විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 සාමාන්‍යයෙන් මා මේ බ්ලොග් අඩවියේ ලියන ලිපි ගණන පෙන්වන දර්ශකය දෙස බලන්නේ කලාතුරකිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ, ලියන ලිපි ගණන පිළිබඳව නොව, මා වැඩි අවධානය යොමු කරන්නේ, ලිපි වල අන්තර්ගතය පිළිබඳව වීම නිසාය. මා අවසන් වරට ප්‍රකාශයට පත්කළ ඔයා බ්‍රිගේඩියර් ද, කමඩොර් ද, ග්රූප් කැප්ටන් ද, යන ලිපියේ දෙවැනි සහ අවසාන කොටස සැකසීමෙන් පසු එහි අවසන් සංස්කරණය කරමින් සිටියදී ලිපි දර්ශකය අහම්බෙන් නෙත ගැටීමෙනුයි අවබෝධ වුනේ ලිපි 100 ක් සම්පූර්ණ කර ඇති බව. 2011 දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කල මේ බ්ලොග් අඩවිය, කොතරම් දුරට ගෙනයාහැකිවේද යන ප්‍රශ්නය, මුලදී සිත තුල තදින් බල පැවැත්වුවත්, හරියන්නට හෝ වරදින්නට කියා ජීවිතය පරදුවට තබා යුද්ධ කල මට, මෙය තවත් එවැනි අභියෝගයක් බව ටික දිනකින් අවබෝධ විය. ලිපි සඳහා ලැබෙන ප්‍රතිචාර මගින්, මා කිසියම් අර්ථවත් සහ හරවත් දෙයක් ලියන බව තහවුරු වූ බැවින්, ගුණාත්මක බව තව දුරටත් වර්ධනය කිරීමටත්, පාඨක ඉල්ලීම් කෙරෙහි වැඩි අවධානයක්, යොමු කිරීමටත් ඉටාගතිමි. ලිපි කෙරෙහි ඔබ සියලු දෙනාගෙන් ලද ප්‍රතිචාර, මා තව තවත් නව මානයන් වෙත යොමු කිරීමට හේතුවූ බව ප්‍රකාශ කරන්නේ, ඔබ සියලු දෙනා වෙත කෙරෙන භක්ත්යාදර පූර්වක ප්‍රනාමයෙනි. මා සිතෙත් ගතෙත් දහිරිය නොබිඳෙන තුරු ඔබේ දැනුම වර්ධනයෙහි යෙදෙමි.

Advertisements

Comments on: "හෑ. . . දන්නෙම නැතුව සීයෙක් වෙලානේ මම" (55)

  1. ඔබ සිංහල බ්ලොග්කරුවන් අතර විශේෂ කෙනෙක්. ඒ ඔබේ බ්ලොග් ලිවීමේ විලාසය නිසාමයි. ඔබ සතුව තියෙන අත්දැකීම් එක්ක සීය කියන්නෙ බොහොම ටිකක්. ඒ වගේම බොහොම සංකීර්ණ දේවල් සරලව පැහැදිලිව ලියන්න තියෙන හැකියාව දුර්ලභ දෙයක්. හැමදාම ගොඩවදින්න, කියවන්න, අදහස් දක්වන්න අවකාශ නැති වුණත් මම නිතර කියවන අඩවියක්. ඉදිරි ගමනට සුභ පතනවා උපරිමයෙන්ම!

  2. සුභ පැතුම් මගෙන්….

  3. මගේ උණුසුම් සුභ පැතුම්.. අර්ථවත් ලිපි 100ක් ලිව්වා කියන එක නම් ලොකු දෙයක් තමයි.. විචාරක මහතා ඉතාම කෙටි කලකින් ලියලා තියෙනවා…

    සිතේ හා ගතේ සවිය බොහෝකල් පවතීවායි ප්‍රාර්ථනා කරනවා..

  4. මාරයා... said:

    හැම ලිපියක්ම නැතත් අහු වෙන වෙලාවට කියවලා යන බ්ලොග් අඩවියක්..ඒත් කමෙන්ට් කරන්න වෙලා තියෙන්නේ ටිකක් අඩුවෙන්..ඒ මේ වර්ඩ් ප්‍රෙස් එක්ක තියෙන අවුල හින්දයි.

    හර බර කරුණු ඇතුලත් ජීවිත අත්දැකීම් ගොන්නක් එක්ක ලියැවෙන මේ බ්ලොගය ලොකු හිඩැසක් පුරවන අඩවියක් බව කියන්න ඕන.. ඒ වගේම තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා..ඔබ කැමති නම් පමණක් පිළිතුරු දෙන්න…

    දැන් වසය කීයක් විතර වෙනවද..?

  5. ශා මාස 8කට හොඳ වේගයක් තියාගෙන ඇවිල්ලනේ.විචාරක මහතාට මගෙන් උණුසුම් සුභ පැතුම් තවත් බොහෝ ලිපි ලියන්න ලැබේවා හරබර මෙන්ම රසවත් ඒවා

  6. සියාට ජය…!! මේ කෙටි කාලය තුල ඔබ කළ මෙහෙය අමිලයි…

    “අසමි දකමි සොයමි” යෙහෙන් වැජබේවා ! චිරාත් කාලයක් දිලේවා !!

  7. ජය වේවා!!!!!!!
    සීයට සුබපැතුම්,,,,,,

  8. ශතකයට උණුසුම් සුභ පැතුම් !

    දැන්නම් ඔබ බ්ලොග් අවකාශෙට නැතුවම බැරි කෙනෙක්. ඉතිං, ශතකය සම්පූර්ණ කළා කියන්නෙ ගමන ස්ථිරයි. දිගටම ලියන්න. අපි අනිවාර්යයෙන් එනව කියවන්න.

  9. ඔබට සුභ පැතුම්……. ලියන්නම් කියලා පොරොන්දු වුණු මාතෘකා ගොඩගැහිලා නිසා 500 ඉක්මණින් බැට් කිරීමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙂

  10. මමත් කමෙන්ට් නොකලට හැමදාම අනිවාර්යෙන් අලුත්ම ලිපි එදාම කියවනවා..මගෙ ඊමේල් එකට පබ්ලිෂ් කරපු ගමන් එනවා නේ…

    මේ බ්ලොග් එක අපේ දැනුමට යමක් එකතු කරගන්න තියෙන හොඳම බ්ලොග් එකක්…

    ශතකයට සුභ පැතුම්..අපි හැමදාමත් එනව කියවල යන්න

    • බොහොම ස්තුතියි ඔබට. මම බොහෝවිට ලිපි ලියන්නේ කමෙන්ට්ස් බලාගෙනම නෙවෙයි. සංවාදාත්මක කරුණකදී පමණයි කමෙන්ට්ස් බලාපොරොත්තු වෙන්නේ. ඔබේ ඇගයීම මට මහත් දහිරියක්.

  11. විසිතුරු | visituru said:

    Congratulations !!! 😀 😀

  12. වොඩ්කා බෝතලයක් කැඩුවොත් නරකද සෑර්,,,

  13. මම ආවේ වෙන කේස් එකකට සුභපතන්න… මේකත් අවුලක් නෑ… 🙂

    සීයම කියවා ඇත්තෙමි… තව හුඟක් කියවන්නට බලා සිටිමි…

  14. පරිණත බ්ලොග් සහෘදය, ඔබට පිදෙන මගේ සුභ පැතුම් පිළිගන්න.

  15. ඔබව මුල සිටම කියැවූ කෙනෙක් මම. නමුත් ටෙලි කොමාගේ බාධාකිරීමක් නිසා ටික කාලයක් කියවන්න නොහැකි වුනා. නැවත් ඒ වර්ද දැන් හදලයි තිබෙන්නේ. මෙහි නව ලිපියක් පළ වු විගස මම කියවනවා. මට නම් ඔබගේ මේ ලිපි සියය හොදටම මදි. තව ලියන්න. හැකි ලෙස ලියන්න. බ්ලොග් කියන්නේ වටිනා කලාවක් බව හැඟෙන්නේ ඔබ වැනි අයත් මෙහි සිටින නිසයි. 1000 ලිවීමට දිරි වේවා!!!

    • ඔබ වැන්නකුගේ ඇගයීම විශේෂ දෙයක්. මට දිනකට පරිගණකය අසල වාඩිවී ගතකලහැකි උපරිම කාලය යොදවමින්. තේරුමක් ඇති දෙයක් කරන්නට සියලු උත්සාහ දරනවා. බොහොම ස්තුතියි ඔබට.

  16. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා මම අහලා තියෙන විදිහට ජාති හතරක්
    1.තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් ඇති දෑ කරන
    2.කරන දෑතමන්ට විතරයි අනුන්ට නැත.
    3. කරන දැ තමන්ට විතරයි අනුන්ට නැති
    4. තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් නැති දෑ කරන
    ලොකේ පවතින්නෙ 01 වර්ගය නිසාලු.
    මම බ්ලොග් නොලියුවත් කියවන හින්දා මට පෙනෙන්නේ වැඩි හරියක් බ්ලොග් කාරයෝ කරන්නේ තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් නැති දෑ ලියන වැදි බණ දෙසන බෝතල් කඩපු හැටි කුණු වෙන්න බොන හැටි කොපි කරලා විභාග කරපු හැටි වගේ තමන් කරපු කරන අන්ත මස්ත බාල්දු වැඩ ගැන ලියලා පිටකහලා කසෝගෙන කොමෙන්ට්ස් දාලා දම්මගෙන බිත්තරය දාපු කිකිළි වගේ ලෝකෙටම ඇහෙන්න කියන එක. හේතුව මම දැක්ක විදිහට වෙද මහත්තයාගේ හැර වෙනත් කිසිම බ්ලොග් එකක යනතැන් වල තියෙන ලින්ක් වලට මේ සයිට් එක දාලා නැහැ.
    ඔබ කාවවත් විවේචනය කරන්නේ නැහැ. නමුත් තමන්ගේ කාර්යය කළ යුතු අන්දමට කරනවා. මම හිතන්නේ ඒක හමුදා වෙන් ලද ශික්ෂණය හා විනය හා වයසෙන් ලද පරිණත භාවය .මම ලිපි සියල්ලම වගේ කියවලා තියෙනවා. සියල්ලම අති විශිෂ්ට නොවුනත් විශිෂ්ට භාවය ගැන නම් සැක නැහැ.
    අවි ගැන ලියනවාට වඩා හමුදා දිවියෙන් තරුණයන්ට ගත හැකි දෑ , ඉගෙන ගත හැකි දෑ ලියන්න. එය අසමි -දකිමි -සොයමි හි විශිෂිටත්වය වැඩි කිරිමට ඉවහල් වන වාට සැකයක් නැහැ.
    සුභ පැතුම්.

    • ඉතාම ස්තුතිවන්ත වෙනවා ඔබේ අදහස් දැක්වීමට. මමත් හිතාගත්තා ගුණාත්මක භාවය වැඩි කරගැනීමට අවශ්‍ය සියලු උත්සාහයන් දරන්නට. ඔබේ විවේචන ඉහලින්ම අගය කරනවා.

  17. සුභ පැතුම් මචන්….. (මචන් කීවට කමක් නැහැනෙ..හදවතින් ඔබ තාමත් තරුණයෙක්)

  18. ඔබතුමා බ්ලොග් ලියන්න ආවා කියන්නේ මට නම් හිතන්න වත් බැරි චාන්ස් එකක්. මම ඔය හමුදාවේ විස්තර දැන ගන්න අවුරුදු ගානක් පෙරුම් පුර පුර හිටියේ.ඉතින් තව දුරටත් ලියන්න ඔබතුමාට ශක්තිය ලැබේවා(මේ අර විශ්ව ශක්තිය හෙම නොවේ).

  19. සුබ පැතුම්! බ්ලොග් එකේ බොහෝ ලිපි කියවලා නෑ. මුල ඉදලා කියවලා අදහස් දක්වන්න හිතාගෙන ඉන්නෙ…….

  20. නිතරම කමෙන්ට් නොකරත් හැමදාම එන ඉසව්වක්.
    තවත් ලිපි බොහොමයක් අපත් සමඟ බෙදාගන්න හැකියාව ඉඩ පාඩු නිරෝගී සුව ලැබේවා..

  21. සුබ පැතුම්!

  22. ඇනෝපිලිස් said:

    ජය වේවා…….!!!!!!!!!!!!
    දිගටම ලියන්න ශක්තිය ලැබේවා……!!!!!!!!!!!

  23. ගුණාත්මක භාවය වැඩි කරගැනීමට අවශ්‍ය සියලු උත්සාහයන් දරන්නට

    සර් මේ

    ඔව්වා කොරන්ඩ ගිහින් අපිට නීරස කරන්ඩ එහෙම එපා හරිද

    වැඩිය හරබර කෙරුවෝතින් මම වගේ උන්ට තේරැම් ගන්ඩ බැරිවෙයි

    බ්ලොග් කියවන හැමෝම මහා දැනුමැත්තෝ නෙමෙයිනෙ

    මම කවදාහරි වලගංපිටි යන දවස වෙනකං කියවනවා මේ බ්ලොග් එක

    මම මැරෙනකන් මැරෙන්නෙ එහෙම නැ හරිද

    • අටම්පහුරෝ, උඹ වගේ ‘මිනිස්සු’ කියන අදහස් වලට ඇහුම්කන් දෙන්න මම පුරුදු වුනේ යුද්ධයට මැදිවුණු සිංහල වගේම දෙමල ගම්වල මිනිස්සුන්ගේ අදහස් වලට සවන් දීමෙන්. ගුණාත්මක භාවය වැඩි කරන්නේ මහා ගැඹුරු වචන දැමීමෙන් වත්, මෙලෝ රහක් නැති අති පණ්ඩිත මාතෘකා වලින් ලිපි ලිවීමත් නෙවෙයි කියලා, මම තේරුම ගෙනයි තිබෙන්නේ. මම උඹව ආදරයෙන් වැලඳගන්නවා අටම්පහුරෝ.

  24. This is very first visit to this blog. very meaningful articles. Keep it up.

  25. ක්සැන්ඩර් | Xander said:

    මටනං ලිපි සීයක් කියෙව්වා කියලාවත් දැනුනේ නෑ. අවංකවම සමහර බ්ලොග් වල ලිපිය දෙක කියවද්දී එපා වෙනවා. සමහර බ්ලොග් ආසා හිතෙනවා කියවන්න. එහෙම බ්ලොග් අතරින් ඉදිරියෙන් තියන බ්ලොග් එකක් ඔබතුමාගේ බ්ලොග් එක.

    මිලිටරි පිස්සෙක් වුනු මම මේ බ්ලොග් එක කියවන්නේ හරිම ආසාවෙන්. සපත්තු පොලිෂ් කරන්න, හැඩට අඳින්න උපදෙස් දීමේ ඉඳලා හමුදාව කියන්නේ මොකක්ද කියලා අපිට සරලව කියලා දෙන, ඒ වගේම අපි වගේ ආයුධ පිස්සන්ගේ මනදොල සංසිඳවන එක කියන්නේ ලේසි පහසු පරාසයක් නෙවෙයි. සියල්ල එකට කැටිවූ ලිපි ලියන ඔබතුමාටත් බොහොම පින් වගේම තවතවත් ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..

    • ඔබට බොහොම ස්තුතියි ක්සැන්ඩර්, ඔබ ඇතුළු සෑහෙන පිරිසකගේ දැනුම වර්ධනයට යමක් එකතු කිරීමට ලැබීම මගේ විශ්‍රාමික දිවියෙන් යම් ප්‍රයෝජනයක් ගැනීමක් ලෙසයි මට පෙනෙන්නේ. හැකි උපරිමය දක්වා ඔබ සියලු දෙනාට දැනුම දානය කරන්නම්.

  26. හද පිරි සුබ පැතුම්. මගේ සහෝදරියගේ සැමියත් කර්නල් කෙනෙක්. නමුත් ඔහු වුර්තිය ගැන කතා කරන්නේ හරීම අඩුවෙන්. ඒ අඩුව මම මේ බ්ලොගයෙන් හොඳ හැටියට පිරිමසා ගන්නවා. ඔබට ජයෙන් ජය….

    • එය ඔහුගේ අඩුපාඩුවක් නොවේ. උසස් හමුදා ශික්ෂණයේ ප්‍රතිඵලයක්. මමත් දැන් තමා මේ වගේ දේවල් ලියන්නේ කියන්නේ. ඇගයීම පිළිබඳව ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: