විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  යුද ටැංකි නඩත්තුවට විකල්පයක් යනුවෙන් මා ලියන ලද ලිපිය, විශාල පාඨක සංඛ්‍යාවකගේ අවධානයට යොමුව තිබුණා. නමුත් එහි සැඟවුන යමක් තිබුණා. මා සිතුවා, ඔබ අතරින්, යුද කටයුතු පිලිබඳ දැනුමක් ඇති අයකු, ඒ හොරය අල්ලා ගනියි කියා. ඒ විතරක් නෙවෙයි, යුද කටයුතු ගැන දැනුමක් නැතත්, අලෙවිකරණය පිලිබඳ දැනුමක් ඇති අය එම ලිපිය කියවා, එය විවේචනය කරනු ඇතැයි මා සිතුවා.

  මට මේ මොහොතේ මතක් වෙන්නේ අන්දරේගේ කතාවක්. රජ්ජුරුවෝ ඇතා පිටේ යනගමන්, ගහකින් කොලයක් කඩලා, ඉඹලා බලලා, ඇමති වරුන්ට දුන්නලු, ‘මේ බලන්න, මේ කොලවල ගෑවීගෙන උරුලෑවෙක් ගිහින් තියනවා වගේ. මේ කොළ උරුලෑ ගඳයි’ කියලා. ඇමති වරුත් එය ඉඹලා බලලා කිව්වලු, ‘ඔව් ඔව් රජතුමනි, මේ කොළ උරුලෑ ගඳයි’ කියලා. ඊළඟට රජතුමා අන්දරේට දුන්නලු කොලයක් කඩලා, උරුලෑ ගඳයි ද කියලා බලන්න. අන්දරේ හිනාවෙලා කවියකින් උත්තර දුන්නලු, ‘ඇතෙකුටත් වඩා ඉහලින් යන උරුලෑවෝ ඉන්නේ කොයි රටේද රජතුමනි’ කියලා. ඒ කියන්නේ ඇමති වරු, රජ්ජුරුවන් කියන කියන දේ හරි කියනවා මිසක්, විචාර බුද්ධියෙන් විමසා බැලීමක් කරන්නේ නැහැ. නමුත් අන්දරේ ස්වාධීනව හිතලා, රජ්ජුරුවෝ බොරුවට කියපු දේ අල්ලාගත්තා.

 ඔබට නිකමට හිතුනේ නැද්ද මෙන්න මේ වගේ කරුණු.

 වෙළඳ ප්‍රචාරයක් දෙන්නේ ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසකටයි. යුද බිමේ කොහෙන්ද එහෙම අය?

 මෙය කිසිසේත් තේරුමක් ඇති දෙයක් නොවන බව (තමන්ට ලාභයක් නොලැබෙන) දන්නා නිසා, කිසිදු සමාගමක්, මෙවැනි ප්‍රචාරයකට මුදල් යොදවනු ඇතැයි සිතන්න අමාරුයි.

 යුද ටැංකිය, යුද බිමේ පාවිච්චි කරන ප්‍රබල අවියක් විනා, පාරේ දුවන වාහනයක් නෙවෙයි. යුද බිමේදී සොල්දාදුවන්ට හෝ සතුරන්ට මේ දැන්වීම් කියව කියවා ඉන්න වෙලාවක් නැහැ.

 යුද ටැංකියක්, යුද බිමේදී, අඳුරු පැහැ ගන්වා, (කාන්තාර වලදී වැලි වල පාටින්) සමහර විටදී කොළ අතුද එල්ලා, තවත් හොඳින් වසා දමා තමයි සටනට යොදවන්නේ. ඉතින් මෙවැනි දිලිසෙන දැන්වීම් පුවරු සවි   කළොත් යුද්ධ ටැංකිය ඈත සිටම සතුරාගේ අවධානයට ලක්වෙනවා නේද?

 යුද්ධ ටැංකියක් නඩත්තු කරන්න ආධාර අවශ්‍ය නැහැ. අවශ්‍ය වුනත් මේ ක්‍රමයට දැන්වීම් ප්‍රචාරය මගින් ගන්නේත් නැහැ. කළු කඩ වලින් කවදාවත් බඩු ගන්නේ නැහැ. ඒ වගේම කළු කඩ හෙවත් හොර අවි ජාවාරම් කරුවන් සමග ගණුදෙනු කරන්නේ ත්‍රස්තවාදී සංවිධාන.  යම්කිසි රටක්, තවත් රටකින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්, සියලුම ආකාරයේ යුද්ධායුධ (යුද/නාවික/ගුවන්) මිලදී ගැනීමේදී, ගිවිසුමකට එළැඹෙනවා. එහිදී, කිසියම් නිශ්චිත කාලසීමාවක් සඳහා, අදාළ යුද්ධායුධ සඳහා අමතර කොටස් සහ සේවා කිරීම් ලබාදීම සඳහා ගිවිසගන්නවා. ඉන්පසු වුවද නව ගිවිසුම් මගින් ඒ සේවා නැවතත් ලබාගත හැකියි.

 මේ විස්තරය කියවා මා සමග උරණ වන්නට එපා. මා අදහස් කලේ ඔබේ විමර්ශනශීලී බව කොතරම්ද කියා මැන බැලීමටයි. ඔබෙන් සමහර අය මෙසේ විය හැකිද යන්න අනුමාන කර අදහස් දක්වා තිබුණු අතර ඔවුන්ට තවදුරටත් ඉදිරියට සිතීමට, මා ඉඟි වැකි මගේ පිළිතුරු ලෙස ලබා දුන්නේ ඔවුන්ව තව දුරටත් සිතීමට පෙළඹවීම සඳහායි.

 මා සාමාන්‍යයෙන් හාස්‍යය මුසු පුංචි කතන්දර ලියනවා තමයි. නමුත් බොහෝවිට ලියන්නේ තාක්ෂණික තොරතුරු නිසා, ඔබ සෑමවිටම මාව විශ්වාස කරනවා මා ලියන සියල්ල තාක්ෂණික තොරතුරු ලෙස සිතා. මතකනේ මීට කලින් මා ලියපු අලුත්ම ත්‍රස්තවාදියා. නමුත් අසන්න, දකින්න, සොයන්න ඇත්ත කුමක්ද කියා. (අසමි දකිමි සොයමි)

 මීළඟ ලිපි වලින් මා ඔබව යුද්ධයේ තවත් ඔබ නොදුටු පැති වෙත ගෙනයන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි යුද්ධයට ඉඳුරාම සම්බන්ධ තොරතුරු ලියනකොටනම්, මේ ආකාරයේ අතාත්වික තොරතුරු නොලියන බව, අවධාරණය කරන්න කැමතියි.

Advertisements

Comments on: "යුද ටැංකි නඩත්තුවට විකල්ප නැත" (58)

  1. මට හිතුනා මොකක් හරි මගෝඩියක් තමයි කියලා.. 🙂

  2. ඒ උනාට යුද්දෙං පස්සෙ අර ජෙට්ලයිනර් එක සංචාරකයින්ට විකුණුව වගේ යුද්ධ ටැංකිත් ඔය විදියට ඇඩ් දාල පාරවල්වල නවත්තල තියන්න පුලුවංනෙ. 😀

  3. ඔබ අපිව මැනගන්න ගත්ත හොද පියවරක්.පිටරටවල ඉන්න ලංකවේ අයත්,ලංකාවෙ “කතිර”ගගහ ඉන්න අය වගේමයි කියල තේරෙනවනේ.දැන්නම් දෙසැරයක් හිතන්න කාලය ඇවිල්ල.

  4. ++++++++++++++++++
    සුභ ඉල් මංගල්‍යයක් වේවා!

  5. හපොයි වෙන කොහේ බැරි වුනත් අපේ රටේ යුද්ධය මාකට් කෙරෙනවා හොඳට. දැන් ඉතින් යුධ ටැංකිත් වැලිකඩ දිහාවේ නොගියොත් උත්සව අවස්ථා වලට නේ යන්නේ. ඇඩ් දෙක තුනක් ප්‍රදර්ශනය කරන්න බැරි නැහැ. 🙂

  6. මිස්ටර් ඇනෝනිමස් said:

    මෙහෙමනේ AL maths paper එකට 2+2 = ? කියලා ඇහුවොත් ඕකට 4 කියලා උත්තර දෙන්නේ නැහැ 50% ක්‌ වත්! මොකද එහෙම දෙයක් අහයි කියලා කීයටවත් හිතන්නේ නැහැනේ! ඒවගේ තමයි මේකත්!

  7. කාල වරෙන් කිව්වලු 🙂

    • මමනම් හිතුවේ ඔයා හොරේ අල්ලගනියි කියලයි.

      • @ wicharaka විචාරක

        අවංකම කිව්වොත් මට හිතුණේ එහෙම වෙන්නත් බැරිකමක් නැහැ කියලා ලංකාවේ යන විදිහට. හමුදාවේ අය එලවළු විකුණන්න, පාරවල් හදන්න, කාණු සුද්ද කරන්න දැම්මා වගේ යුද්ධ ටැංකි ටිකත් ප්‍රසිද්ධ උද්‍යාන ගාව නවත්තලා මේ වගේ මාකටින් කැම්පේන් එකක් කරන ගමන්ම මිනිස්සුන්ටත් විනෝදයක් ගන්න හදාවි කියලා 🙂

        • හැබැයි දැන්නම් මටත් හිතෙනවා ඔය නිකම් තියන ටැංකි ඒවගේ වැඩකට ගන්න බැරිකමකුත් නැහැ. ‘බල්ලෝ මරා හරි සල්ලි හොයමු අපි’ නේ දැන් ප්‍රතිපත්තිය. 😀 😀 😀

  8. ක්සැන්ඩර් | Xander said:

    මම නම් දැනගත්තා මේ නම් මගොඩියක් තමයි කියල. ඒත් ඉතින් කොහෙද මෙච්චර හරියක් තේරෙන්නේ. 😀 😀

  9. මං කලින් ලිපියට නිමිත්ත මොකක්ද කියලා අහන්න හිටියේ. හයියෝ…..

    ජෙට් ලයිනර් එක ප්‍රවාහන කටයුතු වලට ගත්තා වගේ යුධ ටැංකිත් ප්‍රදර්ශනය කරන්න යනවා කියලයි මන් හිතුවේ.

    ඔබතුමා මේ වගේ ලිපියක් දායි කියලා හිතුවෙම නෑ. අපේ රටේ උන් යුධ ටැංකි මාර්කට් කරයි කියලනම් හිතුවා. (හමුදා සෙබළු කුඹුරු කොටන එකේ)

    හාපෝ……. 😦

  10. ඔන්න බලන්නකෝ ඉතින් 🙂
    මේ කාලේ ගේන යෝජනා වල හැටියට ඔහොම යෝජනාවක් උනත් නොගෙනෙන්න බැරි නෑ අපේ ඇමැත්තෝ..

  11. අනේ ඉතින් දැන් ඉන්න රජවරුන්ට අර වගේ පියාඹන උරුලෑවන් ගැන සහතික වෙන්න ඇමතිවරු සිය ගනන් හිටියට එක මොලේ ඇති අන්දරේ කෙනෙක් වත් නැහැනෙ..

  12. ඔබ, වෘත්තීමය හමුදා නිලදාරියෙක්, හෝ සොල්දාදුවෙක් , ඔබට එම දැනුම ගන්න පුහුණුවීම් කියකට යන්න උනාද? නමුත් සිවිල් සමාජයකට ඔය දැනුම ගන්න පුලුවන්ද කියන සැකයක් මතු වෙනවා. මට හිතෙන්නේ, අපි නොදන්නා විහිළුවක් තන්කරලා තනියම හිනා වීමක් විදියට 🙂

    • පසුගිය කාලයේ (වසර 30 ක් පමණ) අපේ රටේ තිබුන යුද්ධය නිසා අපේ ජනතාවගේ හමුදා දැනුම ඉතා විශාල ලෙස වර්ධනය වුනා. ඔබ දන්නවද ඈත වන්නියේ ඉන්න අපේ ජනතාව දන්නවා, සොල්දාදුවකුගේ නිල ඇඳුම දෙස බලා 100% ක් නිවැරදිව කියන්න, ඔහු කුමන රෙජිමේන්තුවේද, කුමන නිලයේද, නිලධාරියකුද නැත්නම් සොල්දාදුවකුද, (පැළඳ සිටින පදක්කම් මොනවාද යන්න කියන්න දන්නා අයත් ඉන්නවා) වැනි විස්තර.

      මා ඒ නිසයි කිව්වේ හමුදා දැනුමක් නැතත්, අලෙවිකරණය පිලිබඳ දැනුමක් ඇති අයකු මේ ලිපිය කියෙව්වානම්, කිසිසේත් මා සමග එකඟ නොවන බව. කෙසේ වෙතත් ඔබට යම් සිත්රිදීමක් ඇතිවුනානම් මා කනගාටුව ප්‍රකාශ කරනවා.

  13. ඔව් මම මලක් වගේ 😀 😀 😀

  14. හි … හි … මට කලින් පෝස්ට් එක මඟඇරිලා, දැන් ගිහින් තමා කියෙව්වෙ මේ මොන අටමගලයක්ද කියල. ඔන්න පහුගිය දවස්වල වැඩ තිබුණයින් මංතුමා ගොඩ. 😀 😀 😀

  15. රට කරවන්න නම් මසුරන් ඇතුව අතේ ,වටිනා කියන දේ විකිණිය යුතුය රටේ ,
    එහෙමයි සර් දැන් රට වෙන්නේ
    ලේ කදුළු විකුනන්නේ නැතනම් ඇති

    • රට කරවන්න නම්, දන්සල් දොරෙහි නැත යදියෝ, වගේ විරෝධාකල්ප ගී, එදාට වඩා සිය දහස් වාරයකින් අදට ගැලපෙද්දී, නන්දා මාලනීගේ කටේ පිට්ටු හිරවෙලා. සුනිල් ආරියරත්නගේ අතට ආතරයිටිස් හැදිලා.

  16. මම සීරියස් ගත්තෙ නෑ ඒ කථාව … නැත්නම් කියනවා ඒ කාරිය කවදාවත් වෙන වැඩක් නෙමෙයි කියලා… විහිලුවක් කියලයි හිතුවෙ…

  17. සොරි වෙන්න ඕන මම ටිකක් ප්‍රමාදයි.ඒත් දැන් මම කතන්දරේ දැනගෙන ගෙහුන් පන්ඩිතයා වගේ එතන කොමෙන්ට් කොරන එක හරි නෑනේ ආයිබොවං. නිකම් කියවලා විතරක් එන්නම්. දැනුමට යමක් එකතුකොරගන්න ඇහැක් නෙව. අඩුගානේ කාව හරි කඩේ යවන විදිහ ගැනවත්. ජයවේවා කිවුවා ඕං…..!!!!

    • ලිපි දෙකම කියවීමෙන් දැනුමට යමක් එකතු වුනානම් සතුටුයි. හැම දෙයක්ම විකිනෙන අද සමාජයේ, අනාගතේදී එක අතකට බලනකොට, මොනවා නොවිකිනෙයිද?

  18. මට හිතුනේ එක දෙයයි දැන් යුද්ධයක් නැති නිසා එක එක ප්‍රධාර්ශන වලට අරන් යන නිසා එතැනදී යම් ප්‍රචාරයක් ඇති වෙනවා. ඒ ගැන විතරයි හිතුවේ.

    • ඇත්තටම එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒ තැන වලදිවත් දැන්වීම් ප්‍රදර්ශනයක් වුනේ නැහැනේ. අනික යුද්ධ ටැංකියක් කියන්නේ වාහනයක් නෙවේ ආයුධයක්නේ. ඔබ හිතුව විදිහ වැරදී නැහැ. හැබැයි ටිකක් කල්පනා කලානම් සැකයක් හිතෙනවා.

  19. ඉමල්ක ද සිල්වා said:

    ඇයි දෙයියනේ කොළඹ සමහර තැන් වල ඔව්වා නවත්තලා තියෙන්නේ නිකම්ම තියෙන එකේ ad එකක් දෙකක් ගැහුවම මක් වෙනවද 🙂

    • එහෙම වෙන්නත් බැරි නෑ තව කල් යනකොට. නවත්තලා තියන යුද ටැංකියේ ඉන්න අයට නොදැනෙන්න පෝස්ටර් අලවන්න දන්නා වැඩකාරයෝ ඉන්නවානේ කොළඹ. 😀 😀

  20. හුහ් ඊලග චන්දෙදි අපේ දේසප්ප්‍රෙමී ජාත්‍යාලය ඔප්නංවනඩ ඔය ටැන්කියක සංවේදී පියා ගෙයි බාප්පාගෙයි පොටෝ එකක් ගහලා වීදි සංචාරේ නොකලොත් තමා පුදුමේ…
    විචාරක මහත්මයට වඩා දුරදිග හිතලයි අර කලින් පෝස්ට් එකට කොමෙන්ට් කලේ …… ..
    ඇඩ්වටයිසින් ගැන විචාරක තුමාට ටියුසන් ගන්ඩ වෙයි වගේ…. !! මේක ලංකාව …………….

    • අම්මපා සමීර ඔය මොලේ අපිට තිබුනේ නැහැනේ අර මහා යුද්ද කාලේ. තිබුනානම් අර ට්‍රයම්ප් ඇඩ් එක වගේ ඒවා ලොකුවට දාලා, කොටි ඒවා දිහා කෙල හල හලා බලන් ඉන්න අතරේ, හෙමීට වැඩේ දෙන්න තිබුනා. අනික පියාගෙයි, බාප්පාගෙයි, පුතාලාගෙයි පින්තුර ගහලා තිබුනා නම් කොටි බයවෙලා දුවනවා කකුල් කඩාගෙන. 😀 😀 😀

  21. මට හිතෙනෙම කාටහරි හීනියට ඇනපු ටොක්කක් කියලා.. බොරුවක් බව නම් තේරුනා..

  22. මටනම් ඕක මුල ඉඳන්ම තේරුනා………..

  23. අපේ ලොකු තැන වල ඉන්න උදවිය අතට ගානක් එනවනම් පාරවල් අයිනේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදියටත් තියාවි. කිව්වට තරහ වෙන්න එපා මහත්තයෝ. අර ගිය පොස්ට් එකේ යුස් කරලා තියෙන පින්තූරේ කොහෙන් හරි ගත්ත එකක්ද ඔබතුමාගේ නිර්මාණයක්ද? මොකද මම බුකෙයේ ඔවැනි පින්තූරයක් සැරිසරනවා දැක්කා.

    • යුද්ධ ටැංකියේ පින්තූරය ගත්තේ අන්තර්ජාලයෙන්. ඊට පස්සේ Google Images වෙතින් එක එක සමාගම් වල ලාංඡන ගත්තා. ඒවා ආධාර කරගෙන පින්තූරය හැදුවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: