විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  CAR Cartoonමුලින්ම කියන්න ඕනේ මෙය අන්තර්ජාලයේ දී මා විසින් කියවන ලද ඉංග්‍රීසි විකට කතාවක සිංහල පරිවර්තනය බව. මෙන්න මෙහෙමයි ඒ කතාව.

  මෑතකදී තිබුන නවීනතම පරිගණක ප්‍රදර්ශනයකට පැමිණුනා ‘බිල් ගේට්ස්’ එයා මේ ප්‍රදර්ශනයේදී කතාවක් පවත්වමින් පරිගණකය සහ මෝටර් රථය කියන දෙක සංසන්දනය කළා. ඒ මෙන්න මෙහෙමයි.

  “පරිගණක නිෂ්පාදනයේ තාක්ෂණික  දියුණුව හා සමාන වන ආකාරයට ඇමරිකාවේ ‘ජෙනරල් මෝටර්ස් ‘ සමාගමේ මෝටර් රථ නිෂ්පාදන තාක්ෂනය  දියුණු වුනා නම්  ඩොලර් 25 කට විතර මිලදීගතහැකි කාර් එකකින්, පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 1000 ක් විතර, යන්න තිබුනා”

  මේ ප්‍රකාශයට ජෙනරල් මෝටර්ස් සමාගමෙන් පුවත්පත් නිවේදනයකින් පිළිතුරක් ලැබුනා. ඒ මෙන්න මෙහෙමයි.

  image001‘මයික්‍රොසොෆ්ට්’ ආයතනය යන වේගයෙන් ‘ජෙනරල් මෝටර්ස්’ ආයතනයත් කටයුතු කලානම්, ජෙනරල් මෝටර්ස් වෙතින් වෙළඳපොළට එන වාහන, පහත දැක්වෙන ගති ලක්ෂණ වලින් යුක්ත වන්නට හොඳටම ඉඩ තිබුනා.

  • හේතුව කුමක්දැයි කිසිසේත් සිතාගත නොහැකි ලෙස, ඔබේ කාරය, යටත්පිරිසෙයින් දිනකට දෙවරක්වත්, ක්‍රියාකාරිත්වය බිඳ වැටීමකට ලක්වෙයි. (crash)
  • මාර්ග සංඥා සහ පාරේ සුදු ඉරි අලුතෙන් අඳින සෑමවිටම ඔබට අලුත් කාරයක් ගන්නට සිදුවෙයි.
  • ඉඳහිට ඔබ කාරය දකුණට හෝ වමට හැරවීම වැනි ක්‍රියාවක නිරත වෙද්දී බලාපොරොත්තු රහිතව කාරය ස්වයංක්‍රීයව නැවතී, (Auto Shutdown) නැවත පණගැන්වීම (Restart) ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ. මෙම ගැටලුව විසඳාගැනීම සඳහා ඔබට කාරයේ එන්ජිම ප්‍රතිස්ථාපනය (Reinstall) කිරීමට සිදුවේ.
  • ‘මැකින්ටොෂ්’ ක්‍රමයට සාදා ‘සන්’ ක්‍රමයට බලය සපයන කාරයක්, වෙනත් කාරයකට වඩා පස් ගුණයක ඉහල විශ්වාසයක් තැබිය හැකි අතර, පැදවීමේදී, වෙනත් වර්ගවල කාර් වලට වඩා දෙගුණයක් පහසු වනු ඇත. එහෙත් ඒවා සාමාන්‍යයෙන් ධාවනය කළහැකි වන්නේ මාර්ගයක නියමිත දුරෙන් 5% ක දුරක් පමණි.
  • වාහනයේ ආසන, එකම ප්‍රමානයෙන් හා හැඩයෙන් යුක්තවන බැවින්, විශාල පශ්චාද්භාගයක් හිමි අයට, ඒ ආසන වලට ගැලපෙනසේ, සිය සිරුර සකස්කර ගැනීමට සිදුවේ.
  • සමහර අවස්ථා වලදී, ඔබේ කාරය, ඔබ කාරයෙන් බැසගිය පසු,  ඉබේම අගුලු වැටෙන අතර, (lockout)   විවෘතවීම ප්‍රතික්ෂේප කරයි. විවෘත කරගැනීමට නම්, ඔබ එකවර ඔබේ දෑතින්, දොර හැඬලය ඉස්සීම, යතුර කරකැවීම, කාරයේ රේඩියෝ ඇන්ටෙනාව අල්ලාගෙන සිටීම කලයුතුය.
  • සෑම කාරයක් සමගම ඔබට කිසිසේත් අවශ්‍ය නැති මාර්ග සිතියමක් මිලදී ගැනීමට සිදුවනු ඇත. මෙම විකල්පය මකා දැමුවොත් (delete) කාරයේ ක්‍රියාකාරිත්වය 50% කින් පමණ අඩුවනු ඇත.
  • ඔබ අලුත් කාරයක් මිලදීගන්නා සෑමවිටම, යලිත් මුලසිට රිය පැදවීමේ පුහුණුවක් ලැබීමට සිදුවනු ඇත. එයට හේතුව වන්නේ, සෑම අලුත් කාර් මොස්තරයකම, ස්ටියරින්ග් වීල් එක, බ්රේක්, ක්ලච්, සහ අනෙකුත් පාලක උපකරණ කලින් මෝස්තරයේ තිබුනාට වඩා වෙනස් තැන්වල සවිකර තිබීමයි.
  • එන්ජිම නැවත්වීම සඳහාද ඔබට ස්ටාර්ට් බොත්තම එබීමට සිදුවෙයි.

   කතාව මෙතෙකින් අවසන් වුණත්, මා හිතනවා ඔබට හැකිවෙයි කියා, මේ සඳහා තවත් කරුණු එකතු කරන්නට.

img068 2012 නොවැම්බර් මස 30 දින 2341 පැය

Comments on: "පරිගණකයට එරෙහිව කාරය – Car Vs Computer" (63)

  1. නියම විහිළුව…. 🙂

    //….මුලින්ම කියන්න ඕනේ මෙය අන්තර්ජාලයේ දී මා විසින් කියවන ලද ඉංග්‍රීසි විකට කතාවක සිංහල පරිවර්තනය බව….//

    මුලින්ම මේ ගැනත් කිව්ව එක වටිනවා. හැම තැනම කොපි කළා. අතනින් ඉස්සුවා මෙතනින් ඉස්සුවා වගේ චෝදනා එන කාලේ පටන් ගද්දිම මේක කියලා පටන් ගත්තු එකම හොඳට හොඳා

  2. ඇත්ත නේන්නම්…

    හොඳ වෙලාවට ගෙනරල් මෝටර්ස් කාරයා හිමින් යන්නෙ..

  3. “එන්ජිම නැවත්වීම සඳහාද ඔබට ස්ටාර්ට් බොත්තම එබීමට සිදුවෙයි.”

    😀 , වින්ඩෝස් පාවිච්චි කරන්න පටන් අරං අවුරුදු 15ක් වෙනවා, හැබැයි අද තමයි වින්ඩෝස් වල මේ අවුල තේරුනේ..

    ගුගල් එකෙන්නම් ඩ්‍රයිවර්ලස්‌ කාර් එකක් හදල තියෙන්නේ.

  4. $ 25 ට කාර් එකයි,පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 1000 යන්නයි පුලුවන්නම් දෙයියනේ,එකසැරේ 10 ක් 12 ක් විතර අරන් දාල තියෙනවනේ මොනව හරි ගති ලක්ෂණ පහල උන ගමන් පාවිච්චි කරන්න.කොහොමත් පවර්ෆුල් ඉන්ටෙර්නෙට් පසුකමක් ගත්තොත් ඔය අපහුකම් ගොඩක් මගහරවාගන්න පුළුවන් වෙයි කියල හිතෙනව.:)

    • පවර්ෆුල් කාර් ලංකාවේ තියනවා, ඒවා පාරේ යනහැටි අපි බලා ඉන්නවා. ඒවා ගන්න එක අපිට හීනයක්. පවර්ෆුල් ඉන්ටර්නෙට් ලංකාවේ තියනවා, ඒ සම්බන්ධතාවයක මාසික ගාස්තුව මගේ පැන්ෂන් පඩියෙන් බාගයකට ආසන්නයි.

  5. නියම කතාව.. 🙂 අට වෙනි කාරණයේ සඳහන් වෙන විදිහේ දේවල් නම් කාර් වලට ඇතුලත් වෙන්නත් පුළුවන් කියල හිතෙනවා අනාගතයේදී. හිසේ පැළඳ ගෙන සිටින උපකරණයක් මගින් ග්‍රහණය කර ගන්නා සංඥා යොදා ගෙන යම් යම් උපකරණ පාලනය කරන්න පුලුවන්ද කියල පරීක්ෂණ කෙරෙනවා නේද..?

  6. ගැලුමට සැතපුම් 1000 යන අප තවම පින් කර නොමැත…

  7. මේක බිල් ගේට්ස් දැකලා නැතුව ඇති… 😀

  8. ඉමල්ක ද සිල්වා said:

    බිල් ගේට්ස් කිව්ව කතාවේ නම් සාධාරණ බවක් තියෙනවා , 1994 දී ජෙනරල් මෝටර්ස්ලා ඉලෙක්ට්‍රික් කාර් එකක් හදුන්වලා දුන්නා , එත් අවුරුදු කිහිපයකින් ඒ ප්‍රොජෙක්ට් එක නැවතුනා හේතුව තෙල් කොම්පැනි කාරයෝ කියලයි ආරංචිය. ඒ ගැන ෆිල්ම් එකක් තියෙනවා “Who Killed The Electric Car ” කියලා , මට නම් තාම බලන්න බැරි වුනා , මේ වගේ දේවල් මීට ඉස්සරත් ලෝකේ වෙලා තියෙනවා . මේවා ඒ විදියටම කරගෙන ගියා නම් මෝටර් රථ තාක්ෂනය මීට වඩා ගොඩාක් ඉහලින් තියෙන්න තිබුනා. කාර් එක ලෝකෙට හදුන්වල දෙන කාලෙත් මේ වගේම සිද්දියක් වෙලා තියෙනවා මට ඒ ගැන වැඩි විස්තරයක් නම් මතක නෑ

    • බොහොම අගය කරනවා ඔබේ අදහස් දැක්වීම. මමත් ඒ ෆිල්ම් එක හොයාගෙන බලන්නම්. බොහෝවිට ව්‍යාපාරික/කාර්මික ලෝකයේ ඔවැනි සිදුවීම් තිබෙනවා. ඔබේ වැරදුන කමෙන්ට් එක ඉවත් කළා.

  9. පොඩි ඇත්තකුත් තියෙනවා. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා.මම කියන්නේ ලංකාවේ අපිට නම් ලිනක්ස් සහ තව මොන OS තිබුනත් හොදටම තාම ඔරොත්තු දීලා තියෙන්නේ Windows තමයි. විවිද ගැ‍ටළු නම් තියෙනාව තමයි ඒත් User friendly ගතිය කොහොම කොහොමහරියට තියෙන නිසා stuck වෙවි හරි ඇදගෙන යන්න හැකි වෙලා තියෙනවා. ඒත් වාහන එක්ක බැරි වෙලාවත් windows 98 මුල් කාලේ edition එකක් හෝ windowsn Me, හෝ ඒවගේ ජල්තරස් OS එකක් යාවුනොත් නම් මොකෙන් මොක වෙයිද කියන්න නම් අමාරුයි

    • වින්ඩොව්ස් ගැන කතාවට ඔබත් සමග එකඟයි. හිතන්නකෝ මුලින්ම අපේ රටට ආව යුරෝපයේ නිෂ්පාදිත කාර්, ජපන් කාර් වගේ සැහැල්ලු සහ අලංකාර වෙමින්, තරගකාරී මිලටම තිබුනා කියා. එහෙමනම් අපි ජපන් කාර් වලට යන එකක් නැහැ. වින්ඩොව්ස් වලට හුරුවුන අපි වෙනත් පද්ධතියකට හුරුවීම හිතන්න අමාරුයි.

  10. .කාර් එක හැසිරවීම සදහා සුක්කානම වෙනම මිළට ගන්නට ත් සිදුවේවි. අපි මවුස් එක ගන්නවා වගේ .

  11. හිකිස්…අපූරුයි..!

  12. ඒකනෙ අපි ඇපල් පාවිච්චි කරන්නේ 🙂

    පයිලට්ලා නැතිව ගමන් කරන ගුවන්යානා අපේ යුදහමුදාවට දැන් තියෙනවනේ. ඉතින් එංගලන්තයේ පයිලට්ලා නැතිව මගීන් යන ගුවන්යානා අත්හදා බලන්න ලබන සති කිහිපය තුල දී සූදානම්. ඒක රියැදුරෙක් නැතිව යන ගූගල් වාහන වලට කළින් වෙළඳපොලට එයි කියා තමයි දැනට තියෙන මතය.

    රියැදුරෙක් නැතිව යන ගූගල් කාර් පර්යේෂණයේ දී සිද්ධ වෙච්ච රිය අනතුරු දෙක පරිගණකය පාවිච්චි නොකර මිනිසුන් පදවද්දී වූවා කියලැයි වාර්තා වෙන්නෙ.

  13. මිස්ටර් ඇනෝනිමස් said:

    මේක තමයි නියම කෑල්ල //එන්ජිම නැවත්වීම සඳහාද ඔබට ස්ටාර්ට් බොත්තම එබීමට සිදුවෙයි. //

    • හරිනේ ඉතින්. අපි කම්පියුටරේදීත් ස්ටාර්ට් කියන තැනින් ගිහින්නේ ෂට් ඩවුන් එකට එන්නේ.

      • අද පදවන BMW 328i වල ස්ටාට් කරන්නෙ සහ නවත්වන්නේ බොත්තමක් ඔබා. වාහනේ යතුරු සාක්කුවේ දාගෙන ගමන යන්න පුළුවන්.

        • ඔව්, අනාගතයේදී මීටත් වඩා දේවල් දැකියහැකි වෙයි. මගේ යාළුවකුගේ ටොයෝටා ප්රෙමියෝ කාරය ස්ටාර්ට් කරන්නේ, එන්ජිම නවත්වන්නේ, දොරවල් අරින්නේ, ලොක් කරන්නේ, කාරය සමග ලැබෙන ටොයෝටා අත් ඔරලෝසුව දුරස්ථ පාලකයක් ලෙස ක්‍රියාකරමින්.

  14. බිල් ගේට්ස් කියපු කතාව හරි ඇත්තටම Fuel Cell ( හයිඩ්‍රිජන් බලයෙන් ක්‍රියාකරන ) වාහන ලෝකයේ ප්‍රදාන සමාගම් , ජෙනරල් මෝටර් ඉලෙක්ට්‍රික්ස් ඇතුලුව නිශ්පාදනය කර තිබුනත් වෙලදපොලට එන්නෙ නෑ හේතුව ඔවුන් විසින් ඛණිජ තෙල් සදහා යට කර ඇති විශාල ආයෝජනය ….
    බෙන්ස් සමාගම මේ වර්ගයෙ මොටර් රථය එලියට දාන්නේ 2015 දි කියන්නේ

  15. හික්ස්
    ඒත් ජෙනරාල් මෝටර්ස් එකේ අය කියන තරම් පරිගණයක් හැසිරවීම අපහසුද?

  16. ඩොලර් 25 කට විතර මිලදීගතහැකි කාර් එකකින්, පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 1000 ක් විතර, යන්න තිබුනා”
    ඒ කියන්නෙ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් දාහකින් විතර ඉහළයන්න තිබුණ කියන එකනේද?

  17. අපූරු කතාව මහත්මයා. බිල්ගේට්ස් දැක්කොත් වස ලැජ්ජාව උන්දැට.

  18. මේවා එපා අරවා අරවා

    මෙව්වට ඔය ඖන තරම් කට්ටි‍ය ඉන්නේ

  19. දැන් තියෙන්නේ පරිගණකය සහ කාරය

  20. කට උත්තර නැතිවෙන්න දීල තියනව.

  21. ඒත් ලංකාවේ අපිට වින්ඩෝස් තමයි…. ඇපල් ගන්න ඉඩමක් වත් උකස් තියන්න වෙයි.

    දෙලොවක් අතර සිට

  22. සිරා කතාව. උපරිමයි
    මගෙත් දවසට දෙපාරක්වත් හිටි ගමන් ඕෆ් වෙනව,,, අනේ මන්ද OS එපා වෙනව.

    • මගේ පරිගණකය ලෙඩ දුන්නම ගෙදර අයත් මා එක්ක වැඩි කතාවක් නැහැ. එයාලා දන්නවා මම ඉඟුරු පෙත්තක් ‘පීයූකේ’ ගහගෙන ඉන්නේ කියලා. 😀 එන්න කෑම කන්න කිව්වත් මට තද වෙන බව එයාලා දන්නවා.

  23. ITS REALLY INTERESTING TO READ YOUR ARTICLES . IT IS A GREAT JOB SIR. 🙂

  24. පට්ට විහිලුව හොඳම උදාහරනේ වින්ඩෝස් 8

දිලීප වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න