විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  බලුකිරි ඩොට් කොම් නමැති අසික්ෂිත ජාලගත සමාජය විසින් මගේ ලිපි අමු අමුවේ කොපි කිරීම පිළිබඳ ලිපිය ඔබ කියවන්න ඇතිනේ. ඒ සමගම අප හිතවත් Gayan 540 මහතා, මගේ ලිපි කොපි කරන තවත් පරපුටුවකු ගැන තොරතුරු දී තිබුනා. ඔබට සමහරවිට මතක ඇති, මම කලකට පෙර, ඉන පටි පැළඳීම ගැන ලියා තිබුන ලිපිය. (2012 මැයි මස 2 දින)

මෙතනින් බලන්න මගේ ඒ ලිපිය

  එක උන්නැහේ කෙනෙක් අනේ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මෙන්න මගේ ලිපිය ගෙඩි පිටින් කොපි කරලා පලකරලා. ඒ මදිවට ඒ ගැන අදහසුත් දෙන්නලු. මම නම් දුන්නා, තවම වෙන කවුරුවත් දීලා නෑ වගේ. අනේ ඔබට පුලුවන්නම් එයාට අදහස් ටිකක් කියන්නකෝ. හැබෑටම මුන්දලට ලැජ්ජාවක් නැද්ද?

Advertisements

Comments on: "මෙන්න තවත් පරපුටුවෙක්" (27)

  1. මගේ කතාවක් පස් වෙනි පාරටත් ඕකේ ඊයේ පෙරේදා දාලා තිබිලා චමි ලින්ක් එක දාලා පෙන්නලා තිබ්බා.ඒ ලිපියේ කොමන්ට් එකක් වශයෙන් ලොකු ජෝන් සහෝදරයා ඔහුට මේක උස්සපු එකක් නේද කියලා අහලා එකේ කොමන්ට් එකක් දැම්මාම ඒක උස්සපු එකා කියන්නේ හරියට මම කොපි කරා වගේ කතාවක්.:)

  2. මිනිහා පුරුද්දක් විදිහට කාගෙන් හරි පෝස්ට් එකක් උස්සලා තමන්ගේ වගේ පල කරන එක වගේ කරන්නේ 😦

  3. මමත් ගියා බලන්න. ඇත්තෙන්ම මේ වගේ වැඩ කවුරු කරත් වැරදියි. ඔහු එය අනවසරයෙන් උපුටා ගත්තනම් අඩු තරමෙ ඒ බවට සඳහනක් හෝ මුල් ලිපියට ලින්ක් එකක්වත් දමන එක ඔහුගෙ යුතුකමක්.

  4. පොඩි පොඩි අපගමන තිබුනත් බ්ලොග් ලෝකයත් මේ ලෝකයේම එක්තරා පැති කඩක්. මිනිස්සු අදුනාගෙන පිනට ඉල්ලා හිගා කන්නන්, සල්ලි නොගෙවා පැහැර හරින්නන්, දත් ගලවන්නන්/ගලවන්නියන්, ගංජා කරුවන්/කාරියන්, සක්විති වැනි ජිල්මාට් කරුවන්, හදහන් බලනෝ පේන කියනෝ කියමින් බොරුවක් කර කීයක් හෝ කඩා වඩා ගන්නාවුන් නොහොත් හොරු නැතැයි කිව නොහැක. මනුස්ස කමටත් හිත හොද කමටත් සමහරු ඕවාට රැවටෙති. අනුන්ගේ දේ තමන්ගේ දේ ලෙස පෙන්වනවා කියන්නේත් හොරකමක් මිස වෙන දෙයක් නොවේ.

    සමහර විට ඔය තැන තියන අනෙක් ලිපිත් ඔබගෙන් වගේ වෙනත් අයගෙන් උස්සපුවා වෙන්න ඕනි. ලිපියක් ලියන කෙනායි එහි අපහසුවත් දරාගන්නේත්, ඒ අපහසුවට ආදරය කරන්නේත්. ඔවැනි දේ සදහා නීතී හැදෙන තෙක්, අදාළ බ්ලොග් සින්ඩිකේටර වලින් ඉවත් කිරීම කල හැකියි.
    සින්ඩිකේටර ඇඩ්මින්වරු ඔවැනි දේ ගැන අවධානය යොමු කරනවා නම් ඉතා හොදයි.

    ඔබ අපහසුවෙන් ලියලා හදන ලිපි වල ඇති ඡායා රූප වලට මින් පසුව ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය පැහැදිළිව දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

  5. මුන්ගෙ ලජ්ජා ග්‍රන්තිය උපතින්ම වැටිලද කොහෙද. අවජාතකයො..

    ගනන් ගනඩ එපා විචාරක මහාතා, මේ බ්ලොග් අවකාශෙ නම් ඔබ තුමාගෙ ලිපියක් උස්සලා පල කරන එකා නිකම්ම නෝන්ඩි වෙනවට වැඩිය මුකුත් වෙන්නෑ.. මොකද හැමෝම වගේ දන්නවා ඒක කවුද ලියුවෙ කියලා..

  6. කොපි කිරීම නැතිකරන්නනම් බැහැ. තව කෙනෙක්ගේ පොස්ට් එකක් ගෙඩි පිටින්ම උස්සන උන්ට කියන්න තියෙන්නේ අර ලොකුම චනනෙ තමා.

  7. ඔන්න මාත් ගිහින් කොමෙන්ටුවක් දාල ආව පව්නේ කොල්ල අමාරුවෙන් ලිව්වා එකනේ! 😛
    මමනම් කියන්නේ මේවට මෙහෙම බැන බැන ඉන්නෙපා කෙලින්ම ගූගල් එකට රිපෝර්ට් කරන්න. කිසි කතාවක් නැතුව බ්ලොග් එකටම බඩු හම්බ වෙනවා එතකොට. මෙහෙම බැන්නට උන්ට දැනෙන්නේ නැහැ. ලැජ්ජාවක් තියෙනවනම් මෙහෙම කරන්නෙත් නැහැනේ.

  8. ඒ බ්ලොග් එක දැන් නම් කරන්නේ නෑ වගේ. සෑහෙන කාලෙකින් “නිර්මාණයක්” දාලා නෑ. විචාරක තුමා, මෙහෙම ඒවා ගුගල් එකට රිපෝර්ට් කලොත් දවස් කීපයකින් ඒ අඩවිය අයින් කරනවා ලු. මමත් හරියටම දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.

  9. මිනිසුන් ගැන කලකිරී සිටිමි… කීපදෙනෙකුට ඇම්බුශ් දීමට සිතේ..

  10. ඔන්න යුතුකමක් විදියට අරුට පොඩි comment දැම්මා.කව්ද කියල දන්නවනම් ඊට වඩා දෙයක් උනත් කරන්න තිබ්බා. අපේ ගම් පළාතෙත් මේ දවස් ටිකේම AMBUSH. එක නෙවි ඔබ තුමා mails check කරන්නෙම නැද්ද?

    • මට ඉස්සරවෙලාම පෙනුනේ ඔන්න යුතුකමක් හැටියට ඇම්බුෂ් එකක් දැම්මා කියලා ලියලා තියනවා වගේ. 😀 😀 😀

      අනේ ඉක්මනට මේල් බලන්නම්. අමතක වුනා.

  11. ක්සැන්ඩර් | Xander said:

    ඌට කොපි කරන්න කියල දීලා ආවේ.. පවුනේ මොකවත් ලියන්න බෑ නේ..

  12. ගන්නට ගියෙමි ෆෝන් එකක් වටිනා කියන…..
    නමත් නොකියා හැඩත් නොකිය වැඩනම් චයිනා…

    එපා වූ පසුව ෆෝන් පදමට වෙරි වේමය සිතා…
    ගත්තා ගල් භාගයක් තැනකින් රෑ බෝවී තිබුන නිසා…
    නමත් එකයි හැඩෙත් එකයි කික් එක නොමැත මෙදා…
    කොතනත් හොර බොරුව ඇත ගැලවිය නොහැකි නියා…

    පාරට බැස්සෙමි ගෙදරට යන්න කියා..
    වැටුනෙමි වලක උදයේ නොතිබූ තැනා…
    පාර හැදුවේ ලොකු ගානක් ගියා කියා…
    වලක් තිබුනේ බාසා අවංක වූ නිසා…

    පයින් යන්න වුයේ රිය කොට උඩ තබා..
    අරගෙන දැම්ම පාර්ට්ස් බාලම වූ නිසා..
    ඇත්තේ ලේබලයේ ඔරිජින් යයි පවසා…
    ගෙව්ව ගාන ඇද නැත මට හීල්ලෙනා…

    ලිව්වේ ලේඛනය මුළු රෑ නිදි නොලබා…
    පරසිදු නොකලෙ අත හිත කොහෙවත් නොමැති නිසා…
    කුට්ටිය පිටින් ගෙන විකිණුවා බඩ පණුවො නිසා…
    දැන් පරසිදුයි උන් උන්ගේ කෘතිය නිසා…………..

    (අන්තිම පද පේලියෙනුත් කියවෙන්නේ තවත් වංචනිකයන් පිරිසක් පිළිබඳවය. කතෘ භාගය ගෙවා ගන්නා ලද කෘතියකත් මෙම ලිපියේ පරිදි ගන්නා ලද කෘතියකත් වෙනසක් නැතිවා වාගේය.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: