විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


මේ බ්ලොග් එක කියවන බොහෝ දෙනෙක් දන්නවා මම ‘පැන්සොන් කාරයෙක්’ බව. රාජකාරියේ යෙදී ඉන්න කාලෙදිනම් මම මාසෙකට දුරකථන බිල්පත් ගෙව්වා රු 5000 ක් හෝ ඊට ටිකක් වැඩියෙන්. නමුත් දැන් එහෙම ඇමතුම් ගන්න අවශ්‍යතාවක් නැහැ. ස්ථාවර දුරකථනය තියාගෙන ඉන්නේ අන්තර්ජාලය පාවිච්චි කිරීමට සහ ඉතා හදිසි අවස්ථාවකදී ඇමතුම් ගැනීමට පමණයි. ජංගම දුරකතනයෙන් තමයි සියලු ඇමතුම් ගන්නේ. පැකේජ් එකක් දාගෙන ඉන්නේ පෙර ගෙවුම් ක්‍රමයේදී හදිසියේ රාත්‍රියක මුදල් අවසන් වුනොත් කියන බය නිසයි. සෑම සේවාවකටම බද්දක් අය කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙහෙම බදු ගහන රටක් ලෝකයේ වෙන කොහෙවත් තියනවාද මන්දා. බලන්න මගේ දුරකථන බිල. මේ වගේ පුංචි බිලකට මෙහෙම බදු වදිනවානම් . . . . . . . . .?????????????

Advertisements

Comments on: "අපි මෙහෙමයි බදු ගෙවන්නෙ,අපි මෙහෙමයි බදු ගෙවන්නෙ,අපි මෙහෙමයි බදු ගෙවන්නෙ, කොන්ද කඩාගෙන" (13)

  1. Rajayakata nithiyen janathawagen mankolla kanna thiyena ekama kramaya thama tax ayakirima.

  2. මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. Value Added Services කියන්නේ SMS. අනිත් එක මාසික ගාස්තුවටත් එක්කයි ලෙවි එක එන්නේ. එතකොට මේක ලොකු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ සියයට විස්සක බද්දක්. සිංගප්පූරුව නැත්නම් කලාපයේ වෙනත් රටවල් ගත්තොත් සමහර තැන්වල බදු සියයට තිහක් විතර වෙනවා. මම මේ රටවල් කීපයක ඉඳල තියෙන නිසා අත්දැකීමෙන් කියන්නේ.

  3. සල්ලි තියන උන්ට නං ඔව්වා ගානක් නැ.ඔබතූමාලා වගේ පැන්සොන් කාරයන්ටයි. අපිවගේ එදාවේල ටුවර්ස්ලටයි .තමයි ඔව්වා දැනෙන්නේ. රිපිටර් ලීපිය අමතකව නැතැයි සිතමි

    • නෑ නෑ රිපීටර් ලිපිය අමතක නැහැ. ඒකට සුදුසු කරුණු එකතු කරනවා මේ දවස්වල. හැකිතරම් හොඳින් සකසා දෙන්නම්.

  4. මටනම් හිතෙන්නේ මේ ක්‍රමය ඔබ තුමාට ගැලපෙන්නේ නැහැ. දුර කතන ගාස්තුවට වඩා වැඩියෙන් මාසික බද්ද ගෙවනවා.මේක වාසියක් තියනවා වැඩි පුර කතා කරන ගෙවල් වලට. පෙර ගෙවුම් එකක් ගැන හිතල බැලුවොත් වාසියක් තියේවි.

  5. කොයි දේත් ඔහොම තමයි. ලංකාවෙ පාවිච්චි කරපු රීකන්ඩිෂන් වාහනයක් ගන්න සල්ලි වලින් දියුණු රටක බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන් සෑහෙන ගානක් ඉතිරි කරගන්නත් පුලුවන්. තව අපේ බදු වලින් පඩි ලබන එවුන්ගෙ කටේ සැර හෙම ඇහුවම මොනවද හිතෙන්නෙ?
    henryblogwalker the Dude

    • ඔබේ අදහස් ඉතා වටිනවා. ස්තුතියි. ඔබ කියා ඇති කරුණු ගැන වෙනම ලිපියක් ලිව්වත් මදි. කටේ සැර අඩුකරමු ඊළඟ පාරවත්.

  6. ම්හු.. මම හිතන්නේ නෑ. මොකද ලංකාවේ චන්දෙන් තෝරන්නේ හොරුන් අතරෙන් හොඳම හොරෙක්. ඒ කියන්නේ හොරකම් අඩුවෙන්ම කරන හොරෙක්. (පස්සේ ඒවා වෙනස් වෙන එක සෙටිෆිකෙට් එකට අදාළ නැත.)
    මම කලින් දාපු කොමෙන්ට් එක කොහෙද මන්ද..

  7. ගන්න කෝල් එකේ ගාණටත් වඩා බදු ගෙනව අපි ආඩම්බර වෙනවා මව්බිම වෙනුවෙන් මෙතරම් කැපකිරීමක් කරන එකම රටවැසියන් විදිහට 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: