විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


සාමාන්‍යයෙන් මම මසකට වරක් මගේ පරිගණක පද්ධතිය පිරිසිදු කරනවා. මෙහිදී බොහෝවිට කරන්නේ සී.පී.යු. එක, මොනිටරය, ප්‍රින්ටරය, යු.පී.එස්. එක, සියුම් කෙඳි සහිත බුරුසුවකින් පිස දැමීම, මොනිටරයේ තිරය ඒ සඳහා විශේෂ දියරයෙන් පිසදැමීම යන කටයුතුයි. (ප්‍රින්ටරයේ සහ සී.පී.යු. එකේ ආවරණ ගලවා පිරිසිදු කරනවා. මොනිටරය එල්.සී.ඩී. නිසා ආවරණ ගලවන්නේ නැහැ) අද මට නිකමට හිතුනා 2009 දී මිලදීගෙන අද දක්වා කිසිදු කරදරයකින් තොරව ක්‍රියාකරන මගේ රවුටරයේ ආවරණ ඉවත් කර බලන්න.

මෙන්න ආවරණ ඉවත්කළ රවුටරය.

හරි ෂෝක් නේ?. . . . .  මට පුදුම මේක මෙච්චර දවස් වැඩ කරපු එකටයි. තීන්ත ගාන අඟල් 2 බුරුසුවක් (අලුත්ම එකක්) මම තියාගෙන ඉන්නවා, අලුත්වැඩියා කිරීමට මගේ ලඟට අරන් එන, පරිගණක මව් පුවරු පිරිසිදු කරන්න. ඒ බුරුසුවෙන් හොඳට පිස දමලා, සර්ජිකල් ස්පිරිට් වලින් මේ මව් පුවරුව හේදුවා. ඉන්පසු පවනේ වේලුවා.

දැන් කොහොමද?

ඔබ මොකද හිතන්නේ ඔබේ රවුටරය ගැන? පරිගණක පද්ධතියේ මොනවා ගැලෙව්වත් රවුටරය ගලවා බලන අයනම් අඩුයි. මම වගේම. ඉතින් පුලුවන්නම් ඔබේ රවුටරයත් ගලවා බලන්න. වෙන මොකකටවත් නෙවෙයි. එහි කල් පැවැත්ම සඳහා. හැබැයි ගලවලා මොනවහරි වුනොත් මම නෑ ඔන්න. 😀

Advertisements

Comments on: "මම ගැලෙව්වනේ රවුටරේ" (26)

  1. අන්තිමට මම නැ ඔන්න කියලා ඇපයකූත් දාගත්තා නේද

    • නැත්තන් හෙට උදේ වෙනකොට අපේ ගේ ඉස්සරහ රවුටර් අතින්ගත් පෝලිමක් ඉඳියි, ‘හොඳ හිතින් මේක හදලා දීපිය මැරුම් කන්නේ නැතුව’ කියලා.

  2. //අලුත්වැඩියා කිරීමට මගේ ලඟට අරන් එන// ව්‍යාපාරයක් විදිහට කරනවද?

    මම නම් හාඩ්වෙයාර් මෙලෝදෙයක් නොදනී..

    • හාඩ්වෙයාර් ටිකක් ඉගෙනගැනීම මෙලොවදීම කොම්පියුටර් පල කොම්පියුටර් ආනිසංස ලැබෙන දෙයකි.

  3. සර්ජිකල් ස්ප්‍රීට් !!! එතකොට ඔය සර්කිට් ෂෝට් වුනේ එහෙම නැද්ද… මම හිතුවෙ එදා රවුටරේ වගේ ලණුවක් කියලා.. 🙂

    • දෙයි හාමුදුරුවනේ කියන්න අමතක වුනානේ. ඔක්කොම වැර් ගලවලා ඉන්ට මයේ දෙයියා ඔය වැඩේ කොරන්ට කලින්. ( හයි චාර්ජින් කැපසිටර්ස් සහ ඔරලෝසු බැටරි වැනි බැටරි නැති සර්කිට්ස් තමයි මෙහෙම හෝදන්නේ. ඒ වගේ බැටරි තිබුනොත් ගලවා ඉවත්කර සෝදා වෙලුනාට පසු සවිකරන්න. හැබැයි එවිට ටයිම් සෙටින්ග් වැනි වැඩ නැවත සැකසිය යුතුයි)

      • හෙහ් හෙහ්.. පැරෂුට් එක දිගෑරුන්නැත්නම් ඇවිල්ලා මාව හම්බෙන්ඩ කිව්වලු..

    • දෙදෙනාම බලාගෙන හිටපු හරි ඇවිල්ලා නේද?.

  4. මම නම් මේ වැඩ දන්නේ නැති නිසාම අවදානමකට මූණ දෙන්න අකමැතියි. අන්තිමට පොඩි ගාණක අලාබේ ලොකු ගාණක් වෙන්නත් පුලුවන්නේ. අහලා ඇතිනේ මේ කතාව.

    එක මනුස්සයෙක්ගේ කම්පියුටර් එක කැඩිලා ඒක හදාගන්න ඒක ගත්ත ෂොප් එකට කතා කලාම ඒකෙන් කම්පියුටර් එක හදාගන්න හැටි කිව්වලු.

    පස්සේ අර මනුස්සයා ඇහුවලු මේ වැඩෙන් ඔයාලට පාඩුයි නේද ? නැත්නම් මේක හැදුවාමත් ඔයාලට ගාණක් එනවනේ කියලා.

    පස්සේ ෂොප් එකේ බුවා කියනවාලු “කමක් නෑ සර් දැන් තියෙන ඩැමේජ් එකේ හැටියට අපි ඕක හැදුවොත් ගන්නේ රුපියල් 3000. සර් ඕක හදන්න ගිහින් තව කඩා ගත්තාම අපි ඒක හදන්නත් එක්කම රුපියල් 9000 ගන්නවා කියලා 🙂

    • මම ඔබ සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා. විශේෂයෙන් තාක්ෂණික කටයුතු වලදී පූර්ව දැනුමක් නැතිව අතපතගෑම අනතුරක් හෝ හානියක් සිදුවීමට මුලක්.

  5. මම නම් ඔය වැඩේ ව්‍යාපාරයක් විදියට කරන්නේ නෑ. එත් සමහර වෙලාවට හිතෙනවා එහෙම කරානම් හොඳයි කියල. මොකද අපේ සමහර මිනිස්සුන්ට නිකම් හදල දෙනකොටත් එයාලගේ වාසිය විතරයි බලන්නේ. අඩුම තරමේ මේකාට විවේකයක්වත් ඕනේ නේද කියල හිතන්නේ නෑ නේ..

  6. රව්ටර්, ප්‍රින්ටර් මට නැත. ඒ හැන්දා කාරියක් නෑ.
    මමත් ඉස්සර සර්කිට් බෝඩ් හෝදන්නේ 90% ඇල්කොහොල් වලින්, හෙහ් හෙහ්. දැන් ඉතින් වතුරෙන් තමා.

  7. මම නම් මෙ වැඩෙට එච්චර කැමැත්තක් නෑ . නොදන්න කෙනෙක් නම් මේ වැඩෙ නොකර ඉන්න තරමට හොඳා. මගෙ අත් දැකීමක් කියන්නම් . මම 1998 දි විතර පරිගනක අලුත්වැඩියා කරන ආයතනයක වැඩකලා. එක පරිගනකයක් ගෙනාවා සුද්දකරන්න ඒක ගේනකොට හොඳටම වැඩකලා. කිසිම ලෙඩක් තිබුනෙ නෑ . අපි එක පිරිසිදු කරලා දුන්නා කරපු දවසෙ ඉඳන් ලෙඩ.
    …
    …හේතුව, ඒ පරිගනකය තිබුන ආයතනය මරදානෙ රීබෝරින් කරන තැනක. හීනි යකඩ කුඩු වගයක් ෆෑන් එක හරහා පරිගනකයෙ තිබුන දූවිලි මත තැන්පත් වෙලා අපි සුද්දකරනකොට ඒ දූවිලි තට්ටුවට උඩින් තිබුන හීනි කුඩු මව්පුවරුවෙ තිබුන සර්කිට් අස්සට ගිහින්.
    …
    …දැනුත් මම දන්න එක ප්‍රසිද්ද ආයතනයක නොවෙල් සර්වර් එකක් තියනවා ඒක අපි දැම්ම 2000දි විතර තාම සර්විස් කරලා නෑ ඒත් තාම වැඩ.
    …
    …මම මෙතනදි කියන්නෙ සර්විස් කරන්න එපා කියලා නෙමෙයි. ඒත් ඒක හරි විදියට කියන්න ඕනෙ. ඔය සර්කිට් රෙඩියෝ සර්කිට් වලට වඩා සංවේදියි.
    …
    …අනික අපි බෙහෙත්ගන්නේ දොස්තරගෙන් මිසක් තුන්ඩු දෙන තැන කෙනාගෙන් නෙමෙයිනෙ.
    …

    • නොදන්නා දේවල් නොකර ඉඳීම ඉතාම හොඳයි. පරණ පරිගණක ගලවා සවි කිරීමෙන් පසු ක්රියාවිරහිතවීම මටනම් අලුත් අත්දැකීමක් නෙවෙයි. එයට විසඳුම් තිබෙනවා. තමන්ගේ පරිගණකයේ මූලික සේවාකිරීම් දැනසිටීම පරිගණකයක් පාවිච්චි කරන්නෙකුට ඉතා වැදගත්. මමනම්, වැඩිය අතපතගන්න එපා, වහාම ‘රෝහලට ගෙනියන්න’ කියන්නේ ලැප්ටොප් වලට පමණයි.

  8. තවම වැඩ නේද? ඉඳල හිටල සුද්ද කලොත් සමහර විට වැඩ කරන්නේ අනති වෙනවා. ඒ වගේ කරදරයක් නොවේවා.

    • මම කාලයක් විනෝදයට වගේ රූපවාහිනී / ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියාව කළා. අදටත් ගෙදර තියන ඒවා කැඩුනොත් බරපතල නැත්නම් මම හදාගන්නවා. ඒ නිසයි මේවගේ වැඩවලට අත ගහන්නේ.

  9. මමත් ටික දවසකට ඉස්සෙල්ලා මගේ ලැප් එකට දුන්නා වැඩේ. සල්ලි දීලා සර්විස් කරව ගන්න 4000/=ක් විතර යනව කියලා අහන්න ලැබුනත් හරි සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ මස් කලා.
    http://ekicks.blogspot.com/2012/04/blog-post.html

    • ඔබේ නිර්භීතකම මම ඉහලින්ම අගය කරනවා. වරදින්න ඕනේ හරියන්න නම්. ලැප්ටොප් ගැන කොම්පියුටර් කඩ කාරයෝ බොරු බියක් ඇති කරනවා. ඒ පුළුවන් තරම් ඉහලින් අපිව ගසාකන්නයි. මීට පස්සේ ගලවනකොට පුළුවන්නම ෆෝන් එකෙන්ම වීඩියෝ කරන්න. නැත්නම් පියවරෙන් පියවර පින්තූර ගන්න. ඒ ගමන්ම කොලේක ඇඳගන්න කරන දේ. එතකොට වරදින්නේ නැහැ. කවුරුහරි කෙනෙක් අවබෝධයකින් තොරව රවුටරය ගලවන්න ගිහින් අමාරුවේ වැටෙයි කියලා තමයි මමත් කිව්වේ, ඔන්න ගලවලා අමාරුවේ වැටුනොත් මම නෑ කියලා.

  10. විචාරක, මාත් ඔය වගෙම මස් කරන්නෙක් තමයි. වාහනේ ඉඳන් ඔරලෝසුව දක්වා. අන්තිමට. කෑලි ඉතුරුවෙනවා කියලා ගෙදර එවුන් මට කින්ඩිය දැම්මත් මම නෙවෙයි අතාරින්නෙ වැඩේ. DIY DUDE නෙ. සමහර වෙලාවට Basket Case වෙන වෙලාවලුත් තියෙනවා, පාට් එකක් හොයාගන්න බැරි වුනාම.

    මම මෙතනදි අනුගමනය කරන පොඩි ට්‍රික්ස් දෙකක් කියන්නද අනිත් DIY DUDES ලටත් එක්ක.
    එකක් තමයි සාම්පල් එකක් ඉතුරු කරගන්නවා, ඒ කියන්නෙ මම වාහනේ ඉස්සරහ දකුණෙ බ්‍රේක් එක මස් කරන කොට වම ගලවන්නෙ නෑ, මොකද අප්සෙට් එකක් වුනොත් කොපි කරන්න.
    අනික දැන්නම් පියවරෙන් පියවර ෆෝටෝස් ගන්නවා. ඉස්සර නම් ලියාගන්නවා. තව වයර් ටැග් කරනවා. වාදින්නෙ කලාතුරකින්.

    මම මේ ගැන පෝස්ට් එකක් ලියලත් තියෙන්නෙ. වැඩි විස්තර ඒකෙ දාන්නම්.
    henryblogwalker the Dude

    • මම සමහර ටී.වී./රේඩියෝ ගලවලා හදලා හයි කලාම ඇනයක් දෙකක් ඉතුරු වෙනවා. මම කරන්නේ උස්සලා හයියෙන් හොල්ලලා බලන එකයි. ඇතුලේ කච කචයක් නැත්නම් දීලා දානවා. ඔයත් නියම වැඩ කාරයෙක් වගේ.

  11. ඔබගේ පරිපත පිරිසිදු කිරිම ක්‍රමයත් සාර්තකයි. එත් බුරුසු වලින් පිස දැමීම නිසා බුරුසුවේ කෙදි නිසා ඇතිවන ස්ථිති විදුලිය නිසා Micro processor, Micro controller,I.C වලට අතැම් දෝශ / හානි වෙන්න පුලුවන්.සංවේදි කොටස් ඇති පරිපත(circuit) සවිකරද්දිත් Anti static wrist wrap පාවිච්චි කරනවනම් හොදයි හානිය අවමයි. පොඩි වැකුම් ක්ලීනරයක් ගත්තනම් හරි පරිපත පිරිසිදු කරන්න.

    *සිංහල බ්ලොග් අතර අති හොද බ්ලොග් එකක් , ඔබතුමාගේ පසුගිය ලිපි පෙළත් කියවන ගමන්.ඔබට සුබ පැතුම් !

    • මේ බ්ලොග් අඩවිය අගය කිරීම පිළිබඳව ඉතාම ස්තුතියි මහතාණෙනි. ප්‍රතිචාරය පිළිබඳව අනේක වාරයක් තුතී. මේ මගේ ප්‍රයෝගික අත්දැකීමයි. න්‍යායාත්මකව කෙසේ කීවත්, ප්‍රායෝගිකව එවැනි වළල්ලක් අතේ දැම්මත් නොදැම්මත් එතරම් වෙනසක් මට මෙතෙක් දැනී නැත. (වළල්ල නොදැම්මා කියා, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට හෝ දෘඪාංග වලට හානි සිදුවී නැත)

      • මාත් ඕක ගැන කියන්න තමයි හිටියේ. ලංකාවේ වාතයේ ආර්ද්‍රතාවය වැඩි නිසා ශරීරයේ ස්ථිතික විදුලිය රඳන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ සිතල දේශගුණයක් තියෙන රටවල.
        හැබැයි ඉතින් සේර්ජිකල් ස්පිරිට් වලින් නොසොදනවා නම් තමයි හොඳ.

        • ඕනේ කැකිරි ගෙඩියක් කියලා මම ඔය වැඩේ කලේ. අනික මම කාලයක් විනෝදාංශයක් හැටියට ගුවන්විදුලි/රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියාව කළා. සමහර රේඩියෝ/ටීවී ගැලෙව්වාම ඇතුලේ සර්කිට් බෝඩ් එක සත්තුන්ගේ වැසිකිලියක් වෙලා. (හූණෝ,කැරපොත්තෝ,මකුළුවෝ) ඉතින් සර්ජිකල් ස්පිරිට් වලින් හෝදන්නේ නැතුව මොකුත් කරන්න බැහැ. ඒ පුරුද්දටයි කලේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: