විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   මගේ මිතුරකු මා වෙත එවන ලද ඊ මේල් ලිපියක මේ වීඩියෝව ගැන සඳහන් කර සබැඳියාව ලබාදී තිබුනා. එය ඔබටත් නරඹන්නට අවස්ථාවක් ලබා දියයුතුයි හැඟුනා. සමහරවිට ඔබෙන් බොහෝ දෙනෙක් මෙය මීට පෙර නරඹා ඇති. මට දකින්නට ලැබුනේ ඊයේ දිනයේදීයි. මෙහි තිබෙන අදහස් සියල්ලටම එකහෙලාම එකඟ වන්නට නොහැකි නමුත්, මෙහි කිසියම් පණිවිඩයක් ඇතුලත්ව තිබෙන බව පෙනෙනවා.

මෙය ප්‍රචාරණයක් නොවන බව කාරුණිකව සලකන්න.

Advertisements

Comments on: "මිතුරෙකුගෙන් ලද පණිවිඩයක්" (28)

  1. වීඩියෝව නම් දැන් බලන්ට විදියක් නෑ. මේ ඩොන්ගල්වලින් වීඩියෝ ලෝඩ් කරාම විකිණෙනවනේ. වෙන කනෙක්ෂන් එකකින් බාගෙන බලනව.

  2. මේ සිංදුව ආයෙ අහන්ඩ සැලැස්සුවට ස්තූතියි…මම ආසම කෑල්ල තමා ලේ දකින්ඩ හම්බෙන්නෙ මදුරුවෙක් මකුණෙක් මැරුනොත් විතරයි හා වෙඩි හඬ අහන්ඩ ආසාවට රතිඤ්ඥා පත්තු කරන එකට තමා.. අපේ රටත් එක්ක බලද්දි හරියටම හරි නේන්නම්..

    සිංදුව පුරාවටම වචනයක් වචනයක් පාසා ව්‍යාංගාර්ථ උපහාසයෙන් පිරිලා.. එකම එක තැනක් නැතුව..

    විචාරක මහත්තයා මොකක් හරි පොටකට එන්ඩ හදනවදෝ කියන විචිකිච්චාව නොආවමත් නෙමේ…

    • මේ වීඩියෝව බලපු ගමන් මටනම් උපහාසයට වඩා ඇතිවුනේ කලකිරීමක්. සමහර දේවල් ටිකක් අතිශයෝක්තියෙන් කියා තිබුනත්, සම්පූර්ණ බොරු කියලා කිවහැකි දේවල් නැති තරම්. මෙවැනි දේවල යටි අර්ථය තේරුම් ගැනීමයි වැදගත්. දේශපාලන ලිපි ලිවීමටනම් මගේ අදහසක් නැහැ.

  3. මේ “පවන” casette එකේ සිංදුවක් නේද? බෝහෝම පැරණි සිංදුවක්.

    • මමත් දන්නේ නැහැ කොහෙන්ද කියලා. මමත් මේ සින්දුව මුලින්ම ඇහුවේ කැසට් එකකින් බව මතකයි. මේක මගේ නිර්මාණයක් නෙවෙයි. යාළුවෙකුගෙන් ලැබුන ලින්ක් එකක්.

  4. ගොඩ දවසකින් ගොඩ වෙච්ච ගමන් බලන්ඩ බැරි එකක් දාලා, මේ කනෙක්ෂන් එකෙන් ඕක බලන්න බෑනේ , බලමුකෝ ඒක පස්සේ මම මග ඇරිච්ච එව්වා බලලා එන්නං

  5. මේ සින්දුව ප්‍රේමදාස යුගයේ ඉදන් තාමත් වලංගුයි. දැන් දැන් තවත් ගැලපෙනවද වගේ.
    විචාරකතුමත් සුදු වෑන් වලට ආස වෙලාද මන්ද,,,

  6. පළමු වැනි පර්සි රජු ගැන විවේචනයක් වගෙයි… ඒ ගැන කථා කරන්න බයයි අප්පා… සුදු වෑන් ආවොත්.. මේ ගීතය පවන කැසට් පටයේ එකක්… එකල ජ.වි.පෙ මතවාදය දරපු නන්දා මාලනී / සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් නිමැවූවක්…. විවේචනය සාධාරණයි කියලා හිතෙනවා… අධ්‍යාපනය විතරක් සැලකුවොත් හැම තැනම අවුල්… ශිෂ්‍යත්ව විභාගෙත ඇණ ගත්තා නොවැ….

  7. පළමු වැනි පර්සි රජු ගැන විවේචනයක් වගෙයි… ඒ ගැන කථා කරන්න බයයි අප්පා… සුදු වෑන් ආවොත්.. මේ ගීතය පවන කැසට් පටයේ එකක්… එකල ජ.වි.පෙ මතවාදය දරපු නන්දා මාලනී / සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් නිමැවූවක්…. විවේචනය සාධාරණයි කියලා හිතෙනවා… අධ්‍යාපනය විතරක් සැලකුවොත් හැම තැනම අවුල්… ශිෂ්‍යත්ව විභාගෙත් ඇණ ගත්තා නොවැ…. එක බලාගාරයක් කැඩුනා කියලා දවස ගානෙ විදුලිය කප්පාදුව…යල් පැනපු ගල් අගුරු බලාගාරයක් චීනයෙන් ගෙනාපු උන්ට නම් රජ මගුල්… පුරවැසි අපට ඇඩෙනවා තනි ඇහැට…

  8. විමුක්ති said:

    සිංදුව ඇහුව.එදා මෙහෙම කියද්දී නිකමට වත් හිතෙන්න නැතුව ඇති මේක ඇස්පනාපිටම ඇත්තක් වෙයි කියල.සීයට සීයක් නැතත් අනූවකට එහා එකඟ වෙන්න පුළුවන් නේද?

  9. නියමයි කියනවට වඩා දෙයක් කියන්නෙ නෑ,…

  10. ක්සැන්ඩර් | Xander said:

    සින්දුව ගැන කිව්වොත්, මේක එදාට වලංගුයි. අදට නෑ.. මොකද අද නන්දා මාලනී වත් සුනිල් ආරියරත්න වත් මේ සින්දුව කියන ලියන තැනක නෑ.. ඉතින් කොහෙද මේක වලංගු වෙන්නේ?? පොට්ට කාසි වගේ..

  11. එද කිව්වේ කේතුමතී පුරවරය ගැනනෙ.. නන්දක්කායි සුනිල් අයියායි තාම හිතනවා ඇති අද කියන්ට තියන්නේ මොන පුරවරය ගැනද කියලා…

  12. දැන් ඒ කට්ටියත් ප්‍රශස්ති ගයනවානේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: