විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   මීට පෙර බොහෝ අවස්ථා වලදී, ඔබෙන් බොහෝ දෙනෙක් ඉල්ලා තිබෙනවා, මා දන්නා, ලිංගික කරුණු පදනම් කරගත්, හාස්‍ය ජනක කතා ලියන ලෙස. එහෙත් මා විසින් මටම පනවාගත් ස්වයං වාරණ නීති හේතුවෙන්, මතකයේ ඇති එවැනි කතා ඉතා විශාල ගණනක්, අදටත් මතකයේම තිබෙන්නට ඉඩ හැරලයි ඉන්නේ. නමුත්, මේ මෑතකදී, මගේ මිතුරන් කීපදෙනෙකු සමග සල්ලාපයේ යෙදී සිටි අවස්ථාවක, එක් මිතුරකු මේ කතාව මතක් කරමින් මගෙන් ඇසුවා, ඔයා ඒ කාලේ කියපු මේ කතාවවත් ඇයි බ්ලොග් එකේ නොලියන්නේ කියා.

   ටිකක් කල්පනා කළ මම, මගේ බ්ලොග් මිතුරකුගෙන් ඉල්ලීමක් කළා, මට මෙය ලියන්න ටිකක් ලැජ්ජයි වගේ, ඒ නිසා ඔහුට මෙය ඔහුගේ බ්ලොග් එකේ ලියන්න කියා. කතාවත් මම ඊ මේල් මගින් ඔහුට යැව්වා. ඔහු ඒ කතාව ඉහළින් අගය කර, කතා ලිවීම පිලිබඳ ඔහුගේ එක්තරා ප්‍රතිපත්තියක් නිසා මගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කර, මා දිරිමත් කළා මේ කතාව මටම ලියන ලෙස. ඒ අනුව කෙටුම්පත සැකසුවත් නැවතත් එය නොලියා ඉන්න හිතුනා. ඔන්න අන්තිමට හිතට හයිය අරගෙන ලියනවා. 

   මම ඔබ සියලුදෙනාගෙන් එක කාරුණික ඉල්ලීමක් කරනවා. අනේ ඔබේ අදහස් දැක්වීමේදී, අසභ්‍ය යයි අද සමාජයේ සම්මත වචන ලියන්න එපා. මම මෙතෙක් කල්, කිසිම විටක,  මේ බ්ලොග් එකේ පළවන ලිපි පිළිබඳව ඔබ දක්වා ඇති අදහස්, වාරණය කර හෝ සංස්කරණය කර නැහැ. ඒ නිසා, තෝරාගත් සරල වචන වලින් අදහස් ප්‍රකාශ කිරීමෙන්, මේ කතාවේ රසය විඳගනිමු කියා, ඔබට ඉතා කාරුණිකව යෝජනා කරනවා. ඒ අනුව තමයි ඉදිරියේදී තවත් මෙවැනි කතා ලියනවාද නැද්ද යන්න මා තීරණය කරන්නේ. එහෙනම් මෙන්න කතාව. 

  එක්තරා අති දුෂ්කර ප්‍රදේශයක යුද හමුදා කඳවුරක් පිහිටවා තිබුණා. ඔබ කියයි යුද හමුදා කඳවුරු තියෙන්නේ ඉතින් අති දුෂ්කර ප්‍රදේශ වල නේන්නම් කියා. මේ කඳවුර අති විශේෂයි. දුර්ග මාර්ග ඔස්සේ සෑහෙන දුරක් වාහනයෙන් යායුතුයි. ඉන්පසු, වාහන යා නොහැකි මාර්ගයක, තවලමක බඩු පටවාගෙන තවත් විශාල දුරක් යායුතුයි. ඉන්පසු ගඟකින් එගොඩවී, අඩිපාරක ගමන් කළ යුතුයි. මේ ගමනාගමන දුෂ්කරතාව නිසා නිතර භට පිරිස් මාරු කිරීම අපහසු බැවින්, මේ ප්‍රදේශයට යැවෙන භට පිරිස්, අනිවාර්යයෙන් මාස 6 ක් ඒ ප්‍රදේශයේ සේවය කළ යුතුයි.

    මේ කඳවුර භාරව සිටි මේජර් වරයා හදිසියේ අසනීපවීම නිසා, ප්‍රතිකාර සඳහා යවන්නට සිදුවූ අතර, වෙනත් මේජර් වරයකු ඒ වෙනුවට පත්කර එවනු ලැබුවා. හැඩිදැඩි පෙනුමකින් යුත් ඔහු දුටුවිට, සොල්දාදුවන්ට ඇතිවුනේ බයක්. ඔහු වැඩ බාරගත් දිනයේ නිළධාරියකු නොසිටි නිසා කඳවුර භාර සැරයන් වරයා අලුත් මේජර්ට, කඳවුරේ සෑම තැනම පෙන්වා විස්තර කරමින්, ඔහුව කඳවුරු චාරිකාවක රැගෙනගියා.

   ඒ යන අතර මේජර් දුටුවා සෙබළුන්ගේ භට නිවාසය අසළ ඔටු දෙනක් කණුවක ගැටගසා තිබෙනවා. මේජර්, සාජන්ගෙන් ඇසුවා ‘සාජන්, මේ මොකද මෙතන ඔටුවෙක්‌ ඉන්නේ?’ කියා. සාජන් බොහොම බයෙන්, ගොත ගසමින් වගේ කිව්වා, සර්….මේ…..මේ…..දන්නැද්ද….මේ…මේ….අපේ කොල්ලන්ට…..මේ…..ඉතින්……….මාස 6 ක් යනකල්…මේ…නිවාඩු නැහැනේ සර්….ඉතින්…මේ….මේ….උන්ට……කෙල්ලෙක්වත් දකින්න, මේ…මේ….හම්බ වෙන්නේ නැහැනේ සර්….ඉතින් මේ….කොල්ලෝ….මේ….ඔටු දෙන….කියනකොටම මේජර් කට කොනකින් හිනා වෙලා කිව්වා, හරි හරි මට තේරුණා කියලා.  

  කාලය සෙමෙන් ගතවුණා. අලුත් මේජර් දරදඬු වගේ පෙනුනට සොල්දාදුවන්ට කරදරයක් වුනේ නැහැ. ඔහු තමන්ගේ පාඩුවේ හිටියා. සාජන්, නියෝග පරිදි සොල්දාදුවන් පාලනය කළා.

  එක දවසක් මහ රෑ, මේජර් තමන්ගේ නිළ නිවාසයෙන් එළියට බැහැලා, සා….ජ….න්…..කියා මහා හඬින් ගෝරනාඩු කළා. සැරයන් නිවස්නයේ සිටි සාජන් උඩ ගිහින් බිම වැටුණා. ‘ස….ර්’ කියාගෙන ඔහු දුවගෙන ඇවිත් සීරුවෙන් සිට මේජර් දෙස බැලුවා. එවිට තමයි සාජන් දැක්කේ, මේජර් අතේ තුන්කාලක් පමණ අවසන්වූ විස්කි බෝතලයක් තිබෙන අතර, මේජර් ගේ ඇස්, ලොවි ගෙඩි මෙන් රතුවී තිබෙන බවත්, මේජර් බොහොම දැඩි බැල්මෙන් තමන් දෙස බලා සිටින බවත්. සාජන් නිහඬව සිටියා. මේජර් ගොරහැඩි හඬින් කිව්වා ‘ගෙනෙන් ඔටුවා’ කියලා.

   සාජන් පුදුම වෙලා වගේ ඇහුවා ‘සර් මේ මහා රෑ……..’ නමුත් සාජන් අහන්න හදපු දේ අවසන් කරන්නත් ඉස්සර මේජර් කඩන් පැන්නා.  ‘තමුන්ට බලයක් නැහැ මගේ වැඩ ගැන උපදෙස් දෙන්න. ගේනවා ඔටුවා’  කියා මේජර් යලිත් ගෝරනාඩු කළා.  සාජන් බයවෙලා දුවගෙන ගිහින් ගෙනාවා ඔටුවව. ‘බැඳපන් ඕකාව අර කණුවේ හොඳට හිරවෙන්ඩ’ මේජර් කිව්වා. සාජන් බැන්දා ඔටුවව ඒ කණුවේ හොඳට හිරවෙන්ඩ. ‘අර පුටුව ගෙනෙන් මෙහාට’ මේජර් තමන්ගේ නිවස්නයේ ඉස්තෝප්පුවේ තිබුන පුටුවක් පෙන්නලා සාජන්ට කිව්වා. සාජන් තත්පරයකින් පුටුව ගෙනත් දුන්නා.

   මේජර් පුටුවට නැගලා ………………………..තමන්ගේ කාර්යය අවසන් කළ මේජර්, හති දමමින් සාජන්ගෙන් ඇහැව්වා, ‘ හඃ හා…..අපේ කොල්ලොත් මෙහෙම නේද’ කියලා. සාජන් කිව්වා………….

   ‘අනේ නෑ සර්, උන් මේ ඔටුවව පාවිච්චි කරන්නේ, උගේ පිටේ නැගලා අර ටිකක් ඈතින් තියන ගමට යන්ඩ. එහෙදි තමයි උන්ට ඒ ගමේ කෙල්ලන්ව මුණගැහෙන්නේ’ කියලා. 

Advertisements

Comments on: "මේජර් සහ ඔටුවා (අතිශයින්ම 21 +++)" (95)

  1. හයියෝ.. මේජර්ට වහ කන්න හිතෙන්න ඇති…. හි හි

  2. කතා ලියන කොට ස්වයංවාරන පනවන් ඉන්න එකනම් හොඳයි ඒත්..එහෙම කලාම බොහොම රසවත්, ලස්සන සිද්ධි නේද මඟ ඇරිලා යන්නෙ කියලා හිතෙන කොට දුකයි..යන පැත්තකින් යද්දෙන් කියලා මන් නම් ලියනවා ඕනි දෙයක්…හැබැයි වැඩිම ප්‍රතිචාර තියෙන්නෙත් ඒවටම තමයි..බහුතරයක් බ්ලොග් කියවන්න එන්නෙ..තමන්ගෙ වැඩ වලින් එහෙ මෙහෙ වෙලා ඔළුව පොඩියක් සැහැල්ලු කරගෙන හිනා වෙන්නයි කියලයි මන් නම් හිතන්නෙ..ඒක එහෙමම වෙන්න ඕනියි කියලා නම් කියන්නෙ නෑ..ඒ නිසා විචාරක තුමා ඕන් ඔහේ ඔය වාරණ රෙද්ද එහෙට මෙහෙට කොරලා ටිකක් සෙල්ලම් පෙන්නන්න..මේවා කියවලා කවුරුවත් නරක් වෙනවයි යහමඟෙන් ඉවත් වෙනවයි කියලයෑ ආයෙ..

    • ඇත්තවශයෙන්ම මමත් ඔය ස්වයං වාරණය තුල දෝලනය වන අවස්ථා තිබෙනවා. ඉදිරි කාලයේදී මේ හා සමාන කතා පලකරන්න මෙවැනි ප්‍රතිචාර තුලින් මා දිරිමත් වෙනවා. බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

    • ෂහතික ඇත්ත..වෙනී අයියා කියලා තියෙන්නේ…
      //මේවා කියවලා කවුරුවත් නරක් වෙනවයි යහමඟෙන් ඉවත් වෙනවයි කියලයෑ//

      කිසිසේත්ම කවුරුවත් නරක් වෙන්නවත් යහමගෙන් ඉවත් වෙන්නෙවත් නැහැ..මොකද එහෙම ඕන උනා කියලත් වෙනී අයියට ඔටුවෙක් හොයා ගත හැකියෑ මේ ලංකාවේ.. හා නැද්ද හා..?

      :D:D:D

    • මිස්ටර් ඇනෝනිමස් said:

      ඔය තියෙන්නේ විචාරක මහත්තයෝ සුපිරියටම! ඔබතුමාගේ බ්ලොගේම මේක දාපු එක හොඳයි. මමනං හිතන්නේ නැහැ මේ වගේ විනෝදාත්මක දෙයක් ලිව්වා කියලා ඔබේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා. දැනුම බෙදන අතරේම බ්‍රේක් එකකටත් එක්ක මේ වගේ කතාත් එකතු කරන්න. 😀

  3. අතිශයින්ම සභ්‍ය කතාවක් සභ්‍ය භාෂාවෙන් ලියා ඇති නිසා අදහස් ලිවීම අසභ්‍ය යයි මට සිතුනි..

  4. හිනාවී බඩ කොර වී සිටිමි

    නියමයි විචාරක තුමෙනි, මෙවැනි කතා තව දමන්න. මෙහි සිතනා තරම් අසභ්‍ය බවක් නැහැ.

  5. ක්සැන්ඩර් | Xander said:

    හයියෝ දෙය්යනේ අසරණ මේජර්… ඊට පස්සේ කෑම්ප් එකේ ඉන්න ඇත්තේ ඔටුවෙක් වගේ වෙන්න ඇති, කොල්ලන්ට මුණ දෙන්න බැරිව .

    විචාරක තුමෝ භුමි උපක්‍රම ගැන ටිකක් කියල දෙන්න බැරිද අපිට?

  6. හැමදේම, හරියට වෙන්නෙ කොහොමද කියලා අහල දැන ගන්නැතුව තමන් දන්න දේවල් මත ඉඳලා උපකල්පන වලට එළබීමේ ඵලවිපාකයක්…

    විචාරක මහත්තයගෙ බ්ලොග් එකේ අර ++ දැකපුවම නම් මාව ටිකක් තිගැස්සුනා…

  7. අයියෝ මේජර්…!!
    (ඔන්න ඔහේ ඕනේ *කක් සත පනහයි කියලා අනිත් ටිකත් ලියලා දාමු සර්)

  8. හපොයි… මේජර් හත්පොලේ ගාගෙන වගෙයි…..

  9. ඔටු දෙනට හිතෙන්න ඇති මේපාර තමයි කෑම්ප් එකට හරි හමන් එකෙක් ආවේ කියල.

  10. ඔටු දෙනට ප්‍රහාරයක් 😀 😀 😀

  11. විචාරක තුමා, ලියන්නකෝ ආරක්ෂක කටයුතු වලට යොදා ගන්න සතුන් ගැන ලිපියක්. ඇතිනේ හුඟක් විස්තර.

  12. ලැජ්ජාවේ බෑ. හික් හික් හික්, මේ කතාව නම් ඇත්තම එකක්. මගේ යාලුවෙක් ඉන්නවා විචාරක කියල එයට වෙච්ච දෙයක් :).

  13. ටිකිරි මොළ වලට ඔය ඩිංගිත්ත හොදටෝම ඇති ,ඒ ඒ අයට ආවේනික වුන වචන දාල යාලුවෝ එක්ක බෙදාගන්න.”බජ්ජ හුටයෝ”කතාත් මරු !!!ඒ වගේ ඒවත් කරුණාකර ලියන්න.

  14. ඔටු දෙනත් වේලි වේලි ඉන්න ඇත්තේ..

  15. ඔටුවට මොනවා හිතෙන්න ඇත්ද ! පවු අෆ්ෆා.

    මාත් පුදුම වුනා බ්ලොග් ++ තියෙනවා දැකලා.හිතුවා ස්වයං වාරණය අයින් කරන් කියලා. 🙂 . මගේ බ්ලොග් එකේ ඔය වගේ කතා කිහිපයකට ඔබ දාලා ගිය කමෙන්ට් ටික මතකයි.(ඒ වගේ කතා ලියද්දි භාෂාව හැසිරවීම හොදයි කියලා.) ඉතින් හොද කතා තියෙනවනම් ඔන්න ඔහේ ලියලා දාන්න විචාරක තුමා.

    • මම වාරණය දාගෙන තියෙන්නේ මගේ බ්ලොග් එකටනේ. ඔබේ බ්ලොග් එකේ තිබෙන එවැනි කතාවක් කියවා අදහස් දැක්වීමට එයින් බාධාවක් නැහැ. ඔබගේ දිරිමත් කිරීම තවත් කතා එලි දැක්වීමට හේතුවනු ඇත.

  16. මේක මේ කීව තරම් අස්භ්‍ය ය නෑ නේ අප්පා…. , ඔන්න ඔහේ ලියලා දාන්ඩ විචාරක තුමා… !
    දැන් ඔබතුමාට මේ සිද්දිය මොන කාලෙ වගේද උනේ……???

  17. අනේ එහෙමත් නව නින්ගිරාවක්.

  18. කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු..

    මම හිතාගෙන හිටියෙම ‘මේ ඔටුවා පොඩ්ඩක් අල්ලනවැයි ‘ කතාව කියලා..

      • ඕන්න එක්තරා මනුස්සයෙක් කාන්තාරෙ මැද්දෙන් බොහෝම දුරගමනක් යන්න පිටත් වුනාලු. මාස ගාණක් තිස්සෙම මිනිස් වාසයකුත් නැතුව යන මේ ගමනෙදි මිනිහට හදිසි අවශ්‍යතාවයක් ඇතිවුනාලු. අර මේජර්ට ඇති වෙච්ච ජාතියෙ එකක්. ඉතින් මේ අවශ්‍යතාව පිරිමහා ගන්න හිටියෙ ඔටුවා විතරලු. කරන්ඩම දෙයකුත් නැති තැන වගේම තව අඟලක්වත් යන්ඩ හිත ඉඩ නොදෙන තැන මිනිහා තීරණය කළාලු ඔටුවගෙන් ප්‍රයෝජනය ගන්න.

        ඉතින් ඔටුවාව පොඩ්ඩක් එහාට මෙහාට කරල ගන්ඩ හැදුවට ඌ එක විදිහකට ඉන්නෙම නැතිලු. ඌව ගැටගහන්ඩ ගහක්වත් නෑලු. ළඟ තිබිච්ච කඳු ගැටේකට හිරකරන්ඩ හැදුවත් ඒ හරියන්නෙත් නෑලු. මිනිහා තරහෙන් පුපුරද්දිම ඈතින් ඇහෙනවලු ගෑණු කෙනෙක් කෑගහන සද්දෙ.

        බලද්දි මිනිහෙක් ගෑණු කෙනෙක්ව පැහැරගෙන යනවලු. අපේ කතා නායකයා කරේ තමුන්ගෙ අතේ තිබ්බ කඩුවෙන් අර මිනිහට කොටලා ගෑණුකෙනාව බේරාගත්තලු.

        ඉතින් ගෑණු කෙනත් තමුන්ව බේරගත්ත මේ මනුස්සයා ගැන ආලහිතක් එහෙම පහලවෙලා කළගුණ සැළකීමක් විදිහට ‘මම ඉල්ලන ඕන දෙයක් දෙන්නම්’ කිව්වලු.

        බොහෝම අමාරුවෙන් හිටපු මනුස්සයට මාර හැපිලු. ඒත් ඉතින් දෙන්නම් කිව්ව පලියටම කටක් ඇරලා ඒවගේ දෙයක් ඉල්ලන්න පුළුවන්යෑ.. මනුස්සයා ටිකක් ඇඹරිලා කාරිය හිමීට මාතෘකාවට බැස්සලු.

        ‘ඔය ඇත්තමද අනේ’

        ‘ඔව් ඔයා කැමති ඕන දෙයක් දෙන්නම්.’

        ‘ඕනෑම දෙයක්??’

        ‘ඔව්’

        ‘මට පොඩි උදව්වක් කරන්ඩ පුළුවන්ද?’

        ‘කියන්න’

        ‘ඔන්න මම ගැන වැරදියට හිතන්න බෑ’

        ‘නෑ.. අනේ කියන්න’

        ‘කමක් නැද්ද?’

        ‘කියන්න’

        ‘අනේ මේ ඔටුවට දඟලන්ඩ නොදී පොඩ්ඩක් අල්ලන් ඉන්ඩකො’

        ඕක කිව්වෙ හම්බන්තොට කොල්ලෙක්.. උගේ බාසාවෙන් කියද්දි කතාවටත් වඩා බස් වහරටයි හිනා යන්නෙ..

  19. ඊට පස්සෙ ඔටු දෙන මේජර්ගෙ පස්සෙම වෙන්න ඇති.

    සැර බාලකරල හරි කමක්නෑ, දන්න ටිකක් ඔන්නොහෙ ලියල දාන්ට අනේ.

    (දැන් අසනීප තත්ත්වය හොඳයිද?)

  20. ………කපාගෙන මැරෙන්න හිතෙන්නැති..!

  21. හප්පට සිලි! පවු අනේ මේජර්!!!

  22. ඉතාම සංයමයකින් ලියා තිබෙනවා. ඔය කතාව ඇත්ත කතාවක්. ඒ කියන්නේ එහෙම දෙයක් වෙනවා….

  23. නියම කතන්දරේ! බයවෙන්න එපා කවුරුහරි කුණුහරුපෙන් බනී කියල. එච්චරම නරක නෑ අපි. 🙂
    ඉඳහිට දෙපැත්ත කැපෙන කතාවක් සභ්‍ය භාෂාවෙන් දැම්ම කියල කිසිම ප්‍රශ්නයක් නෑ. අත්දුටුවයි සත්තයි.

    ටිකක් විතර ඔයවගේ කතාවක්
    මේකත් බලන්න.

  24. සංයමයෙන් පාලනය කරල තියෙනවා ඇත්තටම අසභ්‍ය බවක් දැනුනේ නැහැ..

  25. හයියෝ සාලේ……… 😀

  26. වඩාත්ම කියවූ ලිපිඅ මෙයයි කියන එක වැටිලා තියෙන්නෙ බ්ලොගයට මිසක් පෝස්ටුවට නෙමෙයි.. ඒක නිසා බ්ලොගයට එන අයට මිස පෝස්ටුවේ ලින්කුව හරහා එන අයට එය පේන්නේ නෑ.. බොහෝ අය එන්නෙ පෝස්ටුවට මිසක් බ්ලොගයට නෙමේ..

  27. නියම කතාවක්.. හික්ස්..:)

  28. අසන්නා සිහි බුද්ධියෙන් නොඇසීමේ පල විපාක තමා 🙂

    මේ සටහන සම්බන්ධ ප්‍රශ්නයක් නම් නෙමෙයි. blog එකේ දකුණු පැත්තේ උඩ තියෙන පින්තූරේ තියෙනවා නේද 1978 දී ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම ස්වේච්ඡා යුධ හමුදා නිලධාරියා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල කියලා.

    ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ශ්‍රීමත් ජෝන් කොතලාවලව ජෙනරාල් පදවියට උසස් කරන්නේ 1980 ශ්‍රීමත් ජෝන් කොතලාවල මියගිය දවසට කලින් දවසේ නේද ??

    • මෙජර්ගේ තියන ලොකුකමනේ සාජන් කියලා ඉවර වෙන්න කලින් හරි හරි මට තේරුනා කිව්වේ (වල් හිත) 😀

      මම හිතුවා ඔය ප්‍රශ්නය කවුරුහරි අහයිද කියලා. ඔබ හොඳ විමර්ශනශීලී පුද්ගලයකු නිසා ඔබට එය නිරීක්ෂණය වුනා. පින්තුරයේ ඉඩ තිබෙන්නේ සීමාසහිතවයි අකුරු පේළි ඇතුලත් කරන්න. 1978 දී සිටිය ජ්‍යෙෂ්ඨතම ස්වේච්ඡා හමුදා නිලධාරියා බව කියන්නත් ඕනේ. නිළය ජෙනරල් බව කියන්නත් ඕනේ. (1978 දී විශ්‍රාමික කර්නල්) නමුත් කර්නල් කියලා දැම්මානම් ප්‍රශ්න ගොඩක් එන්න තිබුනා. මම හමුදා නිලධාරියෙක් වෙලත් එයා ජෙනරල් බව දන්නේ නැද්ද කියා අහන්නත් තිබුනා. ඒ නිසයි මෙහෙම දැම්මේ.

  29. ඇයි මෙච්චර ලස්සන කතාව කලබලයෙන් ඉවර කලේ , තව ලස්සනට ලියන්න තිබ්බා

  30. ඇෆ්ඵට ශසිරි පවු අෆ්ෆා මෙජරයා

  31. ඔය තියෙන්නේ ඇල් වතුරත් නිවලම බීලා.. 😀

  32. හික් හික් හික්…..දුකේ බෑ මට නම්..!!

  33. Hina wela pana yanawa mahaththayoo.Niyamai

  34. මේජර් එදාම යන්න ඇති ජොබත් අත ඇරලා

  35. නියමයි මිස්ටර් මේ_ _

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: