විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස ඔබ වෙත ගෙන එම සඳහා මා ඉදිරිපත් කරන ලිපි වලින්, දෙවැනි හෙවත් අවසාන කොටසයි මේ. මේ ලිපියේදී මා ඔබවෙත ගෙන එන්නේ, රිවෝල්වරය පිලිබඳ තොරතුරු ස්වල්පයක් සමග රිවෝල්වරය සහ පිස්තෝලය තාක්ෂණික වශයෙන් සංසන්දනය කිරීමක්. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කල ආකාරයර රිවෝල්වරයට වඩා අද ලෝකයේ ජනප්‍රියව පවතින්නේ පිස්තොලයයි. නමුත් රිවෝල්වරය සදාකාලයටම ඉවත දමියහැකි අවියක් නොවේ. පිස්තෝලයට වඩා රිවෝල්වරය ඉදිරියට පැමිණෙන අවස්ථා අදටත් තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2007 වසරේදී ලෝකයේ හොඳම අත් තුවක්කුව (handgun) ලෙස තේරී තිබෙන්නේ ලෝකප්‍රසිද්ධ ස්මිත් සහ වෙසන් (Smith & Wesson) සමාගමේ නිෂ්පාදිත .460 XVR Magnum නමැති රිවෝල්වරයයි. මෙය අඟල් 15 කට මඳක් වැඩි දිගකින් යුක්තයි. ආරක්ෂක අගුලක් නැහැ. එක වරකට දැමිය හැක්කේ පතරොම් 5 ක් පමණයි. නමුත් ඇත්ත වශයෙන්ම  මීටර් 50 – 75 තරම් දුරක සිට වෙඩි තැබුවොත් අලියකු මරන්නට පවා පුළුවන් අති ප්‍රබල ගිනි අවියක්. මෙන්න එහි පින්තූරයක්.

මීළඟට අපි ඉක්මනින් සලකා බලමු රිවෝල්වරයක මූලික, නැතහොත් ක්‍රියාකාරිත්වයේදී ප්‍රධාන, කොටස් මොනවාද කියා.

  දැන් ඔබට ගිනි අවි ගැන හොඳ දැනුමක් තිබෙන නිසා මේ රිවොල්වරයේ කොටස් හඳුනාගැනීම එතරම් අපහසු නොවන බව මා දන්නවා. මීට කලින් ඔබ දැක ඇති ගිනි අවි වලට වඩා වෙනස් කොටස් ලෙස මෙහිදී ඔබට හමුවන්නේ, සිලින්ඩර් එක, සිලින්ඩර් රිලීස් කැච් එක සහ ඉජෙක්ෂන් රොඩ් එක යන කොටස් පමණයි. මෙහි දැක්වෙන්නේ පැරණි මෝස්තරයේ ඉතා සරල රිවෝල්වරයක්. එහි මිට හෙවත් ග්රිප් එක ලීයෙන් නිමවා ඇති අතර අනෙක් සියලු කොටස් යකඩෙන් නිමවා තිබෙනවා. සිලින්ඩරය ගැන කෙටියෙන් කියනවානම් එය තම අක්ෂය වටා කරකැවෙන සිලින්ඩරාකාර කොටසක්. එය තුල විනිවිද යන කුහර සාදා තිබෙනවා. ඒ සෑම කුහරයක්ම චේම්බරයක් ලෙස ක්‍රියා කරනවා. සිලින්ඩරයේ පසුපසට හැමරයෙන් පහර වදින විට ෆයරින් පින් එක ඉදිරියට තල්ලුවී පතරොමේ ප්‍රයිමරයේ වදිනවා. එවිට පත්තුවෙන පතරොමේ උණ්ඩය බැරල් එක දිගේ පිටවෙනවා. සිලින්ඩරය කරකැවී ඊළඟ චෙම්බරය බැරල් එකට කෙලින් සිටිනසේ නවතිනවා. මෙලෙස පතරොම් අවසන් වනතුරු කොක් කිරීමකින් තොරව වෙඩි තබාගෙන යා හැකියි. පළමුවැනි පතරොම වෙඩි තැබීමට තමයි කොක් කිරීම හෙවත් හැමරය පසුපසට ඇදීම කලයුත්තේ.

හොඳයි දැන් අපි රිවෝල්වරය විවෘත කර එයට පතරොම් දමමු. දැන් ඔබ කලයුත්තේ දකුණු අතින් රිවොල්වරයේ ග්රිප් එක අල්ලාගෙන දකුණතේ මහපට ඇඟිල්ලෙන් සිලින්ඩර් රිලීස් කැච් එක ඉදිරියට තල්ලු කිරීමයි. එසේ කරමින් රිවෝල්වරය වම් පැත්තට ඇල කරන්න එවිට සිලින්ඩරය එලියට එනවා.

දැන් ඔබ කලයුත්තේ සිලින්ඩරයේ ඇති චෙම්බර් ගණන අනුව, එක චෙම්බරයකට එක පතරොම බැගින් ඇතුළු කිරීමයි. මෙහිදී මතක තබාගතයුතු කාරණය වන්නේ, පතරොම් දැමීමේදී සිලින්ඩරය පොළොවට සමාන්තරව හෝ රිවොල්වරයේ බැරලයේ අග කෙලවර පොලොව දෙසට පහත්ව තිබෙන ආකාරයට තබාගැනීමයි. උඩ අතට හැරුනොත් පතරොම් ආපසු බිම වැටෙනවා.

දැන් අපි රිවොල්වරයට පතරොම් පුරවා අවසන්. මීළඟට කලයුත්තේ රිවෝල්වරය කොක් කිරීමයි. පිස්තොලයකට වඩා රිවෝල්වරයක් කොක් කිරීම පහසුයි. හැබැයි මෙහිදීනම් ඔබ ඉතා දැඩි අවධානය යොමු කලයුතු කරුණක් තිබෙනවා. පිස්තෝලවල ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් තිබුනත් රිවෝල්වර් වලින් 99% කම එවැන්නක් නැහැ. එබැවින් ඔබ රිවෝල්වරයක් කොක් කල යුත්තේ වෙඩි තැබීමට අවශ්‍යම මොහොතේදී පමණයි. නැතහොත් සිදුවන්නේ වැරදීමකින් හෝ ට්‍රිගරය මිරිකුණොත් ඔබ, ඔබටම හෝ ඔබ අසල සිටින්නේකුගේ මරණය සිදුකිරීම හෝ මරණීය තුවාල ඇති කිරීමයි. අපි බලමු රිවෝල්වරය කොක් කරන ආකාරය. එමෙන්ම කිසිදු ගිනි අවියක් කොක් කිරීමේදී ට්‍රිගරය මත ඇඟිල්ල නොතැබිය යුතුයි.

 කොක් කිරීමේදී හැමරය පසුපසට ගොස් ලොක් වෙන තුරුම එය පසුපසට නැවිය යුතුයි. අතරමගදී හැමරය අතහරුනොත් සිදුවන්නේ හැමරය ආපසු විත් ෆයරින් පින් එකේ වැදීමෙන් පළමුවැනි පතරොම පත්තුවීමයි. සමහරවිට බාගෙට කොක්වී හැමරය හිරවෙනවා. එවිට රිවෝල්වරය ක්‍රියාකරන්නේ නැහැ, නැවතත් හැමරය සම්පූර්ණයෙන් පසුපසට නවන තුරු.

ඊළඟට අප කලයුත්තේ වෙඩි තැබීම නොවැ. ඊට කලින් මේ සජීවීකරණයෙන් බලන්න, රිවෝල්වරයක ක්‍රියාකාරිත්වය. සජීවීකරණ පින්තූරය ලැබුණු පසු එය ක්‍රියා කරවීම සඳහා එම පින්තූරයේ ඇති රිවොල්වරයේ ට්‍රිගරය මත ක්ලික් කරන්න.

අත්දැකීම තහවුරු වනතුරු පතරොම් 15 ක් 20 ක් වෙඩි තබන්න වෙනවා. හොඳයි දැන් ඔබ මුලින්ම යෙදු පතරොම් 6 වෙඩි තබා අවසන්. අපි බලමු වෙඩි තැබූ පතරොම් හිස් කොපු රිවොල්වරයෙන් ඉවතට ගන්නේ කොහොමද කියා. මුලින්ම ඔබ කලයුත්තේ සිලින්ඩරය ඉවතට ගැනීමයි. ඉන්පසු කලයුතුදේ රූප සටහන බැලුවිට ඔබට වැටහෙනවා ඇති.

මා හිතනවා දැන් ඔබ පිස්තෝලය සහ රිවෝල්වරය යන ගිනි අවි දෙක අතර තිබෙන වෙනස හොඳින් වටහාගත්තා කියා. මීළඟට මා ඔබට ඉදිරිපත් කරන්නේ මේ අවි දෙක සංසන්දනය කර බැලීමක්.

මෙය අදටත් ඉතා විවාදාත්මක කාරණයක්. මේ සම්බන්ධව ඉතා දීර්ඝ කරුණු දැක්වීම් තිබුනත්, මා ඉදිරිපත් කරන්නේ වැදගත්ම කරුණු කීපයක් පමණයි.

white space

 පිස්තෝලය

 1. පිස්තෝලයක ඇති මැගසින් එකේ පතරොම් අවම වශයෙන් 8 ක් හෝ උපරිම වශයෙන් 20 ක් පමණ දැමිය හැකිය. නමුත් රිවෝල්වරයක ඇති සිලින්ඩරයක උපරිම වශයෙන් දැනට නිපදවා ඇත්තේ පතරොම් 8 ක් දැමිය හැකි මෝස්තරයකි. ඊට වඩා පතරොම් ගණන වැඩි කලොත් රිවෝල්වරය ඉතා විශාල වනු ඇත.

2. පිස්තෝලයක මැගසින් එක අවශ්‍යනම් ග්රිප් එකෙන් එලියටද සිටිනසේ සකසා පතරොම් විශාල ගණනක් දැමිය හැකි පරිදි සැකසිය හැකිය. නමුත් රිවොල්වරයේ එවැනි වෙනස්කම් කල නොහැකිය.

3. පිස්තෝලයක එක පතරොමක් පත්තුවූ වහාම ක්ෂණයකින් ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරය තුලට යයි. එහෙත් රිවෝල්වරයක එය සිදුවන්නේ වෙඩි තබන්නා විසින් ට්‍රිගරය මිරිකන වේගය අනුවය. පිස්තෝලයක මැගසින් එක අවසන්වූ වහාම මැගසින් කැච් එක මිරිකු විට, මැගසිනයේ  බර නිසා එය ඉබේම බිමට වැටෙයි. වෙඩි තබන්නාට වහාම අලුත් මැගසින් එකක් සවිකර දිගටම වෙඩි තැබීම කරගෙන යා හැකිය. එහෙත් රිවොල්වරයකට නැවත පතරොම් දැමීම වේලාව ගතවන ක්‍රියාවකි.

4. පිස්තෝලයක් සෑම විටම පාහේ රිවොල්වරයකට වඩා පැතලි වෙයි. මේ නිසා පිස්තෝලයක් පහසුවෙන් සඟවාගෙන යා හැකිය.

5. පිස්තෝලයක් රිවොල්වරයකට වඩා බරෙන් අඩුය. රිවෝල්වරයක මිට හැරුණු විට අනෙක් කොටස් සියල්ලම අනිවාර්යයෙන් ලෝහ වලින් සෑදිය යුතු නිසා එය බරෙන් වැඩිය. දැන් පිස්තෝලවල ස්ලයිඩ් එක පවා පොලිමර් වලින් නිපදවා ඇත.

6. සෑම පිස්තොලයකම ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් ඇත. එහෙත් රිවොල්වර්වල එය නැත. මේ නිසා අත්වැරදීමකින් වෙඩි වැදීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. පිස්තෝලයක් වෙඩි තැබීමේදී හිරවීමක් සිදුවුනොත් ආරක්ෂක අගුල දමා ගැටලුව විසඳාගත හැකිය. රිවෝල්වර්  වෙඩි තබන අතර සිලින්ඩරය නිසි පරිදි නොකැරකීමෙන් චෙම්බරය තුල පතරොම පත්තුවුවද උණ්ඩය පිටනොවීමෙන් බරපතල ගැටළු මතුවිය හැකිය.

7. පිස්තෝලය බොහෝවිට රිවෝල්වරයක් තරම් විශාල වෙඩි හඬක් පිට නොකරයි. එමෙන්ම විශාල ගිනි එළියක් නිකුත් නොකරයි. සයිලන්සරයක් සවි කිරීමෙන් පිස්තෝලයක් ඉතාම නිහඬ තත්වයට ගත හැකිය. එහෙත් රිවොල්වරයකට සයිලන්සරයක් සවිකළ නොහැකිය. එබැවින් එය නිහඬ කල නොහැකිය. රිවෝල්වරයක සිලින්ඩරය සහ බැරලය අතර ඇති ඉතා කුඩා පරතරයෙන්ද, බටය අගින්ද වෙඩි තැබීමේදී ගිනි එලිය පිටවෙයි. එය වැළක්විය නොහැකිය.

8. පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. බොහොමයක් පිස්තෝල නිපදවන්නේ හමුදා කටයුතු සඳහා යොදාගන්නා කැලිබර වලට අනුකුලවය. එබැවින් ලොව ඕනෑම රටක පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. තවද පිස්තෝල වලින් බොහොමයක් සාපේක්ෂව බලන විට රිවෝල්වර් වලට වඩා බරෙන් අඩුය.

9. පිස්තෝලයක ට්‍රිගරය මිරිකීම රිවෝල්වරයක ට්‍රිගරය මිරිකීමට වඩා පහසුය. රිවෝල්වරයක ට්‍රිගරය මගින් විශාල යාන්ත්‍රණයක් මෙහෙයවන බැවින් (ඉහත සජීවීකරණය නැවත බලන්න) එය මිරිකීමට සෑහෙන ආයාසයක් යෙදිය යුතුය.

10. සාමාන්‍යයෙන් පිස්තෝලයක් අර්ධ ස්වයංක්‍රීය අවියක් වුවද, අවශ්‍යනම් එය පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ හැකිය. (දැනටමත් එසේ කර ඇත) එහෙත් රිවෝල්වරයක් කිසිවිටකත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ නොහැකිය. එයට හේතුව වන්නේ රිවෝල්වරය සකස්කර ඇති යාන්ත්‍රණයේ ස්වභාවයයි.

images

 රිවෝල්වරය

 1. රිවොල්වරයට ආරක්ෂක අගුලක් නැති නිසා එය පතරොම් දැමු මොහොතේ සිට ක්ෂණිකවම වෙඩි තැබීමට සූදානම්ය. එහෙත් පිස්තෝලයක ආරක්ෂක අගුල ඇරිය යුතු අතර ඉන්පසු ස්ලයිඩ් එක ඇද කොක් කල යුතුය.

2. රිවෝල්වරයක් නඩත්තු කිරීම ඉතා පහසුය. එයට හේතුව වන්නේ පිස්තෝලයක තරම් සංකීර්ණ කොටස් රාශියක් රිවෝල්වරයක නොතිබීමයි. යුද බිමේදී හෝ අඳුරු ස්ථානයකදී, ගලවා සවි කිරීමේදී, කොටස් නැතිවීමේ අවදානමක් නැති අතර පිස්තෝලවල තරම් වෙඩි තැබීමේදී හිරවීම් රිවෝල්වර් වල නැත.

3. පිස්තෝලයකින් වෙඩි තැබීමේදී පතරොමක් පත්තු නොවුනොත් ක්‍රියාකාරිත්වය නවතියි. එවිට ස්ලයිඩ් එක පසුපසට ඇද පත්තු නොවී හිරවූ පතරොම ඉවත් කල යුතුයි. රිවොල්වරයකදී ට්‍රිගරය මිරිකන සෑම වාරයකදීම සිලින්ඩරය කරකැවෙන නිසා එක චෙම්බරයක ඇති පතරොමක් පත්තු නොවුනද ට්‍රිගරය මිරිකු වහාම ඊළඟ පතරොම පත්තු වෙයි.

4. රිවෝල්වර වල ඇති ශක්තිමත් නිමැවුම (මිට හැර අනෙක් සියල්ල සම්පූර්ණ ලෝහ) නිසා අධිබල පතරොම් යෙදිය හැකිය. අත් තුවක්කු (handgun) සඳහා ලෝකයේ නිපදවන අධිබල පතරොම් වලින් බහුතරය සැලසුම් කර තිබෙන්නේ රිවෝල්වර් සඳහාය. එබැවින් පිස්තෝලයකින් වෙඩි තබා විනාශ කල නොහැකි ඉලක්ක රිවෝල්වරයකින් වෙඩි තබා විනාශ කලහැකිය.

5. රිවෝල්වරයකින් වෙඩි තැබූ පසු හිස් පතරොම් සියල්ල රිවොල්වරයේම රැඳී තිබෙන නිසා එකවරම් ඒ සියල්ල එකතු කරගෙන, වෙඩි තැබූ බවට ලකුණක් නොතබා ඉවත්ව යා හැකිය. නමුත් පිස්තෝලයකින් වෙඩි තබනවිට, හිස් පතරොම් කොපු අවට විසිරෙන බැවින් ඒවා වෙනමම එකතු කරගත යුතුය.

6. රිවෝල්වරයකින් කිසිදු අපහසුවකින් තොරව පුහු පතරොම් යොදා වෙඩි තැබිය හැකිය. එහෙත් පිස්තොලයකට පුහු පතරොමක් යෙදුවොත්, ඒ පතරොම පත්තු වූ පසුව ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරයට එන්නේ නැත. එසේ කරගැනීමට අවශ්‍යනම්, ඒ සඳහා පිස්තෝලයේ යම් යම් වෙනස්කම් කිරීමට සිදුවේ. එවැනි වෙනස්කම් කිරීමෙන් පසු, නැවත සාමාන්‍ය පතරොම් දමා වෙඩි තැබීමේදී ප්‍රශ්න මතුවිය හැකිය.

7. පිස්තෝල සැලසුම් කර තිබෙන්නේ එක පතරොම් වර්ගයක් පමණක් යෙදීමට හැකි අයුරිනි. (එය නැවත වෙනස් කල නොහැකිය) නමුත් රිවෝල්වරයක චේම්බරයේ සම්පූර්ණ දිගට සමාන දිගින් යුතු පතරොම් වුවද කිසිදු අපහසුවකින් තොරව පාවිච්චි කලහැකිය. මේ නිසා තරග වෙඩි තැබීම් සඳහා යොදාගන්නා දිගින් හා බලයෙන් අඩු පතරොම් වර්ග වල සිට අධිබල පතරොම් වර්ග දක්වා විවිධාකාරයේ පතරොම් එකම රිවොල්වරකට එකම අවස්ථාවේදී යෙදවිය හැකිය.

8. පිස්තෝලයක ඉලක්කය ගන්නා සයිට්ස් ඇත්තේ එහි ස්ලයිඩ් එක මත ය. එබැවින් වෙනස්වීම් වලට භාජනය වීමෙන් ඉලක්කය වැරදීමට ඉඩ ඇත. නමුත් රිවෝල්වරයක සයිට්ස් නොසෙල්වෙන ස්ථිර බැරලයක් මත තිබෙන බැවින් නිරවද්‍යතාවය අතින් ඉහලය. තවද බොහොමයක් රිවෝල්වර බැරල් පිස්තෝල බැරල් වලට වඩා දිගින් වැඩි නිසා වෙඩි තැබීමේ දුර සහ නිරවද්‍යතාව අතින් ඉහලය.

9. රිවෝල්වරයක් පතරොම් යොදා ඇතිවිට, එහි සිලින්ඩරයේ පසුපසින් බැලුවිට, පතරොම් වල රින්ග්ස් දැකිය හැකි බැවින්, පතරොම් සහිත බව නිශ්චය කරගත හැකිය. නමුත් පිස්තෝලයක පතරොම් දමා ඇතිද යන්න තහවුරු කරගනීමටනම්, පළමුව මැගසිනය ගලවා, ඉන්පසු ස්ලයිඩ් එක පසුපසට ඇද, චෙම්බරය පරීක්ෂා කිරීමට සිදුවේ.

10. රිවෝල්වරයක යාන්ත්‍රික කොටස් අඩු නිසා ගැලවීම පිරිසිදු කිරීම ආපසු සවි කිරීම පහසුය. නමුත් පිස්තෝලයක කොටස් ගණනාවක් ගැලවීමට සිදුවෙයි. හදිසියකදී ගලවා සවිකිරීම අපහසුය.

 ඉතින් දැන් ඔබ කැමති පිස්තෝලයටද රිවොල්වරයටද? ඔබම තීරණය කරන්න. ඒ වගේම මේ ගැනත් හිතන්න.

Advertisements

Comments on: "රිවෝල්වරය / පිස්තෝලය. මොකක්ද වෙනස? (දෙවැනි කොටස)" (67)

  1. හපෝ කමෙන්ට් කරන්නත් බයයි මේවට..අපිත් කුදලහං යයි මේවයේ දේවල් වලට කමෙන්ට් කරලා..

  2. තාමත් ඉතිං පිස්තෝලෙකට තමා කැමති…
    අර අන්තිම පින්තූරෙන් අහල තියෙන ප්‍රශ්නෙට නම් උත්තරේ කියල මම හිතන්නෙ ආයුධයට පිටිපස්සෙ ඉන්න කෙනා….

  3. kiyawala balala yamak kiyannam…

  4. මට හොදයි රිවෝල්වරය.
    රිවෝල්වරයකින් කිසිදු අපහසුවකින් තොරව පුහු පතරොම් යොදා වෙඩි තැබිය හැකිය. //:- බැරිද අපිට පොඩි චාන්ස් එකක් අරන්දෙන්න.

  5. Bullets don’t kill people either. People do. Bullets and guns makes the job easier.

  6. මම නම් ආසම මේකට. හැබැයි එක සැරයක් වෙඩි තියන්න සැහෙන ගානක් යන පාටයි.
    FN Five Seven
    (http://en.wikipedia.org/wiki/FN_Five-seven)

    • මේ පිස්තොලේ ගෙන්නගත්තත්, පතරොම් හොයන්න නම්, මේක හදන රටටම (බෙල්ජියම) යන්න වෙනවා. මේකේ කැලිබර් එක 5.7 x 28 ඒ කැලිබර් එකේ පතරොම් හොයන්න හරිම අමාරුයි.

      • අමාරු වගේම තමා ගානත්. මේක ඇමරිකන්කාරයන්ටත් වියදම් වැඩිලු.
        හැබැයි සුපිරි බාන්ඩෙ නේද?
        දැන් පුද්ගලික ආරක්ෂක පිස්තෝල වල ඉහලම තියෙන්නේ මේකනේ. ඇමරිකාවේ ජනාධිපති ආරක්ෂක අංශය (secret service) වගේම අසල්වැසියාගේ අගමැති ආරක්ෂක ඒකකයත් මේක පාවිච්චි කොරනවා.

      • මේක මට අහන්න අමතක උනා. ඔබතුමා සේවයේ ඉන්න කලේ පුද්ගලික අවිය විදිහට තිබුනේ HK එකක්ද? නැත්නම් ග්ලොක්ද?

        • Glock අවි අපේ යුද හමුදාවේ නැත. HK තුවක්කු සහ පිස්තෝල පාවිච්චි කරන්නේ විශේෂ බලකාය සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවයි. අනෙකුත් නිලධාරීන්ට ලබාදෙන්නේ Browning 9mm පිස්තෝලයයි.
          Browning 9mm

      • ඒකෙත් හැටි බලන්න. විකිපීඩියාවටත් වැරදිලා. කොහොමත් අත් තුවක්කු (Handguns) කොටස නිවැරදි නෑ මම හිතන්නේ.

        • මටත් එහෙම හිතෙනවා. නමුත් සුද්දගේ බාසාව ඉතින් සුද්දට ඕනේ විදිහනේ. ඔබ දන්නවත් අත් තුවක්කු වලට රජ කාලේදී කිව්වේ ‘අතපත්තු’ කියලා. එක වෙනද ඇති ‘මාවන්’ හිටු කියලා බැට් කරන්නේ.

    • ප්‍රශ්ණ වැලක්.. 😉 ගිනි අවි අවසර පතක් ගනිද්දි caliber limitation එකක් තියෙනවද? පිටරටින් ගෙන්වන්න අවසර තියෙනවද නැත්නම් ලංකාවට දැනටමත් ගෙන්නපු එකක්ද මිලදී ගන්න පුළුවන්? ඒ වගේම ගෙන්වීමේදි නිෂ්පාදකයා, රට ආදියෙන් limitations තියෙනවද?

      මෙන්න H&K USP .45 එකකින් triple tap එකක් 😛 (Tom Cruise – Collateral) http://www.youtube.com/watch?v=-zJlsc8GU50

  7. මම උදේ ක‍මෙන්ට් එකක් දැම්මා ඒක මෙතන නැනේ.ආයෙත් දාන්නම්

    රිවොල්වර් එකයි පිස්තෝලයයි දෙකෙන් හොද මොකක්ද කියලා කියන්න නම් දෙකම දවස් දෙක තූනක් ලගතියාගන දෙකෙන්ම හත අටක් තියලා බලන්න වෙයි

    ලංකාවේ වෙඩි තියන්න ඉගන ගන්න අවසර දුන්න දවසක ඔබතූමා පුහුණු පාසලක් පටන් ගන්න එතකොට අපිට පුළුවන් වෙඩි තියන්න හිතේ හැටියට .දන්න කියන උන් නිසා වැඩිපුර පතූරමක් දෙකක් ඉල්ල ගන්ඩ පුළුවන් වෙයිනේ.

    මෙච්චර අනතූරැ දායක භයානක ,වීනාශකාරි දේවල් වෙලත් ඇයි අප්පා මිනිස්සු ආයුධ වලට මෙච්චර ආසා.ගොඩක් අය ආයුධ වලට ආසයි.ඇයි ඒ.

    රිපිටර් එකත් සිත්ගන්නාසුළු ආයුධයක් නේද.තාම එ ගැන ලීයලා නැනේ ,ලියමුකො බලන්ඩ. මම හරිම ආසා ආයුධයක්. පතූරම gs එකක් මන් හිතන්නේ.රිපිටර් එකේන් වෙඩි තියන කොට නැටුමක් නටනවා වගේ කියලා මට හිතෙන්නේ.අමුතූ රිද්මයක් තියනවා.රිපිටරය මරැ කියලා තාත්තත් කියුවා වගේ මතකයි

    • ප. ලි.
      සජීවි කරනයේ බැරල් එකට යටින් තියන සිදුර මොකක් ද.(දෙවනි පාර බලන කොට දැක්කේ)

    • මිනිසා සොයාගත් පළමුවැනි මිසයිල් එක මොකක්ද? ගලකින් දමා ගැසීම. ආයුධ නැති ලෝකයක් මේ සක්වලේ කොහෙවත් නැතුව ඇති. බුද්ධෝත්පත්ති සමයක වුනත් මිනිසුන් අත ආයුධ තියනවා. වෙඩි තැබීම ක්‍රීඩාවක් ලෙස පාවිච්චි කරන්නේනම් ඉවසීම, කල්පනාකාරී බව, අවස්ථාවට අනුව හැඩ ගැසීම, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව, සහ තවත් බොහෝ ගුණාංග දියුණු කරගන්න පුළුවන්. ආසා කලයුත්තේ ඒ ක්‍රීඩාවට මිසක් ඝාතනයට නොවෙයි. සොල්දාදුවන් තරම් එය අප්‍රිය කරන පිරිසක් කොහෙවත් නෑ කියලා කිව්වට කවුරුවත් පිළිගන්නේ නැහැ. නමුත් ඒ තමයි ඇත්තම ඇත්ත.
      රිපීටර් එක ගැන කවුරුවත් උනන්දු නොවේයයි සිතා ලිව්වේ නැත්තේ. හොඳයි ලියන්නම්. ඔබ කියන්නේ (SG = Special Grade/Super Grade) පතරොම ගැන විය යුතුයි. ඒ ගැනත් ලියන්නම්. බලනකොට හොඳ දැනුමක් තියනවනේ ආයුධ ගැන.

      • දාමු දාමු දානකන් මම බලාගන ඉන්නවා.ලගකදි දවසක් මම තැනක දි .අළුත් කළුපාට කොට රිපිටර් එකක් වැදලා වගේ අතට අරගන බැලුවා.ලස්සන පුංචී එකක්.පතූරන් කියක් තියනවද කියලා අහන්න බැරි උනා.පරණ රිපිටර් තරම් දිගනැති නිසා පතූරම් වැඩිය දාන්න බැරැව ඇති.

        • අනුමානයක් නැහැ බැංකුවක සිකියුරිටි ගාඩ් කෙනෙකුගෙන් නේද ඉල්ලගෙන බැලුවේ. ඒගොල්ලෝ තුවක්කු වල බැරල් එක කොට වෙන්ඩ කපනවා. දිගට තියනකොට හසුරවන්ඩ අමාරු නිසා. නමුත් එයින් වෙන්නේ වෙඩි තැබිය හැකි දුර අඩු වීමයි.

      • මේ විදිහට ආයුධ වෙනස් (modify) කරන එක නීති විරෝධී නැද්ද?

        • මෙතෙක් දිනක් මෙයට පිළිතුරුදීමට නොහැකිවීම ගැන සමාව අයදිනවා. සාමාන්‍යයෙන් පේටන්ට් බලපත්‍රයක් හිමි භාණ්ඩයක් වෙනස්කම් වලට භාජනය කර නව නිෂ්පාදනයක් ලෙස විකුනනවානම් නීති විරෝහි වැඩක්. හැබැයි බලන්න වාහන. ඒවා කොපමණ නවීකරණය කර විකුනනවාද? කවුද එන්නේ අල්ලන්න. හැබැයි යුද්ධායුධ රටකින් රටකට නීත්‍යානුකූලව විකිණීමේදී යම් යම් ගිවිසුම් තිබෙනවා වෙනස් කිරීම් සම්බන්ධව. මේවා ටිකක් සංකීර්ණ ප්‍රශ්න. මම කඩෙන් පිස්තෝලයක් ගන්නවා. එය මට ඕනේ ආකාරයට වෙනස් කරලා අනතුරක් කරගන්නවා. මම අර පිස්තෝලය හදපු සමාගමට නඩුදානවා. මෙය අනතුරුදායක බව උපදෙස් පොතේ හෝ විකිණීමේදී සඳහන් කලේ නැහැ කියලා. සමහර රටවලදී මම දිනනවා. තවත් සමහර රටවලදී පිස්තෝලය හදපු සමාගම දිනනවා. එය සිදුවෙන්නේ ඒ ඒ රටේ නීති පද්ධතිය අනුවයි.

  8. මේ ගිනි අවි මුලින් ම හොයා ගත්තු එවුන්ට හෙන ගහපං

  9. ඔබට ස්තූතියි… පිස්තෝල සහ රිවොල්වර පිළිබඳ දනුමේ ආලෝකයෙන් මාව ඔකඳ වෙලා ගියා.. රිවෝල්වරයට අඩුම ගානේ පතොරොම් දොලහක්වත් දාන්ඩ පුලුවන්නම් මම කැමතියි රිවෝල්වරයට. කැමතියි කිව්වෙ ගන්ඩ නෙමේ හරිය.. මම සාමකාමි මිනිහෙක්.. ( දැන් හැබැයි කටයුතු වේගන යන විදිහට සාමකාමී මිනිස්සුන්ටත් ආයුද ඕනා වෙන කාලයක් වගේ එන්නෙ. )

    තවම පිස්තෝලේ යාන්ත්‍රණය පැහැදිලි මදි. කලින් දීපු සජීවීකරණය අද එක තරම් පැහැදිලි නෑ. නැද්ද හොයා ගන්ඩ තව ටිකක් පැහැදිලි එකක්.

    නැවතත් ඔබගේ මෙම වෙහෙසට මාගේ ප්‍රණාමය !!

    ජයම පතමි !!!

      • ෂඃ ඒක මරුනෙ… ඒක දාන්ඩ ඔබගේ කලින් ලිපියට.

        වෙඩි තිබ්බම අර පිටුපස කොටස පසුපසට විත් අලුත් පතොරොම පිරෙන එක ස්වයංක්‍රීයවම වෙනවද ?

        • මොනවද කතා, සෝමලතා.. . . . . . ස්වයන්ක්‍රීයව ඊළඟ පතරොම එනවා චෙම්බර් එකට. පතරොම් ඉවර වුනාම ස්ලයිඩ් එක පසුපසට ගොස් නවතින හැටිත් ඒ සජීවීකරනයේම තියනවා.

  10. මට තියෙන්නෙ පිස්තෝලයක්. ඔබ කියූ විදියට බර අඩුකම තමයි එය තෝරාගැනීමට එක හේතුවක්. අනික තමයි වෙඩි උණ්ඩ ප්‍රමාණය වැඩිකම. අවදානමක දී කලබල වුවහොත් (පිස්තෝලය අවශ්‍ය එවැනි අවස්ථාවක නිසා) උණ්ඩ 8 මදි වුනොත් නිසා තමයි පිස්තෝලයකට ගියේ.

    අළුත් පිස්තෝලයක් ගත්තම වෙඩි උණ්ඩ 100 ක් විතර පත්තු කර බලන්න හැකිනම් උණ්ඩ හිරවෙන එක වළක්වා ගත හැකියි කියන නිසා මගේ වෝල්තර් P 22 එක දැන් උණ්ඩ දෙසියයකට වඩා වැඩියෙන් ටෙස්ට් කරලා බලලා තියෙන්නෙ. දැන් පුහුණු වල දී උණ්ඩ හිර වෙන්නෙ නැහැ. අනික, නිතරම පුහුණු වීම අවදානමක දී කලබල නොවී සිටීමටත් උපකාරී වෙනවානේ.

    ඉතා ආසාවෙන් සටහන් දෙකම කියෙව්වා. ගොඩක් ස්තූතියි.

    • Walther P 22ඔබ ඉන්නේ ගිනි අවි පාවිච්චි කිරීමේ නිදහස තිබෙන රටක නිසා අත්දැකීම් රාශියක් ලැබෙන්න ඇති. පිස්තෝලයේ හිරවීම් නැති කරගැනීමට (ජෑම් වීම) ස්ලයිඩ් එක, බැරල් එක, සහ ඇතුලේ අනෙකුත් යාන්ත්‍රික කොටස් ඉතා සියුම් විදිහට පොලිෂ් කිරීමේ සහ සියුම් වෙනස්කම් කිරීමේ ක්‍රමයක් තියනවා. එවිට කොක් කිරීමත් ඉතා පහසුයි, ඔබේ රටේ තුවක්කු නඩත්තු කරන තැනකින් විමසන්න. හැබැයි ඔබේ පිස්තෝලයට වගකීම් සහතිකයක් ඇත්නම් එවැනි වෙනස්කිරීම් නිසා එය අවලංගු විය හැකියි.

      ලිපි අගය කිරීම පිළිබඳව ස්තුතියි. ඔබේ මනෝවිද්‍යා ලිපිත් මම කියවනවා. නොතේරෙන තැන පසුව අහන්නම්.

    • උණ්ඩ 8 මදි වුනොත් නිසා තමයි පිස්තෝලයකට ගියේ:- .අරුණි මිස්ටත් සෑහෙන හතුරෝ ඉන්නවද???

      • @දූපත් වැසියා,

        දැනට නම් එක හතුරෙක් වත් දන්න තරමින් නැහැ. කවුරු හරි මනෝව්‍යාධිකයෙක් මංකොල්ලා කන්න හරි දූෂණය කරන්න හරි කඩා පැන්නොත් කවදා වත් එහෙම වෙලා නැති නිසත්, කවදාවත් කාටවත් වෙඩි තියලා හරි වෙඩි වැදෙනවා හරි දැකලා නැති නිසත් බය වෙලා කලබලේට ඉලක්කයට 8 කින් වෙඩි තියා ජීවිතේ බේරාගන්න බැරිවුනොත් කියලා තමයි 8 කට වඩා උණ්ඩ තියෙන්නක් ගත්තෙ.

        @විචාරක,

        මගේ පිස්තෝලේ පින්තූරය හරියට ම හරි! අළුතින් ම ගත්තම ජෑම් වෙනවා කියලා තමයි පුහුණු මධ්‍යස්ථානයෙ අයත්, නිෂ්පාදකයාත් කියන්නෙ. සුද්ද කරලා දෙන්නෙ සුදු අප්පුහාමි. ඒකට සෑහෙන්න ඉවසීමක් තියෙන්න ඕන කටයුත්තක්. කවදා හරි ඒකත් පුහුණු වෙන්න ඕන.

        • ගිනි අවියක් ගැලවීම, පිරිසිදු කිරීම, නැවත සවි කිරීම ‘ඩ්‍රිල් එකක්’ හැටියට ඉගෙන ගන්න. එවිට ඒ වැඩේ මහා ලොකු වැඩක් නෙවෙයි.

  11. මගේ සීයාගේ බොඩිගාඩ් කෙනෙක්ගේ ගාවින් මම රිවොල්වරේ පාවිච්චියට නම් හුරු වුනා. ඒත් පිස්තෝල තිබ්බේ නෑ ඒ කාලේ ඒ අය අතේ.

  12. අදත් හොද දැනුවත් කිරීමක්.

  13. ලිපිය සුපිරියි! රිවෝල්වරයේ සරල බව මගෙ සිත්ගත්තා.. සජීවීකරණ නම් නියමයි.. වෙසක් තොරණ් වගේ..

    පිස්තෝලයේ වාසි කියාගෙන යනකොට හිතුනා මොන මඟුලකටද රිවෝල්වරය හැදුවෙ කියලා.. නමුත් පහළ ටික දැක්කෙ පස්සෙනෙ..

    උණ්ඩ 6න් තියාගන්න බැරිනම්.. සතුරා අතේ තියෙන්නෙ පොලු කෑල්ලක් විතරක් වුනත් රිවෝල්වරය දාලා දුවලා බේරෙන එක හොඳයි.. මම හිතන්නෙ මේක වඩාත් හොඳ නිරායුධ ඉලක්කයකට ළඟ ඉඳන් තියන්න..

  14. මම අද තමයි ගොඩ කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් කියවන්න පටන්ගත්තෙ…ලිපි ටික නම් කියෙවුව..මටත් පොඩි ප්‍රස්න වගයක් තියෙනව…

    1 9mm කියන්නෙ මොකක්ද…පතොරමේ දිග ද (ගොං ප්‍රස්නයක් වගේ)
    2 පිස්තෝලෙක අර ඉස්සරහ බැරල් එක දික් වෙන්න වෙන්න ඈතට තියන්න පුලුවන්ද…
    3 පිස්තෝලෙක උන්ඩයක් කීයක් විතර වෙනවද

    කමා කර උත්තර දෙන සේක්වා 😀

    • කෙනෙක් මොකක් හරි විෂයයකින්, තමන් නොදන්නා දේ ගැන ප්‍රශ්නයක් ඇහුවම, ඒ ප්‍රශ්නය ගොන් ප්‍රශ්නයක් කියලා, ඒ මනුස්සයට අපහාස කරන්නේ අමනයෙක් පමණයි. ඔබ අහන්නේ අවි ආයුධ ගැන. ඉතින් ඔබ ආරක්ෂක හමුදාවක කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා තමන්ගේ බුද්ධියට ගෝචරවන ඕනෑම ප්‍රශ්නයක් අහන්න මැලි වෙන්න එපා. මෙන්න පිළිතුරු.

      1. පතරොමක කැලිබර් එක පෙන්වන්නේ එහි විෂ්කම්භයවිෂ්කම්භය ලෙසයි.

      2. ඕනෙම තුවක්කුවක පිස්තොලෙක බැරල් එක දික්වූ තරමට දුරට වෙඩි තැබීමේ හැකියාව වැඩිවෙනවා. ජර්මනියේ ආඥාදායක හිට්ලර් උත්සාහයක් ගෙන තිබුනා කිලෝමීටරයක් විතර දිග බටයක් තියන සුපිරි තුවක්කුවක් හදන්න.

      3. පතරොම් ගෙන්වන්නේ ලක්ෂ ගණන් තොග. අපි ආමි කාරයන්ට තියෙන්නේ ගණන් හිලවු නොබලා වෙඩි තියන්න. ඒ නිසා එකක මිල නොදනිමි. කොළඹ පාතාලයේ ඇති එකක් රු 100 කට විතර

  15. ආආ තව එකක්…මගෙ කැමතිම ආයුදේ ස්නයිපර් එක..ඒක ගැනත් පුලුවන්නම් කියන්න කියල ඉල්ලා සිටිනව

  16. ස්නයිපරේ මමත් ආසම අවියක්.. දක්ෂ වැඩක් වුනත් හැබැයි ඉතින් සවුත්තු වැඩක් .. හැංගිලා ඉඳලා ගැහිල්ල.. 🙂 මම ගාව තිබුනා පැය 1 1/2 වාර්තා චිත්‍රපටියක් සනයිපරයන් ගැන..

    මම කැඩෙට් කරන කාලෙ අපිට උගන්නපු ආමි සාජන් කෙනෙක්ගෙ නිල ඇඳුමෙ sniper කියලා බැජ් එකක් තිබුනා.. එයින් අදහස් වෙන්නේ ඔහු sniper භටයෙක් බවයි..ද?

    හපොයි දැන් ස්නයිපර් පෝස්ට් එකේ කමෙන්ට් එකට දාන්නෙ මොනාද?

    • මුහුණට මුහුණලා කඩුවෙන්, හෙල්ලෙන්, කෙටේරියෙන්, සටන් කිරීම කොච්චර නිර්භීත කමක්ද? නමුත් මිනිසා දුන්න හොයාගත්තට පස්සේ තමයි දුර සිට ප්‍රතිවාදියාට පහරදීම ඇරඹුණේ. ඊළඟට හොයාගත්තේ මග රැක සැඟවී සිට පහරදීම. තුවක්කුව හොයාගත්පසු තමන් නොමැරී සතුරාව මැරීම කලාවක් වගේ දියුණු වුනා. අද දිනන්නේ හොඳින්ම හැංගීමට දන්නා මිනිහා. ඒ තමයි අපේ ‘දියුණුව’

      යුද හමුදාවේ ස්නයිපර් ලාංචනය අඳින්නේ ස්නයිපර් උසස් පාඨමාලාව සමත් අය.

  17. සෑහෙන ආසාවෙන් කියවපු ලිපි දෙකක් බොහොම පින් අපිව දැනුවත් කලාට

  18. අංගොඩයා.. said:

    මං ඉන්න රටෙත් පිස්තෝල භාවිත කරන්න අවසර තියෙනවා,මෙහෙ ඒක ක්‍රීඩාවක් විදියට යම් පිරිසක් අතර ප්‍රචලිතයි.. සාමාජිකත්වය ගත්තට පස්සේ රුපියල් 1,600ක් වගේ මුදලකට පතුරම් 50කුත් එක්ක පුහුණුවෙන්න පුළුවන්.. එතැනදී 9mm සහ 45Caliber භාවිතා කරලා තියෙනවා.. හැබැයි රෙවෝල්වර් නම් නැහැ.. මීට කලින් රිවෝල්වරය ගැන එතරම් දැනුමක් තිබුනෙත් නැහැ..
    දැනුවත් කලාට ස්තුතියි…

    • බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. ඒ වගේම සතුටුයි කිසියම් දැනුමක් ලබාදීමට හැකිවීම ගැන. හැකි සෑම විටකම මේ බ්ලොග් අඩවියට පැමිණෙන ලෙස කාරුණිකව ඇරයුම් කරනවා.

  19. මට නම් හිතෙන්නේ පිස්තොලේ තමයි මට නම් හොඳ.

  20. සියලුම දේවල් ගැන සලකලා බැලුවම පිස්තොලේ තමයි තෝරාගන්නේ ඉබේම..මට නම් කොහෙන් කොහොම ගියත් පිස්තොලේ හොඳයි වගේ..

    ( අමාරු ප්‍රශ්නයක්.. නමුත් පිළිතුර එක එල්ලේ දෙන්න පසුබට වෙන්නේ නැහැ )

  21. Classic style tama hemadatama hoda..

  22. මම දන්න විදියට නම් Speed loader එකකින් රිවෝල්වර් එකට ඉකමනින් පතරොම් දාගන්න පුළුවන්

    • හොයලා බලන්න කීයෙන් කී දෙනෙක් අතේද ඒවා තියෙන්නේ කියලා. යන යන තැන ඒකත් අරන් යන්න වෙනවා. එය විශාල අපහසුවක්. සාමාන්‍යයෙන් ඒවා පාවිච්චි කරන්නේ වෙඩි තැබීමේ තරගවලදී පමණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: