විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් අලුත් අන්තර්ජාල සම්බන්ධතා පැකේජ තුනක් හඳුන්වා දී තිබෙනවා. එයින් අඩුම මාසික වාරිකය සහිත පැකේජය ගැනයි මේ කියන්නේ. මෙහි දැක්වෙන්නේ ඒ පිළිබඳව නිකුත්කර ඇති විස්තර පත්‍රිකාව. මෙහිදී මා විසින් මේ පත්‍රිකාවල ඇති තොරතුරු කිසිවක් සංස්කරණය කර නැති අතර, බාගත කිරීමේ පහසුව සඳහා, පත්‍රිකාවේ පෙනුම පමණක් සංස්කරණය කර ඇති බව කාරුණිකව සලකන්න.

බැලූ බැල්මට මෙය පෙනෙන්නේ හොඳ වාසිදායක පැකේජ් එකක් ලෙසයි. එහෙත් මටනම් හිතෙන්නේ මෙය දීමක් නොව දීලා ඇදීමක් බවයි. උපරිම වේගය 8 Mbps සහ අවම වේගය 2 Mbps යන්න විවාදාත්මකයි. ඒ පරතරය 8 Mbps – 5 Mbps තරමේ වත් තිබුනානම් පාරිභෝගිකයා ගෙවන ගාස්තුව සාධාරණ යයි මට හිතෙනවා. ඊළඟ කාරණය තමයි උපරිම බාගත කිරීමේ සීමාව ඉක්මවූ පසු ඉබේම අඩු කෙරෙන වේග සීමාව. 8 Mbps වේගයෙන් වැඩකරන කෙනා, එකවර, 64 Kbps තරම් පහලට ඇද දැමීම සාධාරණද? එය යටත්පිරිසෙයින් 512 Kbps වේගයටවත් තැබුවානම් සාධාරණයි.

එමෙන්ම අතිරේකව නොමිලේ ලැබෙන 5 GB බාගත කිරීමේ ධාරිතාවක් ගැනද මෙහි සඳහන් වෙනවා. නමුත් එය ලැබෙන්නේ රාත්‍රී 12 උදේ 6 කාලසීමාවේදී පමණයි. ඒ පිළිබඳව (ඒ වෙලාව) සෑහීමකට පත්විය හැකිද?එය යටත්පිරිසෙයින් රාත්‍රී 10 උදේ 6 වශයෙන්වත් තිබුනානම් සාධාරණ බවයි මට හිතෙන්නේ. 8 Mbps වේගය අනුව 20 GB යනු ඉතා ඉක්මනින් බාගතකොට අවසන් වන චාරිතාවක්. එමෙන්ම ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් වැනි ඔන් ලයින් මෘදුකාංගයක් පාවිච්චි කරමින් ටයිප් කරන බ්ලොගර් වරුන්ටත් එතරම් සාධාරණයක් ඉෂ්ඨ වේයයි මටනම් හිතෙන්නේ නැහැ. ටැංකියේ ඇති ඉන්දන, එම ටැංකියේ ධාරිතාවයෙන් කාලකට පමණ අඩුවූ පසු, උපරිම පැයට කි. මී. 20 ක වේගයෙන් පමණක් දුවන, අලුත්ම කාර් එකක් වගෙයි මේ පැකේජය මටනම් පෙනෙන්නේ. මේ පැකේජය පිලිබඳ කොන්දේසි පහත දක්වනවා.

අතිරේක 1 GB ධාරිතාවක් සඳහා රු 250 ක් යනු ෂයිලොක් ක්‍රමයේ වෙළඳාමක් නොවන්නේද? පාරිභෝගිකයාගේ ඉල්ලීම මත යනු ‘ටිරිකිස්’ යෙදුමකි.මන්ද 8 Mbps නොව 2 Mpbs යන මේ පැකේජයේ අවම වේගය ලැබුනත්, උපරිම බාගත කිරීම් ධාරිතාවයට ඉක්මනින් ලඟාවන බව අවබෝධ වනවිට, පාරිභෝගිකයා ප්‍රමාදවී හමාරය. එවිට සිදුවන්නේ අකමැත්තෙන් හෝ තවත් ධාරිතාවක් ඉල්ලීමටය. එලෙස අතිරේක ධාරිතාව ලබාගැනීම යනු පොකට්ටුවට කෙළවෙන භයානක සූදුවකි.

මා කලින් සඳහන් කලාක් මෙන් කාර්ය බහුල නොවන කාලසීමාව ලෙස දක්වා ඇත්තේ රැකියාවක් නොකරන හෝ රෑට නින්ද නොයන අයෙකුට පමණක් පාවිච්චි කළහැකි කාලසීමාවකි. එය යටත්පිරිසෙයින් රාත්‍රී 10 සිටවත් ආරම්භ වූවානම් හෝ ඉරිදා දින පමණක් රාත්‍රී 10 සිට 12 දක්වා වැනි ක්‍රමයක් යෙදුවානම් සාධාරණ බවයි මගේ හැඟීම.

පාරිභෝගිකයාට අවම වශයෙන් සම්බන්ධතාවයේ වේගයෙන් 60% ක් ලැබෙන බව ප්‍රකාශ කිරීම නංගී පෙන්නා අක්කා දීමකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ටෙලිකොම් අන්තර්ජාල වේගය සතුටුදායක නොවන බැවින් 8 Mbps නමැති මනමාලිය මේකප් ඉවත් කලපසු යකෙක් බව පාරිභෝගිකයාට වැටහෙන්නේ ටික දිනක් ගතවූ පසුය.

බදුත් එකතුවූ පසු කීයක් ගෙවන්නට වේදැයි දන්නේ දෙයියෝ පමණි.

අනෙක් පැකේජ දෙකේ විස්තරය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පාරිභෝගිකයන් අමතන ලිපියද පහත දැක්වේ.

මේ ලිපියෙහි දැක්වෙන ආකාරයට 16 times higher speeds and increased usage volumes යන්න ප්‍රායෝගිකව කෙබඳු වේදැයි සිතා බැලිය යුතුය.

Advertisements

Comments on: "මොකක්ද මේ ගැන හිතන්නේ" (32)

  1. අනේ මංදා මටනම් මේ මම පවිච්චි කරන ටෙලිකොම් සම්බන්දතාවය ගැන පැමිණිල්ලක් කරන්ඩ අමාරුයි. වේගෙත් හොඳටම හොඳයි. වෙලාවකට මට හිතෙනවා මම එහෙ පාවිච්චි කරන 08 හෝ 16 ( හරියට මතක නෑ ) MB පැකෙජ් එකටත් වැඩිය හොඳද මංදා කියලා.

    ඔය වගේ වංගුනම් ඇති, ඒත් තාම ලොකු අවුලක් වෙලානම් නෑ.

    • සෙන්නා මෙහෙදී පාවිච්චි කරන්නේ මොන පැකේජ් එකද? මම පාවිච්චි කරන්නේ SLT Home පැකේජ් එක. 512 Kbps වේගය. නැතුවට හොඳයි. මාසෙකට බදු නැතුව රු 1600/- යි. දෙයියොම බලාගනියි.

      • මම පාවිච්චි කරන්නෙත් 2006 දී ඩයල් අප කනෙක්ෂන් එකක ඉඳන් මාරු කරගත්ත 512 kpbs පැකේජ් එක. දැන් තියන ඒවා එක්ක මේක අන්ලිමිටඩ්. ඉතින් ලංකාවේ හැටියට නම් සුපිරි.

      • විචාරක මහතා,

        මම පාවිච්චි කරන්නෙ SLTBroadband web family කියලා අන්ලිමිටඩ් පැකේජ් එකක්. මාසික ගාස්තුව රු. 1490/=

        කලින් පාවිච්චි කළේ Entree කියලා එකක්. ඒකෙ මාසික ගාස්තුව රු. 500/- යි. හැබැයි පාවිච්චියට ගන්නව මාසෙකට රු. 2500~3000 ත් අතර ගනනක්. පාවිච්චියෙ හැටියට. දෙකම 512 kbps.

    • @ සෙන්නා.. එහෙ මම පාවිච්චි කරන්නේ 4mbps එකක්.. අප්පේ රොකට් එක වගේ ඒක.. මෙහෙ නෙට් එක නිකම් බාගෙට වහපු ටැප් එකක් වගේ නේ. කියන විදියට සෙන්නා කොළඹට කිට්ටුව ඉන්න ඕනේ.

      • ඔව් ක්සැන්ඩර් | Xander, මම ජා-ඇල. මටනම් ඇත්තෙන්ම වෙනසක් නැතිම තරම්. මම කලිනුත් කිව්වා වගේ එහෙ එකටත් වැඩිය ස්පීඩ් කියලා හිතෙනවා.

        • සෙන්නා මම පෙරේදා හදිසියෙන් ජා ඇලට ආවා. හරී දන්නවනම් බැනුම් අහනවා මම හරීගෙන්. හැබැයි ජා ඇල නගරයේ විනාඩි 10 කට වඩා නැවතුනේ නැහැ.

      • අයියෝ, පොඩි දැනුම් දීමක් කලානම් අපිට මුණ ගැහෙන්න තිබුනා.. කාලෙකින් හම්බෙන විරල අවස්ථාවක් මඟහැරිලා.

  2. ඇත්තෙන්ම සීයට අසුවක් බොරු. ලංකාවේ ප්‍රායෝගිකව 8 mbps වේගයක් ලබාගැනීමේ දුෂ්කරතා කීපයක්ම මම දකිනවා. මම පහලින් ඒවා පෙලගස්වන්නම්
    1. 2 mbps සිට ඉදිරියට ගමන් කිරීමට නම් කොපර් කේබල් ප්‍රමාණවත් නොවේ. එහිදී ප්‍රකාශ තන්තු හෙවත්
    ෆයිබර් ඔප්ටික්ස් වලින් තැනුණු රැහැන් භාවිතා කිරීමට සිදුවේ.
    2. ප්‍රකාශ තන්තු රැහැන් නිවසේ පමණක් භාවිතයෙන් මේ හැකියාව ලබා ගැනීමට නොහැක. එයට
    i. SLT Backbone නැතිනම් SLT හි ප්‍රධාන කේබල් පද්ධතිය මේ දත්ත සම්ප්‍රේශනය සඳහා ෆයිබර්
    ඔප්ටික්ස් මගින් දිවයින් පුරාමත් SEE MEE WEE කේබල් පද්ධතිය දක්වාත් (අන්තර්ජාලයට අප
    පිවිසෙන්නේ මේ කේබල් පද්ධතිය ප්‍රධාන වශයෙන්ද තවත් සැටලයිට් සබඳතා කීපයක්ද ඇසුරිනි)
    පැතිර තිබිය යුතුය.
    II. එසේම එම කේබල් පද්ධතිය අප නිවාස ආසන්නයේ ඇති SLT ස්විච් බොක්ස් එක කරාද එතනින් අප
    නිවෙස් කරාද පැතිරී තිබිය යුතු වේ.
    3. අප නිවසේ ඇති උපාංග (රවුටර/ මොඩෙම) සියල්ල ප්‍රකාශ තන්තු භාවිතයට සුදුසු විය යුතුය.

    නොඑසේ නම් මේ ක්‍රියාදාමය හුදෙක්ම ලංකා බෙල් ආයතනය මගින් ලංකාවේ මුලදීම CDMA දුරකථන භාවිතා කර ලබා දුන් අන්තර් ජාල පහසුකමේ දී මෙන් අතත්‍ය වේගයක් පෙන්වනු ලබනවා විය යුතුය.

  3. මම නම් නෙට් එකේ හැම තැනම දැකල තියෙන්නෙ ටෙලිකොම් එකට බනින උන් මිස හොඳ කියන එවුන් නෙවෙයි. උන්ගෙ කස්ටමර් සර්විස් එකත් අන්තිමයි කියල තමයි පාවිච්චි කරන අයනම් කියන්නෙ.
    මම නම් නෙට් ලොග් වෙන්නෙ ඩොංගල් එකකින්. ඒවයි පැකේජ් ඔක්කොටම හපන්. මේ සමාගම් ඔක්කොම අතින් පයින් යනව වගේ බොහොම පෙරේත කමට තමයි ඩේට පැකේජ් හදන්නෙ. උන් ප්‍රචාරණේට වියදම් කරන ධනස්කන්ධය යොදවල චාර්ජස් අඩු කරනව නම් අළුතෙන් ප්‍රචාරණයක් ඕන නෑ. මිනිස්සු හොයාගෙන ගිහින් ගනියි. තියන සර්වර්වලින් පුළුවන් තරම් කනෙක්ෂන් දීල දැන් ඔෆීස් ටයිම් එකේ ස්පීඩ් එක අඩු වුණාම සීනි තවරපු කැවිලි වගේ රෑ 12 – උදේ 6 පැකේජ් දෙනව මිනිස්සු රවට්ටන්න. ඔන්න මොබිටෙල්ලත් ලේට් නයිට් ඉන්ටනෙට් කියල මඟුලක් දෙනව. 1 GB රු. 50, 3 GB රු 140, 8 GB රු. 350, 15 GB රු. 600. හිතාගන්න පුළුවන්නේ, එහෙම දීලත් උන්ට ලාභයක් තියනව. (ඒත් ඉතින් රෑ 12 ඉඳන් ඕව පාවිච්චි කරන්න පුළුවන් කාට ද? ) මේ සමාගම් ඔක්කොම මිනිස්සු හූරගෙන කනව. අර ඉස්සර ඩයලොග් ල සිම් එක 2500 – 3000 ට දීල ඉන්කමින් කෝල්ස් වලටත් විනාඩියට රුපියල් 7 – 8 ක් කපාගත්ත වගේ තමයි මේකත්. කවුරුහරි කම්පැනියක් ඕක කුඩු කළොත් හැම එකාම බලන් ඉද්දි චාර්ජස් අඩුකරනව. වැඩේ තියෙන්නෙ ඕක කවද සිද්ධවේවි ද කියන එක.

    • කියන්නේනම් ඉ ශ්‍රී ලංකා නමුත් ප්‍රායෝගිකව ඊයා ශ්‍රී ලංකා. රජයටවත් විදුලි සංදේශ නියාමන කොමිසමටවත් අවශ්‍යතාවයක් නැහැ මේවා හොයලා බලන්න. යන්තම් කොම්පියුටරයක් අටවාගෙන ඉන්ටර්නෙට් බලන දුප්පතෙකුට කවදාවත් සහයෝගයක් නැහැ.

  4. smartB | ස්මාර්ට්B said:

    මම 2008 අවුරුද්දේ ඉඳං පාවිච්චි කරන්නේ SLT Home පැකේජය 512 kbps වේගය සහිත. මගේ කනෙක්ෂන් එකේ සතුටුදායක වේගයක් තිබුණත් මෑතකදී ඉඳන් නම් සැලකිය යුතු ප්‍රමාණයකින් වේගය අඩුවෙලා තියෙනවා. උදාහරණයක්‌ විදියට දැන් යම්කිසි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරද්දී සමහර වෙබ් පිටු පවා ලෝඩ් වෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් YouTube එකේ වීඩියෝ එකක් බැලීමේදී පවා අපහසුතා මතු වෙනවා. මම සිටින ස්ථානයේ සිට SLT RTO එකට තියෙන්නේ කිලෝමීටර් 3 1/2 ක 4 ක වගේ දුරක් විතරයි. ඒ වගේම කනෙක්ෂන් එක ඩවුන් වෙන ගතියත් වැඩිවෙලා. මේ හේතු නිසා දැනට නම් මට මගේ SLT Home පැකේජ් එක ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ.

    @ක්සෙන්ඩර් ඇත්තෙන්ම පරණ SLT පැකේජ් අන්ලිමිටඩ් කිව්වට මේකේ 25GB limit එකක් දාල තියෙන්නේ. කවුරුහරි 25GB ඉක්මවා පාවිච්චි කළහම ඒ කනෙක්ෂන් එක Heavy User කෙනෙක් විදියට categorize කරලා ලිස්ට් එකකට දාලා ඩවුන්ලෝඩ් වේගය අඩුකරනවා අදාළ බිල්පත් කාලසීමාව අවසන් වනතෙක්. නමුත් ඉස්සර නම් අසීමාන්තික data ප්‍රමාණයක් මේ කනෙක්ෂන් ඒකෙන ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තිබුණා. SLT එකෙන් මේ limitation එක ගැන පාරිභෝගිකයා දැනුවත් කරන්නේ වේගය අඩුවීම සම්බන්ධව ප්‍රශ්න කර අදාළ පාරිභෝගිකයා ඔවුන්ට “ඇණයක්” බවට පත්වුවාම.

    • මම දන්නා තරමින්නම් ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකේ ඉඳලා කි.මී. 2 ට වැඩි දුරකින් ඉන්න අයගේ වේගය බොහොම අඩු වෙනවා. අනික කේබල් රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ ඒවා. ටෙලිකොම් එකට ටිකක් ***මැන්නුවාම ඇවිත් අලුත් කේබල් දාලා දෙනවා.

  5. හැම තැනම වෙනවා වගේ ගොනාට ඇන්දිල්ලක් විතරයි.විචාරක කියන්නා වගේ 8mbps පාවිච්චි කරලා 64kBps වුනාම තනි ඇහැට ඇඩෙනවා නේ.ඒකනම් නම් පට්ට අසාධාරණයි.

  6. මෙයාල ගොඩක් වෙලාවට කරන්න හදන්නෙ Unlimited ඉන්න අය ටික මේ පැකේජ් එකට මාරු කරවගන්න ට්‍රයි කරන එක..ඒක නිසා ඔය පැකේජ් ගන්න අයගෙ ස්ලෝව් කරන්නෙ එහෙම නෑ (25GB ම පැන්නත්)…(ගොඩක් කට්ටිය කිවුවෙ පොඩ්ඩක්වත් ස්ලෝව් නෑ කියල 25GB පැන්නත්..)

    පොඩ්ඩක් කල්පනා කරොත් තේරෙයි..
    අපි SLT 512kbps කනෙක්ෂන් එකකින් මාසෙකට ඩවුන්ලෝඩ් කරනව 50GB විතර…එතකොට අපිට මේ කනෙක්ෂන් එක ගත්තම 50GB කියන එක දවස් කීපයකටයි සෑහෙන්නෙ..ඇයි අපිට ලැබෙන වේගයත් එක්ක අපිට බලන් ඉන්න ඕන නැති වෙනව..ඒක නිසා නොදැනීම ඩවුන්ලෝඩ් ලිමිට් එක පනිනව..එතකොට ඉතින් අපිට ගන්න වෙනව අර කියල තියෙන 1GB එක..(කනෙක්ෂන් පට්ට ස්ලෝ නිසා)..

    සාමාන්්‍ය යෙන් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක නම් මේ වෙනතුරු හොඳයි කියල පාවිච්චි කරන අය නම් කිවුව…බලමු ඉස්සරහට මොනව වෙයි ද කියල..

    (ලබන අවුරුද්දේ ඉඳලද කොහෙද අන්ලිමිටඩ් අයත් මේ පැකේජ් එකට ඔටෝම මාරු වෙනව කියන කතාව ඇත්තද??)

    • මම කියන්න හැදුවෙ මේ කනෙක්ෂන් එකෙන් අපිට පාඩුයි කියන එක ඈ

    • මම හිතුවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. ඒ කියන්නේ බැන බැන හරි අපි පාවිච්චි කරන 512 අන්ලිමිටඩ් පැකේජ් එක දැන් ටෙලිකොම් එකට ඇනයක් වෙලා වගේ. ඒ නිසා තමයි මේ සීනිබෝලෙක ඔතපු තිත්ත පෙත්ත දෙන්න හදන්නේ.ඔය පැකේජ් එක ගත්තොත් මටත් වෙන්නේ සතියකට පස්සේ අමතර ධාරිතාව ඉල්ලලා රුපියල් තුන්හාරදාහක බිලක් දාගන්නයි. ඒ නිසයි මම කියන්නේ මේක දීමක් නෙවෙයි දීලා ඇදීමක් කියලා.

    • smartB | ස්මාර්ට්B said:

      අනේමන්දා…… ලබන අවුරුද්දේ ඒ විදියට ඔක්කොම අන්ලිමිටඩ් ටික අලුත් පැකේජ් එකට මාරු කළොතින් ඉතින් ඇත්තටම අන්තර්ජාලයෙන් වැඩක් ගන්න අයට තමා වැඩියෙන්ම පාඩු වෙන්නේ. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් ගිනි ගණන් නේ. ඒවා පාවිච්චි කරලා නම් එදිනෙදා වැඩ ටික කරගන්න නම් පුළුවන් වෙන එකක් නෑ.

      • අපි කලින් ගත්තු කනෙක්ෂන් එහෙම මාරු කරන්න පුලුවන්ද එයාලට ඕන විදියට??
        අනේ මන්ද

        • නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තියනවනේ. අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්නකොට අත්සන් කරපු කඩදාසිවල මොන මොන කොන්දේසි තිබුනද කියලා අපිම දන්නේ නැහැ. ඕවා එහාට මෙහාට හරවන්න පුළුවන් ‘ටිරිකිස්’ වැඩ.

  7. ඕකටකියන්නවචනනෑ,
    නමුත් ටෙලිකොම්එකට තරඟයක්දෙන්න කව්රුත්නැතිනිසා අපිමොකදකරන්නේ?ඒහින්දතමයි ඔයයක්කු පාරිභෝගීකයා ගොනාටදාන්නෙ,

  8. මම පාවිච්චි කරන්නේ ඩයලොග් 2ජීබි පැකේජ් එකක්. මාසයකට 620ක බිලක් එනවා.බිලොග් එක කොටා ගන්ඩ ඒක හොදටම ඇති.හදිස්සියේ හරි ස්කයිප් යන්ඩ හරි ඩවුන්ලෝඩ්එකක් හරි තියනවා නං තව1ජිබි ඉල්ල ගන්නවා.

    ගිය මාසේ 2ජිබි වලින්.වින්ඩොස් 8 බාගත්තා.තව පොඩි සොප්ට්වෙයාර් කෑලි හතඅටකූත් බෑවා.මුනු පොතටත් ගියා.බ්ලොග් බැලුවා.මගේ දුවට ළමාගි ටිකක් බෑවා.බලන්ඩ ඔන විඩියො බැවෙන්ඩ දාලා මගේ වැඩක් කරගන්නවා.පස්සේ බලනවා.කලාතූරකින් තමයි තව 1ජිබි ගන්නේ.

    බිල් ගෙවන්නැතූව ඉදලා කලින් මාසයේ එකතූවෙලා තිබ්බා 1260 ගානක්

    වැඩ ටිකක් හම්බ වේලා අතට සල්ලි ටිකක් ලැබුන නිසා ගිය මාසේ සරැ මාසයක්. 1700 ක්ම ගෙව්වා.

    ගිය මාසේ බිල 616ක්ද කොහෙද

    වැඩිය ගෙවපු ගාණත් අඩුකරලා 185ක්ද කොහෙද

    පරිස්සමින් පාවිච්චි කලොත් නරක නැ, දුප්පතාගේ පැකේජ් එකත්.

    මට මතක විදිහට විචාරකමහත්තයාගේ දුවටත් තියනවා කියුවද කොහෙද 2ජිබි එකක්

    • ඔව් මගේ දුවත් ඔය ඩයලොග් පැකේජ් එක තමයි පාවිච්චි කරන්නේ. එයාත් නිතරම එල්ලිලා ඉන්නේ නැහැ. (වෛද්ය විද්‍යාලේ 4 වැනි වසරේ) ඒ වගේම එයාගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලු දේ කරගෙන, (සමහර වෙලාවට ලෝකයේ විශාල විශ්ව විද්‍යාල පුස්තකාල වලටත් රිංගලා කරුණු බාගන්නවා) එයාලගේ වයසේ වැඩ, (මූණු පොත, සින්දු වැඩ,) කරගෙනත්, ධාරිතා සීමාව තුල ඉන්නවා. මාසෙකට සියලු බදු සහිතව රු 610 යි. කොළඹ ඉන්න නිසා වේගය ඉතා හොඳයි.

      හැබැයි ටෙලිකොම් මේ අලුත් පැකේජ් එකේ කරන ජරාම ජරා වැඩේ තමයි 20 GB ඉක්මවූ ගමන්, 64 Kbps ට වේගය බස්සන එක. ඒ කියන්නේ වේගය 128 වාරයකින් පහතට බස්සනවා. ඒ ජරා වැඩේට කියන්න වචන තිබුනත් ලියන්න බැහැ.

  9. මට නම් එච්චර වත්කමක් නැහැ ඔය කියන පැකේජ් එකවත් ගන්න.ඒත් ඩයල්අප් කනෙක්ෂන් ගැනත් කතා කරා නම් හොදයි මොකද මම වගේ ඩයල්අප් පාවිච්චි කරන කට්ටිය ඕන තරම් ඉන්නවා.ඒවා වලත් වෙලාවකට උපරිම වේගය 15kbps -30kbps

    • මමනම් හිතාගෙන හිටියේ දැන් කවුරුවත් ඩයල්අප්, පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් ඕකෙන් ගැලවෙලා Entree පැකේජ් එකටවත් පැන ගත්තොත් මොකද? ඒකට යන වියදම ලොකු විදිහට හිතන්න එපා. ඩයල් අප් එකේ වරු ගණන් එල්ලිලා ඉන්නකොට වැයවෙන විදුලි බිල ගැනත් හිතන්න.

  10. ගූගල් ට්‍රාන්ස්ලිටරේටර් වලට වඩා හොඳ ක්‍රමයක් තියෙනව සිංහලෙන් ලියන්න. ඔයාලත් පහත දැක්වෙන වෙබ් ලින්ක් එකට ගිහින් බලන්න. මේ වෙබ් පිටුවෙ තියෙන ස්ක්‍රිප්ට් එක කොපි කර ගත්තනම් තමන්ට ඕෆ් ලයින් වුනත් පාවිච්චි කරන්න පුලුවන්.

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

  11. modomakin slt mama 2mb lidekak aran use kara denatah 1mb ekak use karanawa jarama canection ekak slt kiyanne

  12. මමත් අන්ලිමිටඩ් ඉඳල, 25 GB Web Family අරං 20 වන දවස වනවිට අමාරුවෙ වැටුන කෙනෙක්. තව 5GB සල්ලි දීල ගත්තා. ලබන මාසෙ ඉඳල 35GB ලැබෙන Web Surfer පැකේජ් එක ට යන්ටයි හිතාන ඉන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: