විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 රාජේශ් ඛන්නා මියගිය පුවත මට දැනගන්නට ලැබුනේ දැනට පැය භාගයකට පමණ පෙරයි. 1960 දශකයේදී මා හඳුනාගත් මේ සිනමා වීරයා, එකල තරුණ අපේ හදවත්හි නංවාලන ලද ප්‍රේම කල්පනා අපමණය. ඇත්තෙන්ම තාරුණ්‍යයේ ප්‍රේමය අප හදවත් තුලට ඇතුළු කිරීමට මුල්වූ සිනමා නළුවකු ලෙස ඔහු හැඳින්වීමේ වරදක් නැත. මා ඔහුව සියැසින් දැක නැතිද, ඔහුගේ කුසලතාවයෙන්, සහජ දක්ෂතාවයෙන්, රංගන වින්‍යාසයෙන්, ඔප් නැංවුණු සිනමාපට විශාල සංඛ්‍යාවක් නැරඹීමෙන් ලද ආස්වාදය මෙතෙකැයි, වචනයෙන් විස්තර කිරීමට නොහැකිය. ප්‍රේමයේ යතාර්ථවාදී බව, පරිත්යාගශීලීබව වැනි උත්තරීතර හැඟීම් අප හදවත්හි මුල් වරට පැලපදියම් කිරීමට සමත්වූ, සිනමා විශ්වකර්මයකු ලෙස ඔහු හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත. ඔහු රඟපෑ චිත්‍රපට ලැයිස්තුව ලිවීමට හෝ එහි අග මුල සෙවීමට හෝ මේ අවස්ථාව නොවේ. ඔහුගේ සාමාන්‍ය ජීවිතය ගැන, එකල්හි පළවූ සිනමා පුවත්පත් විස්තර අප කියවුයේ, කිසියම් උන්මාදයකිනි. ඔහු වගේ කොණ්ඩය පීරන්නට, ඔහු නිතර ඇඳි කර පියවූ මෝස්තරයේ කමිස අඳින්නට, අප දැරූ බොළඳ උත්සාහයද අද මිහිරි මතකයකි. ඒ සියල්ලට වඩා මේ ශ්‍රේෂ්ට මිනිසා පිළිබඳව සමකාලීන ඉන්දීය නලු නිලියන් අතර තිබුණු ගෞරවාන්විත සැලකීම තුලින්ම, ඔහු හඳුනාගන්නට අපට හැකිවිය. සිහින කුමාරයාණනි, ශ්‍රේෂ්ඨ කලාකරුවානණි, උතුම් මිනිසාණෙනි, ඔබට මෝක්ෂ සුවය ලැබේවා.

ඔහුගේ අවසන් කටයුතු හෙට 2012 ජූලි මස 19 වැනි දින පෙරවරු 11.00 ට මුම්බායිහිදී පැවැත්වෙන බව දැනගතිමි. ඔහු රඟපෑ චිත්‍රපටි තුනකින් උපුටාගත් ගීත ජවනිකා තුනක් පහත දක්වමි.

ආරාධනා 1969

සච්ඡා ජූටා 1970

කටි පතන්ග් 1970

Advertisements

Comments on: "අපේ කාලයේ වීරයෙක්" (29)

  1. අපේ අම්මලත් දුක් වෙනව. උන්දල ඒ දවස්වල පැණි පෙරපු නළුවොනෙ ඉතිං. ඔය ආරාධනා නම් පාඩං වෙන තරමටම රූපවාහිනියෙ පෙන්නුවනෙ…

    • මට මතකයි රුක්මනී දේවී මියගිය දිනයේ අපේ අම්මලාගේ පුංචි අම්මලාගේ පන නොගිහින් බේරුනේ අනූනවයෙන්. ඇත්තටම අපිත් ඒ පරපුරේ. අපි කලාකරුවන්ට දක්වන්නේ පුදුම ආදරයක්.

  2. කාලය මැව් වෙනසක අරුමේ………., තවත් විශිෂ්ඨයකුගේ නික්ම යාම….

  3. මමත් ආසම නලුවෙක්.. ඉස්සර හින්දි පිචෑර් ගම්වල නැතිකාලෙ අපේ තාත්තලා කොළඹ යනවලු හින්දි පිචෑර් බලන්න..

    • මම පිටකෝට්ටේ අපේ ලොකු අක්කලාගේ ගෙදර ඉඳං, පයින් බොරැල්ලට යනවා ‘රිට්ස්’ එකෙයි ‘ලිඩෝ’ එකෙයි හින්දි පිචෑර්ස් බලන්න (1969 – 70 කාලේ)

  4. ඉස්සර සිරස ටීවී එකේ දවල්ට පරණ හින්දි ෆිල්ම් යනවා.මම ඒවාලින් වැඩියෙන්ම බලන්න කැමති රාජේශ් කන්නාගේ ඒවා වලට.

  5. ගාමිණී ෆොන්සේකා මහත්මයත් රාජේෂ් ඛන්නාව අනුකරණය කරපු එක ප්‍රසිද්ද රහසක්….

    මම මෙයාගෙ මුලින්ම බැලපු ෆිල්ම් එක ආරාධනා හරි හාති මෙරේ සාති කියන දෙකෙන් එකක්…

    • ඇත්තටම ගාමිණී ෆොන්සේකා මහතා අති ශ්‍රේෂ්ඨ නළුවෙක්. සමහරු කිව්වා ඔහු පෙරදිග මාලන් බ්රැන්ඩෝ කියලා. සෑම නළුවකු හෝ නිළියක තුලින් අපි තවත් කෙනෙකුගේ ඡායා ලක්ෂණ දකිනවා.

  6. ක්සැන්ඩර් |Xander said:

    ඔහු කවරෙක්ද කියා නොදනිතත් ඔහු රැගු සිනමා පට දැක ඇත්තෙමි. මොක්සුව පතමි.

  7. ඔබ කිව්වාමයි මම මේ ගැන දැනගත්තේ. සැනසීම ඔහු සමඟ වේවා

  8. Suwahasak rasika sith suwakalawu ohuta moksuwa pathmi

  9. rana-liyana-blog.blogspot.com said:

    ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ ආදාහනය දවසේ අපේ තාත්තත් බොහෝම දුකින් හිටියා මතකයි…..

    • ඇත්තෙන්ම ගාමිණී මීට වඩා ජාත්‍යන්තර තලයට යායුතු නළුවෙක්. නමුත් අපේ සිනමාව එතරම් දියුණු නැහැ. විශේෂයෙන් ආර්ථික අතින් ශක්තිමත් නැහැ.

  10. බ්ලොග් අවකාශයේ ඉන්න පරිණත කෙනෙක් මේවගේ පෝස්ටුවක් ලියයි කියල හිතුන. යන්න ප්‍රාර්ථනා කල තැනකට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු!

  11. ආ හැමෝම යා යුතුයි. ඒත් ඔහු වගේ අය නික්ම යනකොට ඔවුන්ගෙ මව්බිමේ සිටින්නන් පමණක් නෙවෙයි දුර ඈත රටවල්වල ඉන්න අය පවා ‘අනේ අපොයි‘ කියල කම්පා වෙනව. ඒ තත්ත්වය යමෙක් මහන්සියෙන් උපයා ගත යුත්තක්. එය හුදෙක් ප්‍රසිද්ධිය නිසාම ඇතිවන්නක් නෙවෙයි. කලා ක්‍ෂේත්‍රයෙ විතරක් නෙවි, ඕනම ක්‍ෂේත්‍රයක ඉන්න අයෙ මේ සරල සිද්ධිය තේරුම් ගන්නවනම් මේ ලෝකෙ මීට වඩා හුඟක් ලස්සන තැනක් වේවි.
    (කෙනෙක්ගෙ අභාවය වෙනුවෙන් දාපු පෝස්ට් එකකට මේ කමෙන්ට් එක ගැලපෙනව ද මම දන්නෙ නෑ. ඒත් මේ පෝස්ට් එක කියවල කමෙන්ට්ස් ටික කියෙව්වම මට හිතුනෙ එහෙමයි)

    • ඔබේ කමෙන්ට් එක කියෙව්වම මට එකවරම මතක වුනේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මළවුන්ගේ අවුරුදු දා නවකතාව. (පළමුවැනි වරට මම එය කියෙව්වේ 8 පන්තියේ ඉගෙන ගනිද්දී) ආවොත් නොයා බැරිය, නෑවිත් යන්නට බැරිය, ආදී වශයෙන් ඔහු මරණය ගැන කියන, හද කම්පනය කරන වැකි කීපය මගේ කන්වල රැව් පිළිරැව් දුන්නා. මම කාගේවත් අදහසක් වළක්වන්නේ නැහැ.

  12. අපේ අම්මත් අඬන ගානයි.

    ‘ආරාධනා’ කියන ෆිල්ම් එක බලලා තියනවා. ලස්සන ආදර කතාවක්. ඔහු හොඳින් ඒ පෙම් චරිතය රඟ දක්වලා තියනවා. ඒ වගේ කෙනෙකුට මේ වගේ ගෞරවයක් දක්වලා සටහනක් කල එක ලොකු දෙයක්.

    • ඔහු හින්දි සිනමාවේ තැබුවේ කාටවත් නොබිඳියහැකි වාර්තාවක්. ඔහු තමයි හින්දි සිනමාවේ ප්‍රථම සුපිරි තරුව. Super Star. හැබැයි දැන් වගේ SMS වලින් නෙවේ. නියම දක්ෂතාවයෙන්. ඔහු රඟපෑ ‘අමර් ප්‍රේම්’ චිත්‍රපටිය ප්‍රේක්ෂක හදවත් සසල කල චිත්‍රපටියක් වුනා එහි ඇති අතිශයින් ප්‍රේමනීය ගීතයක් මෙතනින් නරඹන්න. මේ ගීතය ගායනා කරන අසහාය ගායක කිෂෝර් කුමාරුත් අද ජීවතුන් අතර නැහැ. මේ ගීතයේ රාජේශ් ඛන්නා සමග රඟපාන්නේ එවැනිම ශ්‍රේෂ්ට නිලියක් වන ශර්මිලා තාගෝර්. ඔබ නැරඹු ආරාධනා චිත්‍රපටියෙත් ඇය තමයි හිටියේ. ඇය වර්තමානයේ ජනප්‍රිය හින්දි නළුවකු වන සයිෆ් අලි ඛාන් ගේ මවයි.

      • මේ ගීය ඇහෙනකොට හිතට පුදුම දුකක් දැනෙන්නේ. තේරුම දන්නවානම් මීටත් වඩා ලස්සන වෙයි.

        මේ දෙන්නාගෙත් පුදුම ගැලපීමක් පේනවා.

        • දල වශයෙන් තේරුම;

          ගිනි පුපුරක් දැල්වේ කොතැනක හෝ
          මෝසම් වැස්ස එය වලකයි
          ඒ මෝසමම අග්නිය දල්වයි
          කවුරුන්ද එය නිවන්නේ
          අහෝ කවුරුන්ද එය නිවන්නේ
          සරත් ඉර්තුව ගෙඋයන නටඹුන් කළා
          වසන්තය එය යලිත් නව යොවුන් බවට ගෙනෙනු ඇති
          කවුරුන්ද ඒ නව යොවුන් බව දෙන්නේ
          අහෝ කවුරුන්ද දෙන්නේ.

          මේ පළමුවැනි කොටස පමණයි. තවත් කොටස් දෙකක් තිබෙනවා. මේ ටිකෙන් යම් අර්ථයක් ගොනු කරගත හැකියි නේද?

      • මෙන්න වැඩක්.. විචාරක හින්දිත් දන්නවා…

  13. යම් හේතුවක් නිසා මගේ බ්ලොග් සටහන් ටික දවසකට නැවතුණත් යළි ආ දවසක මම මුලින්ම ලියන්නට හිටියෙ ඔහු ගැන.
    මගේ මුළු හදවතම දිනා ගත්තු ප්‍රේමවන්තයා… ඔහු කොච්චර වියපත් වුනත් මගේ ආදරය නැති වුණේ නෑ.
    සටහනට ස්තුතියි. ඒ වගේම මම මේ බ්ලොග් සටහන කියවන්න ගත්තෙ අදයි. රසවත් වගේම හරවත්. ඒ නිසා එක හුස්මට ගොඩක් සටහන් කියෙව්වා. නිවී සැනසිල්ලෙ කමෙන්ට් කරන්නම්.
    http://www.thoughtsoflucky.blogspot.com

    • ඔබව සාදරයෙන් පිලිගන්නවා. රාජේශ් ඛන්නා විතරක් නෙවෙයි ඊට පෙර මියගිය බොහොමයක් හින්දි නළු නිලියන් පිළිබඳව මගේ දෙනෙතින් කඳුළු ගැලු අවස්ථා තිබුනා. අදටත් එහෙමමයි. ඔවුන් අපේ සිත තුල මවු ඒ ලස්සන ආදර ලෝකයේ වටිනාකම රසය ආස්වාදය වචන වලින් කියන්න බැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: