විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

කතා දෙකක්


 මේ කතා ප්‍රබන්ධ කතාද ඇත්ත කතාද කියා මා මෙතෙක් සොයා බලා නැහැ. හැබැයි මෙවැනි කතා රාශියක් මතකයේ තිබුනත්, සභ්‍යත්වය සහ සදාචාරය විසින් මාගේ දෑත සහ මනස පාලනය කරන බැවින්, ඒවා බ්ලොග් එකේ ලිවිය නොහැකියි. කවදා හෝ බ්ලොග් කරුවන්ගේ සංසදයකදී සජීවීව කියන්නම්. මේ කතා දෙක ලියන්නේ දැනට මා කරගෙන යන බරපතල පරිවර්තන ක්‍රියාවක් අතරතුර මඳ විවේකයක් ගැනීමට සිතුන නිසයි.

දන්නවනේ යුද්ද කාලේදී හමුදාවේ සෙනග මදි නිසා වෙන වෙන ආරක්ෂක අංශත් යුද්දයට සම්බන්ධ කරගන්න සිදුවුනා. ඒගොල්ලන්ට හමුදා පුහුණුව තරමක් දුරට දෙන්නත් සිදුවුනා. මුලදී හමුදාව සමගත් පසුව තනියමත් ඒගොල්ලෝ ඉදිරි ආරක්ෂක ප්‍රදේශවල (FDL = Forward Defended Locality) රාජකාරියේ යෙදුනා. හැබැයි ඇත්තවශයෙන්ම ඒ ගොල්ලන්ගෙන් බහුතරයකගේ රාජකාරි උනන්දුවනම් ඉතාම අඩුයි. අනිවාර්යයෙන් සේවය කලයුතු අවම කාලසීමාව සේවය කර, ආපසු ගම රට බලා යන්නයි නොඉවසිල්ලෙන් බලා ඉන්නේ. එක අතකට ඒ ගොල්ලෝ හමුදාවක් නොවන නිසා ඒ සිතුවිල්ල සාධාරණයි. හැබැයි ගෙදර ඇවිත් යුද්ධය ගැන නොදන්නා දේ පවා කියමින් නයි ඇරීම තමයි නරක.

ඔන්න ඉතින් මේ ජාතියේ එක්කෙනෙකුයි හමුදාවේ එක්කෙනෙකුයි බංකරයක රාජකාරියේ යෙදී ඉන්නවා. හමුදා සෙබලා තුවක්කුව ඉදිරි භූමියට යොමු කරගෙන, රාත්‍රී අඳුර දෙස ඉතා දැඩි විමසිල්ලෙන් බලමින්, නිරීක්ෂණයේ යෙදී ඉන්නවා. නමුත් අර සගයාට රාජකාරිය ගැන වගේ වගක් නැහැ. ඔහු බකන්නිලාගෙන ඉන්නවා. ඒ මදිවට ඔහු උත්සාහ ගත්තා අර හමුදා සෙබලාව කතාවට අල්ලගන්න. නමුත් සෙබලා වචනයෙන් දෙකෙන් කතාව මග හරියේ රාජකාරිය හරියට නොකලොත් මරණය අත ළඟටම එන බව දන්නා නිසයි. (අර වර්ගයේ අය සෑහෙන්න යුද්ධයේදී මැරුණේ නොසැලකිල්ලෙන් බව, වගකීමෙන් යුක්තව කිව හැකියි) නමුත් අරයාට ඒවා ගානක් නැහැ. ඔහු හමුදා සෙබළාගෙන් මෙහෙම අහනවා.

“උඹලා ජොබ් එක කරන වෙලාවට හෙන සිරා නේ”

හමුදා සෙබලා:- හ්ම්ම් . . .

“උඹලා ජීවිතේ පුරාම ඉන්නෙත් හෙන සිරා විදිහට නේ”

සෙබලා:- හ්ම්ම් . . .

“උඹලා ගෙවල් දොරවල් වල මොනවද වෙන්නේ කියලා හොයන්නෙත් නෑ වගේ නේ”

සෙබලා:- හ්ම්ම් . . .

“උඹලාගේ ගෑනු මොනවා කරනවාද කියලා හොයන්නෙත් නෑ නේ”

සෙබලා:- හ්ම්ම් . . .

“ඉතින් උඹලගේ ගෑනු වෙන එවුන් එක්ක යාලු වෙනවත් ඇතිනේ”

සෙබලා:- හ්ම්ම් . . .

“ඉතින් උඹලගේ ගෑනුන්ට වෙන එවුන් නිසා ළමයිනුත් ඉන්නවා ඇති නේ”

සෙබලා:- හ්ම්ම් . . .

“ඉතින් උඹලා ඒ අවජාතක ළමයින්ට මොකද කරන්නේ”

සෙබලා:- “යකෝ, මතක තියාගන්, අපි ඒ අවජාතක . . . ගේ පුතාලා ඔක්කොම තොපේ අංශයට බන්දවනවා”

දෙවෙනි කතාව මෙහෙමයි. හමුදා සෙබලෙක් සහ අර ජාතියේ කෙනෙක් රාත්‍රී රාජකාරිය නිමවී මූණ සෝදා ගැනීමට අසල තිබුණු වැවකට ගියා. ඊට කරින් රාත්‍රියේ එකතුවුන ‘බර’ ගහක් මුලට අතාරින්නත් දෙන්නා අමතක කලේ නැහැ. එතන තිබුන පොඩි වතුර වලක් ළඟ දෙදෙනා ඉඳගත්තේ හෝදාගන්නයි. එතකොටම සතුරු මෝටාර් වෙඩිල්ලක් මහා හඩීන් ඩෝං ගාලා ඒ අසලට පතිත වුනා. මොහොතකින් සෙබලා අර සගයාට කියනවා ඔයා ඔයාගේ හොදාගන්නකෝ මොකද මගේ හෝදන්නේ?

Advertisements

Comments on: "කතා දෙකක්" (49)

  1. බර පතල වැඩක් කිව්වෙ අරකද ?

    මමත් පොඩි වැඩක් කර කර ඉඳලා ප්‍රීවීව් එක බලද්දි මේක දැකලා පොඩි විවේකයක් ගත්තා. ස්තූතියි..

    ඔහොම කට්ටියව දාලා යුද්ධ දිනන්ඩ පුලුවන්ද ?

    • ඔව් සෙන්නා, ඒක තමයි. සමහර දේවල් පොදු පාඨකයාට අවබෝධ වන විදිහට පරිවර්තනය කිරීම හරිම අමාරුයි. අනික සමහර මාධ්‍ය රූප ලිපියට යොදලා බලපුවාම කිසිම තාත්වික බවක් නැහැ. මම හිතන්නේ කොටස් තුනකටවත් යන්න වෙයි වගේ. එහෙම වුනොත් බලයිද කට්ටිය?

      • කිසි ගැටලුවක් නෑ විචාරක් මහතා කොටස් තුනකට දාන්න.. කට්ටිය අනිවාර්යයෙන් කියවනවා…

        ඔබ කොච්චර දේවල් ගැන සැලකිලිමත්ද ! මේක ඔබට පවරපු එක කොච්චර හොඳද කියලා හිතෙනව…

        බලා සිටිමි..

  2. කතාදෙකම උපරිමයිඅයියෙ,අපේඅයියකෙනෙකුත් ඔයවගෙරසකතා කියනව නිවාඩුආවහම.පස්සෙකාලෙක මෝටාර්එකක් වැදිල දැන්ඇස්දෙකම පෙන්නේනෑ.අරදෙවෙනියට කියපුවැඩේ කරද්දීනෙමේඕන්…

    • ඒ වීරයාගේ දෙනෙත් දන්දුන්නේ ජාතියක විමුක්තිය සඳහායි. ඉතින් ඔහුගේ මනස අවදියෙන් තබන්න. එවිට ඔහු නැවතත් රසකතා කියන්නෙක් වෙයි.

  3. ඔබ කියන්නේ සහතික ඇත්ත. මගේ මස්සිනා ඉන්නෙත් හමුදාවේ. උගෙන් යුද්දෙ ගැන වචනයක් ගන්නවට වඩා ලේසියි ගලෙන් පට්ටයක් ගන්න එක. වෙන වෙලාවට එලෝ මෙලෝ නැතුව කියවන එකා යුද්දෙ මාතෘකාව ආවම ගොළුබෙල්ලා වගේ කටුවට රිංගනවා. අර පරිවර්ථන ක්‍රියාවෙ ප්‍රතිඵල අපටත් දකින්න හැකි වෙයි නේද?
    වෙදගෙදර මහවෙදනා.

    • මමනම් යුද්ධය ගැන ස්වයංවාරණ නීතිය දාගත්තේ 1985 දී විතර. ඇත්තෙන්ම ඔත්තු සෙවීම කියන එකේදී අම්ම තාත්තවත් විස්වාස නැහැ. අපි කියන දේවල් ඒ අය නොදැනුවත්කමින් තැන තැන කිව්වොත් සතුරාට ඒ සියල්ලෙන් වාසි ගත හැකියි.

      අර ලිපිය ඉක්මනින් ඉවර කරන්න සියලු උත්සාහ දරනවා.

  4. ඔබතූමාට විවේකයක් ලදවිටක ලියන්ඩ පුළුවන් කාරණාවක් ගැන කියන්ඩ හිතූනා.

    මම දන්න කෙනෙක් ඉන්නවා එයා හිතාගන ඉන්නේ පොලිසියේ ලොක්කා සාජන් කියලා.
    සාජන්ට කලින් ඉන්න නිලධාරි ගැන එයාට දැනිමක් නැ
    ඔය ගැටලුව හැමෝටම තියනවා අඩුවැඩි වශයෙන්
    ලියමුද මෙහෙම ලිපියක්

    1 පිළිවෙලින් හමුදා නිළයන්

    2 ඒ ඒ නිළයන්ට අදාල කාර්ය්‍යන් සහ බලතල

    3 සමහරක් රෙජීමෙන්තූ වලදි වෙනස්වන සමහරක් නිල නාමයන් (උදා‍..බොම්බෙඩර් )

    4 යුද හමුදා නිළයන්ට සමානවන නාවීක හමුදා නීළයන්

    5 ඒ ඒ නිලයන්ට සමාන ගූවන් හමුදා නිළයන්

    (යුද, ගුවන්,නාවික නිලයන් වශයෙන් සමාන්තර පේලි තුනක තිබුනොත් කියවන අයට ලේසියි )

    6 දොස්තර කෙනෙක් , ඉංජිනේරැවෙක් වැනි කෙ‍නෙකූට හමුදාවට එකතූ උනහම ලැබෙන නීළයන්

    7පොලීසියේ නිළදාරින් ගේ නිලනාමයනුත් වෙනම තැනක

    8 තවත් අපි නොදන්න කරැණු කාරනා

    ලස්සන වටින ලිපියක්වෙයි මම හිතන්නේ

    විචාරක මහත්තයා ආඩම්බරවෙන්ඩ ටිකක්, ඔබතූමාගේ බ්ලොග් එකට විතරයි මම හිතන්නේ මෙහෙම කට්ටිය අරක ලියන්ඩ ‍, මේක ලියන්ඩ කියලා කරදර කරන්නේ.

    කම්පියුටරය ඔන්කරලා ,

    මම ඉස්සෙල්ලම බලන්නේ අසමි දකිමි සොයමි අළුතින් මොනවද දාලා තියෙන්නේ කියලා.

    ඔබේ කමෙන්ට් හරිම රසවත් සහ පොහොසත්

    • හදපත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා ඇගයීම පිළිබඳව. මේ දිනවල විශාල පරිවර්තන කාර්යයකට අත ගහලා තියෙන්නේ. ඒ ලිපිය අවසන් කල වහාම ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.
      ආඩම්බරයක් දැනෙනවා, බොහොම නිහතමානීව හිත ඇතුලෙන් පමණයි. මැරෙන්න කලින්, හිතේ තියන දේවල් වලින් සමාජය දැනුවත් කරන්න දිගටම උත්සාහ කරනවා.

      ඔය පොලීසියේ සාජන් වගේම තමයි ආමි එකේ සාජන් මේජර්. නිකම්ම මේජර් කියනවාට වඩා තව කෑල්ලක් තියනවනේ සාජන් මේජර් කිව්වම. ඉතින් එක මේජර් කෙනෙක් බණක් කියෙව්වලු තමන්ගේ ගෙදර. බණ අවසන් වෙලා පිරිකර පූජා කලාම හාමුදුරුවෝ ප්‍රාර්ථනා කලාලු, අපේ මේජර් මහත්තයා සාජන් මේජර් කෙනෙක් වේවා කියලා.

    • http://en.wikipedia.org/wiki/Military_ranks_and_insignia_of_the_Sri_Lanka_Army

      http://en.wikipedia.org/wiki/Military_ranks_and_insignia_of_the_Sri_Lanka_Navy

      http://en.wikipedia.org/wiki/Military_ranks_and_insignia_of_the_Sri_Lanka_Air_Force

      ඔන්න මම වැඩේ ලේසි කලා. කලින් සියලුම නිල වල ලාංචන (උර පටි වල නේද ඒවා ගහන්නේ) වල පින්තුර දම තිබ්බ වගේ මතක. දැන් නම් නෑ. මට නම් ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ ලාංචන නම් මතක හිටින්නෙම නෑ. ඉරි නැත්නම් පටි නේ ගොඩක්ම තියෙන්නේ (හමුදාවේ වගේ තරු, කඩු වගේ වෙනස් ඒවා තියෙනවනම් මතක හිටී). ඔය ඉරි වල පළලයි, ඉරි ගානයි හරියට මතක තියෙයි ඕක දවස ගානෙ දකින කෙනෙක්ටනම්.

      • බොහොම ස්තුතියි. විකිපීඩියාව වෙත තොරතුරු ලබාදුන් අය අඩුපාඩු සහිතවයි එය කර තිබෙන්නේ. යුද හමුදාවේ නිලධාරීන්ගේ ලාංඡන වලට පමණයි ප්‍රමුඛස්ථානය දී තිබෙන්නේ. කෙසේ වෙතත් හැකි තරම් අඩුපාඩු මගහරවාගෙන ඔබ දුන් තොරතුරුත් ආධාර කරගෙන ලිපිය ලියන්නම්.

      • මේ විකිපීඩියාවේ මේ අඩුයි කියන තොරතුරු දැනට වසරකට පෙර සම්පුර්ණයෙන්ම තිබ්බා. AKA ඔබේ මතකය නිවැරදියි. ඒත් යම්කිසි හේතුවක් මත ඒ තොරතුරු එතනින් මේ වෙද්දී ඉවත් වෙලා.

        • අති පණ්ඩිතයෝ එකට රිංගලා වැඩ කනවා. උන් හිතන්නේ උන්ගේ අමාත්‍යංශයේ අවසර නැතුව ඉන්ටර්නෙට් එකවත් ලෝකයේ තියෙන්න බැහැ කියලා. ඒ වගේ අමන හරමානිස්ලා ටිකක් තමයි අර ‘කන්නාඩි පොළඟා’ ළඟ ඉන්නේ.

      • මේවා අරන් තියෙන්නේ (http://www.armyrecognition.com/sri_lanka_army_ranks_combat_uniforms_military/sri_lanka_army_ranks_land_ground_forces_combat_soldiers_uniforms_military_equipment_sri_lankais_grad.html) මේ වෙබ් අඩවියෙන් වගේ පේන්නේ. නිවාඩු වෙලාවක විකිය සම්පුර්ණ කරන්න ඕන.

      • විකියේ තිබ්බේ මේවා තමයි මම බලනකොට. එහෙනම් විකියෙන් මේ ලාංජන අයින් කරන්න ඇත්තේ ඒකයි.

        • ඔය ලාංඡන අමුතු විදිහකට තියෙන්නේ, නිකම් සංකේතාත්මකව පෙන්වීමට පමණයි. ශ්‍රී ලංකා හමුදාවට විශේෂ කරලා නෙවෙයි.

      • copyright violation හින්දයි ඕවා අයින් කරේ. ඒක ඒ වෙබ් අබවියෙන් දන්වලත් තිබ්බ කියලා තමයි මට නම් මතක. පුලුවන් නම් කාට හරි වෙලාවක් තියෙනවා නම් ආපහු ඇදලා දාන්න. මට කරන්න තිබ්බ මම මේ කටුබැද්දේ හරිවෙලා හිටියේ නැත්නම්. අපේ අංකල් කෙනෙක් ගාව තිබ්බා ලොකු පොතක් ඕවා ගැන.

        • ඒ පොත මගේ ලඟත් තිබුනා. නමුත් හමුදාවෙන් විශ්‍රාම ගන්නකොට එය ආපසු දිය යුතුයි. (Army Dress Regulation) කවුද හිතුවේ මම මේ වයසේදී බ්ලොග් ලියයි කියලා. එහෙම හිතාගෙන හිටියනම් ඒ පොතේ ඡායා පිටපතක්වත් ගන්නවා.

    • මෙන්න තව උදව් ටිකක්
      http://airforce.lk/pages.php?pages=corresponding_ranks
      (යුධ, ගුවන්, නාවික හා පොලිස් නිලයන් හා ඒවා සංසන්දනය (ලාංචන ඇතුළුව))

      http://airforce.lk/pages.php?pages=other_ranks
      (ගුවන් හමුදා කොමිෂන් නොලත් නිල වල තනතුරු හා ලාංචන )

      http://airforce.lk/pages.php?pages=badges_air_force
      (ගුවන් හමුදාවේ වෙනත් ලාංචන (ඔවුන්ගේ ඒකකය හෝ විවිද පුහුණු වලට අදාලව )

  5. විචාරක, අර ඒ කාලෙ ඇවිල්ල හිටපු IPKF එකේ රස කතාත් ටිකක් කියමුකො. සමහර ඒවා මටනම් අදහගන්නවත් බෑ.
    henryblogwalker the Dude

    • හාපෝ. . . . නියම හමුදාවක් තමයි ඒක. මම ඉන්දියාවේදීත් දැකලා තියනවා ඒ හැසිරීම් එහෙමමයි. පොල්තෙල් බොන හැටි දැක්කම අප්පිරියාවේ බෑ.

      • උන්ගෙ හමුදාව ඔහොමනම් නිකම් උන් ගැන කියන්න ඕනා නෑනේ..

        සුලු උදාහරනයක් කියන්නම්.. මේ රටේ රෙස්ටුරන්ට් වල හැම මේසෙකටම උඩින් වීදුරුවක් දාලා තියෙන්නෙ.. ඇයි ඒ.. ? කාලා ඉතුරු බිතුරු ඔක්කොම මෙසේට තමා හලන්නෙ.. ඒකත් හිමින් තියන්නෑ.. ලඟ පාත ඉන්න උන්ගේ ඇඟ වලටත් ඉස්ස්ම විසිවෙන තර්ම හයියෙන් දමලා ගහනවා.. බලන්ඩ අප්පිරිය උන් කලා නැගිටලා ගියාමා.. බල්ලො කෑම කෑවා වගේ වටේටම හලලා.. අපෝ එහෙමත් ජරා ජාතියක්..

        • ඉන්දියන් හමුදා සෙබළු විතරක් නෙවෙයි නිලධාරීන් ලඟත් හ‍රී. . . . . . . . ම සුවඳයි. එයාලා හ‍රී. . . . . . ම පිරිසිදුයි.

      • අප්පෝ ඔව්. ඉන්දියන් එවුන්ගේ හඩු ගඳට ටැක්සි වල යද්දී කලන්තේ වගේ එනවා.

  6. “ අවජාතක . . . ගේ පුතාලා ඔක්කොම තොපේ අංශයට බන්දවනවා”// හඃ හා ,,

    මෝටාර් හෙම එනකොට බිම දිගා වෙලා ඉදල ශේප් වෙන්න පුළුවන් නේද…?

    යුද්දේ කාලේ මමත් හිටිය මාදුරු ඔය. උදේට ආටි ගහනකොට පොළොව දෙදරනව. තොප්පිගලින් අල්ලපු කාල තුවක්කුවකුත් ගෙනත් තිබ්බ මතකයි. උදේට හවහට දාහක් විතර සෙබළු “කොහොමද මොරාල්, හයි මොරාල්” කියමින් පාරේ යනව. අඩියෙන් අඩිය චෙක් පොයින්ට්,,,,
    ආපෝ යුද්ධයක් නම් ආපහු ලංකාවට එපා..

  7. පළවෙනි කතාව තමා කතාව 🙂 වෙන වෙන ආරක්ෂක අංශ කිව්වේ ග්‍රාමාරක්ෂක වගේ කට්ටියද ??

    • ඒ ආරක්ෂක සේවයේ නම කියන්න බැරි එක තමයි ප්‍රශ්නේ.

      • අලි ඔලුවෙන් ධර්මයෙන් වැඩ කරන උදවිය නේද? උන් නම් මතක් කරන්න එපා

      • අපි කවුරුත් ආදරේ කරන අංශය වෙන්න ඇති නේ??..

      • තව ඔය වගේ කථාවක් තියෙනවාලු. ඔය කියන කාලෙම LTTE එකෙන් ආමි කෑම්ප් එකකට ගහලා තියෙනවා. ආමි එකේ ඔක්කොම සෙබලු ගොඩක් අයට බරපතලයිලු. ඒ අතරේ බෝක්කුවක් අස්සේ හැංගිලා ඉදන් පණබේරාගත්තු ඔය අංශයේ බුවෙක් හිටියලු. මිනිහ වැටිල තිබ්බ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් ගාවට ගිහිල්ලා කථා කරනවාලු.

        එහා පසින් පණිවිඩ හුවමාරුකරු :- රොජර්.. රොජර්….
        බුවා – හලෝ හලෝ
        එහා පසින් පණිවිඩ හුවමාරුකරු :- රොජර්
        බුවා :- රොජර් බොජර් නෙමෙයි යකෝ ඔක්කොම ඉවරයි මම විතරයි බෝක්කුවකට රිංගලා හරි පණ බේරගත්තේ

        මේක කිව්වෙත් ඔය අංශයේ බුවෙක්ම තමා මම ඒගොල්ලොන්ගේ headquartes වල වැඩකට ගියපු වෙලාවේ

    • ඇනෝපිලිස් said:

      අයියෝ හසිත අර උඩ තියන පින්තූරය දිහා බලන්නකෝ……

    • \\\ රොජර් බොජර් නෙමෙයි යකෝ …………………. ………………. \\\

      ලොල් සහගතයි නෙව… 😀

  8. ඔය කියන ජාතියෙ අය රටේ අනෙක් සිවිල් ප්‍රදේශවලදි දාන ගොන්පාට්වල හැටියට මට නම් මේ කතාවලින් ජනිත වෙන්නෙ උපහාසයකට වඩා හොඳ අපහාසයක්. හොඳ නිලධාරීන් නැතුව නෙවි, බහුතරයක් ඉන්න අවලම්මු නිසා ඒ හොඳ නිකන්ම යටපත්වෙනවා.

  9. මම කියන්න හිටි ටික DDT කියලා. අප්පෝ මුන් නම් එහෙම්මම වෙන්න ඇති. මට පෙන්නන්න බෑ. 99% හොරු ඉන්නේ. මගේ නෑයොත් ඉන්නවා ඔය එක්ක. වැඩේ කියන්නේ ඉතින් ඒත් හොරු කියලා නොකියාම බෑ.

  10. හමුදා සෙබළු තරම් වීරයන් තවත් කොහෙවත් නැහැ අර කියන ජාතියේ අය නිසා හමුදාවේ නමත් සමහර වෙලාවට සවුත්තු වෙනවා.

    • ඒ ගොල්ලොත් නිල ඇඳුමක් අඳින නිසාත්, ඒ නිල ඇඳුමේ ගෞරවය තියන්න ඕනේ නිසාත්, දන්නා සියලුම දේවල් ලියන්නේ නැහැ. ලිව්වොත් බල්ලෝ බත් කන්නේ නැහැ.

    • යුද්ධයේ මුල් කාලයේදී අපි එයාලව ඔඩොක්කුවේ තියාගෙන හැදුවා. පස්සේ එයාලා අපටත් වඩා යුද විශේෂඥයෝ වුනා. ඒ පාර අපි එයාලව අතෑරලා දැම්මා.

  11. හමුදාවට හැර අනිත් සුළු අංශ වලට රට ගැන කැක්කුමක් නැහැ. ඒ දේ ලැබෙන්නේ සේවයට බඳුන දවසේ ඉඳල ලබන පුහුණුවෙන් වෙන්න ඕනේ.

    • පුහුණුවනම් කොතනත් හොඳට ලැබෙනවා. නමුත් ඒ අංශවල තියන පොදු ආකල්ප වෙනස් නොවුනොත් මේ තත්වය දිගටම තියෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: