විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

දියුණුව


 1970 – යුද හමුදාවේ සෑම ලිපිකරුවකුටම පාහේ ටයිප් රයිටරයක් සපයා තිබුණි. ඔවුහු දිනපතා වෙහෙසවී තම කාර්යාලයීය කටයුතුවල නියැලී සිටියහ. කලට වෙලාවට ලිපි කටයුතු නිම කළහ.

2010 – යුද හමුදාවේ සෑම ලිපිකරුවකුටම පාහේ අන්තර්ජාල පහසුකම් සහිත ඩෙස්ක්ටොප් පරිගණක සපයා ඇත. නමුත් කිසිදු ලිපි ලේඛනයක් හෝ වාර්තා සැකසීමේ කටයුතු කලට වෙලාවට සිදු නොවීම ගැන සියලු දෙනා පුදුම වෙති.

1970 – සම්පූර්ණ ස්වයංක්‍රීය අවි නැති නිසා, සෑම විටම හොඳින් සිතාබලා, ඉතා කල්පනාකාරීව ඉලක්කය ගෙන, සතුරාට වෙඩි තැබීමට පුහුණු කරනලද සොල්දාදුවෝ, අකුරටම තම රාජකාරිය ඉටු කරති.

2010 – සම්පූර්ණ ස්වයංක්‍රීය අවි වලින් සන්නද්ධවූ සෙබළු එක පඳුරකට පමණක්, විනාඩි දෙකක් තුල පතරොම් 500 ක් පමණ වෙඩි තබා. ‘හ්ම් . . . .මොකෙක්වත් නෑ. . . යමල්ලා, පතරොම් ඉවරයි. පතරොම් පුරවාගෙන එමු’ කියා ආපසු හැරෙති.

1970 – සෙබළුන්ගේ කෑම පෙට්ටි, ඇලුමිනියම් වලින් සැකසු ඒවා නිසා, එහි දමා ලැබෙන කෑම පහසුවෙන් රත් කරගෙන උණුවෙන් කෑමට හැකිවිය.

2010 – ලන්ච්ශීට් නමැති කොලවල ඔතා, ප්ලාස්ටික් පෙට්ටිවල දමා ලැබෙන කෑම, නිවී ඇති අතර, ප්ලාස්ටික් රසයෙන් යුක්තව ගිල දැමිය හැකිය.

Advertisements

Comments on: "දියුණුව" (11)

  1. දියුණුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පහසුවක් කරගත්තාම ඒ දියුණුවෙන් වෙලා තියෙන්නේ දියුණුවකටත් වඩා පරිහානියක්….. ඒ නිසා දියුණුවෙන් තවත් දියුණුවට පත්වීමයි කළයුත්තේ.

    බුදුහාමුදුරුවෝ දේශනා කලා වගේම “අලෝකයෙන් ආලෝකයටම යා යුතුයි”

  2. මක්ක කොරන්නද ?? ඕක තමයි දියුණුව….

  3. //2010 – සම්පූර්ණ ස්වයංක්‍රීය අවි වලින් සන්නද්ධවූ සෙබළු එක පඳුරකට පමණක්, විනාඩි දෙකක් තුල පතරොම් 500 ක් පමණ වෙඩි තබා. ‘හ්ම් . . . .මොකෙක්වත් නෑ. . . යමල්ලා, පතරොම් ඉවරයි. පතරොම් පුරවාගෙන එමු’ කියා ආපසු හැරෙති.// මේ සිද්දිය ලංකාවේ වෙන ඇත්ත සිද්දියක් ද?

    එක පැත්තක දියුණු වෙද්දී තව පැත්තකින් පරිහානියට පත් වෙනවා.

    • නිවැරදි පුහුණුවක් නොලබපු අය යුද්ධය පටන්ගත් මුල් අවධියේ එහෙම කළා. නමුත් උසස් පුහුණුව නිසා ඒ තත්වය නැතිවුනා.

  4. /*යුද හමුදාවේ සෑම ලිපිකරුවකුටම පාහේ අන්තර්ජාල පහසුකම් සහිත ඩෙස්ක්ටොප් පරිගණක සපයා ඇත. නමුත් කිසිදු ලිපි ලේඛනයක් හෝ වාර්තා සැකසීමේ කටයුතු කලට වෙලාවට සිදු නොවීම ගැන සියලු දෙනා පුදුම වෙති.*/

    ඉන්ටෙර්නෙට් ගලවන්න. එකෙන් ගොඩක් ලෙඩ හොඳ වෙනවා.

  5. පොටෝ එකේ ඉන්නේ “ප්‍රයිවෙට් බීට්ල් බෙයිලී” පොඩ්ඩක් කම්මැලි උනාට අහිංසක සොල්දාදුවෙක්… 😉

  6. කාලයත් එක්ක අලුත් දේවල් ආවත් මිනිස්සු කම්මැලි වෙනවා විතරයි නේද/..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: