‘හාපෝයි……… මූට/මේකිට, මුගේ/මේකිගේ කොල්ලව/කෙල්ලව, (කෙල්ල නෙවෙයි ඉතින් තව වචන තියනවා මම නොලිව්වට) පේනවා, කිලෝමීටරයක් ඈත හිටියත්, හරියට ඇටිකුකුලට ගොලුබෙල්ලව පේනවා වගේ’ කියලා ඔබේ හිතවතුන්/හිතවතියන් ඔබට විහිලු කරනවා නේද? හැබෑට අපි කොහොමද අපේ පවුලේ අය, නෑ දෑ හිතවතුන්, ඒ ආකාරයට සෙනග ගොඩක් අතරින් හෝ ඈත සිට එනවිට හෝ හඳුනාගන්නේ. ඒ අපේ මනසෙහි ඔවුන්ගේ රූපය දීර්ඝ කාලයක් තැන්පත්වී තිබීම නිසායි. ඔබ දන්නවද, කිසි දිනක තම මුහුණ කැඩපතකින් හෝ යටත්පිරිසෙයින් පැහැදිළි ජලය මතුපිට හෝ දැක නැති පුද්ගලයකුට, ඔහුගේ ඡායාරූපයක් ලබාදුන්නොත්, ඔහු ඒ දෙස බැලුවත්, ඒ ඉන්නේ තමන් බව හඳුනාගන්නේ නැහැ. එයට හේතුව, ඔහුගේ සිතේ, තමන්ගේ රුපය ඇඳී නැතිවීමයි. නමුත් අපි කුඩාකාලයේ පටන් කැඩපතෙන් මුහුණ බලන නිසා, අපේ රූපය අපේ හිතේ ඇඳී තිබෙනවා. ඒ නිසා, අපි පාරේ යනවිට හෝ අපේ රූපයක් කඩයක එල්ලා තිබුනොත්, වහාම හඳුනාගන්නවා. (හපොයි, අපේ රූප නම් කඩවල එල්ලන එකක් නෑ. මැරුණම ලයිට් කණුවල මරණ දැන්වීමේ නම් තියෙයි. ඒත් ඉතිං එතකොට අඳුනගන්න අපි ජීවතුන් අතර නැහැනේ :D)
පහත පින්තුරය ගත්තේ මෙතනින්
යුදබිමේදී, තමගේ අවට භූමිය, හොඳින් අධ්‍යයනය කර හඳුනා නොගත්තොත්, ඔබ ඇවිදින මළමිනියකට සමානයයි කිව්වාට වරදක් නැහැ. ඔබ ඉදිරි භූමියේ සිටින සතුරා සහ ඔහුගේ ක්‍රියාකාරකම්, ඉදිකිරීම්, අවිආයුධ, මර උගුල්, ආදිය නිවැරදිව හඳුනා නොගත්තොත්, ඔබ ඉක්මනින් මරණයට පත්වීමේ අවදානම වැඩියි. මේ නිසා පාබල හමුදා සොල්දාදුවන්ට ‘භූමි උපක්‍රම – Field Craft’ යනුවෙන් විෂයයක් ඉගෙනගන්නට සිදුවෙනවා. මෙහිදී සැඟවීම සහ වෙස්වළාගැනීම, භූමියේ ගමන් කිරීම, සිතියම් කියවීම, ඉලක්ක හඳුනා ගැනීම, ඉලක්ක ප්‍රකාශ කිරීම, භූමිය නිරීක්ෂණය කොට හඳුනා ගැනීම වැනි අනු කොටස් රැසක් හදාරන්නට සිදුවෙනවා.
මේ ලිපියෙන් මා ඔබට හඳුන්වා දෙන්නේ, යුදබිමේදී අපට යම් යම් දේ දර්ශනයවීමට හේතුවන සාධක මොනවාද යන්නයි. පාසල් ශිෂ්‍යභට පුහුණුව ලැබූ අයනම්, මේ විෂයය හදාරා ඇති. ඉතින් එවැනි අයට පුළුවන්, වඩාත් හොඳින් මා සමග සංවාදයේ යෙදෙමින්, මේ විෂයය නොදන්නා අයගේ දැනුම තවත් වර්ධනය කරන්නට.
මීට පෙර මා ලියන ලද සමහර ලිපිවල මෙන්ම, ඔබ විසින් විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන් අවස්ථා වලදීත්, සඳහන් කර ඇති, සාමාන්‍යයෙන් අපේ යුද හමුදාව පවත්වාගෙන යාමේ පදනම් කරුණු ලෙස, නැතහොත් පූර්වාදර්ශය ලෙස පවතින්නේ, බ්‍රිතාන්‍ය යුද හමුදාව බව. එයට හේතුව අප බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව සිටි නිසාත්, අප ත්‍රිවිධ හමුදාවේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදුවීමත් නිසායි. නමුත් අද අපි අපේම සම්ප්‍රදායන් පවත්වාගෙන යනවා. කෙසේ වෙතත්, න්‍යායාත්මක කරුණු වලදී, අපි තවමත් බ්‍රිතාන්‍ය හමුදා උපදේශන පොත් සහ ප්‍රකාශන (Pamphlets) පරිහරණය කරනවා. මේ ටික මා ඔබට කිව්වේ, මින් ඉදිරියට මා විස්තර කරන කරුණුද, එවැනි ප්‍රකාශනවලින් ලබාගන්නා නිසයි. නමුත් ඇමරිකානු හමුදාව, රුසියානු හමුදාව, චීන හමුදාව, වැනි හමුදාවක, මෙම න්‍යායාත්මක කරුණු, මීට වඩා තරමක් වෙනස් වන අවස්ථාද තිබෙන බව, මතකයේ තබාගන්න.
ඉතින් මොනවද යුදබිමේදී පෙනෙන දේවල්
හොඳ හොඳ දේවල් පෙනෙනවා. බොහොමයක් ඒවා මෙතන කියාගන්න බැරි එකයි දුක. 😀 😀 හොඳයි විහිලු පැත්තක තියලා අපි මාතෘකාවට බහිමු. න්‍යායාත්මකව සලකා බලනවිට යුද බිමේදී සෙබළකුට ඉදිරි භූමියේ ඇති පිහිටීම, විවිධ වස්තු, මිනිසුන්(සෙබළුන්) අවි ආයුධ සහ උපකරණ, වාහන, වැනි දෑ හඳුනාගැනීම කෙරෙහි බලපාන මූලික සාධක හයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මේ සාධක හැඳින්වීමේදී සාධක පහක් හඳුන්වන වචන පටන්ගන්නේ ඉංග්‍රීසි S අකුරෙන්. ඉතිරි සාධකය හඳුන්වන නම පටන්ගන්නේ ඉංග්‍රීසි M අකුරෙන්. ඒ නිසා මේ සාධක සියල්ල නම් කිරීමට ඉංග්‍රීසියෙන් 5 SM කියා කියනවා. යුද බිමේදී අපට මේ 5 SM තමයි පිහිටවෙන්නේ.
මොනවද 5 SM
1. SHAPE – හැඩය
2. SHADOW – සෙවනැලි රූප
3. SHINE – දිලිසීම
4. SPACING – පරතරය
5. SILHOUETTE – සිලුවට් (පසුබිම් ඡායාව)
6. MOVEMENT – චලනය
දැන් බලන්න S පහකුත් M එකකුත් තියනවා නේද? හොඳයි, අපි ඊළඟ ලිපියෙන් මේවා එකින් එක ගෙන අධ්‍යයනය කරමු. ලිපිය හිතාමතාම කෙටි කලේ මේ විෂයය පළමු වරට කියවන අයගේ අවබෝධයේ පහසුව සඳහා බව කරුණාවෙන් සලකන්න.
Comments on: "යුදබිමේදී ඇයි දේවල් පෙනෙන්නේ (පළමුවැනි කොටස) – Military Field Craft (Why Things are Seen) Part One" (87)
මගේ අම්මෝ.. අලුත්ම කතාවක්..
යුද බිම වගේනේ පාරේ යනකොටත්.. මේවා වටිනවා…. පස්සෙන් එන අනංගයන්‌ෙග් හොම්බ තලන්න එහෙම… හි හි…
ඔයා වගේ අය ගැන හිතලා තමයි ලිපිය කොටස් දෙකකට කඩන්න හිතුවේ.
පාරේ යනකොට අපිටනම් බිත්ති ඇතුලේ තියන දේවලුත් පෙනෙනවා. 😀
කොහොමත් බොලා පස්සෙන් එන එකාල පරාන ආසාව අත් ඇරලා තමයි එනවා ඇත්තේ.හිකිස්…..!!
අකුරු ටිකක් පොඩි කරන්නකෝ විචාරක මහත්තය. ලොකු වැඩි නිසා එක ගොඩේ වගේ පෙන්නේ. මෙතනට අදාළ නැති ප්‍රශ්නයක් තියෙනවා අහන්න.
යුධ හමුදා සෙබලෙකුටයි, ගුවන් හෝ නාවික සෙබලෙකුටයි ලැබෙන අවි පුහුණුවේ වෙනස්කම් මොනාද? හැමෝටම ලැබෙන්නේ එකම කාල සිමාවේ පුහුණුවක්ද? මම මේ අහන්නේ සාමාන්‍ය සෙබළු ගැන.
අකුරු පුංචි කරන්නම්. නැවත බලා අදහස් කියන්න.
සාමාන්‍ය සෙබළු ගැන එතරම් විශාල වෙනසක් මූලික පුහුණුවේදී නැහැ. නමුත් ඒ ඒ හමුදාවට අයත් ආධාරක අවි (ඒ ඒ හමුදාවට විශේෂ වූ) මූලික පුහුණුවේදී ලබා දෙනවා නම් එවිට වෙනස්කම් ඇතිවිය හැකියි.
අන්න දැන් නියම ගාන! 😀 අනිත් කොටසත් ඉක්මනට දාන්න.
ලියාගෙන යනවා. අකුරු ප්රශ්නය විසඳා ගැනීම ගැන සතුටුයි.
කැඩපතින් මුහුණ බලනවා කිව්වම මතක් උනේ තරමක් පැරණි ගීතයක්.
ලිපියේ ඉතිරි කොටස කියවන්න බලාපොරොත්තු වෙනවා.
කෝ ඉතින් පැරණි ගීතයේ කෑල්ලක් දාලා නැහැනේ.
“කන්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා” ජිප්සීස්ල ගේ. එච්චරම පැරණිත් නෑ මං හිතන්නේ.
ජිප්සීස්ලා ඒ සින්දුව කියන්නත් කලින් ඉඳලා මම කන්නාඩියෙන් මූන නොබලන එක කලේ.
කුස පබාවතී නාට්‍යයේ මල ගෙදර යන්න මූණ ඉල්ලුවා කියලා කන්නාඩිය පොලොවේ ගහපු කතාව මතක් උනා මේ සංවාදේ නිසා.
ලස්සන නාට්‍යය. මම 1980 ගණන්වල බැලුවා. ඒ ගැන රසවත් යමක් කියන්නම් පසුව ඊ මේල් මගීන්. කුසුම්සිරි සමරනායක හෙවත් කුස ඩග්ලස් රණසිංහ. ප්‍රභා හෙවත් පබාවතී ශ්‍රියානි අමරසේන.
සිලුවට් යන්න පසුබිම් ඡායාව කියනවාට වඩා ඡායා දර්ශකය කිව්වොත් වැඩියෙන් සුදුසු වේවි ද? මටත් ඕක පරිවර්තනයේ දී ගැටලුවක් වී තිබිච්ච වචනයක්. පසුබිම් ගෑවුනාම ඡයාවේ අගය නැති වී යනවා යැයි හැඟිච්ච නිසයි.
මම කැඩපතෙන් බලනවා හරි අඩුයි .. පුරුද්ද ඇත්තෙම නැහැ .. දන්නා අනිත් අය හඳුනාගන්න හැකියාව මහත් ලෙසින් තියෙද්දී මගේ පින්තූරයක් කොහෙ හරි දැක්කාම ටිකක් පරක්කුයි ඒ මම කියලා ක්ලික් වෙන්න!!
මටත් හරිම ප්‍රශ්නයක් වුනා අරුණි ඔය සිලුවට් කියන වචනයට 100% ක් සුදුසු සිංහල වචනයක් හෙවීම. විස්තර කිරීමේදී තමයි ඒ ගැන කරුණු පැහැදිලි කරන්න වෙන්නේ.
කැඩපතෙන් මුහුණ බැලීම මමත් දවසකට එක වරක්වත් නොකරන අවස්ථා තිබෙනවා. මට කැඩපතෙන් නොබලා රැවුල කපන්නත්, ඔලුව පීරන්නත් පුළුවන් (මම තට්ටයෙක් නෙවේ :D)
😀 😀 කොණ්ඩෙ කොට නිසා පීරන්න දෙයක් නැහැ. සාලුවෙන් පිහිදැම්මා අතින් හදා ගත්ත. පනාවකට හෝ බ්‍රෂ් එකකට හිමිකම් නොකියමි!!! හැබැයි දැන් වයසට යනකොට අර ගෑනුන්ට එන රැවුල් ගස් නම් එන්න ඉඩ තියෙනවා …. කැඩපතක් බලන්නට සිදුවේවි ද?!!!!!!!!!
මමත් හමුදා සේවයේ ඉන්නකොටනම් ඇඟිලි තුඩු වලට අහුවෙන්නේ නැති ගානට කොණ්ඩය කොට කළා. දැන් ඉතින් මගේ වයසක පෙම්වතිය කැමති නෑ එහෙම කරනවට. 😀 ඒකයි ටිකක් වවලා තියෙන්නේ. ඒත් කොණ්ඩය කනේ ගෑවෙනවා දැනුනොත් එවෙලේම කොන්ඩේ කපනවා.
අර රැවුල් ගස් ප්‍රශ්නෙට පොඩි ට්වීසර් එකක් හෝ පොඩි කතුරක් අරගෙන කන්නාඩිය නැතුව අත්හදා බලන්න. මම හිතනවා ඔයාට පුළුවන් කියලා.
තාම නැහැ .. ආපු දවසක මතක තියාගන්නම් 😀
අරුණි මේ වෙලාවේ ඔහේ දවල් නේද. මේ වෙලාවෙත් කොම්පියුටරේ උඩ නැගලද ඉන්නේ?
ඔව් දැන් දහවල තමයි. මේ පරිගණකයේ වෙන ලොකු වැඩක යෙදෙන ගමන්. වැඩේ ගැන සටහනක් හෙට දානවා. පහන් පත්තු නොකර, නැකත් නොබලා, ආරාධිත අමුත්තෙක් නැතිව පටන් ගන්නට යන තවත් අත්හදා බැලීමක යෙදෙමින් සිටින්නේ.
ජයවේවා !!!!!!!!!!
අරුණි නෝනා කමෙන්ට් කරන එකම බ්ලොග් එකද මන්දා මේක , ආ නැ සුජාතා නෝනගේ එකෙත් කරනවා දවසක් දැක්කා,
එහෙම කියුවට වරදවා හිතන්න එපා
වටිනා දෙයට ඉබේ ලැබෙන වටිනාකම වෙන්න ඇති
මමනම් හිතන්නේ අරුණි බ්ලොග් ලියන වේගයට වෙන බ්ලොග් බලන්නවත් වෙලාවක් තියන එකයි පුදුමේ.
cadet කරන කොට ටොකු කකා පාඩම් කළා මතකයි 😛
අපිනම් ටොකු වලට වඩා ලොකු ඒවා කාලා තියනවා.
විචාරක මහත්මයා මේ ලිපිය නං කොටස් වලට නොකඩා දැම්ම නං හොදයි කියලා හිතෙනවා…
සමහර අයට ග්‍රීක් වගේ වෙයි කියලා හිතුනා. ඒකයි කොටස් කලේ.
මගේ කොම තුල ඕබ ලියු අකුරු පෙනෙන්නේ එක උඩ එක වැටිලා පුස්කොල පොත් පොන්ට් එක වැනිවයැ…..
මම පාවිච්චි කටන්නේ Google input tool මගින් ‘ඉස්කෝල පොත’ ෆොන්ට් එක. මේ වගේ පැමිණිල්ලක් මීට පෙර ලැබී නැත. මා කණගාටුවෙනවා ඔබ පත්වී තිබෙන අපහසුතාව පිළිබඳව මෙන්ම ඒ සඳහා තාක්ෂණික උපදෙසක් දීමට තරම් දැනුමක් මා සතු නොවීම පිළිබඳව.
මම පාවිච්චි කරන්නේ අඟල් 24 එල්.සී.ඩී. මොනිටරයක්. එහිදී නම් අකුරු මීට වඩා ලොකු කලත් ප්‍රශ්නයක් නැත. සී.ආර්.ටී. මොනිටර් වලදී වෙනස් විදිහකට පෙනෙන්නේ දැයි නොදනිමි. 16:9 සහ 4:3 අනුපාතයේ වෙනස නිසා.
අකුරු කුඩා කළා. නැවත බලන්න.
මටත් ඔය ගැටලුව මෑතක සිට දැනුන නිසා තමයි , මහත්තයෝ මම එයාට කියුවේ අකුරු පොඩි කරන්න කියලා . මයේ හිතේ ඔයා එහෙම කරලද කොහෙද අද නං මට එහෙම පෙනුනේ නැ
අකුරු ටිකක් පුංචි කළා. දැන් හොඳයිද?
සුපිරිම ලිපියක ඇරඹුමක් පාඩම ඉගනගන්න ආසාවෙන් බලා ඉන්නවා.ත්සූන් සූ ගේ කියමනත් හරියට හිතට වැදුණා.ඒ කියමන යුද බිමට පමණක් නොවෙයි හැම තැනකටම ඇප්ලය් කරගන්න හැකියි.
මම සමකය වටේ ලියන නලීන්
බොහොම ස්තුතියි. මමත් මේ දවස්වල ‘සමකයට’ ගොඩවුනාම වටේම කරක් ගහලා තමයි එන්නේ.
මේ පෝස්ට් එකට නම් හෙන ලයික්… මරු…
ස්තුතියි. ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න බලන්නම්.
අපිට ඉතින් ඕනි හන්ගලා තියන දේවල්මනේ,
මොනවාද ඔය දකින මරු මරු දේවල්
අහලා තියනවද ‘කෝප්රල් උඩට වැඩියි උඩට වැඩියි’ කියන කතාව. ඒක කියලා තියෙන්නේ සෙබළියක්. ටිකක් හිතලා බලලා ලියන්නම්.
හා හා…. හංගන්න බෑ. හිතන්න ඕනිත් නෑ. ඔන්න ඔහේ ලියලා දාන්න විචාරක මහත්තයෝ….
දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න තමා වෙන්නේ. 😀
මෙව්වා දිගටම ලියන්න වෙන කව්රුවත් නැනේ අපිට කියලා දෙන්න , පිළිවලට අදින එව්වා වාගේ එව්වා , ඒ වාගේ කව්රුත් කතානොකරන එව්වා ( කාටවත් බැරි එව්වා ) ඒව්වා ලියන්න .
කොටින්ම රබර් කෑළි දෙක දාගන එළියට බහින කොට මට ඔයාව මතක් වෙනවා ලොකු අයියේ ,
ඒ වාගේ දේවල් ලිවීමට තමයි බ්ලොගර් දෙයියෝ ඔයාව තෝරාගන තියෙන්නේ ,
ආතල් කතාවක් දෙකක් ලියුවට කමක් නැ . ( රස නොමරා ) ඔයා ලියනකොට එව්වායේ රස හිතා මතාම කාලා දානවා ,
ලියන්න අනිත් අයට බැරි එව්වාම , එතන තමා ඔයාගේ මෙව්වා එක තියෙන්නේ
පලී//
ඒ වාගේ දේවල් ලිවීමට තමයි බ්ලොගර් දෙයියෝ ඔයාව තෝරාගන තියෙන්නේ
බ්ලොගර් දෙයියෝ කියන තැනට
වර්ඩ්ප්රෙස් දෙයියේ ලෙස නිවැරදි විය යතුයි
අයියෝ සොරි කියන්න ගිය එක අමතක උනා
අනිත් අයට එහෙම දැනෙනවාද මන්දා ඔයා ටිකක් විතර පහුගිය කාලේ ඔයා ගිය පාරෙන් පිට ගියා කියලා හිතුනා
ඒකයි මෙහෙම කෙටුවේ
මොනවා කියනවාද කියලා දෙයියෝ තමයි දන්නේ.
මගේ නාකි වයසට ලියන්න පුළුවන් උපරිම කුණුහරප තමයි ඔය ඉඳලා හිටලා ලියන්නේ. මගේ දුවලා දෙන්නා හොරෙන් මගේ බ්ලොග බලනවා කියලා මට දැනෙනවා. ඒ නිසා ටිකක් පාලනය කරගැනීම හොඳයි වගේ. බලමුකෝ බලමුකෝ.
හමුදා දැනුම ලිපි නම් ඉදිරියටත් ලියනවා.
භූමි උපක්‍රම දෙන්නම්කො කට පාඩමින්… 🙂
දැන් ලියන්නත් කම්මැලි වගේ.. ආයෙ කමෙන්ට් එකක් දාන්න එන්නම්කො..
මොකද දැන් අලුත් ජොබ් එක ෆුල් බිසී ද?
රැකියා ස්ථානය නම් කියලා වැඩක් නැත.. එලොවටත් නැත.. මෙලොවටත් නැත
එහෙම කියන්න එපා කල් යනකොට හරියයි. නැද්ද මොකුත් සොඳුරු දසුන් එහෙම. 😀
මේ ගැන තව එක ලිපියද ලියන්නේ.!? මම ආසාවෙන් බලන් හිටියේ ලිපි 2-3ක සීරීස් එකක් ලියයි කියලයි.. 😦
උවමනාවට වඩා දික් වුනොත් නීරස වෙයි. හැබැයි භූමි උපක්‍රම ගැන වෙනත් ලිපි ලියන්න හිතාගෙන ඉන්නවා.
සුබ රැයක්
නියම පාඩම් මාලාවක් වගේ … යුද බිමේ විතරක් නෙමේ පාරෙ තොටේත් ප්‍රයෝජනවත් වෙයි……. ඉතුරු ටික ඉක්මනට දාන්න
ඔව් මේවා එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නත් පුළුවන් නිසයි මෙහෙම ලියන්න හිතුනේ. ඉතුරු කොටස සැකසෙමින් පවතිනවා.
මම, මගේ, මම හඳුනාගැනීම ඉතිං කාටත් තියෙන ප්‍රශ්නනේ, කැඩපතකින් මූණ බලල තිබුණත් නැතත්. ඒත් හුඟක් අයට ඒ ප්‍රශ්නවලට හරි උත්තරයක් නෑ.
මේ මාතෘකාවත් වෙනද වගේම රසවත් වගේ, ඉතිරි ටිකත් ඉක්මනට දාන්නකෝ. අපිට නැතත් බවලතුන්ට වැදගත් වෙයිනේ, අර හිරූට වගේ පස්සෙන් එන උන්ගෙ හොම්බ තලන්න. 🙂
ඊළඟ කොටසේදී මේ කරුණු හැකිතරම් සරලව, හැකි තරම් අඩුවෙන් හමුදා වචන යොදා විස්තර කිරීමට උත්සාහ ගන්නවා.
අනුන්ගේ හොම්බ නොතැලුවත්, තමන්ගේ හොම්බ නොතලාගෙන සිටීමේ කලාවත් හරි වැදගත්.
හ්ම්ම්ම් බලමු මොනවද මේ 5S කියලා…
( හරියා මොකෝ පේන්ඩ නැත්තෙ කියලා දන්නවද ? )
මමනම් හිතන්නේ හරී ගේ අලුත් ජොබ් එක බොහොම කාර්ය බහුලයි කියලයි. ඒකද නැත්නම් “වෙන එකක්ද?”
හොඳයි බලමුකො අපිටත් භූමි උපක්‍රම පාවිච්චි කරන්න පුලුවංද කියල.
පුළුවන් පුළුවන් ඔව්වා මහා ලොකු වැඩ නෙවේ. එකම දේ යුද්ධ භූමියක නොකරන එක විතරයි.
නියම මාතෘකාවක් තමයි පටන් අරන් තියෙන්නේ….ආසාවෙන් බලා ඉන්නවා ඉතුරු ටිකත් කියවන්න.
කොහොමද ටිරෝන්. ස්තුතියි මේ පැත්තේ ආවාට.
මේ දවස් මට ටිකක් සුභයි.. මුල ඉඳන් පෝස්ට් කියවන්න ලැබෙනවා.. මට මතකයි අපේ සර් කියුවා හතුරාගේ බය අපේ ජය ලූ.. ඒකත් යුධ උපක්‍රමයක්ද දන්නෑ නේ??
සතුරා භීතියට පත්කිරීම යුද උපක්‍රමයක් තමා.
මන් අහලා තියෙනවා විමසිල්ලෙන් බලනකොට දකුණේ සිට වම පැත්තට බලන්න කියලා. මොකද අපි වම් පස සිට දකුණු පසට (ඕනෑම දෙයක්) බලන්න පුරුදු වෙලා ඉන්න නිසා යම් යම් දේවල් මග ඇරෙන්න පුළුවන් නිසා.
හරියට හරි. වමේ සිට දකුණට ස්කෑන් කිරීමක් සිදුකරන ආකාරයට සෙමෙන් බලාගෙන යන්න ඕනේ.
මෙලෝ දෙයක් නොදන්න කාරණයක් පිළිබද ඔන්න දැන් අපි දැනුවත් වෙන්න යන්නෙ… මේ විෂයට අදාළ දැනුම ඉතිං ඔබෙන් පමණයි අපට ලැබෙන්නෙ… සටන් ජවනිකා සහිත වීඩියෝ ක්‍රීඩා වලත් මේ මුලධර්ම ඒ ආකාරයෙන්ම භාවිතා කර තිබෙනවද…
මීට පෙර මේ ගැන අහලා නැති අය නිසා තමයි ලිපිය කොටස් දෙකකට කඩලා ලියන්න හිතුවේ.
ඔව් වීඩියෝ ක්‍රීඩා වලත් මේ කරුණු අඩු වැඩි වශයෙන් තියනවා.
ඒ ලී පෙළ හොඳ වටිනා ටිකක් වෙයි .සතුරා ආඳුන ගැනීම කොහෙදිත් ඕන වෙනවා නේ..
අද කාලේදී නම් සමාජයේ ඉන්න අපේ සතුරන් හඳුනාගන්න මනස තමයි වැදගත් වෙන්නේ කියලා මට හිතෙනවා.
ලියාගෙන යමු සර්.. බලමුකෝ අපිටත් මොනවා පෙනෙයිද කියලා..
මටත් තියන බය, මම කියලා දෙන විදිහට බලලා, මෙතෙක් කල් නොදුටුව දේවල් දැකලා, මොනවයින් මොනවා කරගනියිද කියලයි. 😀
සර් කියන විදියට කරපු දේවල් වැරදිලා නැහැ.. මට කලින් කියන්න බැරි උනා,සර්ගේ ඉන පටි අඳින විදිය කියෙව්වට පස්සේ මාත් ඒවිදියට පුරුදු උනා,සෑහෙන පෙනුමක් එනවා ඒ විදියට බැන්දම.. වැරදුනේ නැහැ.. 😀
අප කරදුන් ගුරුකමක් වැරදුනේ නැත. විමසන්න ‘විචාරක’ මන්ත්රාචාර්යයෝ. 😀 😀
වරු තුනෙන් ප්‍රතිඵල දෙපා මුලට.. 😀 😀
නියමායි………. ඊලඟ ලිපියත් ඉක්මනට දාන්න (හරියට දැම්මගමන් බලන එකා වගේ නේද 😉 )
දැම්ම ගමන් බැලුවත්, පරක්කු වෙලා බැලුවත්, බැලීම තමයි වැදගත්. දෙවැනි කොටස සැකසෙමින් පවතිනවා.
මම කැඩෙට් කරන කාලේ ඉගෙන ගත්ත කවියක් මතක් වුණා.
යුද පිටියේ ඇඊ දේවල් නොපෙනෙන්නේ
සිතා බැලු විට වැට හෙන්නේ
හැඩය සෙවනැල්ල මට්ට්ටම සමගින්නේ
මතුපිට පරතරය චලනය සයවන්නේ..
ලස්සනයි. යමක් පාඩම් කර මතකයේ තබාගැනීම සඳහා කරන ලද මෙවැනි නිර්මාණ අපේ සමාජයේ බහුලව තිබෙනවා.
හරි එහෙනම් 5SM ගැන දැනගන්න එන්නම් ඊලඟ දවසේ. හැබැයි අපි නම් ඒවා ඉගෙන ගත්තට කාගෙවත් හොම්බ තලන්න යන්නේ නෑ ඕං. අපි හරි අහිංසකයි නෙව. හික් හික් හික්…..!!
හැබැයි සමහර අහිංසකයෝ හිටපු ගමන් අංගුලිමාලයෝ වෙනවා. 😀
වටින ලිපියක්……..
දෙවැනි කොටසත් දැන් කියවන්නයි යන්නෙ.
හොඳයි හොඳයි, කියවලා ඔබේ අදහස් කියන්නකෝ.
මං ඉතින් එන්න පරක්කු වුනා නේ. පහුගිය සතිය ලංකාවේ හිටියේ. අන්තර් ජංජාලේ හොයාගන්නත් නෑ. 🙂
පරක්කු වෙලා හරි ආව එක ලොකු දෙයක්. ආයේ එනකොට කියන්න හමුවීමක් සඳහා.
අනිවාර්යෙන් කියල එන්නම්. මටත් ඔබතුමා හම්බවෙන්න ආසයි.
බටහිර රටවල් සැටලයිට් තාක්ෂණයෙන් සතුරන් සිටිනා තැන් නිරීක්ෂණය කරනවා නම් එවැනි තාක්ෂණයක් නැති රටකට ඔවුන් හා හැප්පීමට ඉතා අපහසුයි නේද?
සැටලයිට් තාක්ෂනය මගින් එවැනි නිරීක්ෂණ කරන්න පුළුවන් ඉතා විශිෂ්ඨ අන්දමින්. අනාගතයේදී යුද්ධය සිදුවෙන්නේ සොල්දාදුවන් යුද්ධ භූමියට නොයවා මෙවැනි තාක්ෂණික උපක්‍රම මගින්. නමුත් සැටලයිට් එක නොමග යැවිය හැකි ක්‍රම තිබෙනවා. අපි හේනේ කුඹුරේ පඹයෙක් හිටෙව්වොත් කුරුල්ලෝ, වෙනත් සත්තු රැවටෙනවා. ඒ වගේ නවීන තාක්ෂණික පඹයන් (මිනිස් රූප නොවේ. වෙනත් ආකාරයේ ඉදිකිරීම්) හදන්න පුළුවන් සැටලයිට් එක නොමග යවන. ඇමරිකාව බින් ලාඩන්ව අල්ල ගත්තේ සැටලයිට් මගින් නොවේ. ඔත්තු සේවා මගින්. ප්‍රහාරයට පමණයි සැටලයිට් යොදවාගත්තේ. සැටලයිට් නැති රටකට සැටලයිට් තියන රටක් සමග හැප්පීම එතරම්ම අමාරු නැහැ. යුද බිමේදී යොදාගන්නා උපක්‍රම අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ.
බොහොම ස්තුතියි මෙවැනි ප්‍රශ්නයක් ඇසීම ගැන.